Wednesday, October 28, 2026

76 වසරේ සාපය




මා මේ ලිපිය ලියන්නේ වසර 2කුත් මාස 6ට පසු මෙය කියවන අය මා පෙර ලිවූ ලිපි කියවතොත් කොපමණ සත්‍ය තොරතුරු ඉදිරිපත් කළා දැයි ඔබටම තීරණය කරන්න පුළුවන්.


මාතෘකාවට හැරෙමු ශ්‍රී ලංකාව නිදහසෙන් පසු වසර 78ක් පමණ මේවනවිට ගත කර අවසන් දැන් කරුණාකර ඔබම සිතන්න මේ රට ඔබට සාපයක් වී ඇද්ද ? එසේ නැත්නම් මේ රටට වඩා දියුණු රටවල් අපට වඩා හොදද ? එසේ නම් ඒ ඇයි?


මෙය තේරුම් ගැනීමේ පහසුව සදහා ශ්‍රී ලංකාවත් ඇමරිකාවත් සංසන්දනය කරමු.

නිදහස් සෞඛ්යය නිසා නොමිලේ ඉපදෙන ශ්‍රී ලාංකික ළදරුවෙක් තම මුලික අධ්‍යාපනය නොමිලේ ලබාදෙනු ලබනවා මෙරටේ අතිශයෙන් වැඩි පිරිසක් පුද්ගලික බදු ගෙවීමක් කරන්නේ නෑ, මේ සේවාවන් නොමිලේ දුන්නත් මෙයට යන වියදම ලබාගනු ලබන්නේ රජය විදේශ වලින් ලබාගන්න ණය මගිනුයි.


ඇමරිකාව තුල පුද්ගලික බදු අනුපාතය 24% පමණ වෙනවා සාමාන්‍ය ඉපැයීමක් කරන පුරවැසියෙකුට. අධ්‍යාපනය සෞඛ්යය සදහා මුදල් ගෙවන්න ඕනේ.


අප රටේ  පවතින ණය පොලිය සමග ගෙවන්න නැවත ණය ගන්න දුෂ්ට චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා. මේ තමයි මම දකින මුලිකම ප්‍රශ්නය මේ ප්‍රශ්නයට හේතුව අපි කල්පනාවෙන් බලමු.


වසර 1949 දී අපට රට ලැබෙන විට ගෙවුම් ශේෂ අතිරික්තයක් තිබෙනවා, මේ අතිරික්තය අපි විනාස කරපු විදිහෙන් රටට උන දේ තේරුම් ගන්න පුළුවන්, එනම් දෙවන ලෝක යුද්ද කාලේ ශ්‍රී ලාංකිකයන්ට සහනාදාර මත සහල් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය ලබාදෙනවා මෙහිදී එවකට තරුණ J R ජයවර්දනයන් මුදල් ඇමති ව සිටියදී මෙසේ සහල් සහනාදරයක් ලබාදීමට විරුද්ද වෙනවා මොකද ඔහු දන්නවා මේ මගින් වෙන්නේ රටේ නිෂ්පාදනයට උවමනා ධනය පරිබෝජනයට වැය වීම බව.


මෙමගින් සිදුවෙන්නේ දීර්ග කාලීනව රට දිලිදු වීමයි නමුත් එවකට ලංකා සම සමාජ පක්ෂය N M පෙරේරා වැනි උදවිය ජනතාව උසිගන්වනවා ධනපතියන් නිර්ධනයන් කොල්ල කන බව  කියා අවසානයේ  J R ජයවර්දනයන් ට තම කැලණියේ ආසනයත් පරාජය වෙනවා.


මේ තමයි වාමාංශික වියාපාරය මේ රටට කල විශාල විනාශය. රටේ සිටින මිනිසුන්ට රැකියා සෑදීම කළා නම් කරලා තියෙනේ ඔය කියන ධනපතියන් විසින් මිසක් සමාජවාදී හිගන්නන් විසින් නෙමෙයි.


සමාජවාදී හිගන රගපෑම:- 


මෙය අනර්ග ලෙස කරපු පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ ඉහත සදහන් විඩියෝවෙන් එය මනාව තේරුම් ගන්න පුළුවන් වාමාංශික වියාපාරය නිසා තමයි අපි මේ දුක්කිත තත්වයේ සිටින්නේ, ඔබ හිතලා බලන්න ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ අවංකව කොටි 27 ක් පුර්නකාලිනවා පක්ෂය වෙනුවෙන් වැඩකරන අතර උපයා ගත්තනම්  ඔය කියන වසර 76 සාපය කුමක්ද ?


කිසිම දවසක වෙන රස්සාවක් නොකළ (තම පාර්ලිමේන්තු වැටුප තම පක්ෂ අරමුදලට පරිත්‍යාග කරන ) අනුර කුමාරට කෝටි 5 ක  පුද්ගලික  වත්කම්ති බෙන්නේ කෙසේද ? මේ ගැන ජනාදිපති මෙතෙක් වචනයක් කියල තියනවද ?


අද වනවිට  ජාතික ජන බලවේගය ලෙස වෙසමුණ දාගෙන ඇවිත් කරන්නේ රටේ නීති වෙනස් කරලා හමුදා පාලනයකින් රටේ බලය ගෙන යන්න අද වනවිට අධිකරණ බලයත් අගවිනිසුරු වරයා පාවිච්චි කරමින් තමන් ගේ යටතට ලබාගන්නවා.



ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ගේ කතාව :-


මා මේ ස්වාමින් වනසේ ගේ සමහර ක්‍රියා වලට එකග නොවුනත් මේ ස්වාමීන්වහ්සේ පමණයි පවතින මුලද්ර්මවාදී මුස්ලිම් අන්තවාදීන් ගේ ක්‍රියාකලාපය මනාව පෙන්වාදුන්නේ, වැඩිය ඕනේ නෑ දැනට පවතින රජයේ රවී සේනිවිරත්න කිව්වා ගහයි කියල දැනගෙන හිටියට මෙහෙම ගහයි කියල දැනගෙන හිටියේ නෑ කියල.


මේ නිසා මුන්වන්සේ විශාල හතුරන් පිරිසක් තමාට එරෙහිව  නිර්මාණය කර ගත්ත.


මේ රටේ LTTE සහ JVP එකතුව වසර 30කදී කල මුල්‍ය හානිය ඩොලර් බිලියන 200 කියල කියනවා, මේ අහිමි වූ මිනිස් ජිවිත නැතිව, හිතල බලන්න මේ සම්පත් අපට තිබුනානම් අපට ඉන්න පුළුවන් තැන කොතන වෙන්න පුලුවන්ද ?


මේ ස්වාමින් වන්සේට නින්දා කිරීමට මේ රජයට උවමනා වෙන මොකවත් නෙමෙයි මේ මගින් සිංහල බෞද්ධ බලවේගය අඩපන කිරීමටයි, කල්පනාවෙන් බලන්න අර දැරිය දුෂණය කළා කියන පල්ලේගම හේමරතන හාමුදුරුවන් ව ආරක්ෂා කරන්න මේ රජය ක්‍රියාකළ ආකාරය බලන්න (ලක්මාලි හේමචන්ද්‍ර අර ළමා ආරක්ෂක අධිකාරියේ නීතිඥ වරියට කල තර්ජනය බලන්න ) මෙමගින් කරන්න බලන්නේ තමන්ට එරෙහි වන්න පුළුවන් බලවේග නිහඩ කිරීමයි.


 https://www.facebook.com/share/v/1ErKnDoPhF/


බලන්න ඉතා සුක්ෂම ලෙස නීති ගෙනෙන හැටි.



  අවසාන ලෙස මට අහන්න තියෙනෙන් අනුර කුමාර බලයට පත්වීමට පෙර භාණ්ඩ වල මිල සහ දැන් මිල ගැන ඔබට සතුටුද ?

අනුර කුමාර බලයට පත්වීමට පෙර ආදායම සහ දැන් ආදායම ගැන ඔබට සතුටුද ?



ඔබ අසතුටු නම් ඇයි මිනිසුන් පාරට බහින්නේ නැත්තේ ? ඊට හේතුව සමාජ මාද්‍ය පාවිච්චි කරලා මේ රජය කරන ප්‍රෝඩාවයි මෙය තේරුම් ගන්න පුළුවන් මෙහ්ච්චර කල් ජනපතිගේ facebook අඩවියේ මිනිසුන් කියපු දේවල් බලපුවහම දැනට සති 2ට පෙර සියගණන් සතුටු ප්‍රතිචාර දැක්වුවත් දැන් බලන්න පුළුවන් ජනදිපතිව දැඩි විවේචනයට ලක්වෙනවා විශාල පිරිසක් මගින්. 

Sunday, April 21, 2024

අනුර කුමාර සහ ජනතාවිමුක්ති පෙරමුණ ගැන එහි හිටපු නායක සෝමවංශ අමරසින්ගගේ කටින් !!

 මුලින්ම ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනවා!!




මට හිතුන මුලින්ම පැහැදිලි කරන්න අපි දිලිදු වෙන්නේ ඇයි කියල, ඔබ පහසුවෙන් ම කියයි ඒ 225 දෙසපාලුවන්ගේ සොරකම නිසානේ කියල.


දේසපාලුවන් ගේ සොරකම සැලකියයුතු බාදාවක් උනත් අප මෙවැනි තත්වයකට පත්ව ඇත්තේ ඒ සොරකම නිසාම  නෙමෙයි, ආර්ථික තොරතුරු ගොනු කලොත් දේසපාලුවන් ගේ සොරකම 10 % සිට 15% වැනි කොටසක් නියෝජනය කලොත් අකාර්යක්ෂම රාජ්‍ය සේව්‍ය නිසා වන හානිය 80% වැනි ඉහල අගයක් බව ඔබ නිකමට වත් සිතුවද ?


මිට අමතරව අකාර්යක්ෂම බදු ප්‍රතිපත්තිය නිසා ජාතික ආදායමට අහිමිවන මුදල රුපියල් බිලියන ගණනක්.

 

ඉහත කරුණු 2ට දේසපාලුවෝ වග කියන්න ඕනේ උනත් රටේ ජනතාව වන අපි ඇස් කන් වසාගන ඉන්නේ මෙයින් අපටත් ප්‍රතිලාභයක් ලැබෙන නිසා.


ඉහත දුෂ්ඨ චක්‍රය නිසා ඔබ වතුර ලීටර් 100ක ධාරිතාව ඇති ටැංකියකට ලීටර් 90 වක් වක්කරනවානම් එම මොහොතේම ලීටර් 80 පමණ ඉවත් වෙනවා කියල හිතමු දැන් ඊලග මාසෙට උවමනා ලීටර් 90 ගන්න වෙන්නේ ණය වලින්, ණය කිව්වහම පොලිය කියන සාධකය තියනවා, එක්තරා අවස්තාවක් එනවා ණය ලබාගන්න බැරි, ඉන්පසු වෙන්නේ කුමක්ද ?


ඉන්පසු රජයට සිදුවෙනවා ජනතාවට උවමනා මුලික උවමනා ලබාදීමට කුමන හෝ ක්‍රමයක් වෙත අනුගත වෙන්න, මෙතැනදී විදේශ ණය ගැනීමට දක්ෂ උනේ නැත්නම් රටේ පාලකයාට සිදුවෙන්නේ රටේ මිනිසුන් ගෙන් මැරුම් කන්න හෝ  රටින් පනින්න. 2022 උනෙ ඔකේ දෙවැනි අංගයයි.


දැන් බලමු රට දියුණු කරන්නේ කෙසේද කියල , මෙය කරන ඕනෑම පාලකයකුට ඉතා බලගතු සතුරන් ඇතිකරගන්න වෙනවා, අදාළ පාලකයාට  තම බලය නැති කලක සැනසීමෙන් සිටීමට නම් අතිවිශාල ධනයක් ඕනේ වෙනවා, මෙන්න මේ මුල ධර්මය  නිසා 9,833,520 km2 වර්ග කිලෝමීටර් ප්‍රමාණයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිට ඩොලර් ලක්ෂ 4ක් ගෙවන කොට වර්ග කිලෝමීටර් 734.3 km² පමණ වන සිංගප්පුරුවේ අගමැති ගේ වැටුප ඩොලර් මිලියන 2.2 ක් වෙනවා.


ඒ කින්නේ ඇමරිකාවේ ජනාධිපතිට වඩා 5 ගුණයක් ගෙවනවා, ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට වඩා මදක් විශාල රටක අගමැතිට.


මෙවැනි වැටුප් ගෙවන්නේ ඔහුට පමණක් නෙමෙයි ඔහුගේ ඇමති මණ්ඩලයටත් මෙවැනිම වැටුප් ගෙවනවා.


ඉතින් මෙහිදී මොවුන්ගේ මුලිකම රාජකාරිය අල්ලස දුෂණය නැත්තටම නැති කිරීමයි.


මෙහිදී අදාළ පාලකයන් පෙලබෙන්නේ නෑ අයුතු ක්‍රම වලින් මුදල් සොයන්න මොකද තමන් ගන්න අවදානම සහ තමුන්ට නැතිවන ආදායම අතිවිශාල නිසා.      


මෙහිදී මේ ඉහල වැටුප් ලබන අයගේ මුලික වගකීම වෙන්නේ දුෂණය වැලැක්වීමයි, යම් විදියකින් එය කිරීමට අපොහොසත් උනානම් ඔහුගේ ඇමතිකම අහිමි වෙනවා. මේ නිසා වෙන්නේ  ඉහලම අය සොරකම් නොකිරීම නිසා ඔවුන්ගේ නිලදාරීන් සොරකම් කරන්නේ නෑ මෙය පහලට යනවා කියන්නේ දුෂණයෙන් තොර කාර්යක්ෂම රටක් වෙනවා.


දැන් බලමු ඇමරිකාවේ මොඩලය, ඇමරිකාවේ යම් පමණකට දුෂණය පවතිනවා නමුත් අපේ රටේ වගේ දුෂිත වෙලා නෑ මොකද ඒ රටේ එය වැලක්වීමට ඔවුන් නිදහස ලබපු මුල් අවදියේම ආණ්ඩුක්‍රම වියවස්තාවට ඇතුළු කරන ලද වගන්ති තියනවා 

එහිදී වැදගත් දෙයක් තමයි "Second Amendment to the United States Constitution" ඒ කියන්නේ දෙවැනි සංශෝදනයට අනුව රටේ හමුදාවක් සහ පොලිසියක් තිබිය යුතු අතර ජනතාවට අවි දැරීමේ අයිතිය ලබා දෙනවා.


මේ නිසා ඇමරිකානු සමාජය කියන්නේ ජනතාව ආයුද සන්නද්ද කර ඇති රටක්, මේ නිසා එහි පාලකයාට බෑ කිසිම විටක ජනතාවට විරුද්ද නීති ගෙනඒමට එසේ උත්සහ කලොත් හමුදාවේ බලය යොදා පහසුවෙන් අප රටේ වගේ පාලනය කිරීමට බෑ , අවසාන ප්‍රතිපලය පාලකයාට සිරගත වීමයි.


නමුත් ලංකාවේ වෙන්නේ ඕනෑම චන්ද පොරොන්දුවක් දීල බලයට පැමිනිලා අදාළ පොරොන්දුව කඩකරමින් ක්‍රියාකළ විට ජනතාව ඊට විරුද්ද උනොත් රටේ හමුදා සහ පොලිස් බලය යොදා මර්දනය කරන්න පහසුවෙන් පුළුවන්. නමුත් ඇමරිකාවේ එසේ කල නොහැකියි .


එසේ උවත් කලින් කලට මේ අවි ප්‍රතිපත්තිය නිසා වෙඩි තැබීම සිදු උනත් එය ප්‍රජාත්න්ට්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගෙවන සුළු මිලක් ලෙස ඔවුන් සලකනවා.


මේ නිසා ඇමරිකාවට පාලකයකුට විශාල ලෙස ගෙවමින් පාලනය ගෙනයාමට උවමනා නෑ.


දැන් අපට මේ ක්‍රම 2න් පාවිච්චි කළහැකි ක්‍රමය කුමක්ද ? අපට එකවර ඇමරිකාව කල දේ කරන්න බෑ මොකද ඔවුන්ට ඔවුන්ගේම අවි සංස්කෘතියක් තියනවා ඔවුන්ට සැලකියයුතු ශික්ෂණයක් ලබාදීලා තියනවා, මෙය නැති අපේ රටේ එය කල නොහැකියි.


නමුත් අපට සිංගප්පුරු ක්‍රමය එකවර ආදේශ කල හැකියි. මෙහිදී රටේ සංවරණ සහ තුලන (Checks and balances) ක්‍රම සදහා ආයතන අතර පරිඝනක ගත කිරීම කරන්න පුළුවන්.


උදාහරණයක් :- රුපියල් ලක්ෂය ඉක්මවන සියලු ගෙවීම් බැංකු හරහා ගෙවීම කලයුතු වෙනවා. මෙහිදී හිතන්න ඔබ යම් ආතතනයක් සදහා සේවයක් සලසනවා කියල ඔබ රුපියල් පනස්දාහක් ඒ සදහා අයකරනවා මේආකාරයට ඔබ ආයතන 5 ට සේවය ලබාදී 250,000 උපයල තියනවනම් රජයට පහසුවෙන් ඔබේ ආදායම සොයාගන්න පුලුවන් මේ අනුව ඔබට අදාළ ආදායම් බද්ද ඔවුන්ට ගණනය කිරීමට හැකියි, ඔබ සිතනවානම් මේ ඇස්තමේන්තුව නිවැරදි නෑ කියල ඔබට හැකියි නිවැරදි ඇස්තමේන්තු සපයන්න මේ සදහා වෙබ් අඩවිය තුලින්ම සියල්ල කල හැකියි.


දැන් ඉහල නිලදාරීන් ගේ වගකීම වෙන්නේ මේ පරිඝනක ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියා කරනවද කියල සොයාබලිමත් කාර්යක්ෂම කලයුතු තැන් සදහා පිළියම් යෙදීමත් පමණයි.


ඊට අමතරව විදේශ ආදායම් උපයන්නන් සම්පුර්ණයෙන් බද්දෙන් නිදහස් කලයුතුයි මොකද මේ නිසා වැඩි වැඩියෙන් විදේශ මුදල් ඉපයීමට රටේ සමාගම් සහ පුරවැසියන් පෙලබෙනවා, උදාහරණ උවමනා නම් හොන්කොන් රටේ කල විදිය බලන්න පුළුවන්.


රට තුල විදේශ සංචිත ඉහළයාම සමග ණය පොලිය පහල යන අතර රට තුල ආයෝජන වේගයෙන් ඉහල යනවා.

ලෝකයේ මේ ක්‍රමයට දියුණු වූ රටවල් වල සාමාන්‍ය පුරවැසියන් තම වැටුපෙන් 40% පමණ රුජු බදු ලෙස ගෙවන බව සහ අප ශ්‍රීලංකා ව නිදහස් අධ්යාපන නිදහස් සෞඛ්යය නොමිලේ ලබාදෙන අතර අතිවිශාල රාජ්‍ය සේවයක් නඩත්තු කරමින් මේ කරන විගඩමෙන් වෙන්නේ රට මේ දුෂ්ට චක්‍රයෙන් මෙදෙන්න බැරි වීමයි.



මෙවැනි ක්‍රමයකින් තොරව ජාතික ජන බලවේගය කියන ක්‍රමයට ගියොත් වෙන්නේ මුලින්ම අපට විදේශ ණය අහිමි වීමයි දෙවනුව ඔවුන් රටේ වියාපරිකයන් ගේ වත්කම් අත්පත් කරමින් රට ටික කලකට ඇදගන යනු ඇති, ඉන්පසු රට තුල ආයෝජන අවම වීම මගින් උග්‍ර රැකියා හිගයක් ඇතිවෙනු ඇති. 

සමහර රට වල කල පරිදි ජනතාවගේ ඉතුරුම් රජයට ගනු ඇති, එසේ නොගත්තත් 2021 දී රුපියල් 100 මුර්ත වටිනාකම 2022 දී රුපියල් 21 උනා සේ වටිනාකම නැතිවනු ඇති. 

ඉන්පසු ඔවුන්ට මුලික ඉලක්කය වනු ඇත්තේ රටේ ජනයාගේ මුලික උවමනා වන ආහාර ලබාදීමයි, ඉන්පසු රටේ සමුහ ගොවිපොළ ක්‍රමයක් යොදවල යම් උත්සාහයක් ගනී, මෙහිදී දැනට පවතින ප්රජාතන්ත්රවාදී අයිතීන් කප්පාදු කර උතුරු කොරියාවේ ක්‍රමයට යාමට හැකිනම් අනුර කුමාරට රට කිරීමට හැකි වන අතර රටේ මිනිසුන්ට අපා දුක් විදීමට ලැබෙයි, මෙය කිරීමට අනුරට හැකි නොවුනොත් සිදුවන්නේ ඝෝටභය අත්වින්ද අතීතයට යාමයි.




  


         

Wednesday, July 13, 2022

පොල්පොට් ක්‍රමය වෙත යන ශ්‍රී ලංකාව.



මේ සියලුම දේ ඉතා අවදානයෙන් කියවන මෙන් මම ඔබ සියලු දෙනා ගෙන් ම ඉල්ලා සිටිනවා.

මුලින්ම පොල්පොට් ක්‍රමය නොහොත් කෙමරුජ් පාලනය ගැන ඉතා කෙටි හැදින්වීමක්
දීර්ග හැදින්වීමක් කැමති අය පහත අඩවි බලන්න.


https://kolambagamaya.blogspot.com/2022/06/blog-post_28.html

කම්බෝජියාව 1975 අප්‍රේල් 17 වන දින ප්නොම් පෙන් නගරයට ඇතුළුවී සියලු ජනතාවට ගම්මාන වලට පසුබසින ලෙස අණ දෙනවා ඉන්පසු මිලියන කීපයක් වන ජනතාව කුබුරු වල වැඩට යොදවනවා මේ මිනිසුන්ට ආහාර මේ අවස්ථාවේ උවමනා පරිධි තිබෙන්නේ නෑ, මේ නිසා වසරක් වනි සුළු කලකදී ජනගහනය මිලියනයක් පමණ ජනයා කුබුරු වල මියයාමට සිදුවෙනවා.


මිට හේතුවෙන්නේ පොල්පොට්ට නිසි ආර්ථික වැඩපිළිවලක් නොමැතිවීමයි. ජනයා අපා දුක් විදිමින් උගතුන් ඝාතනය කරමින් ගෙනගිය කෘර පාලනය වසර කීපයකින් අවසන් වෙනවා.


දැන් අපි ලංකාව දෙස බලමු අද ශ්‍රී ලංකාව අරාජිකව මේ සිටින්නේ පොල්පොට් 1975 ආක්‍රමණය කල මොහොතට සමාන තත්වයකයි.

ඊට හේතුව ආර්ථිකය පිළිබද ජනතා විමුක්ති පෙරමුණ ලාබදෙන පිළිතුරෙන් ඔබට තේරුම් ගන්න පුළුවන්

  



මේ අනුව ඔබට පෙනේවි අනුරකුමාර සිතන දෙයත් ඇත්ත තත්ත්වයත් අතර වෙනස

දැන් අපි අරගලය ගැන මදක් බලමු දැන් සිදුවෙමින් පවතින්නේ


දැන් අර පෙර තිබුන ආදර අරගලය වෙනුවට බලය ලැබූ වහාම ප්‍රචණ්ඩත්වය කරා යමින් සිටිනවා, මේ නිර්පාක්ෂික අරගල කරුවන් කියා සිටින අය සතුව ශ්‍රී ලංකා ආර්ථිකය ගැන කිසිම අවබෝදයක් නෑ විතරක් නෙමෙයි ලෝකය පිළිබද ඇත්තේ නොසිතිය හැකි සුළු දැනුමක්.

මා ඔබට කියන්නේ අපට මතක ඉගුරු දීල මිරිස් ගත්ත වගේ කියන පිරුල සහ කබලෙන් ලිපට කියන පිරුල මත්ක්කරගෙන දැනුවත් උගත් තම රට ගැන හැගීමක් ඇති මිනිසුන් මෙතන් සිට පෙරමුණ ගත යුතු බවයි.

Thursday, April 14, 2022

රුපියල් 5000 නෝට්ටු තිතියානුකුල නොවන ලෙස මුද්‍රණය කිරීම නිසා සිදුවූ හානිය අවම කිරීම.

 

රුපියල් 5000 නෝට්ටු තිතියානුකුල නොවන ලෙස මුද්‍රණය කිරීම නිසා සිදුවූ හානිය අවම කිරීම.


මේ රුපියල් 5000 නෝට්ටු හොරට මුද්‍රණය පටන්ගෙන දැනට වසර ගණනාවක් වෙනවා.

මේ අවස්ථාවේ ගතයුතු වැදගත්ම තීරණය මෙතෙක් යෝජනා නොකිරීම පුදුමයට කරුණක්.


දැන් කලයුත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5000 නෝට්ටු අහෝසි කර නව මුදල් නෝට්ටු භාවිතයට එකතු කිරීමයි.

මෙහිදී කෙටි සහන කාලයකදී ජනතාව සතු නිතියානුකුල මුදල් මාරු කිරීමට අවස්තාව දෙන්න පුළුවන්.


මෙමගින් හොරට කෝටිගණන් අච්චු ගසන ලද මුදල් බැංකු වලට අද්දවාගෙන මේ හානිය අවම කර ගත හැකි වනු ඇති.

Tuesday, April 12, 2022

ජනවර්ග සහ ආගම් කොටවමින් බලයේ සිටින දෙසපාලුවාගේ අවසාන දින කීපය


ශ්‍රී ලංකාව දැනුවත්ව ණය ගෙවීම් අත් හිටුවීම, අද සිංහල දෙමල මුස්ලිම් සාමාන්‍ය ජනයා එක කොඩියක් යටතේ සමගි වී ඇති මොහොතයි, කනගාටු කාරණය මේ පිරිසෙන් සැලකියයුතු පිරිසක් ආහාර නොමැතිව මියයාමට ඉදිරි මාස කීපයේදී නියමිත බව දන්නේ කීපදෙනෙකු බවයි.

මේ අවසාන මොහොතේත් මේ රාජපක්ෂ තිරිසනුන් සිදුකරන්නේ ආගම්වාද ඇතිකර ජනතාව බෙදා කෙසේ හෝ ගිලිහෙන බලය රැකගැනීමයි.

ඔබම හිතන්න දරුවන්ගේ විබාග සදහා ප්‍රශ්න පත්‍ර මිලදීගැනීමට කොළ නැතිතරමට අත්‍යවශ්‍ය බෙහෙත් නැති තරමට රට ඇදවැටී ඇත්තේ රටේ විදේශීය මුදල් සියල්ල සුරා මේ රාජපක්ෂ සොරුන් විසින් විදේශගත කර ඇති නිසයි.

දැන් මම කියන්නම් ඇයි අපට ආහාර හිගයක් එන්නේ කියල, අද වනවිට ණයවර ලිපි විවුර්ත කරලා මෙතෙක් ආනයනය කල කිසිවක් ගෙන්වා ගැනීමට අපට ඉදිරි දිනවල නොහැකි වනු ඇති.

රජය විසින් සැලකියයුතු විදේශ මුදලක් අත්‍යාවශය භාණ්ඩ සදහා වෙන් කරනු ඇති. ඉදිරි දින වල ලක්ෂ ගණනින් මිනිසුන්ගේ රැකියා නැතිවනු ඇති. දැන් දැන් ඔබ සියලු දෙනා විසින් හැකිපමණ වගාකරගන්න බැරි උනොත් ඉදිරි කාලයේ ඩිසල් හිග වී ප්‍රවාහනය නැවතුන විට මුහුණ දෙන්න වෙන තත්වය කනගාටුදායක වනු ඇති.

යම් කාලයක් පොලිසියේ සහ හමුදාවේ වැටුප් ගෙවීම කළහැකි උවත් මුදලේ වටිනාකම ඉතා වේගයෙන් අඩු වෙනු ඇති.

දැන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය මේ කරනු ලබන්නේ තමන්ගේ සුපුරුදු කාලය කාදමමින් කරන භයානක රංගනයයි, මා මේ අඩවියේ මිට පෙර පෙන්වාදුන් පරිදි අවංක පුද්ගලයන් ලෙස පෙනීසිටින ජනතා විමුක්ති පෙරමුණ ඉතා දක්ෂ රංගනයක යෙදෙන බව තේරුම් ගැනීමට එක කාරනාවක් පෙන්වන්නම් චමුදිතගේ අඩවියේ දොස්තර රනිල් ජයසේන කියනවා අපුරු දෙයක්, ඔහු කියනවා මේ මුදල් අච්චු ගැසීම ගැන ඔහු අනුර කුමාරට කිව්වම ඔහු "අපි මංගලට කියල බලමු " කියල කිව්වා කියල, මෙතැනදී ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන කෙල බිදක් හෙළුවේ නැතිබව ඔබ තේරුම් ගන්න ඕනේ.

අප විසින් මුළු පාර්ලිමේන්තුවම එලවා විසදුමකට යන්න කාලය පැමිණ ඇත. 






 

Monday, April 11, 2022

ශ්‍රී ලංකාව මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේද ?



මේ අවස්ථාවේදී සියලුදෙනා දොස්කියමින් කාලය කාදමන මේ යුගයේ ඉතා වේගයෙන් ගතයුතු තීරණ කීපයක් මම පෙන්වාදෙන්නම්.


01. මේ රටේ විශ්වාසය නැතිවීමට මුලිකම හේතුව වෙන මොකක්වත් නෙමෙයි රටේ නිතිය ක්‍රියාත්මක නොවීම.

02. රාජ්‍ය අංශයේ අක්ර්යයක්ෂමතාවය 

03. විගණනයේ දුර්වලතා නිසා ඇතිවන දුෂණය.

04. රටේ මහජනයාගේ  නුගත්කම .

05. ලෝකයේ නව ප්‍රවණතා වලින් මුදල් උපයාගැනීමට ක්‍රම සම්පාදනය නොවීම 


ලෙස මුලික කරුණු 5 ක් දකිනවා.


01.

මේ රටේ නිතිය ක්‍රියාත්මක නොවීමට මුල්ම හේතුව මේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙකම එකෙතුවී නීතියේ අවබාවිතයට කරුණු සම්පාදනයයි.


අද යම් නායකයෙක් පත්කර්න්ගන්නවනම් මුලින්ම මේ නීති සම්පාදනය කලයුතු වෙනවා පමණක් නෙමෙයි මේ නීති ආපසු පාර්ලිමේන්තුව මගින් ආපස්සට හැරවීමට නොහැකි තත්වයට පත්කළ යුතු වෙනවා.


02. රජය අංශයේ අක්ර්යක්ෂම තා හදුනාගැනීමට විශේෂ ඒකකයක් ඇතිකළ යුතු අතර එහිදී යම් පුරවසියෙක් සමාගමක්  ලියාපදිංචි කිරීමේ සිට යමකට අනුමැතිය ලබාගැනීමට යන කාලය දින 7ට පමණ අඩු කලයුතුයි, මේ කාර්යට ඊට වඩා කල් යනවනම් වහාම ඊට හේතු සොයා අකාර්යක්ෂම නිලදාරීන් ඉවත් කිරීමට නීති සම්මත කල යුතුයි.


03. රජයේ සේවකයන් ඉතා වැඩි මේ යුගයේ විගණනයට ඇත්තේ ඉතා සීමිත පිරිසක් ඊට හේතුව විගණන දෙපාර්තමේන්තුව අකාර්යක්ෂම කිරීමයි. මේ තත්වය හැකි ඉක්මනින් නිවැරදි කරගත යුතුයි.


04. රටේ ජනතාව දැනගතයුතු වැදගත් කරුණක් තිබෙනවා, ඒ තමයි තමන්ගේ මෝඩ තීරණ නිසා බලයට එන මේ පාලකයන් නිසා ඔබට නැතිවූ දේ මොනවද කියල 


සරල උදාහරණයක් ලෙස සාමාන්‍ය පුරවසියකු ගෙන් ඇසුවොත් ඔබට දේසපාලනය කරන අය සොරකම් කකිරීම ගැන ඔබේ අදහස මොකද්ද? කියල ඔවුන් කියයි, "අපිට වැඩක් නෑ නේ මහත්තය අනුන්ගේ හොරකම්, හොරකම් කලත් මේ මිනිසුන් හොරකම් කරන්නේ ආණ්ඩුවෙන් නේ, අපි මහන්සි උනොත් අපි කනව අපි මොකටද ඕව ගැන වදවෙන්නේ "


මේ මිනිහ දන්නේ නෑ බැංකුවේ රුපියල් ලක්ස 1 තැම්පතු කරලා තියනවනම් තව දින ගණනකින් එහි ඇත්ත වටිනාකම රුපියක් 10000 පමණ වෙනවා  කියල ඒ කින්නේ රටේ දෙසපාලුවෝ රුපියල් 90000 ඔහුගෙන් සොරකම් කරලා, වත්තේ අඹ ගෙඩියට පොලිසි යන මේ මිනිහ රුපියක් 90000 ගැන කිසිම අවබෝදයක් නෑ මේක තමයි නුගත් කම කියන්නේ.


05. ලෝකයේ නව ප්‍රවණතා, කියන්නේ ලෝකයේ නව ආර්ථික කටයුතු ඇතිවෙලා තියනවා මේවා ගැන රට පාලනය කරන මිනිසුන් දැනුවත් වෙන්න ඕනේ හොදම උදාහරණ කංසා නැත්තම් ගංජා ගැන බොහෝ දෙනාගේ මතය.


අද කංසා කියන්නේ මත්වෙන්න සාදන භෝගයක් නෙමෙයි කංසා වලින් නිෂ්පාදන 25000 පමණ ලෝකයේ නිමවෙන ඇමරිකාව තුල පමණක් ඩොලර් බිලියන 135ක ආර්ථිකයක්, මෙහිදී industrial hemp ලෙස ගන්න නිෂ්පාදන වසරකට ඩොලර් බිලියන 1 කින් පමණ වර්දනය වෙනවා. අද ශ්‍රී ලංකාවේ ලක්ස 3කට අධික හමුදාවක් නඩත්තු කරන නිසා පහසුවෙන්ම රජයට පුලුවන් ආරක්ෂා කාරී විදියට කංසා වගා කරලා එහි නිෂ්පාදන විදේශ ගත කරලා විශාල විදේශ විනිමයක් ගෙන  එන්න.


මිට අමතරව මෙවැනි නිර්මාණ 


ගැන සිතන්න බලන්න කවුද මෙවැනි වැඩසටහන් කඩාකප්පල් කරන්නේ කියල මේ සියලු මිනිසුන් ලෝකයට හෙළි කරන්න ඕනේ, ඔවුන් තමයි මේ රට විනාශ කරන්නේ 


Saturday, April 9, 2022

විපක්ෂය මෙහෙම හැසිරෙන්නේ ඇයි ?

 



ඉහත පින්තුරය බැලීමේදී සජිත් ප්රෙමාදාස ගේ බිරිය කරට අතදාගන ඉන්නේ නිරුපමා රාජපක්ෂ (පැන්ඩෝරා අක්කා ) ගේ බව තේරුම් ගන්න.


අද වනවිට මුළු විපක්ෂයම රගපාන රංගනය අපි තේරුම් ගමු, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයත් මේ මොහොතේදී ආණ්ඩුවට විරුද්දව විශ්වාස භංගයක් ගෙන එන බවට තර්ජනය කරමින් සිටිනවා සහ ගෙන එනවා ඉතින් ඔවුන් මෙසේ විශ්වාස භංග ගෙනෙන්නේ ඇයි ? අපිට ආදරේටද ? 


නෑ !!!


ඔවුන් මේ රජයට පීඩනය යොදන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ සොරුන්ගෙන් කෙසේ හෝ කෝටි ගණනින් කප්පම් ගෙන තම මඩිය තරකර ගැනීමයි.


මෙහිදී ජනතාවගේ එකම ගැලවුම්කරු ලෙස පෙනීසිටින ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මොනවද ? ඔවුන් කියනවා ඔවුන්ට සම්පුර්ණ රජයක් ජනතා කැමැත්ත මත ලබාගන්න ඕනේ කියල ඔවුන් කියන්නේ මැතිවරණයකට යමු කියල, මැතිවරණය අවසානයේ අන්තර්ජාතික මුල්‍ය අරමුදල වෙත ගියොත් අපට වෙන්නේ ඔවුන් බලය ගෙන තව මාස 5 පමණ බලාසිටින්න සිදුවෙනවා මුල් ආධාර ලබාගැනීමට ඒ අතර තුර මැයි මස අපට ඩොලර් බිලියන 1 පමණ මුදලක් ගෙවීමට තිබෙනවා ජුලි වනවිට ගෙවීමට අතිමුදල ඩොලර් බිලියන 2ක්.


ජනතා විමුක්ති පෙරමුණත් කරන්නේ රගපෑමක් පමණයි, ඔවුන් සිතනවානම් ජනාධිපති වරයාගේ බලය ඔවුන්ට තර්ජනයක් කියල මුළු පාර්ලිමේන්තුවේම 2/3 බලයෙන් පුළුවන් එම බලය ඉවත් කිරීමට නමුත් ඔවුන් නොකෙරෙන වෙදකමක් ගැන කියවන්නේ  ඔවුන්ට කිසිම සැලැස්මක් නැති නිසා සහ සම්පුර්ණ බලය ගෙන මර්ධනය යෙදීමට, ඔවුන් ගේ රජයක් අති අමානුශික වනු ඇති.



මෙනිසා දැන් කලයුතු වන්නේ රටේ සිටින රටට ආදරය ඇති වුර්තිකයන් එකතුවී කාර්ය ශූර පුද්ගලයෙක් ඉදිටිපත් කිරීමයි. ඔහුව ජනාධිපති වරයාට බැසිල් රාජපක්ෂ ගෙනාපු විදියට පාර්ලිමේන්තුවට ගෙන එන්න පුළුවන්.