Tuesday, January 31, 2017

මෙහෙම කෑම තියෙද්දී ඇයි ක්රෝටන් කන්නේ ?


බොහෝ දෙනා දැන් ආහාර අහේනියට මුහුණ දෙන හැටි කියාදෙනවා රටේ බලදාරීන් ජනතාවට කොස්කොල ක්රෝටන් කොල කෑමේ වැදගත්කම ගැන කියනවා.

නමුත් කියන්න කනගාටුයි මේ රටේ ඉන්න මිනිසුන් මෙරටේ වැවෙන ඉතා ඉහල පොෂගුණයෙන් යුත් ආහාර හදුනන්නේ වත් නෑ.

ඒවා පිලියල කිරීමටත් විවිධ ක්‍රම තියනවා. පසුගිය කාලයේ තිලක් කන්දේගම මහතා අන්තර්ජාලයේ පළකර තිබුන තොරතුරු සහ ඔහුගේ ගොවිපලට කතාකර ඔහුගේ පොත පත ගෙන්වාගත් මම ගෙදරදී තරමක පර්යේෂණයක් කලා.

කෘෂිකර්මයට කිසිම සම්බන්දයක් නැති අගනගරයේ ජිවත් වන මට උවමනා කලේ කිසිම රසායනික පොහොරක් නොමැතිව ආහාර වගා කළහැකි දැයි බැලීමට මේසදහා වෙලදපොලේ (කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බිජ) මිලදිගෙන ගෙවත්තේ ඉන්දවා පලදාව කෙසේදැයි බැලීමයි මට උවමනා කලේ.

මිට හේතුව මම නිරීක්ෂණය කළා වල්පැලෑටි නිරෝගිව වැඩෙන බවත් මම ඉතා ආයාසයෙන් රෝපනය කල බිජ සතුන් කාදැමීම සහ විවිද රෝග නිසා මියයාම සිදුවුනා, මෙය අවුරුදු කිපයක් මා නිරීක්ෂණය කළා.

පසුකලකදී තමයි මෙහි ඇති රහස මම තේරුම් ගත්තේ (කනගාටුවට කරුණ නම් කෘෂි කර්මය  ගැන කප් ගසා ඇති උත්තමයන් ටත් මෙම රහස හරි හැටි වැටහී නෑ ) මෙය තේරුම් ගැනීමට බටහිර මාද්‍ය සහ තිලක් කන්දේගම වැනි දේශීය වියතුන් ගේ දැනුම මම ලබාගත්ත.

දැන් මම කිව්වා මම වෙළදපොලෙන් බිජ මිලදීගෙන ගෙවත්තේ රෝපණය කල බව, නමුත් පලදාවක් නොලැබුන බව, ඔබ මෙහිදී මතක තියාගන්න ඕනේ මම කිසිදු ලෙසක පොහොර දැමීම හෝ දිනපතා සාත්තු කිරීම නොකළ බව (මම ගතකරන ජීවිතය අනුව එහෙම කරන්න මට අපහසුයි ) මෙනිසා කෙනෙක් කියයි රසායනික පොහොර නැත්නම් අඩුගානේ කාබනික පොහොර වත් උවමනා බව.

නමුත් ඔබ නිකමට කල්පනා කලාද වල්පැල වේගයෙන් බෝවෙන්නේ ඇයි කියල බ්ලොග් ලොවේ කප් ගසා ඇති සරසා තුමා http://mallepol.blogspot.com/2017/01/blog-post_29.html
කිඹුල්වැන්න ගැන කියල තිබුන.

දැන් මගේ ප්‍රශ්නය ඇයි මේ වල්පැල සාර්ථකව වැවෙන්නේ සහ ඇයි අපේ එළවලු එහෙම වවන්න බැරි ? රහස ඇත්තේ බිජ වලයි, දැනට දශක ගණනාවක සිට අප බිජ ගෙන්වන්නේ වාණිජ සමාගම් මහින්, කියන්න ලැජ්ජයි මෙරටේ කෘෂිකර්ම අමත්යන්ශයත් එක්කෝ බිජ කෙලින්ම මෙසමාගම් මගින් ගෙන්වනවා නැත්නම් බිජ ප්‍රව්ර්දනයට යම් විදියකින් මේ සමාගම් වල සහය ගන්නවා. මෙනිසා මේ සමාගම් වගබලාගෙන තියනවා කෘමිනාශක, රසායනික පොහොර වලින් තොරව මොන විදියකින් වත් පලදාවක් ලබාගැනීමට නොහැකි තත්වයට පත්කරන්න.

මම ඉහත පර්යේෂණය කලේ වෙන මොකවත් නිසා නෙමෙයි 1980 දශකයේ මට මතක තිබුණ මගේ මිත්තනිය ගෙවත්තේ සුළුවෙන් වගා කරනවා මේ සදහා කිසිදු සැලකියයුතු පොහූරක් නොදැමූ බව මට හොදට මතකයි, නමුත් විශාල පලදාවක් ලැබුන. දැන් වසර ගණනක් අසාර්ථක වීමෙන් පසු මම තිලක් ගන්දෙගම මහතා සහබාගිවු වැඩසටහන් https://www.youtube.com/user/ANTSSHOWTUBE/videos
බැලීමෙන් පසු තේරුම් ගත්ත දේශය බිජ පාවිච්චි කලොත් මට මිට වෙනස් ප්‍රතිපල ගන්න පුළුවන් වෙනු ඇති කියා.

ඉතා අපහසුවෙන් දේශීය බිජ සොයාගැනීමට මට හැකි උනා. මම ඇත්දල  බණ්ඩක්ක, වදුරු මෑ, ගොරක තක්කාලි වැනි කීපයක් වවන්න බැලුව නමුත් මම කිසි විටකත් පොහොර දැම්මේ නෑ. වල්පැල අතර කිසිම පිළිවලක් නැතිව වැවීමයි මම කලේ Masanobu Fukuoka ගේ  වගා ක්‍රමයක්


මම මේ ක්‍රමේ ගැන ඉතාම පැහැදුනේ කිසිම නඩත්තුවක් කිරීමට උවමනා නොවීමයි (හේ හෙ මගේ කම්මැලි කමට මේ අපුරු ක්‍රමය ඉතා හොදින් ගැලපුනා ) කෙසේ වෙතත් මෙම ක්‍රමය ඉතා සාර්ථක උනා.

ඔබ ඔයමුල්ම පින්තුරයෙන් දකින්නේ මගේ වදුරු මෑ ගසේ පලදාවයි.

වදුරු මෑ :-

මෙය අධික ප්‍රෝටීන් තිබෙන කරලක් මේවා නිකම් ම උයන්න බෑ මුලින් මේවයේ ඇට තැම්බෙන තුරු විනාඩි 15ක් පමණ උනුවතුරේ තම්බන්න ඕනේ ඉන්පසු කෑලි කපා උයන්න පුළුවන්. මෙහෙම කරන්න  හේතුව මෙහි ඇති අදික ප්‍රෝටීන් විනාශ කිරීමටයි. (ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් ශරීරයට අහිතකරයි, සමහරුන්ට කරකැවිල්ල වගේ එනවා) අධික ප්‍රෝටීන් මාත්‍රාවක් ශරීර ගත උනහම  එය අහිතකරව බලපාන නමුත් මේ ආහාරය නිසි පරිධි පිලියල කල විට හරියට කජු මළුවක් වගේ තමයි, ඉතා ඉහල ගුණයෙන් යුක්තයි.

වදුරු මෑ විතරක් නෙමෙයි තව ආහාර ජාති විශාල ප්‍රමාණයක් මේ රටේ තියනවා.

පහත දැක්වෙන්නේ වදුරු මෑ සිංහල වෙදකමේ සහ ආහාර සදහා  පාවිච්චි කරන ආකාරයයි
https://www.facebook.com/permalink.php?id=1034095046673577&story_fbid=1034304659985949

http://dkjayathilaka5.blogspot.com/2015/10/blog-post.html

http://www.charmsandcureslanka.lk/index.php?option=com_content&view=article&id=161%3A-18-&catid=44%3Avedapoth-cat&Itemid=258&lang=si&showall=1

http://anyflip.com/idnf/yfcz/basic

අවසාන ලෙස අපේ රතන ස්වාමෙන් වහන්සේ ගැන කියන්න ඕනේ උන්වහන්ස් ට අමතක කල වැදගත්ම දෙයක් තමයි දේශීය බිජ එහෙම නැතුව කාබනික පොහොර නෙමෙයි වැදගත්ම සන්ගටකය, මේවා ගැන උනන්දු වී මේ කෘෂිකර්ම විප්ලවයට තිලක් කන්දේගම වැනි මහතුන් සම්බන්ද කරගත්තනම් වටිනවා .

මගේ ප්‍රශ්නය සහ ඉල්ලීම වෙන්නේ හාමුදුරුවනේ දේශීය බිජ ගොවීන්ට ලබාදුන්නද එහෙම නැත්නම් ඉට වැඩපිළිවලක් තියනවද ?


14 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඉතාම වටිනා ලිපියක්...

    කරදර නොදී පැලවී පලදාව ලබා දෙන ඇට ගැන මීට වදා සන්වාද ඇති විය යුතුයි..

    පොලොන් මෑ ගැන නම් කතාව ඇත්ත... මේ දවස් වල මාත් පොලොන් මෑ අස්වන්න නිතිපතා නෙලනවා...

    ඔහෙ කොහෙන් ද වඳුරු මෑ ඇට හොයා ගත්තෙ හිටන්?

    ReplyDelete
    Replies
    1. සරසා තුමා,

      මම මුලින්ම උකුවල තිලක් කන්දේගම මහතාගේ ගොවිපොළට කතාකලා, ඉන්පසුව එතන මහත්මියක් මට ඉන්ද්‍රජිත් මහතා ගැන දැනුවත් කළා.
      ඔබට මේ නොම්බරේට අමතන්න පුළුවන් 0714073405 ඔහු ගෙන් දේශීය බිජ තිබුනොත් ලබාගන්න පුළුවන්.

      වදුරු මෑ ගස නම් මගේ ගෙවත්තේ පෙර්චස් 2කට අසන්න ප්‍රදේශයක් පුරා පැතුරුනා. විශාල පලදාවක් ලැබෙනවා, කිසිම පොහොර දැමීමක් හෝ සාත්තුවක් කලේ නෑ (මේක තමයි මගේ කැමතිම කොටස )

      Delete
    2. අමතක උනා කියන්න ඔහුගේ ලබාගත් කැකිරි වලත් පලදාව ලැබුන.සමහරු විශ්වාස කරන්නේ නෑ අගනගරේ මේවා වවන්න පුළුවන් කියල, මම නම් හිතන්නේ අප සිටින පලාත්වල කෘෂිකර්මය නොකළ නිසා අනෙක් පළාත්වලට වඩා වසවිසෙන් තොර බවයි.

      මම නම් යෝජනා කරනේ තියන අවම ඉඩ තුල කුමක් හෝ වවාගන්නා ලෙසයි මොකද තමන්ට තමන්ව විස්වාස කලහැකියි වස විසෙන් තොරව වවනවා කියල. අනෙක් අතට Masanobu Fukuoka වැනි අයගේ දැනුම අති විශිෂ්ට බව මට තේරුනේ පලිබෝධ හානි නැති නිසයි.

      මෙය අපේ ශ්‍රී ලාන්කික බුද්ධිමතුන්ට තේරුම්ගැනීමට කල් යයි හැබැයි මෙහෙමයි එංගලන්තේ https://www.youtube.com/watch?v=LbJgNXgppkI චාර්ල්ස් කුමාරයා වවන්නේ (ඔහු පලිබොඩ නාශක නොදා විවිද මල් වවමින් ඒ මල් වලට විලෝපිත කෘමින් ආකර්ෂණය කිරීමෙන් පලිබෝධ නාශනය සිදුකරනවා ) මෙය ඉතා දියුණු විද්‍යාවක්, කනගාටුව අද ඉන්න අපේ ගොවීන්ගේ වයසකම මිනිසුන්ගෙන් මේවා ඉගනගන්න පුළුවන්. තව වසර කීපයකින් මේවා වැලලී ගිය දැනුම වෙනවා.

      Delete
  3. /* (හේ හෙ මගේ කම්මැලි කමට මේ අපුරු ක්‍රමය ඉතා හොදින් ගැලපුනා ) */

    ඔබ සැබවින් ම ලාංකිකයි බ්‍රෝ!

    මටත් එපා කරපු දෙයක් තමයි ඔය පැල සාත්තුවව, වල් ගැළවීම, කාර් හේදීම, ඇඳුම් මැදීම වගේ දේවල්!

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ රසික! හැබැයි කනගාටුදායක දේ තමයි ශරීර බර 65KG සිට 74KG දක්වා වැඩිවීමයි. ඇත්තටම මෙහෙම ඉන්න ගමන් ශරීරෙ මේන්ටේන් කරගන්න පුළුවන් නම් මරුම තමයි.

      Delete
    2. අනිවාර්යෙන්ම 👌💗 🇱🇰
      ව වඳුරු මෑ ඇට කොච්චර ගුනද එක එක පෙති පාවිච්චි කරන්නවට වැඩිය !!!

      Delete
  4. ඔබ බ්ලොගයක් ලියනවා කියල දන්නේ නැහැනේ. මේ වඳුරු මෑ වගේ ජාතියක් මෙහෙ විකුනනවා. චීන කඩවල හෙමත් තියනවා. අපේ ළමයි ඒක නිකන් කනව් ඖයන්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      මේ වදුරු මෑ කියන්න ප්‍රෝටීන් අධික ආහාරයක් මේක හැමදාම කන්න හොද නෑ.
      මේගැන මම මතුගම සෙනෙවිරුවන් මහතාට email කරපුවහම මෙහෙමයි කියල තියෙන්නේ

      {
      Seneviruwan Mathugama
      වඳුරු මෑ මත්කාරක ගතියක් ඇති කරන වැඩිපුර අනුභවයට ගත් කල්හි වමනකාරක වන ආහාරයක් .එසේම බලගතු ඖෂධයක්. වාජීකරණ ගුණ අඩංගු බැවින් දේශීය වෙදකමේ වාජීකරන චිකිත්සාවට යොදා ගනී. ඔබගේ බ්ලොග් අඩවියේ සඳහන් පරිදි තම්බා දිය හැරගත් විට ආහාරයක් ලෙසට සකසන්ට හැකියි.නමුත් දිනපතා ආහාරයට එක්කරගත යුතු දෙයක් නොවෙයි.එයට වඩා හේන් මෑ අවර වැනි දේශීය බීජ ආහාරයට හොඳයි.
      }

      Delete
  5. වදුරු මෑ බීජ ලබා ගත හැක්කේ කෙසෙද

    ReplyDelete
    Replies
    1. පසුගිය වතාවේ මම කරල් කීපයක් වෙලා තැබුවා නමුත් අවාසනාවකට ඒවා අස්ථාන ගතවෙලා, මිතුරෙකුගෙන් නැවත මේවා ලබාගන්න පුළුවන් නම් ඔබට කියන්නම්,
      මේවා සිංහල බෙහෙත් කඩවල තියෙන්න පුළුවන්

      Delete
  6. අනිවාර්යෙන්ම 👌💗🇱🇰
    වඳුරු මෑ ඇට කොච්චර ගුනද මේ එක එක පෙති පාවිච්චි කරනවට වැඩිය ? !!🙏

    ReplyDelete