Tuesday, April 5, 2022

සිතන්න යමක් !!




රට බන්කොලොත්භාවයේ මුවවිට සිටිමින් ඉන්න මේ මොහොතේ රටේ ජනතාව හැගීම්වලට සහ අධික පිඩනයට වහල් වෙලා මේ අවස්ථාවේ "Gota Go Home" කියමින් සිටිනවා.

මෙය කියවන යම් හෝ පරිණත බුද්ධියක් සහ සරල ආර්ථික දැනුමක් ඇති මිනිසුන් මා මේ ඉදිරිපත් කරන කරුණු ගැන සිතත්වා.

අපට කාලය ඇත්තේ ජුලි මස අග දක්වා පමණයි යම්විදියකින් ණය වාරිකයක් ගෙවීමට නොහැකි උනොත් රට බංකොලොත් වෙනවා, එහෙම උනොත්.

01. රටේ රුපියලේ වටිනාකම දැන් තියනවට වඩා 90% පමණ පිරිහෙනු ඇති
02. රටේ ඩිසල් සහ පෙට්‍රල් මාස ගණනකට නොමැති වෙයි
03. මෙ සමගම නගර වලට ආහාර ලබාගැනීම සීමාවනු ඇති හාල් කිලෝව රුපියල් 1000 උනොත් පුදුම වෙන්න එපා.
04. ජනතාව ආහාර ඇති ස්ථාන මංකොල්ල කණු ඇති.
05. සැලකියයුතු ජිවිත ප්‍රමාණයක් විනාශ වෙනු ඇති.
06. රටේ බෙහෙත් හිගයක් ඇති වෙයි
07. තෙල් තිබුන වෙනිසිඋලාවට වෙච්ච දේ ගැන හිතල බලන්න, ඒ තත්වයට වඩා බොහෝ බියජනක තැනකට රටේ පත්වෙයි.

මේ කාරනා වලට අමතරව තව වැදගත් කරුණක් පෙන්වන්න කැමතියි එනම් අද වන විට කොරෝනා මරණ පසුගිය දින 7ට 4ක් ලෙසයි වාර්තා වන්නේ,  දොස්තර Anthony Fauci (ඇමරිකාවේ ජනාධිපති ගේ ප්‍රධාන  වෛද්ය උපදේශකයා) කියනවා වැක්සින් මාත්‍රා 2 කිසිම වැඩක් නැතිබවත් 3 වැනි එක ගැනීම තමයි වැදගත් කියල, අද රටේ ජනගහනයෙන් බුස්ටරය ගහගෙන තියෙන්නේ ජනගහනයෙන් 35% පමණයි නමුත් දැන් මරණ සීග්‍රයෙන් අඩුවෙනවා.

ඒ කියන්නේ කොරෝනා කියල කරපු නාඩගමෙන් අපි කරලා තියෙන්නේ අතිවිශාල මුදලකුත් ආර්ථිකයත් විනාශ කිරීමයි.

මෙය තව තේරුම් ගැනීමට අපි නයිජීරියාව දෙස බලමු

අද වනවිට කොරෝනාවෙන් කිසිවෙක් මැරෙන්නේ නෑ නමුත් ඔවුන් ගේ වැක්සින් ලබාගත් පිරිස පළමු මාත්‍රාව පමණක් ගත් අය 10% වන විට මාත්‍රා 2කම ගත්ත අය සිටින්නේ 4.6%

ඔවුන්ගේ වැඩිම මරණ සිදුවුනේ දිනකට 53 පමණ වන අතර මියගිය මුළු ගණන 3142 වනවා ආසාධිතයන් 255,000

මේ අනුව ඔවුන්ට කියන්න බෑ වැක්සින් නිසා පාලනය කළා කියල.

ඇත්තෙන්ම අපට සිදුවුනේ අමුලික බොරුවකට පාලකයෝ රවටිලා දේශීය වෙදකමේ සාර්ථක ප්‍රතිකාර තිබියදී දෙරණ අනුග්‍රහයෙන් හොර කපුවෙක් වෙදෙක් කරලා දේශීය වෙදකමට අපහාස කරලා අවසානයේ ඇන්ටිජන් වලින් ගසාකාල අද ගොටාභයට අරින්න හදනවා.

රටේ හතුරන් රාජපක්ෂලයේ හොර බැසිල් විතරක් නෙමෙයි මුළු රාජපක්ෂ පරම්පරාවම හොර හැත්තක් හැබැයි හොරු රාජපක්ෂල විතරක් නෙමෙයි දිලිත් ජයවිරලා ධම්මික පෙරේරලා ඩඩ්ලි සිරිසේනලා මේ සියලු දෙනාම මේ රටේ දේපල සොරකම් කල සොරු තමයි.

හැබැයි එහෙමයි කියල මොවුන්ගේ දේපල විනාශ කරන තැනට මෙරටේ ජනතාව නොගිහින් මේ සියලු දෙනා නිතිය ඉදිරියේ චෝදනා ගොනුකරලා වරද කරුවන් කලයුතුයි.

ඇමරිකාවේ තානාපති වූ ජාලිය්ට වික්‍රමසුරිය ඇමරිකානු අධිකරණය ඉදිරියේ වරද පිළිගනිමින් කරලා තියෙනේ එයයි

http://www.adaderana.lk/news/81563/former-envoy-to-us-jaliya-wickramasuriya-pleads-guilty-to-defrauding-sri-lankan-govt

අවසාන ලෙස රටට ආදරය කරන කිසියම් පුද්ගලයෙක් සිටිනවානම් මේ ප්‍රශ්නය විසදීමට හැකි, ඔවුන් කලයුත්තේ රජයේ මුදල්  ඇමතිකම භාරගන තම සැලැස්ම ක්‍රියා කිරීමයි.

මෙහිදී අනුර කුමාරලට තියෙන්නේ රටේ බලවත් ඇමතිකම් ගන්න ගමන් ජනාධිපතිට යෝජනා කරන්න තම කාර්ය අවහිර කිරීමට ඇති සියලු බලය ජනාධිපති ගෙන් ඉවත් කරලා පාර්ලිමේන්තුවට පවරගන්න, මේ සදහා උවමානා 2/3 ලබාගැනීමට ඉතාපහසුවෙන් පුළුවන්.

මොකද මිට එරහිවන කිසිවෙකුට ජනතාවගෙන් සමාවක් ලැබෙන්නේ නෑ.

මෙනිසා රට තව ආගාදයට නොයවා මේ අසීරු මොහොතේ ජනතාව වෙනුවෙන් සේවය කලයුතු බවයි මගේ අදහස.

2 comments:

  1. ඔබේ අදහස් සමග එකඟයි, ඒ විතරක් නෙවෙයි ලංකා තවත් ලොකු ගේම් එකක් තියෙනවා, 2019 නන්දසේන රාජපක්ෂ දිනපු ගමන් ඔහුට මැතිවරණ සඳහා අත දිග ඇරල වියදම් කරනු කොළඹ නාගරික ධනවත් බලවත් ව්‍යාපාරික කණ්ඩායම් රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා රජයට ලබා ගන්නා බදු අඩුකොට ඒ වෙනුවට එම මුදල් තමනට නැවත නැවතත් ආයෝජන කිරීමට බදු අඩු කරන ලෙසත් ඒ හරහා ආර්ථිකය ප්‍රසාරණය වන අතර ඉන් පසු බදු මුදල් ආදායම් ඉබේම වගේ වැඩිවෙන බවටත් ළණුවක් දුන්නා. ඒක තමයි ඉතින් වැඩේ පටන් ගන්න හේතුව.

    ඒ අනුව රජය බදු ආදායම් අඩු කිරීමත් සමඟ රජයේ ආදායම් අඩු වූ අතර කොළඹ ධනවත් සමාජයේ බොහෝ වත්කම් තව දුරටත් වැඩි වුණා. ඊළඟට ජනතාව විඳින දුක තමන්ගේ ආතල් එකට ගත්තේ කොළඹ ධනවතුන්. වසංගතය කාලේ හොඳටම හම්බ කරගත්තේ කොළඹ ධනවතුන්. ඔය ජනතාව සමග පාරට බැහැලා බෝඩ් උස්සගෙන ඉන්න පට්ට සල්ලිකාරයන්ගේ වත්කම් අම්බානක වැඩි වුණා වසංගතය කාලේ. කොළඹ කොටස් වෙළඳපොළේ ඔවුන්ගේ ආයෝජනවල වටිනාකම බලාගෙන ඉන්නකොට වැඩි වුණා කියලා පාරෙ ඉන්න අහිංසක මිනිහා දන්නේ නැහැ. පොලී අනුපාත පහළ ගිහින් ලැබුණු ණය සහනවලින් තමන්ගේ ප්‍රාග්ධනය විශාල ලෙස වැඩි කරගත්තේ ඔවුන්. ඔවුන්ගේ සුපිරි කාර්වල වටිනාකම අහස උසට නැගලා. අක්කර දහස් ගණන් ඉඩම්වල වටිනාකම දෙගුණ තෙගුණ වෙලා. ටිකෙන් ටික සුළු පිරිසක් ඉතා අමාරුවෙන් යන්තම් ආරම්භ කළ විරෝධතාවය ටික ටික වැඩි වෙවී එනකොට මුලින්ම බය වුණේ ඒ ධනවතුන්. ඔවුන් බය වුණා විරෝධතාකරුවන් ඔවුන්ගේ ධනවත් මන්දිරවලට පැනලා මංකොල්ල කාවීය කියා. ඔවුන්ගේ සුඛෝපභෝගී ව්‍යාපාර ස්ථානවලට ගිනි තබාවීය කියා. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න ධනවත්ම පිරිස වන ක්‍රිකට් ක්‍රීඩකයන්, මීඩියා චැනල් අයිතිකාරයන්, අලුත් පරපුරේ නළු නිළියන් සහ ගායක ගායිකවන් එහෙම ප්රාණ බය වුණා. ඒකට ඔවුන් නියම කපටිකමක් දැම්මා. ඔවුන් පටස් ගාලා ඇවිල්ලා කිව්වා "අපි අරගලයට සහාය දෙනවා" කියා.

    මම හිතන්නේ දේශපාලකයාට වඩා ගොඩක් රට කපටි කොළඹ ධනවතා හරිම බුද්ධිමත්. පියවර දහයක් නෙවෙයි සීයක් ඉස්සරහට හිතන්න පුළුවන්. දේශපාලනය ගැන නොදන්නා මිනිස්සු රවට්ටන්න හරිම ලේසියි. ඔවුන් දන්නේ නැහැ මේ ඔවුන් සමග එකට බෝඩ් අල්ලාගෙන සෙල්ෆි ගහන පපරේ නටන කපටි ධනවතා ගාව තමයි ඇත්තටම ඩොලර් මිලියන ගණන් සේප්පු ඇතුළේ ගොඩ ගහලා තියෙන්නේ කියලා. ට්වීට් කර කර “අරගලය දිගටම කරන්න කරන්න” කියලා කියන ඒ කොළඹ සුපිරි ව්‍යාපාරිකයන් ළඟ පරම්පරා ගාණක් බදු වංචා කරලා ගොඩ ගහපු වත්කම් තියෙනවා කියලා කඳුළු ගෑස් කන තරුණයා දන්නේ නැහැ. දේශපාලකයන් පිටට විතරක් වැරැද්ද දාලා කොළඹ ධනවතුන් ටික ලස්සනට බේරුණා. දේශපාලකයන් කොමිස් ගත්තා නම් ඔවුන්ට කොමිස් දුන්නේ කවුද? ඔය කොළඹ ධනවතුන්ම වෙන්න එපැයි?. ලංකාවේ පොඩි ව්‍යාපාරිකයාට චාන්ස් එකක් නැත්තේ ඔය කොළඹ ධනවතුන් ඒවා ඔක්කොම ඩැහැ ගන්න නිසා තමයි. ඒ වගේම කොමිස් දෙනවා නම් ඒ මුදලත් එකතු කරලා තමයි ජනතා මුදල් බිලියන ගාණක කොන්ත්‍රාත් ගන්නේ. ඔවුන්ට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.

    ReplyDelete
  2. ඒ වගේම මොන මගුලක් ධුණත් ඔය කිසිම ධනවතෙකුගේ ජීවිතවලට අබමල් රේණුවක වෙනසක් වුණේ නැහැ මේ ආර්ථික අර්බුදයෙන්. ඔවුන්ගේ සුපිරි කාර්වලට ගහන්න තෙල් ඔවුන් ස්ටොක් කරගත්තා. නැතිනම් කළු කඩෙන් ගාන කීය වුණත් ගන්න ඔවුන්ට ඕන තරම් සල්ලි තියෙනවා. කරන්ට් එක නැති වුණාට සොලාර් බැටරි පද්ධති වලින්, යූ පී එස් බැටරි, නැත්නම් ජෙනිවලින් ඒ/සී දාගෙන ඔවුන් ආතල් එකේ ඉන්නවා. ඒ අතරේ තමන්ගේ ඇපල් අයිෆෝන් එකෙන් ෆේස්බුක් එකෙයි ට්විටර් එකෙයි වෛරය වපුරා ඒක ෂේප් එකේ කොහොමත් චාටර් වෙලා තියෙන මෝඩ රාජපක්ෂලාට දාලා ගාණට ෂේප් වෙනවා. ආණ්ඩුවේ සංස්ථා සභාපති තනතුරු ගත්ත ඔය සමහර ධනවතුන් පහුගිය අවුරුදු දෙකේ හම්බ කරගෙන දැන් මුකුත් කළේ නැහැ වගේ ඉල්ලා අස්වෙලා අරගලයට සහාය දෙනවා... කොළඹ ධනවතුන් තමයි ලෝක අංකුට්ටෝ. එහෙම නැතුව ඉතින් ඔහොම ධනවතුන් වෙන්නත් බැහැනේ. කොළඹ ධනවතුන් ටික හංගගෙන ඉන්න ඩොලර් කන්දරාවත් දෙන්න කියලා කවුරුවත් කියන්නේ නැහැ නේද? කොහොමද ඔවුන්ගේ කපටි මොළේ? ඩොලර් එක බලයෙන් අඩු තියාගෙන ඉන්නකොට විශාල වශයෙන් ඩොලර් වත්කම් එකතු කර ගෙන හිටපු ඔවුන්ගේ ඩොලර්වල වටිනාකම වැඩි කරගන්න ඔය “රුපියල පාකරන්න පාකරන්න” කියලා කෑ මොර දුන්නේ නැතුව නිදහසේ පා කරන එකෙන් රටට වෙන වාසියක් ගැන හිතලා නෙවෙයි. ඒකෙන් දැන් ඔවුන්ගේ ඩොලර් වත්කම්වල වටිනාකම දෙගුණයකින් ඉහළ ගිහිල්ලා. කොළඹ අයිටී සමාගම් වලට ඩොලර්වලින් පඩි ගෙවන්න තරම් ඔවුන්ට ඩොලර් තියෙනවා. කොළඹ එන්ජීඕවල වැඩකරන ධනවතුන් ට්විටර් එක හරහා වෛරය වපුරලා කෝලාහලයක් කරන්න හදනවා ඊළඟ අවුරුදු පහට හොඳ මානව හිමිකම් ප්‍රොජෙක්ට් ටිකකට ඩොලර් පවුම් ටිකක් පාස් කරගන්න. මේ පැත්තෙන් අහිංසක මිනිස්සු කුලප්පු කරලා මාර්කට් එක කඩන තරමට ඔවුන්ගේ ඩොලර්වල වටිනාකම වැඩි වෙනවා. මෙහෙන් බොරුවට බෝඩ් උස්සගෙන ලයිව් ඇවිල්ලා අනෙක් පැත්තෙන් හෝ ගාලා ඉඩම් කඩම් ගන්නවා. කොළඹ ධනවතුන් මාර ගේම් එකක් ගැහුවේ. නන්දසේන පඩයාගේ හොඳටම කරපු පොරටෝක චුට්ටක් වෙනස් කරලා "ලංකාවේ කොළඹ ධනවතුන් තමයි හොඳටම කළේ" කියලා කියන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.

    ReplyDelete