Wednesday, October 20, 2021

නුතන ශ්‍රී ලංකික පරීක්ෂකයා අත්අඩංගුවට ගෙන විදේශ විනිමය බිලියන ගණන් විනාස කරන ලිං මැඩි මිනිසුන් සිටින ලෝකයේ එකම රට

 ඉතා කාර්ය බහුල දිනයක් උනත් ඊයේ දිනයේ අප රටේ සිදුවී ඇති අමන ක්‍රියාවක් ගැන යමක් හිතන්න පුළුවන් මිනිසුන් දැනුවත් කිරීම වටිනවා කියල මම හිතනවා.


ශ්‍රී ලංකාව කියන රටේ හැටහුටහමාරක් විශවවිද්‍යාල ආචාර්යවරු සිටිනවා මේ බහුතරයක් තම ආචාර්ය උපාදිය ලබල තියෙන්නේ කවුරු හරි කියපු දෙයක් කටපාඩම් කරලා එක වමාරලා, මෙන්න මේ නිසයි ශ්‍රී ලංකාව කියන රට කංකුන් මිටියත් ආනයනය කලේ.

අද වනවිට විදේශ විනිමය නැතිව යටට අදින ඇදුම් වත් ආනයනය කිරීමට නොහැකි වී ඇති කාලයක මේ රටේ ඉන්න මීහරක් කවද මේ සත්‍ය තේරුම් ගනීවිදැයි හිතන්න අමාරුයි.

මා නුතන ශ්‍රී ලංකා ඉතිහාසයේ තම වුර්තිය පරදුවට තියල තම පරීක්ෂණ සිදුකල  මා දැනුවත් (මා නොදැනුවත් ආචාර්ය වරු සිටිය හැකියි ) එකම ආචාර්යවරයා වසන්ත සේන වැලිඅංග මහතායි.

දැනට මාස කීපයකට පෙර ඔහු පරීක්ෂණයක් සදහා ප්‍රසිද්ධියේ කංසා වගාකරනවා ඔහු එය කරන්නේ හොර රහසේ නෙමෙයි, ඔහු රටේ ජනාධිපතිවරයත් දනුවති කරලා තමයි මෙය සිදුකරන්නේ, නමුත් රටේ මෝඩ පාලන ක්‍රමය ඔහුව ඊයේ අත්අඩංගුවට ගන්නවා ඔහු වගාකළ කංසා පැල සමගින්.

අද වනවිට කංසා කියන්නේ මිනිසුන් බීලා නටන මත්ද්ර්ව්‍යක්  නෙමෙයි දැනට



ඔන්න ඔහොමයි අපේ විරෝදාර පොලිසිය නිතිය ක්‍රියාත්මක කරන්නේ, රටේ මිනිසුන්ගේ ධනය කෝටිගණන් ගසාකනවා පෙන්නේ නෑ නමුත් මෙවැනි පරීක්ෂණයක් වටලනව.



මෙන්න මෙහෙමයි ලෝකේ දේවල් සිද්දවන්නේ 



Wednesday, September 29, 2021

කොවිඩ් රෝගීන් මරාදමන මිනීමරු බෙහෙත Remdesivir


ඔබට සාක්ෂි සහිතව කොවිඩ් රෝගීන් මියයන්නේ ඇයිදැයි කරුණු සහිතව බලමු.
මේ ගැන  DR BRYAN ARDIS   විසින් කරන ඉදිරිපත් කිරීම  
ඔබ කොරෝනා රෝගය ආසාදනය උනා යයි සිතමු ඔබ රෝහල් ගත වුනා නම් ඔබට Remdesivir නමැති භයානක බෙහෙත ලබාදෙනු ඇති, මෙය මුලින් ශ්‍රී ලංකාවේ ලබා නොදුන් අතර පසුව ඇමරිකාවේ Anthony Fauci නමැති Director of the National Institute of Allergy and Infectious Diseases and the Chief Medical Advisor to the US President විසින් ලෝකයට අනිවාර්යෙන් කොරෝනා රෝගීන් ලබාහ්ගතයුතු ඔසුවක් ලෙස නම්කරන ලදී. අපේ රටේ සිටින අන්ධබක්තික දොස්තර රොත්ත විසින් මේ බෙහෙත රෝගීන්ට ඉවක් බවක් නැතිව නියමකිරිම පටන් ගැනීමත් සමග ලෙඩුන් මියයාම වේගවත් වන ලදී.

මෙහිදී මේ වීඩියෝ වෙන් පනවා දෙන්නේ පරීක්ෂණ අවස්ථාවේ Remdesivir ලබාගත් රෝගීන් 50% මියයාම නමැති පුවතයි.

මේ ඔසුව මගින් වකුගඩු අක්‍රිය කිරීම සිදුකරන අතර බොහෝ දෙනා මියයන්නේ වකුගඩු අක්‍රිය වීම මගිනුයි.


මෙහි සදහන් කරන ආකාරයට වකුගඩු අක්‍රිය වීම මගින් රෝගීන් ගේ මුත්‍රා බැහැරවීම අවහිර වන අතර මුත්‍රාශය මුත්‍රා වැලි පිරීයන බවත් තමන්ගේම ශරීරයේ ශ්‍රාවයන් නිසා පෙනහැලි අක්‍රිය විම මගින් හුස්ම ගැනීම අවහිර වේ. මෙය ද්විතිය නියමොනියාව ලෙස හදුන්වනු ලබනවා. මෙය කොරෝනාවෙන් ඇතිවන නියමොනියාවක් නොව මේ ඔසුවලින් සිදුකරන නියමොනියාවකි.

එපමණක් නොවෙයි දැන් dexamethasone ලබාදෙන අතර මේ ඔසුව 4% ගේ වකුගඩු අක්‍රිය කරනු ලබයි. 

පහලින් මම ශ්‍රී ලංකික සාක්ෂියක් ඉදිරිපත් කරමි මෙය මගේ පෙර බ්ලොග් සටහනේ සටහන් වූ අතර නැවත මම මෙහිද ඉදිරිපත් කරමි. 


දැන් කල්පනා කරන්න රට පුරා ලොක්ඩවුන් කියමින් වසා තිබියදී කොරෝනා මරණ අඩුවීමට හේතුව තමයි අපේ pcr පරීක්ෂණ අඩු කිරීම මෙනිසා මිනිසුන් රෝහල් ගත වීම සිමා වන අතර රෝග ලක්ෂණ ඇතිවූ වහාම සිංහල බෙහෙත් ගැනීම මගින් බොහෝ අයගේ රෝගය සුවවීම සිදුවේ.

මෙනිසා මේ මිනීමරු බෙහෙත් ලබාගැනීම සීමා වීමෙන් මරණ අඩු වීම වේ.  





  

Sunday, September 26, 2021

 කොරෝනා මරණ අඩුකිරීමේ විජ්ජාව 

ඔය ප්‍රස්තාරයෙන් පෙන්නේ  ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ වල වේගවත් අඩුවීමයි, මිට පිටුපස තියන විද්‍යාව (අවිද්‍යාව ) බොහෝදෙනාට නොපෙනෙයි, අද වනවිට ප්‍රවාහන සිමා ඇති මේ කල එකම වෙනසට ඇත්තේ මගී ප්‍රව්වාහන සේවයේ තහනම පමණයි මිනිසුන් රටවටා සුපුරුදු ලෙස සංචාරය කරමින් පවතී.


එහෙනම් එකවර මරණ අඩුවන්නේ කෙසේද ? ඊට හේතුව වැක්සින්නයද? 

පසුගිය සති 3ක පමණ කාලයේදී මිනිසුන් වැක්සින් ලබාගැනීමෙන් වැලකී තිබෙන බව පොරකකා වැක්සින් මද්‍යස්ඨාන වල අද වනවිට මැස්සන් ඇහිරීම මගින් මනාව පිලිබිබු වේ.


එහෙනම් වැක්සින් කොරෝනාව අඩුකිරීමට හේතු නොවුනා නම් කොරෝනා අඩුකිරීමට හේතු උනේ මොකද්ද ?  


ඊට මුලිකම හේතුව කොරෝනා පරීක්ෂණ අඩු කිරීම බව ඔබ පිළිගන්නවද ? ඔබ අසයි මට අමුකවිලද කියල?


ඉවසීමෙන් මම කියනදේ හිතල බලන්න, ඔබ කොරෝනා පරීක්ෂණයක් සිදුකල විට ඔබ කොරෝනා ආසධිතයකු බව වටහා ගත් මුල් අවස්ථාවේම කරන්නේ කුමක්ද ? ඔබ රෝහල් ගත්විමයි කරන්නේ.


රෝහලේදී ඔබට මොකද වෙන්නේ ? ඔබට Remdesivir වැනි එන්නත් ලබාදීමයි වෙන්නේ 



බලන්න මේ එන්නත 2020 නොවෙම්බර් වලයි නොසුදුසුයි කියල තීරණය වන්නේ නමුත් රුපියල් 25000 පමණ වන මේ එන්නත තවම ශ්‍රී ලංකාවේ ලබාදෙනවා 


මේ තියෙන්නේ දෘශ්‍ය මය සාක්ෂි මේ එන්නත් මගින් රෝගින් මරණය කරා ගෙනයන බව 


මේ නිසා පරීක්ෂණ වේගවත් සහ වැඩි  කිරීම රෝගීන් හදුනාගැනීම වැඩි වන අතර රෝගීන් හදුනා ගැනීම වැඩිවීම රෝහල් ගතවීමත් මේ භයානක වස ශරීරගත වීමත් මගින් කොරෝනා රෝගියකු ලෙස පරලොව යාමේ අවස්තාව ලැබෙනවා.


දැන් කෙනෙක් අසයි වැක්සින් ගැසීම කොරෝනා අඩුවීමට හේතු උනේ නැද්ද කියල 


කල්පනාවෙන් මෙය බලන්න 

https://www.google.com/search?client=avast-a-1&q=sri+lanka+covid+deaths&oq=sri+lanka&aqs=avast.0.69i59l2j69i57j69i59l2j69i61j69i60l2.3751j0j9&ie=UTF-8


වැක්සින් ලබාදීම වේගවත් කරන මැයි ජුනි මාස වලයි කොරෝනා රෝගීන් වේගවත් ලෙස ආසාධනය උනෙත් වැඩිම මරණ ගණනක් සිදුවීම පටන් ගත්තෙත්.


ඇත්තටම දැන් කොරෝනා මරණ අඩුවීමට හේතුව පැහැදිලිව මහජනයා එන්නත් ලබාගැනීමෙන් වැළකීමත් ආයුර්වේදය වෙත සිදුවී ඇති වේගවත් නබුරුවයි.



යම් කෙනෙක් කොරෝනා මරණ අඩුවීමට එන්නත උපකාර උනා කියනවනම් ලෝකයේ වැඩිම එන්නත් කාරණයක් ඇති ඊශ්‍රයලය පෙන්නුවහම හොදටම ඇති 


මේ තියෙන්නේ 3 වැනි එන්නත විදලා අවසාන කරලා 4 වැනි එන්නත විදින ඉස්රයලයේ තත්වයයි 


Tuesday, September 21, 2021

මොළ ශෝදනයෙන් මිනීමරන කොවිඩ් වසංගතය

 


මම ඉදිරිපත් කරන තොරතුරු මුලින්ම සංඛ්‍යාලේඛන මගින් සහ දෙවනුව සාක්ෂි මගින් පෙන්වීමට බලාපොරොත්තු වෙමි.

මේ ඉදිරිපත් කිරීමට කලින් ඔබට වැදගත් කරුණක් මත්ක්කිරීමට කැමතියි එනම් අද අපි පාවිච්චි කරන සියලුම අන්තර්ජාල සේවා අඩවි වල අයිතිකරුවන් ලොව විශාලම ඖෂධ සමාගම් වල විශාල කොටස් හිමියන් බවට පත්වී ඇති බවයි, තව විදියකින් කිව්වොත් Google, සමාගමේ අයිතිකරුවන්, facebook සමාගමේ අයිතිකරුවන් ඇතුළු සියලුම ප්‍රධාන අන්තර්ජාල සමාගම් වල අයිතිකරුවන් ඖෂධ සමාගම්වලත් අයිතිකරුවන් වී ඇතිබවයි.  


මේ නිසා වැක්සින් නිපදවන සියලුම සමාගම් වල අයිතිකරුවන් ජනතාවට තොරතුරු සපයන ශ්‍රව්‍ය දෘශ්ය ජනමාද්යේ අයිතිකරුවන් වී ඇති මේ අවස්ථාවේ.

අද කොවිඩ් වැක්සින් සහ ඔසු මගින් සිදුවන විශාල මරණ සගවමින් පවතිනවා, ඔබට මේ තොරතුරු තවදුරටත් Google (google දෙයියන්ගෙන්) අසා දැනගන්න බෑ.

එසේ වුවත් දැන් සිදුවන්නේ කුමක්දැයි සංඛ්‍යාලේඛන විස්ලේෂණ මගින් සොයාගන්න පුළුවන්.


දැන් මුලින්ම අපි කොවිඩ් වැක්සිනය ඉතා සාර්ථකව ලබාගත් රටක් වන ඊශ්‍රයලය දෙස යොමුවෙමු 


මුලින්ම රටතුල සිදුවන PCR සහ අන්ටිජන් ටෙස්ට් පෙන්වන අතර ඊගාවට පෙන්වන්නේ රෝහල් ගතකිරීම් වේ ඉන්පසු වැක්සින් ලබාදීම වන අතර අවසානයේ මරණ පෙන්වනු ලබනවා.

ඔබට මෙමගින් පෙන්වන වැදගත්ම දේ නම් පරීක්ෂණ වැඩි වනවිට රෝගීන් හදුනාගැනීම සහ රෝහල් ගත කිරීම වැඩි වන බවයි මිට සමගාමිව මරණ වැඩි වීමත් පෙන්වනවා.

මෙහි සිදුවන අපුරු දේ නම් මේ පරීක්ෂණ අඩු කලවිට රෝගීන් හදුනාගැනීම අඩුවන අතර රෝහල් ගත කිරීම අඩුවීම සාමාන්‍ය වුවත් ඒ එක්කම මරණ අඩු වුයේ කෙසේද ? යන්නයි.

මන්ද පරීක්ෂණ අඩු කල පමණින් සමාජයේ සිටින රෝගීන් ප්‍රායෝගිකව අඩු නොවීමත් කිසි සේත්ම මරණ අඩුවීම සිදුවිය නොහැකි බවයි.

දැන් මෙය සිදුවෙන්නේ කෙසේදැයි බලමු .

මිට ශ්‍රී ලංකාවේ උදාහරණයක් මම පෙන්වන්නම් 

 


  


මේ අනුව පෙන්වන වැදගත් ම දේ වන්නේ මියයන වැඩිම පිරිසක් මියයන්නේ කොවිඩ් වයිරසයෙන් නොවන අතර කොවිඩ් සදහා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවීම මගින් බවයි.

මිට අමතරව වැක්සින් ගැසීම වැඩිවීමත් සමග ආසාධිතයන් සහ මියයන පිරිස වැඩි වී ඇති ආකාරය ඔබට දකින්න පුළුවන්.

මීලගට ශ්‍රී ලංකාවේ වැක්සින් ගැසීම වැඩිවීමත් සමග මරණ ඉහල යන ආකාරයත් මිනිසුන් වැක්සින් ගැසීම අඩුවූ පසු සහ කොරෝනා පරීක්ෂණ අඩු කල පසු වේගයන් මරණ අඩු වී ඇති ආකාරයත් යන කාරනා ප්‍රස්තාර මගින් පෙන්වන්නම්.  

Wednesday, August 4, 2021

ජනතාවගෙන් වසන්කරන කොරෝනා වැක්සිනය පිළිබද තොරතුරු.

 මහජනතාව නොමග යවමින් ශතවර්ෂයේ පවත්වන විශාලතම  රසායනාගාර අත්හදා බැලීම !



ඉහත වීඩියෝව ඉතා කල්පනාවෙන් බලන මෙන් ඉල්ලා සිටිනවා, මෙය ඔබේ ජීවිතයත් මරණයත් තීරණය කරන සිදුවීමක් වනු ඇති.

මුලින්ම ඉහත වීඩියෝවේ ඇන්තනි ෆවුචි නමැති (Anthony S. Fauci, M.D., NIAID Director) ඇමරිකා එක්සත්ජනපදයේ මෙන්ම ලෝකයේම කොරෝනා පිළිබද පරීක්ෂණ කරන National Institute of Allergy and Infectious Diseases (NIAID) ආයතනයේ ප්‍රදාන අධ්‍යක්ෂක වරයා. ඔහු  කියන්නේ කුමක්දැයි ඔබ මුළු අවදානම යොදා කල්පනා කරන මෙන් ඉල්ලා සිටිනවා   ඔහු මෙහෙම කියනවා 

"The issue of safety is something I want to make sure the American public understand "

ඇමරිකානු මහජනතාවට මා පැහැදිලිකිරීමට උවමනා කාරණය වන්නේ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයයි 

There’s safety associated: does the vaccine make you worse ?
ආරක්ෂාව ගැන ප්‍රශ්නයේ දී : වැක්සිනය ලබාගැනීම නිසා ඔබට තිබුනාට වඩා භයානක ප්‍රතිවිපාක ලැබෙයිද ?

And there are diseases, in which you vaccinate someone, they get infected with what you’re trying to protect them with, and you actually enhance the infection.
තවද, ඔබ යමෙකුට එන්නත ලබා දෙන රෝග තිබේ නම්, ඔබ ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන දෙයින් ඔවුන් ආසාදනය වන අතර ඇත්ත වශයෙන්ම ඔබ ආසාදනය වැඩි කරයි.

You can get a good feel for that in animal models, so that’s going to be interspersed at the same time that we’re testing we’re going try and make sure we don’t have enhancement

සත්ව ආකෘති තුළින් ඔබට ඒ ගැන හොඳ හැඟීමක් ලබා ගත හැකිය, එබැවින් අපි පරීක්‍ෂා කරන අතරම එය මැදිහත් වීමට ඉඩ ඇති අතර අපට වර්ධනයක් නොමැති බවට වග බලා ගන්න. 

 somebody to prevent infection and actually make them worse 
ආසාදනය වීම වැළැක්වීම සඳහා යමෙකුට එන්නත ලබා දී ඔවුන් වඩාත් නරක අතට හැරීම

මෙහිදී ඔබ විසින් මේ enhancement ලෙස සදහන් වන්නේ කුමක්දැයි සිතනු ඇති කරුණාකර පහත වීඩියෝව මගින් ඒ කුමක්දැයි තේරුම් ගන්න 



ඉහත වීඩියෝවේ පෙන්වා දෙන සංකල්පය මෙයයි,  ශරීරයට වයිරසයක් අතුල්වුවිට සිදුවන්නේ ශරීරයේ ඇති සෛල වලට බැදී ආසාධනය වීමයි, මෙය වැලක්වීමට සිදුකරන්නේ  වයිරසයක්  ආසාධනය වීමට කලින් වැක්සිනයක්  ලබාදීමයි එහිදී ශරීරයේ වයිරසයට විරුද්ද ප්‍රතිධේහ නිපදවීම සිදුකරනවා, දැන් ශරීරයේ ප්‍රතිධේහ වලින් සිදුකරන්නනේ යම් විදියකින් වයිරසය ශරීරයට ඇතුළුවූ වහාම එම වයිරස 
සෛල වලට බන්දනය වීම මගින් වයිරසය ශරීර සෛල වලට බන්දනය වීම වළක්වනවා, මේ ක්‍රියාවලියට කියනවා (Virus neutralization by antibodies).
එනම්  වයිරසයක් උදාසීන කරන්නවා කියල. 

ඉහත ක්‍රියාවලිය සිදුවෙනවානම් කොරෝනා ආසාධිත රෝගින් ඉක්මනින් සුව වීමයි වෙන්නේ ප්‍රශ්නය තිබෙන්නේ එහෙම සිදු නොවුනොත් වෙන්නේ මොකද්ද කියල 
මේ ක්‍රියාවලියට කියනවා ANTIBODY DEPENDENT ENHANCEMENT කියල මෙහිදී සිදුවෙන්නේ ඉහත කී වයිරස උදාසීන කිරීම neutralization සිදු නොවීමයි, මෙහි ඇති භයානක බව නම් ඉතා කෙටි කලකදී වයිරසය ශරීරය පුරා වේගයෙන් පැතිරීමට වැක්සිනයෙන් හටගත් ප්‍රතිධේහ උදව් වීමයි මෙහිදී ඉතා වේගයෙන් ශරීරය ආසාදනය වීමයි වෙන්නේ.

දැන් අපි බලමු සිදුවන්නේ කුමක්ද කියල දැනට වැක්සින් ක්‍රියාවලිය පටන් අරගන මාස 6 පමණ වෙනවා ලොවපුරා මුලින් කියවුනේ මේ වැක්සිනය සාර්ථක වූ බවයි මේ නිසා ආසාධිතයන් වර්දනය උනත් මරණ ගණන සැලකියයුතු පමණින් අඩුකර ගැනීමට හැකිවූ බවයි කියන්නේ, මෙය සිදුවීමට මුලික වෙන්නේ මුල් වයිරසයට ක්‍රියාකරන වැක්සිනයක් නිපදවීමයි මෙය සාර්ථක වන්නේ උදාසීන කිරීම neutralization කරණය ඉතා හොදින් සිදුවීමයි නමුත් කල්යාමේදී මේ වයිරසය නොයෙක් ප්‍රභේධ වලට විබෙදනය වීම සිදුවෙනවා විතරක් නෙමෙයි ඉතා වේගයෙන් පැතිරීමත් වෙනවා.

මෙන්න මේ අවස්ථාවේ තමයි විද්යාඥයන් මහජනයා අදුරේ තියන්න පටන්ගන්නේ මොකද යම් විදියකින් ඔවුන් කිව්වොත් ANTIBODY DEPENDENT ENHANCEMENT නිසා වේගයෙන් වයිරසය පැතිරෙනවා කියල ඔවුන්ට සිදුවෙනවා පිළිගන්න එන්නත්කරණය නිසා වැඩි ජිවිත ගණනක් හානියට පත්වෙනවා කියල.

දැන් අපි ශ්‍රී ලංකාව ගැන බලමු රටේ සෞඛ්යය අංශ කියන විදියට ශ්‍රී ලංකාව තමයි වේගයෙන්ම එන්නත් කරණය කරන රට, හැබැයි ඔබ දැක්කද සිදුවුනේ කුමක්ද කියල මාසයකට පෙර දිනකට 40 මියගිය රටේ දැන් මියයන්නේ 80 බැගින්, ඒ කියන්නේ එන්නත් කරණය වේගවත් වීමත් සමග මරණ ප්‍රමාණයත් වේගවත් වෙලා.

මෙය ශ්‍රී ලංකාව තුල මියගිය මිනිසුන් ගණන බැලීමේදී තේරුම් ගන්න පුළුවන් 
 





ඔබට පෙනෙනවද එන්නත්කරණය වේගවත් වීමත් සමග මරණ ගණන වැඩි වන ආකාරය ? මතක තියාගන්න මැයි මාසයේදී මහජනයාට ගමනාගමන සිමා කිරීම පවා පැවතුන බව. 

තව කිවයුත්ත වන්නේ ශ්‍රී ලංකාව ඇමරිකාව හෝ ප්‍රංශය මෙන් වැක්සිනයට විරෝදය පාන්නන් නැතිබවත් හැතැම්ම ගණන් පෝලිමේ සිට කිසිම අවබෝදයක් නැතිව හරක් මෙන් එන්නත් ලබාගන්න බවයි.


 අපි මෙහිදී දැනගත යුත්තේ මේ වැක්සිනයක්  නිසිපරිදි වැඩකරනවාද යන්න දැනගැනීමට නම් වසර ගණනාවක පරීක්ෂණ තොරතුරු උවමනා බවයි, මෙන්න මෙනිසයි හදිසි අවස්තාවක් යටතේ මේ එන්නත් ලබාදෙන්නේ, මෙහිදී FDA අනුමැතිය නොමැති අතර මේ එන්නත් නිපදවන සමාගම් වලට විරුද්දව නඩු පැවරීමට කිසිදු අවස්තාවක් ලැබෙන්නේ නෑ ඔවුන්ට මුක්තිය හිමිවෙනවා. 

රටේ මිනිසුන් බුද්ධිමත් නම් මේ විශේෂඥයන් ගෙන් අසන්න ඕනේ මේ වේගවත් පැතිරීමට ANTIBODY DEPENDENT ENHANCEMENT කොපමණ හේතුවී තිබේද යන්නත් මේසදහා කරනලද පරීක්ෂණ මොනවද යන්නත් යන කරුණුයි. 




 




Sunday, January 31, 2021

කොරෝනා පිළිබද මහා වාරණය


ඉහත වීඩියෝව youtube හි වාරණයට ලක්වී ඇත. මීට හේතුවී ඇත්තේ බටහිර 
ප්‍රවීණ වෛද්‍යවරු විසින් අද නිපදවා ඇති වැක්සිනය  පිළිබද දරුණු ලෙස ප්‍රශ්න කිරීමයි, මේම වාර්තා වැඩසටහන කොරෝනා වයිරසය ගැන පමණක් සිදුකරන්නක් නොවන අතර විනාඩි 53 පමණ කාලය ගතවන මෙනි වැක්සිනය පිලිබදව දැනගැනීමට උවමනා අය විනාඩි 18 පසු නැරබිය හැකිය.

මේ වැඩසටහන ගැන මුලසිට බලන කෙනෙකු සිටිනවානම් අදාළ පුද්ගලයාට පසුගිය දශකය තුල සිදුවුණ දේ ගැන තේරුම් ගත හැකි වනු ඇත, දිනපතා අප විසින් පරිහරණය කරන ජනමාද්‍ය කරන මහා වංචාව යම් පමණකට හෝ තේරුම් ගත හැකි වනු ඇත.

මුල සිට නරබන කෙනෙකුට වැටහෙන මුලික කාරනා කීපයක් පවතී එනම් මේ වනවිට ලෝකයේ මුළු ජනගහනය බිලියන 9ට ආසන්න වෙමින් පවතී ඉදිරි දශකයකට අඩු කාලයකදී විශාල ලෙස ලෝක ජනගහනය පාලනය නොකලොත් වැඩිවැඩියෙන් පරිසර දුෂනයත් පෘතුවි ගෝලය උණුසුම් වීමත් නිසා පෘතුවියේ අයිස් දියවී බොහෝ රටවල් ජලයට බිලිවිමෙන් ජනගහනයෙන් විශාල පිරිසක් මියයාම නතරකල නොහැකි විශාල විනාශයක් වනු ඇත.

මේ අතරම ලොව මහා ධනවතුන් විසින් ශ්‍රමය උවමනා නොවන කෘතීම බුද්ධිය සහ රොබෝ තාක්ෂනය යොදා කරන නිමවුම් නිසා මිනිස් ශ්‍රමයෙන් වැඩක් නොවන හෝ අවම මිනිස් ශ්‍රමයක් උවමනා ලෝකයකට යමින් පවතී. මෙහිදී රැකියා නැතිවන ජනතාවට මුලික වැටුපක් ලබාදෙන වැඩසටහනක් යෝජනා වන අතර ජනගහනය අවම කිරීම උවමනා වන්නේ මේ ක්‍රියාවලියේ දී සිදුවන කැරලි පාලනය කිරීමට පවතින රජයන් ට ඇතිවන අභියෝගයයි, මෙම වැඩසටහනේ පෙන්වන්නේ සමහර පොලිස් දෙපප්ර්තමේන්තු පවා ජනතාවගේ පැත්ත ගන්නා ආකාරයයි, ඔබ මේ වනතුරු ජනමාධ්‍ය මගින් මේ සිදුවීම් නොදකින්න ඇති, මිට හේතුව සමාජ 
මාධ්ය තුල වන වාරණයයි.

ඔබ youtube ජාලය තුල වැක්සිනයට විරුද්ද කරුණු දක්වන එකම දොස්තර වරයකු නොසිටියත් ලොවපුරා ප්‍රවීන වෛද්‍යවරු මේ ක්‍රියාවලියට විරුද්දව අදහස් දක්වන ආකාරය මුල් වරට ඔබට දැකියහැකි වනු ඇති.

ශ්‍රී ලංකාව තුල වැක්සිනය දැන් ලබාදෙන අතර දැන්මම බරපතල  සංකුලතා ගැන "රසායන වෘත්තීයවේදී සංගමය සඳහන් කරන්නේ " මේගැන හීන් කෙදිරියකුයි.   

Tuesday, January 5, 2021

ශ්‍රී ලංකාව සහ කොරෝනා 2



දැන් අපි බලමු ශ්‍රී ලංකාව සහ ලෝකය සංසන්දනය කරමින්.


ශ්‍රී ලංකාවේ ජනගහනයට සමාන ජනගහනයක් සිටින රටක් තමයි ඔස්ට්‍රේලියාව නමුත් එම රටේ විශාලත්වය ගැන බලපුවහම ජනගහනය ශ්‍රී ලංකාවට වඩා වියප්තවයි පවතින්නේ නමුත් මෙවෙනවිට ඕස්ට්‍රේලියානුවන් 28533 ආසාදිතයන් සිටින අතර මරණ 909 වාර්තා වනවා අපි ශ්‍රී ලංකාව ගැන බලපුවහම වාර්තා වන ආසාදිතයන් ගණන 45000 වන අතර මරණ ගණන වන්නේ 217 පමණයි.


මගේ පුද්ගලික අදහසේ හැටියට ශ්‍රී ලංකාවේ ආසාදිතයන් මිට වඩා බෙහෙවින් වැඩියි නමුත් අපට බොරු කරන්න බැරි එක දෙයක් තියනවා ඒ තමයි මරණ ගණන, මෙපමණ අඩු මරණ ගණනකට හේතුව කල්පනාවෙන් බැලුවොත් අපට පහසුවෙන් වැටහෙන කාරණයක් තමයි රෝහල් ගතකල සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන්නේ දේශීය සිංහල හෝ ආයුර්වේද ප්‍රතිකාර බව, වෙනසකට තියන්නේ එය සිදුවෙන්නේ ඉතා අවමවයි, යම් විදියකින් සිංහල ආයුර්වේද ප්‍රතිකාර ලබාදුන්නානම් මේ බොහෝදෙනා ඉතා ඉක්මනින් සුවවන අතර මරණ ගණන මීටත් අවම විය හැකිව තිබුන.


දැන් අපි බලමු කල හැකිව තියන විසදුම් මොනවද කියල, රජයට අවංක උවමනාවක් තියනවනම් කරන්න ඕනේ ආයුර්වේදය ඇතුළු සිංහල වෙදමහතුන් ප්‍රමාණයක් තෝරාගෙන ඔවුන්ට ලෙඩුන් 20 ක් පමණ සාම්පලයක් මුලින් ලබාදීලා සාර්ථක වෙනවනම් ක්‍රමයෙන් කොවිඩ් ආසාදිත ලෙඩුන් ප්‍රමාණය වැඩිකර ප්‍රතිකාර කිරීමට ලබාදීමයි මෙහිදී ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන්නන් සදහා මිට අවස්තාව ලබාදෙන්න පුළුවන්.


අද කියන විදියට දින 3ක් වැනි කෙටි කලකදී ප්‍රතිඵල පෙන්වන වෙදමහතුන් සිටිනවානම් ඔවුන් කරන්නේ ඇත්තක්ද ? නැත්නම් බොරුවක්ද ? කියන දේ පහසුවෙන් පෙන්වන්න පුළුවන්, එහෙම නොකර රජය මේ කරන්නේ කුමක්ද ?


අද මේ සිදුවන්නේ රජයේ ඉහලම තැන්වල සිටින අය කෝටිගණන් අල්ලස් ගනිමින් කරන මහා රැවටිමකුයි, ටිකක් හිතන්න බිලියන ගණන් ආදායම් ලබන මෙම ඔසු වෙළද සමාගම් රටේ දේශීය වෙදකමෙන් මෙයට ප්‍රතිකාරයක් ලබාදීමට අවස්තාව ලබා දෙයිද ? යම් විදියකින් මිනිසුන් දැනගත්තොත් දේශීය වෙදකමෙන් මිට ප්‍රතිකාර තියනවා කියල ඉදිරි අනාගතයේ බටහිර ඔසු පිළිබද විශ්වාසය පලුදු උනොත් මේ සමාගම් වලට සිදුවන හානිය ගැන ඔබට සිතාගන්න පුලුවන්ද ? මෙය ශ්‍රී ලංකාවට පමණක් සිමා වෙයිද ? 



මේ නිසා බටහිර ප්‍රතිකාර වලින් තොර කිසිම විසදුමක් ප්‍රසිද්ධියේ ලබාදීම කිසි විටක මේ විශාල සමාගම් ඉඩ නොදෙනු ඇති.


දැන් බලමු ධම්මික පැනියට උනේ මොකද්ද කියල ?


ධම්මික පැණිය ප්‍රචලිත වීමට පෙර අබේවර්ධන හෙට්ටිඅර්රච්චි වෙදමහතා 




අමිල සංජිව වෙදමහතා (මෙතුමා විසින් හමුදාවටත් පොලිසියටත් රජයේ විවිද ආයතන වලටත් කොවිඩ් ප්‍රතිකාර ලබාදුන් අතර ඉතා සාර්ථක ප්‍රථිපල පෙන්වුවත් ) අද වෙනවිට ඔහුට කිසිම අවස්තාවක් ලබා නොදෙනවා පමණක් නෙමෙයි ඔහුගේ වීඩියෝ පවා වාරණය වන තත්වයක් පවතී.



මේ වේදමහතුන්ට අමතරව තව කීපදෙනෙක් පැමිණියත් සිදුවුයේ දෙරණ නාලිකාවේ පුර්ණ අනුග්ග්‍රහය මත දම්මික නමැති මහතෙකු පැමිණීමයි මෙහි විසේසත්වය නම් ඔහු බටහිර හෝ දේශීය වේදමහතකු නොවීමත් ඔහුගේ ප්‍රතිකාර පිලිබදව බටහිර දොස්තර වරුන් මුලින් සායනික පරීක්ෂණයක් කිරීමත් එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්වූ පසු විශාල සාම්පලයක් සමග පරීක්ෂණ කිරීමට ජාතික රෝහලේ සිදුකරන බව කිව්වත් ඊට සිදුවුනේ කුමක්දැයි මේ දක්වා මහජනතාව වන අප නොදනිමු, සිදුවිය යුත්තේ ඔහුගේ පුද්ගලික තොරතුරු සෙවීම නොව ඔහුගේ පැණිය ගැන විද්‍යාත්මක විමර්ශනයක් සිදුකිරීමයි, අයුර්වෙදයත් රජයේ සමහර අංශත් ඔහුගේ ඔසුව පිළිබද සාර්ථක බාවය ගැන එක තැනක කියන අතර රජය රුජු ක්‍රියාමාර්ග ගන්නා බව නොපෙනිමෙන් මෙහි ඇති කුමන්ත්රණ කාරී බව ඔබ ට පහසුවෙන් තේරුම් යනු ඇත.


දෙරණ නාලිකාවේ අයිතිකරු වන දිලිත් ජයවීර මෙහිදී කර ඇත්තේ ජෝර්ජ් ස්ටුවර්ට් නමැති තම සමාගමෙන් දිගින් දිගටම කොවිඩ් ප්‍රක්ෂණ PCR කට්ටල ගෙන්වන ගමන් දම්මික වෙදමහතා පාවිච්චි කර අයුර්වෙදයටත් සිංහල වෙදකමත් පහත දමමින් කල දුටු කල වල ඉහ ගැනීමයි. මා සිතන විදියට දම්මික වෙදමහතා විසින් කාලි මෑණියන් දුන්නා යයි කියන මේ පැණිය බොහෝවිට දේශීය පුස්කොල පොත්වල තිබුන දැනුමක් වියහැකි අතර එමහින් සාර්ථකව සුවකිරීමේ හැකියාවත් පවතින්න ඇති, දෙරණ ඔහුව ගන්න අත්තේ වෙන දෙයක් නිසා නෙමෙයි ඔහුව පුම්බා දේශීය වෙදකමට පහර ගැසීමටයි, අවාසනාවට ඔහු ඉදිරිපත් කල පැණිය සාර්ථක වූ අතර අද, දිනෙන් දින කල් මරමින් ජනතාව අතට මේ පැණිය ලැබීම පමා කරමින් පවතිනවා, මෙලහකට මේ පැණිය අසර්ථක නම් මාද්‍ය මගින් දේශීය වෙදකමටත් අයුර්වෙදයටත් පහර ගැසීම ආරම්භ කරනු ඇති. එසේ නොවෙන්නේ මේ දේශීය ප්‍රතිකාර වල සාර්ථක බව නිසයි (සුළු දෙයටත් ප්‍රතිකාර ගැනීමට සිංගප්පුරු යන දේසපාලුවන් මේ බෙහෙත රසකර බිමේ රහස මෙහි සාර්ථක භාවයයි ) මා දකින විදියට දේශීය ප්‍රතිකාර සාර්ථක බව මේ වන විටත් මේ දේසපාලුවන් හොදින්ම දන්නා කරුණක්, මෙනිසයි මොවුන් මුක ආවරණ වත් නැතිව ජනතාව ඉදිරියේ හැසිරෙන්නේ.


ජනතාව මේගැන දැනුවත් වී රජයට බලපෑම් නොකලොත් ඉදිරි කාලයේ ආර්ථිකය විනාශ වූ රටක කාලකන්නි ඉරණමකට මුළු රටම ගොදුරුවීම වැඩි ඈතක නෑ.        

    


Monday, January 4, 2021

ශ්‍රී ලංකාව සහ කොරෝනා


ශ්‍රී ලංකාවට කොරෝනාව නිසා ඇතිවූ බලපෑමට වසරට ආසන්න වෙමින් තිබේ, ඒ කියන්නේ අප මේ සමරමින් තිබෙන්නේ ප්‍රථම කොරෝනා සංවත්සරයයි.


මම සිතනවා මේ ජාත්‍යන්තර ප්‍රශ්නයට අපි පිළිතුරු සොයපු ආකාරය සහ සිදුවන ක්‍රියාවලිය තේරුම් ගැනීම ඉතා වැදගත් කියල.


කොරෝනා කියන්නේ වයිරස් රෝගයක් දැනට මාස කීපයකට කලින් බටහිර විද්‍යාඥයන් පැවසුවේ වැක්සිනයක් සෙවීමට වසර 10 ක් පමණ ගතවන බවයි ඔබ සැම දන්නා HIV වයිරසය ලෝකයට පැමිණිලා වසර 50 ට ආසන්න වෙද්දී ඊට වැක්සිනයක් හොයාගන්න බැරිවුණ බව ඔබ දන්නා කරුණක් නමුත් පුදුමයකට වගේ වසරකට අඩු කාලයකදී කොරෝනාවට වැක්සින කීපයක් ලෝකයේ සොයාගත් බව කියනවා, මෙය සිදුවිය හැකිද ?


කල්පනාවෙන් බැලුවොත් මේ වැක්සින නිර්මාණකරුවන් කරන්නේ කුමක්ද ? කියල ඔවුන් වත් නොදන්නා බවට අපුරු තොරතුරු වාර්තා උනා 


 මිට ඕස්ට්‍රේලියාවේ නිපදවූ වැක්සිනයට වූ දෙය කදිම උදාහරණයක් 


 




ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්තයේ නිපදවූ මේ වැක්සිනයට ඔවුන් පාවිච්චි කරනවා HIV වයිරසයෙන් ලබාගත් ප්‍රෝටිනයක්, ඇත්තටම මොවුන් කරන්නේ කුමක්දැයි ඔවුන්වත් නොදන්නා බවට වූ කදිම උදාහරණයක් වෙන්නේ මෙය ලබාගත් සියලු දෙනාම පසුව පරික්ෂා කිරීමේදී HIV ආසාදිතයන් ලෙස pcr මගින් හදුනාගැනීමයි, මෙහිදී මේ  විද්‍යාඥයන් පැවසුවේ මෙය (false positive) වැරදි හදුනාගැනීමක් සිදුවී ඇති බවයි. මගේ ප්‍රශ්නය ඔවුන් දැනසිටියා නම් මෙවැනි දෙයක් වෙනබව ඔවුන් කිසිවිටකත් මිට HIV ප්‍රෝටිනයක් ලබා ගනීද යන්නයි ?


මිට අමතරව Pfizer ආයතනය කියන්නේ තම වැක්සිනය මහින් එය ලබාගත් මිනිසුන් මාර්ගයෙන් වයිරසය බෝ නොවන බවට සහතික විය නොහැකි බවයි. 

https://www.dailymail.co.uk/health/article-9018547/Pfizer-CEO-not-certain-covid-shot-prevents-transmission.html?fbclid=IwAR3uYfaK8C_DB5xkyF1AdAY6kE45RNKJlUaBRLH6bRXsAHD2mOnOsuTH1cA

 


කල්පනාවෙන් බලන විට 



වැක්සිනය ලබාගත් මිනිසුන් දවස් ගණනකින් සහ පැය ගණනකින් මියයන බව වාර්තා වෙනවා නමුත් මේවා ජනමාද්‍ය වලින් නොපෙන්වන තරම්.


දැන් බලමු දේශීය වෙදකමට මොකද උනේ කියල.


ශ්‍රී ලංකාව තුල පවතින දේශීය වෙදකම තුලින් පහසුවෙන් මේ රෝගය මර්දනය කල හැකිබව කිව්වේ එක වෙදමහතකු දෙදෙනෙකු නෙමෙයි ඉට 100ට අදික පුද්ගලයන් (ඇත්ත ප්‍රතිකාර ඇති මිනිසුන් වගේම සොරුන් ) සහබාගි උනා, වගකිවයුතු රජයක් කලයුතු වෙන්නේ කුමක්ද ?


රජයට ඉතා පහසුවෙන් කොවිඩ් ආසාධිත රෝගීන් ( අදාළ රෝගීන්ගේ කැමැත්තෙන් ) විශාල ප්‍රමාණයක් සිංහල වෙදමහතුන් ට ලබාදීලා පරීක්ෂණ කිරීමට තිබුන නමුත් මෙතක් නිවැරදි ක්‍රමවේදයකට මෙය සිදුවන බවක් පෙන්නේ නෑ ඊට හේතුව කුමක් වියහැකිද ?


සිදුවන දේ තේරුම් ගැනීම එච්චර අපහසු නෑ රටේ ඉහලම පාලකයා සිට සෞඛ්‍යය අමාත්‍ය වරිය දක්වා සියලු දෙනා ඩොලර් කුට්ටි වලින් සහ තර්ජන වලින් නිර්වින්දනය කරලා ඉවරයි.


හොදම උදාහරණය Pfizer කියන කොම්පෙනිය නීති විරෝදී දේවල් සිදුකරලා වරදකරුවන් වෙලා ඉන්නේ අද ඊයේ නෙමෙයි 

https://abcnews.go.com/Business/pfizer-fined-23-billion-illegal-marketing-off-label/story?id=8477617 

මේ ඩොරර් බිලියන $2.3  වන්දි ගෙවපු අවස්තාවක්.


ඔබ දැනගත යුතු වැදගත්ම දේ වෙන්නේ මේ වැක්සිනයෙන් හානි වන කිසිවෙකුට මේ Pfizer  කොම්පෙනියට විරුද්දව නඩු කියන්න බැරි බවයි 




ඉදිරියට දේශීය බෙහෙත් මේ වයිරසයට විසදුම වන්නේ කෙසේද ? සහ රජය ඊට ඉඩ නොදන්නේ ඇයි කියලත් විස්තර කරන්නම්.