Thursday, April 14, 2022

රුපියල් 5000 නෝට්ටු තිතියානුකුල නොවන ලෙස මුද්‍රණය කිරීම නිසා සිදුවූ හානිය අවම කිරීම.

 

රුපියල් 5000 නෝට්ටු තිතියානුකුල නොවන ලෙස මුද්‍රණය කිරීම නිසා සිදුවූ හානිය අවම කිරීම.


මේ රුපියල් 5000 නෝට්ටු හොරට මුද්‍රණය පටන්ගෙන දැනට වසර ගණනාවක් වෙනවා.

මේ අවස්ථාවේ ගතයුතු වැදගත්ම තීරණය මෙතෙක් යෝජනා නොකිරීම පුදුමයට කරුණක්.


දැන් කලයුත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5000 නෝට්ටු අහෝසි කර නව මුදල් නෝට්ටු භාවිතයට එකතු කිරීමයි.

මෙහිදී කෙටි සහන කාලයකදී ජනතාව සතු නිතියානුකුල මුදල් මාරු කිරීමට අවස්තාව දෙන්න පුළුවන්.


මෙමගින් හොරට කෝටිගණන් අච්චු ගසන ලද මුදල් බැංකු වලට අද්දවාගෙන මේ හානිය අවම කර ගත හැකි වනු ඇති.

1 comment:

  1. අනිවාර්යයෙන්ම ලංකා සිතුවිලි මමත් මේ යෝජනාව සමග 100% ක් එකඟ වෙනවා, ඒ වගේම තමයි මේකට එරෙහිව අපි දැඩි ලෙස අරගලයක් කළ යුතුයි මොකද මීට සියවසකටත් එපිට ලෙව්ෆ් කමනෙෆ්ව්ලාගේ සිට ව්ලාදිමීර් ඉල්යීස්ච් උල්යනෝව්ෆ් දක්වා වූ අරගලකාරී නායකත්වය සඳහා මර්දනකාරී ට්සාර් වැඩවසම් සමාජ ක්‍රමයට ජනතාව පෙළගැස්වීම පිණිස මක්සිම් ගෝර්කි ස්වකීය අතිවිශිෂ්ට සාහිත්‍ය තුළින් රුසියානු විප්ලවයට ජීවය දුන් අයුරින් ලේඛන කලාව හරහා ඔබටත් උපරිම සහය දෙන්න පුළුවන් නම් හොඳයි.

    එදා චිලී දේශය බිලිගත් ඇමරිකානු රූකඩයක් වූ ඒකාධිපති මිනීමරු ඕගස්තෝ පිනෝස්චේ එළවීම සඳහා වූ දැවැන්ත ජන අරගලය ඉදිරියේ බික්තෝර් යාරා (Victor Hara) ගීත ගයමින් චිලියේ ජනතා සටන මුවහත් කළේ ජීවිතේ පවා බිහිසුණු වධක අලුගෝසුවන්ට පුජා කරමින්...

    සමස්ත ලතින් ඇමරිකන් අරගලකාරී සමාජ ක්‍රියාකාරීන්ට අවශ්‍ය නිර්මාණාත්මක උත්තේජනයක් ලබාදීම සඳහා පැබ්ලෝ නෙරූදා කවියෙන් ජනතා සටනට ශක්තිය දුන්නා.

    අද ගතින් වියපත් නමුත් සිතින් තවමත් තරුණ තරුණියන් හා එක්ව අරගල කරන නන්දා මාලිනිය අසූව දශකයේ ඇමරිකානු රූකඩයක් වූ යැංකි ඩිකීගේ දැඩි මර්දනකාරී බිහිසුණු පාලනයට එරෙහිව ජීවිතේ දැඩි අවදානමක දමාගෙන පවන ප්‍රසංගය ආරම්භ කරමින් ගීතයෙන් පීඩිතයන් අවදි කළ අයුරින් නැවතත් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙමින් අලුත් ඩිජිටල් පරපුරේ තරුණ තරුණියන් යලිත් වරක් අවදි කරමින් දැනටමත් ලංකාවට විශාල විනාශයක් සිදු කර ඇති ඇමරිකානු රූකඩ විනාශකාරී පවුල් පාලනයක් බිඳ දැමීමට ජන සටන අවදි කරමින් සිටින අතරම සුනිල් ආරියරත්නයන්ගේ සිට සන්නස්ගල දක්වා සියලු සටන්කාමීන් මේ වනවිට ලංකාවේ අරගලයට නායකත්වය ලබා දෙමින් විශිෂ්ට සේවයක නිරතව සිටින බව පේනවා. මේ අරගලයේ නායකත්වය සන්නස්ගලයන් විසින් අත්පත් කරගත් ආකාරය ඉතාම සිත්ගන්නා සුලුයි, එය ඉතාම සාධනීය ආක්‍රමණයක්.

    සැබැවින්ම 2015 එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ අපරිණත සන්නස්ගලයන් අද ඊට වඩා බෙහෙවින් පරිණත තැනකට පැමිණ ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය සමග නවීන සමාජවාදී සමාජ භාවිතාවන් මැනවින් සහ තදින් වැළඳගෙන තිබෙන බව බොහෝ දෙනෙක්ගේ විශ්වාසයයි. නිර්මාල් රංජිත්ට ඕන වුණත් කරගන්නට බැරි වුණු දෙය සන්නස්ගල විසින් කර තිබේ. සමාජ අධ්‍යාපන කාර්යයේ ඔවුන් දෙදෙනාම අසාර්ථක වුවත් සන්නස්ගල විසින් එම අසාර්ථකත්වය සිය සාර්ථකත්වයට පෙරළාගෙන තිබේ. එය සැබෑ ව්‍යවසායකයෙකුගේ ලක්ෂණයකි. ධන බලය සහ පිරිස් බලය සහිත අලුත් දේශපාලන බලවේගයක් ඔහු විසින් නිර්මාණය කර තිබේ. සන්නස්ගලයන්ට ආවේණික “බ්ලැක් ෂීප්” පෞරුෂය මේ අරගලකරුවන්ට කදිමට ගැලපේ. ඔහුගේ පැසිව් සිංහල බෞද්ධ විරෝධයත්, රොමෑන්ටික ෆැන්ටසියත්, ගංජා ආදී නවීන මද්‍ය සංස්කෘතියත්, අයි ඩෝන්ට් ගිව් අ ෆක් ටයිප් එකේ ලයිෆ් ස්ටයිල් එකත් අරගලකරුවන්ට මනාව ගැලපේ. සැබැවින්ම මේ අරගලයේ නායකත්වයට සන්නස්ගලයන් නිතරගයෙන් තේරීම අතිශය ස්වභාවිකයි. ජවිපෙ අරගලය හරහා තව දුරටත් පෙරට යන ගමන ප්‍රවර්ධනය වීම සහ සජබ දැන් සද්දේ වහලා ඉන්නේත් ඒ නිසයි. ජවිපෙ විසින් දියත් කළ රැල්ල මතට දැන් සන්නස්ගලයන් ඉතා දක්ෂ ලෙස පැමිණ ඉතා මැනවින් සහ තදින් නායකත්වය සපයමින් තිබේ. මැතිවරණ දේශපාලනයේ මෙයින් වැඩිපුරම හානි වෙන්නේ යල්පැනගිය එජාප සහ සජබ ඡන්ද ගොඩට බව අමුතුවෙන් කිව යුතු නැත. ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ වටා රොදබැඳ සිටින විශ්වවිද්‍යාල තරුණයන්ට දැන් අලුත් ඔප්ෂන් එකක් ලැබී තිබේ. එය පරණ ඒවාට වඩා "ෆන් තමයි" ආකාරයේ සුන්දර එකක්, ඒ නිසාම සන්නස්ගලයන් යනු ඊළඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අයෙක්. මහමැතිවරණය කවදා තිබ්බත් ඊළඟ පාර්ලිමේන්තුව තුළට සන්නස්ගලයන්ගේ මේ දේශපාලන අන්ඩර් ඩෝග් බලවේගය පැමිණීම වැළැක්විය නොහැකියි. දැන් කිරීමට ඉතිරිව ඇත්තේ මේ වස්සානේ සිහිනය දියාරු වන්නට පෙර නිශ්චිත දේශපාලන වැඩපිළිවෙලකට එය පරිවර්තනය කිරීමයි. අප හිතමිතුරු සන්නස්ගලයන්ට එය කිරීමට හැකි වේවා යැයි මම ඉතාමත් දැඩි ඕනෑකමකින් ප්‍රර්ථනා කරමි.

    අරගලයට නිශ්චිත හැඩතල නැතත් තම තමාගේ හැකියාවන් සහ තම ශක්තියෙන් ඊට දායක විය යුතුය. එවිට ගංගා සියල්ලම වෙන වෙනම ගලාවිත් මහසයුරට එක් වෙන්නා සේ, තම හැකියාවන් සහ ශක්තිය මතින් පැමිණ මේ මහා ජන සයුරට එක්ව අරගලය ජය ගනු ඇත. අරගලයට ජය වේවා!

    ReplyDelete