Wednesday, December 2, 2015

නියම ඇනෝ කෙනෙක් වෙන්නේ කෙසේද ? how to protect your anonymity online





මේ මාතෘකාව කතා කලයුතු යයි සිතුනේ, මේ බ්ලොග් අඩවියේ සටහන් වුන පහත කොමෙන්ටුව නිසයි.

//සාරිකා විචාරනීDecember 1, 2015 at 11:19 PM
අවදානම දැක දැකත් ඔබලියන මේ වටිනා පෝස්ටු එකත් කරන ඔබට ස්තුති කරන්නේ කෙලස දැයි මටසිතාගන්නට නොහැකියි//

ඇත්තම කිව්වොත් ඉහත ප්‍රසංසාව ලබාගැනීමට සුදුසු යයි මම නොසිතමි. මිට හේතුව කිසිදු අවදානමකින් තොරව මෙය ලිවීමට ක්‍රමයක් මා භාවිතා කරන බැවිනුයි.

මේ විෂය පිළිබද විද්වතුන්ට තම අදහස් ඵල කිරීමට පහසු වීම පිණිස ගත යුතු තාක්ෂණික උපාය මම පැහැදිලි කරන්නම්. ඊට හේතුව බොහෝ  දෙනා
දෙසපල්න්යයන්ට බය වුනත් ඔවුන්ට ඇමරිකාවේ blogspot  සේවාව සපයන ආයතන වලින් අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය සොයාගත නොහැකියි.

නමුත් ඔබ මෙවැනි බහුජාතික සමාගම් පිළිබද අදහස් ඵල කිරීමේදී ගතහැකි සියලුම ආරක්ෂණ ක්‍රම පිළිබද අවදානය යොමුකරන්න. බටහිර ලෝකයේ නිදහස පිළිබද කතාකලත් ඔවුන් ගේ ආධිපතයට අබියෝග වන හැම අවස්ථා වකදීම අදාළ පුද්ගලයන්ගේ සියලුම මානව අයිතිවාසිකම් කඩාදැමීමට පසුබට නොවේ.    

මුලින්ම ඔබ
01. තම අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමට වෙනම google profile එකක් යොදාගන්න, කිසිවිටකත් තමන් අහවල්  profile මගින් අදහස් ඵලකරන බව කිසිවෙකුට නොකියන්න. ඒවගේම වෙන කෙනෙකුගේ වෙබ් අඩවියේ මෙම සම්මාගම් පිලිබදව දැඩිලෙස විරුද්ධවියහැකි යමක් විද්‍යාත්මක කරුණු සහිතව පෙන්වා දෙනවානම්  Tor Browser යොදාගෙන අදාළ පණිවිඩය ලබාදෙන්න.  

02. The Tor Project:-




ඉතිහාසය :- 1990 මැද බාගයේ  United States Naval Research Laboratory (ඇමරිකන් එක්සත් ජනපදයේ නාවික පර්යේෂනාගාරයේ ) ආරම්භ වූ මෙය ඇතිකිරීමේ මුලිකම පරමාර්ථය නම් ආරක්ෂා සහිතව රහස් හුවමාරු කර ගැනීමයි. නමුත් 2004 දී United States Naval Research Laboratory  මෙය මජනතාව වෙත නිදහස් කරන්නේ නොමිලේ බාවිතා කල හැකි ලෙසයි.

මෙය ජනතාවට ඔවුන් කේත සහිතව ලබාදෙනවා මෙය සිදුකරන්නේ අන්තර්ජාලය තුල ආරක්ෂිතව තොරතුරු හුවමාරු කළහැකි මෙවලමක් ලෙසයි.
මෙය ඇමරිකාව කරන්නේ හොද චේතනාවෙන් නෙමෙයි, ලෝකයේ විවිද රටවල සිට ඇමරිකාවට තොරතුරු යැවීමේදී අදාළ රටේ ආරක්ෂක අංශ වලට අසු නොවී ආරක්ෂිතව තමන්ට  තොරතුරු ගැනීමයි උවමනා උනේ.

නමුත් ඔවුන්ට නැවැත්විය නොහැකි දෙය උනේ මෙම තාක්ෂනය Hacker වරුන් අතටත් නීතිවිරෝදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙතත් යාමයි.

නමුත් මෙහි ඇති හොද දෙයනම් තම අනන්‍ය තාවය ආරක්ෂා කරගෙන සිදුවන සිද්ධිය පිළිබද පුරවැසියන් වන අපට අදහස් ඵලකිරීමට හැකිවීමයි.

ඔබ මෙවැනි අදහස් ඉදිරිපත් කරන විට සැම අවස්ථාවේම සබැදි ඉදිරිපත් කිරීමට වගබලාගන්න. වාසනාවට මේ ලියන මට වඩා ජිවිත  අවදානම් වලට මුහුණ දුන් විද්යානයන්, පර්යේෂකයන්, දොස්තරවරුන් ඔනෑ තරම් ලෝකයේ සිටිනවා ඔවුන්ගේ පර්යේෂණ වාර්තා ඔබට අන්තර්ජාලය තුලින් කියවිය හැකියි, මේ  සමහරුන්ගේ ජිවිත නැතිවී ඇති අතර සමහරුන්ගේ වසර ගණනක රැකියාව නැතිවී ඇත, වෙනස මේ වීරවරයන් සහ වරියන් පිළිබද ලෝකයා නොදනිම පමණයි.          



මෙම තක්ෂණය යොදාගන්න අයුරු.

මෙහිදී මුලින්ම https://www.torproject.org/ මගින් බාගත කලහැක.

මෙය පරිගණකයේ ස්ථාපනය කල පසු http://mxtoolbox.com/WhatIsMyIP/ ගොස් බැලුවිට තවදුරටත් ඔබ අදාළ වෙබ් අඩවියට සම්බන්ද වන්නේ ශ්‍රී ලංකාව තුල සිට නෙමෙයි.

මෙහිදී සිදුවන්නේ ඔබ "Start Tor Browser" වෙත ගිය  විට ඔබගේ අන්තර්ජාල සම්බන්ද ආරක්‍ෂිත කරනුයේ  Tor මෘදුකාංගය මගින් ඔබ google.lk වෙත සම්බන්ද කරන්නේ වෙනින් රටක වෙබ් ලිපිනයක් මගිනුයි. යම් විදියකින් blogspot.com මහින් ඔබ කුමන රටකින් පැමිණ ඇත්දැයි සේවුවොත් ඔවුන්ට
ඔබව ලුහුබදවා යාහැක්කේ  Tor  විසින් ඔබට ලබාදුන් IP ADDRESS වෙත පමණයි.

ඔබත්  Tor Browser අතර සම්බන්දය encrypt (කිසිදු තුන්වැනි පාර්ශවයකට බලාගත නොහැකි ලෙස සංස්කරණය වී ඇති නිසා ) ඔබගේ අනන්‍යතාවය
ආරක්ෂාවේ. Julian Assange ත් WikiLeaks සදහා යොදා ගන්නේ මේ ත්ක්ෂනයම තමයි.

දැන් මේ සමාගම් පිළිබද ඔබේ අදහස් වේනම බ්ලොග් අඩවි මගින් තමන්ගේ ආරක්ෂාව සලසාගෙන ලෝකය දැනුවත් කල හැකියි. 

  

2 comments:

  1. මේ වගේ පෝස්ටුවක් පොරොත්තු වුන අයට වැදගත්

    ReplyDelete
  2. ඉතා හොදට විස්තර කරලා තියෙනවා.

    ReplyDelete