Tuesday, December 1, 2015

ශ්‍රී ලංකාව යන්නේ ග්‍රීසිය ගිය පාරේද ?




ඉහත විස්තරය මට ග්‍රීසියට සිදුවූ ප්‍රශ්නය පිළිබද හමුවූ කෙටිම සහ හොදම විග්ග්‍රහයයි.

මුලින්ම 2009 අවසානයේ හටගත් මෙම ප්‍රශ්නය කෙටියෙන් බලමු 2001 දක්වා ග්‍රී සියේ විනිමය උනේ "Drachma" 2001 දී ග්‍රීසිය යුරෝ කලාපයට සම්බන්ද උනා, ඉන්පසු ඔවුන් පාවිච්චි කලේ යුරෝවයි, යුරෝව රටවල් 19  බාවිතා උන නිසා එහි ප්‍රශ්න තිබුන, ග්‍රීසියට අච්චු ගැසිය හැකි මුදල් ප්‍රමාණය පාලනය කලේ යුරෝපිය මධ්‍යම බැංකුවයි, නමුත් ග්‍රීසියේ ෆිස්කල් ප්‍රතිපත්තිය (කොපමණ මුදලක් වියදම් කරනවද යන්න ) පාලනය කලේ ග්‍රීසියේ රජයයි. ප්‍රතිපත්තියක් ලෙස අයවැය පරතරය 3% පමණක් තබාගත යුතුයි යන ප්‍රතිපත්තිය ඔවුන් අනුගමනය කලේ නෑ.

 1990 මැද භාගයේ සිට ග්‍රීසියේ සිටි රජයන් වංචනික ලෙස වාර්තා කලේ අඩු ණය ප්‍රමාණයක් හා අඩු අයවැය පරතරයක්, හැම රජයක් ම පත්වන විට පසුගිය රජය මෙයට වගකිවයුතු බවයි සදහන් වුනේ (ඔබට ශ්‍රී ලංකාව ගැන මතක්වෙනවද ?) නමුත් අලුත් රජයත් එම බොරුවම තමයි කරන්නේ,2009 වසරේ අයවැය පරතරය 13.9% පමණ දළජාතික නිෂ්පාදිතයෙන් වෙන බව සදහන් උනා, මෙයට හේතුව හිටපු රජය තොරතුරු  වසන්කර ඉදිරිපත් කළබවයි කියවුනේ, තව මිට හේතු විවිද ලෙස සදහන් උනා එක හේතුවක් උනේ යුරෝ කලාපයට එක්වීමෙන් පසු වේතන ඉහල ගිය බවයි තව දුරටත් බදු ගෙවීම පැහැර හරින විශාල පිරිසක් සිටින බව (  නැවත ඔබට ශ්‍රී ලංකාව ගැන මතක්වෙනවද ? ) අවසානයේදී 2008 ලෝක ආර්ථික අවපාතය පැමිණි විට සංචාරක වියාපරයත් නාවික වෙලදාමත් යන ඔවුන්ගේ   මුලික වෙළද අංශ වල පහත වැටීම සිදුවුනා.

2001 යුරෝ කලාපයට එකතු වූ ග්‍රීසියට පහසුවෙන් අඩු පොලියට  ණය ගැනීමට හැකි උනා, දිගින් දිගටම සිමාරහිතව ණය ලබාගැනීමෙන්  2009 දී ඇතිවූ තත්වය නිසා ආයෝජකයන් බියට පත්වුනා, මේ නිසා සිදුඋනේ ණය පොලිය ඉහල යාමයි, ග්‍රීසියට ඉහල පොලියක් යටතේ උනත් ණය ගැනීමටයි සිදුඋනේ, මේ නිසා තිබුන නරක තත්වය 2010 දී ඉතා නරක අතට පත්වුනා, අවසානයේ යුරෝපා කොමිසම ඩොලර් බිලියන110  ණය ආදාර ලබාදුන්නා තවදුරටත් යුරෝපා මද්යම බැංකුව ග්‍රීක බැදුම්කර මිලදී ගැනීමට ඉදිරිපත් වුනා පමණක් නෙමෙයි අවශ්‍ය ප්‍රාග්ධනය ලබාදීමට උපකාර කලා.

මෙහි ප්‍රශ්නය මෙය ණයක් පමණක් වීමත් ප්‍රදානයක් නොවීමත්, මේ කාලයේ මෙවනිම ප්‍රශ්නයක් පෘතුගාලයේත් ඇති වුනා, තවදුරත් ග්‍රීසියේ ණය වැඩි හරිය  මුලික ලෙස ජර්මන් සහ ප්‍රංශ බැංකු වලට සිදුකර තිබුන නිසා ණය පොලිය සහ වාරික ගෙවීමට රටේ මුල්‍යය අංශය විදිමත් කරන ලෙස ණයදෙන යුරෝපා කොමිසම උපදෙස් දුන්න, මෙනිසා ග්‍රීසිය බදු වැඩිකළ අතර අර්ථසාදක ලබාදීම කපාහැරීමට යෝජනා උනා මෙය අයවැය  පරතරය අඩුකරගැනීමට උදව් උනත් මිනිසුන් අතර පැවති මුදල් අඩුවුනා, මෙනිසා වියාපාර බංකොලොත් වූ අතර රැකියා හිගය උග්‍ර උනා.

මෙහිදී ආර්ථිකය හැකිලීමට ලක්වූ විට බදු ආදායම පහල ගියා, මෙනිසා නැවත නරක තත්වයක් ඇති උනා 2012 දී, නැවත ඩොලර් බිලියන130 ණය  ලබාදිය යුතු වුනා, කෙසේවෙතත් යම් ප්‍රගතියක් තිබුනත් රැකියා විරහිත බාවය තිබුන, ජනතාවගෙන් 1/5 ට උවමානා ආහාර ලබාගැනීම දුෂ්කර වූ අතර  මෙහිදී නව රජයක් පත්වුණ අතර තවදුරටත් මුල්‍ය ප්‍රතිපත්තිය ඉවසිය නොහැකි බව කියවුනා, මෙනිසා ණය ලබාදීම යුරෝපා කොමිසම නතර කල අතර රටේ ජනමත විමසුමකට යොමුවුණේ තවදුරටත් මූල්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරනවද නැත්නම් නැතිනම් යුරෝපා මද්යම බැංකුව මහින් තවදුරටත් ආධාර  ලබා නොගන්නවාද යන්නයි. මෙහිදී ග්‍රීක වැසියන් තවදුරටත් තමන්ට ණය අනවශ්‍ය බව තීරණය කළා.  සිදුවුනේ බැංකු වල ද්‍රවශීලතාව අඩු වීම  (බැංකුවේ ඇති මුදල් ගනුදෙනු කරුවන්ට ගෙවීමට ප්‍රමාණවත් නොවීමයි  ) ට මුණ දීමට සිදුවීමයි,  මෙහිදී එක පුද්ගලයකු වෙනුවෙන් ලබාදිය හැකි උපරිම මුදල යුරෝ 45 වැනි මුදලක් බවට පත්වුනා.

ATM යන්ත්‍ර වල මුදල් හිග වුන අතර දැන් ග්‍රීසියට මුදල් අච්චු ගසා තමයි විශ්‍රාමිකයන්ට මුදල් ගෙවිය හැකි වෙන්නේ, නමුත් ඔවුන් යුරෝ කලාපයේ නිසා මුදල් අච්චු ගැසීම කල නොහැකි වුන අතර ජර්මනිය කැමති උනේ නෑ මුදල් අච්චු ගසා ග්‍රීසියට යැවීමට.




මෙය ලොවවටා සිදුවන ක්‍රියාවලියක් දැන් බලමු ලංකාවට වෙන දේ

මෙය බුධිමත් ලෙස ඔබ සිතනු ඇතයි  කියල සිතනවා http://www.dailymirror.lk/96905/govt-to-tax-cash-withdrawals
//The national unity government’s maiden Budget has proposed to tax the people who withdraw their own money from the banks while measures are also being taken to confiscate the moneys lying in their accounts unless they operate their accounts from January 1, 2016.

The Budget 2016 proposed to charge 2 percent withdrawal charge for cash withdrawals between Rs.1 million and Rs.10 million and 3 percent for anything above. -  //


මෙයට අනුව මිලියන 1 ත් 10ත් අතර මුදලක් බැංකුවෙන් ගන්නවානම් 2% බැංකුවට ගෙවියතු අතර එනම් මිලියන 1 මුදලක් සදහා (රුපියල්  20000) ගෙවිය යුතුයි. මිලියන 10ට වැඩිනම් 3% බැංකුව තබාගනී, තවද ඔබේ භාවිතයට නොගන්නා ගිණුම් "Dormant Account" වල මුදල් 2016 ජනවාරි 1දා සිට රජයට පවරා ගන්නවා.

මිට අමතරව //The Budget also proposed to bar commercial banks from leasing activities and provide 100 percent government guarantee for deposits in finance companies.//  

වාණිජ බැංකුවලට ලිසිං පහසුකම් ලබාදිය නොහැකි අතර මුල්‍ය සමාගම් වලට 100% ක සහතිකයක් රජය   මෙම  සමාගමේ තැම්පතු කරුවන් ට ලබාදෙනු  ලැබේ.
මෙනිසා සිදුවන්නේ බැංකු වල ඇති මුදල් පුද්ගලයන් විසින් මෙම සමාගම් වල තැන්පත් කිරීමයි.

මෙහිදී බැංකු ක්‍රමය මුළුමනින්ම කඩාවැටීම සිදුවිය හැකි අතර මෙපිලිබද මෙරටේ ජනතාව බුද්ධිමත් ලෙස රජයට බලපෑම් කරනු ඇතයි සිතමි.

දැන් ටිකක් හිතන්න වැඩි පොලිය ලබාදෙන මුල්‍ය සමාගම් වල ආයෝජනය නොකරන්නේ තැම්පතු කරුවන්ට ආරක්ෂාව බැංකු වල මෙන්  ලබා නොදෙන නිසයි නමුත් මුල්‍ය සමාගම් වලට මෙවැනි ආරක්ෂණයක් රජය ලබාදුන් විට සිදුවන්නේ සාමාන්‍ය බැංකු වල ගනුදෙනු කරුවන් මෙම සමාගම් වල ආයෝජනයයි.

අනෙක් අතට බැංකුවල මෙන් නෙමෙයි මුල්‍ය සමාගම් වල නියාමනය ඉතා අවමයි, මෙනිසා සිදුවන්නේ අවදානම් සහගත ගනුදෙනු වල වැඩි වැඩියෙන් මෙම සමාගම් නියැලී පාඩු ලබා බංකොලොත් වුවිට  රජය සහතික වී ඇති නිසා අදාළ පාඩුව රජය විදදරා ගැනීමයි, අවසානයේ මෙය රටේ පුරවැසියන්ට විදදරා ගැනීමට සිදුවනු ඇති.

මා දකින අනතුර නම් රජය කිසිදු පිලිගත හැකි වැඩපිළිවලක් අන්තර්ජාතික වෙළදාම වැඩි දියුණු කිරීමට  ගන්නා බව නොපෙනීමයි
උදාහරණ Pay Pal මුදල් ලංකාවේ වාණිජ බැංකු වලට ගැනීමට වැඩපිළිවලක් නොමැතිවීම. http://lankasithuwili.blogspot.com/2015_09_01_archive.html  

මේ සේ වේගයෙන් විදෙශ සංචිත ඉහල නංවාගැනීමට ඇති අවස්ථා ප්‍රයෝජනයට නොගෙන විවිද පැලැස්තර විසදුම්, නැත්නම් රටේ ආර්ථිකය සමග සුදු කෙලන ආකාරය  නම් අනුමත කල නොහැකියි.   

මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්  http://www.dailymirror.lk/97549/withdrawal-taxada
      

No comments:

Post a Comment