Tuesday, December 1, 2015

මරණයේ බීජ නොහොත් ජානමය දියුණු කරන ලද ආහාර (Genetically modified food) GMO



අද ආහාර නිෂ්පාදනයෙන් අඩකට වැඩිය ඇත්තේ ජානමය ලෙස දියුණු කරන ලද ආහාරයි. අප මෙම ආහාර හැඩයෙන් සහ ප්‍රමාණයෙන් විශාලව ලස්සනට සුපිරි වෙළද සල් වලින් වැඩි මිලක් ගෙවා මිලදී ගන්නෙමු.

අප නොදන්නා දේ නම් මෙම ආහාර කොතරම් හිතකරද එම ආහාර වෙළද පොලට පැමිණීමට පෙර මොන විදියේ පර්යේෂණ වල යොදවා තිබෙනවද යන්නයි.



යුරෝපයේ මෙන් නෙමෙයි ඇමරිකාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මෙසේ ජාන වෙනස් කරන ලද ආහාර පිළිබද ලේබල් කිරීමක් නැති බැවින් අපි දිනපතා මෙම ආහාර ගනිමින් ස්ටින්නෙමු.

මෙයට සහල්, තිරිගු, බෝංචි, අල,  සොයා වැනි බොහෝ ආහාර මෙලෙස ජාන වෙනස්කර නිපදවන ලද ආහාරයි.
මෙය සත්ව මාංශ වලටත් පොදුවන අතර සැමන්  සහ කිරි වලත් මෙය පොදුයි.

අප ආහාරයට ගන්නා ආහාර වලින් 60% ක පමණ ගැනීමෙන් වැළදෙන රෝග අතර  වැඩීමේ දුර්වලතා, අසාත්මිකතා, වද බාවය වැනි ප්‍රශ්න හටගනී.

ලොව 1946 දී කරන ලද පර්යේෂණයකින් සත්ව සහ ශාක වල DNA තව සත්ව කොටසකට හුවමාරු කළහැකි තාක්ෂනය සොයාගන්නලද අතර මෙනිසා ලෙඩරෝග වලට සහ පලිබෝදිත යන්ට ඔරොත්තු දෙන බීජ  නිපදවන ලදී. මෙය ඩොලර් බිලියන 85 ඇමරිකාවේ අලවියෙන් ආදායම් ලබයි .

නමිත් 1998 දී දොස්තර Arpad Pusztai කල නව සොයාගැනීම නම් ඔහු මියන් යොදා කරන ලද පර්යේෂණයේ මීයන් ජාන දියුණු කල ආහාර (අල ) ලබා දුන්  විට මීයන් ගේ බඩවැලේ පිළිකා සයිල ඇතිවන බවයි, ඔහුගේ පර්යේෂණය ප්‍රසිද්ධ වූ විට ඔහුට දැඩි විවේචන වලට මුහුණ දීමට සිදු වුණා.

නමුත් නෙස්ලේ ක්‍රාෆ්ට් වැනි විශාල සමාගම්  GMO ආහාර තම නිෂ්පාදන සදහා යොදාගන්නේ නෑ.

පලිබොධ වලට ඔරොත්තු දෙන ආහාර යනු, කිසියම් පලිබොධ කාරක පණුවකු මෙම බෝග ආහාරයට ගත් විට සිදුවන්නේ එම සත්වයාගේ ආගාර ජීර්ණ පද්දතියට හානි සිදුවී ඔවුන් මියයයි.

මෙය විශාල සත්වයන් වන මිනිසුනට ඒතරම් හානියක් එකවර කල නොහැකි උනත් දීර්ග කාලයක එම හානිය කල හැක

http://www.dailymail.co.uk/sciencetech/article-1320507/Cancer-purely-man-say-scientists-finding-trace-disease-Egyptian-mummies.html

අතීතයේ පිළිකාව සමහර විට තිබෙන්න ඇති නමුත් අද තරම් නොවන්නේ මේ හේතු නිසයි.

1985 දී උරන් කීපයකට මනුෂ්‍ය වැඩීමේ හෝමෝන එන්නත් කරන ලද අතර ප්‍රතිපලය වුනේ විකුර්ති වූ උපත් ඇතිවීමයි.

මෙම GMO ආහාර ලොවපුරා බෙදාහරින්නේ මොන්සන්ටෝ වැනි විශාල සමාගම් වලින් නමුත් ඔබ දැනගත යුත්තේ මෙම සමාගම් වල සිටින සේවකයන්
මෙම ආහාර බාවිතා නොකිරීමයි.



තව විස්තර සහිතව




දැන් ඔබ දැනගත යුත්තේ අප කන පාන් පිටිවලින් කරන ලද සියලුම නිෂ්පාදන GMO  වන අතර දැනට අවුරුදු 20 ට පෙර අප පාසැල් යන අවදියේ කැන්ටිමෙන් ගත් මාළු පාන් සහ අද ඔබේ දරුවා ගන්න මාළු පාන්  අතර ලොකු වෙනස් පවතී.

මේක තමයි බොහෝ දරුවන්ට කුඩා වයසේම දියවැඩියාව වැළදෙන්නේ.

මේ පිළිබද හොදින් හිතන්න තව තොරතුරු සොයන්න.    
 
ඔබට මේ පිළිබද දිර්ගව දැනගැනීමට කැමතිනම් බලන්න


අවසාන වශයෙන් ඔබට යමක් මතක්කර දෙන්න කැමතියි, ඔබ හිතන්න එපා මේ දේවල් දෙසපලන්යන් නොදන්නා දේවල් කියල,  මේක කියවන අය මතක්කරන්න පසුගිය මැතිවරණ සමයේ අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ Monsanto සමාගම කරන මේ ක්‍රියාවලිය ගැන විස්තර කලා. නමුත් ප්‍රයෝගික ලෝකයේ බලයට පත්වූ පසූ මේ පිළිබද වැඩිය අහන්න්න ලැබෙන්නේ නෑ.

එක අතකින් මෙය ඔවුන්ට දොස් කියන්න බෑ  මොකද මේ සමාගම් මේ රටේ ජනාධිපතිට වඩා බලවත්, ඔබ බලන්න මේ පිළිබද මුලික ජනමාධය අනුගමනය කරන අද ගොළු බිහිරි ප්‍රතිපත්තිය. මිට හේතුව මේ සමාගම් සමග හැප්පීමට කිසිවෙක් කැමති නොවීමයි.

කැනඩාවේ මෙම සමාගම බීජ වර්ග හදුන්වා දී කරන මංකොල්ලය ගැන දන්නේ අතලොස්සක් පමණයි, අද ශ්‍රී ලාංකිකයන් නොදන්නවා උනාට අපි මේ බීජ සදහා හිතාගත නොහැකි මිලක් ගෙවනවා.

ඉදිරි ලිපියකින් මේ පිළිබද වැඩි විස්තර ලබාගේන්නම්.         

2 comments:

  1. අවදානම දැක දැකත් ඔබලියන මේ වටිනා පෝස්ටු එකත් කරන ඔබට ස්තුති කරන්නේ කෙලස දැයි මටසිතාගන්නට නොහැකියි

    ReplyDelete
  2. http://lankasithuwili.blogspot.fr/2015/12/how-to-protect-your-anonymity-online.html
    ඔබේ අදහසට පිළිතුර

    ReplyDelete