Thursday, December 24, 2015

ශ්‍රී ලංකාවේ විසද ගතයුතු නියම ප්‍රශ්නය.



ඇත්තටම බොහෝ සොබාවික සම්පත් පවතින ශ්‍රී ලංකා දීපයට දියුණු විය නොහැක්කේ ඇයි ? බොහෝ ප්‍රශ්න තිබුනත් මා හදුනාගෙන ඇති මුලික ප්‍රශ්නය  පහත පරිදි වේ (මට තවම නිසි අවබෝදයක් නොමැත්තේ මෙයට දෙන පිළිතුරු පිලිබදවයි )


අපි අද ශ්‍රී ලංකාව අපනයනය කරන්නේ මොනවාදැයි බලමු ඇගලුම් සදහා මුළු අපනයන ආදායමෙන් 40% කුත්  තේ අපනයන වලින් 17% කුත්  ලැබේ එතකොට 43% පමණයි අනෙක් සියලු අපනයන සදහා අපට ලැබෙන්නේ, සම්පුර්ණයෙන් අපනයන සදහා බදු නිදහස් කර ඇති රටක වියාපරිකයෝ අපනයන සදහා නොපෙලබෙන්නේ ඇයි ?


මිට මුලිකම හේතුව රජය නිල නොවන ලෙස අපනයන විනාශ කරන ප්‍රති පත්තියක් අනුගමනය කිරීමයි. දැන් මෙය සිදුකරන ආකාරය බලමු. හිතන්න ශ්‍රී ලංකාවේ කිසිවකු නිෂ්පාදනය නොකරන ටයර් කර්මාන්ත ශාලාවක් කුඩාවට පටන් ගත්ත කියල, මෙය කුඩාවට කලත් ප්‍රාග්ධනය සොයාගත යුත්තේ ඉතා අපහසුවෙන්, අන්තර්ජාතික තරග කරුවකු මෙය දැනගත් වහාම සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ අදාළ විෂය බාර ඇමතිවරයාට විශාල කප්පම් මුදලක් ගෙවීමයි ලක්ෂ 100 වැනි මුදලක් විශාල සමාගමකට සුළු මුදලක්, මෙය ලබාගත් වහාම ශ්‍රී ලංකික සුළු පරිමාන නිෂ්පදිතයා විනාශ කිරීමට අදාළ ඇමති වරයාට සුලුදෙයක්, ඔහුට කල හැක්කේ විදේශ වලින් අදාළ භාණ්ඩය ආනයනය  සදහා පනවා ඇති බදු මුදල ඉවත් කිරීම හෝ ශ්‍රී ලංකික අපනයන කරුවාට පරිසර සංවිදාන හෝ කුමන හෝ උගුලක් ඇටවිමයි.


    මේ ආකාරයට තමයි ශ්‍රී ලංකික අපනයන කරුවන් පැවති රජයත් පවතින රජයත් විනාශ කරනේ.


ශ්‍රී ලංකාවේ සිටින වියාපාරිකයන් මේ සිදුවීම දකිනවා ඔවුන් මේ අවදානම ගැනීමට සුදානම් නෑ.


දැන් මා ඔබෙන් අසන ප්‍රශ්නය සරලයි දුෂිත ඇමතිවරුන් සහ නිලදාරීන් අල්ලස් ගෙන ඉහත ක්‍රියාවලිය කරනවානම් මොන ආණ්ඩුව ආවත් මෙය කරනවානම් ජනතාව ලෙස අප කලයුත්තේ කුමක්ද ?       


12 comments:

  1. Replies
    1. රසික,

      Yes, one good example is how this http://www.dailynews.lk/?q=2015/12/21/business/sl-could-export-powdered-milk-if-govt-check-dairy-imports-now

      First we have to develop our industry, the only way to do this at first; we have to motivate small and medium size developers by discouraging imports by a way of tax. Once they scale their business, government can take measures to introduce foreign competition to pass benefits to the consumers.
      But certain politicians are involved in the importing import dairy products.
      Another example is container Trailer manufactures face in Sri Lanka, sri lanka offers 30% tax reduction on completed trailer imports but if you imports parts and manufacture trailer body here in Sri Lanka you are liable to pay 30% tax, this is destroying small container trailer manufactures in sri lanka.
      Sri Lankan Businessmen are familiar with this situation so they chose imports rather than exports, even Sri Lankan government did not invest on a single large manufacturing industry, even though they invest heavily on large projects like Maththala Air port.
      One has to think since we have a huge government sector almost doubled in a period of 6 years but fail to establish even one large industry. Why? China do not want to develop Sri Lankan industry, by that they do not want a competitor in the region.
      In this letter http://lankasithuwili.blogspot.com/2015/12/blog-post_18.html I showed to examples comparing http://www.customs.gov.lk/ and http://www.customs.gov.sg/businesses/exporting-goods/quick-guide-for-exporters
      By comparing these two sites you will realize if Sri Lankan Government want to take steps towards increasing foreign exports, you will see a website like in Singapore customs, tell me if you are an exporter what site do you wish to select.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ගිය සතියේ සුළු ව්‍යවසායකයෙක් මට කිව්වා ඔහු දැන් කරන LED බල්බ් එකලස් කරන ව්‍යාපාරය පාඩු පිට කරගෙන යන්නේ. චීනයෙන් ඊට වඩා අඩු මුදලට LED බල්බ් ආනයනය කරලා විකුණන එකෙන් හොඳ ලාභයක් ගන්ට පුළුවන් නිසා ලබන අප්‍රේල් වල චීනයේ කැන්ටන් ෆෙයාර් එකට යනවා සප්ලයර් කෙනෙක් හොයාගන්ට කියලා. චීනයේ ට්‍රේඩ් ෆෙයාර්ස් වලට මිනිස්සු යවන එකත් අද හොඳ ව්‍යාපාරයක් වෙලා. අද ඉන්න ව්‍යාපාරිකයෝ හොයන්නේ සහ ආයෝජනය කරන්නේ ඉක්මනින් සහ වැඩි මහන්සියකින් තොරව ලාභ උපයන ව්‍යාපාර. බැන්කු වලින් ණය දෙන්නේත් ඒවගේ අයට.

    ReplyDelete
    Replies
    1. Kandyan,

      ඇත්තටම චීනයට අපේ වෙළදපොල විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ වෙළදපොළවල් ආක්‍රමණය කලහැක්කේ ඔවුන් සියලුම පාහේ නිෂ්පාදන සිදුකරන නිසයි. ඔවුන් අපරට වැනි රටවල වෙළදපොලට කෙලින්ම තම භාණ්ඩය එව්වහම මෙහෙ සුලුපරිමාන නිෂ්පාදකයන් විනාෂවනවා මොකද විශාල පරිමාණයේ නිෂ්පාදකයන් ලබන වාසිය ඔවුන්ට ලැබිය නොහැකි නිසා.

      මෙතන වැදගත් වන්නේ ආනයන බදු දැලට හසුනොවී මෙම භාණ්ඩ එවන විදියයි, ඔවුන් කරන්නේ ශ්‍රී ලංකික ආනයන කරුවකු ට ලබාදෙනවා රිසිට් පතක් අදාළ භාණ්ඩයේ මිලට හරි අඩක් අඩුවෙන්, මෙසේ කරන්නේ ඉතිරි මුදල අනියම් විදියකින් තම රටට ගෙන්වාගනිමින් මෙහිදී බදු ප්‍රමාණය ඉතා අඩුවන නිසා ඔවුන් පහසුවෙන් ශ්‍රී ලංකික වෙළදපොල අල්ලා ගන්නවා.

      මෙහිදී ශ්‍රී ලංකික පාරිභෝගිකයා කැමතිවනවා ලැබෙන සහනයට නමුත් රටින් විදේශ වලට යන විදේශ විනිමයත් දිර්ගකලයකදී ශ්‍රී ලංකික නිෂ්පාදකයන් නොමැතිවීම නිසා ඇතිවන රිත්තකය නිසා අපට විශාල ලෙස මිල වැඩිකර එවන භාණ්ඩයක් මිලදී ගැනීමට සිදුවීමෙන් රට දිලිදු වන බව බොහෝ දෙනාට වැටහෙන්නේ නෑ.

      මෙතැනදී තමයි රජයට ජනතාව බලකළ යුත්තේ, එහෙම නැතිව පොහොර සහනාධාරය නොලැබුණා වැනි සිල්ලර දේවල් වලට නොවෙයි

      Delete
  4. // මිට මුලිකම හේතුව රජය නිල නොවන ලෙස අපනයන විනාශ කරන ප්‍රති පත්තියක් අනුගමනය කිරීමයි. දැන් මෙය සිදුකරන ආකාරය බලමු //

    මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය විනාස කරන්න උත්සාහ කරන්නේත් ඔය තියරියටම තමා...

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      //මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය විනාස කරන්න උත්සාහ කරන්නේත් ඔය තියරියටම තමා... //

      එකගයි! නමුත් මහින්ද මත්තල ගුවන්තොටුපල ඉදිකිරිම ඇත්තටම මරි මෝඩ වැඩක්, දෙවැනි ගුවන්තොටුපලක් මත්තලට අනවශ්‍ය ආයෝජනයක්, කෙසේවෙතත් කොටිගනනක් ආයෝජනය කර ඉදිකල ගුවන්තොටුපලේ වී ගබඩා කිරීම ජාතියක් ලෙස ලජ්ජා වියයුතුයි, කොටිගනනක් වටිනා උපකරණ විනාශ කිරීම අපරාදයක්.

      හම්බන්තොට වරාය ගැනනම් මට කියන්න ඇත්තේ මෙය මේ ශතවර්ෂයේ කරන ලද හොදම ආයෝජනය කියල, මහින්ද කල විශාලම වරද මෙය සම්පුර්ණ නොකර මත්තල ගුවන් තොටුපල ඉදිකිරීමයි. ලෝක තෙල් ප්‍රවාහනයන් 40% පමණ කෙලින්ම ප්‍රවාහනය කරන්නේ හම්බන්තොට වරාය ඉදිරිපිටින් මෙරටේ බොරතෙන් පිරිපහදුවක් ඇති කලානම් රටේ ආර්ථිකයට ඉතා හොද ආයෝජනයක් වීමට තිබුනා.

      මිට අමතරව සේතු සමුද්‍රම් වැනි වුයප්පෘති මහින් ශ්‍රී ලංකාව ඉන්දියාවට බිල්ලට දීම පමණක් නෙමෙයි හම්බන්තොට වරායෙන් ලැබියහැකි සියලු ලාභය නොලබියමයි සිදුකරන්නේ, රනිලුත් කරන්නේ ඩීල් දාගෙන කරන විගඩමක් සහ මරි මෝඩකම් තමයි.

      රටේ මිනිසුන් තේරුම් ගතයුතු වෙනවා අප මුහුණදී ඇති සැබෑ තත්වය, අද සිදුවන්නේ පක්ෂවලට බෙදිල කරන විගඩමක්.

      Delete
  5. මේව අහන එකත් හරිම වේදනාවක්. නමුත් මේව මෙහෙමවත් කතා කරන්නෙ ඔබ වැනි කීප දෙනක්. ඒව උනත් වැඩි අවධානයට පාත්‍ර වෙන්නෙ නෑ.කනගාටුයි ඒ ගැන.
    රටට ජාතික හැඟීමක් අවශ්‍යයි. නමුත් ජාතික හැඟීම ක් ඇති අය ට අපහාස කරන වටපිටාවක් තමයි පේන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සිව්වෙනි මානය,

      මට මතක්වෙනවා මට නෑයෙක් වූ කාන්තාවක් වී අලවි මණ්ඩලයේ වැඩකලා. මෙහි වැඩකරපු සේවකයෝ දැන සිටියා තම ආයතනයේ ඉහල නිලධාරින් දෙසපාලන්යයන් සමග ආයතනයේ දේපල සොරකම් කරන බව, නමුත් ආණ්ඩුවෙන් පඩිය ගෙවන නිසා කවුරුත් සද්ද කලේ නෑ, කාලය ගතවුණා, මෙම ආයතනය ආරම්භ කිරීමට සහ වැඩි දියුණු කිරීමට මුලික වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සිටින කාලයේම භාණ්ඩාගාරයට අධික බරක් වූ මේ ආයතනය වසාදැමීමට සිදුවුනා. මට මතක්වෙනවා ඇය කියනවා වසා දමන දිනය ආසන්නයේ දී ආයතනය හරියට මල ගෙදරක් වගේ කියල. සමහර වෙලාවට ස්වාමි පුරුෂයත් බාර්යාවත් දෙදෙනා ටම එකම දිනයේ රැකියාව අහිමි වුනා.

      අද ශ්‍රී ලංකාවටත් රටක් ලෙස සිදුවන්නේ මෙයයි.

      Delete
  6. අපි මුලින්ම බලන්න ඕන අපිට කරන්න පුලුවන් නිශ්පාදනයන් මොනවද කියල, ඇත්තටම බදු ගහල මිල වැඩි කරල ඒ භාණ්ඩය ඊට වඩා වැඩි වියදමක් ශ්‍රමයක් යොදවල අපි හදනවනම් එකේ තේරුමක් නැහැ. මට මතකයි ඉස්සර පාරවල් වල කාණු කැපුවේ අතින්, දැන් මැෂින් දාගෙන කපනව. එතකොට මිනිස්සු 10ක් කරන වැඩේ තනි මිනිහෙක් කරනව. ලංකාවෙත් සමහර නිශ්පාදන කරන්න ගිහම ඒ වගේ තමයි. රු 10ට වෙන රටක හදන දෙයක් අපි රු 100ක් වියදම් කරල හදල පිටරට රු 10ට හදන එකට රු 100 බද්දක් ගහනව. මම හිතන්නේ අපේ ශ්‍රමය අපරාදේ කියල. බදු පනවල නිශ්පාදනයක් පවත්වාගෙන යාමට වඩා එලෙස නොකර සිදුකල හැකි නිශ්පාදනයන් පිලිබදව අපි අවධානය යොමු කරන්න ඕන.

    ලංකාවට මොනවගේ දේවල් කිරීමටද විභවයක් තියෙන්නේ
    මම හිතන ක්ෂේත්‍ර කිහිපයක්නම්
    1. පුහුණු ශ්‍රමය විදේශවලට සැපයිම ( දැනට ගෙවල් වල වැඩට ගෘහණියන් යැවීම වෙනුවට , පුහුණු ශ්‍රමිකයින්ගේ ශ්‍රමය විදේශයන්ට ලබා දීම)
    2. විදේශිය අයොජනයන් තුලින් ධීවර කර්මාන්තය දියුණු කිරීම සහ නාවික ක්ෂේත්‍ර යේ ශ්‍රමිකයින් පුහුණු කිරීම
    3. සංචාරක ක්ෂේත්‍රය හා ඒ ආශිිත කර්මාන්ත
    4.

    තව මට හිතෙන දෙයක් තමයි පාසැල් ප්‍රවාහන සේවාවන්, ත්‍රීවිල් සහ වෙනත් කුලිරථ සේවාවන් වල නිරතවෙලා ඉන්න තරුණ ශ්‍රමිකයින් වෙනත් පුහුණු ශ්‍රමිකයින් බවට පරිවර්ථනය කිරීම සදහා අවධානය යොමු කිරීම ( මේ සදහා පොදු ප්‍රවාහන පද්දතිය ශක්තිමත් කල යුතුයි වගේම ප්‍රවාහන අවශ්‍යතාවයන් අවම කිරීමත් කල යුතුයි)

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් මංගල,

      ඔබේ අදහස ඉතා වටිනවා,

      //රු 10ට වෙන රටක හදන දෙයක් අපි රු 100ක් වියදම් කරල හදල පිටරට රු 10ට හදන එකට රු 100 බද්දක් ගහනව//
      ඔව් අනිවාර්යෙන් මෙවැනි ලෝක අපරාද කරන්න අපි හරි දක්ෂයි, මෙවනි දේ නැතිවියයුතුයි.

      //පුහුණු ශ්‍රමය විදේශවලට සැපයිම// මෙය බැලුබැල්මට හොදයි නමුත් ප්‍රදීප් දීර්ග කාලීනව මෙය රටට අහිතකරයි.
      නමුත් "පුහුණු ශ්‍රමය විදේශවලට සැපයිම" ශ්‍රී ලංකාවේ පිහිටවන ආයතන ක්‍රමයක් මගින් රට තුල කර්මාන්ත ඇති කරනවානම් එය වැදගත්.

      මේ පිළිබද අපුරු විග්ග්‍රහයක් https://www.youtube.com/watch?v=TACTDRcc9WU Tilak Dissanayake මහතා පෙන්වාදෙනවා.
      ශ්‍රී ලංකික ජනතාව ගේ බදුමුදල් යොදවා බිහිකරන ඉංජිනේරුවන් රට හැරයාම නිසා රටතුල අදාළ කර්මාන්තය දියුණු කිරීම මගින් දිර්ගකලිනව ලැබෙන
      ආර්ථික දියුණුව රටට අහිමි වන හැටි ඔහු පෙන්වා දෙනවා.

      සිංගප්පුරුව අද සිදුකරන දෙය බලන්න ඔවුන් තම උගත් තරුණ තරුණියන් රටේ තබාගෙන රටේ කර්මාන්ත ආර්ම්භ කරනවා පමණක් නෙමෙයි ලෝකයේ සිටින දක්ෂ තරුණයන්ට එම රටට පැමිණීමට බොහෝ සහන ලබාදෙනවා. ඔවුන් පුහුණු ශ්‍රමිකයන් විදෙශ වලට සපයන්නේ අපුරු ක්‍රමයකටයි. ගන්න ඔවුන්ගේ වරාය පාලනය කරන සමාගම මෙම සමාගම පාලනය කරන්නේ සිංගප්පුරුවේ වරාය පමණක් නෙමෙයි රටවල් කීපයක වරායවල් මොවුන් පාලනය කරනවා දන්නා තරමින් 9 පමණ.

      අනෙක් අතට ශ්‍රී ලංකාවේ අතිදක්ෂ මිනිසුන් ලෝකය පුරා ඉහලම ආයතන වල සේවය කරනවා https://www.facebook.com/ITBPMlk/videos/881929315196976/

      මා දකින විදියට PAYPAL වැනි මුල්‍ය සේවාවක් පටන්ගත්තනම් අපිට ඉතා ඉහල තත්වයක් අත්පත් ක්රගතහැකියි.


      //තව මට හිතෙන දෙයක් තමයි පාසැල් ප්‍රවාහන සේවාවන්, ත්‍රීවිල් සහ වෙනත් කුලිරථ සේවාවන් වල නිරතවෙලා ඉන්න තරුණ ශ්‍රමිකයින් වෙනත් පුහුණු ශ්‍රමිකයින් බවට පරිවර්ථනය කිරීම සදහා අවධානය යොමු කිරීම//

      මෙය ඉතා වැදගත් මේ ගැන තීරණ ගැනීම ප්‍රමාධ කිරීම නිසා අනාගතයේ මේ තරුණයන් ගේ ජිවිත අදුරු වෙයි.

      Delete