Saturday, November 28, 2015

ශ්‍රී ලංකාවට escrow ක්‍රමයක් ඇතිකිරීමේ වැදගත් කම



අද වනවිට රාජ්‍ය සේවය අති  විශාල ලෙස වැඩිකර ඇත. බොහෝ උපාධිදාරීන්ට කිසිදු ඵලදායි වැඩක් නොමැති අතර බොහෝ දෙනා දැඩි මානසික අසහනයෙන් පෙළුනත් රැකියාව අතහැර යාම නොකරයි (එක්තරා රැකියාවකින් අස්වීමට අස්වීමේ ලිපිය ඉදිරිපත් කළ මා මාස 1 පමණ කාලයක් තව පුද්ගලයකු පුහුණු කල අතර අවසාන දිනයේ මා සියල්ල අවසන් කරන ලද අතර ආයතනය වැඩ අවසන් වීමට පැය 2 පමණ ඉතිරිව තිබුණි මෙම කාලය ගෙවීම මට ඉතා අසහනකාරී විය )

නමුත් මේ රාජ්‍ය සේවකයන් සැමදාම මෙවැනි මනසකින් සිටීමට සිදුවෙයි.

මගේ මේ ලිපියේ අරමුණ සිටින රාජ්‍ය සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීම නොව, පවතින ලෝක ආර්ථික තත්වය තුල ඵලදායි ලෙස නව රැකියාවක අනුයුක්ත කිරීමයි.

මුලින්ම රැකියාවක් යනු කුමක්ද ?

රැකියාවක මුලික අර්ථය නම් යම් ආර්ථික හැකියාවක් ඇති කෙනෙකුට ඇති ප්‍රශ්නයක් විසදීම වෙනුවෙන් තව පුද්ගලයකු ලබන ප්‍රතිලාභයයි.     
මෙම ලිපිය අපනයන මුලික කරගන රැකියා ඇතිකිරීම ගැන මුලින් සරලවත් දෙවනුව සන්කිර්න ක්‍රියාවලියත් පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙමි.

අද ශ්‍රී ලංකාවේ හමුදාවත් පොලිසියත් ලක්ෂ 3 පමණ වෙන අතර ඉතිරි රාජ්‍ය සේවකයන් ලක්ෂ 11 පමණ සිටි.

මා මුලින් අරමුණු කරන්නේ ලක්ෂ 11 රාජ්‍ය සේවකයන් පිරිසයි.

  
දැන් අපි මුල් මාතෘකාවට හැරෙමු "escrow ක්‍රමයක්" යනු කුමක්ද ?
හිතන්න ඇමරිකාවේ Sam නමැති පුද්ගලයකුට උවමනාවනවා ශ්‍රී ලංකාවේ නිපදවන ජෑම්  වර්ගයක් මිලදී ගන්න, ඔහු අන්තර්ජාලය ඔස්සේ සොයන විට හමුවෙනවා ජයසේන නමැති ශ්‍රී ලාංකිකයකු ජෑම්  අපනයනය කරන බව.

දැන් Sam ට පහත ප්‍රශ්න පැනනගිනවා.

01. මේ  ජෑම් ප්‍රමිතියෙන් උසස්ද ? (ඔහුගේ රටේ මෙය විකිනීමට iso 9001 වැනි සහතිකයක් ඇද්ද )
02. ජයසේන මහතා විශ්වාසකළ හැකිද? ඔහු මුදල් ගෙන භාණ්ඩ අපනයන නොකර සිටීද ?
03. අදාළ කාල පරිච්චේදයේ භාණ්ඩ ප්‍රමාණය ලබාගත හැකිද ?

වැනි කාරණයි.

දැන්   escrow  පහසුකම ලබාදෙන ආයතනය යනු Sam  ටත් ජයසේන මහතාටත් විශ්වාස කළහැකි තෙවැනි පාර්ශවයකි.

මගේ යෝජනාව අද රාජ්‍ය සේවයට බදවාගන ඇති පන්ති සාමාර්ථයක් ඇති උපාධි සහතික හිමිකර ගෙන ඇති මෙන්ම විවිද දක්ෂතා ඇති දැනට රාජ්‍ය සේවයේ සිටින නිලදාරීන් වෙනම ආයතනයකට අනුයුක්ත කරන ලෙසයි.

මොවුන්ට ඉංග්‍රීසි දැනුම විවිද මට්ටමෙන් පැවතිය හැක (ඔවුන්ගේ දැනුම අනුව විවිද අංශ වල අනුයුක්ත කරන අයුරු පසුව සදහන් කරන්නම් )

මෙය රාජ්‍ය ආයතනයක් නිසා විශ්වසනීය බවෙන් ඉතා ඉහල පවතී (මෙම ක්‍රමය සාර්ථකවම කල හැක්කේ පුද්ගලික අංශය තුල උනත් අද
පවතින විශාල රජයේ සේවකයන්, කිසිදු ඵලදායි තාවයක් නොගෙන රැකියාවේ තියා ගන්නවට වඩා  මෙවැනි ක්‍රමයක් ඉතා යෝග්‍ය වේ )

අනෙක් විශේසත්වය නම් නවීන තාක්ෂනය යොදාගැනීමයි. මෙහිදී සියලු සේවකයන් ගේ කර්යක්ෂමතාව මැනිය යුතු අතර තමා කරන
වැඩ කොටස මත දිරි දීමනාවක් යෝජනා කල හැක.

දැන්   Sam අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩය ඇනවුම් කලවිට අදාල මුදල ජයසේන මහතාට එකවිටම ලබානොදෙන අතර අදාල රජයේ escrow සමාගම් ගිණුමේ ත්ම්පත්වේ.

දැන් ජයසේන මහතා අදාළ භාණ්ඩ  තොගය  escrow සමාගම ට බාරදී නිලදාරියකු ලවා සහතික කරගත  යුතුයි මෙහිදී අදාළ නිලදාරියා ජනසෙන මහතාගේ භාණ්ඩ තොගයේ ඩිජිටල් කැමරාවකින් පින්තුරගෙන අදාළ භාණ්ඩ තොගය ගැන විස්තර සටහන් කරගෙන අදාළ තොරතුරු Sam මහතාට email කරනු ලැබේ.

අදාළ භාණ්ඩ පිළිබද  Sam  මහතා සෑහීමට පත්වෙනවානම් escrow සමාගම තුලින්ම නැව් ගත කිරීම සිදුකල හැක. මෙහිදී සාදාරන කොමිස් මුදලක්  escrow සමාගම අයකරන අතර එම කොමිස් මුදලින් 10% පමණ දිරි දීමනාවක් ලෙස අදාළ සේවකයන් අතර බෙදා දිය හැක, අනතුරුව ජයසේන මහතාට
අදාළ මුදල ලබාදීම සිදුකලහැක.

දැන් මේ ක්‍රියාවලිය  වේගවත් කලහැක්කේ  කෙසේද.

01. Barcode scanners යොදාගැනීම
02. මුලු ක්‍රියාවලියම Tracking  ක්‍රමයක් යොදාගැනීම නිසා කිසියම් තැනක process chain (ක්‍රියාවලි ධාමය ) තුල වේගයේ අඩුවක් දැන  ගත් විට වහාම
නිවැරදි කල හැකි වීම. සහ postal tracking ක්‍රමයක් යොදාගැනීමෙන් Sam  තම භාණ්ඩ තොගය ඇත්තේ කොහිදැයි සොයාගත හැක.
බොහෝ දෙනා නොදන්නවා උනත් අද ශ්‍රී ලංකාව තුල මේ තක්ෂණය පවතී උදාහරණ GPS Tracking
03.  Sam වැනි ආනයන කරුවන් රැවටීම සිදු නොවන නිසා සහ වේගවත් සේවය නිසා සහ රාජ්‍ය වගකීමක් ඇති නිසා රැකියා දහස් ගණනක් ඉතා සුළු කලකින් ඇතිකළ හැක.
04. මෙවැනි ක්‍රමයක් නිසා ශ්‍රී ලාංකිකයන්ට ප්‍රවර්දනය කල හැක්කේ කුමන භාණ්ඩ ද යනවග රජයට දැනගත හැක.
05. මෙහිදී රජයට කළහැකි වැදගත් දෙයක් පවතී එනම් අපරටේ සිටින නිෂ්පාදකයන්ට විදේශ වෙළදපොල තුලට ඇතුළු වීමට ඇති ප්‍රශ්නය නම්
අපේ භාණ්ඩ වලට  අන්තර්ජාතික තත්ව සහතික නොමැති වීමයි. රජය විසින් ශ්‍රී ලංකික නිෂ්පාදකයන්ට අන්තර්ජාතික තත්ව සහතික ගැනීමට උපකාර කලයුතු අතර යන වියදම මෙම නිෂ්පාදකයන් අපනයනය කරන භාණ්ඩ වලින් දීර්ග කාලයකදී  අයකර ගැනීම් රජයට කල හැක.

බොහෝ දෙනා සිතා සිතෙන්නේ ශ්‍රී ලාංකිකයන් ඉතා මෝඩයන් බවයි නමුත් https://www.facebook.com/ITBPMlk/videos/881929315196976/
ශ්‍රී ලංකික සමාගම් සිටිනවා ලෝකයේ විශාලම වාණිජ ආයතන සදහා මෘදුකාංග සපයන.

අපි දෙසපල්න්යයන්ගෙන් බලකළ යුත්තේ මෙවැනි සැලසුම් ඔවුන් ක්‍රියාතමක කරනේ නැත්තේ ඇයි ? කියල.
මෝඩ වෙන්න එපා "යහපාලනය " වැනි ප්‍රගතශීලි වචන වල එල්ලී නොසිට වැඩපිළිවලක් සදහා රජයට බල කරමු.  

ඉහත සදහන් කලේ සමස්ථ ක්‍රියාවලියෙන් කොටසක් වන අතර ඉදිරියේ දී ඉතිරි කොටස් එකතු කරමි.

2 comments:

  1. මෙවැනි ඵලදායි යෝජනාවන් තේරුම් ගන්නට හෝ පිළිගන්නට සූදානම් පාලක පක්ෂයක් අපට පහළ වේනම් !

    ReplyDelete
    Replies
    1. සාරිකා විචාරනී,

      දෙසපාලකය කියන සත්වය මෙය තේරුම් ගැනීම නො නොගැනීම වැදහත් නෑ,
      වැදගත් වන්නේ ජනතාව වන අප මෙය තේරුම් ගෙන මෙවැනි සැලසුම් සදහා
      බල කිරීමයි.

      දෙසපාලකය මොනවා තේරුම් නොගත්තත් එක දෙයක් බොහොම හොදට තේරුම්
      ගන්නවා එනම් තම බලය රැකගැනීමයි.

      නිසි බලපෑම පැවතුනොත් ඔවුන් මේ වැඩදායි යෝජනා යම් තරමකට වත් ක්‍රියාත්මක කරයි.

      Delete