Saturday, November 21, 2015

ශ්‍රී ලංකාවේ දොස්තරවරු ජනතාව සූරාකන අයුරු



01. වෛද්‍ය පර්යේෂණ වලින්  40% සිට 60%  පමණ කොමිස් ලබාගැනීම:-

 වෛද්‍ය වරයා ඔබට අහවල් තැනින් පර්යේෂණය කරන  ලෙස තුන්ඩුවක් ලබාදුන් විට අදාළ lab (පර්යේෂණ ආයතනය )  40% සිට 60% කොමෙස් මුදලක්
 වෛද්‍ය වරයාට ලබාදෙනු ලැබේ.

02. ඔබේ පවුලේ  වෛද්‍ය වරයා  ඔබට විශේස්හන්ය වෛද්‍ය වරයකුට පෙන්වන ලෙස යොමුකරන අවස්ථාවේ 30%-40% පමණ කොමිස් මුදලක් අදාල පවුලේ වෛද්‍ය වරයාට ලබාදෙ.

03. ඔබේ වෛද්‍ය වරයා පුද්ගලික රෝහලකට ඇතුලත් වන ලෙස ඔබට ලියා දුන්විට  30%-40% පමණ කොමිස් මුදලක්  අදාළ පුද්ගලික රෝහල  වෛද්‍ය වරයා ට ලබාදේ.

04. අනවශ්‍ය පර්යේෂණය කිරීම සිදුකරන්නේ වෛද්‍ය බිල් වැඩි කිරීම ටයි. මෙය  පර්යේෂණ ආයතනය දන්නා අතර අදාළ රුදිර සාම්පල විසිකර බිල ලබාදෙනු ලබයි.

05. ඉතා සුළු අපහසු තත්වයකට රෝහලට ගියවිට, සේලයින් සහ නින්දයාමට අවශ්ය බෙහෙත් ලබාදී දින 4 පමන තබාගෙන නිදහස් කරයි. මෙහිදී    වෛද්‍ය වරු ඉතා හොදින් අදාළ පුද්ගලයාට  රෝගයක් නැතිබව දන්නා අතර මුදල් උපයා ගැනීමට මෙය සිදුකරයි.

06.   වෛද්‍ය වරු දෙදෙනෙකු හෝ කීපදෙනෙකු පවත්වාගෙන යන Nursing homes වල නුපුහුණු ශ්‍රමිකයන් යොදාගන්න අතර හදිසියකදී සිදුකරන්නේ වෙනින් පහසුකම් ඇති තැනකට මාරු කිරීමයි.

07. අනවශ්‍ය සෙසේරියන් සැත්කම් හා අනවශ්‍ය මුත්රාශ ඉවත් කිරීම, හෝ ගර්භාශය ඉවත් කිරීම.

08. රුපලාවන්ය සදහා කරන භයානක සැත්කම්.

09.  පුද්ගලික රෝහල් වලින් වෛද්‍ය වරයා ගෙන් බලාපොරුත්තු වන්නේ හැකි උපරිම රෝගීන් ප්‍රමාණයක් ඇතුලත් කරගැනීමයි මෙයට   හිස නොනමන වෛද්‍ය වරයවරුන් අදාළ රෝහල් වලින් ඉවත්කිරීම සිදුකරයි.

10. මෘත ශරීරවල සිදුකරන සැත්කම්:-

ඔබ වෛද්‍ය වරයාකු ඉතා හදිස්සියේ රෝගියෙක්ව Intensive Care Unit  සිට operation theater (සැත්කම් කරන කාමරයට ) ගෙනයාම සිදුකරන විට
ඔබේ අත්සන හදිසි සැත්කමකට උවමනා බව කියනවානම් සහ ඔබට අතුලිවිමට අවසර නොදෙනවානම් බොහෝවිට අදාළ පුද්ගලයා මියගොස් අවසානයි, දැන් සිදුකරනු ලබන්නේ ඔබේ බිල වැඩිකිරීම පමණයි. මතක තියාගන්න වෛද්‍ය වරුන් මිනිසුන් බව, ඔවුන්ව අන්දලෙස විශ්වාස කිරීමෙන් වලකින්න.  




දීර්ග විස්තරය



ඉදිරියේදී ලොව පවතින විශාලම වංචාව වන ඖෂධ මාෆියාව මාද්‍ය ආවරණය නොකිරීමට හේතුව  ...

17 comments:

  1. සමහර දොස්තරලා ඉන්නවා දොරෙන් ඇතුල් වෙනකොටම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියලා ඉවරයි.. අය කිරීම විනාඩියට 1000 යි. සමහර අයට ලෙඩේ ගැන විස්තර ඇහුවොත් මල! මට මෙඩිකල් ලෙක්චර් එකක් දෙන්ට වෙලාවක් නෑ කියනවා.

    ReplyDelete
    Replies
    1. Kandyan,

      මටනම් දෙන්න තියන හොදම අවවාදය,
      "ඔබ අසනීප වූ පසු කරුණාකර වෛද්‍ය වරයකු හමුවී බෙහෙත් ගන්න, ඔබ ගෙදර පැමිණි පසු අදාළ බෙහෙත් වල නම් www.google.com එකට ගොස්
      පහත පරිදි සොයා බලන්න " {name of the drug) adverse effects " ඔබට අදාළ ඖෂධය පිළිබද අපුරු විස්තරයක් සොයාගත හැකි වනු ඇති.
      "
      මිට කලකට පෙර වෛද්‍ය වරයාකු මට සිදුකල මෙවැනි වංචාවක් අතටම අහුඋනා, නමුත් ශ්‍රී ලකාවේ මේවා පැමිණිලි කිරීම හරියට හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ.

      Delete
    2. අම්මා මතක් කරලා එලියට ඇවිත් තියෙනවා මම නම්...

      Delete
    3. මාතා,

      මිට වසර 4ට පමණ පෙර මට සිදුවුණ අනතුරක් නිසා විශේස්න්ය වෛද්‍ය වරයකු (මම ඔහුගේ නම සදහන් කරන්නේ නෑ මෙය පුද්ගලික මඩ ගැසීමක් නොවන නිසාත් මෙවැනි වැඩ කරන තව අය සිටින නිසාත් ) මට ලබාදුන් පෙතිවගයක් මා ගෙදර පැමිණ කියවීමේදී සොයාගත්තා මගේ තුවාලය ආසාදනය වී ඇති විෂබිජයට එම බෙහෙත ක්‍රියා නොකරන බව ( වෛද්‍ය වරයට මා මගේ wound swab test " මෙහි සදහන් වනවා අදාළ විෂබීජය විනාශකිරීමට උවමනා බෙහෙත" ඔහු ලබාදී ඇති බෙහෙතින් ඉවත් නොවන බව ) මා ඔහුට පැවසු විට ඔහු කිව්වේ ඔය බෙහෙත දිගටම ගන්නාලෙසයි.

      නමුත් වෙන වෛද්‍ය වරයකුට අදාල wound swab test පෙන්වූ විට ඔහු කිව්වා මෙය වැරදි බෙහෙතක් බව.

      ලස්සනම් දෙය සිදුවුනේ අදාල රුපියල් 3000 පමණ බෙහෙත් අදාළ රෝහලේ ෆාමසියට ලබාදුන් විට ඔවුන් මුදල් ලබාදීමට ප්‍රතික්ශේප කිරීමයි මිට හේතුව අදාළ වෛද්‍ය වරයට කොමිස් මුදලක් ලබා දී තිබීමයි.

      Delete
    4. අවවාදයට බොහොම ස්තුතියි.
      මම ඔය වගේ අවශ්‍යතාවයකදී නිතරම බලන වෙබ්සයිට්ස් .
      www.drugs.com
      http://www.webmd.com/default.htm
      http://patient.info/directory/nhs-information
      http://www.nhs.uk/Conditions/Pages/hub.aspx

      Delete
    5. ඔව්,

      අත්තම්ම ඔබ පුදුම වෙයි http://www.cdc.gov/vaccines/vac-gen/additives.htm
      ලොව වටා vaccine වැඩසටන් පිලියල කරන Centers for Disease Control and Prevention ආයතනයත් ඇත්ත කියනවා.
      නමුත් ඒ ඇත්ත සොයාගැනීම සාමාන්‍ය පුද්ගලයට අපහසුයි

      Delete
  2. ඉතාම අගනා ලිපියක්. ඔබ ගවේශනශීලීව දත්ත හසුරුවන බව පේනවා. ඔබගේ ලිපිවලින් ලොකු සේවයක් වෙනවා. මේව ගැන මීට වඩා සාකච්ඡාවට ලක් වෙන්න ඕන.
    මෙතනත් තියෙන්නෙ වෛද්‍යවරය ගොඩනගාගෙන තියන බමුණු ප්‍රතිරූපය. මේව ගැන ජනතාව දනුවත් වෙන්න ඕන. නමුත් මාධ්‍ය වලින් කෙරෙන්නෙ දෙලොවටම වැඩක් නැති මගුල් දෙන එක. පත්තර පිටු පුරවන්නෙ විකාර වලින්

    මේ ශෛලියෙන් දිගටම අනාවරන කරන්න.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මතධාරියා,

      මෙහි ඇති ලස්සනම් දෙය මා දකින්නේ රූකඩ නැටුමක් වගෙයි.
      මුලින් වෛද්‍ය වරයකු වන තරුණයා ඉතා අවංක හිතිනුයි තම රැකියාව කරන්නේ.
      නමුත් ඔහු ඉහලට ඉගනීමේදී ඔහුට ඇත්ත තත්වය පෙනීමට ගන්නවා.

      ඔහුට මිට විරුද්දව කතාකල නොහැකියි (මෙය ලංකාවට පමණක් නෙම්මෙයි ඇමරිකාවටත් අදාලයි )
      ඉදිරි ලිපි වලින් මම එසේ විරුද්දවු ඉහලම වෛද්‍ය වරු මියගියේ කෙසේදැයි පෙන්වන්නම්.

      මා හිතනවා බොහෝදෙනා මා සපයන ලද තොරතුරු ගවිෂණය කරයි කියල.

      මා ඔබට සරල උදාහරණයක් දෙන්නම් පුලුවන්නම් මෙය පමණක් සොයා බලන්න.
      අලුත ඉපදුන දරුවකුට ලබාදෙනවා Hepatitis B මෙය ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවද ඇතුළුව
      ලබාදෙනවා.

      Hepatitis B වැළදෙන්නේ ලිංගික සංසර්ගයකින් හෝ රුධිර පාරවිලයනයකින් පමණයි, නමුත් සාමාන්‍ය දරු උපතකදී මව ආසාදනය වී ඇති තැනැත්තියක් නම්
      දරුවට බෝවිය හැකියි. නමුත් මවගේ රුධිර පරීක්ෂාවක් මගින් වෛද්‍ය වරයට පැවසිය හැකියි එය දරුවට උවමනාද නැද්ද කියා.

      නමුත් සිදුවන්නේ සියලු දරුවන්ට මෙය ලබාදීමයි. ලොව පිළිගත් nvic.org ට අනුව දරුවන් ගණනාවක් මරණයට පත්වූ අයුරු සදහන්,
      ඔබ බලන්න මෙහි සදහන් වෙනවා මෙම එන්නත වාණිජව නිපදවන් ආයතන මිට පෙර ලිපියෙන් http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_20.html මා පෙන්වාදුන්න අදාළ සමාගන් ඩොලර් බිලියන ගණන් දඩ ගෙවූ අයුරු.

      http://www.nvic.org/Vaccines-and-Diseases/Hepatitis-B.aspx

      //When the CDC recommended in 1991 that all healthy newborns at 12 hours of age be given hepatitis B vaccine in the newborn nursery, reports of infants dying after hepatitis B vaccination started coming in and continued all through the 90's. When states started mandating the vaccine for all school children in the late 1990's, parents began reporting that their bright, healthy, honor roll students and star athletes were becoming brain damaged, bed ridden and unable to attend school.//

      Delete
  3. කොමිස් ප්‍රතිශත ගැටළු සහිතයි, අංක 1 පිළිගත හැකියි, 2 සහ 3 කොමිස් මුදල පදනම් වන්නේ කුමන ගාස්තුවෙන්ද? (ඇතුල්වීමේ ගාස්තුවෙන්ද?)

    මේ චෝදනා ඉතා බරපතලයි, චෝදනා වල විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා ඔබගේ තොරතුරු මූලාශ්‍ර කෙවැනිද? තොරතුරු රැස් කළ ආකාරය කෙසේද යන්න කෙටියෙන් දැක්වූවානම් අගනේය, ඔබගේ අන්වර්ථ නාමය අනාවරණය නොවන අයුරුන් එය කළහැකි යැයි සිතමි.

    මගේ කොමෙන්ටුව අරමුණ ඔබ වැරදි කරණු සදහන් කර ඇති බවක් කීම නොවේ, මටත් මේ හා සමාන යම් සිද්ධීන් ඇති වී ඇත, කලකට පෙර මෙන්සස් අක්‍රමිකතාවක් ගැන උපදෙස් බිරිඳ ලංකාවේ අති ප්‍රසිද්ධව සිටි මාහාචාර්ය වරයකු චැනල් කළ අවස්තාවේ ඇය ස්කෑන් කළ යුතු බවත්, අසල නඟරයේ ඔහුගේ සෙන්ටර් එකේදී අප සිටි තැනට වඩා 50% අඩු මුදලකට කළ හැකි බවත් නීවා, ස්කෑන් එකෙන් පසු ඔහු බිරිඳට කිසිසේත්ම ගැබ් ගැනීමට නොහැකියි කියා අප අතිශය භීතියට පත් කලා, පියවරෙන් පියවර කළයුතු දේ බොහෝ දේ කීවා, ඔහුගේ ආයතනයේදී ගැබ් පිහිටුවීම දක්වා කටයුතු ලක්ෂ 2ට අඩුවෙන් කරදීමට හැකි යයි කියා සිටියා, සල්ලි තිබ්බනම් සමහර විට අප ඔහුගේ ප්‍රතිකාර (?) ලබා ගන්නත් තිබුනා, නමුත් අඳුනන මිඩ්වයිෆ් කෙනෙක් නිතිපතා ෆෝලික් භාවිතයට උපදෙස් දුන්නා, මාස 2 ඇතුලත ඇය ගැබ්ගත්තා. නමුත් අපේ ඇනෙක්ස් එන අයිති ගෙදර ලා බාල නංගීගේ (අවු 20) නැන්දාමාමා ඇය හනිමුන් පැට්ටෙක් නොදීපු නිසා ආපසු මහගෙදර එවා තිබුණා (හස්බන්ඩ සේලර් කෙනෙක් - බැදල සති දෙකෙන් ආපහු මුහුදු ගිහින්), ඇය අර මහාචාරියාට අහුවුනා, ඇගේ තාත්තාගේ පැන්ෂන් අරමුදල ඌ සුද්ධ කලා විතරක් නොවේ අප ඔවුන් දැන සිටි වසර 4 තුල ඇය ගැබ් ගත්තේ නෑ. ඔය මහාචාරිය එකාලේ හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මෙන්ට් විතරක් නොවේ, රූපවාහිණියෙක් නිතර පෙනී සිටියා, අවුරුදු කීපයකින් එයාගේ කැරැට්ටුව මුළු නුවරටම ප්‍රසිද්ධවෙලා චා වෙලා ගියා.

    ReplyDelete
  4. කියන්න බොහොමයි,

    මම කාලයක් තිස්ස, වනාතවිල්ලුව, ගලෙන්බිදුණුවැව ගෑටුවා, ඒවායේ වරින් වර වෛරස් වසංගත පැතිරෙනවා, හරියට ආහාරයක් නැතිව බර වැඩ කරන හේන් ගොවියෝ, උණ බැහැලා සතියක් විතර යනකම් ඇග රුදාවෙන් පීඩා විදනවා. මිනිස්සු පොලිමේ යනවා දොස්තරලා ළඟට, වෛරස් උණට පෙති තොගයක් දීලා උණ බැස්සේ නැත්නම් දවස් 3 කින් ආපහු එන්න කියනවා. ඒ මිනිස්සු කියන්නේ ඕකුන් (දොස්තරලා) අපිව මතකතියාන ඉන්නේ, දෙවතාවක් බොරු බෙහෙත් දීලා සල්ලි අරන් තුන් වෙනි වතාවේ තමයි හරි බෙහෙත් දෙන්නේ කියලා. පළමු දෙවතාවේ දෙන ඒවායින් බොන්නේ සුදු පෙති (පැරසිටමෝල්) සහ රෝස පාට වාත පෙත්ත කියන එක විතරයි.
    - ගොයි දොස්තරලා සහ දොස්තර ගොය්යෝ.

    ReplyDelete
    Replies
    1. ඔව්,

      ඇතුල්වීමේ ගාස්තුව තමයි මුලික වන්නේ නමුත් ඔහු කිසියම් පරීක්ෂණයක් කරන ලෙස නියම කර ඇත්නම් එයින් ප්‍රතිශතයක් අදාළ වෛද්‍ය වරයාට කොමෙස් මුදලක් යනවා. නමුත් හිතාගන්න අමාරුම දෙයක් ඔබට කියන්නම්, එනම් බෙහෙත් වලින් කොමිස් ලබන අයුරුයි. සමහර මිල අදික බෙහෙත් තිබෙනවා ඒවා ඇත්තේ ප්‍රසිද්ද ෆාමසි කීපයක පමණයි. නමුත් බෙදාහරින්නේ එකම ඖෂධ සමාගමක් විසින්, මෙහිදී මෙය නියම කරන වෛද්‍ය වරයා හදුනාගැනීමට ක්‍රමවේදයක් තිබෙනවා විතරක් නෙමයි. මේවා පරිඝනක ගත කර අදාළ වෛද්‍ය වරයට ප්‍රතිලාබ යන විදියට ක්‍රම වේදයක් අනුගමනය කරනවා.

      මේගැන පුද්ගලිකව මා දැනගැනීමට හේතු කීපයක් තිබෙනවා මගේ හොදම මිතුරකුයි එක්තරා ලෝක ප්‍රසිද්ධ ඖෂධ සමාගමක ශ්‍රී ලංකාව බාරව ගිණුම්කරණය සිදු කරන්නේ. ඔහුට අනුව එම සමාගම සමහර වෛද්‍ය වරුන්ට විදේශ ගතවීමට ලක්ෂ 20 පමණ මුදලක් වැයකරනවා. මිට අමතරව මේගැන සෙවීමට පෙලබුන හේතු 2 තිබෙනවා.

      01. දැනට දශක කීපයකට පෙර මගේ මව රජයේ විශාලම ආරෝග්‍ය ශාලාවක inventory බාර නිලදාරී වරිය උනා. ඇය එම තනතුර ඉහල තනතුරක් උනත් සිටියේ ඉතා දැඩි පිඩනයකින්, මොකද ඇය රුපියල් කොටිගනනක දේපල බාරව සිටි බැවින් වරදිලාවක් යමක් නැති උනානම් ඇයට ගෙවීමට සිදුවෙනවා.
      ඇය විශ්‍රාම ගොස් මාසයක් පමණ පඩි නැතිව inventory අදාළ ඊලග නිලදරියාට බාරදීමට සිදුවුනා. මෙහිදී ඇය කියපු දෙයක් තමයි කොටි ගණනක් වන වෛද්‍ය උපකරණ කිසිම ප්‍රයෝජනයක් නොගෙන පැත්තකට කරන්න සිදුවී ඇත්තේ කිසිම දිවනෙ රෝහලක ඒවා බාරගැනීමට වෛද්‍ය වරුන් අකමැති වීමයි.
      ඔවුන් බොහෝවිට කිව්වේ තමාට මේවා තබාගැනීමට පහසුකම් නොමැති බවයි.

      මෙහි ඇති ලස්සනම දෙයනම් රජයේ නිලධාරීන් දිගින් දිගටම මේ මිල අදික උපකරණ මිලදී ගැනීමයි.

      02. කරණය මට සිදුවූ පුද්ගලික සිද්දියක් එය ඉහත මාත ගේ කොමෙන්ටුවට දමා ඇති. අවාසනාවකට දේශීය වෙදකම වෙත යොමුවෙන්න කියල කියන්න අමාරු අද දක්ෂ දේශීය වේද මහතුන් සිටින්නේ ඈත ගම්වල නිසා. ඔවුන් ලබාදෙන කසාය සාදාගැනීමට ඔබ යොමු නොවනු ඇති.
      නමුත් මේ සිදුවන දෙය පිළිබද අවදානය යොමු නොවුනොත් බොහ්දෙනා වසර 20ක් පමණ ජිවිත කාලය තිබියදී මරණය පත්වෙන අතර ඉතිරි අය නොමරා මරනු ඇති.

      එක්තරා බටහිර විද්වතෙක් සදහන් කලේ " මෙතෙක් කල් සිදු උනේ දරුවන් දෙමාපියන් බුමදාන කිරීම උනත් අපේ පරම්පරාව තමයි මුල්ම පරම්පරාව දෙමාපියන් දරුවන් බුමදාන කරන."

      මගේ මීලග ලිපිය auto publish වීමට දැම්මත් මගේ වරදක් නිසා එය සිදුවී නෑ. එහි මා සදහන් කළා වැදගත් මුලාශ්‍ර ඔබ එය ගවිෂණය කරනවා යයි සිතමි.

      Delete
    2. පැහැදිලි කිරීම ගැන තුති,

      Delete
  5. මෙවැනි ක්‍රියා වෛද්‍ය අාචාරධර්ම විරෝධී වැඩ වේ . වරක් මම සේවය කළ රෝහලක ශල්‍ය වෛද්‍යවරයා ඔහුගේ රථයට හැපුනු පාසල් සිසුවියක් පොලිසිය දැනුවත් නොකර ඔහුගේ වාට්ටුවේම තියාගෙන ප්‍රතිකාර කලා.

    මම දුෂ්කර සේවයේ සිටියදී පුද්ගලික සේවාව මාස දෙකක් පමණ කරලා නවතා දැම්මා. දුප්පත් ගොවින් බෙහෙත් ගන්න වී මිටි විකුණලයි මුදල් අරගෙන එන්නේ. ඔවුන් අහේනි කාලෙට බත් කන්නේ මයියොක්කා කොළ මළවලා. එවැනි දුගීන්ට පැරසිටමොල් , පිරිටන් එක්ක දවස් තුනකට ප්‍රතිජීවක දීලා රුපියල් 75 / 100 (ඒකාලේ එය විශාල මුදලකි) කඩාගත් වෛද්‍යවරු හිටියා. මම දුටු අයුරින් ග්‍රාමීය ප්‍රදේශ වලින් ආපු දොස්තරවරු තමයි බොහෝ විට රෝගීන් සූරා කෑවේ. එක හේතුවක් වූයේ වාහනයක් ගැනීමට සහ නිවසක් සදා ගැනීමටයි.

    ReplyDelete
    Replies
    1. Trans Sylvania,

      ආයුබෝවන්, ,

      මගේ මිත්‍ර තරුණ වෛද්‍ය වරු කීප කීපදෙනෙක් දන්නවා, ඔවුන් අවන්කවම හිතනේ ඔවුන් සේවයක් කරන බවයි නමුත් මා දකින්නේ වෛද්‍ය විද්‍යාවකට වඩා ආගමක් ලෙස යොදාගන්න බවයි.

      මා පහත ප්‍රශ්නය //අලුත ඉපදුන දරුවකුට ලබාදෙනවා Hepatitis B මෙය ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවද ඇතුළුව
      ලබාදෙනවා.

      Hepatitis B වැළදෙන්නේ ලිංගික සංසර්ගයකින් හෝ රුධිර පාරවිලයනයකින් පමණයි, නමුත් සාමාන්‍ය දරු උපතකදී මව ආසාදනය වී ඇති තැනැත්තියක් නම්
      දරුවට බෝවිය හැකියි. නමුත් මවගේ රුධිර පරීක්ෂාවක් මගින් වෛද්‍ය වරයට පැවසිය හැකියි එය දරුවට උවමනාද නැද්ද කියා.

      නමුත් සිදුවන්නේ සියලු දරුවන්ට මෙය ලබාදීමයි. ලොව පිළිගත් nvic.org ට අනුව දරුවන් ගණනාවක් මරණයට පත්වූ අයුරු සදහන්,
      ඔබ බලන්න මෙහි සදහන් වෙනවා මෙම එන්නත වාණිජව නිපදවන් ආයතන මිට පෙර ලිපියෙන් http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_20.html මා පෙන්වාදුන්න අදාළ සමාගන් ඩොලර් බිලියන ගණන් දඩ ගෙවූ අයුරු. //

      ඔහුගෙන් ඇසු පසුයි ඔහුට මෙහි ප්‍රශ්නය කල්පනා වී ඇත්තේ.

      මේ අතර අවංක වෛද්‍ය වරු කොටස් 2ට බෙදෙනවා

      01. MBBS සහතිකය ඇතිය :- මේ අය බොහෝ විට දෙන අවවාදයක් තමයි ආහාර වලින් ප්‍රවේශම් වන ලෙස සහ ලබාදෙන බෙහෙත් අවමයි.

      02. ඉහලට ඉගනගත් PhD මට්ටමේ අවංක උදවිය කෙලින්ම මිට විරුදව අදහස් ඉදිරිපත් කරනවා. මේ අදහස් වලට ප්‍රසිද්ධියක් ලැබෙන බව තේරුනොත්
      අසාමාන්‍ය ලෙස මේ වෛද්‍ය වරු මියයාම දකින්න පුළුවන් (අපි දන්නේ සේනක බිබිලේ මහතා ගැන පමණයි ) නමුත් ඇමරිකාවේ මෙය සිදුවී ඇති අයුරු පුදුම සහගතයි, හැකි උනොත් ඉදිරි ලිපියකින් මෙය ඉදිරිපත් කරන්නම්.

      Delete
    2. /මම දුටු අයුරින් ග්‍රාමීය ප්‍රදේශ වලින් ආපු දොස්තරවරු තමයි බොහෝ විට රෝගීන් සූරා කෑවේ. එක හේතුවක් වූයේ වාහනයක් ගැනීමට සහ නිවසක් සදා ගැනීමටයි. /

      ඩොක්ට රුවන් සමඟ එකඟයි, එය වෛද්‍ය ක්ෂේත්‍රයට සීමා වී නෑ, රජයේ බොහෝ ආයතන වල දූෂණයට, අකාර්යක්ෂමතාවට වග කිව යුතු වෙන්නේත් එවැනිම ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණි විධායක ශ්‍රේණියේ පිරිස්, ඔවුන් තමන් යටතේ සේවය කරා අය බොහෝ සේ පීඩාවට පත් කර සතුටක් ලබන වර්ගයේ කොටසක්, වි්‍භාග පාස්වීම සඳහා ටියුන් කරපු මැෂින් වන ඔවුන් සදාචාර ධර්මතා හඳුනන්නේ නෑ.

      Delete
  6. මෙන්න ඔබතුමාගේ මේ ලිපිය මම බුකියේ share කරලා කට්ටිය මට දීපු උත්තර
    https://www.facebook.com/warunac/posts/10153812922838092?comment_id=10153813050593092&reply_comment_id=10153818253218092&notif_t=feed_comment

    ReplyDelete
    Replies
    1. වරුණ,

      ස්තුති,

      මෙය සමස්ත ක්‍රියාවලියේ පොඩි ප්‍රශනයක් පමණයි. දොස්‌තර වරුන් කියන්නේ මේ ක්‍රියාවලියේ නට් එකක් පමණයි.
      බොහොම අවංක දොස්‌තර වරුන් සිටිනවා නමුත් මේ ක්‍රියාවලිය තුල ඔවුන් නිහඩයි, ඔවුන් නිහඩ කිරීමට ඉතා දියුණු
      වැඩපිළිවලක් ලෝකයෙත් ලංකාවෙත් තිබෙනවා. උදාහරණ දොස්‌තර වරයකුට තව දොස්‌තර වරයකු ගේ වැරදි පෙන්වා
      දීමට උවමනා නම් එයට දිවුරුම් පෙත්සමක් මගින් ඉදිරිපත් කලයුතු වෙනවා.

      sri lanka medical council හි මෙම නිතිය පිලිබදව ඔබ දොස්‌තර වරයකු ගෙන් අසා බලන්න.
      මිට අමතරව මෙම ක්‍රියාවලියට විරුද්ධ වන දොස්‌තරවරුන් ට සිදුවන දෙය
      http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_24.html මගිනුත්

      ඖෂධ සමාගම් පිලිබදව
      http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_20.html

      http://lankasithuwili.blogspot.com/2015/11/vaccines-vaccines.html

      ලිපි මගිනුත් ඉදිරියට තවත් ලිපි ඉදිරිපත් කරන්නම්.

      මම කිසි ලෙසකවත් comment moderate කරන්නේ නෑ යම් කෙනෙකුට උවමනා නම් සාදක සහිතව විවේචනය කල හැකියි.
      මේ නිසා තමයි සියලුම විද්‍යාත්මක තොරතුරු ගැනීමට http://www.cdc.gov/ ලොව පිළිගත් ආයතන වල සබැදි යොදා ගත්තේ.

      Delete