Sunday, November 15, 2015

ශ්‍රී ලංකාවට දියුණුවීමට කලයුත්තේ ගතයුතු ක්‍රියාමාර්ග



අද ඔබ ශ්‍රී ලංකාවට ඇති ප්‍රශ්නය කුමක්දැයි ඇසුවොත් බොහෝදෙනා පහත උත්තර දෙනුඅති
01. විධායක ජනාධිපතිකම තමයි ලොකුම ප්‍රශ්නය
02. කාලකන්නි නුගත් දෙසපලන්යයන් තමයි ප්‍රශ්නය
03. විවුර්ත ආර්ථිකය තමයි ප්‍රශ්නය

ඉහත 01. සහ 02. ඉතා ඉහල දායකත්වයක් සිදුව ඇති ක්‍රියාවලියේ නරක ප්‍රථිපල ගෙන ඒමට උදව් වී ඇතත් මා දකින  ප්‍රශ්නය ඇත්තේ මුලිකම රටේ ජනතාව අතරත් අද්ධ්‍යපන ක්‍රමය තුලත්, එම ක්‍රමය තුලින් බිහිවන නිලදාරීන් තුලත් බවයි.

ජනතාවගේ මුලික ප්‍රශ්නය නම් ලෝකයේ නව ප්‍රවණතා පිලිබදව දක්වන නොදැනුවත් බවයි, අතීතයේදී දැනුම ලබාගැනීමට තිබුණු එකම මාර්ගය ඉංග්‍රීසියෙන් පලවී වසර ගණනාවකට පසු සිංහලයට පරිවර්තනය වූ පොතපතයි, නමුත් අද අපට අන්තර්ජාලය තුලින් මේ නවීන දැනුම ලබාගතහැකියි.

මා උදාහරණයක් දක්වන්නම් ලිපිය දීර්ග වීම පිළිබද සමාවෙන්න.

අද වියලි කලාපයේ ගොවින් මුහුණ දෙන මුකිකම පශ්නයක් නම් ජලය ලබාගැනීමයි, ළිදක් කපාගැනීමට ඔවුන්ට පුළුවන් උනත් ජලය තම වගාවට ගෙනයාමට විදුලිබලය උවමනා නිසා සිදුකල හැක්කේ අදික මිලක් ගෙවීමෙන් පසුයි නමුත් කීයෙන් කීදෙනා දන්නවද නොමිලේ ජලය පොම්පකිරීමේ තක්ෂණය අද ලෝකයේ පවතිනවා කියල.





අපරටේ සිටින ගොවීන්ට ජලය ලබාගැනීමට ඕනෑතරම් සොවබවික පරිසරය තිබුනත් එය තම වගාවට යොදාගන්න ආකාරය පිළිබද දැනුම නොලැබීම නිසා ගොවි නිෂ්පාදන සදහා අදික වියදමක් දැනීමට සිදුවෙනවා, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කලයුත්තේ ගොවීන්ට නොමෙලේ පොහොර දීම වත් ඇට බෙදිමවත් නෙමෙයි මෙවැනි නව තාක්ෂණික උපක්‍රම හදුන්වාදීමයි.

Hydroponic Vegetable Growers



මෙම එළවලු වැවීම පටන්ගනිමේදී සැලකියයුතු ප්‍රාග්ධන වියදමක් දැරිය යුතු උනත්, කෘමිනාශක යොදනොගැනීම නිසා පවත්වගැනීමේ වියදම අවම වේ.
මෙහි ඇති මුලිකම වාසිය නම් පලධාව ලබාගැනීමට ගතවන්නේ සති 2 හෝ තුනක් වැනි කෙටි කාලයකින් වීමයි. කොම්පෝස්ට් පොහොර යොදාගෙන නිස්සරණය කර ගන්නා පොෂන ද්‍රව්‍ය නිසා මෙය ඉතා ගුනදයක් වේ.

රජය මෙවැනි වැඩසටහන් සිදුකලේ නම් කරන ලද ආයෝජනයේ ප්‍රතිලාබ වලින් ගන්නා ණය පියවා ලාභ උපයන මට්ටමට පැමිණිය හැකි වීමට ඉඩ තිබුණි.

දැන් ටිකක් හිතන්න මෙවැනි වියප්පෘති වල රජය ආයෝජනය  නොකළේ මේවායෙන් කොමිස් ගැසීම කලහැක්කේ ඉතා සුළු ප්‍රමාණයෙන් වීමයි, නමුත් නැවත හිතන්න රටේ ජනතාව, බුද්ධිමතුන්, උගතුන්, සිවිල් සමාජය, ආචාර්ය, මහාචාර්යවරුන්, ජනමාද්‍ය මේගැන කතා නොකරන්නේ ඇයි මේවා ලබාදෙන ලෙස රජයට බල නොකරන්නේ ඇයි ?        

මෙයට ජනමාද්‍ය ගැනනම් කිවයුත්තේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී කෘමිනාශක ආනයනය කරන සමාගම් වලින් ලැබෙන දැන්වීම් නොලැබීම නිසා ඇතිවන බියනිසා මෙවැනි දේ ප්‍රවර්දනය නොකලත්, අතින් අයනම් බොහෝවිට මෙය නොකරන්නේ අන්තර්ජාලයෙන් නිසි දැනුම ලබා නොගැනීම නිසයි (ලිංගික කටයුතු සදහානම් උවමනාවටත් වැඩියෙන් අපට දැනුම සොයාගෙන ඇති බවට සහතික ශ්‍රී ලාංකිකයන්ට තිබුනත් ) අනෙක් දේවල් ගැනනම් තාමත් ගල්යුගයේ බව කිවයුතුයි.

ඉදිරියේදී විදේශ වෙළදපොල සදහා යොමුවීමට ගතහැකි ක්‍රියාමාර්ග ........  

 
       

11 comments:

  1. ඔය ගැන අපූරූ සටහනක් බුකියේ කවුරුන් හෝ ලියලා තිබුනා..

    මෙහේ නිළධාරින් විදියට ඉන්නේ කලා උපාධි ගත්ත හින්ගල විතරක් දන්න උගත් වැද්දෝ විතරයි.. ඉන්ගිරිසි දන්න උන් පවුල් පිටින් මයිග්‍රේඩ් කරනවා. ඉතින් ඉන්න බූරු දේශපාලුවන්ට ගැලපෙන බූරූ නිළධාරි සෙට් එකක් එක්ක මේ රටට අබ සරණ ඇර වෙන සරණක් නම් නැත.

    ReplyDelete
    Replies
    1. මාතා,

      ඔන්න ඔතන තමයි මුලිකම ප්‍රශ්නය තියෙන්නේ, අඩුගානේ ඉංග්‍රීසි කියෝලා තෙරුම් ගතහැකි වීම අනිවාර්යෙන් සිදුවිය යුතුයි.
      අවුරුදු ගණනාවකට පෙර http://www.lynda.com/ මගින් තමයි මම ප්‍රයෝගිකව පරිගණක භාෂාවක් ඉගන ගත්තේ, 2004 දී පමණ එය ලංකාවේ කිසිවෙක් හරියට ඉග්ගන්නුවේ නෑ. lynda.com ගැන වෙනම ලිපියක් ලියන්නම්.

      අද වනවිට oxford university, University of Cambridge මෙවැනි අන්තර්ජාලය හරහා දැනුම ලබාගැනීමට තම සිසුන් යොමුකර අවසන් මෙබලන්න http://www.training.cam.ac.uk/event/746907

      පසුගිය කාලයේ මගේ විවිද වැඩ සදහා ලංකාවේ විශ්වවිද්‍යාල කීපයකට යන්න සිදුවුනා, උබට කියන්න මොරටුව විශ්වවිද්‍යාලයේ අදත් fax machine පාවිච්චි කරලයි රජයේ තවත් ආයතනයක් වන ministry of foreign affairs සමග තොරතුරු හුවමාරු කරගන්නේ මතක ඇති උබේ බ්ලොග් එකේ මම fax පත යැවීමට දින 14 කුත් පය 2 ගිය කතාව කිව්වා.

      ඇත්තටම මේවයේ සිටින මීහරක් මහාචාර්යවරු කරන්නේ තමන් ඉගනගත් සටහන් පොත තම ගෝලයන්ට ඉගැන්වීමයි (මට මතක විදියට හිටපු මහාචර්ය සුචරිත ගම්ලත් මහතා මේ පිලිබදව සදහන් කළා )

      Delete
  2. කතාව ඇත්ත. අද ලංකාවේ කෘෂි තාක්ෂණය විතරක් නෙවෙයි, නව නිර්මාණ / නව නිපැයුම් මිනිසුන් අතරට ගෙනියන්ට ඉතාම අමාරුයි. නව කෘෂි තාක්ෂණික ක්‍රම ඉදිරියට ගෙනියන්ට හදන අය ඉන්නවා නමුත් ඒ අයගේ නිර්මාණ ගෙයි මුළු වල, කෙහෙල් ගස් යට දිරාපත් වෙනවා. ලංකාවේ කිසිම ආයතනයක් නෑ commercialise කරන්ට උදව්වෙන.

    ReplyDelete
    Replies
    1. Kandyan,

      සාදරයෙන් පිලිගන්නවා,

      ඔබට කියන්න නව නිපැයුම් කරුවන් සොයදෙනලෙස මට ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලංකික වියපරිකයෙක් බොහො වාරයක් කරපු ඉල්ලීමක්. එහිදී මම
      http://slic.gov.lk/web/en/component/gallery/ කීපදෙනෙකුම සම්බන්ද කරගත්ත නමුත් කණගාටුයි කියන්න බොහෝදෙනා දුරකතනයෙන් එකවරක් කතාකලත් skype වැනි බොහෝදෙනා දන්නා මෘදුකාංග යොදා දිර්ගව සාකච්චා කිරීමට සුදානම් නෑ. විදේශීය ආයෝජකයා කිසියම් සැලැස්මක් අනුව තමයි මුදල් යොදවන්නේ මොවුන් negotiating skills අතින් ඉතා දුර්වලයි. ඔවුන් ට හැකිවියයුතුයි තම භාණ්ඩයේ ක්‍රියාකාරිත්වය ආයෝජකයා දැනුවත් කිරීමට (ඔවුන් එය නිපදවන අයුරු ගැන සැලැස්ම ආයෝජකයාට ලබාදියයුතු නෑ )

      අනෙක් අතට අදාළ නිර්මාණය පලදායි යෙදවුමක් සිදුකල යුතුයි.

      Delete
    2. මම මේ දවස්වල ලංකාවේ project එකකක් කරනවා social enterprises සහ social innovations වලට support කරන. දැනට 20 කට විතර help කරනවා අපි පටන් අරන් තියෙන social enterprise incubator & accelerator මගින්. ඉන්වෙස්ට් කරන්ට කැමති ව්‍යාපාරිකයන් ඉන්නවා නම් සම්බන්ධ කරලා දෙන්ට.

      Delete
    3. මම කියපු පුද්ගලයා සොයමින් සිටියේ, කිසි ම් ඵලදායි නිමවුමක් කල පුද්ගලයෙක්. වෙළදපොලට සාර්ථකව ඉදිරිපත් කල හැකි භාණ්ඩයක් නම් ඔහු ආයෝජනය කරනු ඇති. එවැනි පුද්ගලයෙක් සිටිනවානම් lankikasithuwili@gmail.com ඊ තලයක් එවන්න.

      Delete
  3. මම ඔබේ මේ සීරිස් එකේ පළවෙනි පෝස්ට් එකට කොමෙන්ට් එකක් දාලා ඇණ ගත්ත, ඒ මම ඔබේ පෝස්ට් එකේ අරමුණ වැරදියට ග්‍රහණය කරගත්ත නිසයි, පස්සේ තමා තේරුම් ගියේ කැක්කුමටම ලියවෙන ඒවා කියලා. ඒ නිසා නිශ්ශබ්දව ෆලෝ කරන්න හිතාගත්තත් පෙන්වා නොදී බැරි (කට කහන) කාරණාවක් තියනවා. අර රැම් පොම්පෙ, ඒක කොහොමටවත්ම වියලි කලාපයට ගැලපෙන තාක්ෂණයක් නොවේ, ඒකට තරමක් හෙඩ් එකක් (උසක සිට පහතට ගලා හැලෙන) වතුර පාරක් ඕන, ඒ වගේම පීවිසී වලින් හැදුවොත් සති කීපයකින් අබලන් වෙනවා. වියලි කලාපයේ දී භූගත ජල මට්ටමේ විභවයක් නැති ජලය අඩි ගණනාවක් ඉහලට ඔසවන්න වෙනවා, දැනට ජනප්‍රිය වතුර පොම්ප (විදුලි / තෙල් /සූර්ය බල) තමයි ඒකට හෙටම ගැලපෙන්නේ. රැම් පොම්පෙ අඬු පාඬු ලියල මගේ පඬි කම පෙන්වන්න හැදුවට සමාවෙන්න, මම ඔබේ මේ වෑයම අගය කරනවා , ඒත් ලංකාවේ කෘෂිකර්මාන්තය සහ තාක්ෂණය ගැටළුව ගැන මගේ අදහස වෙනස්. ලංකාවේ කෘෂි ගැටළුව තාක්ෂණය නැතිකම නොවේ, එවැනි තාක්ෂණයක් අවශ්‍ය නැති කමයි. ගොවියන් කියල කියන බහුතරය ඇත්තටම ගොවියො නෙමෙයි, රජයෙන් ඉඩමක්, වතුර නොමිලෙම දීල සියළු යෙදවුම් සහන පදනමකින් ලබා දුන්නාම වවන බෝගය රජයටම වෙළඳපලේ මිළට වඩා වැඩි මිළකට ලබාදෙන රජයේ සේවකයෝ කොටසක් (ආණ්ඩුවේ ගොවියෝ) ඔය ගනයට නොවැටෙන සුළු පිරිසක් ඉන්නවා කල්පිටියේ සහ නුවර එළියේ, මේ අය, සුපිරි මට්මමට නැතත් කෘෂි තාක්ෂණය (විසිරි ජල පද්ධති / හයිඩ්‍රෙෆානික් / හයි්‍බ්‍රිරිඩි ඇට වර්ග / කෘෂි රසායන ) හොඳින් පරිහරණ කරනවා. මේ දෙපොලේ ඇති වෙනස තමයි, මෙයාලගේ ඉඩම් සහ වතුර රජයේ අධිකාරියට යටත් නොවීම, සහ වෙළඳපොල ගැන අවධියෙන් තීරණ ගැනීම.

    ReplyDelete
    Replies
    1. වර්ථමාන රජය, රජයේ ඉඩම් පරිහරණ බලපත්‍ර වෙනුවට විකිණිය හැකි ඔප්පුවක් ලබා දීමට ගෙන ඇති තීරණය ඉතාම හොඳ තිරණයක්, ඒත් ගොවිතැනට අදක්ෂයන්ගේ ඉඩම් දක්ෂයන් අතට සංක්‍රමණය වෙන්න සෑහෙන කාලයන් ගතවේවි.

      Delete
    2. ඇණයා Nut Man,

      ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් විදේශ විනිමය සංචිත ඉහල දමාගැනීමට කටයුතු නොකලොත්, අපරටට නව රැකියා ඇතිකළ නොහැකි වනවා
      පමණක් නෙමෙයි ඉන්න අයට වැටුප් ගෙවීමත් දුෂ්කර වනු ඇති, මේ නිසා අසහනයට පත්වන තරුණයන් ගේ කැරැල්ලක් ඇතිවීම පමණක් නෙමෙයි
      ජිවිත ගණනාවක් බිලිපුජා තැබීමට අපට සිදුවේවි. හරියට බැලුවොත් දැනටත් අපි ප්‍රමාදයි, මෙය බය කිරීමට කියන කතාවක් නොවන බව ආර්ථිකය ගැන සුළු හෝ වැටහීමක් ඇති සහ ලෝක දේසපාලන තත්වයේ වෙනස්වීම ගැන සැලකිලිමත් වීමේදී ඔබට වැටහෙනු ඇති.

      ඔබ නිවැරදි Water Ram ක්‍රමයට ගලා යන ජලය උවමනා කරනවා, මොකද එහි පීඩනය සකස්වීමට ජලයේ පීඩනය යෝදානන්න නිසා,
      නමුත් ජලය ගලායන පිහිල්ලක් යොදාගෙන ඉතා ඉහලට වතුර පොම්පලකහැකි තක්ෂණයෙන් දිවුණු නිර්මාණ පවතිනවා.
      පැය 24 ම වතුර පොම්ප කිරීම සිදුවන නිසා වැඩි දරිතාවක් ඇති ජල ටැංකියකට පුරවා ගතහැකියි.

      නමුත් ඔබ කිව්වා වගේම වියලිකලපයේ සෑම තැනම මෙය යොදාගත නොහැකි වනු ඇති. නමුත් ඉතා අඩු විදුලියක් ක්‍රියාකරන
      https://www.youtube.com/watch?v=1ojNID2jDz4 වැනි ක්‍රමයකට යාහැකියි.

      මම හිතන්නේ ගොවීන්ට hydroponics ඇති ලාබය ගැන දැනුවත් උනොත් ඔවුන් ගෙන් සැලකියයුතු පිරිසක් මෙම ගොවිතැනට යොමුවනු ඇති.

      Delete
    3. //ලංකාවේ කෘෂි ගැටළුව තාක්ෂණය නැතිකම නොවේ, එවැනි තාක්ෂණයක් අවශ්‍ය නැති කමයි. //
      කතාව ඇත්ත. අපේ රටේ තාක්ෂණය තියෙනවා. නමුත් ඒවා යොදාගන්ට අපේ ගොවියෝ බහුතරය කැමති නෑ. පසු අස්වනු නාස්තිය හොඳම උදාහරණයක්. 40% ක් පමණ අස්වැන්න ගොවිපලේ ඉඳලා කුස්සියට එනකොට නාස්ති වෙලා. දඹුල්ලට ගියොත් බලාගන්ට පුළුවන් නාස්තියේ තරම. නාස්තිය අඩුකලොත් එළවලු මිල සෑහෙන්ට අඩුවෙනවා.

      Delete
    4. ඇණයා සමඟද එකඟයි...

      Delete