Friday, November 20, 2015

අපට වස බෙදන ඖෂධ සමාගම්


http://projects.propublica.org/graphics/bigpharma

ඉහත ලින්කුවෙන් පෙන්වන්නේ ලොව වටා ඖෂධ සමාගම් මෑත කාලයේ අදිකරණය ඉදිරියේ  වරදකව්රුවන් වී වන්දි ගෙවා ඇති ආකාරයයි.

මට මෙය පෙන්වීමට උවමනා වුනේ වෛද්‍ය  ලෝකයේ සිදුවන විශාලම රැවටීම පෙන්වා දීමටයි.

හිතන්න ඔබට අසනීපයක් අතිඋනා, ඔබ දෙසැරයක් නොසිතා කරන දෙයනම් වෛද්‍ය වරයකු හමුවී බෙහෙත් ගැනීමයි.

මෙහිදී වෛද්‍ය වරයකු අතින් වැරද්දක් සිදුවිය හැකි උනත්, අපි මෙහිදී වෛද්‍ය  වරයකු යනු කවරෙක්දැයි දැනගතයුතු වෙයි.
ශ්‍රී ලංකාවේ නම් උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහලම ලකුනුලබා වෛද්‍ය විද්‍යාලයට යන සිසුවෙක් වසර 6 පමණ වෛද්‍ය  විද්‍යාලයේ ගතකර
විවිද ලෙඩරෝග ගැන ඉගනුම ලබයි. මෙහිදී ඔහු හෝ ඇය රෝග හදුනා ගන්නා අයුරුත් සුවකිරීමට උවමනා ඖෂධ පිලිබදවත් ඉගන ගනී.
අවසානයේ  වෛද්‍ය වරයකු වී පිටවූ පසු කලකදී විසේසන්ය පුහුණුවක් සමහරු ලාබා, පුද්ගලික බෙහෙත් දීමත් සිදුකරයි.

දැන් තමයි වැදගත්ම කොටස ඇත්තේ, එනම් මේ වෛද්‍ය වරුන් හමුවීමට රටේ සුපතල ඖෂධ සමාගම් වල නියෝජිතයන් පැමිණෙන අතර වෛද්‍ය වරයා අතර පහත සදහන් දෙබස ඇතිවීම සාමාන්‍ය දෙයකි.

"ඖෂධ සමාගම් වල නියෝජිතයා :- ඩොක්ටර් අහවල් අසනීපයට දැන් නියම බෙහෙතක් තියෙනවා මේක හරිම effective
 වෛද්‍ය තුමා :- එහෙමද ? මට සාම්පලයක් දෙන්න පුලුවන්ද ?"

මෙහිදී ඖෂධ සමාගම් වල නියෝජිතයා දොස්තරවරයාට ලෙඩ හදුනාගැනීම කියා නොදෙන අතර ලෙඩකට බෙහෙතක් ගැන දැනුවත් කරයි.
දෙවැනි කාරණය දොස්තර වරයා අදාළ බෙහෙත පර්යේෂනාගරයකට ගෙන ගොස් හොද නරක නොසොයන අතර ඔහුගේ රෝගීන්ට අදාළ බෙහෙත කෙලින්ම  නියමකරනු ලබයි.

   ඔබත් මමත් දැනගතයුතු වැදගත්ම දෙයනම් මෙහිදී විශ්වාසය තබන්නේ වෛද්‍ය වරයාගේ දැනුම මත නොව ඖෂධ සමාගම් වල නියෝජිතයා ගේ දැනුම මතයි.

දැන්  ඖෂධ සමාගම් වල නියෝජිතක් වීමට උවමනා මුලික සුදුසුකම නම් උසස්පෙළ සමත්වීම සහ අලවිකරණයේ දක්ෂතාවයි.

මෙහිදී සිදුවන මුලික දෙයක්නම් රෝගියා වෛද්‍ය වරයා විශ්වාසය  තබන අතර වෛද්‍ය වරයා විශ්වාසය තබන්නේ ඖෂධ සමාගම් වල නියෝජිතයායි.
අවසානයේ ඖෂධ සමාගම් වල නියෝජිතයා අදාළ  ඖෂධ කොම්පෙනිය පිළිබද විශ්වාසය තබනු ලබයි.

දැන් ඔබට මුලින් ලබාදුන් ලින්කුවෙන් සදහන් වන්නේ

ලොව ප්‍රසිද්දම  ඖෂධ කොම්පෙනි වංචා සදහා වරදකරුවන් වී ඩොලර් බිලියන ගණන් වන්දි ගෙවා ඇති අයුරුයි.

//Pfizer SEPT 2009 Pfizer was fined $2.3 billion, then the largest health care fraud settlement and the largest criminal fine ever imposed in the United States//

Pfizer සමාගම 2009 සප්තම්බර් මස ඩොලර් බිලියන $2.3 ගෙවන්නේ ඇමරිකාවේ එක වන්දියක් සදහා ගෙවන ඉහලම මුදල ලෙසින්, මිට හේතුව  ඖෂධ ක්ෂේස්ට්‍රයේ සිදුකරන විශාලම වංචාව සිදුකරමින්.

//Pfizer pled guilty to misbranding the painkiller Bextra with "the intent to defraud or mislead", promoting the drug to treat acute pain at dosages the FDA had previously deemed dangerously high//

සම්පුර්ණයෙන් නොමග යවමින් සිදුකරන ලද මෙම ප්‍රචාරණය ගැන හිතන්න, මෙහිදී අවසාන ලෙස රැවටෙන්නේ රෝගීන් පමණයි.

//Merck NOV 2011 Merck agreed to pay a fine of $950 million related to the illegal promotion of the painkiller Vioxx //

මේ ආකාරයටම   Merck  සමාගම Vioxx නමැති ඖෂධ විකිණීම නිසා ඩොලර් මිලියන 950 දඩ  ගෙවනු ලබයි

//GlaxoSmithKline JULY 2012 GlaxoSmithKline agreed to pay a fine of $3 billion to resolve civil and criminal liabilities regarding its promotion of drugs, as well as its failure to report safety data. //

GlaxoSmithKline මෙය ශ්‍රී ලංකාවෙත් ඇති සමාගමකි, මෙයට බිලියන 3 ගෙවීමට සිදුවන්නේ 2012 වසරේ,  2009 වසරේ Pfizer සමාගම තැබූ වාර්තාව ඉක්මවමින්.

ලිපිය දික්වෙන බැවින් කරුණාකර ඔබට ලබාදී ඇති මුල් ලින්කුවෙන් තොරතුරු සොයාගන්න.

19 වැනි ශතවර්ෂයේ සිදුවූ වැදගත්ම සොයාගැනීම වන පෙන්සිලින් සහ සනීපාරක්ෂක ක්‍රම සහ ආහාර නිසා මිනිසාගේ වයස දීර්ග කරගැනීමට හේතු උනත් අද ලෝකයේ සිදුවන්නේ මෙම   ඖෂධ සමාගම් තරගයට ලෙඩ ඇතිකරමින් හැකි උපරිම ලාබයක් ලබාගැනීමට ක්‍රියා කිරීමයි.


අවසානයට  ඖෂධ සමාගමක විදායක අලවි නිලදාරිනියක් වූ කෙටි විස්තරය

සමාගම් අපව රවටන අයුරු



දීර්ග විස්තරය



මේ වසර 35 පමණ ඖෂධ සමාගම් කීපයක ඉහලම නිලදාරියෙක් කියන දෙය Dr John Rengen Virapen



මෙහිදී අප මේ උගුලෙන් ගැලවීමට ඉතා වටිනා උපායක් ඇත.

ඔබ අසනීප වූ පසු කරුණාකර  වෛද්‍ය  වරයකු හමුවී බෙහෙත් ගන්න, ඔබ ගෙදර පැමිණි පසු අදාළ බෙහෙත් වල නම් www.google.com එකට ගොස් 
පහත පරිදි සොයා බලන්න " {name of the drug) adverse effect " ඔබට අදාළ ඖෂධය පිළිබද අපුරු විස්තරයක් සොයාගත හැකි වනු ඇති.

සමහර විට ඔබ පුදුම වෙයි සමහර  ඖෂධ ලංකාවේ පාවිච්චි කලත් ඇමරිකාව වනිරටවල තහනම් බව!

අවසාන වශයෙන් https://www.youtube.com/watch?v=bGNn_prJXhg
Dr. Oz ලෝක ප්‍රසිද්ද වෛද්‍ය වරයකු  වන, ඔහුගෙන් තම දරුවන්ට  vaccine ලබදුන්නදැයි මාධ්‍ය වේදිනියක්  ප්‍රශ්න කලවිට ඔහු සදහන් කලේ තමාට දරුවන් 4 දෙනකු සිටින බවත් ඔහු ගෙදර ගියාම  Dr. Oz නොව Mr Oz බවත්, තම බිරිද  vaccine  තම දරුවන්ට ලබාදීමට අකමැති නිසා දරුවන්ට එන්නත් ලබා නොදුන් බවයි.





         

2 comments:

  1. /ඔබ අසනීප වූ පසු කරුණාකර වෛද්‍ය වරයකු හමුවී බෙහෙත් ගන්න, ඔබ ගෙදර පැමිණි පසු අදාළ බෙහෙත් වල නම් www.google.com එකට ගොස්
    පහත පරිදි සොයා බලන්න/

    අදාළ බෙහෙතේ නම???? අපේ පුංච් ටවුමේ දොස්තරලා බෙහෙත් දෙන්නේ ලූස්, කඩදාසි කවර වල, කාඩ් එකක් නම් තීරූ කපලා නම කියව ගන්න බැරි විදිහට.

    ReplyDelete
    Replies
    1. අදාළ ෆාමසියේ බෙහෙත් දෙන පුද්ගලයාගෙන් මතක ඇතිව බෙහෙතේ නම පැහැදිලිව ලියා ගන්න

      Delete