Wednesday, November 18, 2015

ජනතා විමුක්ති පෙරමුණ හැබැවටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනිසිටිනවද ?




මේ ලිපිය ලිවීමට හේතු උනේ ඉදිරියට මා ලිවීමට බලාපොරොත්තු වන ලෝකයේ ඇති ශ්‍රී ලාංකිකයන් වන අපට රුජුව බලපාන කුමන්ත්රණ පිලිබදව ලිපියක් ලිවීමට බලාපොරොත්තු වන නිසයි.

මගේ පෙර ලිපියකට මෙ අඩවියේ අපුරු කොමෙන්ටුවක් දැමු  ඇනය තුමා //ඇණයා Nut ManNovember 13, 2015 at 4:34 AM
අපි පුංචි කාලේ යක්කුන්ට අවතාර වලට බය වුනා, ලොකු උණාම ඒවා අපිව රවටන්න, එයාලගෙ වැඩ පහසු කරගන්න කියපු බොරු බව දැන ගත්තා, ඒත් යක්කු අවතාර විස්වාස කරන වැඩිහිටියොත් ඉන්නවා, එයාල ගිලිලා ඉන්න අන්ධ විශ්වාශයන් හෝ නූගත් බව නිසා එයාලට යක්කු අවතාර නෑ කියන එක අවබෝධකරවන්න අපට බෑ. ඔය සේරම අතරේ තමන්ගේ හොර වංචා පවත්වාගෙන යන්න යක්කු, පෙරේතයෝ අවතාර ප්‍රචාරයකරනවා. //

මෙම කොමෙන්ටුවේ  //ඔය සේරම අතරේ තමන්ගේ හොර වංචා පවත්වාගෙන යන්න යක්කු, පෙරේතයෝ අවතාර ප්‍රචාරයකරනවා.// කොටස අද මා ඉදිරිපත් කරන අදහස් සමග ඉතා ප්‍රවේසමෙන් කල්පනා කලයුතු වෙනවා. මෙතන ඇනය කියන දේ ලොකු අත්තක් පවතිනවා, මේ ඇත්ත මුලින්ම අපි තේරුම් ගතයුතු වෙනවා ඉදිරි ලිපිවලට යන්න ඉස්සල්ල.

දැන් අපි ජනතා විමුක්ති පෙරමුණ දෙස යොමුවෙමු, බැලුබැල්මට ඔවුන් ඉතාම ප්‍රගතශීලි මිනිසුන් ගෙන් සමන්විත විනයක් ඇති පක්ෂයක් බව බොහෝ අය පවසනු ඇති, නමුත් ඔවුන් රටට ආදරේ පුද්ගලයන් සමුහයක්ද ? ( මා හිතන්නේ වඩා  නිවැරදි ප්‍රශ්නය වන්නේ ජනතා විමුක්ති පෙරමුනේ ඉහල පෙළ සහෝදර වරු  රටට ආදරේ පුද්ගලයන් සමුහයක්ද ? යන්නයි )

මා මෙසේ වරනගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඉහල සාමාජිකයන් තමයි පකෂයේ සියල්ල මෙහෙවයන්නේ.
මෙනිසා ඔවුන්සිදුකරන සිය්ස්ලු දෙය ඔවුන් සිදුකරන්නේ බලය ලබාගැනීම සදහා පමණයි.
හිතන්න අද සෝමවංස අමරසිංහ කටයුතු කරන්නේ කෙසේද ? විමල් වීරවංස කටයුතු කලේ කෙසේද ?

මොවුන් සියලු දෙනාම සිදුකරන්නේ අලංකාර රංගනයක් පමණයි, නමුත් අපි මෙහිදී දැනගතයුතු සතයක් තිබෙනවා එනම් මොවුන් ලෝකයේ පවතීන කුමන්ත්‍රණ මහජනයාට හෙළි කිරීමට විවිද අවස්ථාවල උත්සහ කරනවා, ඔවුන් එසේ කරන්නේ ජනතාව අතර ඔවුන් ජනප්‍රිය වී බලය හැකිපමණ ඩැහැ ගැනීමට මිස ඔවුන් ජනතාවගේ විමුක්තිදායකයා නිසා නෙමෙයි.

රෝහණ විජේවීර නමැති මිනීමරුවා බලය ලබාගැනීමට පෙර  මරා දැමුණු නිසා අපට ඔහු බලය ලබාගත්තානම් කෙසේ හැසිරෙයි දැයි පිළිබද කිසිම අවබෝදයක් නෑ නමුත්  කාම්බෝජය "Cambodia" නමැති රටේ පොල්පොට් නමැති ජනතාවිමුක්තිපෙරමුන වැනිම විමුක්තිදායක සන්විදනයක් වන කෙමරුජ් සංවිදානය රටේ බලයට පත්වෙනවා 1975 අප්‍රේල් 17 බලය ලබාගත් ඔහු වසර 4 ක් පමණ රට පාලනය කරන අතර රටේ ජනගහනයෙන් 25% ඝාතනය කරනු ලබනවා.

ඉතා කෙටියෙන් 



දීර්ග ලෙස 



මොහු බලයට පැමිණියේත් බටහිර අධිරාජ්‍යට විරුද්දව සටන් කරන බව පවසමින්, බලයට පැමිණි පසු ඔහු නගර වල සිටින ජනයාට වහාම ක්‍රියාත්මකවන ලෙස පැය  72 ක් ඇතුලත ගම්පලාත් වලට යන යන ලෙස අණ කරන අතර ඔහු රටේ කැලැන්ඩරය වසර 1 සිට ආරම්බ කරනවා. ජනතාව විශාල වශයෙන්
ගම්වලට පැමිණියාම ඔහුන් පමණක් නෙමෙයි ගම්වල සිටින ජනයා ටත් ආහාර හිගයකට මුනදීමට සිදුවෙනවා. මේ කාලයේ පොල්පොට් ගේ කණ්ඩායම "කෙමරුජ් සංවිදානය " රටේ සහල් අපනයනය කරනවා.

ඔහු බලයේ සිටින්නේ වසර 4 පමණ 1975 සිට 1979 දක්වා පමණයි මේ කාලයේ වියට්නාම් හමුදා ඔහුට ප්‍රහාර එල්ල කිරීම නිසා ඔහු සැග විසිටිනවා අවසානදී ඔහුගේ සංවිදානය ඔහුව අත්අඩංගුවට ගන්නවා 1998 දී තමයි ඔහු මියයන්නේ.

දැන් ටිකක් හිතන්න ජනතා විමුක්ති පෙරමුණ දේශන  පැවත් වීමේදී කිසිවිටකත් පොල්පොට් ගැන සදහන් කරන්නේ නෑ නේද ? ප්‍රශ්නය කිසිවෙක් මෙපිලිබද ප්‍රශ්න කරන්නේ නැති වීමයි.

මිට හේතුව ශ්‍රී ලංකාවේ මිනිසුන් ට  ලෝකයේ සිදුවන සහ සිදුවී ඇති දේ පිළිබද දැනුම ජනමාද්‍ය  මගින් ජනතාවට ලබා නොදීමයි.

ඉදිරි ලිපියෙන් ලෝකයේ පවතින විශාලම කුමන්ත්‍රන ඔබටම තහවරු කරගැනීමට සාක්කි සමග ....        

5 comments:

  1. දේශපාලන සංවිධාන යනු අර්ථදැකවීමෙන් ම ආත්මාර්ථකාමී ඒවායි. ඒ බව ඔප්පු කරන්න අමුතු තර්ක අවශ්‍ය නෑ.

    කෙසේ වෙතත්, අප පෙනී සිටිය යුත්තේ රට වෙනුවෙන් නොවේ. නිවැරදි දේ වෙනුවෙනි. "රට වෙනුවෙන්" යැයි කියනා විටම එය ප්‍රතිගාමී අදහසක් වෙන බව ඉතිහාසය පුරා රට වෙනුවෙන් යැයි කියූ අය විසින් හොඳින් ඔප්පු කර ඇත!

    රව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියූ වංචනික නොවන, ආත්මාර්ථකාමී නොවෙන සංවිධානයක නමක් කියන්න හැකිද?

    ReplyDelete
    Replies
    1. රසික,

      මෙහෙමයි, ඔබ කියන සියලු ලෝකවාසින්ට එකසේ සලකන කියන සංකල්පය, සංකල්පයක් ලෙස ඉතා වටිනා දෙයක් නමුත් ප්‍රයෝගික ලෝකයේ කොහේ ක්‍රියාත්මක වෙනවාදැයි ඔබට පැවසීමට පුලුවන්ද?

      අපි මෙහිදී ඔබ දැනට වාසය කරන ඔස්ට්‍රේලියාව ගනිමු, හිතන්න ඔබ රට මේවගේ නීතියක් ගෙනාව කියල.
      "ඕස්ට්‍රේලියාව මින් පසුව ලෝකයේ සිටින සියලුම ජාතිකයන්ට සම්මානව සලකනවා" කියල සම්මත කරවමු.

      ඉන්පසු කිසිදු රටක ජාතිකයකුට වීස නැතුව රටට ඇතුල්වී පදිංචි වීමට අවස්ථාව ලබාදුන්නොත් කොහොමද ?

      ටිකකලකට පෙර මගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි මිතුරකු ඔහුගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සහෝදරයා කියා ඇති දෙය හරි අපුරුයි.
      " අපි හැමවිටම උත්සහ ගත යුත්තේ ඕස්ට්‍රේලියාවේ නිපදවන භාණ්ඩයක් මිලදී ගනිමටයි, මොකද මෙමගින් විදේශ වලට අපේ සම්පත් ඇදීයාම නවත්වා ගතහැකියි "
      පුදුමේ කියන්නේ මේ බොහෝ අය ලංකාවේ සිටියදී නොතිබුන ජාතික හැගීමක් ඕස්ට්‍රේලියාවේ පදිංචි පුරවැසිබාවය ලැබූ පසු ඇතිවීමයි.

      මෙනිසා සෑම රටක්ම තම රටේ ජනතාව ගැන මුලින්ම සිතිය යුතුයි, එහෙම සිතනවා කියන්නේ වෙන අහිංසක රටක් බලෙන් පිඩාවට පත්කර එහි සම්පත් සුරාගැනීම් නෙමෙයි, අත්තෙම්ම එයින් සිදුවන්නේ අදාළ දුර්වල රටේ ජනයා අතර වයිරී හැගීමක් ඇතිකර අද පවතින ලෝක තත්වය මත ඔවුන් අදාළ හිංසාව කල රටට පැමිණ ට්‍ර්ස්තවාදී කරයුතු වල නිරත වීමයි, මෙහිදී ඇත්තටම සිදුවී ඇත්තේ බලවත් රටේ දෙසපල්න්යයන් තම ජනතාවට අනර්ථය සිදු කිරීමයි.

      Delete
    2. ඔබේ වැදගත් නමුත් මල්ලේ පොල් අදහස් දැක්වීමෙන් පෙනෙන්නේ මා කියූ "රව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියූ වංචනික නොවන, ආත්මාර්ථකාමී නොවෙන සංවිධාන" නැතිය කියන කාරණයට ඔබ ද එකඟ බවයි.

      ඒ ගැන ස්තුතියි!

      Delete
    3. ඔබේ පිළිතුර මල්ලේ පොල් ලෙස මා වර්ගීකරණය කලේ ජවිපෙ ඇතුලු විවිධ දේශපාලන සංවිධාන ගැන ඔබ ලියා ඇති මුල් ලිපියට මා දැක්වූ ප්‍රතිචාරයට පිලිතුර ලෙස ඔබ රටක ආණ්ඩු හෝ පුද්ගලයින් ගැන කියා තිබීම නිසායි.

      Delete
    4. රසික,

      //රව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියූ වංචනික නොවන, ආත්මාර්ථකාමී නොවෙන සංවිධානයක නමක් කියන්න හැකිද?//
      මේ ප්‍රශ්නයට නම් දිය හැකි රුජු උත්තරය නැත යන්නයි.

      නමුත් // අප පෙනී සිටිය යුත්තේ රට වෙනුවෙන් නොවේ. නිවැරදි දේ වෙනුවෙනි. //
      මෙහිදී ඔබ "නිවැරදි" දෙය ලෙස සලකන්නේ කුමක්ද ?

      මුළු ලෝකයේම ජනනයාට සෙත සැලසීම ගැන රටක රජය සිතන්න ගත්තොත් කරන්න සිදුවන්නේ //ඉන්පසු කිසිදු රටක ජාතිකයකුට වීස නැතුව රටට ඇතුල්වී පදිංචි වීමට අවස්ථාව ලබාදුන්නොත් කොහොමද ?//

      මෙහිදී රටේ ජනතාව පැත්තෙන් නිවැරදි දේ ලෝක සියලු මිනිසුන් පැත්තෙන් බැලුවොත් නිවැරදි නොවේ.
      ඔබ කියන්න රටේ ජනතාවගේ පැත්තෙන් නොබලා නිවැරදි දේ කරන ලෙසයි එසේනම්...........

      Delete