Tuesday, February 24, 2015
අපරාධ, අපරාධ ලෙස නොදැකීමේ අපරාධය!
අප බොහෝදෙනා අපරාධයක් ලෙස දකින්නේ, එක්කෝ මිනි මරාගනිමක්, මංකොල්ලකෑමක් වැනි දෙයකි, මා පෙන්වන්න යන්නේ සමාජයක් ලෙස මේවා සිදුවන්නේ මක් නිසාද යන්නයි.
මෙම සටහන පටන්ගැනීමට ප්‍රථම අපි 1948 නිදහස ලබන වර්ෂයට මතකය ගෙන යමු. ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් තිබු අපට වසර 30 ක යුද්දයක් සහ තරුණ කැරලි දෙකක් ඇති වුයේ මන්ද ?
නිදහස ලබන අවස්ථාවේ සුද්දන් විසින් බොහෝ යටිතල පහසුකම් අප රටේ ස්ථාපනය කරන ලද අවස්ථාවක සිටි අපි මා දකින මුලික අපරාධය නම් සුබසාදනයට යොමු වීමයි, මෙය අපරාදයක් වන්නේ ඇයි දැයි බලමු. සුබසාදනය හේතුවෙන් ආයෝජනය පහත යන අවස්ථාවකදී වාමාංශික වියාපාර විසින් රජයෙන් වැඩි වැඩි සහන ලබාගැනීමත් හැකි තරම් අඩුවෙන් වැඩ කිරීමත් ප්‍රවර්දනය කරනලදී, මේ හේතුවෙන් විදේස ආයෝජන අවම වූ අතර සියලු දෙය රජය කිරීම නිසා මහා පරිමාණ දුෂණය ඉහල යාමෙන් ආර්ථිකයට මහා බරක් පටවින ලදී.
1956 දී සිංහල රජ බස කිරීමෙන් බණ්ඩාරනායක මහතා බලය ලබා ගත් අතර ජාතිවාදී මතය යොදා ගැනීමෙන් රජය කරන ලද්දේ වාමන්සිකයන් රටේ කරන ලද වැඩවර්ජන පවතින අතරයි (මෙම වැඩවර්ජන කිසිලෙස අපරාදයක් ලෙස නොදකිනලද, ජාති වාදය කිසිකලක ශ්‍රී ලාංකිකයන් අපරාදයක් ලෙස නොදකින ලදී )
සිංහල රජ බාෂාව කිරීමෙන් සිදුවූ අනතුර නම් තාක්ෂණික විෂය දැනුම අපරටට නොලැබී යාමයි (මහාචාර්යවරයකු පැවසු පරිදි ඉතිරිවූයේ සටහන් කටපාඩම් කරන හිස් මිනිසුන් සමුහයක් පමණි )
ලෝකයේ අපට පිටුපසින් සිටි රටවල් වේගයෙන් දියුණු වෙද්දී අප සුද්දට බැන බැන සිදුවන නියම අපරාද නොදකිමින් ගතකරන ලද කාලය දශක 7 පමණ වේ.
ප්‍රශ්නය නම් අප බොහෝ දෙනා වංචා දුෂණ අක්‍රමිකතා බයානක අපරාධ ලෙස නොදැකීමයි
මේ හේතුවෙන් නව රැකියා නිපදවීමට 1970 රජය පත් වන විට නොහැකි වුන අතර 1971 ප්‍රථම තරුණ කැරැල්ල හට ගත්තේ මෙම අසහනය වැඩි දියුණු වීමෙනුයි. මෙහිදී තරුණ තරුණියන් ගාතනය වීමේදී සංවේදී කතා රචනා උනත් අපට අපරාදය ඇත්තේ කොහෙදයන වග තවම අවබෝද වී නැත.
රටේ විවිද පශ්න ඇතිකර ගනිමින් කලයුතු දෙය නොකරමින් අප ගමන් කරමින් සිටින්නේ එක අනතුරක සිට තව අනතුරක් දක්වායි .
1989 දෙවැනි තරුණ කැරැල්ල ඉතා අනුවේදනීය වුයේ දකුණේ තරුණ තරුණියන් ටයර් දමා පුළුස්සා ඇති අයුරුයි.
මෙහිදී මවකට තම දරුවා හමුවුයේ හිස පමණක් වන අතර විලාප තියමින් ඇය මහමග ගමන් කරන විට ඇතිවෙන සංවේදී අවස්ථාවේ
අප නොසිතන්නේ මිනිස් මනස මෙසේ ක්‍රියා ක්‍රියා කරන්නේ කිසියම් සිදුවීම් දාමයක ප්‍රතිපල ලෙස බව අපට නොවැටහෙයි.
දැන් අප සිතමු ශ්‍රීලංකාව පවතින ස්ථානයේ පරයෝජනයට ගනිමින්, රටේ නිතිය සදරනවා ක්‍රියාත්මක කරමින්, ජාතිවාදී මත පතුරවන්නන්ට දැඩි නීති මගින් දඩුවම් කරමින්, අද්‍යාපන ලබාදීමේදී ඉංග්‍රීසි බාෂාව රටේ ප්‍රචලිත කරමින් විදෙස අයෝජන මගින් බුද්දිමත් තීරණ ගතහැකි මිනිසුන් සිටියා නම් මෙවැනි
දේශපාලනඥයයන් රටට නො ලැබෙනවා පමණක් නොව ඉහත සදහන් කල මුලික ප්‍රශ්නය වන තරුණ අසහනය ඇති නොවන්නට හේතුවන්නේ ඕනෑතරම්
රැකියා උප්පදනයට අපට හැකි නිසයි.
අප අවංකව සිතිය යුත්තේ දෙසපලන්යනන් ලවා සහනාදාර වැඩි කර ගැනීම නොව හැකිපමණ නිදහස් වෙළදාම ඇතිකරගනිමත් සාදාරන නිතිය පවතින රටක් ඇතිකර ගැනීමත් යන කරුණයි.
අවසාන ලෙස කිවයුත්තේ පුරවැසියන් ලෙස දරුවාගේ ගිනිගෙන දැවෙන ශරීරය දකින මවක් යම් කම්පාවක් ඇතිකර ගනීද එයට ආසන්න හෝ කම්පාවක්
අල්ලස් දුෂණ අක්‍රමිකතා සහ නිතිය ක්‍රියාත්මක නොවීම පිලිබදව අප ඇති කරගත යුතුය, මක්නිසාද එසේ නොවුවිට ඉහත සදහන් සියලු අනතුරු නැවත නැවත සිදුවන නිසයි!
Saturday, February 14, 2015
දියුණුවට අවශ්‍ය බලය. 2 කොටස.
මෙය ලිවීමට පෙලබුනේ මා පෙර ලියනලද "දියුණුවට අවශ්‍ය බලය." නම් ලිපියට http://lankasithuwili.blogspot.com/2015/02/blog-post.html#comment-form "ලොකු පුතා" නම් පාටකයා දමනලද අදහස පිලිබදවයි.
"මෙම සියළුම උපකරණ මිළදී ගැනීමට සිදු වන්නේද විදේශයෙන් බව අමතක කරන්න එපා.
එමෙන්ම එය එකවර කලයුතු විශාල ආයෝජනයක් වන බව අමතක කරන්නත් එපා."
ඉහත අදහස සත්‍ය වන අතර කණගාටුවට කරුණ නම් මෙම පැනල නිපදවීමට අත්‍යවස්ය අමුද්ද්‍රව්‍ය පවතින්නේ ශ්‍රී ලංකාවේ බවයි.
ලොව ඇති හොදම වර්ගයේ සිලික වැලි අපනයනය කරන රටක් වන අපි කොතරම් මෝඩ දැයි කිවුවොත් කිසුදු වැඩි දියුණු කිරීමකින් තොරව
http://www.dailynews.lk/?q=business/vein-quartz-sri-lankas-silicon-valley අපනයනය කරන මෙවැනි ජාතික සම්පත් නිසා
ඇතිකලහැකි රැකියා අවස්තා මිල කල නොහැකි.
රජයට බල කල යුතු වන්නේ මෙවැනි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ පිහිටවා උසස් තාක්ෂණික නිෂ්පාදන අපනයනය මිස
රන් බිත්තර දමන කිකිළිය මැරීම නොවේ.
ශ්‍රී ලංකා මහබැංකුවේ මෝඩකම් !!
ශ්‍රී ලංකාවට paypal පහසුකම ලබාදීමේ වාසි සහ මහබැංකුවේ මෝඩකම්
අද ලෝකයේ අන්තර්ජාතික වෙළදාමේ යොදාගන්න මුලිකම ගනු දෙනු කිරීමේ මද්‍යක් වන්නේ paypal සේවාවයි. මිට මුලිකම හේතුව ගනුදෙනු කිරීමට මිට අමතරව ඇති ක්‍රම වන්නේ 01. බැංකු හරහා සිදුකරන ( Wire transfer ) 02. අන්තර්ජාතික ණය පත් යොදාගැනීම (credit card ) 03. western union, moneygram , Ria Money Transfer (වැනි සේවා මගින් මෙය කල හැක )
01. බැංකු හරහා සිදුකරන ( Wire transfer ):- මෙය ඉතා ඉහල මුදලක් හුවමාරු කිරීමට යොදාගනී, එම මොහොතේම සිදු නොවේ.
02. අන්තර්ජාතික ණය පත් යොදාගැනීම (credit card ) මෙය එවලේම සිදුකළහැකි උවත් කිසියම් අවදානමක් පවතී (විසේසයෙන් ම අන්තර්ජාතික ගනුදෙනුවකදී ඔබට ණයපතේ තොරතුරු විදේශිය පුද්ජ්ගලයකුට ලබාදීමෙන්, ඔහු අවබාවිත කිරීමේ අවදානමක් පවතී )
03 western union, moneygram , Ria Money Transfer එවලේම මුදල් යැවිය හැකි උවත් විදේශිය ගැනුම්කරුවන් මිට වැඩි උනන්දුවක් නැත්තේ නොදන්නා කෙනකුට මුදල් දීමෙන් ආරක්ෂාවක් නොමැති බැවිනි.
04. paypal :- වල ඇති මුලික ලක්ෂනයනම් ඔබවිසින් ඔබේ paypal ගිණුම ඔබේ ණයපතට credit card හා සම්බන්ද link කර ඇති බැවින් කිසියම් ගෙවිමකදී ඔබට ඔබේ credit card numbers පිටතට ලබාදියයුතු නොවේ, තවද ගෙවීම කලහැක්කේ ඔබට පමණයි.
දැන් මෙහි ඇති වාසි මොනවාදැයි බලමු
සිතන්න ඔබ ගණකාධිකාරී වරයකුයි කියා ඔබ කැමතිනම් විදේශිය ආයතනයක ගිණුම් අංශයේ උදාහරණ bank reconciliation කිරීමට හැකියි සිතමු
විදේශිය ගැනුම්කරු මෙම සේවයට ඔබට $250 වැනි අඩු මුදලක් ගෙවීමට සිදුවුවිට මෙම මුදල පහසුවෙන් ඔබේ paypal ගිණුමට එවීමට හැකියි.
මෙහිදී එවන පුද්ගලයාගේ credit card නොම්බර ඔබ නොදන්නා අතර අවබාවිත කිරීමට අවස්ථාව නොලැබේ.
දැන් paypal යොදාගැනීමේ අවාසි මොනවාදැයි බලමු.
paypal පවතින තත්වය මත මුදල් ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට පහසුකම් සලසා ඇති අතර ශ්‍රී ලංකාවට විදෙස විනිමය ලබාගැනීමට අවහිර කරනු ලබයි.
දැන් අපි මෙවැනි මෝඩ තත්වයක් ලංකාවේ පවතින්නේ paypal ආයතනයේ වරදක් නිසා නොව අප ශ්‍රී ලංකා වේ මහ බැංකුව පවත්වාගෙනයන
මෝඩ ප්‍රතිපත්තියයි.
මෙය වෙනස්කරන බව හිටපු මහා බැංකු අදිපති කබ්රාල් මහතා වසර 2 ට පෙර පොරොන්දු උවත් මෙතෙක් ඉටුවී නැත.
මහබැංකුව නිසි ක්‍රියාමාර්ග ගන්නවානම් විදෙස විනිමය උපාය ගැනීමට අනගි අවස්ථාවක් පවතී
Wednesday, February 11, 2015
දියුණුවට අවශ්‍ය බලය.
විදුලි බලය පිළිබද ගැටලුව නිරාකරණය කර ගැනීමට පවතින ස්වර්ණමය අවස්ථාව.
අප රට බිලියන ගණනක් විදුලි උප්පදනයට වැයකරයි. මේ දනය බොහෝවිට විදෙස ගතවීම නොවලක්වියහැකියි.
අපට ඇති හොදම විකල්පයනම් සුර්ය කෝෂ යොදා විදිලිය ඉපදවීමයි, මෙහි ඇති මුලික ප්‍රශ්නය නම් එම විදුලිය ගබඩා කිරීමට
ඉතා මිල අදික බැටරි deep cycle battery යොදාගත යුතු වීමයි. රුපියල් 50000 වැඩි වන මෙම බැටරියක් යොදා කරන ආයෝජනය
නැවත ලබාගත නොහැකි වීම බොහෝ දෙනා මෙයට නොපෙලබිමට හේතුවයි.
නමුත් මෑත කාලයේ මිට කදිම විසදුමක් සොයාගන ඇත, එනම් සුර්ය පැනලයේ සිට කෙලින්ම නිවසේ විදුලි සැපයුමට විදුලිය සැපයීමයි.
මෙහිදී රුපියල් 500,000 පමනමුදලක් පැනල සහ අනෙකුත් උපාංග සදහා වැයකළ විට මසකට Unit 250 පමණ ජාතික විදුලි සැපයුමට ලබාදිය හැක.
දැනට පවතින තත්වය අනුව විදුලිබල මණ්ඩලය විසේස මීටරයක් මෙයට ලබා දෙන අතර එයට රුපියල් 40000 පමණ අයකරයි.
තවද අපි සිතමු මසකට විදුලි එකක 200 පරිබෝජනය කරනවා කියා මෙම ඒකකය මගින් එකක 250 නිපදවනවානම් ශ්‍රී ලංකාවේ
පවතින නිතිය අනුව විදුලිබල මණ්ඩලය කරන්නේ අපගේ විදුලි බිල 0 කිරීම පමණයි. ඉතිරි එකක 50ට කිසිදු මුදලක් විදුලිබල මණ්ඩලය
ලබා නොදෙයි.
පහත පියවරයන් රජය ගැනීමට සුදානම් වී ඇත්නම් මුළු ලංකාවේම විදුලි අවශ්‍යතා සපුරාගැනීමට හැකි වනු ඇති.
01. මෙම උපකරණ සදහා බදු නිදහස් කිරීම
02. ඉහල තත්වයේ උපකරණ අඩුමිලට ලබාගැනීමට ප්‍රතිපාදන ලබාදීම (මෙවැනි කට්ටකලයක් වසර 20 පමණ බවිත කල හැක )
03. අතිරේක එකක සදහා විදුලිබල මණ්ඩලය පාරිබෝගිකය වෙත ගෙවීම් කිරීම.
04. සාදාරන මිලට මෙම මීටර ලබාගැනීමට පහසුකම් ලබාදීම.
රජයකට ඉතා පහසුවන් මෙවැනි වියප්ප්රුතියක් පටන් ගත හැකියි.
මෙහි ඇති වාසිය නම් මුදල් ආයෝජනය කරන පුද්ගලයන් මෙමගින් දිරිගැන්වීමයි. රටේ විදේස විනිමය ඉතිරි කර ගත හැකි වීමයි.
Saturday, January 17, 2015
රාජ්‍ය සේවය සංවර්දනය උදෙසා !
අති විසාල රාජ්ජ්‍ය සේවයට කලයුත්තේ කුමක්ද ?
ඔබ රාජ්‍ය සේවකයකු නම් අද සාකච්චා කිරීමට යන මාතෘකාව බිය උපදවන එකක් උවත් ගතයුතු පියවර නිසි ලෙස ගත හොත් සතුටුදායක විසදුමකට පැමිණිය හැකි වනු ඇත.
වර්තන්මන ලෝකයේ පවතින තොරතුරු තාක්ෂනය ඉහත ප්‍රශ්නයට පිළිතුරු සපයන අයුරු පැහැදිලි කරන්නම්.
අද රාජ්ජ්‍ය සේවය පවතින්නේ ඉතා අවදානම් තත්වයකයි ලක්ෂ 4 පමණ වියයුතු රාජ්ජ්‍ය සේවය අද ලක්ෂ 14 සිටී. මෙයින් ලක්ෂ 8 පමණ කිසිදු සැලැස්මකින් තොරව හිටපු ජනාදිපති තුමා බදවාගත් පිරිසයි (මොවුන් ගෙන් සැලකියයුතු පිරිසක් උපාධිදාරීන් වේ ) ප්‍රශ්නය නම් ඔවුන්ව කිසිදු පලදායි කටයුත්තකට යොදවා නැති වීමයි.
පහත සටහන තොරතුරු තාක්ෂණය මාදන්නා ආකාරයට මෙයට පිළියම් ලබාදෙන අයුරු පෙන්වා දීමයි. මෙම ලිපිය කියවන අයට තම අද්දැකීම් වලින් දායක විය හැක.
අප ලෝකය සමග වෙළදාමෙන් ගනුදෙනු කිරීමට බාදා ඇත්තේ මුලිකවම ඉංග්රීසි භාෂාව හැසිරවීමට ඇති අපහසුවයි, මුලින්ම චීනය මෙයට පිළිතුරු සොයාගත් අයුරු බලමු. චීනය ඇමරිකාවේ සහ යුරෝපයේ වෙළදාම දියුණු කිරීමට යොදාගත්තේ අලිබබා වෙබ් අඩවියයි මෙයින් චීන නිෂ්පාදකයනට විදේශිය ගැනුම් කරුවන් සොයාදීම සිදුකරන ලද්දේ චීන භාෂාව ඉංග්‍රීසියට පරිවර්තනය කරන වෙබ්පිටු මගිනි. මුලින් සුළු නිසප්දන අපනයනය කල චීනය දැන් මහාපරිමාණ නිෂ්පාදන අපනයනය කරන තැනට පත්වී ඇත.
දැන් ඉතා සරල ලෙස අප මෙය තෙරුම්ගමු, සිතන්න ඔබ සුලුපරිමාන අත්කම් නිමවන්නෙකු කියා, ඔබට සිත්ගන්නා නිෂ්පාදනයක් කළහැකිනම්
අන්තර්ජාලය මගින් ඔබට විකුනගනිමට පුළුවන් වේ. දැන් පහත පියවර මා පැහැදිලි කරන්නම්.
01. ඔබේ නිෂ්පාදනය අද ඇති පහසුකම් මත වෙබ් පිටුවක පලකරවා ගතහැක. (මෙම පිටුව සෙවුම් යන්ට්‍රවල ඇතුලත් වුවිට ගැනුම් කරුවන් ඔබ අඩවියට පැමිණිය හැක )
02. දැන් ගැනුම් කරුවන්ට ඔබේ නිෂ්පාදනය මිලදී ගැනීමට උවමනා නම් ඔබ කලයුත්තේ කුමක්ද ?
ශ්‍රී ලංකා රජය මේ අවස්ථාවේ කලයුතේ Payment Gateway පහසුකම ඉතා අඩු මුදලකට ලබා දීමයි (ශ්‍රී ලංකා වාණිජ බැංකු මෙම පහසුකම් දැනට ලබා දෙන්නේ වර්ශරකට රුපියල් 60000 පමණ මුදලකුත් සිදුවන සෑම ගනුදෙනුවකින්ම 3% මුදලක් අයකරමිනුයි. මෙය නව සුලුපරිමාන නිමවුම් කරුවකුට දැරිය හැකි මිලක් නොවෙයි.) ඇමරිකාවේ පවතින Paypal ආයතනය මෙම පහසුකම සලසන්නේ 3% සිට 2.5% ප්‍රතිසතයක් සැම ගනුදෙනුවකින්ම අයකිරිමෙනුයි ඔවුන් මුලික වාර්ෂික ගාස්තු අයනොකරයි.
අවාසනාව නම් ශ්‍රී ලාංකිකයකුට Paypal ගිනුමින් ශ්‍රී ලංකික බැංකුවලට මුදල් ගෙන්වා ගැනීමට නොහැකි වීමයි ( මිට හේතුව ශ්‍රී ලංකා මහා බැංකුව අදාල නියාමන පහසුකම් Paypal වෙත ලබා නොදීමයි, පසුගිය වසර 3 කාලයේ විවිද අවස්ථාවල මෙය කරනබවට පොරොන්දු රජය ලබාදුන්නත් තවම මෙය සිදුවි නැත.) අප බුද්ධිමත් නම් කයයුත්තේ Paypal මගින් මුදල් ලංකා බැංකුවලට ලබාගතහැකි ක්‍රමයක් සැලසීමත් පසුව Paypal වැනි ආයතනයක් ශ්‍රී ලංකා රජයෙන් ස්ථාපනය කිරීමයි මෙමගින් විදෙස විනිමය විදෙස ගතවීම අවම කල හැක (මිට අලුත් බදවා ගැනීම් නොකළයුතු අතර බදවාගත් දක්ෂ සුදුසුකම් ලත් පුද්ගලයන් මෙයට අනුයුක්ත කිරීම කලයුතු වේ )
Paypal ක්‍රමය යොදගිමෙදී විශේස වාසිය නම් විදේශිකයන් තම ණයපත් යොදාගැනීමේදී සිදුවන අවදානම Paypal යොදාගනිමේ දී නොමැති නිසා අන්ත්ර්ජනික ගනුදෙනු පහසුවෙන් ඉහල නංවාගත හැකි වීමයි.
03 අප විසින් තැපෑල postal service මිට වඩා දියුණුකළ යුතුය, එනම් Online tracking සහිත ඉතා ආරක්ෂා සහිත තැපැල් සේවයක් අපට උවමන කරයි.
ඉහත මුලික පියවර තුන ගැනීමට මෙම රජයට හැකි උනොත් පහසුවෙන් ලක්ෂ 8 රාජ්‍ය සේවකයනට පලදායි රැකියා අවස්ථාවක් හිමි වන අතර මහජනයාට රාජ්‍ය සේවය බරක් නොවනු ඇති.
දැන් ඉහත ආයතන වලින් ලක්ෂ 8 ට රැකියා ලැබෙන්නේ කෙසේදැයි බලමු.
හිතන්න ඔබ ඉංග්‍රීසි නොදන්නා ලී කැටයම් කරුවකු කියා ඔබ අන්තර්ජාලය පිළිබද කිසිවක් නොදනී, රජය මෙහිදී කලයුත්තේ ඔවුන් මේවන විටත් බදවාගෙන ඇති හැකියාවන් සහිත සේවකයන් (බොහෝවිට උපාධිදාරීන් ) වෙනම ඒකකයක අනුයුක්තකර මෙම කැටයම් කරුවන් වෙනුවෙන් වෙබ් පිටු පවත්වා ගැනීම සහ ප්‍රවර්දනය වන අතර කැටයම් කරු කරන සියලුම අපනයන වලින් ප්‍රතිසතයක් අදාල ආයතනය තම ගාස්තුලෙස ලබා ගැනීමයි.
තවද මෙම සේවා විවිදන්ගිකරණය කල හැක උදාහරණ අන්තර්ජාතික ගනුම්කරුවකුගේ රුව කැටයම් කිරීම
sculpture (මෙයට අන්තර්ජාල වීඩියෝ කැමරාවක් යොදා කල හැක ) දැනටමත් 16 mbps වේගයක් ලංකා ටෙලිකොම් මහින් සාමාන්‍ය ජනතාවට ලබා දෙයි.
ඉහත සේවයනට $250 සිට $ 500 මට්ටමේ මිලක් අදාල කැටයම් කරුවට ලබාගත හැකි වනුඅති අතර රාජ්‍ය සේවකයා අන්තර්ජාතික වෙළදාම පිළිබද නිපුන බවක් ලබගත හැකිවනු ඇති.
දැන් ඔබවිසින් බොහෝ රැකියා ගැන සිතුවොත් මෙවැනි ක්‍රමයක් ස්ථාපනය කල හැකි වනු ඇති.
මා ඉහත සදහන් කල ක්‍රමය යොදා නොගන arunishapiro මහත්මියගේ නිදහස් වෙලදාම් ආකෘතිය යොදාගතහොත් මෙය ඉතා වේගවත් ව කළහැකි උවත් ගෙවිය යුතු සමාජ පිරිවැය ඉහළයනු ඇත. අප අද සිටින තැන සිට ගතහැකි මට පෙනෙන සාදනිය උපායමාර්ගය මෙයයි.
රජය ඉතා ඉහල ආරක්ෂාවක් විදේශිය ගැනුම් කරුවට ලබා දිය යුතු අතර එමගින් අදාල ආයතනය පිළිබද අන්තර්ජාතික කිර්තිය ඇති වනු ඇති.
සයු :- මේ වැනි ක්‍රමයකට ස්වාදීන කොමිසම් අත්‍යවස්ය වන අතර දේශපාලනඥයනට ඉහල මුදලක් (කප්පම් මුදලක් ) ලබාදීම සිදු කල යුත්තේ මෙවැනි ක්‍රමයක් දිගටම පවත් වා ගැනීමටයි. මා මෙම මතය බොහෝ තැන වල සදහන්කල අතර කිවයුතු වන්නේ තවම එකම පුද්ගලයකු වත් මගේ අදහස අනුමත නොකළ බවයි. (මේ වැනි කප්පමක් නොගෙවා මෙවැනි ක්‍රමයක් පවත්වාගතහැකි එකම මග ඉතා ඉහල බුද්දියෙන් යුතු මහජනතාවක් පැවතීමයි, එවැනි පිරිසක් ඇද්ද ? නැද්ද ? යන්න තිරණය කලයුත්තේ ඔබයි )
Thursday, January 15, 2015
ලංකා දෙසපලනයේ සිදුවුයේ කුමක්ද ?
මෙම ලිපියේ අරමුණ හිටපු ජනාදිපති තුමාට මඩගැසීම නොව සිදුවුයේ කුමක්දැයි පසු විපරමක් සිදු කිරීමයි. නව ජනාදිපති තුමා ඉහත මාර්ගය වෙනස් කර නොගත් තොත් ඔහු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන්නට වන්නේ මෙමෙ මාර්ගයේයි.
ලිපිය දීර්ග නොවීමට 1995 සිට මේදක්වා අප පැමිණ ඇති මාර්ගය විමසමු. චන්ද්‍රිකා ජනාදිපති තුමිය ජනනදිපති වනවිට මෙරට බොහෝ දෙනා සිතුව කරුණ නම් අපට සාමය ලැබෙන බවයි. (රටක සාමය ලැබීමට 01. ආර්ථික ප්‍රතිපාත්තියක් 02. යුද්දයට විසදුමක් 03. දුෂණය අවම වීමක් 04. අදිකරණය ස්වාදීන වීමක් 05. නිසි පුද්ගලයනට ඇමතිකම් ලබාදීමක් ) සිදුවිය යුතුව තිබුණි.
එතුමිය සදහන් කල මුල්ම දෙයනම් ජේ ආර් ජයවර්දන මනතාගේ බහුබූත වියවස්ථාව අහෝසි කරන බවයි, ඉහත පොරොන්දු කිසිවක් නොකළ අතර රටේ ආර්ථිකය ඉතා දුර්වල වීමට එතුමිගේ පාලනය හේතුවිය, ඇගේ මාමා වූ අනුරුද්ද රත්වත්තේ යාපනය යටත්කර ගැනීමත් හමුදාවට නවීන අවිලබදීමත් සිදුවිය.
ඇයගේ මුලික දුර්වල තාවය නම් නිසි ඉලක්කයක් නොතිබීමයි.
අප රටේ මා දකින මුලික ප්‍රශ්නය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හොරුන් බවට පත්කරන ක්‍රියාවලියයි (මන්ත්‍රී වරයකුවීමට ප්‍රචාරණ වියදම ලක්ෂ 900 පමණ වන අතර මුළු වසර 6 කදී ඔහුට ලැබෙන වේතන සහ සියලු පහසුකම් වල වටිනාකම එක්කෝටි හත්ලිස්හතර ලක්ෂයකි ) මෙය කොපමණ විහිළුවක් දැයි අප කිසිවිට කතා නොකළෙමු.
අප දැනගත යුත්තේ ලෙස සිංගප්පුරුවේ අමාත්‍ය මට්ටමේ පුද්ගලයකුට වසරකට $1,583,900 එනම් මසකට $ 131991 රුපියල් 17554891.66 පමණ අවම මුදලක් ගෙවනු ලැබේ, මතක තබා ගතයුත්තේ සිංගප්පුරුවේ ගෙවන මුදල මෙන් කීපගුනයක් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයකු සොරකම් කිරීමයි.
සිගප්පුරුවේ ඉතා දැඩි නීති මහින් සොරකම අවම කර ඇත.
දැන් නැවත මුලික කාරනාවට යොමුවේමු 9 December 2001 – 6 April 2004 රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය ඉතා වැදගත් වන්නේ කොටි සංවිදානය දෙකඩ කිරීමට සහ ඔහු යොදාගත් උපාය ඉතා සාර්ථක විය (මේ අතර යුද්දය පිළිබද වැඩි අවදානයක් යොමු නොකළ ඔහු අතින් බුද්ධි අංශයට සිදුවූ විනාසය අමතක නොකළ යුත්තේ, ඔහු යුද්දය පිළිබද දැක්වූ දුර්වල ආකල්පයයි ) ඔහු ගේ රජයේ සාර්ථකත වීම සාමාන්‍ය හැගීම්බර සිංහලයා නොදකිනලද අතර ඔහුගේ දුර්වලතා පිලිබිබු වුයේ ඉතා පිළිකුල් අයුරිනි, පසු කලකදී ඔහු ගේ විරුද්දවාදීන් මෙම දුර්වලතා දක්සලෙස යොදාගන්නලදී.
රනිල් වික්‍රමසිංහ මහතා ගැන අප මතකතබා ගතයුතු කරුණනම් අද ආර්ථිකය මෙහෙයවීමට සිටින දක්ෂම පුද්ගලයාඅ වන්නේ ඔහුයි. තවද ඔහුගේ සමයේ ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපතති වලින් අන්තර්ජාතික සහය යුද්දය සදහා ලබා ගැනීමට හැකිවිය (ලක්ෂ්මන් කදිරගාමර් මහතා මේ අංශයෙන් ප්‍රසංසා කටයුතු වන අතර කුමාරතුංග රජය යටතේ සිදුවූ සාදනිය කරුණක් ලෙස ඔහුගේ දායකත්වය දැක්විය හැකියි )
අප මෙහිදී මතකදබා ගත යුත්තේ මෙම වකවානුවේ අපට යුද්දය සදහා මහාපරිමාණයෙන් මුල්‍යමය උපකාර කිරීමට කිසිදු රටක් නොසිටි බවයි, මෙවැනි තත්වයක් තුල රනිල් මහතා කටයුතු කරන ලද්දේ ඉතා බුද්දීමත්වයි (සුනාමි සන්න මණ්ඩලය ඔහු විසින් ගන්නාලද එකම මෝඩ තීරණය වීමට තිබිණ )
2005 දී මහින්ද රාජපක්ස මහතා පත්වන්නේ දුෂ්කර කාලයකයි, රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය දියුණුකරන තීරණ ගන්නාලදී (බෝහෝදෙනා පවසන රාජ්‍ය සේවයේ රැකියා නොදීම නරක ලක්සනයක් ලෙස දැක්කත් මා දකින්නේ එය හොද ලක්සනයක් ලෙසයි ) මෙහිදී රාජපක්ස මහතා ජාතිවාදියකු ලෙස බොහෝදෙනා හැදින්වුවත් මා දකින්නේ ඔහු කිසි ලෙස ජාතිවාදී නොවූ බවයි, නමුත් ඔහු දැඩි අවස්ථාවාදියකුයි.
මුලින් ඔහුට යුද්දය ට යාමට කිසිදු උවමනාවක් නොතිබුණු අතර ඔහු බලයට පත්වීම උදෙසා කොටි සන්විදානයට මුදල් දීමට පසුබට නොවිය (පසුකල ටිරාන් අලස් පැවසුවේ මෙයයි )
ඔහුට යුද්දය පිළිබද විස්වාශය ඇතිකරන ලද්දේ ඔහුගේ සහෝදරයයි, මෙහිදී සරත් ෆොන්සේකා හමුදාපති කිරිමට මුලිකත්වය ගත්තේ ගෝඨාභය රාජපක්ස තුමයි (සරත් ෆොන්සේකා පිළිබද හිටපු හමුදා ප්‍රදානියකු වන ජනක පෙරේරා මහතා පැවසුවේ " මම ඔහුට කැමති නැහැ නමුත් මේ යුද්දය දිනවීමට උවමනානම් එයට සරත් ෆොන්සේකා හමුදාපති විම අත්‍යවස්ශ්යි ") අවසානයේ ය්ද්දය දිනව්මට දායක වූ පුද්ගලයන් නම් 01 මහින්ද 02 ගෝඨාභය 03. සරත් ෆොන්සේකා මහතයි, මීට අමතරව හෙලරුමය වැනි බලවේගත් ජනතා විමුක්ති පරමුනත් උපකාරවිය.
මේහිදී සරත් ෆොන්සේකාට කරනලද දෙය මට නම් ඉතා පිළිකුල් සහගත විය. මහින්ද ගැන මුල්ම පිළිකුල ඇති උයේ මේ අවස්ථාවේදීයි.
කෙසේ වෙතත් යුද්දය දිනීමට හැකිඋනේ මෙතක් සමීකරණයේ නොතිබූ චීනයේ දායකත්වයයි (චීනය අපට උදවු කලේ අපට ආදරය නිසා නොව එමගින් ඔවුන්ගේ වෙළද අදිරාජ්‍ය දියුණු කිරීමටයි)
දැන් අපි මහින්ද රාජපක්ස ජනාදිපති තුමා කරනලද ආර්ථික දියුණුව ගැන විමසා බලමු.
ඔහු විසින් මහාමාර්ග පද්දතිය මෙන්ම නගර අලංකාරයද ඉතා ඉහලින් කරනලදී, නමුත් අප මෙහිදී සිදුවුයේ කුමක්දැයි බලමු.
01. කිසිදු සැලකියයුතු කර්මාන්තයක් දියුණු නොකිරීම
02. රාජ්‍ය සේවය දෙගුණයකට වැඩි කිරීම 12 ලක්ෂයක් පමණ (මෙහි ගැටලුවන් නම් කිසිදු රැකියාවක් අලුතින් ඇති නොකර රාජ්‍ය සේවකයන් බදවා ගැනීමයි, මෙහිදී කිසිදු පලදායී ක්‍රියාවක මෙම රැකියා ලාබින් නොයෙදීම තුලින් සියලුම මුල්‍යමය අලාබය මහා ජනයට විදදරාගැනීමට සිදුවීමයි.)
දැන් ටිකක් හිතන්න මහින්ද මහතා 2022 දක්වා බලයේ සිටීමට උවමනා උනානම් මෙවැනි සැලසුමක් ඔහු පවත්වා ගනීද ? මන්ද මෙලෙස දිගටම රජයට වියදම් දැරීම නොකළැකි බැවිනි. මගේ දැනීම නම් මහින්ද ජනාදිපති වරයාට උවමන වුනේ ලංකාවේ කැසිනෝ ආර්ථිකයක් ඇති කිරීමයි (ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනාට මෙය තේරුම්ගත නොහැකි උනත්, මහින්ද මැතිතුමාගේ පුතුන් මෝටර් තරග පැවැත්වුයේ විවිද තරුණ සන්දර්සන පැවැත්වුයේ, නුවර දළදා මාලිගය ලග තරග පැවැත්වුයේ වෙන දෙයක් නිසා නෙමයි, රටේ ජනයා ගෙන් කැසිනෝ සමාජයක් ඇතිකිරීමට අවශ්‍ය කරන මනස සකස් කිරීමටයි.
යම් විදියකින් ඔහු මෙය ශ්‍රී ලංකා වේ ඇති කලානම් ආර්ථික වසයෙන් අපට දියුණුවීමට හැකිඋනත් සමාජය විසාල සෝදාපාලුවකට ලක්වීමට හේතුවීම නොවැලක්විය හැකියි.
තවද ඔවුන් මන්ත්‍රී වරුන්ට අවශ්ය මුදල් සම්පාදනයට නීති විරෝදී මත්කුඩු විකිනීමට සහ එතනෝල් විකිනීමට ඔහු එළිපිට අවසර දෙනලද බව ඕනෑම මෝඩයකුට තේරුම් ගත හැකියි.
ඉතා දක්ස නළුවකු වූ ඔහු දරුවන් සුරතල් කිරීමෙන් කරුණාව දැක්වුවත් ඉහත සදහන් කල මත් ද්‍රව්‍ය සහ මත්කුඩු මගින් එම දරුවාම කලකදී ගොදුරුවනබව පරිනත දේශපාලනඥයකු වූ ඔහු නොදැන සිටින්න ඔහු ළදරුවෙක් නොවෙයි.
අන්තර්ජාතිකව ඔහුට අවශ්‍ය කලේ ශ්‍රී ලංකාවට විරුද්ද කිසියම් හඩක් නැගෙනවා බලන්නයි (මෙය සිදුවන සැම විටම ඔහුට මෙහෙ චන්දය ලැබෙන බව ඔහු දනී )
දැන් අප චීනය වැදගත් උනේ කුමක්දැයි බලමු. අපට කිසිදු විදේශීය බැංකුවක් මුදල් ලබා නොදීමට හේතුවුයේ ( කිසියම් ඉදිකිරීමකදී අපට ඇස්තමේන්තුවක් ලබාගත හැක, අප බැංකුවට අස්තෙමේන්තු ඉදිරිපත් කලවිට ණය අනුමත වෙයි, නමුත් වැරදි ලෙස ඉතා ඉහල දමා ඇති ඇස්තමේන්තු වල ණය අන්තර්ජාතික බැංකු අනුමත නොකරයි ) මෙහිදී චීනය අපට උදව්කරන්නේ ඉල්ලන ඕනෑම මුදලක් අනුමත කිරීමෙනුයි, අවසාන ප්‍රතිපලය අපට ණය වාරික සහ පොලිය ගෙවීමට නැවත ණය ගැනීමට සිදුවීමයි, චීනය මෙහිදී පොලි මුදලාලිගේ චරිතය (මාතලන් ඔහුගේ අඩවියේ සදහන් කලේ මෙයයි) රගපායි අපගේ ඉතාම වටිනා දේපල චීනය සතුවන්නේ මෙසේයි.
දැන් මෙය තහවරු කර ගැනීමට මා w3lanka.com/ සටහන්කළ කමෙන්ටුවක් නැවත දමමි
ශ්‍රී ලංකා ආර්ථිකය ගමන්කරන්නේ කුමන දිසාවට දැයි අප දැනුවත් වියයුතුයි.
http://www.economist.com/content/global_debt_clock
කරුණා කර ඉහත ලින්කුවට යන්න. ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත්, ඔස්ට්‍රීලියාවත් තෝරාගන්න.
2003 public debt for person $993.51 එනම් නිදහස ලැබූ දිනයේ සිට ඇත්තේ නමුත්
2014 public debt for person $2503.61 වී ඇත. එනම් $1510.10 වැඩිවී ඇත
අප 2009 සිත 2014 තෙක් මෙහි වැඩිවීම public debt for person $717.26 වසර 5 වැනි සුළු කලකින් මෙම අගය
වැඩිවී ඇත.
මෙම රජයට හොදකියන පුද්ගලයකු කියනුයී 2003 දී එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස 101.7% වූ අගය 2014 දී 80.9% අඩු වූ බවය. නමුත් මෙහි මායාව ඇත්තේ ඩොලර් මිලියන 250 වියදම් වන ආයෝජනයට ඩොලර් මිලියන 750 වියදම් කරයි නම් සත්‍ය ලෙස දේශීය නිෂ්පාදිතය වැඩිවී ඇත්තේ ඉතා සුළු ලෙසයි, දැන් නිවැරදි එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස ගත හොත් එය 80.9% නොව සමහර විට 500% හෝ 600% වියහැකියි.
අප තෙරුම්ගත්යුතු පාඩම නම් කිසිදු පාලකයකු වන්දනාමාන කරන තැනට නොයෑමත් ආරම්බයේ සිටම පීඩනය දේශපාලනඥයනට යෙදීම මගින් කෙසේ හෝ ස්වාදීන කොමිසම් ලබාගැනීමට උත්සහ ගැනීමයි.
කිසිවිටක සමාජ ජාල අඩවියක් මගින් මෙම අදහස් දැක්වීමට උනන්දු නොවුවත් (අනුන්ගේ අඩවිවල ඉතා කෙටි අදහස් තැබුවෙමි ) ඉදිරි මාස 3 සදහා පුරවැසියන් ලෙස හැකිපමණ කරුණු දැක්වීමට උත්සහ කරමි (මාස 3 පසු සමාජ අඩවි වලට මෙමෙ බලය නොමැති බව වටහා ගෙන ) තමා ගේ යුතුකම හැකි පමණ ඉටුකරමු!
Tuesday, January 13, 2015
අප කයයුත්තේ කුමක්ද ?
මැතිවරණ ප්‍රතිපල සියුම්ව බැලීමේදී මෙවර සමාජ ජාල ඉතා ඉහල දායකත්වයක් අවසාන ප්‍රතිඵලය සදහා සපයා ඇත. ජනතාව ලෙස අප මතක තබා ගත යුත්තේ රජය වැරදි පාරේ ගමන් කරන විට දැඩි පීඩනයක් දේශපාලනඥයනට යොදන්නේනම් ඔවුන් ඉතා ඉක්මනින් නිවැරදි වනබවයි (එසේවන්නේ ඔවුන් ජනතාවට ඇති ආදරය නිසා නොවෙයි මුලිකවම බලය රැකගැනීමටයි )
අද පවතින්නේ ඉතාම හිතකර තත්වයකි (නව ජනාදිපති තුමා ට ලැබී ඇත්තේ සාදනිය ප්‍රතිසන්කරණයක් සදහා උවමනා බලය පමණි), මීට වැඩි බලයක් ලබුනීනම් ඔහු මෙම ප්‍රතිසංස්කරණ නොකරනු ඇති.
මෙහි වැදගත්ම ප්‍රතිසන්කරණය නම් ස්වාදීන කොමිසම් පත්කර බලාත්මක කිරීමයි. මෙම මොහොත සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මීට සහයෝගය දැක්වීමට සිදුවනු ඇති (එයට හේතුව විරුද්දපක්සිකයා බලයෙන් අඩුකිරීමට ඇති කැමැත්තත්, මීට විරුද්ද වීමෙන් ජනතා අප්‍රසාදයට ලක්වී ඉදිරි පර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදීමට ඇති අකමැත්තයි )
නව ජනාදිපති තුමා අවංකවීමට (අවංක බව පෙන්වීමට වත් ) කැමති නම්, පර්ලිමෙන්තුවී සරල බහුතරය ලබාගත් විට ඉහත යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කලේනම් පර්ලිමන්තු මැතිවරණය ඉහල ලෙස ජයග්ග්‍රහණය කල හැකිවනු ඇති, තවද පැවති රාජ්‍ය ප්‍රබලයකු වැරදි කර ඇත්නම් උපරීම දඩුවම් මෙම කොමිසම් මගින් ලබාදිය හැක.
නිසිලෙස මෙම කොමිසම්වලට බලය පැවරී ඇත්නම් ජනාදිපති තුමාට කිසිදු බලපෑමක් කල නොහැකි බැවින් මෙකිසිවක් දේසපාලන පලිගැනීම් වන්නේ නැත. තවද ජනතාව ඉදිරියේ වැරදිකරුවන් සාක්කි ඇතුව ඔප්පු වීම නිසා ඔවුන්ට කිසිදු ගැලවීමක් නොලබී යයි.
තවද පවතින රජයට මින්පසු පසු එම වැරදි කිරීමට නොහැකිවනු ඇති.
අද පවතින්නේ ඉතාම හිතකර තත්වයකි (නව ජනාදිපති තුමා ට ලැබී ඇත්තේ සාදනිය ප්‍රතිසන්කරණයක් සදහා උවමනා බලය පමණි), මීට වැඩි බලයක් ලබුනීනම් ඔහු මෙම ප්‍රතිසංස්කරණ නොකරනු ඇති.
මෙහි වැදගත්ම ප්‍රතිසන්කරණය නම් ස්වාදීන කොමිසම් පත්කර බලාත්මක කිරීමයි. මෙම මොහොත සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මීට සහයෝගය දැක්වීමට සිදුවනු ඇති (එයට හේතුව විරුද්දපක්සිකයා බලයෙන් අඩුකිරීමට ඇති කැමැත්තත්, මීට විරුද්ද වීමෙන් ජනතා අප්‍රසාදයට ලක්වී ඉදිරි පර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදීමට ඇති අකමැත්තයි )
නව ජනාදිපති තුමා අවංකවීමට (අවංක බව පෙන්වීමට වත් ) කැමති නම්, පර්ලිමෙන්තුවී සරල බහුතරය ලබාගත් විට ඉහත යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කලේනම් පර්ලිමන්තු මැතිවරණය ඉහල ලෙස ජයග්ග්‍රහණය කල හැකිවනු ඇති, තවද පැවති රාජ්‍ය ප්‍රබලයකු වැරදි කර ඇත්නම් උපරීම දඩුවම් මෙම කොමිසම් මගින් ලබාදිය හැක.
නිසිලෙස මෙම කොමිසම්වලට බලය පැවරී ඇත්නම් ජනාදිපති තුමාට කිසිදු බලපෑමක් කල නොහැකි බැවින් මෙකිසිවක් දේසපාලන පලිගැනීම් වන්නේ නැත. තවද ජනතාව ඉදිරියේ වැරදිකරුවන් සාක්කි ඇතුව ඔප්පු වීම නිසා ඔවුන්ට කිසිදු ගැලවීමක් නොලබී යයි.
තවද පවතින රජයට මින්පසු පසු එම වැරදි කිරීමට නොහැකිවනු ඇති.
Subscribe to:
Posts (Atom)




