Wednesday, February 11, 2015

දියුණුවට අවශ්‍ය බලය.




විදුලි බලය පිළිබද ගැටලුව නිරාකරණය කර ගැනීමට පවතින ස්වර්ණමය අවස්ථාව.

අප රට බිලියන ගණනක් විදුලි උප්පදනයට වැයකරයි. මේ දනය බොහෝවිට විදෙස ගතවීම නොවලක්වියහැකියි.
අපට ඇති හොදම විකල්පයනම් සුර්ය කෝෂ යොදා විදිලිය ඉපදවීමයි, මෙහි ඇති මුලික ප්‍රශ්නය නම් එම විදුලිය ගබඩා කිරීමට 
ඉතා මිල අදික බැටරි deep cycle battery යොදාගත යුතු වීමයි. රුපියල් 50000 වැඩි වන මෙම බැටරියක්  යොදා කරන ආයෝජනය 
නැවත ලබාගත නොහැකි වීම බොහෝ දෙනා මෙයට නොපෙලබිමට හේතුවයි.

නමුත් මෑත කාලයේ මිට කදිම විසදුමක් සොයාගන ඇත, එනම්  සුර්ය පැනලයේ සිට කෙලින්ම නිවසේ විදුලි සැපයුමට  විදුලිය සැපයීමයි.
මෙහිදී රුපියල් 500,000 පමනමුදලක් පැනල සහ අනෙකුත් උපාංග සදහා වැයකළ විට මසකට  Unit 250 පමණ ජාතික විදුලි සැපයුමට ලබාදිය හැක.
දැනට පවතින තත්වය අනුව විදුලිබල මණ්ඩලය විසේස මීටරයක් මෙයට ලබා දෙන අතර එයට රුපියල් 40000 පමණ අයකරයි.

තවද අපි සිතමු මසකට විදුලි එකක 200 පරිබෝජනය කරනවා කියා මෙම ඒකකය මගින් එකක 250 නිපදවනවානම් ශ්‍රී ලංකාවේ 
පවතින නිතිය අනුව විදුලිබල මණ්ඩලය කරන්නේ අපගේ විදුලි බිල 0 කිරීම පමණයි. ඉතිරි එකක 50ට කිසිදු මුදලක් විදුලිබල මණ්ඩලය 
ලබා නොදෙයි.

පහත පියවරයන් රජය ගැනීමට සුදානම් වී ඇත්නම් මුළු ලංකාවේම විදුලි අවශ්‍යතා සපුරාගැනීමට හැකි වනු ඇති.

01. මෙම උපකරණ සදහා බදු නිදහස් කිරීම 
02. ඉහල තත්වයේ උපකරණ අඩුමිලට ලබාගැනීමට ප්‍රතිපාදන ලබාදීම (මෙවැනි කට්ටකලයක් වසර 20 පමණ බවිත කල හැක )
03. අතිරේක එකක සදහා විදුලිබල මණ්ඩලය පාරිබෝගිකය වෙත ගෙවීම් කිරීම.
04. සාදාරන මිලට මෙම මීටර ලබාගැනීමට පහසුකම් ලබාදීම. 

රජයකට ඉතා පහසුවන් මෙවැනි වියප්ප්රුතියක් පටන් ගත හැකියි. 
මෙහි ඇති වාසිය නම් මුදල් ආයෝජනය කරන පුද්ගලයන් මෙමගින් දිරිගැන්වීමයි. රටේ විදේස විනිමය ඉතිරි කර ගත හැකි වීමයි.          

8 comments:

  1. මෙම ක්‍රමය දැනටත් ලංකාවේ ක්‍රියාත්මක කරන පුද්ගලික ආයතන කිහිපයක්ම තියෙනවා.

    ///මෙහි ඇති වාසිය නම් මුදල් ආයෝජනය කරන පුද්ගලයන් මෙමගින් දිරිගැන්වීමයි. රටේ විදේස විනිමය ඉතිරි කර ගත හැකි වීමයි.///
    මෙම සියළුම උපකරණ මිළදී ගැනීමට සිදු වන්නේද විදේශයෙන් බව අමතක කරන්න එපා.
    එමෙන්ම එය එකවර කලයුතු විශාල ආයෝජනයක් වන බව අමතක කරන්නත් එපා.

    මේ සම්බන්ධව සිදුකල ගණනය කිරීම් වලින් පසු අප තේරුම් ගත්තේ අවම වශයෙන් කලින් පවතී විදුලි බිල්පත් ක්‍රමය යටතේ රුපියල් 10,000 වත් විදුලි බිලක් එන පිරිසට මෙය පලදායි බවයි.
    2Kw පමණ සැපයෙන පැනල පද්ධතියක් සවි කිරීම සඳහා මම දත්ත විමසු ආයතනය රුපියල් ලක්ෂ අටක් පමණ වැයවන බව කියා සිටියා.
    500,000/- ගත හැක්කේ අඩුමිලට ඇති චීන නිෂ්පාදන විය හැකියි. එවැන්නක් අවුරුදු 20 ක් ක්‍රියා නොකළහොත් ඔබ අමාරුවේ වැටෙනු ඇත.

    ලක්ෂ 8 ක් යනු, වසර 20 ක් පාවිච්චි කලත් මසකට රුපියල් 3,333 ක් මුදලකි.
    ලක්ෂ 5 ක් වුවත් මසක වියදම ලෙස 2,083 ක් පමණ වේ.
    මෙම මුළු මුදල එකවර ගෙවිය යුතු බැවින් එහි විශාල වාසියක් නැති බව මගේ අදහසයි. එය ණයක් වශයෙන් ගත්තත් ගෙවිය යුතු පොළිය සමග බැලුවිට තවත් පාඩුවකි.

    ජල විදුලිය නිපදවීම සඳහා විදේශ විනිමයක් විශාල වශයෙන් යන්නේ නැහැ. එහි මුලික වියදම් කෙටි කලකින්ම පියවා ගත හැකියි.
    විදේශ විනිමය සම්බන්ධව වැඩි මුදලක් යා හැකි බවට සිතිය හැක්කේ ඩීසල් සහ තාප බලාගාර වෙනුවෙන් පමණයි.
    නමුත් තාප බලාගාරය ඉතා ලාභදායි බවක් පැවසෙනවා.
    නමුත් එම බලාගාර නිසිපරිදි ක්‍රියා නොකරන්නේ ඒවා අකර්මන්‍ය කර වැඩි මුදලට විදුලිබල මණ්ඩලයට විදුලි බලය ලබා දෙන පිරිසක් සිටිනා නිසයි.
    අන්න ඒවා නැතිකර කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර ඉදි කිරීම දිරි ගැන්වීම මගින් ජනතාවට සහනයක් දියහැකි බව මගේ විශ්වාසයයි.

    ReplyDelete
  2. පැමිණියාට ඉස්තුතියි !
    //මෙම සියළුම උපකරණ මිළදී ගැනීමට සිදු වන්නේද විදේශයෙන් බව අමතක කරන්න එපා.
    එමෙන්ම එය එකවර කලයුතු විශාල ආයෝජනයක් වන බව අමතක කරන්නත් එපා.//
    මෙය සතයක්! අප අමතක කලයුතු නැති තව කරුණක් පවතී එනම් අපට විසාල රාජ්‍ය සේවයක් පවතී. රජය කලයුත්තේ විදේශිය ආයතන සමග
    ඒකාබද්ද වී මෙම නිෂ්පාදන ලංකාවේ සිදුකිරීමයි. ශ්‍රී ලංකාවේ වසරක් පාසා ඉංජිනේරු වුර්තිකයන් මේ නිෂ්පාදන වලට දායක කර ගතහැකි වනු ඇති.
    මෙම තාක්ෂනය අපට ලබා ලැනීමට අපහසු නොවන බව මගේ හැගීමයි.

    අද වනවිට සියලුම නිෂ්පාදන සිදුවන්නේ චීනයේ නමුත් මේහි තාක්ෂනය යුරෝපයේ හෝ අමරිකවෙයි 500,000/-
    රජය මහා පරිමාණයෙන් රට තුල මෙය නිපදවුවොත් මෙහි මිල මීටත් අඩුවනු ඇති.

    මෙලෙස විදුලිය වැඩි පිරිසක් නිපදවු විට පුද්ගලික අංශයට ඉහල මිලක් ගෙවා විදුලිය ලබාගැනීමට රජයට අවශ්‍ය නොවනඅතර සමස්ත අප්රිබෝගිකයනට අඩුමිලට විදුලිය ලබාදිය හැකිවනු ඇති.

    ReplyDelete
  3. මූලික වියදම වැඩිවීමත් ආයෝජනය කළ මුදල යළි සොයාගත නොහැකි නිසාත් මෙය ජනප්‍රිය නැහැ. නමුත් මේ අඩුපාඩු නිරාකරණය කරගන්න තාක්ෂණික විසදුම් ඕන. ඒකට තමා විද්වතුන් ඉන්නෙ.
    සියළු ප්‍රශ්න වලට විසදුම් සොයාගන්න ඕන තාක්ෂණයෙන්ම තමයි

    ReplyDelete
    Replies
    1. මා කරන ලද ගණන් බැලීම්වලට අනුව පවතින ක්‍රමය අනුව මුල් වසර 5 යනතුරු ඇත්තේ ඉතා කුඩා ලාබයක් ඉන්පසු සැලකියයුතු අදායමක් මෙමගින් ලබා ගතහැකි. මේ වන්නක් රජයේ මැදිහත් වීම අවශ්‍ය වන්නේ පවතින අවදානම අවම කිරීමටයි

      Delete
    2. අපට සිටින රාජ්‍ය සේවය ඇති විසාලයි, මෙපිලිබද ලිපියකින් සදහන් කළා.
      http://lankasithuwili.blogspot.com/2015/01/blog-post_17.html

      හොදකට ඇත්තේ බොහෝදෙනා උපාධිදාරීන් වීමයි. කණගාටුවට කරුණ නම් බොහෝ දෙනා පලදායි දෙයක නොයෙදවිමයි.
      කලයුත්තේ මෙවැනි වැඩසටහන් මහපරිමනයෙන් වර්දනය කිරීමයි, අවශ්‍යනම් ලක්ෂ 3ට කිට්ටු හමුදාව මෙයට යොදාගත්තත්
      මගේ විරුද්දත්වයක් නෑ.

      Delete
  4. මේක හුඟක් හොඳ යෝජනාවක්. මම බ්ලොග් ලිපියක් ලියන්නත් හිතන් හිටිය මේ වගේම නොවේ, අපේ ගෙදර සවි කරපු පැනල් ගැන විස්තර කරන්න. ලිව්වේ නැත්තේ කවුරුවත් උනන්දු නොවෙයි කියල හිතල. ඔබ මේ ලිපිය ලියපු නිසා ලංකාවේ මේ ගැන උනන්දුවක් ඇති බව පේනවා.

    ReplyDelete
    Replies
    1. Ajith, පැමිණියාට ස්තුතී,
      මෙය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනබව දැනගත්තේ මගේ මිත්‍රයකු මගින්.
      ඔහු මෙවැනි වියප්ප්රුතියක් සාර්ථකව නිම කරනලද බව මට පැවසුවා.
      ඔහුට අනුව කරනලද වියප්පෘතිය රුපියල් 60000 ක මාසික බිලක් ඇති වැඩ බිමක විදුලිබිල සොම්පුර්නයෙන් 0 කිරීමට
      ඔවුන් වැයකර ඇති මුදල රුපියල් 2,000,000 (ලක්ෂ 20ක් ) දැනට වසර 2 පමණ ගෙවී ඇති අතර 720,000 (හත්ලක්ෂ විසිදහසක් පමණ ඉතිරියක් ඔවුන් කල බවයි පැවසුවේ )

      Delete