Tuesday, February 24, 2015

අපරාධ, අපරාධ ලෙස නොදැකීමේ අපරාධය!


අප බොහෝදෙනා අපරාධයක් ලෙස දකින්නේ, එක්කෝ මිනි මරාගනිමක්, මංකොල්ලකෑමක් වැනි දෙයකි, මා පෙන්වන්න යන්නේ සමාජයක් ලෙස මේවා සිදුවන්නේ මක් නිසාද යන්නයි.

මෙම සටහන පටන්ගැනීමට ප්‍රථම අපි 1948 නිදහස ලබන වර්ෂයට මතකය ගෙන යමු. ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් තිබු අපට වසර 30 ක යුද්දයක් සහ තරුණ කැරලි දෙකක් ඇති වුයේ මන්ද ?

නිදහස ලබන අවස්ථාවේ සුද්දන් විසින් බොහෝ යටිතල පහසුකම් අප රටේ ස්ථාපනය කරන ලද අවස්ථාවක සිටි අපි මා දකින මුලික අපරාධය නම් සුබසාදනයට යොමු වීමයි, මෙය අපරාදයක් වන්නේ ඇයි දැයි බලමු.     සුබසාදනය හේතුවෙන් ආයෝජනය පහත යන අවස්ථාවකදී වාමාංශික වියාපාර විසින් රජයෙන් වැඩි වැඩි සහන ලබාගැනීමත් හැකි තරම් අඩුවෙන් වැඩ කිරීමත් ප්‍රවර්දනය කරනලදී, මේ හේතුවෙන් විදේස ආයෝජන අවම වූ අතර සියලු දෙය රජය කිරීම නිසා මහා පරිමාණ දුෂණය ඉහල යාමෙන් ආර්ථිකයට මහා බරක් පටවින ලදී.

1956 දී සිංහල රජ බස කිරීමෙන් බණ්ඩාරනායක මහතා බලය ලබා ගත් අතර ජාතිවාදී මතය යොදා ගැනීමෙන් රජය කරන ලද්දේ වාමන්සිකයන් රටේ කරන ලද වැඩවර්ජන පවතින අතරයි (මෙම වැඩවර්ජන කිසිලෙස අපරාදයක් ලෙස නොදකිනලද, ජාති වාදය කිසිකලක ශ්‍රී ලාංකිකයන් අපරාදයක් ලෙස නොදකින ලදී )

සිංහල රජ බාෂාව කිරීමෙන් සිදුවූ අනතුර නම් තාක්ෂණික විෂය දැනුම අපරටට නොලැබී යාමයි (මහාචාර්යවරයකු පැවසු පරිදි ඉතිරිවූයේ සටහන් කටපාඩම් කරන හිස් මිනිසුන් සමුහයක් පමණි )
ලෝකයේ අපට පිටුපසින් සිටි රටවල් වේගයෙන් දියුණු වෙද්දී අප සුද්දට බැන බැන  සිදුවන නියම අපරාද නොදකිමින් ගතකරන ලද කාලය දශක 7 පමණ වේ.
ප්‍රශ්නය නම් අප බොහෝ දෙනා වංචා දුෂණ අක්‍රමිකතා බයානක අපරාධ ලෙස නොදැකීමයි

මේ හේතුවෙන් නව රැකියා නිපදවීමට 1970 රජය පත් වන විට නොහැකි වුන අතර  1971 ප්‍රථම තරුණ කැරැල්ල හට ගත්තේ මෙම අසහනය වැඩි දියුණු වීමෙනුයි. මෙහිදී තරුණ තරුණියන් ගාතනය වීමේදී සංවේදී කතා රචනා උනත් අපට අපරාදය ඇත්තේ කොහෙදයන වග තවම අවබෝද වී නැත.

රටේ විවිද පශ්න ඇතිකර ගනිමින් කලයුතු දෙය නොකරමින් අප ගමන් කරමින් සිටින්නේ එක අනතුරක සිට තව අනතුරක් දක්වායි .

1989 දෙවැනි තරුණ කැරැල්ල ඉතා අනුවේදනීය වුයේ දකුණේ තරුණ තරුණියන් ටයර් දමා පුළුස්සා ඇති අයුරුයි.

මෙහිදී මවකට තම දරුවා හමුවුයේ හිස පමණක් වන අතර විලාප තියමින් ඇය මහමග ගමන් කරන විට ඇතිවෙන සංවේදී අවස්ථාවේ
අප නොසිතන්නේ මිනිස් මනස මෙසේ ක්‍රියා ක්‍රියා කරන්නේ කිසියම් සිදුවීම් දාමයක ප්‍රතිපල ලෙස බව අපට නොවැටහෙයි.

දැන් අප සිතමු ශ්‍රීලංකාව පවතින ස්ථානයේ පරයෝජනයට ගනිමින්, රටේ නිතිය සදරනවා ක්‍රියාත්මක කරමින්, ජාතිවාදී මත පතුරවන්නන්ට දැඩි නීති මගින් දඩුවම් කරමින්, අද්‍යාපන ලබාදීමේදී ඉංග්‍රීසි බාෂාව රටේ ප්‍රචලිත කරමින් විදෙස අයෝජන මගින් බුද්දිමත් තීරණ ගතහැකි මිනිසුන් සිටියා නම් මෙවැනි
දේශපාලනඥයයන්  රටට නො ලැබෙනවා පමණක් නොව ඉහත සදහන් කල මුලික ප්‍රශ්නය වන තරුණ අසහනය ඇති නොවන්නට හේතුවන්නේ ඕනෑතරම්
රැකියා උප්පදනයට අපට හැකි නිසයි.

අප අවංකව සිතිය යුත්තේ දෙසපලන්යනන් ලවා සහනාදාර වැඩි කර ගැනීම නොව හැකිපමණ නිදහස් වෙළදාම ඇතිකරගනිමත් සාදාරන නිතිය පවතින රටක් ඇතිකර ගැනීමත් යන කරුණයි.

අවසාන ලෙස කිවයුත්තේ  පුරවැසියන් ලෙස දරුවාගේ ගිනිගෙන දැවෙන ශරීරය දකින මවක් යම් කම්පාවක් ඇතිකර ගනීද එයට ආසන්න හෝ කම්පාවක්
අල්ලස් දුෂණ අක්‍රමිකතා සහ නිතිය ක්‍රියාත්මක නොවීම පිලිබදව අප ඇති කරගත යුතුය, මක්නිසාද එසේ නොවුවිට ඉහත සදහන් සියලු අනතුරු නැවත නැවත සිදුවන නිසයි!        

No comments:

Post a Comment