මම මේ ප්‍රථම අවස්තාවටයි අදහස් ප්‍රකාශ කරන්නේ චන්දයෙන් පසු කිසිම අදහසක් ප්‍රකාශ කලේ නෑ, මේ තමයි මගේ ප්‍රථම අදහස් දැක්වීම චන්දයෙන් පසු, මා විසින් පොහොට්ටුවට චන්දය ප්‍රකාශ කල වහාම ශ්‍රී ලංකා දකුණු පළාතට සුළු නිවාඩුවක් සදහා ගියා, පසුගිය දවස් 2 ම මුහුදේ කිමිදෙමින් කාලය ගතකරන අතරේ මගේ පෑඩ් එකෙන් චන්දය සදනා මිනිසුන් අදහස් පළකරගන්න ආකාරය දැක්කත්, පෑඩ් එකේ මගේ password නොතිබීම නිසා අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි උනා.
මා සිතන ආකාරයට මයිත්‍රීපාල දැනගෙන සිටියා ඔහු පරදින බව නමුත් ඔහුට උවමනා කලේ ඔහුගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්විදානයත් කියන ලාංචන 2ක වන අතත්, බුලත්කොලයත් යොදා පැරණි ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් රවටන ගමන් වංචාවට විරුද්ද මෝඩ පිරිස් වල චන්දය කඩා ගන්නයි.
ඔහු එක්සත් ජාතික පක්ෂයට පළවැනි තැන පොහොට්ටුවට දෙවැනි තැන සහ ඔහුට 3වැනි තැන ලැබෙනු ඇති බව ඔහු සිතුවා නමුත් ඒවගේම රනිල් ගේ කපටි මොලේ වැඩකලේ එක්සත් ජනතා නිදහස් සංවිදානය 2ට බෙදුනම තමන්ට කල්ල මරේ බවයි, මේ දෙකම කණගාටු දායක ලෙස වැරදි ඇතිබව ඔබට රහසක් නෙමෙයි.
මගේ කලින් බ්ලොග් පොස්ට් එක උනේ "
මම පොහොට්ටුවට චන්දය දෙන්නේ ඇයි ?"
කියන පොස්ට් එකට මාතලන් තුමා තියපු කොමෙන්ටුවයි මේ
"ලංකා වගේ කෙනෙක් මේ තත්වෙට පත් උනා කිව්වම නිකං ඔල්මොරොන්දම් පිස්සු පීකුදු වෙලා යනවා..."
ප්‍රවීන බොල්ග් අඩවි රචකයකු වන අපේ ඉයන් තුමා කිව්වේ
"මම දකින විදිහට 2015 ජනවාරි මහින්දට එරෙහිව ඡන්දය දුන් අයෙක් එජාපයට හෝ ජවිපෙට ඡන්දය නොදුන්නත්, චන්දය කටුගානවා හැර මහින්දට දෙන්නේ නැහැ. ඔබ exception එකක් වෙන්න ඇති."
ඊට පස්සේ ඔහු මට මෙහෙමත් අබියෝග කරනවා
"එහෙම වෙනවද කියන එක තව දවස් 10 කින් දැනගන්න පුළුවන් වෙයි. බොහොම ස්තූතියි ලාංකික සිතුවිලි"
දැන් දවස් 12 ට පස්සේ ඉයන් තුමාට දැකගන්න ලැබිල ඇති මම කිව්වේ ඇත්ත කියල.
චන්දෙ ප්‍රතිපල නිකුත් වෙන්න පටන්ගත්තාම පැරාගේ අඩවියේ මෙහෙම කොමෙන්ට් එකක් වැටෙනවා
"මිනීමරු රාජපක්ෂට කැමති මෝඩයින් මේ රටේ තාමත් ඉන්නවා... දැන් තව ටිකකින් මෙතෙන්ට එන ලාංකිකසිතුවිලි කියාගන්නා පුද්ගලයාට අනුව එක්නැලිගොද කොටියෙක් නිසා ඔහුව මැරීම සාධානරයි... ඔන්න දියුනු ස්‍රිලන්කා කාරයින් හිතන විදිහ"
මා ගැන කිව්වොත් දේසපාලන ලෝකයේ කිසිම පක්ෂයකට සම්බන්ද නැති කෙනෙක්, මම මහින්දටත් චන්දය දීල තියනවා රනිල්ටත් චන්දය දීල තියනවා හැබැයි කිසිම දවසක ජනතා විමුක්ති පෙරමුණට චන්දය දීල නෑ ගිය 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණට චන්දය දෙන්න හිතුවත් නැවත ඔවුන්ගේ මානසික මට්ටම සහ ක්‍රමවේදය ගැන සිතුවම මම එම අදහස ඉවත් කර ගත්ත.
මම අද සිතනවා ශ්‍රී ලංකික ජනතාව දෙසපාලනමය ලෙස ඉතා දියුණු මට්ටමක තියනවා කියල, ඇයි මම එහෙම කියන්නේ ?
මෙය තේරුම් ගැනීමට අපට ඇමරිකාව දෙසට මදක් නැබුරු වෙන්න වෙනවා, ලෝකය නිදහස් චින්තනය අන්තයට ක්‍රියාත්මක කරන්න පුළුවන් රටක් ලෙසයි ඇමරිකාව සලකන්නේ "Land of opportunity" දියුණු වීමට විවිද අවස්ථා තියන රටක් ලෙසයි ඇමරිකාව සලකන්නේ, එහෙම රටක ආර්ථික දේසපාලන ක්‍රමය ප්‍රශ්නයකින් තොරව වැඩකරන්නේ ඇයි ?
ඇමරිකාවේ අපේ වගේ පාලකයෝ ජනතාව නොසලකා ඉන්නේ නෑ එයට හේතුව ඔවුන් අවංක නිසා නෙමෙයි, හිතන්න පාලකයන් ජනතා මතය කන් නොදුන්නා කියල සිදුවෙන ඊලග සිදුවීම ජනතාව උද්ගෝෂණ වලට යොමුවීමයි, අපරටේ මෙන් එරටේ ජන උද්ගෝෂණයක් ඇතිවූ වහාම හැකි ඉක්මනින් එය විසදීමට ඇමරිකානු ආණ්ඩුව පියවර ගන්නවා ඇයි ඒ ?
උද්ගෝෂණ වලින් පසු අවස්තාව සිවිල් කැරලියි, යම්විදියකින් සිවිල් කැරැල්ලක් ඇතිවුනොත් ඇමරිකානු රජයට සටන් වදින්න වෙන්නේ නිරායුද සිවිල් වැසියන් සමග නෙමෙයි ආයුධ සන්නද්ධ ජනතාවක් සමගයි සටන් වදින්න වෙන්නේ, ඇමරිකානු වියවස්තාවේ 2 වෙනි සංසෝදනයට අනුව ජනතාවට ලැබෙන අයිතිවාසිකමක් තමයි "The Second Amendment rights" " (A well regulated Militia, being necessary to the security of a free State, the right of the people to keep and bear Arms, shall not be infringed.")
"රටේ සන්විදානාත්මක හමුදාවක් තිබීම නිදහස් රජයේ ආරක්ෂාවට උවමනා අතර ජනතාවගේ පුද්ගලික අවි දැරීමේ අයිතිය අහෝසි නොවිය යුතුය "
මෙනිසා කිසිදු විදියකින් ඇමරිකානු ව්යවස්ථාවට අනුව සාමාන්‍ය වැසියන් නිරායුධ කිරීමට අවසරයක් නොලැබේ.
මේ නිසා සිදුවෙන්නේ කුමක්ද ? යම් විදියකින් ජන උද්ඝෝෂණ මට්ටමට කරුණක් පැමිණි විට පාලකයන් සද්ද නැතුව සිටියොත් ඊලග අවස්ථාව වන්නේ රජයේ හමුදාවට ආයුධ සන්නද්ද මහජනයා සමග ගැටීමට සිදු වීමයි, ඇමරිකාව කොච්චර දියුණු උනත් රටේ මහජනයා සමග සිවිල් යුද්දයක් ඇතිවූ විට රජයේ හමුදා වලට පාලනය ගිලිහීමට වැඩි කාලයක් ගත නොවෙයි.
මෙවැනි අනතුරක් තියන ඇමරිකාව හැම විටම ප්‍රශ්නයක් උඩුදිවීමට කලින් ඉතා වේගයෙන් විසදනු ලබනවා. මිට ඔවුන්ට Palan A , Plan B, Plan C ලෙස විසදුම විකල්ප කීපයක් තියනවා.
මෙනිසා ඇමරිකානු ජනාධිපති කියන්නේ කොච්චර බලයක් තිබුනත් තම ජනතාවගේ කැමැත්ත ගැන අවදියෙන් සිටිනව.
මෙහෙම දියුණු රටක උනත් සොරකම වංචාව සිදුනොවෙනවා නෙමෙයි නමුත් මිනිසුන්ගේ මනස අපුරු ආකාරයට සෝදලා තියනවා, මේවා ගෙඩිය පිටින් ශ්‍රී ලංකාවට එන මේ සංකල්ප අහුලගත්තු මිනිසුන් අපට උගන්වන්නත් උත්සාහ කරනවා.
මම ඇමරිකාවේ වෙන දුෂණයට අපුරු උදාහරණයක් දෙන්නෙම්.
ඔබ ඇමරිකානු රජය සේවකයකුට අල්ලසක් දෙනවා කියන්නේ එරටේ නීතියට අනුව දඩුවම් ලැබෙන අපරාධයක් ලෙසයි සලකන්නේ මෙහිදී Bribe අල්ලසක් පිළිකුල් සහගත වරදක් ලෙස සලකන මෙරටේ විශාල ආයතන මේ දේම මහාපරිමාණයෙන් කිරීමට කොන්ග්‍රස් සභිකයකු ට තමන්ගේ පුන්යාදාර සමාගම තුලින් ඩොලර් කොටි ගණන් ලබාදීම මගින් එරටේ පනත් සමාගම් වලට වාසි අන්දමින් වෙනස් කිරීම, ඔවුන් හදුන් වන්නේ අල්ලස් ලෙස නෙමෙයි "Lobbying" ලෙසයි මෙය ( interest representation is the act of attempting to influence the actions, policies, or decisions of officials in their daily life, most often legislators or members of regulatory agencies)
කිසියම් උවමනාවක් වෙනුවෙන් පෙනීසිටින පිරිසක් රජයේ නීති වෙනස්කරවා ගැනීමට රජයේ තීරණ වෙනස් කිරීමට පනත් වෙනස් කිරීමට පෙලබවිම ලෙසයි මෙහිදී සදහන් වෙන්නේ, මේවා මොන වචන වලින් සදහන් උනත් සිදුවෙන්නේ මහාපරිමාණ අල්ලස් දීමක් පමණයි. නමුත් මෙය වරදක් ලෙස එරට මිනිසුන්වත් එම රජයන් වත් නොසැලකීමට හේතුව ජනතාවගේ මොළ කාලාන්තරයක් තිස්සේ සේදීමයි.
මෙනිසා අතිවිශාල වංචා මෙ දියුණු රටවල සිදුඋනත් සාමාන්‍ය මට්ටමේ දී සොරකම් නැති නීතිගරුක සමාජයක් මේ රටවල දැකගත හැකියි.
මෙය දකින කල්පනා ශක්තිය නැති මෝඩ උගතුන් මෙරට්වල් ඉතා දියුණු යයි කියමින් පුරසාරම් දොඩවයි.
දැන් අපේ රට දිහා නැවත යොමුවුනොත් අප රට තුල ඇත්තේ ආයුධ සන්නද්ධ පුරවැසියන් පිරිසක් නෙමෙයි මෙනිසා පාලකයා දන්නවා මොන පිස්සුව නටල විකාර කලත් ජනතාවට උපරිමයෙන් යම් විරෝධතා කළහැකි උනත් කිසිවිටක ජනතාව රජයට විරුද්ධව අවි ඔසවන්නේ නැති බව, මෙනිසා ලංකාවේ දෙසපාලකයට සොබාවික බයක් හට නොගනී, දැනට වයස 40ට වැඩි අයට මතක ඇති 1989 කැරලි අවදියේ රජයේ ජනාධිපති වරයා ආයුද සන්නද්ධ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට බැගෑපත් උන විදිය, අවි බිමතබා සකව්චා මාර්ගයෙන් ප්‍රශ්න විසදාගත හැකි බව රටේ ජනාධිපති කිව්වා ඔබට මතක ඇති, එහෙම උනේ පාලකය තුල මර බිය ඇතිවීම නිසයි.
දැන් අපි අපේ පවතින තත්වය දිහා බලමු මම යෝජනා කරන්නේ නෑ මහජනයාට අවි ලබාදෙන්න කියල, රටේ පාලකයන් එවැනි දෙයක් කරන්නේ නෑ (පාතාලයට අවි දීම වෙනම කතාවක් ) නමුත් ජනතාවට අපුරු අවස්තාවක් තියනවා. මෙදාපාර ජනතාව අපුරුවට තම බලය නිසි ලෙස පාවිච්චි කල බවයි මගේ අදහස.
ඉදිරියේදී මයිත්‍රී ටත් රනිල් ටත් තම බලය රැක ගන්න ඕනේ නම් රටේ ජනතාවට සාධනීය සන්වර්දනයක් කරා ගෙනයන්න වෙනවා, මොකද ඉදිරියේ රනිල් තම මෝඩ වැඩ දිගටම ක්‍රියාත්මක කලොත් රටේ ජනාධිපතිට එය නිශේධ කිරීමට සිදු වෙනවා, එහෙම නොකර සිටියොත් ජනාධිපතිගේ සියලුම ආරක්ෂාව නැති වෙනවා මොකද ජනතා මතය ඔහුට විරුධව යන නිසා.
අගමැති ගේ පැත්තෙන් උපරිම සාධනීය වැඩක් මහජනයාට කලොත් විතරයි ඔහුට ගොඩ ඒමක් තින්නේ, දැන් එට්කා වැනි ගිවිසුම් අකුලාගෙන ජනතාවට දැනෙන වෙනසක් ඔහුට කරන්න වෙනවා, මේ උත්සාහයේ පොහොට්ටු පක්ෂයට විරුද්ධ වීමට උත්සාහ කලොත් රනිල්ට දක්ෂ වෙන්න වෙනවා තමා රටට සන්වර්දනයක් කරනවා මහින්ද එයට බාදා කරනවා කියල පෙන්වන්න, අනෙක් අතට මහින්දත් ලකුණු දාගන්න ජනතාවට මොනවිදියෙන් හරි සහන ලබාදීමට ඉදිරියට එයි.
මෙහි පාඩු ලෙස මහින්ද දුෂණ චෝදනාවලින් බේරෙන ගමන්ම රනිලුත් තමන්ට ඇති දුෂණ වලින් බේරෙනු ඇති "you scratch my back i'll scratch yours " ලෙස කසාගනිමින් වැඩ කරගනී.
අවසාන වශයෙන් රටේ ජනතාව දැන් හිතන්න පුරුදු වී ඇති බව ගැනනම් සතුටුයි!!