Wednesday, July 29, 2015

අනේ අපව මංකොල්ලකත්වා !


මුල් මාතෘකාවේ සදහන් වන්නේ මහජනතාව දෙසපලන්යයනට නොකියා කියන උපදෙසයයි (Implied Instructions)

ඉහත මාතෘකාවට පැමිණීමට ප්‍රථම අද චන්දය ඉල්ලන දෙසපලන්යයකු ගේ පැත්තෙන් සිට සිදුවන දෙය බලමු.
සිතන්න ඔබ චන්දය ඉල්ලනවා යයි කියා, ඔබ චන්දය ඉල්ලීමට පෙලබවන හේතුව (ජනතාවට කියන එක නෙමයි ) බලමු එනම් ඔබට ලැබෙන වාසි ගැන සිතමු. පහත සදහන් වන්නේ නිතියනුකුලව සිදුවන සිදුවීම් ජාලයයි )

01. මසකට රුපියල් 200000  පමණ ශුද්ද අදායමක් වසර 5 පුරා ලබාගැනීම
02. හැම දාම රුපියක් 3000 පමණ ආහාර වේලක් රුපියල් 150 පමණ ලබාගැනීම
03. විදුලිබිල ජල බිල්පත් දුරකථන බිල් රජය ගෙවීම.
04 විශ්‍රාම ගිය පසු මසකට රුපියල් 20000 පමණ මුදලක් වසර 5 අවසාන වූ පසු ලැබීම.

දැන් ඔබට මන්ත්‍රී වරයකු වීමට යන මුදල බලමු අද කාලයේ අවම මුදල ලක්ෂ 500 පමණ වේ.

01. ඔබේ වයස අවුරුදු 50 නම් ඔබ ඉදිරියට ජිවත් වීමට ඇත්තේ වසර 20 නම්   ඔබට ලැබෙන මුදල ලක්ෂ 48කි
02 වසර 5 ට ශුද්ද  අදායම ලක්ෂ 120 කි
03 ආහර සදහා දලවසයෙන් ලක්ෂ 40

දලවසයෙන් නිතියනුකුලව ඔබට දේසපාලනය කිරීම නිසා (120 + 48+ 40) = ලක්ෂ 208 ලැබෙනු ඇති
මෙහිදී මතක තබාගත්යුත්තේ මෙම මුදලෙන් ලක්ෂ 48 ලැබීමට වසර 20 ගතවන අතර ලක්ෂ 160 ලබගමින්මට වසර 5 ගතවනු ඇති

ප්‍රශ්නය වන්නේ මැතිවරණය පවතින මාසයේ ම ඔබට ලක්ෂ 500ක් වියදම් වීමයි

නීතියනුකුල ක්‍රමයට දෙසපලන්යයකු යනු ලක්ෂ 292 පින් පිණිස දනය දෙන පුද්ගලයන්ටයි.

මෙම මැතිවරණය සදහා මෙවැනි පින්වතුන් 6000 පමණ ඉදිරිපත් වී ඇත.

සාක්ෂරතාවයන් ඉතා ඉහල රටක් වන ශ්‍රී ලංකාවේ ආචාර්ය මහාචාර්ය ආදීන් ගේ කිසිදු අඩුවක් නැති නමුත් ඔවුන් සියලුදෙනා ඉහත චිත්‍රය දැක්කත් නොදැක්ක සේ සිටි.

දැන් අපි අපේ මුලික මාතෘකාවට පැමිණිවිට මහජනතාව ලෙස අප නිර්මාණය කරන්නේ සොරුන් 225 සමන්විත පාර්ලිමේන්තුවකි, මෙසේ ඇති කරගන්නලද පාර්ලිමේන්තුවෙන් අප නොකියා ඉල්ලා සිටින්නේ "අපව මංකොල්ලකත්වා ! " යන්නයි  
 
මෙහි හාස්‍යජනක සිද්දීයනම් ජන මාද්‍ය නිදහස් මතදාරින් සියලුදෙනා දෙසපලන්යයන් ගෙන් ඉල්ලන්නේ කෙසේහෝ ඔවුන්ට අයතා ලෙස මුදල් උපයා ගැනීමට ඇති අවස්ථාව නැතිකිරීමට ඔවුන්ටම නීති සම්පාදනය කරන ලෙසයි.

නිදහස් මනසින් බැලුවිට පෙනෙන්නේ සියල්ලන්ම සියල්ලන් රවටා ගනිමින් කරන මහාපරිමාණ ආත්ම වංචාවයි.
 

Sunday, March 29, 2015

සුද්දන් ලංකාව යටත්කර නොගත්තානම්, නොහොත් අපට තවම රජෙක් ඇත්නම් !




මා ඉතා කුඩා අවදියේ දී පටන් බොහෝ ස්වාමීන් වහන්සේලා සහ සිංහල බෞද්ධයන් පැවසු දෙයක්නම් " මේ පරසුද්දන් නොහිටින්න අප ස්වාදීන දියුණු ජාතියක් බවයි " 

වැඩිපුර සිතන්නැති සිංහලයන් අපට රජෙක් ඇත්නම් ඉතා සතුටු වනු ඇති. 

අපි ටිකක් බලමු අපට රජෙක් ඇති කාලයේදී ජනසමාජය කෙසේ සංවිදානය වී තිබුනද කියා.

මුලින්ම කිව යුත්තේ අපට රාජාණ්ඩු ක්‍රමයක් තිබුනානම් අද බොහෝදෙනාට ලැබී ඇති අයිති වාසිකම් නොලැබී යනු ඇති බවයි.

01. සියලු දෙනා රජයට බදු ගෙවිය යුතුය මහජනයාට නොමිලේ කිසිදු සේවාවක් රාජාණ්ඩු සාමය වල නොලැබූ බව (බුද්ධදාස රජු ගේ කාලයේ ආරෝග්‍ය ශාලා පහසුව නොමිලේ ලබාදී ඇත ) 

02. සුළු වරදට අමානුෂික දඩුවම් ලබාදීම (මෙනිසා සමාජය ඉතා නීතිගරුක සමාජයක් වී ඇත )

03. ආකර්ශනීය නිර්මාණ කරන ලද අතර මෙසියලුදෙයට ප්‍රවර්දනය සපයා ඇත්තේ "මරණ බය" විසිනුයි.

04. බොහෝ දෙනා පවසන්නේ බුදුදහම ඉතා දියුණු ලෙස ලංකාවේ ක්‍රියාත්මක වූ බවයි, අනුරාදපුර යුගයේ එසේ දියුණු බුදු දහමක් පැවතිඇතත් ඊට පසු යුගවල සිදුවී ඇත්තේ බොහෝවිට සංස්කෘතිකමය   බුදුදහමකි. පාලකයා බලයේ සිටීමට බුදුදහම මෙවලමක් ලෙස යොදාගත් බව පරිසමින් බැලීමේදී පෙනී යයි.

05. අවශ්‍යතා අවම නිසා එක්තරා සංහිදියාවක් තිබුනත් සාමාන්ය ජනය කුල පීඩනය නිසා ඉතා අසහන කාරී සමාජයක ජිවත් විඅතිබව තෙරුම්ගතහැක.

06. රජය වෙවේචනය කිරීම මරණයෙන් කෙලවරවන දඩුවම් ලැබියහැකි වරදකි 

අප කැමති උනත් නැතත් බොහෝ ජනයට වඩා නිදහස් ලෝකයක් ලැබී ඇත්තේ අප කියන "පර සුද්දන්ගේ " "ප්‍රජාතන්ත්‍රවදයට" පින්සිදු වෙන්ට බව ප්‍රසිද්දියේ නොකියන්ට සිංහල ජාතිවාදීන් ප්‍රවේසම් වෙති.

අප ජනතාවට ශතවර්ෂ ගණනක් පුරුදු සුද්දන්ගේ "ප්‍රජාතන්ත්‍රවදයට"  නොව දැඩි බලයක් යොදා ජන මර්දනයකින් ලැබෙන පෙනීමට තිබෙන නිතියනුකුල බවයි.

මෙහිදී අප වරදවා ගතයුතු නැත්තේ "බටහිර ඇත්තේ ස්වයන් හික්මීමෙන් සංවිදානය වූ සමාජයක් ! "යන කල්පනාවයි. පෙරදිග මෙන් කසපහර නොදුන්නත් 
බටහිර පවා වරදට දඩුවම් ක්‍රම පවතී බොහෝවිට එය මුල්‍යමය දඩයක් වන අතර අදාල දඩය පුද්ගලයාගේ පඩියෙන් අඩුවී ඉතිරිය ලැබෙන ලෙස සංවිදානය විඇත. මෙහිදී පවතින නවීන තාක්ෂනය යොදාගන නොදැනෙන ලෙස මෙය සිදුවේ.  ලගදි උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙපිලිබද කදිම උපමාවක් ලබාදෙන ලදී https://www.youtube.com/watch?v=Q25Iz-J9NXQ
විනාඩි 5 පසු බලන්න               

අප නුවණැති තීරණයට එලබේ නම් කල යුත්තේ හැකිතරම්  බටහිර දැනුම උකහා ගැනීමයි මෙයට ඉංග්‍රීසි බාෂාව උපකාර වේ.

දැනගත යුතු කරුණනම් විදේශීය ආක්‍රමණ නිසා පුරවැසියන් ලෙස අප ඉතා වැඩි පුද්ගල නිදහසක් බුක්ති විදින බවය.  

Saturday, March 7, 2015

ජනතා විමුක්ති පෙරමුණේ හර්ධ සාක්ෂිය :- (දන්නා යක්ෂය හොදයිද? නොදන්නා දේවියා තරම්!)



මෙය ලිවීමට සිතුනේ http://www.w3lanka.com/2015/03/blog-post_64.html දැකීමෙන්.
Ajith Perakum Jayasinghe මහතා පෙන්වාදෙන කරුණ උපුල් ෂාන්ත සන්නස්ගල ස්ත්යාගාරය ඉදිරිපත් කරන විටදී මගේ මනසට පැමිණිය.

ජනතා විමුක්ති පෙරමුණේ ඉතා හොද සාදනිය  ලක්ෂණය නම් ඔවුන්ගේ විනයයි.


01. කුමාර් ගුණරත්නම් ගැන ඇසුවිට අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්නය මගහැර යාම මහින් මට වැටහුනේ ඔවුන්ගේ සංවිදානයේ පවතින රහසිගත බවයි.ජනතාව ලෙස ඔවුන්ගේ සංවිදානයේ පවතින ගුප්තබව අප තේරුම් ගත යුතු යයි සිතමි.
ප්‍රශ්නය වන්නේ බලය ලැබුවිට ඔවුන් බොහෝ ප්‍රජචන්ට්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කිරීමට ඉඩ ඇති බවයි.

02. අනුර කුමාර දිසානායක මහතා විවුර්ත ආර්ථිකය පවත්වන අයුරු විස්තර නොකරයි:-

මෙය තරමක් පැහැදිලි කරගත යුතු යයි සිතමි, ජනතා විමුක්ති පෙරමුණ පහත ප්‍රශ්න කෙසේ  විසදනු ඇතිදැයි අප ඇසිය යුතුය.

01. පුද්ගලික දේපල අයිතිය පිළිබද ඔවුන්ගේ මතය.
02. නිදහස් වෙළදාම පිළිබද ඔවුන්ගේ අදහස්
03. රැකියා වර්දනය පිළිබද ඔවුන්ගේ සැලසුම
04. විදේශ වෙළදාම පිළිබද ඔවුන්ගේ ප්‍රතිපත්තිය.
05. රජය විවේචනය කිරීමට මහජනයාට ඇති අයිතිය සහ දේසපාලන පලිගැනීම් වැළකීමට ඇති වැඩපිළිවල.
06. විදේශ ආයෝජන ලබා ගෙන රට සංවර්දනය කරනවද නැතිනම් දේශීය ආයෝජනයෙන් එය කරනවද ?
07. අපේ විදේශ වෙලදාමේදී ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන රටවල් සහ අපනයනය කරන දේ
08. රජයේ බදු ප්‍රතිපත්තිය (අදායමෙන් කොපමණ රුජු බදු වනවද බදු නිදහස්ව කොපමණ මුදලක් තබාගත හැකිද ?)
09. ආයෝජනය දිරිගැන්වීමට යොදාගන්න උපක්‍රම මොනවද ?
10.රජය මැදිහත් වන්නේ කෙලෙසද ? කුමන කර්මාන්ත වලටද ? කෙසේද ?

අප මතක තබා ගතයුතු කරුණ නම් ඉදිරියේ පවතින මැතිවරණයෙන් බොහෝවිට විපක්ෂය බවට හෝ රජය මෙහෙවයන පාර්ශවයක් බවට ජනතා විමුක්ති පෙරමුණ පැමිණෙනු ඇති බවයි. එහිදී ඔවුන් අතට තව අවුරුදු 6 දී බලය ලබුනවිට ඔවුන්ගේ හැසිරීම දැනගැනීමට ඉහත ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලබාගත යුතුය, මතක තබා ගතයුත්තේ විනය ඉතා ආකර්ශනිය දෙයක් උවත් පැසිස්ට්වාදී සන්විදානයක් පවතින්නේ විනය මතයි උදනරන LTTE සංවිදානයේ ඉතා දැඩි විනයක් තිබුනත් සිදුකරනලද්දේ ට්‍ර්ස්තවාදී ක්‍රියා බැවිනි.  

ජනතා විමුක්ති පෙරමුණ ඉහත අසනලද දෙය පැහැදිලි කලොත් ඔවුන්ගේ අවංක බව අපට බල ගත හැකි වනු ඇත.

Tuesday, February 24, 2015

අපරාධ, අපරාධ ලෙස නොදැකීමේ අපරාධය!


අප බොහෝදෙනා අපරාධයක් ලෙස දකින්නේ, එක්කෝ මිනි මරාගනිමක්, මංකොල්ලකෑමක් වැනි දෙයකි, මා පෙන්වන්න යන්නේ සමාජයක් ලෙස මේවා සිදුවන්නේ මක් නිසාද යන්නයි.

මෙම සටහන පටන්ගැනීමට ප්‍රථම අපි 1948 නිදහස ලබන වර්ෂයට මතකය ගෙන යමු. ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් තිබු අපට වසර 30 ක යුද්දයක් සහ තරුණ කැරලි දෙකක් ඇති වුයේ මන්ද ?

නිදහස ලබන අවස්ථාවේ සුද්දන් විසින් බොහෝ යටිතල පහසුකම් අප රටේ ස්ථාපනය කරන ලද අවස්ථාවක සිටි අපි මා දකින මුලික අපරාධය නම් සුබසාදනයට යොමු වීමයි, මෙය අපරාදයක් වන්නේ ඇයි දැයි බලමු.     සුබසාදනය හේතුවෙන් ආයෝජනය පහත යන අවස්ථාවකදී වාමාංශික වියාපාර විසින් රජයෙන් වැඩි වැඩි සහන ලබාගැනීමත් හැකි තරම් අඩුවෙන් වැඩ කිරීමත් ප්‍රවර්දනය කරනලදී, මේ හේතුවෙන් විදේස ආයෝජන අවම වූ අතර සියලු දෙය රජය කිරීම නිසා මහා පරිමාණ දුෂණය ඉහල යාමෙන් ආර්ථිකයට මහා බරක් පටවින ලදී.

1956 දී සිංහල රජ බස කිරීමෙන් බණ්ඩාරනායක මහතා බලය ලබා ගත් අතර ජාතිවාදී මතය යොදා ගැනීමෙන් රජය කරන ලද්දේ වාමන්සිකයන් රටේ කරන ලද වැඩවර්ජන පවතින අතරයි (මෙම වැඩවර්ජන කිසිලෙස අපරාදයක් ලෙස නොදකිනලද, ජාති වාදය කිසිකලක ශ්‍රී ලාංකිකයන් අපරාදයක් ලෙස නොදකින ලදී )

සිංහල රජ බාෂාව කිරීමෙන් සිදුවූ අනතුර නම් තාක්ෂණික විෂය දැනුම අපරටට නොලැබී යාමයි (මහාචාර්යවරයකු පැවසු පරිදි ඉතිරිවූයේ සටහන් කටපාඩම් කරන හිස් මිනිසුන් සමුහයක් පමණි )
ලෝකයේ අපට පිටුපසින් සිටි රටවල් වේගයෙන් දියුණු වෙද්දී අප සුද්දට බැන බැන  සිදුවන නියම අපරාද නොදකිමින් ගතකරන ලද කාලය දශක 7 පමණ වේ.
ප්‍රශ්නය නම් අප බොහෝ දෙනා වංචා දුෂණ අක්‍රමිකතා බයානක අපරාධ ලෙස නොදැකීමයි

මේ හේතුවෙන් නව රැකියා නිපදවීමට 1970 රජය පත් වන විට නොහැකි වුන අතර  1971 ප්‍රථම තරුණ කැරැල්ල හට ගත්තේ මෙම අසහනය වැඩි දියුණු වීමෙනුයි. මෙහිදී තරුණ තරුණියන් ගාතනය වීමේදී සංවේදී කතා රචනා උනත් අපට අපරාදය ඇත්තේ කොහෙදයන වග තවම අවබෝද වී නැත.

රටේ විවිද පශ්න ඇතිකර ගනිමින් කලයුතු දෙය නොකරමින් අප ගමන් කරමින් සිටින්නේ එක අනතුරක සිට තව අනතුරක් දක්වායි .

1989 දෙවැනි තරුණ කැරැල්ල ඉතා අනුවේදනීය වුයේ දකුණේ තරුණ තරුණියන් ටයර් දමා පුළුස්සා ඇති අයුරුයි.

මෙහිදී මවකට තම දරුවා හමුවුයේ හිස පමණක් වන අතර විලාප තියමින් ඇය මහමග ගමන් කරන විට ඇතිවෙන සංවේදී අවස්ථාවේ
අප නොසිතන්නේ මිනිස් මනස මෙසේ ක්‍රියා ක්‍රියා කරන්නේ කිසියම් සිදුවීම් දාමයක ප්‍රතිපල ලෙස බව අපට නොවැටහෙයි.

දැන් අප සිතමු ශ්‍රීලංකාව පවතින ස්ථානයේ පරයෝජනයට ගනිමින්, රටේ නිතිය සදරනවා ක්‍රියාත්මක කරමින්, ජාතිවාදී මත පතුරවන්නන්ට දැඩි නීති මගින් දඩුවම් කරමින්, අද්‍යාපන ලබාදීමේදී ඉංග්‍රීසි බාෂාව රටේ ප්‍රචලිත කරමින් විදෙස අයෝජන මගින් බුද්දිමත් තීරණ ගතහැකි මිනිසුන් සිටියා නම් මෙවැනි
දේශපාලනඥයයන්  රටට නො ලැබෙනවා පමණක් නොව ඉහත සදහන් කල මුලික ප්‍රශ්නය වන තරුණ අසහනය ඇති නොවන්නට හේතුවන්නේ ඕනෑතරම්
රැකියා උප්පදනයට අපට හැකි නිසයි.

අප අවංකව සිතිය යුත්තේ දෙසපලන්යනන් ලවා සහනාදාර වැඩි කර ගැනීම නොව හැකිපමණ නිදහස් වෙළදාම ඇතිකරගනිමත් සාදාරන නිතිය පවතින රටක් ඇතිකර ගැනීමත් යන කරුණයි.

අවසාන ලෙස කිවයුත්තේ  පුරවැසියන් ලෙස දරුවාගේ ගිනිගෙන දැවෙන ශරීරය දකින මවක් යම් කම්පාවක් ඇතිකර ගනීද එයට ආසන්න හෝ කම්පාවක්
අල්ලස් දුෂණ අක්‍රමිකතා සහ නිතිය ක්‍රියාත්මක නොවීම පිලිබදව අප ඇති කරගත යුතුය, මක්නිසාද එසේ නොවුවිට ඉහත සදහන් සියලු අනතුරු නැවත නැවත සිදුවන නිසයි!        

Saturday, February 14, 2015

දියුණුවට අවශ්‍ය බලය. 2 කොටස.




 මෙය ලිවීමට පෙලබුනේ මා පෙර ලියනලද  "දියුණුවට අවශ්‍ය බලය." නම් ලිපියට http://lankasithuwili.blogspot.com/2015/02/blog-post.html#comment-form "ලොකු පුතා" නම් පාටකයා දමනලද අදහස පිලිබදවයි.

"මෙම සියළුම උපකරණ මිළදී ගැනීමට සිදු වන්නේද විදේශයෙන් බව අමතක කරන්න එපා.
එමෙන්ම එය එකවර කලයුතු විශාල ආයෝජනයක් වන බව අමතක කරන්නත් එපා."

ඉහත අදහස සත්‍ය වන අතර කණගාටුවට කරුණ නම් මෙම පැනල නිපදවීමට අත්‍යවස්ය අමුද්ද්‍රව්‍ය පවතින්නේ ශ්‍රී ලංකාවේ බවයි.
ලොව ඇති හොදම වර්ගයේ සිලික වැලි අපනයනය කරන රටක් වන අපි කොතරම් මෝඩ දැයි කිවුවොත් කිසුදු වැඩි දියුණු කිරීමකින් තොරව
http://www.dailynews.lk/?q=business/vein-quartz-sri-lankas-silicon-valley අපනයනය කරන මෙවැනි ජාතික සම්පත් නිසා
ඇතිකලහැකි රැකියා අවස්තා මිල කල නොහැකි.

රජයට බල කල යුතු වන්නේ මෙවැනි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ පිහිටවා උසස් තාක්ෂණික නිෂ්පාදන අපනයනය මිස
රන් බිත්තර දමන කිකිළිය මැරීම නොවේ.    

ශ්‍රී ලංකා මහබැංකුවේ මෝඩකම් !!



ශ්‍රී ලංකාවට paypal පහසුකම ලබාදීමේ වාසි සහ මහබැංකුවේ මෝඩකම් 

අද ලෝකයේ අන්තර්ජාතික වෙළදාමේ යොදාගන්න මුලිකම ගනු දෙනු කිරීමේ මද්‍යක් වන්නේ paypal  සේවාවයි. මිට මුලිකම හේතුව ගනුදෙනු කිරීමට මිට අමතරව ඇති ක්‍රම වන්නේ 01. බැංකු හරහා සිදුකරන ( Wire transfer )  02. අන්තර්ජාතික ණය පත් යොදාගැනීම (credit card ) 03. western union, moneygram ,  Ria Money Transfer (වැනි සේවා මගින් මෙය කල හැක )

01. බැංකු හරහා සිදුකරන ( Wire transfer ):- මෙය ඉතා ඉහල මුදලක් හුවමාරු කිරීමට යොදාගනී, එම මොහොතේම සිදු නොවේ.
02.  අන්තර්ජාතික ණය පත් යොදාගැනීම (credit card ) මෙය එවලේම සිදුකළහැකි උවත් කිසියම් අවදානමක් පවතී (විසේසයෙන් ම අන්තර්ජාතික ගනුදෙනුවකදී ඔබට ණයපතේ  තොරතුරු විදේශිය පුද්ජ්ගලයකුට ලබාදීමෙන්, ඔහු අවබාවිත කිරීමේ අවදානමක් පවතී )
03 western union, moneygram ,  Ria Money Transfer එවලේම මුදල් යැවිය හැකි උවත් විදේශිය ගැනුම්කරුවන් මිට වැඩි උනන්දුවක් නැත්තේ නොදන්නා කෙනකුට මුදල් දීමෙන් ආරක්ෂාවක් නොමැති බැවිනි.

04. paypal   :- වල ඇති මුලික ලක්ෂනයනම් ඔබවිසින් ඔබේ  paypal ගිණුම ඔබේ ණයපතට credit card හා සම්බන්ද link  කර ඇති බැවින් කිසියම් ගෙවිමකදී ඔබට ඔබේ credit card numbers  පිටතට ලබාදියයුතු නොවේ, තවද ගෙවීම කලහැක්කේ ඔබට පමණයි.

දැන් මෙහි ඇති වාසි මොනවාදැයි බලමු

සිතන්න ඔබ ගණකාධිකාරී වරයකුයි කියා ඔබ කැමතිනම් විදේශිය ආයතනයක ගිණුම් අංශයේ උදාහරණ bank reconciliation කිරීමට හැකියි සිතමු
විදේශිය ගැනුම්කරු මෙම සේවයට ඔබට $250 වැනි අඩු මුදලක්  ගෙවීමට සිදුවුවිට මෙම මුදල පහසුවෙන් ඔබේ paypal  ගිණුමට එවීමට හැකියි.

මෙහිදී එවන පුද්ගලයාගේ    credit card නොම්බර ඔබ නොදන්නා අතර අවබාවිත කිරීමට අවස්ථාව නොලැබේ.

දැන් paypal  යොදාගැනීමේ අවාසි මොනවාදැයි බලමු.

paypal   පවතින තත්වය මත මුදල් ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට පහසුකම් සලසා ඇති අතර ශ්‍රී ලංකාවට විදෙස විනිමය ලබාගැනීමට අවහිර කරනු ලබයි.
දැන් අපි මෙවැනි මෝඩ තත්වයක් ලංකාවේ පවතින්නේ paypal   ආයතනයේ වරදක් නිසා නොව අප ශ්‍රී ලංකා වේ මහ බැංකුව පවත්වාගෙනයන
මෝඩ ප්‍රතිපත්තියයි.
මෙය වෙනස්කරන බව හිටපු මහා බැංකු අදිපති කබ්රාල් මහතා වසර 2 ට පෙර පොරොන්දු උවත් මෙතෙක් ඉටුවී නැත.

මහබැංකුව නිසි ක්‍රියාමාර්ග ගන්නවානම් විදෙස විනිමය උපාය ගැනීමට අනගි අවස්ථාවක් පවතී  

Wednesday, February 11, 2015

දියුණුවට අවශ්‍ය බලය.




විදුලි බලය පිළිබද ගැටලුව නිරාකරණය කර ගැනීමට පවතින ස්වර්ණමය අවස්ථාව.

අප රට බිලියන ගණනක් විදුලි උප්පදනයට වැයකරයි. මේ දනය බොහෝවිට විදෙස ගතවීම නොවලක්වියහැකියි.
අපට ඇති හොදම විකල්පයනම් සුර්ය කෝෂ යොදා විදිලිය ඉපදවීමයි, මෙහි ඇති මුලික ප්‍රශ්නය නම් එම විදුලිය ගබඩා කිරීමට 
ඉතා මිල අදික බැටරි deep cycle battery යොදාගත යුතු වීමයි. රුපියල් 50000 වැඩි වන මෙම බැටරියක්  යොදා කරන ආයෝජනය 
නැවත ලබාගත නොහැකි වීම බොහෝ දෙනා මෙයට නොපෙලබිමට හේතුවයි.

නමුත් මෑත කාලයේ මිට කදිම විසදුමක් සොයාගන ඇත, එනම්  සුර්ය පැනලයේ සිට කෙලින්ම නිවසේ විදුලි සැපයුමට  විදුලිය සැපයීමයි.
මෙහිදී රුපියල් 500,000 පමනමුදලක් පැනල සහ අනෙකුත් උපාංග සදහා වැයකළ විට මසකට  Unit 250 පමණ ජාතික විදුලි සැපයුමට ලබාදිය හැක.
දැනට පවතින තත්වය අනුව විදුලිබල මණ්ඩලය විසේස මීටරයක් මෙයට ලබා දෙන අතර එයට රුපියල් 40000 පමණ අයකරයි.

තවද අපි සිතමු මසකට විදුලි එකක 200 පරිබෝජනය කරනවා කියා මෙම ඒකකය මගින් එකක 250 නිපදවනවානම් ශ්‍රී ලංකාවේ 
පවතින නිතිය අනුව විදුලිබල මණ්ඩලය කරන්නේ අපගේ විදුලි බිල 0 කිරීම පමණයි. ඉතිරි එකක 50ට කිසිදු මුදලක් විදුලිබල මණ්ඩලය 
ලබා නොදෙයි.

පහත පියවරයන් රජය ගැනීමට සුදානම් වී ඇත්නම් මුළු ලංකාවේම විදුලි අවශ්‍යතා සපුරාගැනීමට හැකි වනු ඇති.

01. මෙම උපකරණ සදහා බදු නිදහස් කිරීම 
02. ඉහල තත්වයේ උපකරණ අඩුමිලට ලබාගැනීමට ප්‍රතිපාදන ලබාදීම (මෙවැනි කට්ටකලයක් වසර 20 පමණ බවිත කල හැක )
03. අතිරේක එකක සදහා විදුලිබල මණ්ඩලය පාරිබෝගිකය වෙත ගෙවීම් කිරීම.
04. සාදාරන මිලට මෙම මීටර ලබාගැනීමට පහසුකම් ලබාදීම. 

රජයකට ඉතා පහසුවන් මෙවැනි වියප්ප්රුතියක් පටන් ගත හැකියි. 
මෙහි ඇති වාසිය නම් මුදල් ආයෝජනය කරන පුද්ගලයන් මෙමගින් දිරිගැන්වීමයි. රටේ විදේස විනිමය ඉතිරි කර ගත හැකි වීමයි.