Mondragon සමුපකාර ක්‍රමය ඇතිවන්නේ ස්පාන්යේ බාස්ක් BASQUE නමැති කොටසේදියි, 1941 දී මෙමෙ ප්‍රදේශයට පැමිණි José María Arizmendiarrieta නමැති කතෝලික පියනම ගේ මුලිකත්වයෙන් තමයි ආරම්භ වන්නේ Mondragon සමුපකාර මුලින්ම ආරම්භ වන්නේ 1956 දියි. අතිශයෙන් දිලිදු ප්‍රදේශයක් වූ මෙය ලෝක යුද්ධ සහ ප්‍රදේශ යුද්ධ වලින් හෙම්බත්වී අන්ත දිලිදු මිනිසුන් සමුහයක ගේ ජනාවාස වූ මෙම ප්‍රදේශය ට පැමිණි Arizmendiarrieta පියතුමා පැහැදිලි කරනවා සේවකයන් කලයුත්තේ ඔවුන්ගේම සමුපකාරයක් පිහිටවීම බව, මක්නිසාද යත් ප්‍රාග්ධනය ඇති මිනිසුන් කිසිවිටකත් එම ප්‍රදේශයට නොඑන නිසා, ඔහු අපුරු ක්‍රමයක් යෝජනාකරනවා මෙහිදී ප්‍රග්ධනය සේවකයන් ගෙන ආයුතු වෙන අතර පවත්වාගැනීම සහ සියලු තීරණ ගැනීම සේවකයන් විසින් සිදුකරනවා, මෙම ක්‍රමයේ වැදගත් කම සරලව කිව්වොත් විශිෂ්ට ගනයේ සාර්ථකත්වයයි
01. ශතවර්ෂ බාගයකට වඩා කල් පැවතීම.
02. ඔවුන්ට 85000 සාමාජිකයන් සිටිනවා
03. මිට අමතරව 15000 කුත් 25000 කුත් අතර සේවකයන් සිටිනවා
04. 85000 සාමාජිකයන් තමයි මෙහි අයිතිකරුවන්, තිරනගන්නන් සහ මෙය පවත්වාගන්න අය
05. මේ 85000 න් 43.7% ස්ත්‍රීන් වනවා
06. Mondragon සමුපකාර වියාපරයට පාසැල් සහ විශාල විශ්ව් විද්‍යාල තිබෙනවා
07. මේ පාසල් වල 9320 පමණ ඉගන ගන්න අතර 3500 පමණ Mondragon විශ්ව් විද්‍යාල වල ඉගනුම ලබනවා
08. මෙම විශ්ව් විද්‍යාල වල නිෂ්පාදනය, බැංකුකරණය, සුපිරි වෙළදසැල් ක්‍රමය ඉගැන්වීම සිදුකරනවා
09. අධි තක්ෂණික පර්යේෂණ විද්‍යාගාර පවත්වාගන්නවා
10. ඔවුන් රට තුල විකුණන දේවල් වලට වඩා භාණ්ඩ අපනයනය සදහා නිෂ්පාදනය කරනවා
11. General Motors වැනි ක්ර්මනත සදහා කොටස් නිපදවීම
12. විදුලි මෝටර් රථ සදහා ඉහලම තක්ෂණය ලබාදීම
13. බාස්ක් BASQUE ප්‍රදෙශයේ විශාලම කර්මාන්තය වන අතර ස්පාන්යේ 7 වැනි විශාලම ආයතනයයි.
14. ඔවුන්ගේම බැංකු පවත්වාගන්නවා
15. වසරක ආධායම ඩොලර් බිලියන 40 පමණ
16. ආයතන 77ක් විදෙශ වල ක්‍රියාත්මක වේ ඇමරිකාවේ 5 සමග
17. 62% අලවිය ස්පාන්යෙන් පිට සිදුකරන අතර
18. සුපිරි වෙළදසල් සදහා සේවකයන් 42000 සේවය කරයි එහි නම Eroski
දැන් අපි බලමු ඔවුන් ආයතනය පවත්වන ආකාරය.
වැදගත්ම තීරණ ගන්නේ ඔවුන්ගේ මහසභා රැස්වීම තුල අතර මෙහි ඇති විවිද ආයතන තනි තනි ආයතන ලෙස පාලනය වෙයි ,
වසරකට වරක් පැවැත්වෙන මහසභා රැස්වීමට සියලු සාමාජිකයන් පැමිණිය යුතු අතර ඔවුන් එහිදී වැදගත්ම තීරණ කීපයක් ගනී ඒවා නම්.
01. ප්‍රධාන කළමනාකරුවා පත්කරගැනීම, ඔහුට පහලින් ඇති ආයතනවල කළමනාකරුවන් පත්කිරීම ආයතනයේ සාමාජිකයන් (බොහෝවිට සේවකයන් කරනු ලබයි )
02. මෙහිදී සාමාජිකයන් විසින් ප්‍රධාන කළමනාකරුවා පසුගිය වසරේ ආයතන පවත්වාගැනීම මහින් කොපමණ දිවුනුවක් ආයතනය ලබා ඇද්ද නැද්ද ? යන්න මෙම සාමාජිකයන් ප්‍රධාන කළමනාකරුවා ගේ වැඩ පිලිවල පරික්ෂා කරනු ලබයි
03. මෙම සාමාජිකයන් විසින් ආයතනය ඉදිරියට යායුතු ආකාරය ගැන තරණය කරයි එනම්
1. කුමන පාරිබෝගිකයන් සදහා නිපදවනවද ?
2. කොහොම නිෂ්පාදනය කලයුතුද ? කුමන තක්ෂණය උපයෝගී කර ගත යුතු ද ?
3. මෙහිදී හරිම වැදගත් තීරණයක් ගනී එනම් කිසියම් තාක්ෂණික භාණ්ඩයක් මිලදී ගැනීමේදී මුලින් ම සලකා බලන්නේ ඉහලම ගුණත්වය තිබෙනවද යන්නයි මේසදහා ඔවුන් ටෙන්ඩර් කැදවන අතර හොදම තත්වයේ භාණ්ඩ අඩුම මිලට මිලදීගැනීම සිදුකරයි.
4. සාමාජිකයන් විසින්ම පාලනයට නීති ඇතිකර ගනී
දැන් බලමු වැදගත්ම කොටස
එනම් ගෙවීම් සිදුකරන්නේ කෙසේද ? යන්න
01. දල ලාභයෙන් 10% ඔවුන් වෙනම සංචිතයක තැම්පත් කරයි
02. 45% අදාළ ආයතනය දිවුණු කිරීමටත් ප්‍රග්ධනය භාණ්ඩ මිලදී ගැනීමට යොදවයි
03. ඉතිරි 45% සියලු සාමාජිකයන් ට බෙදාහරි. නමුත් මෙම මුදල එවෙලේම සේවකයාට බෙදා නොදෙන අතර අදාළ සේවකයා නමින් වූ ගිනිමකට බැර කිරීම සිදුකරයි මෙය සංචිතයක තැන්පත් කරන අතර මෙය තමයි සේවකයාගේ අර්ථසාධක අරමුදලට එකතු කරනු ලබන්නේ
04. සෑම වසරකම බෝනස් මුදලක් ලැබෙන අතර එම මුදල ඔබ මෙතක් තැම්පත් කර ඇති මුදලින් 7% ගෙවයි.
දැන් සෑම සේවකයකු වෙනුවෙන් ඇති 45% සංචිතය යොදා ආයතනය පුළුල් කිරීම , විශ්ව විද්‍යාල පටන්ගැනීම, බැංකු පටන්ගැනීම, පර්යේෂනාගාර ඇරබීම වැනි දේවලට යොදයි.
වැදගත් ම කරුණ නම් මෙම ආයතනවල වැඩිම ආදායම ගන්න පුද්ගලයා ලබන වැටුප සහ අඩුම ආදායම ලබන පුද්ගලයා අතර පරතරය 4.5 ගුණයකට වඩා වැඩි නොවිය යුතුයි එනම් අඩුම වැටුප ලබන්නා මෙන් 5 ගුණයක් වැඩිම වැටුප ලබන්නාට නොලැබිය යුතුයි.
විශේෂ අවස්ථාවල මෙම පරතරය 6.5 ගුණයක් දක්වා පවත්වයි.
මෙනිසා ආධායම් බෙදීයාමේ විෂමතා මෙහි නැති බැවින් හිගන්නන් දකින්න නැත.
මෙහිදී තව නීතියක් වන්නේ තම ආයතන අතර තරග කාරිත්වය ඇති නොකිරිමයි.
තව අපුරු දෙයක් සිදුවෙනවා, වනම් හිතන්න කිසියම් ආයතනයක වෙළදාම අඩුවී අදාළ භාණ්ඩය තවදුරටත් බාවිතා නොකරන තත්වයට පත් වුනෝත් එනම් පාරිබෝගික ඉල්ලුම නැති වූ විට සේවකයන් කප්පාදු කිරීම සිදුකරන්නේ මේ ආකාරයෙනුයි.
සෑම සේවයයකුගේ කාර්යක්ෂම තාවය ගණනය කර ඔවුන්ට කිසියම් ලකුණු ප්‍රමාණයක් දෙන අතර සේවක කප්පාදු අවස්ථාවක දී අඩු ලකුණු ඇති අය ඉවත්කරනු ලබන අතර මේ පිරිසෙන් වයසින් වැඩි අය විශ්‍රාම යවන අතර අනෙක් පිරිස වෙනත් ආයතන වලට මාරු කරනු ලබයි මෙම ක්‍රමය නිසා කිසිම සේවකයකු ගේ රස්සාව නැතිවී නැති බව ඔවුන් සදහන් කරන්නේ ආඩම්බරයෙන්.
මෙහිදී ඉතා වැදගත් කරුණක් පවතී, එනම් මෙම සේවකයන්ට කිසිවිටක රැකියා නැතිවන්නේ නැත, හිතන්න අධාල ආයතනය වසා චීනයෙ ආයතනය පටන්ගැනීම නොවන්නේ මෙහි අයිතිකරුවන් සේවකයන් වන නිසා.
හොඳ ලිපියක් නිවී හැනහිල්ලේ කියවන්න ඕනෑ. එංගලන්තයේ ඉඳන් ජපානයට යන කල් මෙන්ම චීනයේ ඉඳන් ඉශ්රාලයට යන කල්ම ඇති විවිධ ආර්ථික ක්‍රමයන් තුලදී වාගේම ඉන්දියාවේ,මැලෙශියාවේ සහ සිංගප්පුරුවේ සමුපකාර ක්‍රමය ඒ ආර්ථික වල වැදගත් තැනක් අරගෙන ක්‍රයාත්ම වෙනවා. නමුත් අපේ රටේ එහෙම නැහැ. දේශපාලන ඇසින් බැලීමෙන් තොරව අපේ රටේ සමුපකාර ව්‍යාපාරය පිරිහීමට බලපෑ කරුණු ගැන සාකච්චා කිරීමේ වේදිකාවක් හදා ගතයුතුව තිවෙනවා.
ReplyDeleteසමරසේකර
සමරසේකර මහත්මය,
Deleteමේ ක්‍රමය ආකාර කීපයක් නිසා වැදගත් වෙනවා
මුලිකම දෙය නම් අර්ධ ශතවර්ෂයකට වඩා වැඩි කාලයක් පැවතීම.
ආර්ථික ප්‍රශ්න වලදී කිසිම සේවකයකු ගේ රස්සාව නැති නොවීම
ස්පාන්යේ 7 වැනි විශාල වියාපාරය වීම
ජර්මනියට යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියාව සදහා උවමනාවන Machine tools නිපදවීම.
තම රට තුල පරිබෝජනය කරනවාට වඩා අපනයනය කිරීම
මේ මා දැක්ක වැදගත්ම සාදකයි.
මෙහි සියලුදෙනා සේවකයන් වන අතරම අයිතිකරුවන් වීම නිසා තමාට වංචා කිරීමට නොපෙලබිම
ගොඩක් වැදගත් ලිපියක්, ලංකාවෙත් මෙවැනි දෙයක් අත්හදා බලන්නට හැකිනම්
ReplyDeleteLalith perera,
Deleteසාදරයෙන් පිලිගන්නවා !
මම හිතනවා මිනිසුන්ට සමුර්ධි දෙනවා වෙනුවට, සමුර්ධි ලාභීන් 20 ක් එකතු වී මෙවැනි වියාපාරයක් පටන් ගැනීමට කැමැත්ත දුන්නොත් සමුර්ධි සදහා වසරකට ලබාදෙන මුළු මුදල 20 ටම එකවර උවමනාකරන මුදල ලබාදි, මෙය දිය යුත්තේ භාණ්ඩ නිෂ්පාදනයට උවමනා මෙවලම් ලබාගැනීමට වන අතර
මෙහි වැදගත්ම දෙය නම් අදාළ අංශයේ ඇති රැකියා අවස්ථා පිළිබද සමීක්ෂණයකින් පමණක් මෙවැනි කර්මාන්තයක් පටන්ගැනීමයි, මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කල හැකිනම් ඉතා වටිනවා.