Sunday, January 31, 2016

ලංකාවේ ඥානසාර ලකුණ !


ඉහත මාතෘකාවට පැමිණීමට පෙර අපි රටේ ස්වාමීන්වහන්සේලා සහ සාමාන්‍ය සිංහල බෞද්ධයා අතර ඇති සම්බන්දය ගැන යම් අවබෝදයක් ඇතිකර ගත යුතුයි. වසර  2500 ක ඉතිහාසයක් ඇති බුදුදහමේ පණිවිඩය මහජනයාට ලබාදුන්නේ ස්වාමින් වහන්සේලා විසිනුයි. 

කල් යාමේදී බුදුරජානන් වහන්සේ පනවා ඇති විනය ආරක්ෂා කිරීමේ උවමනාව භික්ෂුන් වහන්සේලා තුලින් ඉවත් වන්නේ සන්සාර විමුක්තිය පිළිබද බුදුදහමේ පණිවිඩය විවිද හේතු නිසා නවක ස්වාමීන් වහන්සේලාගේ මනසේ ඇතිකිරීමට වැඩිහිටි භික්ෂුන් වහන්සේලා අසමත් වන නිසයි, නමුත් භික්ෂුව ඉන්පසු මනස යොමුකරන්නේ සමාජ සේවය දෙසටයි.

භික්ෂුන් වහන්සේලා ගිහියන්ට අනුශාසනා කරන අතර ගිහියන් භික්ෂුන් වහන්සේලා ට ආහාර පාන පුජාකිරිම සිදුකරයි. මෙම සම්බන්දය ගසට පොත්ත ලෙස සිදුවන්නේ ශතවර්ෂ ගනනාවක් ග්‍රන්ථ ඉගැන්වීම වෙදකම ඉගැන්වීම භික්ෂුන් වහන්සේලා විසින් කිසිම නිසයි (මුල් බුදුසමයට යනවිට මෙම කරුණු භික්ෂුන් වහන්සේලා නොකළයුතු දේවල් ලෙස ) සදහන් වුනත් පසු කාලයේ මෙය සාමානය සිද්ධි ලෙස ප්‍රවර්දනය වී ඇත.

අද වනවිට සිංහල සමාජයේ භික්ෂුන් වහන්සේලා ගේ ක්‍රියාකාරිත්වය බොහෝවිට අධිකාරිමය සොරුපයක් ගනී මෙහි බොහෝ වැරදි තිබුනත් බටහිර බලවතුන් මේ සම්බන්දයට අකමැති වන්නේ සිංහල සමාජය පාලනය කිරීමට ඔවුන්ට මේ සම්බන්දය මහත් බාදාවක් වන  නිසයි.

දැන් අපි 2009 කාලය බලමු වසර 30 ක යුද්ධය අවසාන වන්නේ සිංහලයන් ලබපු ජයග්ග්‍රහණයක් ලෙසයි (දෙමල ජනයා තමයි මේ නිසා නියම සැනසීම ලබා ගත්තේ ) මහින්ද රාජපක්ෂ මෙය තම බලය රැකගැනීමට පාවිච්චිකල මනා උපායක් උනා, මේ තත්වය ගැන භාහිරින් බැලුවහම තේරුම් යන්නේ බහිර බලවේගයකට මහින්දට අබියෝග කිරීමට නොහැකි බවයි.

නමුත් බාහිර අබියෝග නතර වුනේ නැත්තේ අන්තර්ජාතිකව ශ්‍රීලංකාවට විරුද්ධව මානව හිමිකම් අන්ශ යෙන් බලපෑම පැමිණීමත් සමගයි, මෙහිදී මහින්දට උවමනා වුනේ වැඩි වැඩියෙන් අන්තර්ජාතික බලපෑම වැඩි කර ගැනීමටයි මොකද අන්තර්ජාතික ව ශ්‍රී ලංකාවට විරුද්ධ වන සැම විටම මහින්දගේ රජය ශක්තිමත් උනා, රනිල් නිකම් ම පබයෙක් උන බව ඔබට මතක ඇති.

2012 අවදියේ තමයි  ඥානසාර තෙරුන් කරලියට වඩින්නේ ඔහු මුලින්ම ලෝකය දැනගන්නේ මත්පැන් පානය කර බලපත්‍ර රහිතව රිය පදවා  උසාවිය තුල වරද පිළිගනිම මගිනුයි.

මෙහෙම තැනැත්තා පසුව නොර්වේ රටට  ගොස් නැවත පැමිණ සිංහලයන් වෙනුවෙන් විශාල වියාපරක් අතිකර ගන්නේ ක්‍රිස්තියානි නිකායන්ට විරුද්ධ ආකාරයට වන අතර පසුව මුස්ලිම් විරොදයක් අතිකර ගනී.

මෙහි වැදගත්ම දෙය මෙවැනි වැඩ වලට ඔහුට මුදල් ලැබුනේ කෙසේද යන්න පිලිබදව කිසිදු හෝඩුවාවක් ලෝකය ඉදිරියයේ අනාවරණය නොවීමයි.

අද ලෝකය දෙස බැලීමේදී කිසියම්  රටකට අතපෙවීමට බටහිර රටවල් සිදුකරන්නේ රටට බාහිරින් කැරලි ගැසීම නෙමෙයි රට තුලින් කරැල්ල නිර්මාණය කිරීමයි, මෙහිදී අපි නොර්වේ රටට  මිට මෙතරම් උවමනා කරන්නේ මන්දැයි බැලිය යුතුය, නොර්වේ යනු තෙල් අපනයන කරන රටකි යම් විදියකින් ශ්‍රී ලංකාව තුල යම් පාලනයක් කිරීමට ඔවුන්ට හැකිනම්, ශ්‍රී ලංකාව ඉදිරියෙන් ලෝක තෙල් සැපයුමෙන්

සැලකියයුතු විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුලට ගෙන පිරිපහදු කිරීම පටන් ගත හැකිනම් අපට විශාල දියුණුවක් ඇති කර ගත හැකි වනවා පමණක් නොව කලාපයේ බලවත් රටක් වීමට හැකිවනු ඇත මෙසේ වුවිට නොර්වේ වැනි රටවලට තම වියාපර වලට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමෙන් ලබාගත හැකි වාසි නොලැබී යයි.

බොහෝ දෙනා අන්ද බාලයන් සේ “නොර්වේ අපෙන් මොනවා ගන්නද ?” වැනි ප්‍රශ්න අසන්නේ එක්කෝ මේගැන කිසිම අවබෝදයක් නෑ නැත්නම් මිනිසුන් නොමගයවිමට උත්සහ කරනවා   

නැවත ඥානසාර ප්‍රශ්නයට ගිය විට කරන්න උත්සාහ ගන්නේ සිංහලයන් ඇතුලින් ම බේද ඇතිකිරීමයි.

01.   මුලින්ම ඥානසාර තෙරුන් ගේ හැසිරීමෙන්  බෞද්ධයා ත්  සවමීන් වහන්සේලාත් අතර ඇති සම්බන්දය නැතිකරන්නේ ස්වාමින් වහසේනමකට නොගැලපෙන ලෙස හැසිරීම මගිනුයි, යම් දවසක භක්ෂුන් වහන්සේ පිළිබද සාමාන්‍ය බෞද්ධයා තුල ඇති ශ්‍රරද්දාව නැතිවුනේ යම් දවසකද එදා සිට බෞද්ධයා භක්ෂුන්ට ආධාර කිරීම නැවතී මේ නිසා බහිර පාර්ශවයකට ශ්‍රී ලංකාවට ඇගිලි ගැසීම පහසු වේ.

02.   මුස්ලිම් සහ සිංහල මිනිසුන් අතර ගැටීමෙන් මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන බලය නැති කලේ මෙලෙසයි.

03.   රටේ ආර්ථිකය සුදුවක් ලෙස පැවැත්වීම මගින් රටේ නායකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙනවිවිද බාහිර බලවතුන් සහ බලවත් රටවල් ගිසිසුම් අත්සන් කරවා ගනු ලැබේ.


04.   මහජනයා යහපාලනය නමැති ඇස්බැන්දුම තුලින් සිදුවෙන දේ තේරුම් නොගනී.   ඉතිරි අය මහින්දට ගොට්ට අල්ලයි. රට දියුණු කිරීමට වේගයෙන්ම ගතයුතු ක්‍රියාමාර්ග තිබියදී මෙවැනි විවිද බලවේග රගදක්වන නාටක බලමින් අපි සිටිමු.             

7 comments:

  1. / මෙහි වැදගත්ම දෙය මෙවැනි වැඩ වලට ඔහුට මුදල් ලැබුනේ කෙසේද යන්න පිලිබදව කිසිදු හෝඩුවාවක් ලෝකය ඉදිරියයේ අනාවරණය නොවීමයි./

    සල්ලි දුන්නේ නෝර්වෙන්නේ, සල්ලි විතරක් නෙවෙයි නෝර්වේ කළු ඇදගත් අාරක්ෂකෙයා් සහික ඩිපෙන්ඩර් බලකායකුත් දුන්නනේ.

    ReplyDelete
    Replies
    1. ඇණයා Nut Man,

      මෙහෙම අයට තමයි Double agent ල කියන්නේ

      Delete
  2. ඉතා වටිනා ලිපියක්. මොහු මුස්ලිම් විරෝධය මතුකල ආකාරයේ ඇති අස්වාභාවික හා සැකකටයුතු තැන් මටත් අහුවුනා. මොහු පැහැදිලිවම කිසියම් විදේශීය අවශ්‍යතාවයක් ඉටුකරන්නෙක්. මොහු වපුරන දේවල අස්වනු නෙලන්නත් පිරිසක් වෙනම සැදී පැහැදී ඉන්නවා. මෙහි මීට වඩා දරුණු වර්ෂන් එකක් තමා අයි එස් අයි එස් කියන්නෙ.එතන දැඩි ඉස්ලාමීය අන්තවාදයක් . එහි ප්‍රතිපලය ඉස්ලාමය තුල ඉන්න අන්තවාදී කොටස් ෆෝම් කිරීම සහ අවසානයේ ඉස්ලාමය තිත්ත කිරීම.මැද පෙරදිග ආක්‍රමනය කිරීමේ බටහිර වුවමනාව සෙසු ලොව ඉදිරියෙ සාධාරනීකරනය වෙනවා.

    ReplyDelete
    Replies
    1. සිව්වැනි මානය,
      බොහෝ දෙනා සිතන්නේ නෑ මේ තුල අභියන්තරව පවතින තත්වය, ජාතිවාදය ගත්තගම මිනිසුන් පිස්සුවට්ටන්න හරිම ලේසියි, මේ දේ ලෝකය පුරා සිදුකරනවා මෙය ශ්‍රී ලංකාවට පොදු දෙයක් නෙමෙයි
      https://www.youtube.com/watch?v=BO8pFBDSLPI
      මේකේ ඇති ලස්සනම දේ තමයි මෙය ඉදිරිපත් කරන අයත් මෙය කරන්නේ ජනතාවට ආදරේ නිසා නෙමෙයි ඔවුන් George Soros ට අකමැති තම වෙළදපොල කොටස නැතිවෙන නිසා නමුත් ඔවුන් ඉදිරිපත් කරන කරුණු ඇත්තයි.

      Delete
  3. මේ බ්ලොගය නම "ලංකා සිතුවිලි" ම තමයි....!

    මා දන්න වයස අවුරුදු 65 පමණ වූ අයෙකු ඉන්නවා මේ වගේ අදහස සහ භාෂා විලාසයක් තියෙන.

    ReplyDelete
    Replies
    1. රසික,
      මේකේ ලියන අදහස අරයගේවගේ මෙයාගේ වගේ කියන එක නෙමෙයි වැදගත්, කියන දේ ඇත්තද ? බොරුද ? කියන එකයි. කියන දේ බොරුනම් තොරතුරු සහිතව ඔප්පු කිරීමයි ඔබ කල යුත්තේ, ඇත්තනම් දැනුවත් කිරීමයි කල යුත්තේ.

      Delete
    2. රසික මහත්තයෝ පහක් දාන්න...

      Delete