Saturday, December 5, 2015

ශ්‍රී ලංකා අය වැය 2015




පහත තොරතුරු උපුටා ගත්තේ පැරා ගේ අඩවියෙන්  http://www.w3lanka.com/2015/12/blog-post_5.html

මෙහිදී ඉතා වටිනා තොරතුරු සමුහයක් මතුකර පෙන්වීමට උත්සාහ කරමි

//

සෙල්ලං සේනDecember 5, 2015 at 8:25 AM

මම ජනවාරි 8 වන දා මෛත්‍රීපාලටත්, අගෝස්තු 17 වන දා රනිල්ටත් ඡන්දය දුන් කෙනෙක්. එහෙම ඡන්දය දුන්නේ රටේ යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී අඩු තරමේ ගිනිකොණදිග ආසියානු රටවල ජීවන තත්ත්වයවත් මේ රටේ ඇති වේ යැයි බලාපොරොත්තුවෙන්. දැන් හොඳටම පැහැදිලියි රනිල් ඇතුලු නඩය ඔවුනට ඡන්දය දුන් ජනතාව මහා රැවටීමකට ලක් කර ඇති බව. වසර ගණනාවක් තිස්සේ වාහනයක් මිළ දී ගැනීමේ සිහිනය කුඩු කළ මේ රජයට විරෝධය පෑමක් වශයෙන් මීළඟට එන පළාත් පාලන ශ පළාත් සභා මැතිවරණවලදී ඒකාබද්ධ විපක්ෂයට ඡන්දය දීමට මම තීරණය කළා.



සෙල්ලං සේනDecember 5, 2015 at 10:44 AM
ලංකාව කාර්මිකකරණය වන එක නැවතුනේ මෙරට මාක්ස්වාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා. 1988/89 සමයේ ඒ මාක්ස්වාදීන් බිහි කළ අවජාතක දරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා රටේ ආර්ථිකය අවුරුදු 15 ක් පසුපසට ගිය එක කවුරුත් දන්නා කාරණයක්.

මම නිතරම රට වටා යන කෙනෙක්. කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කොට තනන මහාමාර්ග පිට පළාත්වල බොහෝ විට හිස්. ඒ තියා අධිවේගී මාර්ගත් බොහෝ විට හිස්. කොළඹ වාහන තදබදයක් තියෙන නිසාවෙන් තදබදය නැති පළාත්වල ජනයාට වාහන මිළදී ගැනීමට ඇති අයිතිය නැති කරන්නේ ඇයි? කොළඹ තදබදය වැඩි නම් කොළඹ නගරයට ඇතුල් වන සෑම වාහනයකින්ම රුපියල් 2000 ක් අය කර ගන්නකෝ. සෑම කෙනාටම කාරයක් තිබෙන රටවල කරන්නේ එහෙමනේ.

MaxDecember 5, 2015 at 12:23 PM

මේ ආර්තික අර්බුධය කොහොමත් රටට එන්න තිබ්බ එකක්...
රාජපක්ෂලා ඒක දන්න නිසා තමා අවුරුදු 2 කලින් චන්දෙ තිබ්බෙ..
ඇයි මරා ඇලඩින්ගෙ පුදුම පහන ගෙනල්ල චීන ණය ගෙවන්නද? ඇයි ණය අරන් ප්ලේන් නො එන එයාපෝට්, මාසෙකට නැව් 10 එන්නැති වරායවල් හැදුවෙ? මරා රටට විදේෂ් විනිමය ගෙන ආ හැකි එක කර්මාන්ත පුරයක් හැදුවද? ගෘහ සේවිකාවො වෙනුවට බුද්ධිමය ශ්‍රමය අපනයනය කල හැකි (ඉන්දියාවේ බැංගලෝර් වල තියෙනව වගේ ) BPO centres හදන්න උදව් කලාද?

MaxDecember 5, 2015 at 12:13 PM
ආර්තික අර්බුධයට හේතුව මරා පිස්සෙක් වගේ අවුරුදු 10 තිස්සෙ චීනෙන් ණය ගැනීම, ඊලගට ඉතා විෂාල රාජ්‍ය සේවයක් අනවශ්‍ය තරමේ දීමනා එක්ක ඇතිකිරීම...
ඊලගට මරා ඇතිකරපු දූෂිත දේශපාලන පැලැන්තිය

Ajith Perakum JayasingheDecember 5, 2015 at 12:31 PM
එහෙත්, අධික වාහන තදබදය හා රටේ මුදල් නිරර්ථකව පිටරට යන එක වළක්වන්නට වාහන භාවිතය අධෛර්යය කිරීම මේ වෙලාවේ කරන්නට සිදු වන දෙයක්.

මේ රටේ මේ වෙලාවේ තිබෙන ලොකුම ප්‍රශ්නය මේක නෙමෙයි. එය එක්තරා හයියෙන් කෑගහන්න පුළුවන් මිනිසුන් පිරිසකගේ ප්‍රශ්නයක්. දුප්පතුන්ට ඔයිට වඩා ඕනැ තරම් ප්‍රශ්න තියෙනවා.

//


මෙහි සිටින සියලු දෙනා ඉතා ප්‍රගතශීලි මෙන්ම ආත්මාර්ථකාමී යෝජනා ඉදිරිපත් කරනබවයි මගේ හැගීම.

මුලින්ම අපිට සිදුවී ඇත්තේ කුමක්දැයි බලමු (කරුණාකර ප්‍රයෝගික පැත්ත වගේම රටගැනත් ඉදිරි වසර 20 ගැනත් අවංකව හිතන්න )
 
http://www.economist.com/content/global_debt_clock

ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත්, ඔස්ට්‍රීලියාවත් තෝරාගන්න.
2003 public debt for person $993.51 එනම් නිදහස ලැබූ දිනයේ  සිට  2003 දක්වා ශ්‍රී ලංකාව එකපුද්ගලයකු ණය වී ඇත්තේ $993.51 නමුත්
2014 public debt for person $2503.61 වී ඇත. එනම් $1510.10 වැඩිවී ඇත
අප 2009 සිත 2014 තෙක් මෙහි වැඩිවීම public debt for person $717.26 වසර 5 වැනි සුළු කලකින් මෙම අගය
වැඩිවී ඇත.

මහින්ද  රජයේ  හොදකියන පුද්ගලයකු කියයි  2003 දී එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස 101.7% වූ අගය 2014 දී 80.9% අඩු වූ බවය. නමුත් මෙහි මායාව ඇත්තේ ඩොලර් මිලියන 250 වියදම් වන ආයෝජනයට ඩොලර් මිලියන 750 වියදම් කරයි නම්  සත්‍ය ලෙස  දේශීය නිෂ්පාදිතය වැඩිවී ඇත්තේ ඉතා සුළු ලෙසයි, දැන් නිවැරදි එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස ගත හොත් එය 80.9% නොව සමහර විට 500% හෝ 600% වියහැකියි.  

අනෙක් ප්‍රධාන ප්‍රශ්නය ඔබ ඔස්ට්‍රේලියාව ගත්තොත් ඒකපුද්ගල ණය 2015 දී $16786.39 එය ශ්‍රී ලංකාවේ $2617.73 දැන් ඔබට ආඩම්බරයක් ඇතිවනු ඇති අපි ඕස්ට්‍රේලියාවටත් වඩා ණය අඩුවෙන් නේද ගත්තේ කියල.

නමුත් මෙහි ඇත්ත තත්වය ඕස්ට්‍රේලියාවේ මුළු ණය දලදේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශත ලෙස 27.4% වන විට ශ්‍රී ලංකාව එම අගය 81.4%
නමුත් මේ 81.4%  ත් නිවරදි අගය නෙමෙයි.

අනෙක් පැත්තෙන් ඔස්ට්‍රේලියාව ණය ලබාගෙන කරන ලද ආයෝජන වලින් විශාල ප්‍රතිලාභ ලැබෙන අතර ශ්‍රී ලංකාව ණය ලබාගෙන කරන ලද ආයෝජන මුලික ලෙස මහාමාර්ග සහ සම්පුර්ණ නොකරන ලද වරාය සහ මත්තල ගුවන් තොටුපොල වැනි අසාර්ථක ආයෝජන නිසා මුදල් ජනනය නොවේ.

දැන් අපි පැමිණ සිටින්නේ ඉතාම අවදානම් සහිත තැනකටයි මීට පෙර මා මෙය විස්තර කරලා තියනවා, බොහෝ දෙනාට පැරා "ආර්ථික නිදහස කියන්නේ මැද පෙරදිග ගල් ගැසුම් කන ගෘහ සේවිකාවන් උපයා එවන මුදලින් වෙනත් අයට සැප විඳින්නට වාහන ආනයනය කරන එක නම්, ඒ ආර්ථික නිදහස නැති කරන එකට මම පක්ෂයි." කියන හරුපය තේරෙන්නේ නෑ 

මේ කියන්න දේ තේරුම් ගැනීමට අපි පහත විස්තරය සලකාබැලිය යුතුයි.

එනම් ඔබ හිතන්න ඔබ කන බොන දේවල් ශ්‍රී ලංකාවේ පමණක් නිපදවන දෙය ද ? එහෙම නිපදවුවත් පිටරටින් ආනයනය කල යෙදවුම් වල වටිනාකම කොපමණද? හරියට බැලුවොත් අපි කන සහල් පවා නිපදවීමට සැලකියයුතු යෙදවුම් (පොහොර, කෘමිනාශක ) පිටරටින් ගෙන්විය යුතුයි, එතකොට  අදින ඇදුම් වල රෙද්දේ සිට නුල ඉදිකට්ට දක්වා සියල්ල ආනයනය කරමු.

ඔබ නිකමට කඩයකට හෝ පොළකට ගොස් කොපමණ දේවල් ඔබ ශ්‍රී ලංකාවේ නිපදවන දෑ මිලදී ගන්නවද ඔබේ පාවිච්චියට ගන්නවද කියල බලන්න.

අද වනවිට මුළුමුනින්ම අපි සියල්ල පිටරටින් ආනයනය කරන තත්වයට පත්වී හමාරයි.

ප්‍රශ්නය මේ සියලු දෙයම ආනයනය කිරීමට අපි ලංකාවේ මහබැංකුව අච්චු ගසන රුපියල් ශත වලට හැකියාවක් නෑ  එයට ඩොලර් උවමනා කරනවා.

අපිට ඩොලර් ලැබෙන ක්‍රම කීපයයි ඇත්තේ

01. විදේශික ශ්‍රමික යන් මැදපෙරදිග සිට එවන මුදල්
02. අපනයන ආදයම
03. ශ්‍රී ලංකාව ගන්නා විදේශ ණය
04. ශ්‍රී ලාකික වුර්තිකයන්  ශ්‍රී ලංකාවට ගෙනෙන ඩොලර්
05. ශ්‍රී ලංකාවට විදේශ වලින් ලැබෙන ප්‍රධාන
06. විදෙස් ආයෝජන

වැනි දේවල් වලින් තමයි අපට ඩොලර් ලැබෙන්නේ. දැන් හිතන්න විදේශයක සේවය කරන ගෘහ සේවිකාවක් ඇගේ සැමියාට ඩොලර් 500 එව්වා කියල එම ඩොලර් 500 කිසිවිටක ඇගේ සැමියාට ලැබෙන්නේ නෑ (මොකද්ද ඒ හරුපේ ) සිදුවන්නේ එම ඩොලර් 500 ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතය වර්දනයට එම මුදල යොදවන අතර ශ්‍රී ලංකාවේ මහබැංකුව විසින් මුද්‍රණය කරන රුපියල් ඇගේ සැමියාට ලබාදීමයි.

එතකොට මේ විනිමය සංචිතය යොදාගන්නේ යම් විදියකින් අපි භාණ්ඩයක් ආනයනය කරනවානම් හෝ වාහනයක් ආනයනය කරනවානම් අදාළ විදේශ සමාගමට ගෙවන්නේ රුපියල් වලින් නෙමෙයි ඩොලර් වලින්, එතකොට විශාල පිරිසකට වාහන ගෙන්වීමට අවසර දෙනවා කියන්නේ අපට මුලින්ම විශාල වෙදේශ විනිමයක් වැයවන අතර ඒවා සදනා පෙට්‍රල් වලට ඊට වැඩි විනිමයක් ගෙවීමට සිදුවෙයි.

//සෙල්ලං සේනDecember 5, 2015 at 10:44 AM මම කාරයක් ගන්න මුදල් උපයලා තියෙන්නේ මගේ සේවාවන් කෙළින් ම පිටරටවලට අපනයනය කිරීමෙන්. මැද පෙරදිග සේවක සේවිකාවන් එවන මුදල් මට අදාළ නැහැ. ඒ නිසා ම මට නරක හෘදය සාක්ෂ්‍යයකුත් නැහැ. //
මෙන්න හොද කතාවක් මෙය කියන  "සෙල්ලං සේන" වගේ ම මේ ලිපිය ලියන මමත් (lankasithuwili.) ශ්‍රී ලංකාවෙන් උපයන රුපියල්  ආදායම් ඉතා සුළු ප්‍රමාණයක් මගේ මුළු ආදායමෙන් සමහර විට 10% වන්නේ නෑ.

නමුත් අපි මතක තබා ගතයුතුයි මේ පහසුකම් ලබන බහුතරය එසේ නොවන බව.

රාජ්‍ය සේවය මුලිමනින්ම පාහේ ඩොලර් උපයාගැනීමට කල දායකත්වය සමහර විට 1% නැතුව ඇති.

හිතන්න මැදපෙරදිග දුක්විදින ඇත්තටම මේ සංචිතය වර්දනය කිරීමට දායක වූ ගැහැනුන්ට ලැබිල තියන පහසුකම මොකද්ද?     

දැන් // Max මේ ආර්තික අර්බුධය කොහොමත් රටට එන්න තිබ්බ එකක්.. // කතාව බැලුවොත් සම්පුර්න ඇත්ත රාජපක්ෂ පාලනය දිගටම පැවතුණා නම් සිදුවන දෙය බිහිසුණුයි. ඔහු වසර 2 තිබියදී චන්දය ඉල්ලන්නේ එන පොට හෝද නැති නිසයි නැතුව සුමනදාස තුමාගේ අවවාදය නිසා නෙමෙයි.

දැන් බලමු සිදුවන දෙය මෙහි වැදගත්ම මුදල් සෙවීමේ මාර්ගය ට යතුර වන්නේ ඩිගිටල් හැදුනුම් පතයි. මින් පසු අලුත ඉපදුන දරුවකුට අංකයක් ලබාදෙනු ඇති මේ සියල්ලම පරිගණක ගතකරන අතර ඔබ මුදල් ගෙවීමේ දී අදාළ අංකය යොදාගන්නා අතර ඔබේ ණය පත් බැංකු ගිණුම් සියල්ලම එකෂණයකින්
අදාළ අංකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුල ඇති පරිගනකයක ඇතුළු කල විට ඔබට වසරේ ඇති සියලු ආදායමත් සියලු වියදමත් ගණනය කර ගෙවිය යුතු බදු මුදල ගෙදරටම එනු ඇති.

මෙය යොදාගන්නේ ඉහල මද්‍යම පන්තියෙන් බදු අය කිරීමටයි. මෙහිදී ඉහලම ආදායම උපයන මිනිසුන් මිට පෙර ගෙවූ බද්දට වඩා බදු ගෙවනු ඇති උනත් ඔවුන් ලෝකයේ ඇති නවතක්ෂණික උපක්‍රම මගින් රටින් මුදල් ඉවත් කරනු ඇති.

ලෝකයේ මෙපිලිබද ඇතිවුන නවීනම තක්ෂණය නම්




මේ පිළිබද වෙනම ලිපියකින් පැහැදිලි කරන්නම්

මෙහිදී සිදුවන්නේ ඉහලම පිරිස තම ආදායම බදුවලට අසු නොවන පරිදි ආරක්ෂා කර ගැනීමයි. මෙවැනි තක්ෂණික උපායන් ගැන සාමාන්‍ය ජනයාට ලැබෙන අවස්ථාව අවමයි.

මිට අමතරව ඔබට ඉදිරියේදී දැකගත හැකිවෙයි  රේගුව සම්පුර්ණයෙන්ම පරිගණක ගත කිරීමක් සිදු නොවනු ඇති. මක්නිසාද යත් මෙරටේ ඉහලම ධනපතියන් ආදායම සොයාන්ගන්න පාවිච්චි කරන මෙවැනි මෙවලම් කීපයක් ආරක්ෂා වනු ඇති.

මේවගේම රජය ඉතා හොද තීරණයක් ගෙන තිබෙනවා බදු ප්‍රමාණය ලක්ෂ 25 පමණ ඉහල නැංවීමට මේ මගින් සිදුවන්නේ ආදායම් නිලදාරීන්ට මුදල් ඇති පුද්ගලයන් පිලිබද යන කාලය අවම කිරීමයි. දැන් ඔවුන් දන්නවා තම අවදානය තබා ගතයුතු පුද්ගලයන් කවුද කියා මෙනිසා මෙම ඩිගිටල් හැදුනුම් පත සමග ඉහත යෝජනා සලකා බැලීමේදී වැඩි බදු ප්‍රමාණයක් අයකර ගත හැකි බවයි මගේ අදහස.  

කෙසේවෙතත් සාමාන්‍ය දුප්පත් ජනයාගේ පැත්තෙන් සිදුවීමට ගිය අනතුරට වඩා යහපාලනය බොහෝ දුරට හානිය අඩු උනත් මහජනයා මෝඩ විදියට (කලයුතු ප්‍රති සංවිදාන පිළිබද ) දිගින් දිගටම රජයට බල කිරීම නොකලොත් මේ රජයත් ඉදිරියට ජනතාව සුරාකනු ඇති.                    

11 comments:

  1. තමන් හරි සුදනො වගේ ඉඳගෙන දේශපාලනයට බනින එක ලංකාවේ හරි සුලබ කාරණයක්. මම නම් හිතන්නේ ලංකාවේ ජනතාව දේශපාලකයන් තරමට ම හෝ සමහර විට ඊටත් වඩා දූෂිතයි. දේශපාලනයට එහෙම වෙන්නත් ප්‍රධාන හේතුව ඒකයි.

    යහපාලනයේදී සිදු වී ඇති අලකලංචිය තමයි, ආණ්ඩුව ජනතාවට වඩා පියවරක් ඉදිරියට තබන්න උත්සාහ කරපු එක. දැන් ජනතාව උත්සාහ කරනවා ආණ්ඩුව නැවත තමන්ගේ මට්ටමට ඇද ගන්න.

    ReplyDelete
  2. පැරා,

    //මම නම් හිතන්නේ ලංකාවේ ජනතාව දේශපාලකයන් තරමට ම හෝ සමහර විට ඊටත් වඩා දූෂිතයි. //

    මේක තමයි කටුක යත්ර්තය. ශ්‍රී ලංකාව තුල බොහෝදෙනාට රැකියාවල් ලබාදිය හැකි ආයෝජන කීපයක් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට ගෙන ඒමට මා උත්සාහ කළා නමුත් වැඩිදුර සොයා බැලීමේදී මට තේරුම් ගියා මේවා ක්‍රියාත්මක කිරීමට මට හොරෙකු වීමට සිදුවන බව. මොකද මා අවදානය යොමුකළේ ආනයන භාණ්ඩ සදහා නෙමෙයි අපනයන භාණ්ඩ සදහා ඔබ ටිකක් මේ ගැන සොයාබලන්න, අපනයන කරුවකු ට තම කටයුත්ත කරගැනීමට උවමනාකරන සහතික ලබාගැනීමට කොපමණ රස්තියාදු වීමට සිදුවනවාද කොපමණ පගා ගෙවීමට සිදුවනවාද යන්න.

    මෙනිසා මේ ගැන මා මගේ විදේශික ආයෝජකයන් දැනුවත් කලා. යම් විදියකින් ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කලානම් ඔවුන්ගේ මුදලුත් නැතිවෙනවා ශ්‍රී ලාංකිකයන්ට රැකියාත් නැතිවනවා, කිසියම් දෙසපලන්නයෙක් සහ නිලදාරීන් සමුහයක් මේ නිසා මුදල් උපයාගන්නවා.

    මේ තත්වය ඉවත් කිරීමට ඉතා හොද සදනිය පියවර මෙම අයවැයෙන් ගෙන තිබුනත් රට වේගයන්ම දියුණු කිරීමට උවමනා අන්තර්ජාතික වාණිජ ලෝකය සදහා සම්බන්ද වීමට ගතයුතු පියවර මෙම අයවැයට අන්තර්ගත කර නැති බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. PayPal මාර්ගයෙන් අපනයනකරුවෙකුට පිටරටින් මුදල් ලබා ගත නොහැකියාව ගැන ඔබ නිතරම මැසිවිලි නඟනවා නේද? එහෙත් එසේ ලංකාවට මුදල් ගෙන්වා ගන්නා අය කිහිප දෙනෙක් මා දන්නවා. ඔවුන් කරන්නේ මැලේසියානු හෝ සිංගප්පූරු PayPal ගිණුමක් ආරම්භ කොට එමඟින් මුදල් ලබා ගැනීමයි.

      Delete
    2. සෙල්ලං සේන,

      ඔබ කියන දෙය සතයක්, මැලේසියාව පමණක් නෙමෙයි ෆිලිපිනය වැනි රටවල් යොදා සමහරු මෙය කරනවා.
      නමුත් මෙතැනදී ප්‍රශ්නය ඔබ වියාපාරයක් ලෙස කිරීමේදී මෙවැනි නීති විරෝදී ක්‍රම යොදාගත නොහැකි වීමයි.

      කිසියම් ප්‍රශ්නයක් මතුවූ විට සිදුවන්නේ ඔබේ PayPal ගිණුම අත්හිටවිමයි. මෙහිදී ඔබ මෙතෙක් එම ගිණුමේ
      මුදල් ඔබේ බැංකු ගිණුමට ගෙන්වා ගත නොහැකි එනවා.

      අනෙක් අතට රටවල් කීපයක් අතර මුදල් හුවමාරු වීම නිසා ඔබට විශාල මුදලක් බැංකු වලට ගෙවීමට සිදුවෙනවා

      එනිසයි මෙය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම උවමනා කරන්නේ

      Delete
    3. දැනට ලංකාවේ විදේශ සංචිතවල හිඟයක් ඇත්නම්, එම සංචිත ඉහළ දැමීමට මහෝපකාරී විය හැකි PayPal ගෙවුම් ක්‍රමයට රජයෙන් අවසර නොලැබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි ඔබට කිව හැකිද?

      Delete
    4. සෙල්ලං සේන,

      මේකට මුලික ලෙසම මාදකින ලෙස පවතින්නේ ශ්‍රී ලංකා මහා බැංකුවත්, පරිගණක විශේෂන්යයන් සහ අන්තර්ජාතික වෙළදාම පිළිබද නිපුන තාවයක් ඇති උදවිය දීර්ග ලෙස එකතුවී කලයුතු දෙයක් වෙනවා. ඔබ ශ්‍රී ලංකා මහබැංකුවේ පවතින නීතිරීති වෙනස් කිරීමට තීරණයක් ගැනීමට විශේෂ නීති පර්ලිමේන්තුව මගින් සම්මත කර ගත යුතු වෙනවා මෙය තනිකරම නිලධරිවාදය සහ මේ විෂය පිළිබද දැනුම ඇති දෙසපල්න්යයන් නොමැති වීමෙන් ඇති ප්‍රශනයක්.

      මුදල් අමාත්යංශය දැන් අවුල් ජාලයක් මා හිතපු ලෙස හර්ෂ සිල්වා වැනි උගත් මහත්වරුන් යොදාගතයුතු වෙන්ව මෙය තේරුම් ගැනීමට මෙහිදී මෙය අප රටට ලබාගත නොහැකි PAYPAL සමාගම පනවා ඇති බාදාවක් නිසයි ඔවුන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා රජය සමහර තොරතුරු ඔවුන්ට ලබාගැනීමට සලසන ලෙස ඔවුන් ඉල්ලන්නේ තම ගනුදෙනු කරුවන්ගේ ආරක්ෂාව ශ්‍රී ලංකා රජය ක්‍රමවත් විදියක් යොදාගතයුතු බවයි.

      මෙය කිරීමට ඉහත සදහන් කල දුර්වලතා අප රටේ සකස්කළ යුතු වෙනවා.

      Delete
    5. https://www.youtube.com/watch?v=-lCBOWw2eW0
      මේක අද ඊයේ දෙයක් නෙමෙයි රජයන් කීපයක් මෙය කිරීමට උත්සහ කළා

      Delete
  3. // මින් පසු අලුත ඉපදුන දරුවකුට අංකයක් ලබාදෙනු ඇති //

    The Mark of the Beast
    …17and he provides that no one will be able to buy or to sell, except the one who has the mark, either the name of the beast or the number of his name. 18Here is wisdom. Let him who has understanding calculate the number of the beast, for the number is that of a man; and his number is six hundred and sixty-six.

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      It seems we are heading this direction; in fact this is no secret, this has been discussed in public https://www.youtube.com/watch?v=z58OJpTKmkU this is what Mr Ravi Karunanayaka openly stated.
      This is the disadvantage with this project but there are ways you can avoid this problem.
      I will try to discuss this in detail.
      Since you have quoted this from the Bible you might be able to find similar quotes about the pharmaceutical industry.
      It seems ancients are very wise comparing to percent modern generation.

      Delete
  4. මොනම ආන්ඩුවක්වත් හොරකම් නොකර හිටියේ නෑ. වෙනසකට තිබුනේ එක ආන්ඩුවක් එලිපිට හොරකම් කරනවා.අනිත් ආන්ඩුව කාටවත් නොදන්නා ආකාරයට හොරකම් කරනවා.අපි මේ යහපාලනයට චන්දේ දුන්නේ හොරකම් නැති කරන්නටනේ.
    හැබැයි අපි කබලෙන් ලිපට වැටුණා...

    ReplyDelete
    Replies
    1. Mahesh,

      දිගටම චීන ණය යොදා අපිට කාලයක් මේ උගුලින් ගැලවී සිටිය හැකි උනත්. චීනය අප රටේ වැදගත් ම ආර්ථික මර්මස්ථානයන් තම පාලනයට ගත් පසු අපට සිදුවෙන්නේ මිට වඩා භයානක තත්වයකට මුනුන දීමටයි. ඔබ මේ ලිපිය මුළුමනින්ම කියවුවනම් ඔබට
      තේරෙයි මෙම රජය හොරකම් කරන අතර ලක්ෂ 25ට වඩා වාර්ෂිකව උපයන අය ගෙන් බදු අයකරනු ඇති.

      මිට වඩා දුප්පත් අය ට වඩා වැඩි සහනයක් තරමක හෝ කාලයක් තුල ලබාදෙයි. නමුත් මිනිසුන් මෝඩ නම් ජනතාව ගැන ඉතා කණගාටු දායක කලකුයි ඇතිවන්නේ

      Delete