Monday, November 16, 2015

චීනේ අලිබබා සහ ලංකාවේ හොරු හතලිහ





අද ශ්‍රී ලංකාවට දියුණුවීමට උවමනා මුලික අංශ ගැන බලමු. මුලින්ම ශ්‍රී ලංකික ජනතාව වර්තමානයේ සිතන හැටි බලමු. බොහෝදෙනා වියාපාරික ගනුදෙනුවකදී කුමක් හෝ විකුණා ලාභ උපරිම ලෙස එකවර ගැනීමට සිතන අතර පාරිබෝගිකයා එම ගනුදෙනුවෙන්  කොපමණ තෘප්තිමත් වෙනවද යන වග කිසිදු සැලකිල්ලක් නොදක්වයි.

නමුත් වියාපාරික ලෙස දියුණු රටක් වන චීනය තම ගනුදෙනු කරුවන් ගැන ඉතා සලකිරීමත් වේ. චීනයේ වර්තමානයේ ඇමරිකානු වෙළදපොල ග්‍රහණය කරගැනීමට උපකාරී වූ මුලිකම වෙබ් අඩවිය http://www.alibaba.com/ ය මෙහි නිර්මාතෘ Jack Ma නම් වේ.



මෙම අඩවිය සිදුකරන මුලික දෙයනම් විකුණුම් කරු හා ගැනුම්කරු සම්බන්ද කරදීමයි.

ඇමරිකාවේ  සිටින ගනුම්කරුවකුට භාණ්ඩයක් උවමනා විට ඔහුට alibaba.com තුලින් ගැනුම් කරුවකු සොයාගත හැකි වනු ඇති. මෙහි වැදගත් කරුණ වන්නේ අදාළ විකුණුම්කරු කිසියම් වංචාවක් සිදු කලොත් ගැනුම් කරුට තමාට වූ අසාදාරනය පිළිබද අලිබබා අඩවිය දැනුවත් කල හැකි අතර, සිදුවන්නේ අදාළ විකුණුම් කරු  වරදක් සිදුකර ඇත්නම් ඔහුගේ ගිණුම අත්හිටවිමයි. කාලයක් හොදින් විකුණුම් කටයුතු කල විශ්වසනීය විකුණුම් කරුවකු වෙනම හදුනාගතහැකි icon අලිබබා ලබාදෙනු ලැබේ. මෙනිසා ඉතා අවන්කවම වෙළදාම කිරීමට විකුණුම් කරුවන් පෙලබෙන අතර ගැනුම් කරුවන් විශ්වාසයෙන් හනුදෙනු කිරීමට මෙනිසා හැකිවෙයි.

මිට අමතරව Jack Ma  වැදගත්ම දෙයක් කරනු ලබයි එනම් https://www.taobao.com/ පටන්ගැනීමයි ඔහු භාණ්ඩ විකිනීමට http://www.ebay.com/ සමාන ලෙසයි මෙය ආරම්භ කරන්නේ, මෙහිදී විසදාගතයුතු මුලික ප්‍රශ්නයක් තියනවා මෙය ශ්‍රී ලාංකිකයන් වන අපටත් අදාලයි.
එනම් විශ්වසනීයත්වය පිලිබදවයි.

හිතන්න ඔබ භාණ්ඩයක් ඇනවුම් කරනවා ඔබට ලැබෙන්නේ ඔබ අනවුම්කල භාණ්ඩය නෙමෙයි නැත්නම් තත්වයෙන් බාල  භාණ්ඩයක්, මෙවැනි අවස්ථාවකදී ගනුදෙනුව සාර්ථක කිරීමට Escrow ක්‍රමයක් (generally refers to money held by a third-party on behalf of transacting parties)
අදාල මුදල තෙවෙනි ප්ර්ශවයක් විසින් ගැනුම් කරු වෙනුවෙන් තබාගැනී.

දැන් සිදුවනේ ගැනුම්කරු තමාට ලැබුන භාණ්ඩය ගැන අදාල කාල පරිච්චේදයකදී පැමිණිලි නොකලොත් විකුනුම්කරුට තෙවෙනි පර්ශවය විසින් (කොමිස් මුදලකට යටත්ව ) නිදහස් කිරීමයි.

මෙහිදී ගැනුම්  කරු භාණ්ඩය ලබාගෙන නොලැබුන බව  සදහන් කලොත් කුමක් සිදුවේද ? මිට විසදුමක් ලෙසයි තැපැල් සේවය දියුණු කල යුත්තේ.

එනම් සෑම පර්සලයක්  සදහා tracking number ලබාදෙන අතර අදාළ පුද්ගලයාට ලබාදුන් විට විකුණුම් කරුට අදාළ තැපැල්  සමාගමෙන් රිසිට් පතක් ලබාදෙනු ලැබේ. මෙනිසා හොරකම අවම වන අතර රට පුරා  වාණිජ ගනුදෙනු සාර්ථකව සිදුකරනු ලබයි.

මෙහිදී ශ්‍රී ලාංකිකයන් ඉගනගතයුතු පාඩම් කීපයක් පවතී.

01. අවංක වීම

02. පරිබෝගිකයා තෘප්තිමත් කිරීමට හැමවිට කටයුතු කිරීම

03. රටේ තැපැල් සේවය කිසිදු වංචාවකින් තොරව tracking number  යොදා ගනුදෙනු කළහැකි මට්ටමට පත් කිරීම

04. payment gateway solutions (ණයපත් මගින් ගෙවීම් සිදුකළහැකි පහසුකම් ලබාදීම ) මෙය ශ්‍රී ලංකික වාණිජ බැංකු ලබාදුන්නත් වසරකට රුපියල් 60000 පමණ අයකරන නිසා සහ සෑම ගනුදෙනුවකින්ම 3% ලබාගැනීම නිසා සුළු පරිමාන වියාපාරිකයන් මේවාට නොපෙලබේ
වැදගත්ම දෙයනම් paypal  මගින් මුදල් ලංකාවේ වාණිජ බැංකු වලට ලබාගැනීමේ පහසුව ඇති කිරීමයි මේ මගින් තමයි ශ්‍රී ලංකික සුළු සහ මාධ්‍ය  පරිමාන වියපරිකයින්ට අන්ත්ර්ජයල තුලින් අන්තර්ජාතිකව තම භාණ්ඩ විකිණිය හැක්කේ, මෙයිනුයි විදේශ විනිමය රටට කෙලින්ම ලැබෙන්නේ.  

05. රජය මුලිකවී රාජ්‍ය සහ වාණිජ බැංකුත් යොදා Escrow  පහසුකම් අඩුමිලට පාරිබෝගිකයන්ට ලබාදීම

ජනතාව ලෙස රජයට මෙවැනි දේවල් තමයි ඉල්ලිය යුත්තේ, ඔවුට මෙපිලිබදව කිසිදු පීඩනයක් ජනතාව යොදන්නේ නැත්නම් පාලකයන් මේවා ඇතිකිරීමට නොපෙලබෙනු ඇති, හේතුව ඔවුන්ට මේවයින් ගතහැකි කොමිස් මුදල ඉතා සීමිත අතර මේවට උවමනා දැනුම ඔවුන්ට කිසිවිට පහල නොවෙයි, නමුත් මෙය ක්‍රියාත්මක කලොත් දෙසපල්ලන්යයෙකු ලෙස මෙයින් බොහෝ රැකියා ඇති කළහැකි වනු ඇති, මා දකින මුලික බාදාව මේවා රටේ සිටින පිළිගත් මහාචාර්ය වරු කිසිවෙක් අල්ප මාත්‍ර හෝ දැනුමක් නැති වීමයි.

ලංකාවේ ඉතා බුධිමත් තරුණයන් සිටින අතර කලකට පෙර http://www.techkatha.com/ වැනි වෙබ් අඩවි වලින් බොහෝදෙනා දැනුවත් කළා මතකයි.
             

         

5 comments:

  1. ඊට කලින් පරිඝනක දැණුම ලබා දෙන්න වෙයි.. මෙහේ සාක්ෂරතාවය ගැන මහා ළොකුවට කතා කලාට... ඔය වගේ දේවල්.. මහ උන්වත් දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මාතා ,

      "payment gateway solutions (ණයපත් මගින් ගෙවීම් සිදුකළහැකි පහසුකම් ලබාදීම )" වැනි කොටස් ක්‍රියාත්මක කිරීමත් "Escrow ", "tracking system"
      ක්‍රියාත්මක කිරීමට ඉතා ඉහල පරිගණක දැනුමක් ඇති පිරිසක් උවමනා වෙනවා, සතුටුවියහැකි කාරණය මේ සියලු දෙයටම උවමනාවන්නේ 200 වැනි පිරිසක්.

      ඔව් මේ අයට ඉතා ඉහල වැටුප් ගෙවීමට සිදුවෙයි නමුත් මචෝ මතක තියාගන්න "Alibaba reported sale of $14.32 billion on China's Singles' Day on November 11, 2015," මේ ආයතනය අපරටේ වසරක ජාතික ආදායම වගේ දෙගුණයක් එක දවසක උපයන මට්ටමක තිබෙනවා.

      උබ සමහර විට පුදුම වෙයි මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් සිටිනවා "Red Hat Software" වලට වැඩසටහන් සපයන.
      යකෝ මෙරටේ මෙවගේ දෙයක් කරන්න බැරිනම් මේ විශ්වවිද්‍යාල තියාගෙන මේ දේසපාලන වේ@!@#$#පුතාලට ගෙවන එක ගැන උබට ප්‍රශ්නයක් නැද්ද ?

      නමුත් මුලිකම ප්‍රශ්නය උබ කලින් කිව්ව ඉංග්‍රීසි භාෂාවේ දුර්වල කමයි, මොනවිදියකින් හරි ඉංග්‍රීසි කියවා තේරුම් ගතහැකි පිරිසක් ඇති වියයුතුයි.
      මට මෙහිදී හොද ක්‍රමයක් කල්පනා උනා පසුගිය මහින්ද රජ්ජුරුවන්ගේ කාලයේ බදවා ගත් උපාධිදාරීන් රජයේ ආයතන වල කිසිම වැඩක් නැතිව ඇවිද ඇවිද සිටිනවා දකගත හැකියි. මාදකින හොදම දෙයනම් මේ අතිරේක සේවකයන් සියලුදෙනා වෙනම සංචිතයකට එකතු කර ඔවුන්ට මාස 6 ක් ඉංග්‍රීසි ලියන්න කියවන්න සහ කතාකරන වැඩසටහනක් ක්‍රියාත්මක කලයුතුයි, මගේ කිසිදු විරුද්දත්වයක් නෑ ඔවුන්ට මෙකලය ඇතුලේ වැටුප් ගෙව්වත්.

      Delete
  2. දැන් ඩිජිටල් ඇමති කෙනෙකුත් ඉන්න එකේ මොනා හරි කරා නම තමයි හොඳ..ඒත් අපේ රටේ ඉන්න මිලියන් 20න්, පරිඝනක තාක්ෂණය පාවිච්චියෙන් වෙල හෙලදාම් කරන්නේ කීයෙන් කී දෙනාද? ඉංදියාව දැන් ගම් මට්ටමෙන් මොබයිල් ඇප් වලින් වෙළදාම ව්‍යාප්ත කරනවා...ඒත් ලංකාවෙ මොබයිල් කොම්පැනි වලින් හඳුන්වා දුන්න ඊසි කෑෂ් වලින් වැඩක් හරියට ගන්නේ හිරේ ඉන්න කප්පම් මස්තාර්ලා..
    ඔබ හරි..කස්ටමර් කන්ෆිඩ්න්ස් හදාගන්න එක ඉතා වැදගත්...
    අඩුගානේ ඩිජිටල් ඇමතියාවත් ඔය කන්ෆිඩන්ස් හැදිල්ල පටන් ගත්තොත්...
    අලි බබා කෙසේ වෙතත් හෙන්ඩුවක්වත් හොයාගන්න බැරියෑ...

    ReplyDelete
    Replies
    1. chef-architect,

      පැමිණියාට ස්තුති.
      //පරිඝනක තාක්ෂණය පාවිච්චියෙන් වෙල හෙලදාම් කරන්නේ කීයෙන් කී දෙනාද?//

      මිට මුලිකම කාරණය
      01. රජය පැත්තෙන් :- නිලදාරීන්ගේ අලසබවය හා බුද්ධිමතුන් කියාගන්නා ආචාර්ය මහාචාර්ය වරුන්ගේ ඇති නොදැනුවත් බවයි.
      02. පුද්ගලික අංශය මිට යොමුවී නැතුව නෙමෙයි නමුත් අපරටේ මෙය සිදුකරන්නේ මහාපරිමාණ ධනවත් ආයතන පමණයි.

      //අඩුගානේ ඩිජිටල් ඇමතියාවත් ඔය කන්ෆිඩන්ස් හැදිල්ල පටන් ගත්තොත්//
      මේකත් ලොකුම විහිළුවක් හරින් කියනවා ඔහු ඩිජිටල් කියන වචනයේ තේරුම දැනගත්තේ ඇමතිකම ලැබුනට පසුවයි කියල.
      මේවා දැක්කම ඇතිවන්නේ කණගාටුවක් කෙසේවෙතන් අදුරු වලාකුලක රිදිරෙකාවක් ඇත්ත සේ මේ රටේ සිදුවන හොද දේවලුත් තියනවා.

      Delete
  3. ස්තූතියි දැනුවත් කලාට.

    ReplyDelete