Wednesday, May 22, 2019

සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා !!

පහත දැක්වෙන්නේ අද දිවයින පුවත්පතේ මුල් පුවතයි 

මින් පසු මුස්ලිම් ජාතික දොස්තර  වරුන් ගෙන් ප්‍රවේසම් වෙන්න වෙයි!!

දැන් බලමු මේ පුවත සම්බන්දයෙන් කීදෙනෙක් ජාතිවාදී ලේබලය අලවාවිද කියල  



- සාක්ෂි සහිතව තොරතුරු හෙළි වේ - දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. 

සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. 

සැත්කමට භාජනය වන සිංහල බෞද්ධ මවුවරුන්ට නොදැනෙන්නට මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව ද අනාවරණය වී ඇත.

සැකකාර වෛද්‍යවරයා වසර ගණනක් තිස්සේ ගැබිනි මවුවරුන් හත්දහසකට වැඩි පිරිසකට සිසේරියන් සැත්කම සිදු කර ඇති අතර ඒ අතරින් හාරදහසකට අධික බෞද්ධ මවුවරුන් මේ ආකාරයට වඳ භාවයට පත් කර ඇති බව හෙළි වී තිබේ.

මෙම වෛද්‍යවරයා තම හිතවතුන් කීපදෙනකු සමඟම මේ බව ප‍්‍රකාශ කර ඇති අතර මොහුගේ මෙම කි‍්‍රයාකලාපය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධ නිලධාරීන් කීප දෙනකු ද පොලිසියට තොරතුරු ලබාදී ඇත. වෛද්‍යවරයා මෙම අපරාධය සිදු කළ බවට සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය පවසයි. 

සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ පොලිසිය පුළුල් විමර්ශනයක් කි‍්‍රයාත්මක කරගෙන යන අතර ඉදිරි දින කීපය ඇතුළතදී මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියට සම්බන්ධ ප‍්‍රබල සාමාජිකයන් කීප දෙනකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු හෙළි වූ බව ද එම ආරංචි මාර්ග කියා සිටියහ.
හේමන්ත රන්දුණු 
 

17 comments:

  1. This is old news, this was said before, people did not believe it then.

    Now when Muslims do mass murder, this is nothing. Must be going on for a long time.

    ReplyDelete
  2. https://www.facebook.com/groups/thulawa/permalink/2536000516423963/

    ReplyDelete
    Replies
    1. තරමක අතිශෝක්තියෙන් කිව්වත් ඇත්ත මේක තමයි

      Delete
    2. මුස්ලිම් කඩ වර්ණනා කරන අය උපහාසයට ලක්කරන්න ලියපු එකක්.

      Delete
    3. මේ වර්ණනාවෙන් උනත් අපි ඉගනගතයුතු යමක් තියනවා, සිංහල මිනිසුන්ට කිසියම් දෙයක් වෙලදාම් කිරීමට එතරම් දක්ෂ කමක් නෑ නමුත් මුස්ලිම් මිනිසුන් යමක් අලවිකිරීමට අති දක්ෂයි.

      උදාහරණ අපි සිංහල රෙදි කඩයක රෙදි කීපයක් අවුස්සා බැලුවොත් ඔවුන් බලන්නේ කරදරකාරයෙක් ලෙසයි නමුත් මුස්ලිම් වෙළෙන්දා කියන්නේ "නෝනා ගත්තේ නැතත් කමක් නෑ බලල යන්න " කියලයි

      Delete
  3. ලංකාවෙ අවුරුද්දකට සිද්ධ වෙන දරු උපත් සංඛ්‍යාව දළ වශයෙන් 350,000 ක්.අවුරුද්දකට වැඩිම දරු උපත් සිද්ධ වෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ. ඒ 60,000 ක් පමණ.ඊළඟට වැඩිම දිස්ත්‍රික්ක වන මහනුවර දිස්ත්‍රික්කයේත් උපත් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් බාගයකටත් වඩා අඩුයි.ලංකාවෙ හැම රෝහලකම දරු උපත් සිදු වෙනව.

    පොඩි පොඩි රෝහල් වල සිදු වෙන දරු උපත් සංඛ්‍යාව නොසලකාම හැරියොත් (නොසලකා හරින්න බැරි තරමක් ඒවගෙත් වෙනව. ඒත් ඒ නෝමල් ඩිලිවරීස්. සිසේරියන් කරන්නෙ නෑ ඒවගෙ) සිසේරියන් සැත්කම් කරන්න පහසුකම් තියන රෝහල් 140 ක් ලංකාවෙ තියනව.2015 Annual Health Bulletin එකට අනුව සිසේරියන් සැත්කම් වලින් දරුවන් 104,000 ක් පමණ බිහි වෙන්නෙ.

    කොළඹ තියන කාන්තා රෝහල් වල ඉතා ඉහල සංඛ්‍යා වලින් සිද්ධ වෙන දරු උපත් නොසලකා, පෞද්ගලික රෝහල් වල වෙන ගණං නොසලකා, සිසේරියන් සැත්කම් කරන්න පහසුකම් තියන රෝහලක අවුරුද්දකට සිද්ධ වෙන, මධ්‍යන්‍ය සිසේරියන් සැත්කම් ප්‍රමාණය ගණං හැදුවොත්, 745 යි.

    ඔය වගේ රෝහලක ඉන්න වෛද්‍යවරු සංඛ්‍යාව ගැන සලකද්දි, එක වෛද්‍යවරයෙකුට, අවුරුද්දකට සිසේරියන් සැත්කම් 185 කට වඩා කරන්න වෙන්නෙ නෑනෙ ගණිතානුකූලව.එහෙම බැලුවම එක වෛද්‍යවරයෙකුට සිසේරියන් සැත්කම් 6000 ක් කරන්න යන කාලය අවුරුදු 32 ක්.ඔය අවුරුදු 32 ට වඩා යනව, මං කියපු විදිහට අනුපාතයට බෙදුවොත්.අපු කියමු සීසර් කරපු 4000ටම LRT ත් කළා කියල.ඒත් යනව අවුරුදු 22 ක්.

    අද දවසේ ගණිත ගැටළුව

    අර වඳ සැත්කම් කළා කියල කියන දොස්තරගෙ වයස කීයක් විය හැකිද?

    ReplyDelete
    Replies
    1. මෙහි ප්‍රමාණය අතිශෝක්තියක් වෙන්න පුළුවන්, අදාළ දොස්තරගෙ කටමැත දෙඩවීම නිසා වෙන්න පුළුවන් මේ ගැන දැනුවත් වී තිබෙන්නේ.

      මෙහිදී ඔබ නොකියන පැත්තකුත් තියනවා එනම් අදාළ දොස්තර පුද්ගලික සේවයක් ලබාදෙනවා වෙන්න පුළුවන් එහෙම උනොත් ඔහුගේ සේවය කරන වසර ගණන සමග සැසදීමේදී ඔයකියන දේ ඔච්චරම නොවුනත් සෑහෙන ප්‍රමාණයක් වෙන්න පුළුවන්.

      Delete
    2. දිවයින පත්තරේටත් මම කෝල් කරලා ඇහැව්වා. ඒ අය කිව්වේ එයාලා මේ ගැන දන්නේ නෑ කියලා. නිවුස් එක ලියපු හේමන්ත රන්දුනු කියන කෙනාගෙන් අහන්න කිව්වා. එයා අද වැඩටත් ඇවිත් නෑ.

      පුද්ගලික වෙදකම් කරත් ඔය කියනවා වගේ ප්‍රමාණයකට සැත්කම් කරන්න කොපමණ ගැබිණි මව්වරුන් සඛ්‍යාවක් එන්න ඕනිද? සැත්කමක් කරද්දී දොස්තර තනියෙන් නෙමේ ඉන්නේ. පෞද්ගලික රෝහලකදී මේ වගේ සැත්කම් කරගන්නේ කිසිත් නොදන්නා අයත් නෙමේ. මුදල් වියදම් කරලා සිසේරියන් සැත්කම් කරගන්න අය නිකන් ඉදි කියලා හිතනවද? ස්වාමියා පුරුෂයත් ලග ඉන්නවා. තව කාර්යමණ්ඩලයක් ඉන්නවා. වෛද්‍යවරු කීප දෙනෙක් ඉන්නවා. මේ වගේ දේවල් හොදයි කිසි දෙයක් දන්නේ නැති නුගත් අයව අන්දන්න. පත්තරේ නං දැන් අනාගෙන ඉන්නේ නිවුස් එක දාලා.

      අගහරු වල ගඩොල් තියෙනව කියපු පත්තරේ නොවැ.

      Delete
    3. ඔව්,

      //ස්වාමියා පුරුෂයත් ලග ඉන්නවා. තව කාර්යමණ්ඩලයක් ඉන්නවා.//

      මේ අයනම් ලග හිටියත් දොස්තර කරන්නේ මොනවද කියල දන්නේ නෑ

      හැබැයි

      //වෛද්‍යවරු කීප දෙනෙක් ඉන්නවා. //

      නම් ඔබ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්

      නමුත් http://transyl2014.blogspot.com
      ලියන දොස්තර රුවන් එම් ජයතුංග කියපු දෙයක් මට මතකයට එනවා එනම් ඔහුගේ ගුරුවරයා සිසේරියන් ශල්‍යකර්මයක් ඔහුට පුහුණු කල පසු, ඔහුට තනිවම කිරීමට දී වාට්ටුවෙන් පිටත සිටිබව ඔහු කියා තිබුන.

      Delete
    4. රුවන් කියලා තියෙන්නේ රජයේ රෝහලක් ගැන. මම මුල්ම කොමෙන්ටුවෙන් කියලා තියෙන්නේ රජයේ රෝහල් ගැන සදහන් කරලා තියෙනවා.

      ඒකට පිළිතුරු ලබා දෙමින් ඔබ කියලා තියෙනවා පුද්ගලික වෙදකමේ අදාල දොස්තර නිරත වෙනවා වෙන්න ඇති කියලා. ඒකට තමයි ඔය දෙවැනි පිළිතුර දීලා පුද්ගලික රෝහල් වල සැත්කම් වලදී වෛද්‍යවරු කීප දෙනෙක් ඉන්නවා කියලා තියෙන්නේ.

      එක්කෝ ඔබට කියන දේ වැටහෙන්නේ නැතිව ඇති. පුදුමයක් නෑ දිවයිනයිනේ එව්වා ඇත්ත කියලා හිතන්නේ ඒ නිසානි.

      Delete
    5. පුද්ගලික රෝහල් වල දොස්තර වරු කීපදෙනක් සෑම විටම සිටි බව කියනවනම් ඔබ ඒ ගැන දන්නා කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ දැනට වසර කීපයකට පෙර මගේ නැගණිය පුද්ගලික රෝහලක ඇගේ දරුවා බිහිකරන විටදී නම් මගේ මස්සිනා ට තියා මගේ අනෙක් නැගණියට වත් දරු ප්‍රසුති අවස්ථාවේදී ලග ඉන්න දුන්නේ නැති බව මට මතකයි.

      Delete
  4. හේමන්ත රන්දුනු
    ලියයි නිති
    බොරුව හා බැඳුනු
    මෙහෙව් වඳ පීදුනු
    කතා එමටය
    ඔහු අතින් ලියවුනු

    ReplyDelete
    Replies
    1. නරකද ලොක්ක
      ඔහු කියූ බොරු
      එකක් දෙකක්
      අරගෙන උදාහරණ
      අපි පෙන්නමු කෝ

      Delete
    2. සැත්කම් එකතුව හත්දාහක්
      වඳ සැත්කම් හාරදහක්
      ගණිතය අකුරටම දනී
      දොස්තර කවුදැයි නොදනී!
      තව්හිද් බව හොඳින් දනී
      ඉස්පිරිතාලය නොදනී!!

      Delete
  5. This typical, we lose the forest for trees. Dose the numbers matter? Only thing matter if this is true or false or possible.

    When Gnanasara said Muslims a radicalising and towns are converting to Wahabisum, people ask is he a monk? Did he go to Aluthgama for a meeting? Why is he so fat? Did he get some money from Gota? bla bla bla. His message was lost, rest is history.

    ReplyDelete
    Replies
    1. Wijebahu,

      As a Bikku we have a image as to what kind of behavior one should have the way Ven Ganasaara transmitted this message is completely wrong instead of hate speech we should have constructive dialog.

      for example in Quran if the Muslim community has enough power according to their religion its ok to Kill men rape their women and enslave their children. Its very clearly available for people to read Ven Gnanasara should have shown this to public in a calm way. I think once he tried to do it but in a aggressive way that is what is wrong with his preaching.

      Delete