Wednesday, May 29, 2019

හොරාගේ අම්මගෙන් නෙමෙයි කෙලින්ම හොරාගෙන් පේන අහන ක්‍රමය.



දොස්තර සෙයිගු සියබ්දීන් මොහොමඩ් ෂාෆි ගැන මේ වනවිට සියලු දෙනාම පාගේ කනට පුරුදු නමක් වී අවසන්,
දිවයින පුවත් පතේ හේමන්ත රන්දුනු මහතා මුල් පුවතින් ඇරබි පුවත අද වනවිට නවතම පනුවන් පිරුණු තුවාලයක් විවර කරමින් තියනවා.

මුලින්ම මෙය ජාති වාදී පුවතක් ලෙස බැහැර කිරීමට උත්සහ කලද පැය 72 වැනි කාල පරාසයක් තුල විශාල පුවතක් බවට පත්වෙමින් තිබෙනවා.

දොස්තර ෂාෆි කියන්නේ 2015 දී රාජ්‍ය සේවයෙන් අස්වී එක්සත් ජාතික පක්ෂයෙන් චන්දය ඉල්ලු පුද්ගලයෙකි, චන්දයෙන් පැරදුනු පසු ඔහු රාජ්‍ය සේවයට අනුයුක්ත වී ඇත.

සාමාන්යෙන් රාජ්‍ය සේවයට එසේ ඕන ඕන වෙලාවට එකතුවීමට නොහැකියි යම්විදියකින් එසේ එකවර එකතුවීමට හැකි වන්නේ රජයේ කැබිනට් අනුමැතියක් මගින් පමණයි.

ඔහුට මෙම අනුමැතිය ලබාදී ඇත්තේ රාජිත සේනාරත්න කියන රටේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වරයා විසිනුයි , ඒ කියන්නේ මේ  සෙයිගු සියබ්දීන් මොහොමඩ් ෂාෆි කියන්නේ ඔහුගේ හොද හිතවතෙකුයි, දැන් මේ හිතවතාට විරුද්දව චෝදනා එල්ලවනවිට ඒවා විභාග කිරීමට එවන්නේ රාජිත සේනාරත්න පත්කරන කමිටුවක් විසිනුයි.

ඒ කියන්නේ හොරාගේ අම්මගෙන් නෙමෙයි කෙලින්ම හොරයි චෝදනා විභාග කරන්නේ.

මේගැන අවංක ලේබලය අලවාගන්න උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණ එකවර නිහඩ උනේ ඇයි, මුලින් ඔවුන් ට උවමනා වුනේ දිවයින පුවත ගැන පරීක්ෂණ කිරීමටයි දැන් මොකද ගලේ රීපු බළලුන් සේ ?

දැන් අපි දොස්තර ෂාෆි ගැන මදක් විමසිලිමත් වෙමු කියන විදියට ඔහු ප්‍රකෝටිපතියෙක්. එහෙම උනත් ඔහු විනාඩි 15 දී සෙසේරියෙන් සැත්කමක් බැගින් සැත්කම් විශාල ලෙස සිදුකරන ඉතා වෙහෙසකර රාජකාරියක් කරන පුද්ගලයෙක්.

සමහර මිනිසුන් සිටිනවා කෝටිගණන් මුදල් තිබුනත් ආත්ම තෘප්තිය වෙනුවෙන් වෛද්‍ය වුර්තියේ නියලෙන, නමුත් මේ කියන දොස්තර ෂාෆි අසරණයන්ට උපකාර කිරීමෙන්   ආත්ම තෘප්තියට වැඩකරන මිනිසෙකු ලෙස නෙමෙයි සදහන් වෙන්නේ  ඔහුට අදාළ පෙර වැරදි ඉතා බරපතල ගනයේ ඒවා වෙනවා.

ඔහුට ඇති ධනයත් බලයත් හමුවේ අදාළ සැත්කම ට සහභාගී වූ කිසිවෙක් කෙල බිදක් බිම දමාවි යයි සිතීමත් කොච්චර මුලාවක්ද ?

හැබැයි ඉදිරි දිනකදී සමාජ බලවේග වල ක්‍රියාකාරිත්වය අනුව මෙවැනි සිදුවීම දහස් ගණනක් අපට දැනගත හැකි වනු ඇති.

ඔබට මතක ඇති අප බොහෝදෙනා (මේ ලියන මමත් ඇතුළු ) කිව්වා ගලගොඩ අත්තේ ඥාණසාර හිමි  සිංහල ජනතාව කුපිත කරන බව, අප නොබැලු කරුණ තමයි ඒ ස්වාමන් වහන්සේ කියන කරුණු ඇත්තද බොරුද කියන දේ, අදත් පුද්ගලික ලෙස ගලගොඩ අත්තේ ඥාණසාර හිමි සහයෝගය දක්වන්නේ කාටදැයි, මම අදත් දන්නේ නෑ නමුත් මේ කරුණු වල සත්‍ය තාවය නම් අද වෙනවිට මුස්ලිම් ජාතිකයන් විසිනුත් සනාත කරනු ලබනවා.   

ඔබට මතකද මුජුබර් රහුමාන් කිව්වා කොරහේ කිබුල්ලු දකිනවා කියල, දැන් මොකද ඔවුන් කියන්නේ ?

ඉදිරි කාලයේ අහිංසක මුස්ලිම් මිනිසුන්ට හිරිහැර කිරීම  නෙමෙයි, කෙලින්ම මේ සෙල්ලමේ සිටින සිංහල මුස්ලිම් සියලුම දෙසපාලුවන්ට විරුද්දව මහජනතාව ක්‍රියා කල යුතු  වෙනවා.   


           

6 comments:

  1. ඔය සෙල්ලම ඇතුලේ මහින්දත් ඉන්න බව අමතක නොකළ යුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේ සෙල්ලම ඇතුලේ මහින්ද, රනිල්, සිරිසේන, ඇමරිකාව, චිනේ ඇතුළු බොහෝ පිරිස සහ රටවල් සිටිනවා අපි බලන්න ඕනේ භයානක කවුද කියල විතරයි.

      Delete
  2. සීසේරියන් සැත්කමක දී හිතාමතා මවට හානියක් කළ හැකිද ?

    "සිසේරියන් නෙවි යම් හානියක් කරනවා නම් ඉන්ද්‍රියන්ට ඔව් හානි කළ හැකියි. සහායකගේ සහයෝගයත් ලැබෙනවානම් තවත් ලේසියි. නමුත් එලෙස හානි කළාද නැත්ද කියා නිවැරදිව සොයා බැලිය යුතුයි. විශේෂයෙන්ම ගැබ් ගෙලෙන් "ඩයි" එකක් ගර්භාෂය තුළට විදලා බලන්න පුළුවන් ඒ "ඩයි" එක පැලෝපීය නාලය තුළින් යනවද කියලා. එය විකිරණ පරීක්ෂාවකට ලක් කළ යුතුයි. එතකොට අවහිරවීමක් තිබෙනවානම් එය පෙන්නුම් කරනවා . නමුත් ආසාදන තත්ත්වයන හමුවේ මෙන්ම තවත් හේතු මත මෙහෙම පැලෝපීය නාල අවහිර වෙනවා. ඉතින් මෙවැනි පරීක්ෂණයකින් කියන්න බෑ අනිවාර්යයෙන්ම ඕනෑකමින් යම් හානියක් සිද්ධ කළාද නැත් ද කියලා. නමුත් අවශ්‍යතාවක් තියනවනම් කාට හෝ යම් හානි කිරීමක් කරන්න උත්තරය ඔව් පුළුවන්," විශේෂඥ වෛද්‍ය අජිත විජේසුන්දර වැඩිදුරටත් පැවසීය.BBC සිංහළ

    ReplyDelete
    Replies
    1. මගේ තර්කය විශාල මුදල් තිබුන මේ දොස්තර මිනිසුන්ට සේවය කිරීමේ අරමුණ ට වඩා වෙනත් අරමුණකින් තමයි මේ දේ කරලා තියෙන්නේ.
      ඔහුගේ අතීත වැරදි කල්ක්රියාවත් මෙය තේරුම් ගැනීමට පහසුවක්

      Delete
  3. Yes, Muslims have lot of money, their intentions are cler, people like Rajitha going after that money. Money speak louder than our Sinhala race.

    ReplyDelete
    Replies
    1. Wijebahu,

      Exactly ! This why in a previous post I said to people "Follow the money" so that they can get a clear picture.

      Delete