Wednesday, May 22, 2019

පාරාජිකා වූ ජනතා විමුක්ති පෙරමුණ




මිනිසුන් රැවටීමේ කලාවේදී ජනතා විමුක්ති පෙරමුණ තරම් කිසිම පක්ෂයක්  දක්ෂ වී නැත.

දශක 4ට පෙර විජේවීර නමැති  මිනීමරු උන්මත්තකයා ජිවිත දහස් ගණනක් විනාශ කර අවසාන වූ පසු නැවත 1989 තව දශක දෙකක් පසු වූ පසු නැවතත් එවැනිම බිල්ලක් ගැනීමට හැකි විය.

මේ කාරනා යම් තරමකට වැඩිහිටි මිනිස් සන්තානයේ මතක ඇති නිසා කිසිවිටක සැලකියයුතු බලයක් කිසි ලෙසකින් වත් මෙම පක්ෂයට ජනතාව විසින් ලබා නොදෙන ලදී.

නමුත් පසුගිය කාලය වන විට ඉතා අවංක සොරකම් නොකරන එකම පක්ෂය වැනි තේමාවක් වටා ගොනුකිරීමට මේ පක්ෂය ඉතා දක්ෂ උනා.

මෙහිදී ඔවුන් ආකර්ශනීය ලෙස කල දෙයක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ලැබෙන සියලු වරප්ප්‍රසාද ඔවුන්ගේ පක්ෂ ගිණුමකට බැර කර, අදාළ සාමාජිකයාට තම පවුල නඩත්තු කිරීමට උවමනා මුදල් පක්ෂය විසින් ලබාදෙන බවයි.

ඔවුන් එම මුදල කොපමණද කියල නොකීමට ප්‍රවේශම් වෙයි !



වරක් සුනිල් හදුන්නෙත්ති ප්‍රකාශ කලේ ඔහුට කමිසයක් මිලදී ගැනීමට සිදු නොවන බවත් පක්ෂයේ ක්‍රියාකාරීන් නිවසට පැමිණ " ආ සහෝදරයා දැන් අලුත්  කමිස ටිකක් ගත්තොත් හොදයි නේද" කියමින් ඔහුව බලෙන්ම වගේ අදාල රෙදිපිළි වෙලදසලට ගෙන හෝස් නොමිලේම අදාල ඇදුම් පරිත්‍යාග කරන නිසා ඔහුගේ උවමනා සංතෘප්ත කරන බව පැවසූ විට  සිරස මාද්‍යවෙදියා පැවසුවේ අපට නෑ නේ ඔවැනි මිතුරන් කියලයි.

නුතන ජනතා විමක්ති පෙරමුණ ගැන අපුරුම නිර්වචනය කරන්නේ දෙරණ රුපවාහිනියේ  හිමිකරුවෙකු වන දිලිත් ජයවීර මහතායි, ඔහු සදහන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ අද වෙනවිට ලාභ ලබන ආයතනයක් බවයි එය රුපියල් බිලියන 6 පමණ වත්කම් ඇති ආයතනයක් බව ඔහු සදහන් කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ආදායම් මාර්ග මොනවද ?
ශ්‍රී ලංකාවේ කිසියම් වියාපාරයක් සාර්ථකව මුදල් උපයනවානම් අදාළ ආයතනයෙන් කප්පම් ලබාගැනීම ඔවුන් කරන්නේ අපුරු ක්‍රමයකටයි, එනම් ඔවුන්ගේ පක්ෂ අරමුදලට අදාළ ආයතනය මුදල් නොගෙවා සිටියොත් අදාළ ආයතන තුල සේවක වර්ජන ඇතිකිරීම මහින් අදාළ සමාගමේ අයිතිකරුවන් බියවැද්දීම ඔවුන්ට සුලු දෙයක්.

මෙනිසා ඉතා ධනපති මිනිසුන් පවා මේ සංවිදානයට මුදල් සපයනු ලබනවා, රටේ විවිද ප්‍රශ්න වලදී විවිද අයුරින් මුදල් ගැරීම මෙම පක්ෂය සිදුකලත් රටේ මිනිසුන් අතර හොරකම් නොකරන එකම පක්ෂය කියන සන්නම් නාමය ලබාගන්න තරම් ඔවුන් කපටියි.

මෑතදී ඇතිවූ මුස්ලිම් ත්‍රස්තවාදය සමග මෙතක් ඇදගන සිටි වස්ත්‍රය ගැලවීම සිදුවුනත් රටේ මිනිසුන්ට ඇතිවූ තත්වය නිසා වූ කම්පනය  ජනතා විමුක්ති පෙරමුණ රගපා ඇති භූමිකාව තේරුම් ගැනීම අපහසු වුනා.

හිස්බුල්ල, අසාද්සාලි සහ බදුර්දීන් වැනි චරිත ආරක්ෂා කිරීමට අනුර කුමාර දිසානායක කියන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කීවේ කුමක්ක්ද ?

" මුස්ලිම් මිනිසුන්ගේ නායකයන් ඉවත්කිරීම නොකළයුතු වන්නේ, මුස්ලිම් මිනිසුන්ට නායකත්වය දීමට කෙනෙක් නැතිනිසා බව " සදහන් කලේ මේ කෝටිපති මුස්ලිම් වියාපරිකයන් ගෙන් ජනතාවිමුක්ති පෙරමුණ ඉහල නායකත්වය අපුරුවට ගතමනාව ලබා තිබෙන නිසයි.

එච්චර විතරද ටිකක් හිතන්න පවතින පාන්කඩ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කන වලි කෑම.

අපි දැන් බලන්න ඕනේ මේවගේ කපටින් වඩවඩාත් ජනතාව හමුවේ අනාවරණය කිරීමටයි මක්නිසාද යත් ඉදිරි මාස 6 ඇතුලත පවත්වන්නට නියමිත මැතිවරණය නිසා බලය අහිමි වන පිරිස අතරින් මුලින්ම සිටින්නේ ජනතා වුමුක්ති පෙරමුණයි.     
   

14 comments:

  1. ගිනිමද්දහනේ තාර පාර අයිනේ කරවෙන ගූ බෙට්ටක් මෙන් මෙම බ්ලොග් අඩවිය කොමෙන්ට්ස්,හිට්ස් නැතිව වෙලෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. හිහ් හි .. මෙන්න ජෙප්පෙක් බෙට්ට අතින් අල්ලලා අයින් කරනවෝ !!

      Delete
  2. රණසිංහMay 22, 2019 at 6:14 AM

    "කිසිම දේශපාලනඥයකු විස්වාස නොකරමු !!" කියන්නෙ පොහොට්ටු මංත්‍රීවරුත් ඇතුලත්වද?

    ReplyDelete
    Replies
    1. පොහොට්ටුවේ මන්ත්‍රී වරුන් විතරක් නෙමෙයි දැනට දෙසපාලනයට එන්න හදන දම්මික පෙරේරා වැනි අයත් ඇතුළු සියලුදෙනා

      Delete
  3. බිලියන ගනන් හොරකම් කලා කියල,කොල නිල් පක්ශ දෙකේම අය ගැන නඩු පිට නඩු අහද්දි,ජනතා විමුක්ති පෙරමුනේ අය ගැන කවුරුවත් චෝදනා කරන්නෙ නැහැ.කුහක කම පැත්තකින් තියල දේසපාලනය ගැන ලියන්න.

    ReplyDelete
    Replies
    1. කුහක කම?
      ඔවුන්ට හරි හමන් විදියට බලය ලැබුනේ නෑ, ඔබට මතකද ඔවුන්ට බලය යම් පමණින් තිබුන වැව් ප්‍රතිසංස්කරණ කරනවයි කියපු කාලේ ඔවුන්ටත් චෝදනා කෙරුනා.

      //,කොල නිල් පක්ශ දෙකේම අය ගැන නඩු පිට නඩු අහද්දි//

      මෙහෙම කිව්වත් මේ කිසිකෙනෙක් මෙතෙක් වරදකරුවන් වී බන්දනාගාර ගතවී නෑ නේද ? අඩු ගැනේ ඔච්චර ජනතාවිමුක්ති පෙරමුණ චෝදනා කරන මහින්ද රාජපක්ෂ මහතාට විරුද්දව එකම නඩුවක් වත් නෑ නේද ? එතනින් කියන්නේ මහින්ද රාජපක්ෂ හරි පාරිශුද්ධ කෙනෙක් කියලද ? ඒවගේ තමයි ලොක්ක අයර්ලන්ත අනුරගේ පැටිකිරියත් පොඩ්ඩක් ඉවසල ඉන්නවල.

      ටිකක් වෙන දේවල් ගැන බුද්ධියෙන් බලනවල සියදිවි නසාගත් ට්‍ර්ස්තවාදීයකුගේ පියාවන ඉබ්බ්‍රහිම් ට සුදුහුණු ගාන්න ජනතා විමුක්ති පෙරමුණ දගලන දැගලිල්ල බලනවල.

      Delete
  4. // මිනිසුන් රැවටීමේ කලාවේදී ජනතා විමුක්ති පෙරමුණ තරම් කිසිම පක්ෂයක් දක්ෂ වී නැත. //

    මම හිතන්නේ මහින්ද රාජපස්ස නාකි ලෝන්තපොල් මහා පොල්ලෙල්ලා තරම් ලංකාවේ මිනිසුන් රැවටීමේ කලාවේ කෙල පැමිණි එකෙක් නැති බවයි.
    ඒ කෙල පැමිණීම කොච්චරද කිව්වොත් දැන් බලයේ ඉන්න හූ.ඇම්.පී ආණ්ඩුවට විරුද්ධව කිසිම තිරනාත්මක අවස්ථාවකදී චන්දය දෙන්න තියා අත්සන් කරන්න වත් පොල් ලේල්ලා ආවේ නෑ.
    ඒ උනාට බයියෝ තාම හිතන් ඉන්නවලු පොල් ලේල්ලා හූ. ඇම්.පී විරෝධී කියලා..............
    කොහොමද නාකි ලොන්ත පොල් හම්පඩයා උනාට ලංකාවේ බත් කන හරකුන්ව අන්දන ඇන්දිල්ල...................

    කොටින්ම රට මෙච්චර කාපු බදුර්දීන් ට විරුද්ධව දිනේ වරද්දලා හරි ගෙනාපු විස්වසා බංග යෝජනාවට වත් මහින්ද අත්සන් කරලා නෑ.
    ඒ විතරක් නෙවෙයි මහින්දගේ කුප්රනකට හෙන්චයියෝ වන රන්ජිත් සොයිසා සහ හේෂා විතාරණ කියන පොල්ලෙලි දෙක ප්රිසිද්ධියේ කියනවා බදුර්දීන් කරපු වරදක් නැතිය ඒ නිසා එයාල ඔය කියන විස්වාස බංගයෙදී බදුර්දින්ට පක්ෂයි කියලා................
    ඉතින් බයියෝ හිතන විදියට රට බේරගන්න ඉන්න එකම නායක තුමා අපේ මහා පොල් ලෙල්ලා නේ..........
    එක එහෙම නම් හරි සරලව වෙන්න ඕන දේ තමයි එතුමා මුලින්ම විස්වාස බංගය අත්සන්කරලා අනිත් උන්ටත් ආදර්ශයක් දෙන එක..............මුලින්ම බැරිනම් මුල් 10ට වත් අත්සන් කරන්න ඕන නේ..................
    දෙවනි එක තමා සිංහලයට මෙච්චර කෙලිල්ලක් මහා දවාලේම කෙලපු බදුර්දින්ව ආරස්සා කරන රන්ජිත් සොයිසා සහ හේෂා විතාරණ පොල්ලෙලි ටික කනට ගහලා එළවලා සිංහල බොදුනුවන්ට තියන එකම සරණය පොහොට්ටුව කියලා ඔප්පු කරලා පෙන්නන එක...................( අර මුස්ලිම් ත්රුස්තවාදීන් කියලා අත්අඩංගුවට ගත්ත පොහොට්ටු සාමාජිකයන් වන වත්තල පොහොට්ටු මන්ත්රී. නවුසාඩ්, ඌගෙ මල්ලී, මාබෝලේ රිස්වාන්, මීගමුවේ උප සබාපති වගේ පොල් ලේල්ලාගේ පොඩි ISIS පොල්ලෙලි ගැන ක්රි.යාමාර්ගයක් ගන්න බැරියෑ පස්සේ............)

    හැබැයි වැඩේ කියන්නේ බදුර්දීන් ට කඩේයන රන්ජිත් සොයිසා සහ හේෂා විතාරණ පොල්ලෙලි එලවන්න තියා, විස්වාසබන්ගේටත් තාම අත්සන්කරලා නැති මැලේ මුස්ලිම් ජාන වලින් ඉපදුන මහින්ද රාජපස්ස පොල්ලෙලි තුමා ට බයියෝ පස්චාත් බාගය පුදාගෙන ඉන්න අජූව ම තමයි......................මහා පොල් ලේල්ලගේ ඇන්දිල්ල තම ඇන්දිල්ල..................
    ඇත්තටම ඕක ඇන්දිල්ලකුත් නෙවෙයි...............මුනුත් දන්නවා උන් ගැන.................ජාතිය ආගම විකුණගෙන කෑවට බදුර්දීන් ඇවිල්ලා අපි ඔක්කොම මරලා දැම්මත් මහින්දටයි උගේ ලෝල්ලන්ටයි ගානක් නෑ.................උන්ගේ බද කට පිරෙනවානම්...............

    ඇත්තටම බොම්බේ පිපිරෙන බව මහින්දට දැනුවත් කිරීම ලැබුන බව කවුරුත් දන්නවා නේ................ඔච්චර විනාසයක් වෙනවයි කියලා දැන දැන මැ නොකියා හිටපු එකාගෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද..................තිරිසනා......................

    ReplyDelete
    Replies
    1. මහින්ද විතරක් නෙමෙයි රනිල් ගැනත් සිරිසේන ගැනත් අනුර කුමාර ගැනත් ඔබ ඔය කියන සියලු දේ අදාලයි, දැන් බලන්නකෝ මුස්ලිම් පල්ලි පරික්ෂා කිරීමට ඉස්සල්ල පල්ලියේ ලොක්කට කලින් දන්වන්න කියන උපදෙසේ දෙන්නේ මහින්ද ලොක්ක නෙමෙයි රනිල් වික්කම සිංහ බව ඔබ නොදන්නවා නෙමෙයි නේ

      Delete
  5. ජවිපෙ ගැන මටත් විවේචන තියෙනවා.නමුත් ඔවුන් සුඛෝපභෝගී ජිවිත ගතකරන බවට සාක්ෂි නැහැ නේද? රවීට වගේ මාසෙට ලක්‍ෂ දාහතර ගානේ ගෙවපු පෙන්ත්හවුස් තිබිලත් නැහැ නේද? වෙඩි නොවදින වාහන වල යන්න, රාජිතගේ පුතාගේ මඟුල වගේ උත්සව ගන්න ගායක් තිබිලත් නැහැ නේද?
    87-89 කාලේ කරපු මෝඩකම් වලට මෙතෙක් කල් විඳවපු ජවිපෙට 2020 දිත් විඳවන්න වෙන්න පුළුවන්. ඒක ජනතා කැමැත්ත නම් මම ඒක පිලිගන්නවා.

    ReplyDelete
    Replies
    1. // ඔවුන් සුඛෝපභෝගී ජිවිත ගතකරන බවට සාක්ෂි නැහැ නේද? //

      ඔවුන්ට ප්‍රසිද්ධියේ සුඛෝපභෝගී ජිවිත ගතකරන්න බෑ නමුත් රහසින් කෝටි ගණන් උපයල ඉවරයි.
      කිසිම රස්සාවක් නොකරන අනුර කුමාර දිසානයකගේ බිරිදගේ දරුවා පුද්ගලික විශ්ව විද්යාලයකට යවන්නේ කොහොමද ?

      Delete
  6. JVP did the first killing (Daya Pathirana) to start the 88/89 'Bheema Samaya' UNP (Rajitha S, Nirmal D) joined in, which killed 60,000 instant educated youth. (most of them had no UNP or JVP connections)

    JVP killed a bus driver and a Grama Sevaka near my house. UNP MP and supporters send a list of university students in the area to the killer squad stationed in 'Govi Jana Seva Madyasthnaya'. Everyday someone was burning near the fence of State Plantation office.

    Biggest joke is UNP and JVP is sleeping together and in government. Every UNP+JVP politician who is older than 53 today are responsible for killing of 60,000

    ReplyDelete
    Replies
    1. At this time I am 14 year old I was sent to Badulla by my Father, since at the start there was unrest in Colombo at the start he might have felt rural area could be safe, but in the rural area's it was getting worse by the day. I remember how a provincial council employee was killed and after his burial, 7 days later his body was exhumed and cut in to pieces and thrown in to his garden. You can imagine how his children and family reacted. This is how JVP behaved at the time.

      Delete

  7. I am not sure how people can still support current leaderless, weak and infighting UNP+JVP+TNA+Mulims govt.

    This govt ruined economy first national security later. What do these people support, no economy no security? What is this govt doing with our tax money? Just being comfortable only?

    These are the people who are born Red/Blue/Green, who will not use common sense and help politicos to ruin our country.

    ReplyDelete
    Replies
    1. Wijebahu,

      From peoples point of view, they where presented with highly corrupt individuals, their challenge is to select less corrupt people.

      Once they gain power its back to square one.

      If we are prudent, what we need to do is find out our representative in the parliament, gather at least 10000 people and go and surround his / her house and force him / her to take action against the situation.

      This is a ideal time for that, for example if we as voters try to surround our parliament representative and ask him / her to vote against Rishad Badurdeen he / she cannot refuse because he / she knows they cannot go back home.

      we need to get some education from the world, latest one is from France, when people come to street politicians has to retract their personal plans.

      Delete