Friday, February 5, 2016

ශ්‍රී ලංකාවට PayPal ලැබෙයිද ?




ශ්‍රී ලංකාවට PayPal ලැබෙන ලකුණු පහලවී ඇති මේ මොහොතේ, ලිපියක් ලිවීමට සිතුනේ


ප්‍රවුර්තිය සදහා ලියන ලද කොමෙන්ටුවක් කියවීමෙන් පසුයි.

// Long time ago when I was participating in a forum about Economic Integration, I met some officials from the Sri Lanka Central Bank. During the lunch I asked them, why they are not open to payment systems like Paypal and Interact, which could increase the market participation for many sectors including Tourism and Hand-craft industries. 
Here comes the answer as I heard on that day "Most of our staff don't understand Online stuff, Isn't Paypal used for underground money laundering?", I was thinking to myself May God Help Sri Lanka
.//

මේ තැනැත්තා අපුරුවට යතා තත්වය පැහැදිලි කරනවා.
සිංහල කියවන්නන් ගේ පහසුව සදහා මෙය පහත පරිදි පරිවර්තනය කරන්නම්.

{සෑහෙන කලකට පෙර මා ආර්ථික එකාබද්ධ තාවය ගැන වැඩමුළුවකට  සහබාගි වෙන විට, මට මුණ ගැසුනා ශ්‍රී ලංකා මහබැංකුවේ නිලදාරීන් සමුහයක්. අප කෑම ගන්නා අතර මම ඔවුන්ගෙන් ඇසුවා ඇයි ඔබලා PAYPAL වැනි සේවයන්ට පහසුකම් සලසන්නේ නැත්තේ, මොකද මේ නිසා සංචාරක කර්මාන්තය අත්කම් සහ සුලුඅපනයන අන්තර්ජාලය තුලින් විකුණා මේ වෙළදපොල දායකත්වය ඉහල නන්වන්න පුළුවන් නේද කියල.
මෙන්න එදා මට ලැබුන උත්තරය  “ අපේ නිලදාරීන් බොහෝදෙනා අන්තර්ජාලය පිළිබද අවබෝදයෙන් තොරයි, මේ paypal කියන්නේ පාතාල මුදල් විශුද්ධිකරණයට නේද යොදාගන්නේ ?”
මෙය අසපු මට සිතුනේ දෙවියන් ගේ උදව් ශ්‍රී ලංකාවට ලැබේවායි කියල}

මා විසින් මගේ අඩවියේ පමණක් නෙමෙයි වෙබ් අඩවි ගණනාවක මේ පිළිබද කරුණු සදහන් කලත් මෙය තේරුම් ගත්තේ අතලොස්සක් පමණයි.
යම් විදියකින් මෙය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුනොත් මාස 6 ක් ගතවීමට පෙර ශ්‍රී ලංකාව ලබන දිවුනුව විස්මයජනක වෙයි.


මෙය ඉන්දියානු ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම ක්‍රියාත්මක වුනොත් ඔබට පෙනෙයි ශ්‍රී ලාංකිකයන් ලෙස අපට කොපමණ දිවුණු විය ඝකිද කියල, යම් විදියකින් ඉන්දියානු ගිවිසුමට පසුව මෙය ක්‍රියාත්මක වුනොත් මෙහි සියලු සාදනිය අංග ඉන්දියානු ගිවිසුම නිසා සිදුවූ බව ශ්‍රී ලංකික දෙසපලන්යයන් පවසනු ඇති.

12 comments:

  1. :D අපි ලන්කාසිතිවිලි තුමාට සහ පේ පැල් වලට බොක්කෙන් ම සුබ පතමු!

    ReplyDelete
  2. බඩු එනවා බය වෙන්න එපා... උඹ එදා ඉඳන් මේ ගැන කතා කලා... ඒවා මත් දන්න අඳුනන උන්ට යැව්වා... සමහර විට ඒවයෙන් දැණුවත් වෙන්නත් ඇති..

    ReplyDelete
    Replies
    1. මාතා,
      ඇත්තටම මේක කොච්චර වැදගත් ද කියල දන්නේ කීපදෙනෙක් පමණයි, එකට හේතුව මෙරටේ අන්තර්ජාලය මගින් විශාල ලෙස වෙළදාම කරපු අය නැති වීම, මේ කතාකරන මම මේ ගැන දන්නේ මම ඇමරිකානු ගනුදෙනු කරුවන්ට තම භාණ්ඩ විකුණා ගැනීමට පහසුකම් සපයා ඇති නිසා, මා සමග මේ අංශයේ වැඩකළ සියලු දෙනා මේ වනවිට ශ්‍රී ලංකාවෙන් පිටවෙලා, දැනට අවුරුදු 10 ට පෙර මම ඔවුන්ට කිව්වේ ඉදිරිකාලයේ අන්තර්ජාල සේවා වර්දනය සමග අපට මෙහෙ ඉදගනම මෙය කල හැකි බවයි, ඔවුන් බොහෝ දෙනා සිතුවේ මම මෝඩයෙක් බවයි.
      දැන් වනවිට https://wordpress.org/plugins/wordpress-simple-paypal-shopping-cart/ සම්පුර්ණ පහසුකම් අන්තර්ජාලය පිළිබද සාමාන්‍ය දැනුම ඇති කෙනෙකුට ලබාගතහැකි ලෙස වර්දනය වෙලා අවසන් යම් විදියකින් paypal ලංකාවට ලැබුනොත් සිදුවන්නේ රටේ සිටින මෘදුකාංග ගැන යම් අවබෝදයක් ඇති කොල්ලෝ කෙල්ලෝ ටික රටේ සුළු වියාපරිකයන්ට වෙබ් අඩවි තුල ස්ථාපනය කිරීමට පහසුකම් සැලසීම මගින් විකිණීම ප්‍රවර්දනයයි.
      මාස 6 හොදටම ඇති මෙයින් විශාල දියුණුවක් ලැබීමට. මේක IT වල ට අදාළ දෙයක් නෙමෙයි මේක රටේ සියලුම අංශ වලට සාදාරනයි, කණගාටුව කියන්නේ අනෙක් අංශවල මහාචර්ය වරුන්ට වත් මේ කේ වටිනාකම තෙරුන්නේ නෑ, IT වල උගතුන් ආචාර්ය මහාචර්ය වරු සද්දේ වහල ඉන්නවා තම රැකියාව බේරාගැනීමට.
      මේකේ ඇති අමාරුම දේ තමයි මහබැංකුවේ මේගැන අවබෝදය ඇති නිලදාරීන් පත්කිරීම ඔවුන් ගේ දැනුම නැතිව මේ ක්රියාවලිය කිරීමට අපහසුයි.
      මේ රටේ බොහෝ දේවල් වල වරද ඇත්තේ දෙසපලන්යයන් අතේ නමුත් මේක තමයි එකම දේ දෙසපලන්යයන් වගකිවයුතු නැති, මේක පමා වන්නේ නිලදාරීන් ගේ වරදින්, දෙසපලන්යයන්ට මේක කරන්න ඕනේ, මහින්දගේ කාලෙත් මිට උත්සහ කළා නමුත් ඔවුන් මෝඩයි උවමනාකරන බලපෑම ලැබුනේ නෑ.
      දැන්වත් මේක හරියට කලොත් මේක විතරක් ඇති ජනතාවගේ අප්ප්‍රසාදයට පත් වී ඇති මේ රජය විශාල ප්‍රසාදයක් ලබාගන්න, බලමුකෝ වෙන දේ.

      Delete
  3. ඔයා කොතන බැලුවත් කියවන්නේ පේපල් ගැනමයි. දැන් සතුටුද?


    / used for underground money laundering?/
    මේක අදටත් සිදුවෙනවා කියා මටත් සැහෙන විශ්වාසයක් තියෙනවා.එක කාරණයක් නම්,පේපල් වලින් බිස්නස් කරන සමහර අය, ලන්කාවෙන් සර්ච් වෙච්චි ගමන්, අකවුන්ට් එක ක්ලෝස් කරනවා. නැතිනම් හැංගෙනවා. තව විස්තර ලියන එක පොලිටිකලි ඉන්කරෙක්ට්.

    පේපැල් නිසා විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් එවද්දි බැංකු වලින් කෙරෙන අතයට ජාවාරම් නැවතේවි.ක්ෂනිකව මුදල් හුවමාරුවිම. ආන්ඩුවටත් පාඩුවක් නෙමෙයිද?

    කොහොමටත් පේපැල් පාර හැදුනොත් සැහන පෙරලියක් නම් වේවි තමයි.
    හැබැයි ඉතින් ඉන්දියාව එක්ක නම් අනේ මන්දා.

    ReplyDelete
    Replies
    1. malmi hi,
      // used for underground money laundering?//
      ඇත්තටම මෙය මුදල් විශුද්ධිකරණය සදහා යොදාගන්න බෑ, එක මිත්‍යාවක් මං කියන්නම් ඇයි කියල, හිතන්න ඔබට උවමනයි කිසියම් භාණ්ඩයක් විකුනන්න හිතන්න කිසියම් “රේන්ද ගෙතුමක්” කියල ඔබ කරන්නේ මෙය EBAY වැනි අඩවියක දමනවා, දමල පෙන්වනවා ඔබ මේ භාණ්ඩය විකුණන බව, දැන් හිතන්න කිසියම් විදේශ රටක පුරවැසියකු මෙය මිලදී ගන්නවා දැන් මේ මුදල් ඔබේ PAYPAL ගිණුමට ලැබෙන අතර අදාළ භාණ්ඩය ඔබ තැපැල් මගින් යැවීය හැකියි අදාළ පුද්ගලයාට.
      මෙසේ වෙළදාම කරන ඔබට දැන් ඩොලර් 500 පමණ තියනවයි කියල හිතමු දැන් ඔබට උවමනයි ඔබේ ශ්‍රී ලංකාව් ගිණුමට ගෙන්වාගන්න, මෙසේ මුදල් ගෙන්වාගන්න මේ වනවිට පහසුකම් නෑ, අපි ඉල්ලා සිටින්නේ මේ පහසුකම ඇති කරන ලෙසයි.
      දැන් ඔබ කොහොමද පාතාල ගනුදෙනු කරන්නේ ඔබට ලැබෙන හැම ශතයක් ම ලැබෙන්නේ ඔබේ වාණිජ බැංකුව හරහා. paypal මගින් වෙන මුදල් ගෙන්වාගැනීමට විදියක් නෑ.
      අද මේ පහසුකම අපට නොලැබෙන්නේ paypal සමාගම ශ්‍රී ලංකා රජයට දන්වනවා ඔවුන්ගේ ගනුදෙනු කරුවන් සදහා ආරක්ෂාව ලබාදෙන ලෙස (මෙය paypal සමාගමේ පැත්තෙන් සාදාරනයි ) මොකද ඔබ හිතන්න පුද්ගලයෙක් උත්සාහ කලොත් තමා ලග නොමැති භාණ්ඩ පෙන්වා විකුනුමක් කරන්න ශ්‍රී ලංකා රජයට හැකි වියයුතු වෙනවා අදාළ වංචා කරුවා නිතිය ඉදිරියේ දඩුවම් කරන්න.
      මෙනිසා මෙවැනි පහසුකමක් ලබාග්ගනිමට පෙර ශ්‍රී ලංකා රජයට සිදුවෙනවා වාණිජ බැංකු වල paypal ගිණුම් ඇත්තන් ගැන තොරතුරු වහාම සොයාබැලිය හැකි පරිගණක ජාලයක් ඇති කිරීමට මොකද කිසිවෙක් වංචාවක් සිදුකල වහාම ඔහු ව අත්අඩංගුවට ගෙන හානි වූ පුද්ගලයාට මුදල් නැවත ලබාගත හැකියි.
      මෙය පාවිච්චි කරන්නන්ට ඉතා පහසු වුනත් මිට යටින් තිබෙන වැඩපිළිවල සංකීර්ණයි නමුත් රටේ රජයකට මෙය සිදුකලයුතුම වෙනවා, අන්තර්ජාලය වෙළදාම සදහා යොදාගන්නවානම්.

      // පේපැල් නිසා විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් එවද්දි බැංකු වලින් කෙරෙන අතයට ජාවාරම් නැවතේවි.ක්ෂනිකව මුදල් හුවමාරුවිම. ආන්ඩුවටත් පාඩුවක් නෙමෙයිද?//
      ආණ්ඩුවට කිසිම පාඩුවක් නෑ මොකද අවසාන ලෙස මෙය ලැබෙන්නේ බැංකු ගිණුමට නිසා, අනෙක් අතට මහබැංකුවේ ඩොලර් සංචිත ඉහල යනවා.

      // ඉන්දියාව//
      ඉන්දියාවේ IT ශ්‍රමිකයන් පැමිණීමට පෙර මෙය කලයුතුයි මොකද යම් විදියකින් ඔවුන් පැමිණියාට පසුව මේක කලොත් ලැබෙන දියුණුව ඉන්දියානු IT ශ්‍රමිකයන් නිසා ලැබුණ දිවුනුවක් ලෙස වැරදියට අර්ථ කථනය කරනු ඇති.
      // පේපල් වලින් බිස්නස් කරන සමහර අය, ලන්කාවෙන් සර්ච් වෙච්චි ගමන්, අකවුන්ට් එක ක්ලෝස් කරනවා.//
      අද ශ්‍රී ලාංකිකයන් සිටිනවා PAYPAL යොදා ගනුදෙනු කරන සහ ශ්‍රී ලකාවේ බැංකුවට මුදල් ගෙන්වාගන්න අය , නමුත් මෙය කරන්නේ වංචනික ලෙසයි එනම් ඔවුන් ලියාපදිංචි වෙනවා ෆිලිපිනයේ හෝ මැලේසියාවේ පුරවසියකු ලෙස, මෙතන ප්‍රශ්නය ඇත්තේ යම් ප්‍රශ්නයක් ගනුදෙනුවක් සම්බන්දයෙන් පැන නැගුනොත් ඔබේ ගිණුම තහනම් වීමයි, මෙනිසයි අපට නිතියානුකූල මාර්ගයක් උවමනා වන්නේ.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  5. Well done lanka sithiwili. Finally your dream comes true.

    ReplyDelete
    Replies
    1. Thanks ටික්කා
      // Well done lanka sithiwili. Finally your dream comes true. //
      I am not so sure until I see results but hope this time works.

      Delete
  6. පේපැල් ලොක්කා = ෆොක්ස් වැගන් කාර් ලොක්කා.
    නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ සීන් එකක්ද කියා මට නම් සැකයි. වෙනකම් ෂුවර් නැහැ

    ReplyDelete
  7. malmi hi,

    //නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ සීන් එකක්ද කියා මට නම් සැකයි//
    සැක කරන්න දෙයක් නෑ මේ කරන්නේ නංගි පෙන්නලා ආච්චි දෙන එකයි,
    PAYPAL වැඩේ ආවට ගියාට කන්න බෑ. මෙය කිරීමට ශ්‍රී ලංකාවට ඉහල පරිගණක වැඩසටහන් හසුරවන ඉංජිනේරුවන් උවමනා වෙනවා, එපමණක් මදි මිට උවමනා වෙනවා මහා බැංකුවේ බැංකු කටයුතු ගැන වගේම මහබැංකුවේ නීති ගැන දැනුවත් වුර්තිය වේදීන්, මේ සියලු දෙනා එකම TEAM එකක් ලෙස වැඩකිරීම උවමනා කරනවා.
    මෙය බොහෝ දෙනා හිතනවට වඩා සංකීර්ණයි paypal තමයි රනිල්ට නව ආර්ථිකය මෙහෙය වන්න පුලුවන්ද? බැරිද ? කියන දෙය පරික්ෂා කරන විශාලම පරීක්ෂණය.
    මෙය ඔහු අසමත් උනොත් රාජපක්ෂ පාලනය වගේම තමයි, බොහෝදෙනා කියයි දැන් නිතිය තියනවනේ වගේ නමුත් මෙය ඇස්බැඳුමක් පමණයි. රනිල්ට බෑ එකවර රාජපක්ෂ කළා වගේ හතර වරම් ගසන්න නමුත් මතක තියා ගන්න මහබැංකු වංචාව කිරීමට ඔහු උදව් වුනා.
    රාජ පක්ෂ මිට වඩා හොරකම් කළා කියන දේ යහපාලනයට උත්තරය නමෙයි.

    ReplyDelete