Friday, February 12, 2016

ශ්‍රී ලාංකිකයන් වන අපට ලංවීමට වත් බැරි ඉන්දියානු චින්තනය




මෙය ලිවීමට මා පෙලබුනේ අද මුණු පොතේ මා දුටු පොස්ට් ටුවක් නිසයි.
මෙය කියවීමෙන් ශ්‍රී ලාංකිකයන් කොපමණ දක්ෂ වියයුතු දැයි ඔබට තේරුම් ගත හැකියි.
මෙය සත්‍ය සිදුවීමක් බව මතක තබාගන්න.

ඉන්දියානු මිනිසෙක් නිව්යෝර්ක් නගරයේ බැංකුවකට ගොස් එහි ණය දෙන නිලදාරියා මුණගැසෙනවා, තමාට ඩොලර් 5000 ක ණයක්උවමනා බවත්  සති 2 කින් ණය ගෙවන බවත්  සදහන් කලවිට, බැංකුවේ ණය දෙන නිලදාරියා තමාට කිසියම් ඇපයක් තැබීමට හැකිදැයි ඔහුගෙන් විමසනවා අදාළ ඉන්දියානුවා කරන්නේ තමාගේ මෝටර් රථය ඇපයක් ලෙස තබාගැනීමට බැංකුවට පැවරීමයි, මෙහිදී ණය නිලදාරියා බැංකු සභාපති සමග සාකච්චා කර අදාළ වාහනය ඇපයක් ලෙස තබා ගන්නවා, වටිනාකම ඩොලර් 750,000 වන මෙම ෆරාරි රථය ඇප තබා ඩොලර් 5000 වැනි සුළු මුදලක ණයක් ගැනීම ගැන බැංකුවේ සබාපති සහ ණය නිලදාරියා සිනහ පහල කරනව.


ඉන්පසු බැංකුවේ බුගත ගරාජයේ ආරක්ෂිතව ගාල් කරනු ලබනවා


සති 2කට පසු බැංකුවට පැමිණෙන මේ පුද්ගලයා ඩොලර් 5000 ත් ඊට පොලිය වූ ඩොලර් 15.41 ගෙවා රථය නිදහස් කර ගන්නවා.

මෙහිදී අදාළ ණය නිලදාරියා අහනවා “සර් මේ ගනුදෙනුව ඉතා හොදින් සිදුවුනා, අප ඔබ ගැන තොරතුරු සෙවීමේදී ඔබ කෝටිපතියෙක් බව අපි සොයාගත්තා, ඇයි සර් මේවගේ වටිනා කාර් එකක් ඇප තියල මෙච්චර් සුලුමුදලක් ගත්තේ ?

මිට පිළිතුරු දුන් ඉන්දියානුව කිව්වේ මට මේ නිව්යෝර්ක් නගරයේ ඩොලර් 15.41 ක මුදලට මගේ වාහනය සති 2ක් ආරක්ෂා සහිතව නතර කර තබන්න පුළුවන් කොහෙද ?    යන්නයි.

සැම ඉන්දියානුවෙක්ම මෙවැනි චින්තන හැකියාවක් නැති බව ඇත්ත උනත් බොහෝ පෝසත් ඉන්දියනනු සමාගම් සාමාන්‍ය චින්තන දහරාවට පටහැනිව “out of the box” සිතීමේ හැකියාව තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන් සිංහල මිනිසුන්ට නැත්තෙත් මෙයයි!!

මේ සිදුවීම වෙන්නේ “VIJAY MALLYA” ටයි 

         මේක කියපුවහම තමයි මට මතක්වෙන්නේ මහින්දගේ කාලයේ ඉන්දියානු සංචාරකයන් ශ්‍රී ලංකාවේ හොටෙල් වල නැවතිලා, හොටෙල් එකේ අයන් එකෙන් රොටි පුච්චපු බව එකල එක්සත් ජාතික පක්ෂය සදහන් කලේ ඉන්දියාවේ හිගන්නෝ මෙහෙ ගෙන්වනවා කියල, අද වනවිට ඉන්දියාවේ සමාගම් වලට දොර අරින්න කතා කරනවා, “කාලය මැවූ වෙනසක අරුමේ !!“    



An Indian man walks into the New York City bank
and asks for the loan officer. He tells the Loan Officer that he was going to India for some business for 2 weeks and needs to borrow $5,000.
The Loan Officer tells him that the bank will need some form of security for the loan. So the Indian man hands over the keys and the
documents of the new Ferrari car parked on the street in front of the bank. The loan officer consults the president of the bank,
Produces all the required items and everything
check out to be OK. The loan officer agrees to accept the car as a security for the loan.
The bank president and the Loan Officer had a good laugh at the Indian For keeping a $750,000 Ferrari as a security and taking only $5,000 has a loan. An employee of the bank then drives the Ferrari Into the banks underground garage and parks it there.
Two weeks later the Indian returns and pays $5000 and the interest which comes to it $15.41. Seeing this, loan officer says, “Sir, we are very happy to have your business
And this transaction has worked out very nicely,
but we are a little puzzled.
While you are away, we checked you out and
Found out that you were a multi millionaire. What puzzled us was why would you bother to
borrow $5000?” The Indian replies
"Where else in the New York City can I park my
car for 2 weeks and
For only $15.41 and expect it to be there when I
return".
This is a true incident and the Indian is none other than... "VIJAY MALLYA"


 

6 comments:

  1. ඔය කතාවේ ඉන්දියන් වෙනුවට ශ්‍රී ලාංකික කියා දැම්මත් ලොව පුරා යාවි

    ReplyDelete
    Replies
    1. ඔය ජෝක් එක මම අවුරුදු විස්සකට කලිනුත් අහල තියෙනවා. කවුරු හරි ළඟදී ඉන්දියන් කෑල්ලක් එකතු කරලා. පහළින් තියෙන්නේ අවුරුදු 8කට කලින් ආපු චීන වර්ෂන් එකක්, ස්කවුට් වර්ෂන් එකක් සහ බ්ලොන්ඩි වර්ෂන් එකක්. හෙවුවොත් තව වර්ෂන් ඇති.

      http://www.topspeed.com/cars/car-news/car-joke-of-the-day-how-to-park-for-cheap-in-new-york-ar54464.html

      http://www.boyscouttrail.com/content/joke/cheap_parking-1189.asp

      https://www.reddit.com/comments/g6f6i/blonde_walks_into_a_bank_best_joke_ive_heard_in_a/

      Delete
    2. ඉකොනො,
      තාම ඉන්දියාව අපට විහිලු කරන්න පටන්ගත්තේ නෑ
      http://www.iamallrounder.com/dr-vijay-mallya-true-interesting-story-of-ferrari-car/

      Delete
  2. රසික,
    එහෙම දාන්න පුලිවන් නමුත් ඇත්ත නෙමෙයි!

    ReplyDelete
  3. බිස්නස්වලදි ලෝකෙටම හිසරදයක්.කාට කියන්නද මේවා.

    ReplyDelete
    Replies
    1. malmi hi,

      ඉන්දියාව සමග ගනුදෙනුවේ දී බොහෝදෙනා බයවන්නේ දුප්පත් ඉන්දියානුවන් පෙලගැසී ශ්‍රී ලංකාවට පැන ගැනීමයි නමුත් ඇත්ත වශයෙන් ශ්‍රී ලාංකිකයන් දක්ෂ විය යුත්ත්තේ විශාල බලවත් සමාගම් සමග ගනුදෙනු කිරිමෙදියි, සියලුදෙය නරකම නෑ නමුත් ශ්‍රී ලාංකිකයන් මුලිකවම සිංහල මිනිසුන් වියාපාර් වල දක්ෂ නෑ
      https://www.youtube.com/watch?v=k2W8aGgmn1A
      මේවා විහිලු වුනාට ශ්‍රී ලංකාවේ පණ්ඩිතයන්ට මේවා තේරෙනවා හරිම හොරයි.

      Delete