Tuesday, February 16, 2016

ඉන්දියාවට අරින්න යන අපේ හරින්!!





මාතෘකාවට අවතීර්ණ වීමට පෙරම මගේ ස්ථාවරය පැහැදිලි කරන්න වෙනවා. මුලින්ම කිවයුතු කරුණ නම් මා යහපාලන රජය පිහිටවීම සදහා වූ මතවාදයේ දී රාජපක්ශ රජය පැරදවීමට මතවාදී ලෙස දායක වූ පුද්ගලයෙක්, අදත් සිදුවූ දේ පිළිබද මගේ කිසිපසුතැවීමක් නැති අතර නැවත අතීතයට යන්න පුළුවන් නම් මම මේ යහපාලන රජයට චන්දය දෙමි, මිට හේතුව මහින්ද බලයට ආවනම් ඇමරිකාව ප්‍රමුඛ අන්තර්ජාතික ප්‍රජාව විසින් මුලින්ම ශ්‍රී ලන්කිකයන්නුත් දෙවනුව රාජපක්ෂ වාදිනුත් විනාස කරන නිසා.

දැන් කතාවට බහිමු දෙරණේ දිල්කා සමග හරින් ඩිගිටල් ඇමති තුමන් ගේ කතාව සියලු දෙනාම ඇසිය යුතු කතාවක්, “හෝව් දෙරණේ ගෝත්‍ර වාදී නිසා ටෝය්යන් වන අපට ඇලජික්” වැනි මෝඩ ටොයි අදහස් වලින් අපි අයින් වෙලා විවුර්ත මනසකින් මෙය බලමු 




දැන් 37 ත් වෙනි මිනිත්තුවේ සිට ඔබ ඉදිරියට ඇති විනාඩි 5 බලන්න

එහෙමත් බැරිනම් මෙහි 39 වන විනාඩියේදී දිල්ක අහනවා අපුරු ප්‍රශ්නයක් ඉන්දියාවට අපිට අලවි කරන්න 

පුළුවන් ද්‍රවය අලවි භාණ්ඩ මොනවද   ?
හරීන් අහනවා දෙන්න බැරි මොනවද කියල ?
නැවත දිල්ක අහනවා අපට දෙන්න පුළුවන් මොනවද කියල ? තවදුරටත් අපේරටේ තියන ඉන්දියාවේ නැති දේවල් මොනවද කියල ඇය අහනවා, තවදුරටත් ඇය අහනවා අපේරටේ තියන දේවල් ඉන්දියාවේ තුට්ටු දෙකට අලවි වෙන්නේ නැද්ද කියල ? ඇය කියනවා ඉන්දියාව අපට වැඩිය ඉදිරියෙන් සිටිනවා මොනවද අපසතු දේවල් ඉන්දියාව සමග තරග කරන්න?
මොකද්ද හරින්ගේ උත්තරය අපට පුළුවන්ලු ඉන්දියාවේ සංචාරකයෝ ගෙන්න?

අම්මපා මු කටින්ද මේ කිව්වේ ?

දැනට අවුරුදු 2 ක් නෑ ඉන්දියාවේ හිගන්නෝ මෙහෙ ගෙන්වගෙන හෝටලේ අයන් එකෙන් රොටි පුච්චගෙන

කෑවා   කියල අපේ ටොයි රාලලා කිව්වා.



ඔහු කිව්වා ඉන්දියාවේ ඉඳල එන ඉන්දියානු සංචාරකයන් පිටිගුලියක් හන්ගන් එන බව


මට මතක හැටියටහරින් හෝ දයාසිරි තමයි කිව්වේ මේ කතාව.



 එදා කිව්වා ඉන්දියානු සංචාරකයෝ කියන්නේ හිගන්නෝ රටේ ආර්ථිකයට කිසිම වැඩක් මේ කාලකන්නින් ගෙන්වාගෙන වැඩක් නැති බවයි අපේ ආර්ථිකය ගැන දන්නවා කියල අපි හිතපු ටොයි ඔස්ත්ර්ල ඒකාලේ කිව්වේ.

අද මේ කතාවට මට අපේ බ්ලොග් මිතුරෙක් වන මාතලන් තුමාව ගාවගන්න වෙනවා. (මාත මට බ්ලොග් ලිවිමට unicode හිටන් මුල්කාලයේ හොයලදුන්න නමුත් අද සිද්දවෙනවා විවේචනයක් කරන්න )

මෙන්න මාතේ උබ කියපු දේ මම මේ ගිවිසුම ගැන අහපුවහම
{
තවම කිසි ගිවිසුමක් නෑ... තාම ඒ ගැන කතා බහක් තියෙන්නේ. මහද්වීපයක් වගේ රටක් එක්ක ගිවිසුමක් ගහන කොට ඒකෙන් අවාසි තියෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි.. ඒත් තියෙන වාසි ටික හරි ගන්නයි ලෑස්ති වෙන්න ඕන. මැදපෙරදිග විදේශික ශ්‍රමිකයන්ටයි, භූමීප්‍රත්‍රයන්ටයි සලකන විදිය වෙනස් ඒ දේ මෙහෙත් වෙයි. ඒක ඕනම රටක තියෙන දෙයක්. විශේෂයෙන් විදෙස් ශ්‍රමිකයින් ඉන්න රටවල. සිටිසන් ෂිප් දෙන රටවල නෙමෙයි.
}
   
දැන් ටිකක් කල්පනා කරන්න හරින් කියන්නේ කැබිනට් ඇමති කෙනෙක්, මේ උත්තරයෙන් තේරෙනවා කිසිම භාණ්ඩයක් ඉන්දියානු වෙළදපොල වෙනුවන් අපට ඉදිරිපත් කිරීමට අඩුම ගානේ සාකච්චාවක් වත් වී නැති බව.

මෙන්න මහේම තත්වයක තමයි අපේ ඇමතිවරු ඉන්දියාවට අරින්න යන්නේ!! අනේ මගේ කට !!
තව කියනවා ඉන්දියන් කොටිපතියන් ගැන මේකට කලින් පොස්ට් එක බැලුවනම් http://lankasithuwili.blogspot.com/2016/02/blog-post_12.html  ඉන්දියන් කොටි පතියන් සමග ගනුදෙනු කිරීමට අපේ ඇමතිවරු යැව්වොත් දෙය්යන්ගේ ඇර වෙනසරණක් අපිට තියෙයි කියල හිතන්න බෑ.
ඔහු කියනවා ඉන්දියාවේ සහයෝයගය සමග ලෝකයන්ට යන්න පුළුවන් බව,

මේගැන ඔබට යමක් කිවයුතුයි




ඉහත වියාප්රුතියට දායක වූ බෝයින් සමාගමේ ඉංජිනේරුවෙක් වූ තිලක් දිස්සානයක වැනි මිනිසුන්ගෙන් ලංකා රජය ප්‍රයෝජන ගත යුතුයි.


අතිවිශාල දුෂණ කරනවා වෙනුවට මෙවැනි වියපෘති කීපයක් හෝ මේ රටේ දෙසපාලනයයන් කලාද ? ගිය රජය කාලයේ මහින්දත් ලකුණු දමාගැනීමට මේ වියප්රුතියට හොම්බ දැම්ම, ලගදි හර්ෂ සිල්වා මහතා මෙය බල්ලන්න ගොස් සිටිනවා.

රජය ලෙස කලයුත්තේ ප්‍රාග්ධනයෙන් මෙවැනි වියප්පෘති වල ආයෝජනය කලානම් 1% සාර්ථක උනත් ශ්‍රී ලංකාවට ඇති විශාල ජයග්ග්‍රහණයක්.

ඉදිරි ලිපියකින් මම පෙන්වන්නම් ඇයි අපට නිෂ්පාදන සහ විදේශ වෙළදපොලට නිෂ්පාදන යවන්න බැරි ඇයි කියල.

මම මිට උදාහරණ එකකින් පටන්ගන්නවා, මේ ගැන මෙය කියවන අය තම කාලය වැයකර මා කියන කතාව ඇත්තද කියල බලන්නේ නැත්නම් පලවෙනි අනාවරනයෙන්ම මම නතර කරනවා.
මොකද රටේ ඇත්තටම සිදුවෙන්නේ මොකද්ද කියල තමන්ම බලන්න සුදානම් නැත්නම් අනුන් කියන දෙය මත විසවාස කිරීම පදනම් කරනවානම් එවැනි මිනිසුන් පිරිසකට මා ඉදිරිපත් කරන දෙයින් එතරම් වැඩක් නෑ, මමත් කාලය අපතේ දැම්ම වෙනවා.     

  
    
    
     

13 comments:

  1. // මා යහපාලන රජය පිහිටවීම සදහා වූ මතවාදයේ දී රාජපක්ශ රජය පැරදවීමට මතවාදී ලෙස දායක වූ පුද්ගලයෙක් //

    ඔහෙට විරුද්දව පොල් ගහන්නනේ වටින්නේ අෆ්ෆා!

    ReplyDelete
    Replies
    1. Sa rasa,
      මම දෙසපාලනයට කිසිසේත් සම්බන්ද නැති සහ දෙසපාලනයෙන් ශත පහක් වත් හොයල නැති ඉදිරියටත් කිසිම උදව්වක් ගැනීමට බලාපොරොත්තු නැති මට කියන්න තියෙන්නේ,
      මගේ මිත්‍රයන් නෑයන් රටේ පක්ෂ 2 කේම සිටිනවා (සමහරු රාජපක්ෂ තුමාගේ කිට්ටු වන්තයන් ), මේ නිසා ඔබලාට නොපෙනෙන යමක් මට පෙනෙනවා.
      මා දන්නා කිසිවෙක් ජනතාවට සේවය කිරීමට නෙමෙයි පැමිනිල තියෙන්නේ නමුත් මගේ අදහස සිංගප්පුරුවේ වැනි ක්‍රමයක් තුල ඉහල ගෙවීමක් තිබුනානම් මෙහෙම වෙන්නේ නෑ.
      ගිය මැතිවරණයේ මාදන්න පුද්ගලයෙක් මැතිවරණය කලේ ලක්ෂ 300කට තම නිවාස උගස් කරලා.
      දැන් ඔහු ඇමති කෙනෙක්, ඔබ ට හිතෙන්නේ නැද්ද මේ මුදල් දැන් සොයාගන්න සිද්ද වෙනවා කියල, මෙහෙම ක්‍රමයක් කට විරුද්ද වන්නේ කුමන සිවිල් සන්විදානයද ?
      මට නම් පෙනෙන්නේ මෙය ට එන්නේ හොරු ටිකයි නමුත් මේ ක්‍රමය විසින් සියල්ල හොරු බවට පත්කරනවා.

      Delete
  2. // “හෝව් දෙරණේ ගෝත්‍ර වාදී නිසා ටෝය්යන් වන අපට ඇලජික්” වැනි මෝඩ ටොයි අදහස් වලින් අපි අයින් වෙලා විවුර්ත මනසකින් මෙය බලමු //

    මාතලන් ට අපහාස කිරීම හෙලා දකිමු!

    ReplyDelete
  3. බයි ටොයි පාට කණ්නාඩි වලින් රට දිහා නොබලමු.ඉදිරි අදහස්ද බලිපොරොත්තු වෙමු..

    ReplyDelete
    Replies
    1. Dissanayake Nuwan,

      ඉදිරියට බලමු ජනතාව කොපමණ මේ ගැන සංවේදී ද කියල

      Delete
  4. අපිට බැරිවෙයිද ඉන්දින්කාරයින්ට බ්ලොග් ලියන හැටි උගන්නවන්න ටියුෂන් කඩ දාන්න.

    ReplyDelete
    Replies
    1. රසික,
      //අපිට බැරිවෙයිද ඉන්දින්කාරයින්ට බ්ලොග් ලියන හැටි උගන්නවන්න ටියුෂන් කඩ දාන්න.//
      අපට කිව්වේ ඔස්ට්‍රේලියනුවන්ටද ? එක හොද අදහසක් රසික, ඉන්දියානුවන් අද්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි මාද්ය වලින් නිසා පහසුවෙන් ඔස්ට්‍රේලියාවට මොවුන් ගෙන්වාගත හැකියි.
      තුන්වන ලෝකයේ මිනිසුන්ගේ ජිවනත්ත්වය ගැන ඉතාම කම්පාවන ඕස්ට්‍රේලියාව තම මානව හිතවාදය ලෝකයට පෙන්වන්න තියන හොද අවස්තාවක් තමයි මෙය
      http://joomstore.com.au/blog/how-much-does-a-website-cost-in-australia-in-2014.html
      අනුව පැහැදිලියි ඕස්ට්‍රේලියාවේ ඉතා විශාල අවස්තාවක් තියනවා පැයට වඩේ එකකට සේවය කරන ඉන්දියානුවන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමෙන්.
      ඇයි දන්නේ නෑ ඔබවැනි උගතුන් වැඩියෙන් සිටින ඔය රටේ ඉන්දියානුවන්ට වෙළදපොල සම්පුර්ණයෙන් විවුර්ත නොකරන්නේ ?
      පොඩි පහේ වෙනස්කමක් කලානම් ඉන්දියානුවන්ට බය නැතිව ඔබ රටට ගෙන්වා ගන්න පුළුවන්, කරන්න තියන්නේ ඕස්ට්‍රේලියාවේ රට මැදින් සුවස් ඇල කපුවා වගේ මුහුද ඇතුලට එන්න සලස්වන්න ඉන්දියානුවන් කියල දෙයි කරන්නේ මොනවද කියල පහත ලින්ක් එක බැලුවනම්
      https://www.facebook.com/noindiasavelanka/videos/241560056178367/

      Delete
  5. ජාතිකානුරාගය ඇති කිරීම, ජාත්‍යාලය වර්ධනය කිරීම, විදේශ කුමන්ත්‍රණ වලින් ජාතිය ගලවාගැනීම වැනි අවස්ථා සඳහා උපදේශන සේවා සපයන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. Udaya Dissanayake,
      ඔය එක එක රාගයන් ඇතිකරන්න ඉස්සල්ල ඉන්දියාවට විකුනන්නේ මොනවද කියල කිව්වනම් ?

      Delete
  6. ජනවාරි 8 වෙනිද යහපාලනේට ඡන්දෙ දීපු එක ගැන පසුතැවිල්ලක් නෑ. එදා මහින්ද දිනුවනම් මහ විනාශයක් වෙන්න තිබුන. 2015 වෙනකොට සම්භාධක දාන්නත් ඊට සමගාමීව රට උතුරු කොරියාවක් වෙන එකත් විමලයල රට වෙනුවෙන් පටි තද කර ගනිල්ලා පාන් නැත්නම් කේක් කාපල්ලා කියල මර ලතෝනි දෙන්නත් ඉඩ තිබුනා.ඒ වගේම මහින්ද තවත් දරුනු වෙලා ලොකු මර්ධනයක් කරන්න ඉඩ තිබුන.
    හරින්ල ඉන්දියාව මට්ටු කරන කතා වලට නම් හිනාවෙන්නවත් වටින්නෙ නැති විකාර කතා. ඒ කතා දෙස බැලිය යුත්තෙ අනුකම්පාවෙන්.අනුකම්පාව මේ කතා ඉලක්ක කරන ජනතාව ගැන. මේව ජනතව විශ්වාස කරයි කියලනෙ කියන්නෙ.

    ලාංකික සිතුවිලි හැමදාම වගෙ අදත් ලෙසටම ලියල.

    ReplyDelete
    Replies
    1. සිව්වැනි මානය fourth dimension,
      අද ලියන්න හිටිය දෙයට වඩා ප්‍රධාන දෙයක් අගමැති තුමාගේ කටින් කියවුනා ඒගැන ලිපියක් ඉස්සල්ල ලියන්න ඕනේ.
      //හරින්ල ඉන්දියාව මට්ටු කරන කතා වලට නම් හිනාවෙන්නවත් වටින්නෙ නැති විකාර කතා. ඒ කතා දෙස බැලිය යුත්තෙ අනුකම්පාවෙන්.//
      මේ අය කිසිම අවබෝදයක් නෑ ඉන්දියාව ගැන යාමට නියමිත ගිවිසුම ගැන, මේ ගිවිසුම සිදුවෙන්නේ සම්පුරණයෙන් ම ඉන්දියානු රජයට උවමනා විදියට සහ ශ්‍රී ලංකා දෙසපලන්න්යන්ට ලැබෙන කප්පමේ තරමේ හැටියට.

      Delete
  7. අරින එක කෙසේ වෙතත් ඉන්දියාවට හේත්තු වෙලා ආණ්ඩුව වැනෙන එක අඩු කර ගන්න නම් උවමන්වක් තියෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර
      // අරින එක කෙසේ වෙතත් ඉන්දියාවට හේත්තු වෙලා ආණ්ඩුව වැනෙන එක අඩු කර ගන්න නම් උවමන්වක් තියෙනවා වගේ.. //
      එහෙම උනොත් ඉන්දියාව අපට අරින එකයි වෙන්නේ

      Delete