මා මේ ලිපිය ලියන්නේ වසර 2කුත් මාස 6ට පසු මෙය කියවන අය මා පෙර ලිවූ ලිපි කියවතොත් කොපමණ සත්ය තොරතුරු ඉදිරිපත් කළා දැයි ඔබටම තීරණය කරන්න පුළුවන්.
මාතෘකාවට හැරෙමු ශ්රී ලංකාව නිදහසෙන් පසු වසර 78ක් පමණ මේවනවිට ගත කර අවසන් දැන් කරුණාකර ඔබම සිතන්න මේ රට ඔබට සාපයක් වී ඇද්ද ? එසේ නැත්නම් මේ රටට වඩා දියුණු රටවල් අපට වඩා හොදද ? එසේ නම් ඒ ඇයි?
මෙය තේරුම් ගැනීමේ පහසුව සදහා ශ්රී ලංකාවත් ඇමරිකාවත් සංසන්දනය කරමු.
නිදහස් සෞඛ්යය නිසා නොමිලේ ඉපදෙන ශ්රී ලාංකික ළදරුවෙක් තම මුලික අධ්යාපනය නොමිලේ ලබාදෙනු ලබනවා මෙරටේ අතිශයෙන් වැඩි පිරිසක් පුද්ගලික බදු ගෙවීමක් කරන්නේ නෑ, මේ සේවාවන් නොමිලේ දුන්නත් මෙයට යන වියදම ලබාගනු ලබන්නේ රජය විදේශ වලින් ලබාගන්න ණය මගිනුයි.
ඇමරිකාව තුල පුද්ගලික බදු අනුපාතය 24% පමණ වෙනවා සාමාන්ය ඉපැයීමක් කරන පුරවැසියෙකුට. අධ්යාපනය සෞඛ්යය සදහා මුදල් ගෙවන්න ඕනේ.
අප රටේ පවතින ණය පොලිය සමග ගෙවන්න නැවත ණය ගන්න දුෂ්ට චක්රයක් ක්රියාත්මක වෙනවා. මේ තමයි මම දකින මුලිකම ප්රශ්නය මේ ප්රශ්නයට හේතුව අපි කල්පනාවෙන් බලමු.
වසර 1949 දී අපට රට ලැබෙන විට ගෙවුම් ශේෂ අතිරික්තයක් තිබෙනවා, මේ අතිරික්තය අපි විනාස කරපු විදිහෙන් රටට උන දේ තේරුම් ගන්න පුළුවන්, එනම් දෙවන ලෝක යුද්ද කාලේ ශ්රී ලාංකිකයන්ට සහනාදාර මත සහල් සහ අනෙකුත් ආහාර ද්රව්ය ලබාදෙනවා මෙහිදී එවකට තරුණ J R ජයවර්දනයන් මුදල් ඇමති ව සිටියදී මෙසේ සහල් සහනාදරයක් ලබාදීමට විරුද්ද වෙනවා මොකද ඔහු දන්නවා මේ මගින් වෙන්නේ රටේ නිෂ්පාදනයට උවමනා ධනය පරිබෝජනයට වැය වීම බව.
මෙමගින් සිදුවෙන්නේ දීර්ග කාලීනව රට දිලිදු වීමයි නමුත් එවකට ලංකා සම සමාජ පක්ෂය N M පෙරේරා වැනි උදවිය ජනතාව උසිගන්වනවා ධනපතියන් නිර්ධනයන් කොල්ල කන බව කියා අවසානයේ J R ජයවර්දනයන් ට තම කැලණියේ ආසනයත් පරාජය වෙනවා.
මේ තමයි වාමාංශික වියාපාරය මේ රටට කල විශාල විනාශය. රටේ සිටින මිනිසුන්ට රැකියා සෑදීම කළා නම් කරලා තියෙනේ ඔය කියන ධනපතියන් විසින් මිසක් සමාජවාදී හිගන්නන් විසින් නෙමෙයි.
සමාජවාදී හිගන රගපෑම:-
මෙය අනර්ග ලෙස කරපු පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ ඉහත සදහන් විඩියෝවෙන් එය මනාව තේරුම් ගන්න පුළුවන් වාමාංශික වියාපාරය නිසා තමයි අපි මේ දුක්කිත තත්වයේ සිටින්නේ, ඔබ හිතලා බලන්න ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ අවංකව කොටි 27 ක් පුර්නකාලිනවා පක්ෂය වෙනුවෙන් වැඩකරන අතර උපයා ගත්තනම් ඔය කියන වසර 76 සාපය කුමක්ද ?
කිසිම දවසක වෙන රස්සාවක් නොකළ (තම පාර්ලිමේන්තු වැටුප තම පක්ෂ අරමුදලට පරිත්යාග කරන ) අනුර කුමාරට කෝටි 5 ක පුද්ගලික වත්කම්ති බෙන්නේ කෙසේද ? මේ ගැන ජනාදිපති මෙතෙක් වචනයක් කියල තියනවද ?
අද වනවිට ජාතික ජන බලවේගය ලෙස වෙසමුණ දාගෙන ඇවිත් කරන්නේ රටේ නීති වෙනස් කරලා හමුදා පාලනයකින් රටේ බලය ගෙන යන්න අද වනවිට අධිකරණ බලයත් අගවිනිසුරු වරයා පාවිච්චි කරමින් තමන් ගේ යටතට ලබාගන්නවා.
ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ගේ කතාව :-
මා මේ ස්වාමින් වනසේ ගේ සමහර ක්රියා වලට එකග නොවුනත් මේ ස්වාමීන්වහ්සේ පමණයි පවතින මුලද්ර්මවාදී මුස්ලිම් අන්තවාදීන් ගේ ක්රියාකලාපය මනාව පෙන්වාදුන්නේ, වැඩිය ඕනේ නෑ දැනට පවතින රජයේ රවී සේනිවිරත්න කිව්වා ගහයි කියල දැනගෙන හිටියට මෙහෙම ගහයි කියල දැනගෙන හිටියේ නෑ කියල.
මේ නිසා මුන්වන්සේ විශාල හතුරන් පිරිසක් තමාට එරෙහිව නිර්මාණය කර ගත්ත.
මේ රටේ LTTE සහ JVP එකතුව වසර 30කදී කල මුල්ය හානිය ඩොලර් බිලියන 200 කියල කියනවා, මේ අහිමි වූ මිනිස් ජිවිත නැතිව, හිතල බලන්න මේ සම්පත් අපට තිබුනානම් අපට ඉන්න පුළුවන් තැන කොතන වෙන්න පුලුවන්ද ?
මේ ස්වාමින් වන්සේට නින්දා කිරීමට මේ රජයට උවමනා වෙන මොකවත් නෙමෙයි මේ මගින් සිංහල බෞද්ධ බලවේගය අඩපන කිරීමටයි, කල්පනාවෙන් බලන්න අර දැරිය දුෂණය කළා කියන පල්ලේගම හේමරතන හාමුදුරුවන් ව ආරක්ෂා කරන්න මේ රජය ක්රියාකළ ආකාරය බලන්න (ලක්මාලි හේමචන්ද්ර අර ළමා ආරක්ෂක අධිකාරියේ නීතිඥ වරියට කල තර්ජනය බලන්න ) මෙමගින් කරන්න බලන්නේ තමන්ට එරෙහි වන්න පුළුවන් බලවේග නිහඩ කිරීමයි.
https://www.facebook.com/share/v/1ErKnDoPhF/
බලන්න ඉතා සුක්ෂම ලෙස නීති ගෙනෙන හැටි.
අවසාන ලෙස මට අහන්න තියෙනෙන් අනුර කුමාර බලයට පත්වීමට පෙර භාණ්ඩ වල මිල සහ දැන් මිල ගැන ඔබට සතුටුද ?
අනුර කුමාර බලයට පත්වීමට පෙර ආදායම සහ දැන් ආදායම ගැන ඔබට සතුටුද ?
ඔබ අසතුටු නම් ඇයි මිනිසුන් පාරට බහින්නේ නැත්තේ ? ඊට හේතුව සමාජ මාද්ය පාවිච්චි කරලා මේ රජය කරන ප්රෝඩාවයි මෙය තේරුම් ගන්න පුළුවන් මෙහ්ච්චර කල් ජනපතිගේ facebook අඩවියේ මිනිසුන් කියපු දේවල් බලපුවහම දැනට සති 2ට පෙර සියගණන් සතුටු ප්රතිචාර දැක්වුවත් දැන් බලන්න පුළුවන් ජනදිපතිව දැඩි විවේචනයට ලක්වෙනවා විශාල පිරිසක් මගින්.
No comments:
Post a Comment