Friday, January 26, 2018

මම පොහොට්ටුවට චන්දය දෙන්නේ ඇයි ?





මාතලන්ගේ "නෙළුම් කුලුණු හදන්නේ පැනලා මැරෙන්නද...? - Hanged and Died Till Win"
කියවපු මට මේ ටික කොමෙන්ටුවක් නොදා කෙලින්ම පොස්ට් එකක්ම  දාන්න හිතුන

උඩ තියන මාතෘකාව දැක්කම මම මහින්දට කඩේ යන්න හදනවා කියල කියයි, මම වැඩිය පොස්ට් ලියල නැති උනාට විවිද අයගේ අඩවි වල මගේ අදහස් කොමෙන්ටු කරලා තියනවා.

මගේ අදහස් කියවපු අය  දන්නවා ඇති මම මුල ඉදලම මහින්දගේ ඒකාධිපති රජයට පහර ගහපු බව සහ යහපාලනයට සහයෝගය දක්වපු බව, යම් විදියකින් මට අතීතයට ගිහින් මගේ චන්දය වෙනස් කරගන්න පුලුවන්නම් මම යහපාලනයට දුන්න චන්දය ඒ විදියටම දෙනවා එකට හේතුව මහින්ද නිර්මාණය කල රට බිහිසුණු අනාගතයක් ඇති තත්වයට ගෙනයාමට හොදටම ඉඩ තිබු නිසයි.

දැන් එහෙනම් අහයි මොන ලබ්බකට පොහොට්ටුවට චන්දය දෙන්න යන්නේ කියල ? පොඩ්ඩක් ඉවසන්ඩලා !!! එක තමයි මේ කියන්නේ 

ගිණුම්කරණයේදී අපි සලකාබලන වැදගත් ලියවිල්ලක් තමයි ශේෂපත්‍රය එහෙම නැත්නම් "Balance sheet" එක

දැන් අපි බලමු මේ යහපාලානේ ශේෂපත්‍රය (එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ) :--

යහ පාලනය බලයට පැමිණීම නිසා රටට ඇතිවීමට තිබුන ආර්ථික සම්බාධක පැනවීම නතර උනා මෙය යහපාලනයේ දකින වැදගත්ම සාධනීය ලක්ෂණයයි,
මිට හේතු උනේ මේ යහපානනයේ විදේශ ප්‍රතිපත්තියේ දක්ෂ බව නෙමෙයි යහපාලනය බලයට ගෙන එන්න සහයෝගය දුන්නේ මෙරටේ ජනතාව විතරක් නෙමෙයි  ඉන්දියාවත් ඇමරිකාවත්  ඇතුළු බටහිර රටවල් උවමනා කරන ආවරණය ලබාදුන්නා.

මම හොද උදාහරණයක් දෙන්නම් ඔබට මතකද මහින්දගේ කාලයේ ඔහුට විරුද්ද උන අයට සිදුවුණ දේ ? ඔබට මතකද බලවත්ම තනතුර දරපු සරත් ෆොන්සේකා ට අත්වුන ඉරණම ? මෙවැනි භයානක වැඩ කරන මහින්ද වැනි කෙනෙකුට එරෙහිව යන්න ඇමතිකමක් කල සිරිසේනට රැකවරණය දුන්නේ කවුද ? මගේ තක්සේරුව නම් ඇමරිකාවේ සහ ඉන්දියාවේ ආරක්ෂණයක් සිරිසේනට නොලැබුණා නම් ඔහු කිසි දිනක මහින්දට විරුද්ද වන්නේ නෑ
මේ ක්ලිප් එක බලන්න



හිතන්න මේ කියන්නේ මොනවද කියල සහ දැන් ඔහු කියන්නේ මොනවද ?

දැන් අපි දුෂණ නැවතීම පැත්තෙන් බැලුවොත් යහපාලනය මහින්දගේ පාලනයෙන් වෙනස් වෙන්නේ අතිවිශාල සොරකම් කීප දෙනෙකු සිදු කිරීමත් මහින්දගේ කාලයේ අතිවිශාල සොරකම් රටේ අතිවිශාල ජනතාවක් සමග කිරීමත් කියන දෙයයි.

මහින්දගේ කාලයේ අතිවිශාල සොරකම් කලේ අතිවිශාල සන්වර්දනයක් සමගයි යහපාලනය තුල නම් මේ කියන අතිවිශාල සංවර්දනය දෘශ්‍ය මාන නොවේ.
මේ අතින් යහපාලනය තම ලකුණු විශාල විදියට කපාගෙන හමාරයි   


දැන් බලමු ජනතා විමුක්ති පෙරමුණේ තත්වය (ශේෂපත්‍රය)  :- 

//අර අනිත් වේසිගේ පුතාලා ගානක් උන්ගේ සාක්කුවේ දාගෙන හදන,
පාලම් පාරවල් බෝක්කු ටිකවත් හරියට හැදෙයි..//

ඉහත මාතලන්ගේ අඩවියේ මාතගේ අදහස් තමයි පලකරලා තියෙන්නේ, අපිට පිරපාහරන් කියන මිනීමරුවා සිංහලයන්ට මතක සති 2කයි කියන කියමන මනාව ඔප්පු කරපු දෙයක් තමයි ඔය.

ඔබට මතකද ජනතා විමුක්ති පෙරමුණට විශාල මන්ත්‍රී ආසන ප්‍රමාණයක් සමග අමාත්‍යංශ කීපයක් ලැබුන, ඔබට මතකද ඔවුන් එයින් මොනවද කලේ කියල ?
ඔවුන් කල එක දෙයක් තමයි චන්ද්‍රිකාගේ රජයේ ඇමති දුර සිමා කරලා රට පාලනය කිරීම මෙයින් ඔවුන් මේ මිනිසුන්ට ගෙවපු දීමනා කෙටිකාලයකට අඩුකලා තමයි නමුත් රටට කල සේවයක් නෑ.

 ඔබට මතකද විමල් විරවංශ, නන්දන ගුණතිලක, පුබුදු ජාගොඩ වැනි අය ඉතා අවංක මුණක් දාගෙන ඔය පක්ෂයේ සිටිය, දැන් කෝ මේ අය ?

//මොකෝ උන්ගේ පක්ෂයේ විනයක් තියෙන නිසා..//

ඔය විනය නම් බොහෝවිට මෙරටට කොඩිවිනයක් උන බව නම් මතකයි

දැන් බලමු මහින්ද රාජපක්ෂ (මහරජානෝ) ගේ ශේෂපත්‍රය :-

මොහු 2004 දී බලයට එනවිට රටට සුනාමිය ආව, ඔහු මුලින්ම සුනාමි මුදල් වලට විදපු එකෙයි කලේ
 , හැබැයි ඔහු බලයට එනවිට වසර 30 ක යුද්දයක් තිබුන සුද්ද රට දාල යනකොට ඉතුරුකරපු පාරවල් සහ රේල් පාරවල් ටික දියුණු කරන්න තියා සුද්ද කරලා දීපු ටිකවත් පවත්වන්න බැරි තත්වයකයි රට තිබුනේ යුද්දයෙන් රට පන අදිමින් තිබුන, හමුදාවට තරුණයන් බැදීම නතර වෙලා තිබුන, ග්‍රාමාරක්ෂක රැකියාව කල අය හැදින්වුයේ ගම්බට්ටන් කියල, මෙනිසා ආත්ම ගරුත්වයක් ඇතිව එම රක්ෂාව කල නොහැකි මට්ටමක තිබුන, මෙහෙම තත්වයක තමයි ආරක්ෂක ලේකම් තනතුරට මහින්දගේ සොහොයුරු ඝෝටාභය පැමිනෙන්නේ.

ඔහු පැමිණි පසු හමුදාවට නව ජීවයක් දෙනවා



ඔහු රටේ හාමුදාව වුර්තිය මට්ටමට ගේන්නේ හමුදාව පුහුණුවට පමණක් යොදල නෙමෙයි ඔහු රටේ ම යුද මානසිකත්වයක් ඇතිකරනවා මොකද එහෙමෙ මනස සකස් කරන්නේ නැතුව නව බදවාගැනීම් කරන්න බැරි බව ඔහු දැනගන්නවා.

මෙහෙම කියන්නේ 1995 කාලයේ චන්ද්‍රිකා යුගයේ එක් පැත්තකින් රටේ සාමයට  අදාළ මානසිකත්වයක් ඇතිකරන ගමන් රටේ යුද්දයක් කිරීමට උත්සාහ ගැනීම නිසා සිදුවන්නේ සාමයත් නැති මිනිසුන් මැරෙන කාලකන්නි වටපිටාවක් ඇතිවීමයි, මංගල සමරවීර එක්පසක සිට "සුදු නෙළුම පිපුනා" වැනි නපුන්සක ගීත ගයන විට අනෙක් පසින් ජෙනරාල් රත්වත්තේ ලවා අසර්ථක යුද්දයක් කරවනවා. 

පසුව රනිල් ගේ සාම ගිවිසුමෙන් රටම සොහොන් පිට්ටනියක් වෙන්න තිබුන මොහොත සාර්ථක ලෙස යුද්දය කිරීම නිසා වසර 3ක වැනි කෙටිකලකදී ලෝකයේ ප්‍රවීනයන් දිනන්න බැහැයි කියපු යුද්දය දිනනවා.
       
ඉන් පසු මෙයින් උද්දාමයට පත්වන මහින්ද හිතනවා තමන්ට කල නොහැකි කිසිවක් නෑ කියල විසාල ලෙස දුෂණ වල නියැලෙනවා, නමුත් මේ හැම දුෂණයක් වගේම කරන්නේ රටට වටිනා යටිතල පහසුකම් නිර්මාණය කරමින්, කියමනක් තියනවා "කිබුල කන එක ඉවසන්න පුළුවන් නමුත් කොහිල කටු ඇනීම ඉවනන්න බෑ " කියල මේ වගේ මේ විශාල දුෂණ ඉවසුවත් මර්වින් සිල්වා මිනිසුන් ගස්බදීම සහ අදාළ ගස්බදීම මහින්දගේ කමිටුවක් විසින් අදාළ සමුර්ධිලාබිය තමන්ව උවමනාවෙන් ගස්බැදගත් බව යයි කීමෙන් රටේ බුද්ධිමත් මිනිසුන්ගේ මනසට සමච්චල් කරන බව නොතෙරෙන තරමට මහින්ද මෝඩයෙක් උනා. 


මෙහෙම තත්වයක් තිබියදී ඇයි මම පොහොට්ටුවට චන්දය දෙන්නේ  ?

මම මේ තත්වය දකින්නේ චෙස් ලෑල්ලක ඉත්තන් හසුරවන විදියට. මහින්ද බලවත් වෙනවා කියන්නේ රනිල් මයිත්‍රී දුර්වල වෙනවා කියන දේටයි, මේ චන්දයේ මහින්දගේ බලය වැඩි උනාම එය ඔහු පාවිච්චි කරනවා තමන්ගේ පවුලේ දුෂණ චෝදනා වහගන්න නමුත් මෙයින් සිදුවෙන අනික් දේ තමයි මයිත්‍රී ඇතුළු පිරිස තුල මරබයක් ඇතිවෙනවා සොරකම් කිරීමට, මොකද ඔහු දන්නවා බලය ගිලිහෙන අවස්ථාවේ තමන්ට දඩුවම් ලැබෙන බව මෙනිසා රනිල් මයිත්‍රී දෙපලට යම් සංයමයකින් රට පාලනය කිරීමට සිදුවෙනවා.

මිට අමතරව අපට විදේශ බලපෑම් ගැනත් යමක් තේරුම් ගන්න තියනවා, මෙය අපේ රට තුලින් පිට උදාහරණයක් පෙන්වන්නම්.

මෙය කියවන අය හේටිය Haiti කියන රට දන්නවා ඇති අපේ රටෙත් හමුදා සෙබළු Haiti වල එක්සත් ජාතික හමුදාවේ සේවය කරනවා, හැබෑට මේ අය මොකද කරන්නේ ? උතුරු Haiti වල තියනවා පස් වර්ගයක් මෙය ධන නිදානයක් වන්නේ මේවයේ රත්රන්, රිදී ගුවන් යානා වලට උවමනා කරන  ලෝහ, ඉතා ඉහල සන්ද්රන වලින් තියනවා, හිටපු පාලකය මේවා තම රටට උවමනා බව කිව්වම ඔහුව කුමන්ත්රණයක් මගින් ඉවත් කරනවා ඉන්පසු බලයට පත්වූ නායකයා එකග වෙනවා මේ සම්පත් බහුජාතික සමාගම් වලට කොල්ල කෑමට ලබාදීමට දැන් අපේ රටේ හමුදාවත් කරන්නේ මේ කොල්ලකන පතල්  මුරකරන එකයි. 

ඇමරිකාව ප්‍රධාන එක්සත් ජාතීන් ගේ බලවතුන් තමරටවල බහුජාතික සමාගම් වෙනුවෙන් ලෝකයේ රටවල ආර්ථිකය විනාශ කරන අයුරු අපුරුවට පෙන්වපු තැනක් තියනවා ඒ කටත් Haiti වලම උදාරහරනයක් බලමු.

බිල් ක්ලින්ටන් බලයට අපු වහාම  Haiti වල රජයට උපදෙස් දෙනවා සහල් ආනයන සදහා බදු වලින් සම්පුර්නයන් නිදහස් කරන්න. එහෙම කලාම බිල් ගේ රජය කරන්නේ ඇමරිකානු අකෙන්සා (බිල් ක්ලින්ටන් ගේ මැතිවරණ කලාපයේ ) ගොවීන්ට සහල් අපනයනය කිරීමට අවස්තාව ලබාදීමටයි මේවයේ මිල   Haiti  වැසියන්ට දරන්න පුළුවන් ආකාරයට ගැනීමට ඇමරිකානු බදු ගෙවන්නන් ගේ මුදල් පාවිච්චි කරනවා.

මෙහම කරලා  Haiti  සහල් වල මිලට වඩා අඩුමිලට ඇමරිකානු සහල් සහ තිරිගු Haiti  වලට විකුනනවා සිදුවන්නේ Haiti  වල ගොවින් ගොවිතැනින් ඉවත්වීමයි පහත ක්ලිප් එකෙන් පෙන්වන්නේ බිල් ක්ලින්ටන් වරදට සමාව යදින ආකාරයයි



එක්සත් ජාතික පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ආවොත් සිදුවෙන්නේ කිසිම තරගයක් නැතුව මේ ලෝක බලවතුන්ට රටේ සම්පත් කුණු කොල්ලයට විකිණීමයි .

දැනටමත් හර්ෂ දසිල්වා කියන්නේ ගොවින් ශක්තිමත් කිරීමට ඉඩම් විකිණීමේ බලය දෙන්න කියල වෙන මොකවත් නිසා නෙමෙයි මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමටයි, මෙය ලෝක මට්ටමින් සිදුවෙන්නක්  අපට යහපාලනයත් සමග අහන්න ලැබුන වචනයක් තියනවා එක තමයි මෙගාපොලිස් කියන වචනය, මේ වචනය ආවේ කොහෙන්ද කියන දේ කිසිවෙක් ප්‍රශ්න කලේ නෑ එක්සත් ජාතීන්ගේ සංවිදානයේ AGENDA 21 ගැන නිවැරදි සෙවීමක් කලානම් ඔබට දැනුවත් වීමට ලැබෙයි, මේ සංකල්ප ශ්‍රී ලංකික දෙසපලන්යයකුගේ මනසේ ඇතිවූ දේවල් නෙමෙයි ඔබට මතක ඇති මෙගාපොලිස් කියන වචනය දෙසපලකයෙක් නිර්වචනය කලේ විශාල පොලිසියක් කියල මට මතක විදියට මෙය සිරසේ විකාශනය උනා 




අද ශ්‍රී ලංකාවේ සම්මත වන සියලුම වගේ පනත් වල මුලික සැලසුම් පමණක් නෙමෙයි බොහෝවිට මුලික ලියවිලි පවා සකසන්නේ එක්සත් ජාතීන්ගේ සන්විදානය ප්‍රධාන බහුජාතික සමාගම් වලින් තමන් සම්මත කරන්නේ මොනවාද කියලවත් මේ දේසපාලුවෝ දන්නේ නෑ.

යම් විදියකින් රනිල්ට වැඩි බලයක් ලැබුනොත් සිදුවෙන්නේ ඉවක් බවක් නැතිව මේ විදේශ බලවේග වලට අප යටවිමයි.

රනිල් ට බය නැතුව  ඉන්න පුළුවන් වෙලා තියන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි රනිල් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිතයා, මෙනිසා ඉදිරියේ ඔබ දකියි ඔහු බැදුම්කර නඩුවෙන් නිදහස් වෙන ආකාරය.     

යම්විදියකින් මහින්දට බලය ලැබෙනවා කියන්නේ සිරිසේනට පීඩනයක් ලැබෙනවා කියන දෙයි, සිරිසේනට පීඩනයක් ලැබෙනවානම් ඔහු රනිල්ට ඕනේ විදියට නටන්නේ නෑ, මෙනිසා රනිල් ව පාලනය කිරීමට මහින්දට බලයක් ලැබීම වැදගත්.

මහින්ද කියන්නේ කියන්නේ රනිල්ට විරුද්ද කෙනෙක් නොවුනත් ඔහු සිරිසේනට විරුදැයි මහින්දව ඕනේ වෙනවා සිරිසේනවත් රනිල් වත් බැලන්ස් කරන්න.

මෙහිදී මේ පාර්ශව 3ම ජනතා කැමැත්ත පවත්වන්න උත්සාහ ගන්න නිසා ජනතාවට වැඩි ආරක්ෂාවක් තියනවා.

යම් විදියකින් ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවනම් සිරිසේනට බලය නැති වෙයි කියන පීඩනය ඇතිවෙන්නේ නෑ බොහෝවිට සිරිසේන සමග සන්දානයකට උනත් යන්න ඉඩ තියෙනවා. එහෙම උනොත් ඕනෑම විදේශ බලවේගයකට මේ පිරිස නටවන්න පුළුවන්, එහෙම උනොත් ජනතාවගේ කැමැත්ත අදාළ වෙන්නේ නෑ.

මෙන්න මේ කරුණ නිසයි මම පොහොට්ටුවට චන්දය දෙන්නේ.         









Thursday, December 7, 2017

ගිනි අවි සහ ගිනි කෙලි



ගිනි අවි සහ ගිනි කෙලි කියන වටිනා කෘතිය රචනා කරන්නේ අනුර හොරේෂස් මහතායි පසුව අගනා ටෙලි සිත්තමක් ලෙස මෙය එළිදකිනවා



මෙයින් පෙන්වා දෙන්නේ අප රටේ දුෂණය පැතිරී ඇති ආකාරයයි, මේ පාතාල ලෝකයේ මිනීමරුවන් ඇතුළු සියලු දෙනා කොපමණ අපරාධ කලත් මේ සියලු අපරාධ සැලසුම් කර  දිගින් දිගටම පවත්වන්නේ ජනතාව ඉදිරියේ සුදු පිරුවට ඇදගෙන මල්වට්ටි ගෙන සිල් ඇදුමෙන් සැරසීගත් රටේ මැති ඇමති වරුනුයි.

මෙහිදී ඉතා අහිංසක මිනිසුන් අති භයානක මිනීමරුවන් ලෙස නිර්මාණය වන කෙදනීය ආකාරය මැනවින් පිලිබිබු වෙනවා. පල්ලියේ පුජකයෙක් වෙන්න සිටි චින්තක අමරසිංහ අවසානයේ අතිබිහිසුණු මිනිමරුවෙක් වෙනවා. මේකතාව ශ්‍රී ලංකාව නමැති ධර්මද් ද්විපයේ දැනට දශක 3ට අඩු කලකදී සිදුවූ බව අද සිටින තරුණයන් ඉන්නේ නොදැනුවත්වයි, මෙහි සිදුවූ දේ මිට වඩා භයානක ලෙස වූ බව යම් මතකයක් හෝ තියෙන්නේ අඩුම වශයෙන් වයස 40 වත් ඇති පුද්ගලයන්ට පමණයි ඊට වඩා අඩු වයසක් ඇති තරුණ තරුණියන්ට තම දෙමාපියන්ගෙන් විමසුවානම් දැනගන්න පුළුවන්.   

ඔබ ඔබෙන්ම  ඇසිය යුතු ප්‍රශ්නය නම් මෙය වලක්වන්න බැරිද ? කියලයි.

පිළිතුර නම්  මෙය ප්‍රායෝගිකව කල හැකි බවයි, නමුත් මෙය කිරීමට රටේ ජනාධිපති තුල විශාල කැපකිරීමක් සහ එඩිතර බවක් තිබිය යුතුයි. යම් විදියකින් එය ඇත්තනම් මේ සියලු දුෂණ රටෙන් තුරන් කිරීමට මාස කීපයක් වත් ගත නොවෙයි.

ඔබට මතක ඇති පසුගිය කාලයේ ගෝටාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමා විසින් මුළු කොළබ දිස්ත්රික්කයේ සියලුම කුඩු බෙදාහරින්නන් ඉවත් කළා විශේෂ හමුදා යොදවල, ඔහුගේ පරමාර්ථය උනේ කුඩු පාවිච්චිය නැතිකිරීම නෙමෙයි ඔහු විසින් තෝරාගත් දුමින්ද සිල්වා ට එම කුඩු බෙදාහැරිම පවරා සිදුකලේ  පාලනය සරල කිරීමත් ඒකාධිකාරී බලය නිසා ලාභය උපරිම කිරීමත් කියන දෙයයි.

නමුත් මෙතන පෙනුන දේ තමයි මෙතෙක් මෙම කුඩු රැකියාවේ සිටි සියලු දෙනා එම රැකියාවෙන් ඉවත් කිරීම ප්‍රායෝගිකව කල හැකි බව පෙන්වා දීම.

දැන් අපි බලමු යහපාලන රජය මේ සියලු දුෂණ අහෝසි කරන බව කියමෙන් බලයට පත්වූ වහාම දොස්තර නිලංග සමරසිංහ අන්තරායකර ඔවුෂධ පාලන මණ්ඩලයේ ප්‍රධානියා කල බව මතක ඇති, ඔහු මේ කුඩු ගෙන්වන ඉහලම මිනිසුන්ගේ ලැයිස්තුවක් තමාට ඇතිබවත් ජනාධිපති වරයාගේ අනුමැතිය ලැබුනොත් එය ඉදිරිපත් කරන බවත් කිව්වා, නමුත් සිදුවුනේ ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීමයි, ඔබට තවත් මතක ඇති ඔහුගේ ආරක්ෂාව ඉවත් කලේ කවුදැයි කියන දේ වසන් කරමින් රටේ අගමැතිවරයා කිව්වේ තවදුරටත් ඔහු අදාළ තනතුරේ සිටිය යුතු බවයි, එහෙම කියමින් නව නිලදාරියෙක් අදාළ නිලයට පත්කරනු ලබනවා, අන්තිමෙදී ඔහුට වෙන්නේ තානාපති සේවයේ පිහිට පතමින් දේශපාලන රැකවරණ සෙවීමයි, අද ඔහුට උනේ කුමක්දැයි කිසිවෙක් නොදනී.

මෙය මෙලෙස සිදුවෙන්නේ ඇයි ? ඉංග්‍රීසියෙන් කියමනක් තියනවා යම් දුෂණයක් සිදුවෙනවානම් එය තේරුම් ගැනීමට "Follow the Money" කියල එහෙම බැලුවම දිනකදී මත්ද්‍රව්‍ය අලවියෙන් ඉහලම දෙසපාලකයට ලැබෙන මුදල රුපියල් ලක්ෂ  50 ට වැඩි මුදලක් වියහැකියි, මෙතන මුදලම විතරක් නෙමෙයි මේ පාතාල සාමාජිකයන් සමග නීති විරෝධී ක්‍රියා වලින් ආදායම් උපයන අතිවිශාල පිරිසක් සිටිනවා, මේ පිරිස තමයි මැතිවරණ වකවානුවේ මේ මැති ඇමති වරුන් ගේ ආදාරකරුවන් වෙන්නේ මෙනිසා ඉදිරියේ පවතින්න ඕනේ නම් ඔවුන්ට සිදුවෙනවා මේ ක්‍රමය දිගින් දිගටම පවත්වන්න.

දැන් බලමු මෙය වෙනස් කරන්න ඕනේ නම් කරන විදිය, මුලින්ම මේ නීති විරෝධි වැඩවල නිරත පිරිස සදහා රැකියාවල් කලින්ම නිර්මාණය කල යුතු වෙනවා (මේ කියන්නේ රජයේ රැකියාවන් දෙන්න කියල නෙමෙයි ) පුද්ගලික අංශයට උපරිම පහසුකම් දියයුතු වෙනවා අපනයන ඉහල නංවන්න, මේ ක්‍රමයට රැකියා ප්‍රමාණය වැඩිවූ වහාම, ඉතා ඉක්මනින්  ගෝටාභය රාජපක්ෂ  කළා මෙන් හමුදාවන් පාවිච්චි කරලා සම්පුර්ණයෙන් මේ නීතිවිරෝධී වැඩ නවතා දැමීමයි කල යුතු වන්නේ, මෙය කියන තරම් සරල නෑ රටේ ජනාධිපතිට මේ සදහා දැඩි උවමනාවක් වගේම සැලකියයුතු ඇමතිවරුන් වගේම නිලදාරී සහය උවමනා කරනවා.

මේ රටේ සියලු නිලදාරීන් දුශිතයෝ නෙමෙයි මේ අතර ඉතා අවංක අය සිටිනවා. හොදම උදාහරණය නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහත්මය වැනි මිනිසුන් පවා සිටිනවා, දැන් කෙනෙක් ට සිතන්න පුළුවන් මේ පුද්ගලයා මහින්දගේ කාලේ සද්ද නැතුව නේද සිටියේ කියල, මෙහිදී රටේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන තේරුම් ගත යුතු වෙනවා මෙවැනි බරපතල නඩු වලදී කාව අදාළ නඩුව බාර දිය යුතු දැයි තීරණය කරන්නේ රටේ නීතිපති විසිනුයි, මෙතනතුරට රටේ පාලකයා හැම විටම තෝරන්නේ තමාට හිතවත් හෝ දුෂිත මිනිසෙකුයි, ඔහුයි තීරණය කරන්නේ කවුරු අදාළ නඩුවට පෙනී සිටිය යුතුද ? කියල මහබැංකු වංචාව සෙවීමට පත්කළ කොමිසම පත්වන්නේ රටේ ජනාධිපති වරයාගේ බලය මතයි, මෙය පත්කිරීමේ පරමාර්ථය වෙන මොකවත් නෙමෙයි රටේ ජනාධිපති ගේ නම සුද්ද කරගැනීමයි, මෙහිදී අදාළ දුෂණයට අදාළ පුද්ගලයන් දැඩි ලෙස ප්‍රශ්න කල යුතු වෙනවා, මේසදහා එඩිතර  නීතීඥ වරයෙක් තෝරාගන්න ඕනේ වෙනවා මෙනිසයි  ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා  මේ වැඩේට පත් වෙන්නේ නමුත් ඔබ කල්පනාවෙන් බැලුවොත් ඔබට පෙනෙයි රටේ නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා ට අවස්ථාව දෙන්නේ නෑ අදාළ ඉහල මිනිසුන් ගෙන් ප්‍රශ්න කිරීමට උදාහරණ කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම ගෙන් ප්‍රශ්න කිරීමට ඔහුට අවස්තාව දෙන්නේ නෑ.

           
මෙය කියවන අය මතක තියාගන්න ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා  කිසිදිනක මේ රටේ නිතිපති වෙන්නේ නෑ.

මම කියන්න උත්සාහ කලේ මෙ දුශිත ක්‍රමය ඉවර කරන විදියයි, ජනාධිපති වරයාට සැබෑ උවමනාවක් තියනවානම් සහ ඔහුවටා අවංක උවමනාව තියන ඇමතිවරු කීපදෙනෙකු හොසිටිනවානම් සහ ඔහු එඩිතර නම් ඔහු කරන්නේ රටේ මැති ඇමති වරුන්ට විශාල වැටුපක් ඇතිකරන ගමන් දුෂණ වලදී දැඩි දඩුවම් තාරාතිරම නොබලා ලබාදෙන්න උවමනා නීති ගෙනෙන්න මැලි වෙන්නේ නෑ. 

මෙහිදී රටේ ජනාධිපතිට සිදුවෙනවා අතිවිශාල අවදානමක් ගන්න ඒ තමයි මේ ක්‍රමය සාර්ථක වෙන්න නම් රටේ අපනයන ආදායම ඉහල යවන ගමන් වේගයෙන් රටේ රැකියා ඇතිවෙන වැඩපිළිවලක් ඇතිකරන්න ඕනේ, මෙය ලෙසි වෙන්නේ නෑ මොකද ඔහු පුද්ගලික අංශය දියුණු කර විදේශ ආයෝජන වලින් ප්‍රතිලාභ ලැබෙන්න ඉස්සල්ලම ඔහුගේ විරුද්ද වාධින් ආර්ථිකය අස්ථාවර කිරීමට පිරවර ගනු ඇති, මෙතැනදී තමයි සිංගප්පුරුවේ ලි කවන් යු අගමැති කළා වගේ තරමක ඒකාධිපති ක්‍රමයක් නිර්මාණය කිරීමට සිදුවෙන්නේ.

උදාහරණයක් ලෙස  ලි කවන් යු අගමැති නීති සම්මත කරගන්නවා උද්ගෝෂණ තහනම් කරන සහ වුර්තිය සමිති බලය ඔහු කප්පාදු කරනවා හොදම උදාහරණය සිංගප්පුරු ගුවන් නිලදාරීන් කරපු වැඩවැරීම



මම පුද්ගලිකව හිතන්නේ නෑ මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති ට මෙවැනි විශාල වෙනසක් කරන්න අදිෂ්ටානයක් හෝ දැනුමක් තියෙයි කියල, නමුත් මම මෙය සදහන් කරන්නේ ඉදිරි අනාගත දිනකදී හෝ මෙය වෙනස් කරනවානම් කරන විදිහයි.

මෙවැනි ක්‍රමයක් නිසා මෙවැනි පාතාල පිරිස් තිරිසනුන් සේ මරාගන්න අතර පිටිපස්සෙන් සිට නුල් සුත්තර කරන මැති ඇමති වරුන් සුදු පිරුවට ඇදගෙන පන්සල් පල්ලි කෝවිල් වල ලගිමින් රටේ මහජනතාව රවටමින් සිටී, රටේ ජනමාද්‍ය තමන්ට වාසි ගන්න අවස්තාව ලැබුන වහාම කුණු රසය අලවි කරන අතර රටේ බුද්ධිමතුන් යයි කියාගන්න ආචාර්ය මහාචාර්ය වරු තම දරුවන් විදේශ වල අද්‍යාපනය ලබා දෙමින් වඩා ආරක්ෂාකාරී ජීවිතයකට සැලසුම් කරයි, නමුත්  මේ සියලු දෙනා මතක තබාගත යුත්ත්තේ අනාගතයේ යම්දිනකදී 1988 / 1989 කාලයට වඩා දරුණු යුගයකට මේ රටේ මිනිසුන්ට මුනදෙන්න වෙන බවයි. එහිදී තමා පරිස්සමින් ආරක්ෂා කල විදුරු මාලිගාවලට කළුගල් වදින විට මෙතෙක් සිටියේ සිහිනෙක නොවේදැයි සිතෙනු ඇති.       

Saturday, November 4, 2017

කූඹියෝ සහ වාමාංශික චින්තනය




අද කුඹියෝ නැරබීමෙන් පසු, මෙපිලිබදව මදක් සොයනවිට ඉහත සකසන ලද වීඩියෝ එක සොයාගන්න පුළුවන් උනා, මෑත දිනකදී පැරා විසින් මෙම අගනා ටෙලි වෘතාන්තය "කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය" ලෙස තරමක ලාමක ටෙලියක් ලෙස වර්ගකරණය කලත්  මා දකින්නේ මහපොළවේ පවතින යථාර්තය මනාව පෙන්වන නිර්මාණයක් ලෙසයි.

අද කොටසින් අප මෙතක් සාමන්යෙන් නොබලන පැතිකඩක් විවර උනා ඒ තමයි සමාජවාදීන් රටේ ආයතන ක්‍රමය පිළිබද දකින විදිය, මෙය අදට විතරක් නෙමෙයි මිට දශක 6කට 7 කට පෙරත් පැවති තත්වයක්, එනම් මෙහිදී වාමාංශික නායකයන් පිරිසක් පුද්ගලික ආයතනයකට පහර දෙන්න සැලසුම් කරනවා, එහිදී ජෙහාන් අහනවා ආයතනය දියුණු කළා නම් සහ ආයතනය තම සේවකයන්ට ප්‍රතිලාබ දෙනවනම් එක නේද වාමන්ශිකයන්ගේ බලාපොරොත්තුව කියල, මිට උත්තරය වන්නේ රජය විසින් පුද්ගලික කරණයට මෙම ආයතනයේ දිවුනුව ආදර්ශයක් ලෙස යොදාගන්නවා, මේ ආයතනයේ දියුණුව එහි සේවකයන්ට සහනයක් උනත් මෙය පාවිච්චි කර අනෙක් රජයේ ආයතන පුද්ගලික කරණය කිරීම නිසා රටේ වැඩි කම්කරුවන් පිරිසකට වන  පිඩාව මගහරින්න මේ ආයතනය අසාර්ථක කලයුතු බව ඔවුන් ගේ තර්කය වනවා.

ඔබ කල්පනාවෙන් බැලුවොත් මේක තමයි වාමන්ශිකයන්ගේ මානසිකත්වය ඔවුන්ට අනුව රටේ කිසිම දියුණුවක් නැතිව කාලකන්නි තත්වයකදී පමණයි ඔවුන්ට බලයක් ලබන්න අවස්තාව තියෙන්නේ මෙනිසා ඔවුන් හැකි සියලු විටදීම සංවර්ධන වැඩ අවහිර කරනවා.

ඔවුන් වංචාවෙන් තොර බව ගැන විශාල මාර්කටින් පාරක් දැමුවත් යම් විදියකින් බලය ඔවුන්ට ලැබුනොත් අන්ත දුශිත ම්ට්ටමට යන්න ඔවුන් පසුබට වෙන්නේ නෑ.

මෙවැනි ක්‍රියා 1960 සහ 1970 දශක වල ක්‍රියාත්මක වීම නිසා අපට තිබුන අවස්තාව සිංගප්පුරුව වෙත විතැන් උනා, දැනට ශ්‍රී ලංකාව පවතින්නේ ලෝක ආර්ථික යේ මුලික මර්මස්තානයක මෙය හරියට පරිපාලනය කලොත් දිවුනුවත් වරදගත්තොත් විනාශයත් වේගයෙන් සිදුකර්න්ගන්න පුළුවන්. 

ඉහත අපුරු නිර්මාණය කල කවුරු හෝ පෙන්වා දෙනවා ශ්‍රී ලංකාවේ දෙසපාලුවෝ පාතාලය සහ දිලුදු මිනිසුන් පාවිච්චි පාවිච්චි කරන විදිය.    

මේ දිළින්දන් ඉහල සමාජයට එනවා කියෙන්නේ තමන්ට ඇති අවස්තාව අහිමිකරගන්නවා කියන දෙයයි.    

Wednesday, September 27, 2017

ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක වීරයෙක් ද? දුෂ්ටයෙක්ද ?



පසුගිය දිනක පේ‍්‍රමසර ඈපාසිංහ මහතා ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාව හදුන්වාදී ඇත්තේ මහා යුග පුරුෂයකු ලෙසයි, මෙතනින් බලන්න, අපට තවම හරි වැරදි තේරුම් ගැනීමට තවම දුෂ්කර වී අත්තේ අපේ විචාර බුද්ධියේ ඇති බලවත් අඩුව නිසයි, අපට හැකියාව නෑ කෙනෙකුගේ කතාවත් ඔහුගේ ක්‍රියාවත් අතර වෙනස තේරුම්ගන්න.

එංගලන්තයේ ලොව පිළිගත් University of Oxford වල ඉහල අධ්‍යාපනයක් ලබපු මේ පුද්ගලයා ශ්‍රී ලංකාවේ පර්ලිමෙතුවට ඇමතිවරයෙක් ලෙස තේරී පත්වෙලා කල්පනා කරනවා තම ඉදිරි අනාගතය ඉහල තනතුරක් වන අගමැති කම ගන්න ඕනේ නම් එක්සත් ජාතික පක්ෂයේ සිට එය කල නොහැකි බව (වරක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙන් මාද්‍යවේදියකු අහනවා ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවීමට ඇගේ ස්වාමියා කල්පනා කලේ කියල, ඇයගේ පිළිතුර වෙන්නේ ඩි එස් සේනානායක මැතිතුමා තම ස්වාමියාට අගමැති දුරය ලබාදීමට කෙනෙහිලි කම කල නිසා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූ බවයි )

මෙයින් පේනවා ඔහු කොතරම් අවස්තාවදියෙක් ද කියල ඔහු කොච්චර කපටියෙක්ද කියනවනම් ආරිය සිංහල ඇදුම අදින්නේ රටේ මිනුසුන් රවටන්නයි, ඉන්පසු ඔහු දෙසපාලකයෙක් ලෙස අඩුම වියදමක් යන ක්‍රමයක් වන ජාතිවාදය පාවිචිචි කරනවා, එනම් සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමයි, මේ නිසා සිදුවෙන්නේ කුමක්ද ? රටේ ග්‍රාමීය ප්‍රදේශ වල ඉංග්‍රීසි අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ට එම වර්ප්ප්‍රසාදය නැතිව යනව මෙය මනාව සිරසේ දවස වැඩසටහනට සම්බන්ද වෙමින් සිඩ්නි චන්ද්‍රසේකර මහතා මනාව පැහැදිලි කරනවා.



මෙහිදී ජෙය ශ්‍රී රංග මහතා කියනවා තමා විශ්වවිද්‍යාල සිසුවෙක් ව සිටින කල ජනාධිපති චන්ද්‍රිකා පැමිනිල තියනව කතාවක් පැවැත්වීමට එහිදී කතාව අතරතුර

චන්ද්‍රිකා :- එස් බි coincidence කියන වචනයේ සිංහල තේරුම මොකද්ද කියල අහල තියනවා

ආයි අහනනවලු      එස් බි productivity කියන වචනයේ සිංහල තේරුම මොකද්ද කියල ?

රංග අයිත් මතක්කරනවා අනුර බණ්ඩාරනායක මහතා විරුද්ද වෙලා තියනවා මහින්ද රාජපක්ෂ ට අගමැති කම දෙනවට එහිදී ඔහු කියල තියනවා අක්ක මහින්ද කියන්නේ street fighter කෙනෙක් ඔහුට අගමැති කම වගේ තනතුරක්  දරන්න බෑ කියල.

දැන් ටිකක් කල්පානාවෙන් බලන්න සිංහල ජාතියට අපමණ සේවයක් කිරිමයට කැපවුන  ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා තම දරුවන්ව යවල තියෙන්නේ සිංහල පාසල් වලට නෙමෙයි ඉංග්‍රීසි මාද්‍ය තුලින් උගන්වන පාසල්වලට තම දරුවන් යවන අතර රටේ පොදු දරුවන්ට ලැබෙමින් තිබුන ඉංග්‍රීසි අධ්‍යාපනය නැතිකිරීමයි කරලා තියෙන්නේ,



භාෂා ප්‍රශ්නයේදී සිංහල  භාෂාව රජ බස කල ඔහු බලයට එනවිට රහසින් දෙමල පක්ෂ සමග ගිවිසුමක් ගසනවා දෙමල භාෂාවට නිසි තැන දෙන්න, නමුත් ඔහු අවංක දෙසපලකයකු නම් ජනතාව ඉදිරියේ තමා කරන්න යන දේ කියල බලය ලබාගන්න තිබුන ඔහු එසේ නොකර කරපු දෙයින් වෙන්නේ මොකද්ද ?
සිංහල ජනයා විරුද්ද වෙනවිට අදාළ ගිවිසුම ප්‍රසිද්ධියේ ඉරා දමිමයි.

එතනින් නතර නොවෙන ඔහු බෞද්ධ ස්වාමින් වහන්සේලා රාජ්‍ය සේවකයෝ බවට පත්කරන්නේ ගුරුවරුන් ලෙස මුදල් ලබන පිරිසක් කිරීමට අවසර දීම   මගින්.

ඔහු කරන ලද වැඩවලින් වසර 30 කට වැඩි යුද්ධයක් අතිවීමට අමතරව බෞද්ධ සංස්කෘතියටත් සිදු වුයේ හානියක් බව තේරුම් ගැනීමට අදත් මිනිසුන්ට අපහසු වීම නම් කණගාටුදායක දෙයකි.

Monday, September 18, 2017

කලූ සල්ලි සුදු කිරීමේ නිතියානුකූල ක්‍රමය.



දැනට සමාජයේ වෙන දේවල් කල්පනා කරමින් සිටින විට මේ ක්‍රමය ගැන මට කල්පනා උනා, කනගාටුවට කරුණ නම් ලංකික වන මට මේ ක්‍රමයේ නිර්මාතෘ වීමේ පේටන්ට් බලපත්‍රය ලබාගන්න බැරි වී තිබෙන්නේ මෙය මුලින්ම  සොයාගැනීමේ ගවුරවය හිමිවන්නේ වෙනකෙනෙකුට නිසයි, නමුත් මෙය සොයාගත් වෙනකෙනා මේ ලාංකික ට ආර්ථික විද්‍යාව  දශක දෙකකට පෙර උගන්වන ලද ගුරු දේවයෙක් වීම නිසා සියුම් ආඩම්බරයක් හටගනී.

වටේ නොගිහින් දැන් මාතෘකාවට එමු, ලෝකයේ වගේම අපේ රටෙත් යම් පුද්ගලයකුට මුදලක් ලැබී ඇත්නම් අදාළ මුදල උපයන ලද ක්‍රමය නිසි අවස්ථාවල පෙන්වා දිය හැකි විය යුතුය, නමුත් අද ශ්‍රී ලංකාවේ මම දකින තරමට ලෝකයේ බොහෝ රටවල ධනපතියන්ට සමාන ධනයක් තියන මිනිසුන් සිටියත් අදාළ ධනය තමා කැමති විදියට වියදම් කල නොහැකි වී ඇත්තේ අදාළ මුදල උපයන ලද ආකාරය පෙන්වන්න බැරි කමයි, යම් විදියකින් තමා රුචි පරිධි අදාළ මුදල් වියදම් කිරීමට ගියොත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට කොටු වීමට වැඩි කලක් ගත නොවෙයි.

පසුගිය සති කීපයේදී මේ ප්‍රශ්නය මනාව නිරාකරණය කල හැකි ක්‍රමයක් මගේ ගුරු  බන්දුල ගුනවද්දනයන් විසින් හෙළිකරන ලදී. දැන් නිතිය දන්නා උතුමන් මට පහත විස්තර කරන්න යන ක්‍රමය නීති විරෝදී බව ඔප්පු කරන්නේ කෙසේදැයි පවසත් වා.

ඔබ හිතන්න ඔබට රුපියල් කොටි 100 තිබෙනවා මෙය ඔබට නිතියානුකුල මුදල් බවට පරිවර්තනය කරන්න ඕනේ නම් මුලින්ම ඔබ නමින් පුණ්‍යාධාර  පදනමක් විවුර්ත කරන්න, ඉන්පසු ඔබ හිතවත් සීලය ගැන කිසිම අවබෝදයක් නැතත් ආර්ථිකය ගැන අවබෝදයක් ඇති භක්ෂුන් වහන්සේලා කීපනමක් පාරේ මුදල් සම්මාදන් කිරීමට යැවීමයි කලයුතු, ඉන්පසු අදාළ පන්සලේ නායක ස්වාමින් වහන්සේට රුපියල් ලක්ෂ 5 වැනි මුදලක් දී ඉතිරු කොටි 99.95 ඔබේ පදනමට බැර කිරීම මහින් සත 5ක බද්දක් නොගෙවා විශාල කළු මුදලක්  සුදුකිරිම කළහැකි වනු ඇති.

මෙවැනි ක්‍රමයක් මගින් මුදල් විසුද්ධිකරණය ට අධාල කිසිම නීතියකින් දඩුවම් කල නොහැකි වන්නේ මෙමුදල ඔබවහන්සේලාට ලැබුනේ කෙසේදැයි ඇසුවහම මෙය ශ්‍රද්ධාවත් මිනිසුන් අපේ පාත්‍රා වලට දමාගියා (අර අලිපැටියා පන්සලේ දමාගියා ) කිව්වා වගේ නිදහසට කරුණු  දැක්විය  හැකි අතර අදාල නිලදාරීන් නිරුත්තර වනු ඇති,  මෙසේ ලබාගත් මුදල් ඔබට කැමති දෙයක් මිලදීගැනීමට යොදවන්න හැකි වෙයි.

ඉදිරි අවුරුදු කිපයේ විවිද පුද්ගලයන් මේ ක්‍රමය පාවිච්චි කිරීම පටන්ගත්තාම අපේ වගකිවයුතු නායක ස්වාමින් වහන්සේලාට ඇති මහජන ගරුත්වය සිදියාමත්  තමන්ට ලැබෙන ලාබ සත්කාර අඩුවීමත් සිදුවෙන විට ස්වාමින්වහන්සේලා සම්මාදමේ යැවීමට විරුද්දව ඉදිරියට එනු ඇති, එවිට මේසේ කරන  ස්වාමින් වහන්සේලා කියයි ඇයි දැන් මේගැන විරුද්ද වෙන්නේ? බන්දුල ගුනවද්දනයන් මෙය පටන්ගත්ත වෙලාවේ ඔබවහන්සේලා කොහෙද හිටියේ කියල ?

බුදුරජානන් වහන්සේ සදහන් කරනවා මුදල් පරිහරණය කරන කෙනා පංච කාමයම පරිහරණය කරන බව.
ස්වාමින් වහන්සේ නමක් මද්‍යාන 12.00 පෙර පිණ්ඩපාතයේ යනවනම් මිනිසුන්ට ආහාර පුජා කළහැකි අතර මද්‍යාන 12.00  පසු පත්‍රය රැගෙන යනවනම් සිනි තේකොල හෝ තෙල් වැනි පන්සලට ප්‍රයෝජනවත් දෙයක් පුජාකළ හැකි උනත් කිසිවිටක මුදල් පුජකිරිම සුදුසු නොවෙයි.
වසර 2500 පෙර ස්වාමින්වහන්සේලට පනවන ලද නීති අතර රටේ නීතියට කිකරුවිමත් බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ලෝකයේ ප්‍රයෝගිකම දහම බුදුදහම නිසයි.  
           

Thursday, September 14, 2017

බැදුම්කර අන්දරය



ශ්‍රී ලංකාවේ අපුරු දේ සිදුවෙමින් පවතී, රටේ සාමාන්‍ය මිනිසුන් සිතනවාට හාත්පසින් වෙනස් සිදුවීම් ධාරාවක් සිදුවෙමින් පවතී.
රටේ මිනිසුන් බොහෝ දෙනා සිතා සිටින්නේ බැදුම්කර වංචාව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමෙන් අදාළ පුද්ගලයන්ට දඩුවම් ලැබෙන බවයි, මුලින්ම බලමු මේ ජනාධිපති කොමිසම කියන්නේ කුමක්ද කියල, මේ පත්කරලා තියෙන්නේ සාමාන්‍ය ජනාධිපති කොමිසමක් මෙයට පුළුවන් කරුණු ගොනුකරගැනීමට පමණයි, මෙය විශේෂ ජනාධිපති කොමිසමක් උනානම් වැරදිකරුවන් වන අයට පාර්ලිමේන්තුව පාවිච්චි කරලා දඩුවම් කරන්න තිබුන.

යම්විදියකින් මේ කොමිසම දැඩි ලෙස ක්‍රියාත්මක වෙන්න ගියොත් වෙන්නේ ඉදිරි දිනකදී ශ්රේෂ්ඨාධිකරණය තුල නඩු පැවරිමකදී අර්ජුන ඇලෝසියස් මහතාගේ නීතිවෙදින්ට කියන්න පුළුවන් කොමිසම පක්ෂපාතිව ක්‍රියාකළ බව කියමින් අදාළ වාර්තාව විසිකරන තැනට ගෙනියන්න, මෙහිදී කොමිසම අදාළ අවදානම තේරුම් ගෙන  ක්‍රියාකළ අයුරු විශිට්ටයි, මෙය දකින මෝඩ මිනිසුන් කොමිසමේ පණනැති බව  කියයි නමුත් පහත හේමන්ත වර්ණකුලසුරිය මහතා ලලිත් ඇතුලත්මුදලි ඝාතන කොමිසම ගැන මතක්කිරිමේදී අදාළ වර්තා විසි වූ ආකාරය අපුරුවට පැහැදිලි කරනවා.


 

ඇත්තටම මේ ජනාධිපති කොමිසම පත්කරලා තියෙන්නේ වෙන මොකටවත් නෙමෙයි ජනතාවගේ ඇති විරුද්දතාවය ක්‍රමයෙන් යටපත් කිරීමටයි, නමුත් මෙම කොමිසමේ සිටින දප්පුල ලිවේර සහ කෝදාගොඩ ඇතුළු දක්ෂ නිලදාරින් සහ රහස් පොලිසියේ නිලදාරීන් ඉතා දක්ෂ ලෙස තම කාර්ය සිදුකර තිබෙනවා, මම දකින විදියට මේ විශාල සොරකම Perpetual Treasuries Limited  තනිව කල සොරකමක් නෙමෙයි බලවත් දෙසපළුවන් කීපදෙනෙක් විසින් වසර ගණනාවක් මුදල් තත්වය දුර්වල වූ එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයට උවමනා මුදල් සම්පාදනය මුලික කරගෙන කරපු වැඩක්, එහෙම කියන්නේ  අර්ජුන මගේන්ද්‍රන් මහබැංකුවේ අධිපති වෙන්න ඉස්සල්ලම ඔහුගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් අදාළ ආයතනයේ වගකිවයුතු තනතුරු වලින් ඉවත්වීමෙන් පේනවා සැළසුම.

මම දැක්ක බොහෝදෙනෙක් මේ කොමිසමට ගරහනවා ඇයි බැරි  අර්ජුන ඇලෝසියස් ගෙන් දැඩිලෙස ප්‍රශ්න කිරීමට කියල, මෙහිදී ඔහු වෙනුවෙන් පෙනීසිටින්නේ දක්ෂ ජනාධිපති නීතිවේදියෙක් වන ගාමිණී මාරපන මහතායි. ඔහු උපදෙස් දී ඇත්තේ මෙම කොමිසමට සාක්කි නොදෙන ලෙසයි, මෙයින් අදාළ ඇලෝසියස් මහතාට උවමනා කාලය ලබාගැනීමට ලැබෙනවා මේ ලැබෙන කාලයේ දී මෙහි වරද වෙනින් පුද්ගලයෙකුට යොමුකරන්න පුළුවන්, මෙහිදී මම දැක්ක ගාමිණී මාරපන මහතාටත් බොහෝදෙනා දොස් කියනවා, මම දකින්නේ ගාමිණී මාරපන මහතා කරන්නේ තමන්ගේ රස්සාවයි ඔහුට තමාගේ සේවාදායකයා වෙනුවෙන් දෙන්න ඕනේ හොදම විසදුම ලබාදීමයි ඔහු කරන්නේ, මෙතැනදී නීතියේ හිල් පාවිච්චි කිරීම පුරවැසියන් වන අප වරදක් ලෙස දැක්කත් අදාළ නිතිවෙදියාගේ රැකියාව මෙවැනි දුර්වලතාවලින් තම සේවාදායකයා ගලවා ගැනීමයි.

හැබැයි නීතියේ හිල් වලින් මේ මිනිසුන් බේරී යනවනම් ඊට වැරදි කරුවන් ඔවුන් නෙමෙයි චන්දදායකයන් වන අපියි, දැන් අහන්න එපා ඒ මොන කුනුහරුපයක් කියල, මතකතියාගන්න නීති හදන්නේ සහ අනුමත වෙන්නේ පර්ලිම්න්තුවෙන් බව, මේ හිල් වැසිය යුත්තේ මහජනයා වන අපේ නියෝජිතයන් විසින් (ඔව් මැති ඇමැති වරුන් තමයි )

මේ විශාල වංචාව නිසා රජයට සිදුවී ඇති වංචාව සාමාන්‍ය මිනිසාට බලපාන විදිය සරලව කිව්වොත්, සාමාන්‍ය 4 දෙනෙකුගේ පවුලට වසරකට රුපියල් 15000 වැනි මුදලක් රජයට බදු ලෙස ගෙවීමට වෙනවා (වෙනස ඔබට රිසිට් පතක් ලැබෙන්නේ නෑ මහබැංකු වංචාව නිසා ලබාගත් බදු මුදල බවට )

අවසාන ලෙස මෙහි වරදකරු වෙනු ඇත්තේ කසුන් පලිසෙන වැනි තුන්වන පෙළ නිලදාරියෙක් පමණයි, මෙහි හරි මිහිහ හිරේ ගියොත් රටේ අගමැති තුමත් හිරේ යන්න ඕනේ.

මම නැවත කියනවා මෙවැනි තත්වයකට වගකියන්න ඕනේ රටේ මිනිසුන් වන අප බව මොකද අපි කැමති රුපියල් කෝටිගණන් වැයකර දෙසපලුවෝ චන්දය ඉල්ලනවට, අපි කැමතියි අපට රජයේ රැකියා දෙනවට, අපි කැමතියි අපට බදු ගසන්නේ නැත්නම්, අපි කැමතියි කෝටිගණන් වැයකර බලයට ආපු මිනිසුන් සතයක් වත් සොරකම් නොකර තමන් හිගන්නෝ වෙමින් ජනතාවට සේවය කරනවානම්, අපි කැමති නෑ මේ ජනතා නියෝජිතයෝ විශාල වැටුප් ගන්නවට.

මෙනිසා අලි දෙන්නම් කොටි දෙන්නම් කියල බලයට ඇවිල්ල පරම්පරා 7ට මුදල් හම්බකිරීම කරනවා, සිංගප්පුරුව වැනි රටක් මෙහෙමයි ගෙවන්නේ
https://statestimesreview.com/2017/04/29/singapores-total-ministerial-salaries-cost-53-million-a-year-most-expensive-in-the-world/

හැබැයි හොරකම් නෑ මෙතන මනොවිදාව ගැන දන්නා උදවිය පැහැදිලි කලොත් හොදයි, දැඩි දඩුවම් සමග විශාල වැටුප් නියම කලාම දඩුවමට ඇති බය නිසා වරදට පෙලබෙන්නේ නෑ වගේම තමාට විශාල ආදායමක් ලැබෙන නිසා අනවශ්‍ය අවදානම් ගැනීමට පෙලබෙන්නේ නෑ, මේ සරල තර්කය තේරුම් ගණන බැරුව ජනතාව අගාදයට යනවා.                    

එකතු කිරීම:-

www.lankatruth.com/si/ඇලෝසියස්-cope-කමිටුවට-බොරු-කි/

ඊයේ මෙම පොස්ට් එක දාන විටදී මම කිව්ව
{අවසාන ලෙස මෙහි වරදකරු වෙනු ඇත්තේ කසුන් පලිසෙන වැනි තුන්වන පෙළ නිලදාරියෙක් පමණයි}

ඇත්ත වෙමින් පවතී, පහත් තැනින් ජලය ගලා බසී  

Friday, August 18, 2017

ශ්‍රී ලංකා දෙසපාලනයේ අනාගතය




මුලින්ම මම ස්තූති වන්ත වෙන්න ඕනේ chanuk bro youtube channel මල්ලිට මේක දැනුවත් කිරීම පිළිබඳව ඒ තමයි සිංහල වචන වලින් කියන එක සිංහලට පරිවර්තනය කරන පාවිච්චි කරලා ඉතා වේගයෙන් සිංහලෙන් ලිවීමට ඇති හැකියාව.

දැන් මාතෘකාවට ආවොත් මට අද බලන්න ලැබුනා මාලින්ද සෙනෙවිරත්න මහත්මය සිරස මාධ්‍ය ඔස්සේ පවත්වපු සම්මුඛ සාකච්ඡාවක් newsline වැඩසටහන තමයි මේ පහල තියෙන ලින්කුවෙන් ඔබට බලන්න පුළුවන්


මම මේකෙටි විනාඩි 3ක පමණ කොටස  කිපපාරක්  නැවත නැවතත් බැලුවේ, මෙවැනි ප්‍රායෝගික කතා බොහෝ අයට නොතෙරෙන නිසයි.

ඩේට බේරගන්න ඕනේ අය මෙතනින් බලන්න 

 ඉතාමත් වැදගත් කතාවක් අපට කියලා දෙන නිසා ඔහු අහනවා ඇයි  දේශපාලනඥයින් පාර්ලිමේන්තුවට එන්න කියලා ඔහුගේ පිළිතුර වුණේ ඇමැතිකම් ලබා ගන්න කියලා ඔහු ඊළඟට අහනවා ඇමතිකම් ලබා ගන්න කොච්චර මුදලක් වැය වෙනවද කියල මිලියන ගණනක් වැය වෙනවා කියලා කියන ඔහු නැවත පිළිතුරු දෙනවා.

නැවත ඔහු අනහව  කොහොමද මේ මුදල නැවත ලබාගන්නේ  කියලා මොකද නැවත ඔහු ඔහුගේ මිතුරන්ට මුදල් ලබා දෙන්නට සිද්ධ වෙන නිසා, පාර්ලිමේන්තුව කතානායක වගේ තනතුරු දරන කිසිම අමාත්‍යාංශයක් නොදරන දේශපාලඥයන් අහනවා කොහොමද ඒ අය තමුන්ගෙ උදව් කරුවන් ට නැවත ප්‍රති උපකාර කරන්නේ  කියලා මොකද ඔහු ණය ලබාගෙන තියෙන්න පුළුවන් විවිධ ක්‍රමවලට මුදල් එකතු කරගෙන තියෙන්න පුළුවන් තමන්ගේ ඡන්දෙ කරන්න, විශාල වියදමක් දරලා ඔහුට සිද්ධ වෙනවා


නැවත තමුන්ට ප්‍රතිඋපකාර කළ පුද්ගලයන්ට ණය ගෙවන්න අදාළ ඇමතිවරයා ට සිද්ද වෙනවා මෙහෙම කරනකොට ඔහු නොදැනුවත්වම විශාල වශයෙන් දූෂණ වංචාවලට සහභාගි වෙන්න සිද්ධ වෙනවා, මොකද තම පාක්ෂිකයන්ට උදව් කරන්න තියන ක්‍රමයක් තමයි මේ.  මෙනිසා  මේ ක්‍රමය වෙනස් කරන්න බලයට පත්වුණාට පස්සේ කෙනෙක් කැමති වෙන්නෙ නැහැ, මොකද තමතමුන්ට ඉදිරියට ගිහින් ගන්න පුළුවන් ප්‍රයෝජන ලබාගන්න බැරි හින්ද, නමුත් බලයට  එන්ට ඉස්සර හැමෝම කියනවා අපි මේක වෙනස් කර අලුත් ක්‍රමයක් ඇති කරන්නෙම්  කියලා.

 ඉතින් මේක කොහොමද කරන්නේ කියන එක අපි චුට්ටක් කල්පනාවෙන් බලන්න ඕනේ  මොකද හැමෝම කියන්නේ එක වෙනස් කරන්නම් කියලා තමයි නමුත් කිසි කෙනෙක් කැමති නෑ මේ ක්‍රමය වෙනස් කරන්න ඇයි එහෙම වෙලා තියෙන්නෙ?  මොකක්වත් නිසා නෙමෙයි මේ වෙනස් කරන්න කැමති හැමෝම  කැමති තමන්ට වාසියක් ලබාගන්න තමයි, තමන්ට අවාසි නම් එය සිදුවෙන්නේ නෑ.

  හැබැයි මේ සමහර අවස්ථාවල් තියෙනවා අපිට ජනතාව හැටියට ප්‍රයෝජන ගන්න පුළුවන් උදාහරණයක් හැටියට දැන් පවතින රජය එතරම් බලයක්  නෑ හැමෝම බලනවා බලය වැඩි කරගන්න එක්සත් ජාතික පක්ෂයට තේරිලා ඉදිරියේ මැතිවරණයකට මුහුණ දෙන්න සිද්ධවෙනවා කියල  ඔවුන්  කරන මූලිකම සහන ලබාදීම තමයි ඊළඟ බදු අඩු කරගෙන යන එක, මාස කීපයකට කලින්  විදුලි සංදේශ  බද්ද වැඩි කළා නමුත් දැන් ඔවුන් සූදානම් වෙනවා බදු අඩු කරන්න බදු අඩු කරන කොට  කියනවා අන්තර්ජාල පහසුකම් බොහෝ අයට ලබාදෙන්න තමයි ඒක කරන්නේ  කියලා, මෝටර් බයිසිකල් බදු අඩු කළා කියලා කියනවා නමුත්  අඩු වෙලා තියෙන්නේ japan motor bicycle  වල පමණයි japan motor bicycle කියන්නේ තරමක් මිලෙන් අධික දෙයක් සාමාන්‍යයෙන් මිලදී ගන්න යන්නේ නැහැ ඇත්තටම මේක කරන්නේ මිනිස්සු පොළඹවා ගන්නා බදු අඩු කළා කියන මානසිකත්වය දාන්ඩ නමුත් ඇත්තටම මෙයින් රජයට පාඩුවක් සිද්ධ වෙන්නෙ නැහැ, මේ වෙද්දී කපටි වැඩ ඉදිරියට කරන්නට උත්සාහ කරනවා බව කල්පනා කර බලන කොට තේරෙනවා ඇත්තටම මේ වගේ අවස්ථාවක තමයි නිසි කළමනාකාරිත්වය පහසු කරන්න උවමනා කරන පනතක් සම්මත කරගන්න ජනතාව හැටියට අපිට බල කරන්න අවස්ථාව ලැබෙන්නේ. 

මම හිතනවා මේකෙන් අපට ප්‍රයෝජන ගන්න ලැබෙයි කියලා මොකද මේ වගේ අවස්ථාවක තමයි උවමනා කරන යම් සාධනීය දෙයක්  එලියට ගන්න පුළුවන් වෙන්නේ.