Thursday, September 14, 2017

බැදුම්කර අන්දරය



ශ්‍රී ලංකාවේ අපුරු දේ සිදුවෙමින් පවතී, රටේ සාමාන්‍ය මිනිසුන් සිතනවාට හාත්පසින් වෙනස් සිදුවීම් ධාරාවක් සිදුවෙමින් පවතී.
රටේ මිනිසුන් බොහෝ දෙනා සිතා සිටින්නේ බැදුම්කර වංචාව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමෙන් අදාළ පුද්ගලයන්ට දඩුවම් ලැබෙන බවයි, මුලින්ම බලමු මේ ජනාධිපති කොමිසම කියන්නේ කුමක්ද කියල, මේ පත්කරලා තියෙන්නේ සාමාන්‍ය ජනාධිපති කොමිසමක් මෙයට පුළුවන් කරුණු ගොනුකරගැනීමට පමණයි, මෙය විශේෂ ජනාධිපති කොමිසමක් උනානම් වැරදිකරුවන් වන අයට පාර්ලිමේන්තුව පාවිච්චි කරලා දඩුවම් කරන්න තිබුන.

යම්විදියකින් මේ කොමිසම දැඩි ලෙස ක්‍රියාත්මක වෙන්න ගියොත් වෙන්නේ ඉදිරි දිනකදී ශ්රේෂ්ඨාධිකරණය තුල නඩු පැවරිමකදී අර්ජුන ඇලෝසියස් මහතාගේ නීතිවෙදින්ට කියන්න පුළුවන් කොමිසම පක්ෂපාතිව ක්‍රියාකළ බව කියමින් අදාළ වාර්තාව විසිකරන තැනට ගෙනියන්න, මෙහිදී කොමිසම අදාළ අවදානම තේරුම් ගෙන  ක්‍රියාකළ අයුරු විශිට්ටයි, මෙය දකින මෝඩ මිනිසුන් කොමිසමේ පණනැති බව  කියයි නමුත් පහත හේමන්ත වර්ණකුලසුරිය මහතා ලලිත් ඇතුලත්මුදලි ඝාතන කොමිසම ගැන මතක්කිරිමේදී අදාළ වර්තා විසි වූ ආකාරය අපුරුවට පැහැදිලි කරනවා.


 

ඇත්තටම මේ ජනාධිපති කොමිසම පත්කරලා තියෙන්නේ වෙන මොකටවත් නෙමෙයි ජනතාවගේ ඇති විරුද්දතාවය ක්‍රමයෙන් යටපත් කිරීමටයි, නමුත් මෙම කොමිසමේ සිටින දප්පුල ලිවේර සහ කෝදාගොඩ ඇතුළු දක්ෂ නිලදාරින් සහ රහස් පොලිසියේ නිලදාරීන් ඉතා දක්ෂ ලෙස තම කාර්ය සිදුකර තිබෙනවා, මම දකින විදියට මේ විශාල සොරකම Perpetual Treasuries Limited  තනිව කල සොරකමක් නෙමෙයි බලවත් දෙසපළුවන් කීපදෙනෙක් විසින් වසර ගණනාවක් මුදල් තත්වය දුර්වල වූ එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයට උවමනා මුදල් සම්පාදනය මුලික කරගෙන කරපු වැඩක්, එහෙම කියන්නේ  අර්ජුන මගේන්ද්‍රන් මහබැංකුවේ අධිපති වෙන්න ඉස්සල්ලම ඔහුගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් අදාළ ආයතනයේ වගකිවයුතු තනතුරු වලින් ඉවත්වීමෙන් පේනවා සැළසුම.

මම දැක්ක බොහෝදෙනෙක් මේ කොමිසමට ගරහනවා ඇයි බැරි  අර්ජුන ඇලෝසියස් ගෙන් දැඩිලෙස ප්‍රශ්න කිරීමට කියල, මෙහිදී ඔහු වෙනුවෙන් පෙනීසිටින්නේ දක්ෂ ජනාධිපති නීතිවේදියෙක් වන ගාමිණී මාරපන මහතායි. ඔහු උපදෙස් දී ඇත්තේ මෙම කොමිසමට සාක්කි නොදෙන ලෙසයි, මෙයින් අදාළ ඇලෝසියස් මහතාට උවමනා කාලය ලබාගැනීමට ලැබෙනවා මේ ලැබෙන කාලයේ දී මෙහි වරද වෙනින් පුද්ගලයෙකුට යොමුකරන්න පුළුවන්, මෙහිදී මම දැක්ක ගාමිණී මාරපන මහතාටත් බොහෝදෙනා දොස් කියනවා, මම දකින්නේ ගාමිණී මාරපන මහතා කරන්නේ තමන්ගේ රස්සාවයි ඔහුට තමාගේ සේවාදායකයා වෙනුවෙන් දෙන්න ඕනේ හොදම විසදුම ලබාදීමයි ඔහු කරන්නේ, මෙතැනදී නීතියේ හිල් පාවිච්චි කිරීම පුරවැසියන් වන අප වරදක් ලෙස දැක්කත් අදාළ නිතිවෙදියාගේ රැකියාව මෙවැනි දුර්වලතාවලින් තම සේවාදායකයා ගලවා ගැනීමයි.

හැබැයි නීතියේ හිල් වලින් මේ මිනිසුන් බේරී යනවනම් ඊට වැරදි කරුවන් ඔවුන් නෙමෙයි චන්දදායකයන් වන අපියි, දැන් අහන්න එපා ඒ මොන කුනුහරුපයක් කියල, මතකතියාගන්න නීති හදන්නේ සහ අනුමත වෙන්නේ පර්ලිම්න්තුවෙන් බව, මේ හිල් වැසිය යුත්තේ මහජනයා වන අපේ නියෝජිතයන් විසින් (ඔව් මැති ඇමැති වරුන් තමයි )

මේ විශාල වංචාව නිසා රජයට සිදුවී ඇති වංචාව සාමාන්‍ය මිනිසාට බලපාන විදිය සරලව කිව්වොත්, සාමාන්‍ය 4 දෙනෙකුගේ පවුලට වසරකට රුපියල් 15000 වැනි මුදලක් රජයට බදු ලෙස ගෙවීමට වෙනවා (වෙනස ඔබට රිසිට් පතක් ලැබෙන්නේ නෑ මහබැංකු වංචාව නිසා ලබාගත් බදු මුදල බවට )

අවසාන ලෙස මෙහි වරදකරු වෙනු ඇත්තේ කසුන් පලිසෙන වැනි තුන්වන පෙළ නිලදාරියෙක් පමණයි, මෙහි හරි මිහිහ හිරේ ගියොත් රටේ අගමැති තුමත් හිරේ යන්න ඕනේ.

මම නැවත කියනවා මෙවැනි තත්වයකට වගකියන්න ඕනේ රටේ මිනිසුන් වන අප බව මොකද අපි කැමති රුපියල් කෝටිගණන් වැයකර දෙසපලුවෝ චන්දය ඉල්ලනවට, අපි කැමතියි අපට රජයේ රැකියා දෙනවට, අපි කැමතියි අපට බදු ගසන්නේ නැත්නම්, අපි කැමතියි කෝටිගණන් වැයකර බලයට ආපු මිනිසුන් සතයක් වත් සොරකම් නොකර තමන් හිගන්නෝ වෙමින් ජනතාවට සේවය කරනවානම්, අපි කැමති නෑ මේ ජනතා නියෝජිතයෝ විශාල වැටුප් ගන්නවට.

මෙනිසා අලි දෙන්නම් කොටි දෙන්නම් කියල බලයට ඇවිල්ල පරම්පරා 7ට මුදල් හම්බකිරීම කරනවා, සිංගප්පුරුව වැනි රටක් මෙහෙමයි ගෙවන්නේ
https://statestimesreview.com/2017/04/29/singapores-total-ministerial-salaries-cost-53-million-a-year-most-expensive-in-the-world/

හැබැයි හොරකම් නෑ මෙතන මනොවිදාව ගැන දන්නා උදවිය පැහැදිලි කලොත් හොදයි, දැඩි දඩුවම් සමග විශාල වැටුප් නියම කලාම දඩුවමට ඇති බය නිසා වරදට පෙලබෙන්නේ නෑ වගේම තමාට විශාල ආදායමක් ලැබෙන නිසා අනවශ්‍ය අවදානම් ගැනීමට පෙලබෙන්නේ නෑ, මේ සරල තර්කය තේරුම් ගණන බැරුව ජනතාව අගාදයට යනවා.                    

එකතු කිරීම:-

www.lankatruth.com/si/ඇලෝසියස්-cope-කමිටුවට-බොරු-කි/

ඊයේ මෙම පොස්ට් එක දාන විටදී මම කිව්ව
{අවසාන ලෙස මෙහි වරදකරු වෙනු ඇත්තේ කසුන් පලිසෙන වැනි තුන්වන පෙළ නිලදාරියෙක් පමණයි}

ඇත්ත වෙමින් පවතී, පහත් තැනින් ජලය ගලා බසී  

7 comments:

  1. මම දැකලා තියෙන, අහලා තියෙන තවත් දෙයක් තියෙනවා.

    අධික වැටුප් ලබන ( මම අධික කියලා කිව්වේ ඔවුන්ට අනුව දැරිය නොහැකි තරම් ඉලක්කම් වල) නිලධාරින් වැඩිපුර හොරකම් කරන බව. මට උදාහරණ ඕනේ තරම් කියන්න පුළුවන්. නැතිබැරි කමට හොරකම් කිරීම සාධාරනකරණය කරන්න හදන්න එපා. නැතිබැරි මිනිස්සු ඕනේ තරම් ඉන්නවා හොරකම් නොකරන. නමුත් හොරකමෙන් උපයා ගත් දෙයට/මුදලට වහවැටෙන නැතිබැරි මිනිස්සු කුඩු වලට පුරුදු උනා වගේ තමයි.

    ඒ කියන්නේ ලොකු වැටුපක් දුන්නටම මෙය විසඳෙන්නේ නැහැ.

    තව දෙයක් කියන්නද.. ටියුෂන් මාස්ටර්ලා ඉන්නවා ලොකු ආදායම් ලබන. කීයෙන් කීදෙනාද ටැක්ස් ගෙවන්නේ? මමම දන්නා ලොකු ව්‍යාපාරිකයින් ඉන්නවා. ඔවුන් ටැක්ස් ෆයිල් එක මිසින් කරලා.

    අන්තිමට මහජනයාට ඇඟිල්ල දික් කරන එක විහිළුවක්. ඇත්ත, මහජනයාට වගකීමක් තියෙනවා. නමුත් පුර්ණ වශයෙන් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      මම කියන්න උත්සාහකලේ දුප්පත් නිසා සොරකම් කරනවා කියන්න නෙමෙයි.
      ඔබ හිතන්න ඔබ චන්දය ඉල්ලනවා පර්ලිමෙන්තුවට යන්න, ඔබට සිද්දවෙනවා ලක්ෂ 500 පමණ වියදම් කරන්න, මෙයින් ලක්ෂ 250 පමණ ඔබට විවිද
      වියාපරිකයන් ගෙන් ලැබෙනවා. ඉතිරි ලක්ෂ 250 ට ඔබ ඔබේ නිවස උගස් කරනවා.

      දැන් හිතන්න ඔබ පර්ලිමෙන්තුවට පත්වෙලා ඇමතිවරයෙක් වෙනවා ඔබට ලැබෙන වාහනය ඔබ ලක්ෂ 200ට පමණ විකුනනවා මසකට ලක්ෂ 2ට ආසන්න මුදලක් ඔබට නීතියානුකුලව ලැබෙනවා මෙයින් ඔබට ඔබේ පළාතේ විවිද දිලිදු යට සංග්‍රහ කිරීමට අඩුම වශයෙන් ලක්ෂ 1.5 ක මුදලක් වැය වෙයි.

      සරලව කිව්වොත් ඔබ අවන්කවම සේවය කරනවානම් ඔබට රුපියල් ලක්ෂයක් වත් අතින් වියදම් කිරීමට සිදුවෙනවා, එච්චර විතරද මම අර කලින් කියපු වියාපාරික හිතවතුන්ට විවිද කොන්ත්‍රාත් ලබාදෙන්න සිදුවෙනවා.

      මෙම ක්‍රමයේදී ඔබට සැලකියයුතු මුදලක් ඔබ ඉතිරි කර හෝ පවුලෙන් ලැබිල නැත්නම් එක්කෝ ඔබට සියදිවි නසාගන්න වෙනවා නැත්නම් ඔබට සොරකම් කිරීමට සිදුවෙනවා.

      වෙන්නේ මොකද්ද කියල මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.

      ක්‍රමය මෙහෙම තියෙද්දී ජනතාව වන අපි බලාපොරොත්තු වෙනවා දෙසපාලකයන් අවංක වෙන්න ඕනේ කියල; ඔබට පේනවද ඇතිවෙලා තියන ප්‍රශ්නය?

      සිංගප්පුරුවේ ක්‍රමයේදී විශාල වැටුපක් ගෙවනවා, මේ නිසා අනවශ්‍ය අවදානමක් ගන්න මිනිස් මනස පෙලබෙන්නේ නෑ අනෙක් පැත්තෙන් දැඩි දඩුවම් තියනවා.

      දැන් ඔබ අහයි දැඩි දඩුවම් විතරක් තිබුනානම් මේක හරිනේ කියල, දැඩි දඩුවම් විතරක් තිබුන නම් ලිඛිතා, ඉහලම ඉන්න අය පෙලබෙනවා අවදානමක් අරගන්න, මොකද ඔවුන් හිතනවා ලොකු ගානක් හොයාගත්තනම් සහ තමන්ට බලයත් තියනවනම් අවදානමක් ගමුකො කියල මිනිස් මනස වැඩ කරනවා, නමුත් දැඩි දඩුවම් තියනවනම් සහ විශාල වැටුපක් තියනවනම් සාමාන්‍ය මනසක් තියන කෙනෙක් හිතනවා ඇයි මම මෙච්චර අවදානමක් ගන්නේ දැනටත් හොද ආදායමක් තියෙද්දී කියල.

      මේ සරල මානසික තත්වය දන්නා නිසයි සිංගප්පුරුවේ අනෙක් රටවලට සාපේක්ෂව දුෂණය අවම.

      Delete
    2. [ඔබ හිතන්න ඔබ චන්දය ඉල්ලනවා පර්ලිමෙන්තුවට යන්න, ඔබට සිද්දවෙනවා ලක්ෂ 500 පමණ වියදම් කරන්න, මෙයින් ලක්ෂ 250 පමණ ඔබට විවිද
      වියාපරිකයන් ගෙන් ලැබෙනවා. ඉතිරි ලක්ෂ 250 ට ඔබ ඔබේ නිවස උගස් කරනවා.]

      මෙතන ලොකු වැරද්දක් තියෙන බව තේරෙනවා ඇතියි කියලා හිතනවා. කිකිලිද බිත්තරේද වගේ තමයි

      Delete
    3. 1959 ලී කවන් යු බලයට පත්වෙන කොට සිංගප්පුරුව කියන්නේ ශ්‍රී ලංකාවට වඩා අන්ත දුෂිත රටක් ඒ වෙනකොට ශ්‍රී ලන්කාවේ නොතිබුන ජනවර්ගික අර්බුදයක් චීන සහ මුස්ලිම් ජාතිකයන් අතර ඇතිවෙමින් තිබුන. ඔහු බලයට ආවහම

      //කිකිලිද බිත්තරේද වගේ තමයි//

      කිකිලිව රෝස් කරලා බිතරේ ඔම්ලට් දාල ප්‍රශ්නේ විසදුව, අද සිංගප්පුරු වැසියන්ට මොන ප්‍රශ්නය තිබුනත් ජනවාර්ගික ප්‍රශ්නයක් වත් දුෂණය පිළිබද ප්‍රශ්නයක් වත් නැතිබව ඔබ දන්නවා ඇති.

      Delete
  2. සිංගපුරුව ගැන කරපු සදහන සාවද්‍ය සටහනක් ලෙස දකිමි (ඇමතිවරුන්ගේ පඩිය පිළිබඳව නොවේ). සිංගපුරුව දුෂණයෙන් තොර රටක් නොව ලොව පවතින දුෂිතම රාජ්‍යක්. කිසිම තැනක දුෂණයට ඉඩක් නොමැත්තේ සියලුම දුෂණ ක්‍රියා ලී ක්වාන් යුන් සහ ඔහුගේ පවුල වටා ක්‍රියාත්මක වන නිසයි, ලෝකයේ අන්තවාදී, මත්ද්‍රව්‍ය වෙළදාමේ, නිතීවිරෝධී ක්‍රියාවල මුදල් විශුද්දීකරණය කරනු ලබන්නේ සිංගපුරුව විසිනි. ඒ සදහා නීතිමය රාමුවෙ සිදුරු සාදන්නේ ලී ක්වාන් යුන් සහචරයෝ. සිංගපුරුව යනු නුතන සහ දියුණු දුෂණයේ තිඹිරිගෙයි. අවසාන වශයෙන් එහි දුෂණ වංචා වාර්තා නොවන්නේ රජපවුලකට සමාන යුන් පවුල සියලුම මාධ්‍යයන් පාලනය කරන බැවිනි.

    ලොව කිසිම රටක් සර්ව සම්පුර්ණ නොවේ!

    ReplyDelete
    Replies
    1. තරඟයක් නොමැත,

      //ලොව කිසිම රටක් සර්ව සම්පුර්ණ නොවේ!//
      මේ කියමන සමග එකගයි !

      නමුත් https://en.wikipedia.org/wiki/Corruption_Perceptions_Index
      ලොව දුෂණයෙන් අඩුම රටවල් 7 ඇතුලත සිංගප්පුරුව පවතින්නේ 7වන තැනයි, ලෝකයේ දියුණු මාද්‍ය ඇති මේ කාලයේ මොන නීති තිබුනත් වංචාව ලෝකයෙන් වසන් කිරීමට බෑ, ඔබ කියනවා වගේ

      //ලී ක්වාන් යුන් සහ ඔහුගේ පවුල වටා ක්‍රියාත්මක වන//

      පුද්ගලයන් යම්විදියකින් එරෙටේ දුෂණයට යම්පමන සම්බන්ද ඇති නමුත් ! රටක් ලෙස බලපුවහම දුෂණය නැතැයි කියන්න පුළුවන්.

      මතක තියාගන්න මෙම දර්ශකයේ 7 වන තැන සිටින්නේ යම්පමනකට දුෂණය තියන නිසා තමයි නමුත් සිංගප්පුරුව කියන්නේ ශ්‍රී ලංකාවට වඩා අන්ත දිලිදු රටක් මිට දසක 6ට පෙර දැන් දුෂණය අඩුම රටවල් 7 අතරට ඇවිල්ල, එකයි වැදගත්.

      Delete