Monday, April 4, 2016

පාරිසරික ගොවිතැන රසායනික ගොවිතැනට වඩා වැඩි පලදාවක් ලබාදෙන බව.

Dr Vandana Shiva මහත්මිය ඉන්දියාවේ
 ප්‍රාරාගොගිකව පෙන්වා දුන් සත්‍ය.


කොන්ටම් භවුතික විද්‍යාව ගැන ආචර්ය උපාදියක් ඇති මේ කාන්තාව අද ලෝකයට වැදගත් වන්නේ ඇයි දැයි බොහෝදෙනා අසනු ඇති.

1985 අවදියේ ලෝකයේ විශාල කෘෂි කාර්මික සමාගම් ලෝකයේ බිජ තම ග්‍රහණයට ගැනීමට නීති සම්පාදනය කරන බවට දැනුවත් වූ මෙතුමිය කරන වැදගත්ම දේ නම් ඉන්දියාවේ දේශීය බිජ සංරක්ෂණයට කණ්ඩායමක් ඇති කරගෙන ඉන්දියාව පුරා දේශීය බිජ එකතුකිරීමත් විවිද පුද්ගලයන් අතර බෙදා හැරීමත් නිසා මේ විශාල සමාගම් වලට සම්පුර්ණයෙන්ම බිජ තම ග්‍රහණයට ගැනීමට නොහැකිවෙනවා.

මිට අමතරව ජාන වෙනස්කරන ලද බිජ ඉන්දියාවට ගෙනඒමට අපහසු වෙන්නේ මෙතුමිය විසින් සංවිදානය කල ආයතන වලින් නඩු පැවරීම නිසයි.

 මෙහි දී අප ආකාර කීපයකින් දැනුවත් විය යුතුයි.

 

01. දේශීය බිජ අභාවයට යාම සහ රසායන කෘෂි කර්මයට පාර කැපීම.

 

අද ශ්‍රී ලංකාව තුල වගා කරන සියලුම පාගේ බෝග යන්ගේ බීජ ආනයනය කරන බව වගාකරන ගොවියා පමණක් නෙමෙයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලදාරීන් පවා නොදන්නා කාරණයක් වී ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලදාරීන් දැනුවත් අයත් මේවා කුමන විදේශීය සමාගමටකට අයත් දැයි නොදනී, විවිද නම්වලින් විදේශීය සමාගම් ඇතත් මේවා සියල්ලගේම මව් සමාගම් ලෝකයේ විශාල බිජ සමාගම් 5 ක් පමණ අතේ පවති.

මේ ආතර ප්‍රමුකයා මොන්සේන්ටෝ සමාගමයි, මේ වියාපාරයේ ඇති දක්ෂතාව බොහෝදෙනා නොදනී.

ටිකක් සිතන්න ශ්‍රී ලංකාවේ 90% වැඩි ගොවින් ආතර මේ සමාගම් වල බීජ ප්‍රවර්දනය කරන තුරා මේ රටේ කෘෂි විද්වතුන් බුධිමතුන්, ජාති හිත්ය්ෂින් ජනමාද්‍ය ආදී මෙකි නොකී අයටනොදනෙන විදියට මෙය සිදුකිරීමට හැකි වීමට මුලික හේතුව වුයේ දැනුම බෙදාහරින මුලික මාද්‍ය වන රුපවාහිනී සහ ගුවන් විදුලියත් පුවත් පත් වල විවේචනය කරන ජනමාද්‍ය නිහඩ කිරීමට මේ විශාල සමාගම් නිර්ලොබිව කරන ලද මුදල් ආයෝජනයයි.

අද වනවිට අන්තර්ජාලය මහින් බොහෝදෙනා මෙකරුණ ගැන දැනුවත් වීමට හැකිවී තිබේ.

මුලින්ම මේ සමාගම්වලට උවමනා වුනේ දේශීය බීජ සාමාන්‍ය ගොවීන්ගෙන් ඉවත් කිරීමයි.

එයට මුලික හේතුවක් තිබෙනවා, මේ බිජ මගින් නැවත නැවත අලුත් බිජ නිපදාවා ගැනීමට ගොවීන්ට හැකි වීමයි. අනෙක් කාරණය කෘෂි රසායන යෙදීමෙන් පලදාවේ වැඩිවීමක් ඇතිකිරීම කල නොහැකි වීමයි.

 ඇත්තවශයෙන් මේ කෘෂි රසායන පැමිණියේ මේ වගාව දියුනු කිරීමට නොවන අතර බොහෝ කෘෂි රසායන යුද්ද කාලයේ බෝම්බ නිෂ්පාදනයට යොදාගන්න ලද රසායන ද්‍රව්‍යයි ලෝකයේ යුද්ධ අඩුවීම සමග මේ රසායන ද්‍රව්‍ය නිපදවන සමාගම් වලට සිදුවුනා නව වෙළදපොලක් මේ සදහා සොයාගැනීමට ඔවුන් මුලින් පලිබෝධ නාශකයක් ලෙස ප්‍රවර්දනය කිරීමේ දී ඇතිවූ මුලික ගැටලුව නම් ලෝකයේ සොබාවික බිජ වලට මේ පලිබෝධ සහ පොහොර නිසා එතරම් සැලකිය යුතු අස්වැන්නක් නොලැබෙන බවයි, මිට හේතුව පසට මේ විෂ ද්‍රව්‍ය යෙදීමේදී පස නිසරුවිමත් මේවායේ විෂ නිසා සොබාවික භෝගය මැරීමත් කියන කරුණයි.

 මෙයට විසදුමක් ලෙස සොයාගන්නේ වස වලට ඔරොත්තු දෙන බෝග නිපදවීමයි. විශාල සමාගම්වන මේවා තම බලවත් ප්‍රචාරණ විධි යොදමින් ලෝකය පුරා මෙම බීජ ගොවීන්ට නොමිලේ ලබාදෙන ආතර මෙමගින් බංකොලොත් වීමට නියම්නිත රසායන කර්මාන්ත වලට නව ජීවයක් ලබාදෙනවා.         

 

   02. රසායන කෘෂි ක්‍රමයේ දෙවැනි ඉනිම පටන්ගන්නේ මෙසේ බීජ නිපදවීම මගින් විශාල වෙළදපොලක් ඇතිබව නිෂ්පාදකයාට වැටහීම තුලින් එනම් එකවරක් බීජ විකුනනවාට වඩා වගාකරන සෑම වාරයේම ගොවියාට බීජ විකිණිය හැකිනම් රන් ආකාරයක් ලැබෙන බව මේ ආයතන සොයාගන්නවා.

මෙහිදී මෙය සිදුකිරීමට ඇති මුලික ගැටලුව නම් වගාකිරීමට ලබාදෙන බිජ මගින් ඇතිවන භෝග වලින් නැවත බීජ පාවිච්චියට ගත නොහැකි බවට පත් කිරීමයි.

මෙනිසා ගොවියාට සෑම වසරකම බීජ මිලදීගන්න වෙනවා. මේය උගුලක් බව මෙරටේ කෘෂි විද්වතුන් ජනතාව දැනුවත් නොකිරීමට අපුරු හේතුවක් තියනවා.

එනම් රජයේ සියලු කෘෂි විද්යාපීට වල ඉහල තනතුරු දරන්නන් තම සමාගම්වලින් වැටුප් ලබන සේවකයන් බවට පත්කිරිමයි.

බොලොග් කරුවෙකු වන "සරසා තුමා" 

http://mallepol.blogspot.com/

පෙන්වාදුන්න

Director of the Agriculture Education Unit (AEU) of the Faculty of Agriculture

හි ආචර්ය බුද්ධි මාරබේ CIC ආයතනයේ අද්යක්ෂක වරයෙක් කියල. අතුරලියේ රතන හිමියන් මෙගැන කිව්වා මතකයි.

මෙවැනි ඉහල තනතුරු වල තමන්ගේ ගැත්තන් පත්කරගන්න මේ සමාගම් (හෝව් දැන් කියයි CIC සමාගම දේශීය සමාගමක් කියල නමුත් දැනගත යුත්තේ මේ දේශීය සමාගම ආනයනය කරන්නේ විදේශීය රසායනද්‍රව්‍ය බව )


අවසානයේ පර්ලිමේන්තු මන්ත්‍රී වරුන් මිලදිහනිමත් සිදුකරනවා.

ඉතින් උවමනා නීති සම්පාදනය සුළු දෙයක්.

මම මිට පෙර ලිපියෙන් http://lankasithuwili.blogspot.com/2016/04/blog-post.html

ඉතා ආකර්ශනිය නම්වලින් ජනතා විරෝධි පනත් සම්මත වීම ගැන කතාකලා.

නැවත මාතෘකාවට අවොත් මේවිදිය ක්‍රියාවලියක තුන්වන අධියර සහනාදාර සැපයීමයි.

 03. ගොවියන් සහනාධාර උගුලේ සිරකිරීම සහ මහජනයාට වස කැවීම.

ඇත්තෙන්ම විශාල ප්‍රචාරන ජාලයක් මගින් මිනිසුන්ගේ මොලය සෝදලා තියන්නේ රසායන කෘෂි කර්මයෙන් තොරව වැඩිවෙන ජනතාවට ආහාර නිපදවීමට අපහසු බව.

ඇත්ත සත්‍ය තමයි රසායන කෘෂි කර්මයේ පලදායිතාව කාබනික  කෘෂි ක්‍රමයට වඩා බෙහෙවින් අඩුයි,

එයට හේතුව මෙයයි රසායනික කෘෂිකර්මයේ පලදාව ලෙස පෙන්වන්නේ එක බෝගයක් විශාල ලෙස වැවීමයි මිනිසා පස නිසරු වෙනවට අමතරව කාබනික ව බෝග වර්ග කීපයක් වැවීම නිසා ඇති වන පලදාව ගණනය නොකරයි.

හිතන්න අක්කරයක් රසායන ද්‍රව්‍ය යොදල  මිරිස් වවනවා කියල අපි හිතමු මිරිස් කිලෝ 1000 ක් ලැබෙනවා කියල නමුත් කාබනිකව මිශ්‍රව ගොවිතැන නිසා මිරිස් කිලෝ 500 ක් ලැබුනත් අදාළ ඉඩමේ වගාග්කරන ගම්මිරිස් කිලෝ 100 ත් බටු කිලෝ 100 ත් තක්කලින් කිලෝ 250 බණ්ඩක්ක කිලෝ 250 ක් වැනි මිශ්‍රව වගාකිරීමෙන් විශාල පලදාවක් ලබාගත හැකියි.

 

මෙහි වාසිය නම් මේවට හානිකරන කෘමින් විලෝපිතයන් විසින් කාදමිමයි.

රසායන කෘෂි කර්මය අපට නොගැලපුනත් බටහිර රටවල විශාල ලෙස වගා කරන නිසා ඔවුන්ට මිශ්‍ර බෝග වගාව වාණිජව කල නොහැකියි මක්නිසාද යත් විශාල වශයෙන් පලදාව නෙලන යන්ත්‍ර මහින් විවිද බෝග ඇති විට කල නොහැකි වීමයි.

නමුත් ශ්‍රී ලංකාවේ මෙය සිදුකරන්නේ කෙසේද ? අප යන්ත්‍ර වලින් අස්වනු කැපීම සිදුකරන්නේ ඉතා සුළු පරිමානවයි ගොවිතැන කරන පිරිස 90% පමණ සුලුපරිමාන නිෂ්පාදකයෝයි.

මෙවැනි තත්වයක් මත රජය උත්සාහ ගත්තෙත් ගනිමින් සිටින්නේත් මේ සුළු ගොවින් ගොවිතැනින් ඉවත් කර මහාපරිමාණ සමාගම් වලට කෘෂිකර්මය බාර දීමයි.

නියෝජ්‍ය ඇමතිවරයෙක් වන හර්ෂ සිල්වා මැතිතුමා ගොවීන්ට ඉඩම්වල අයිතිය ලබාදීම සිදුකල යුතු බවත් එමගින් ඔවුන්ට ණය පහසුකම් ලබාගැනීමත් තම වියාපාරය දියුණු කිරීමත් කලහකී බවත් කියන ආතර මෙගාපොලිස් නගර ඉදිකරමින් කෘෂි කර්මයෙන් ඉවත් කරන මින්සුන් නගරයට එකතු කිරීමේ නුතන වැඩපිළිවලට ඔහු පක්ෂපාති වේ.

මෙහිදී සිදුකිරීමට බලාපොරොත්තු වෙන්නේ බොහෝදෙනා සතුව පවතින ඉඩම් ධනවත් සමාගම් කීපයක් සතු කිරීමේ කුට වැඩ පිලිවලකි.

මෙය ක්‍රියාත්මක වන්නේ අපරටේ පමණක් නෙමෙයි ඉන්දියාවේත් සිදුවේ.

 

1991 ඉන්දියාවේ  ජාන වෙනස් කරන ලද Bt cotton   

මගින් සිදුවුනේ කුමක්ද ? ගොවීන්ට බිජ වෙළදපොලින් මිලදීගැනීමට සිදුවීමයි මෙතක් නොමිලේ ලැබුන මෙම බිජ මිලදීගැනීමට ඉන්දිවවේ ණය පහසුකම් ලබාදුන් ආතර ගෙවාගත නොහැකි ණය බර නිසා ගොවින් ලක්ෂ ගණනින් සියදිවි ඝානිකරගැනීමේ ප්‍රවනතාවයක් ඇතිවිය, මෙහිදී වන්දනා ශිවා පෙන්වාදෙන්නේ මෙම සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවය මුලින්ම ඇතිවී අත්තේ බහුජාතික සමාගම් වලින් වගාකරන ලද

Bt cotton අශ්‍රිතව බව අනාවරණය කරයි.

 

ඇත්තටම මේ සිදුවන්නේ කුමක්ද ?මෙය තනිකරම බහුජාතික සමාගම් ජනමාද්යේ සහය ඇතුව සියලුම ඉහල අද්යාපන ආයතන වලට තම ඉත්තන් පත්කර ගෙන රටත් ජනතාවත් ගොනාට අන්දමින් කරනු ලබන නුතන මන්කොල්ලයයි.

මෙය කොතරම් දියුණුද කියනවනම් රසායනික පොහොර ගොවියාට නොමිලේ ලැබෙන බව පෙන්වමින් කරන ඇස්බන්දුමකි.

 

රසායනික පොගොර සදහා යන මිලත් එයින් ලැබෙන පලදාවත් කාබනික පොහොර සදහා යන මිලත් එයට ලැබෙන පලදාවත් සමග සංසන්දනය කිරීමේදී කාබනික ආහාර වල පලදායිතාව ඉතා ඉහල බව ලැබෙන තුරතුරු මගින් අනාවරණය වේ.

 

නමුත් මෙතෙක් රසායනික පොහොර යොදා පස විනාස කල පොළවක එකවර සමාගම් වලින් ලැබෙන බිජ යෙදුවොත් ලැබෙන අස්වැන්න ඉතා දුර්වල බව තේරුම් ගැනීමට සිදුවේ.

මෙනිසා මුලින්ම කල යුතු වන්නේ දේශීය බිජ ගොවීන්ට ලබාදීමයි. දෙවනුව කාබනික ක්‍රමයට පස සැකසීමට පහසුකම් ලබාදීමත් කාබනික පොහොර රජය විසින් ගොවීන්ට ලබාදීමත්, ජිවම්මෘතම් නමැති ශුද්ද්‍ර ජීවින් මනින් නයිට්‍රිජන් පොලවට එක්කර ගැනීමේ විදික්රමත් පසේ ශුද්‍ර ජීවින් වර්දනය කරන ක්‍රමවිදී ගැනත් ගොවියා දැනුවත් කල යුතුයි.

මෙසේ නිපදවන කාබනික බෝග සදහා වෙළදපොල සොයාදීම රජය කලයුතු නෑ මොකද දැනටමත් අති දැවැන්ත වෙළදපොලක් මේ සදහා තියනවා.

මෙම නිෂ්පාදනය මහාපරිමාණයෙන් කරන විට ගොවියාටත් හොදමිලකුත්  පාරිබෝගිකයාට අඩු මිලට වසවිසෙන් තොර ආහාරත් ලග්බගත හැකියි.     

  


 




  

Saturday, April 2, 2016

තොරතුරු වසන්කිරීමට ගෙනෙන තොරතුරු දැනගැනීමේ පනත!!

සිංහල විස්තරය http://www.infosrilankanews.com/2014/07/video_1114.html

අද පවතින රජයන් දිගින් දිගටම ජනතාව රවටමින් සිටි. ඉතා ප්‍රගතශීලි නම්වලින් ඉතාම පතිගාමි පනත් පර්ලිමෙන්තුවට ඉදිරිපත්වෙමින් පවතී.

අපි අතීතයට මදක් යොමිවී බලමු 2003 දී ගොවියායේ බිජ අයිතිය ආරක්ෂා කිරීමට   යයි කියමින් "බිජ අයිතිය ගොවියා සතුයි" ඉතා ප්‍රගතශීලි වචන යොදමින් කිරීමට උත්සාහ කලේ බිජ අයිතිය බහුජාතික සමාගම් සතු කිරීමයි.

මෙය සගවාගෙන තබා 2011 දී නැවත නව මුහුනුවරයකින් පැමිණි විට දැකගත හැකි වුයේ බිජ අනවසරයෙන් ලගතබාගන්නා පුද්ගලයනට අපරාධ නඩුවක් ගොනුකර දැඩි දඩුවම් ලබාදීමයි.

ඉන් පසු බිජ සංරක්ෂණය

දෙරණ පුවත් වලින් උපුටා ගැනීම 
http://sinhala.adaderana.lk/opinion.php?mode=karaliya&nid=4553 

{
එමෙන්ම මෙම පනතේ දෙවන කොටසේ 6 (1) වගන්තිය අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු නිලයන් කිහිපයක් වෙත අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ පොලිස් නිලධාරියෙකු සතු බලතල පැවරේ. එවිට බීජ සම්බන්ධව හා බීජ ළඟ තබාගන්නන් අත්අඩංගුවට ගැනීමේ බලයද ඔවුන් සතු වන අතර එය දේශීය දැනුම දරන්නන් වෙත එල්ලවන බරපතළ අභියෝගයකි. 


දැනටමත් සිදුවන පරිදි මොන්සැන්ටෝ, සී.අයි.සී, බවර්ගේ හේලීස් ඇතුළු බහුජාතික සමාගම් සඳහා තවදුරටත් බීජ සඳහා වන අධිකාරි බලය (සීඩ්ස් කොලෝනයිලිසම්) තහවුරු කිරීම මෙමගින් සිදු කරනු ලබයි.

මෙවන් බහු ජාතික සමාගම් හා දෙවන ලෝක යුද්ධයෙන් පසු කෘෂිරසායන සමාගම් මහපොළව විනාශ කිරීමෙන් ආරම්භ කළ දැවැන්ත විනාශය සියලු බීජ වල මරණය ළඟා කර දෙමින් දෙමුහුන් බීජ හඳුන්වාදීමත්, බීජ වෙළෙඳ පොළ වර්ධනය කර ගැනීමත් උදෙසාත් සිය අවධානය යොමු කර ඇත.

එයින් ද නොනැවතී සියලූම බීජ වල අයිතිය සමාගම් සතු කිරීමට අවශ්‍ය නීති පද්ධති සකස් කිරීමට රාජ්‍යවලට බලකරමින් සිටින අතර එම බලහත්කාරකමට එකඟ වීමක් ලෙස අද වන විට මෙම බීජ පනත මගින් බීජ වලට ඇති සියලූම අයිතිය ජනතාවගෙන් උදුරාගැනීමේ සැලසුම ක්‍රියාත්මක වේ.

මෙම පනතේ 18 (1) යන වගන්තිය අනුව මූලික ප්‍රදේශවලින් පිටත සිදුවන රෝපණ ද්‍රව්‍ය නඩත්තු කිරීමේ අයිතිය මුළුමනින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍ෂ ජනරාල්වරයාට පැවරී ඇත.

(2) කිසිදු ප්‍රද්ගලයෙක් ගොවිතැනට වැදගත් වූ පැළෑටි රෝපණ ද්‍රව්‍ය හුවමාරු කිරීම, ආනයනය අපනයනන කිරීම, ඛෙදාහැරීම හෝ ලබාදීම, කෘෂිකර්ම අධ්‍යක‍ෂවරයාගෙන් අවසරයක් නොමැතිව නොකළ යුතුය
.


} 

ඔබ මෙහි දිනය බැලුවොත් January 6, 2014   එකියන්නේ මේ රටට ඉතා ආදරේ බව කියපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිරිමතුන් රජකරපු යුගයයි.

ඊට පෙර සිද්දිය සිදුවී ඇත්තේ රනිල් වික්‍රමසිංහ සිරිමතුන් සිටි අවදියයි.

රටේ ජනතාව දැනගත යුත්තේ මේ දෙදෙනාම විවිද වෙසමුණු දමමින් රට විකුණන ආකාරයයි.


 දැන් අපි තොරතුරු දැනගැනීමේ පනත ගැන බලමු. මේ පනත් ක්‍රියාත්මක කිරීමට ස්වාදීන අධිකාරියක් ඇතිකරන අතර මේ ආයතන වලට රජය අරමුදල් සම්පාදනය නොකරයි. භාහිරින් අරමුදල් පුද්ගලික අංශයෙන් ලබාගැනීමට කරුණු සම්පාදනය කිරීම නිසා සිදුවෙන්නේ මේ ආයතන වල බලවතුන් පුද්ගලික අංශයට විකිණී යාමයි.

අප මෑතකාලයේ දැනගත් ජොර්ජ් සෝරස් වැනි ධනවතුන් ට මේ ආයතනවල සිටින පුද්ගලයන් මිලදීගත හැක.

ඉන් පසු අපි බලමු මේ පනත් සකස්වී ඇති ආකාරය.

මෙහිදී "ජාතික ආරක්ෂාවට අහිතකර කිසිවක් ප්‍රසිද්ධ නොකළ යුතු බව සදහන් කිරීමෙන් සිදුවන්නේ කුමක්ද ?"

මෙහිදී "ජාතික ආරක්ෂාව" නමැති ඉතා පුළුල් අර්ථකථනය මගින් විශාල වාරණයක් සිදුකරයි. මෙතෙක් කලක් මේ පනත් නොතිබි විට ජනතාව දැනගත් පුවත් මේ පනත් නැතිවිට දැනගැනීම වාරණය වේ.

මිට අමතරව ජනමාදය ට ලබාගත් තොරතුරු පසිද්ධ කිරීමට වාරණයක් පැනවීමයි.
තවදුරටත් බැලීමේදී මෙම පනත මගින් කරන්නේ මෙතෙක් ජනතාවට දැනගත හැකි වූ කිසිවක් දන ගැනීමට නොහැකි වීමයි.

තවත් ඉදිරියට බැලුවොත් අන්තර්ජාතික ගිවිසුම් පවතින තාක් කාලයට අදාළ ගිවිසුම තුල ඇති අහිතකර දේ ප්‍රසිද්ද කිරීම වාරණය කරනු ලබයි.

උදාහරණ මෙම පනත මගින් ETCA වැනි ගිවිසුම් වල කරුණු මාද්‍ය මගින් හෙළිවීම වාරණය කරනු ලබයි කිසියම් මාද්‍යවේදියෙක් මේගැන කතා කලොත් ඔහුට සිරගතවීමෙන් කෙලවර වන දැඩි දඩුවම් පැනවීම සිදුකරයි.

මේ නිසා මෙම ගිවිසුම් වල ඇත්ත තත්වය අප දැනගිමට දක්ෂ වුනේ නැත්නම් සිදුවන්නේ රජය විසින මෝඩ ජනයා මත දැඩි පීඩනයක් ක්‍රමිකව යෙදීමයි.

       

Thursday, March 31, 2016

වස විසෙන් තොර ගොවිතැන සහ වස විසෙන් තොර ආහාර සකස් කර ගැනීම


මුලින්ම වස සහිත Arsenic සහිත සහල් පිරිසිදු කර ගැනීම සදහා ක්‍රම කීපයක් බලමු


මෙහිදී සිදු කරන්නේ අදාළ සහල් ප්‍රමාණය ක්‍රම කීපයකට සේදීම මගින් විශාල හානිකර අර්සනික් ප්‍රමාණයක් ඉවත් කර ගැනීමයි.

මේ වනවිට ඇමරිකානු වෙලදපොලේ ගෙදරදීම Arsenic හදුනාගැනීමේ සරලඋපකරණ මිලදීගැනීමට ඇත.



අද වනවිට ශ්‍රී ලංකාවේ වෙළදපොලට කිසිම ප්ර්ක්ෂාවකින් තොරව  පැමිණෙන විවිද සහල් වල ඉතා අධික අර්සනික් පමණක් නෙමෙයි තවත් ඉතා භයානක විස සහිත රසායනික  ආහාර සමග  පැමිණෙන බව අප නොදනී.

මේවා ගැන වැඩියම දැනුවත් පිරිස වන්නේ විශාල ධනවතුන් වන කෘෂිකර්ම ක්ෂේස්ත්රයේ සිටින අයයි.
මෙනිසා අද වනවිට කාබනික ගොවිතැන කරන ආයතන අතරට CIC ආයතනය පැමිණ සිටි මෙහිදී රටේ මිනිසුන් දැනගත යුත්තේ මේ සමාගම රටේ බහුතර ජනතාවට වස ලබාදෙන අතර තම සමාගම වල ඉහල සේවකයන්ට කාබනික ආහාර ද්‍රව්‍ය පහසු මිලට ලබාදෙනු ලබයි.

  මේ සිදුවීම ශ්‍රී ලංකාවේ විශාල සමාගම් කීපයක් අනුගමනය කරයි, එනම තම ආයතනයේ සේවකයන්ට සහ එහි අයිතිකරුවන් සදහා සිමිත ප්‍රමාණයක් වස විසෙන් තොර ආහාර වගාකිරීම කරනු ලබයි.

තත්වය මෙසේ පවතිද්දී අප සොයා බැලිය යුතු සහ දැනුවත් වියයුතු වැදගත් කරුණක් පවතී

කාබනික ගොවිතැනේ අස්වැන්න   අක්කරයට වී බුසල් 80ක් පමණ වන විට රසායනික පොගොර වලින් අක්කරයට වී බුසල් 120 ක් ලබා ගැනීමට හැකියි.

නමුත් වාර්ෂිකව පස විනාශ වීම නිසා යෙදිය යුතු රසානන පොහොර වැඩිකළ යුතු වීමයි, එසේ නොමැති වුනොත් වසර 10 කදී කිසිවක් වගාකළ නොහැකි වනවාට අමතරව රසායනික පොහොර වැඩි නොකලොත් අස්වැන්න සීග්‍රයෙන් අක්කරයට බුසල් 60 ටත් අඩුවිය හැකියි.

මෙහි අප සලකා නොබලන කාරනයමේ බුසල් 40 නිපදවීමට ගොවින් රුපියල් 30000 ට ආසන්න මුදලක් වැයකරන අතර ආදායම රුපියල් 15000 කට කිට්ටු වේ.

මෙහිදී ගොවියන් මෙය තේරුම් නොගන්නේ මේ 30000 ට ආසන්න මුදල ඔවුනට ලැබෙන්නේ සහනාදාර මත වීමයි එනම් මේ වියදම රටේ මහජනයා දරන ආතර සියලු ආදායම බහුජාතික සමාගම් ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටවේ.

මෙහිදී විවිද වැරදි සහ දුර්වල තා ඇතත් මම අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ උත්සාහය අගය කරමි.
අප ලොකුවට කෘෂිකර්මය ගැන කිව්වත් කන සියලුම එළවලු සහ පලතුරු වස සහිත බව බොහෝ දෙනා වටහා නොගැනීම කනගටුවයි.

ටිකක් සිතන්න දැනට වසර 20ත පෙර පාසල් ගිය මට දියවැඩියාව වැලදී ඇති එකම සිසුවෙක් වත් දක්නට නොලැබුණි. දැන් තත්වය මිට හාත්පසින්ම වෙනස් අත්තර වසර 10 වැනි වයස් සීමාවල දරුවන් අතර දියවදියා රෝගීන් ප්‍රමාණය 10% බව සදහන් වේ.

මම මේගැන ගවේෂණය කිරීමේදී එක්තරා බටහිර උගතකු කිව්වා අපේ පරම්පරාව තුල එක සුවිශේෂ ලක්ෂණයක් පවතිනවා එනම් අපේ පරම්පරාව තමයි පළමු වතාවට "දෙමාපියන් විසින් දරුවන් ව බුමදාන කරන්නේ  "  කියල මොකද මෙතක් සිදුවී අත්තේ "දරුවන් විසින් දෙමාපියන්ව බුමදාන කිරීමයි "

ඇත්තටම වසර ගණනාවක් රසායනික පොහොර යොදන ලද පසක් තුල මුලින්ම කාබනික වීමේදී ලැබෙන පලදාව අඩු විය හැකියි නමුත් වසර 2කදි පමණ විශාල දියුණුවක් ලබාගැනීමට හැකියි.

අනෙක් වැදගත් කාරණය ගොවියන්ට රසායනික පොහොර වෙනුවට කාබනික ද්‍රව්‍ය (කාබනික පොහොර වෙළදපොලෙන් මිලදීගැනීමට නෑ ඒවා නිපදවන්නේ ශුද්‍ර ජීවින් විසිනුයි) මිලදී ගැනීමටත් උවමනා උපකරණ ගැනීමටත් වැඩපිළිවලක් රජය සැදිය යුතුයි.

දැන් බලමු සොබාවික ගොවිතැනේ සාර්ථකත්වය.


     මේ සදහා තිලක් කන්දේගම මහතා පාරිසරික ගොවිතැන ගැන අපුරු උපදෙස් සදහන් කරලා තියනවා (මෙය ලියන මමත් ඔහුගේ උපදෙස් සාර්ථකව නිවාස තුල අත්හදා බලා  තියනවා )

01



      02



03



04



05



06


මේගැන එංගලන්තේ චාර්ල්ස් කුමරු අපුරු දෙයක් කිලය තියනවා


Wednesday, March 30, 2016

කපටියා හදුනාගන්න CCTV දර්ශන මැකී යයි !!



මා මිට පෙර මේ ගැන සදහන් කල විට පෙර ලිපිය මේ බ්ලොග් අවකාශයේ සමහරුන් කිව්වේ මෙය මහින්දගේ සහ ගමන්පිල පිරිසේ  රැවටීමක් බවයි, නමුත් අපට සිදුවෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට තියුනු ඇසක් සහ මනසක් අති කර ගත යුතුයි.

මා කිව්වා මෙයට පාටලී සම්බන්ද නැත්තනම් මුලින්ම කරන්නේ මේ CCTV දර්ශන ඉදිරිපත් කර තම  නිර්දෝෂී බාවය ඔප්පු කරන බව.

දැන් එම දර්ශන මැකී ගොස් අවසන්, නිතිය ඉදිරියේ මොහු නිර්දෝෂී උනත් බුධිමත් මිනිසුන්ගේ මනසේ මොහු ඉදිරියට වංචනිකයකු ගේ බුමිකාව රගපානු ඇති.


මිට අමතරව මෙම සිදුවීම තේරුම් ගැනීමට අපහසු වූ අයට කියන්න තියෙන්නේ ETCA ගිවිසුම ගැනත් ඔබට තේරුම ගත නොහැකි බවයි.

මහින්ද කියන්නේ කපටියෙක් සහ දුෂිතයෙක් කියන දේ ට කිසිම සැකයක් නෑ නමුත් ඔහු කරන දේ සහ නොකරන දේ ගැනත් අපි දනුවත් විය යුතුයි.

සියලු කුණු බේරුවෙල බොක්කට කිව්වා වගේ සියලු වැරදි මහින්දට බැර කිරීමට කිසිවිටකත් අප ඉඩ දිය යුතු නෑ.


Saturday, March 26, 2016

ශ්‍රී ලංකාවේ විනාශකාරී ආහාර

 


අද වනවිට ශ්‍රී ලංකාවේ ඉතා විනාශකාරී ලෙස කෘමිනාශාක දමමින් පවතී, මිට හේතුවූ කාරණා කීපයක් පවතී.
01. දිගින් දිගටම රසායන පොහොර දීම නිසා පසේ සියලුම ශුද්‍ර ජීවින් මැරීම හෙතුවෙන් පලදාව වැඩිකිරීමට වැඩි වැඩියෙන් පොහොර දැමීම සිදුකල යුතුයි.

මෙසේ ප්‍රමාණය ඉක්මවා ගසන පොහොර නිසා ඇති වන භෝගයට විශාල වශයෙන් හානිකර කෘමින් ගේ හානිය සිදුවේ, මිට හේතුව මේ හානිකර කෘමින් ආහාරයට හන්නා අනෙක් ජීවින් මේ වනවිටත් මරා දමා තිබීමයි.

02. ජානමය ලෙස දියුණුකරන ලද භෝග ආහාරය නිසා, එම භෝගයට හානිකර කෘමින් ගේ ආහාර ජීර්ණ පද්දතිය තුලදී විස  වී අදාළ කෘමියා මැරෙන ලෙස ට ජාන දියුණු කල බිජ පවතී, මේ ක්‍රියාවලිය ආකාර කීපයක් නිසා අහිතකරයි

මුනින්ම අහිතකර මිනිස් සිරුරට කරන බලපෑම මොනවාදැයි අදාළ භෝගය ආහාරයට ගත වහාම සහ දින 7 ක වැනි සුළු කලකදී තීරණය කිරීමට නොහැකි වීමයි, වැදගත් ම කාරණය මෙම බිජ අනුමත කරවාගන ඇති ක්‍රමවේදය වංචා සහගත වීමයි.


     
මෙය සොයාගැනීමට මුලික වූ විද්යාත්නයෙක් වන Dr  Arpad Pusztai


මොහු තමයි GMO (ජාන දියුණු කල ආහාර නිසා පිළිකා වැළදෙන බව ඔප්පු කලේ )

ඔහු මේ සදහා ජාන දියුණු කල අල මියන්ට දින 10 තුල ආහාරයට ගැනීමට සලස්වන ආතර මේ කාලයේ දී මියන්ගේ බඩවැල් තුල පිළිකා සයිල ඇති වන බවත් පොඩි මොලයක්, පොඩි අක්මාවක් සහ කුඩා අන්ඩ කෝෂ ඇති  වන බව නිරීක්ෂණය කරනවා මෙය ගැන ඔහු රූපවාහිනියෙන් තමා දැනගත් දේ හෙළි කරනවා මෙය ලෝකයට ගිය වහාම ඔහු වීරයෙක් වනවා දවස් 2 ක ට ඉන්පසු එංගලන්ත්න අග්‍රාමාත්‍ය තුමාගේ කාර්යාලයේ සිට පැමිණි දුරකථන ඇමතුම් 2 කින් ඔහුගේ සේවය අත්හිටවනවා.

නමුත් ඔහුට විරුධව ඇති චෝදනා පාලිමේන්තුව තුලින් ඉවත් කල වහාම   GMO වල හානිය ගැන  දහස් ගණන් ලිපි පලවනවා, ඉන්පසු යුනි ලිවෙර් සමාගම තම යුරෝපිය භාණ්ඩ සදහා GMO බාවිතය අත්හිටවනවා.

මිට හේතුව යුරෝපයේ පාරිබෝගිකයන් මේ පුවත ගැන දැනුවත් වීමයි නමුත් ඇමරිකාවේ ජනමදය මෙම පුවත වාරණයට ලක්කරනවා.

යුනි ලිවෙර්   වාරණයට පසු නෙස්ලේ ආයතනය GMO වාරණය කරනවා ඉන්පසු සතියේ සියලු යුරෝපිය  ආයතන GMO බෝග තම භාණ්ඩ වලින් ඉවත් කරනවා . 

අවසාන වශයෙන් GMO පාවිච්චි වන්නේ සත්ව ආහාර සදහායි.

මිට අමතරව සමහර කෘමින් මේ GMO වලට ප්‍රති ශ්ක්තිකරණය  ඇති කරගන්නවා, මේ නිසා සිදුවෙන්නේ වඩා විසෙන් යුතු කෘමිනාශක යෙදීමයි අද වනවිට වේගයෙන් බෝනොවන රෝග ඇතිවීමට මුලිකම හේතුව මෙයයි. 

අපි දැන් බලමු ඇයි දියුණු ඇමරිකාවේ මේ සදහා ප්‍රතිරෝදයක් නැත්තේ කියල 

1991 දී ප්‍රථම බුෂ් යුගයේ මේවා වේගයෙන් වෙළදපොලට ගෙනයාම සදහා FDA (Food and Drug Administration) ආයතනයට උපදෙස් දෙනවා, මෙහිදී  FDA ආතතනය අලුත් තනතුරක් ඇති කරනවා එනම් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ප්‍රදනියා ලෙස Michael R. Taylor නම් මොන්සේන්ටෝ සමාගමේ නීතිඥයෙක් පත් කරනවා.

Michael R. Taylor මේ පත්වීම සමග ප්‍රතිපත්තිය තීරණය වෙනවා "අපි GMO ආහාර සහ GMO නොවන ආහාර සදහා වෙනසක් නොදකින බවත් මිට කිසිම ආරක්ෂක පරීක්ෂණයක් උවමනා නැති බවත් කිසිදු ලේබල් කිරීමක් උවමනා නැති බවත් " තීරණය ගන්නවා.

ඉන්පසු Michael R. Taylor මොන්සේන්ටෝ ආයතනයේ vice president  බවට පත්වෙන ඔහු දැන් ඔහුයි එක්සත් ජනපදයේ ආහාර ප්‍රතිපත්තිය තීරණය කරන්නේ, වසර 7 ට පසු නඩුවකදී  ලේකන හමුවෙනවා "GMO ආහාර සහ GMO නොවන ආහාර සදහා වෙනසක්නැතිබව  කීම " සම්පුර්ණ බොරුවක් බව 

FDA ආයතනයේ විද්යත්නයන් සදහන් කර ඇත්තේ GMO නිසා විවිද අසාත්මිකතා, විස වීම්, අලුත් රෝග ඇතිවන බවත් මේ ය මිනිසුන් තුලත් පපරීක්ෂා කල යුතු බවත්ය.

නමුත් ඇමරිකානු දෙසපලන්යයන් මෙය යටපත් කිරීමට හැකි සියලු දෙය කරනවා අවසානයේ සොයාගන්නේ බඩවැල් ආශ්‍රිත රෝග ඇති වන බවයි, වේගයෙන් මහලුවීම, වද බාවය වැනි රෝග ගණනාවක් මිට හේතුවන බව සොයායන්නවා, සහ වහාම මෙය ඉවත්කළ යුතු බව සදහන් වෙනවා මිට අමතරව සියලුම දොස්තර් වරු GMO නොවන ආහාර තම රෝගීන්ට දියයුතු බව සදහන් වෙනවා.

මෙගිදී මෙසේ උපදෙස් දුන්න දොස්තර වරුන් ගණනාවක් සමග අදහස් හුවමාරුවේදී තම රෝගීන් GMO ආහාර ඉවත් කිරීමේදී සුවය ලැබුබව සදහන් කරනවා.

මිට අමතරව ගවයන් සහ උරන් GMO ආහාර ඉවත් කල විට මේ සතුන්ද සුවවන බව සදහන් වෙනවා 

තවදුරටත් roundup (glyphosate) වැඩි වැඩියෙන් පාවිච්චියෙන් පසු බොහෝ දෙනාට stroke, dementia, ස්ථුල බාවය, පිලිකා, Autism, දියවැඩියාව.

මෙහිදී අප දැනගත යුතුයි ශ්‍රී ලංකාවේ 1996 කුඩා දරුවන් 10000 ට 6 ක් සිටි Autisum අනුපාතය 2013 වනවිට 100 ට 1 ක් දක්වා වර්දනය වී ඇති බවයි.


මේ කුඩා දරුවන් කතාකිරීමේ පරක්කුවීම්, සහ මානසික මන්ද භාවයෙන් පෙළෙනවා.

මෙහිදී   Jeffrey M. Smith සදහන් කරන වැදගත් දෙයක් තමයි මෙවැනි
Autisum දරුවන්ට කෘමිනාශක නොදමන ආහාර ලබාදීමෙන් මේ දරුවන්ගේ මානසික මට්ටම සුව අතට හැරෙන බවයි.

මෙහිදී අපුරු සදහනක් වෙනවා (Massachusetts Institute of Technology) MIT විශ්ව විද්‍යාලයේ
විද්යාත්න වරියක් කරන ලදවිශ්ලේෂණයකින් සොයාගන්නවා ඇමරිකාවේ
glyphosate පරිහරණය ඉහල යාමත් Autisum වර්දනයත් සමානුපාතික වන බව.

අප මෙහිදී තේරුම් ගත යුත්තේ අතිවිශාල ධනයක් ඇති මෙවැනි සමාගම් නිතිය තමාට උවමනා විදියට සකස්කිරීමට හැකි බවයි.

මෙය කියවන බොහෝදෙනා අසා ඇති වචනයක් තමයි  "Tobacco Science" මේ වචනයට හේතුව වසර ගණනාවක් දුම්බීම ශරීරයට අහිතකර නොමැති බව කීමට විවිද ප්‍රසිද්ධ දොස්තර වරු ලෝකයේ මුදලට විකුණුනා කියන දෙයි.

මෙන්න අතීතයෙන් මතකයක් 


 
 මෙහිදී මේලෝකය මුදලට විකිනෙන හැටි තේරුම් ගතහැකියි. මෙවැනි වෙස්මුහුණු පලදිලීමින් ජනතාව මුලාකරන හැටි ගැන මතක් කලයුතු වන්නේ තවමත් මේ GMO ලෝකයේ තහනම් වි නැති බව කියමින් සිටින බුද්ධිය නැති උගතුන් රොත්තක් නිසයි (මුන් තමයි ශ්‍රී ලංකාවේ වැඩියම ඉන්නේ )