Thursday, November 19, 2015

ඖෂධ මාෆියාව, ජනමාද්‍ය සහ ලොව පවතින විශාලම කුමන්තරණය !



අද මා ලිවීමට යන දේ සදහා ඔප්පුකලහැකි සියලුම සාදක මෙහි පලකිරීමට බලාපොරොත්තු වෙමි. මෙය කියවන සියලු දෙනාගෙන් කෙරන මුලිකම ඉල්ලීම නම් මා කියන දෙය තමන්ම සොයාබලන ලෙසයි.

මුලින්ම අපරටේ සියලුම සෞඛ්‍ය සේවා පිළිබද තොරතුරු ලබාගන්න මුලික ආයතනය ඇමරිකාවේ    http://www.cdc.gov/  (Centers for Disease Control and Prevention)
ශ්‍රී ලංකාවේ පිටුව http://www.cdc.gov/globalhealth/countries/sri_lanka/default.htm

මෙය ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි ලෝකයේ ඔස්ට්‍රලියව, එංගලන්තය, කැනඩාව වැනි සියලුම දියුණු  ලෝකයේ රටවල් අනුගමනය කරන්නේ මේ ආයතනයේ තොරතුරුයි.

කිසියම් බෙහෙතක් අනුමතවිමේදී ඇමරිකාවේ (U S Food and Drug Administration ) http://www.fda.gov/ අනුමත වීම අවශ්‍ය අතර   http://www.cdc.gov ආයතනය එම ඖෂධ පිලිබදව පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි.

අද ලෝකයේ Vaccine වැක්සින් සම්බදව යටයමින් මතුවෙමින් පවතින අර්බුදය :-

මෙය ආරම්බවන්නේ දොස්තර Andrew Wakefield විසින් 1998 දී MMR vaccine ය කුඩා දරුවන්ගේ ඔටිසම් autism (මනෝ වික්‌ෂිප්තභාවී තත්ත්වයකට) අතර සම්බන්දයක් පවතින බව The Lancet නමැති ජර්නලයේ පළකිරීමයි. ලොව වැක්සින් වෙළදපොල 2014 ඩෝලර් බිලියන 33 වන මෙය 2019 දී 57.8 ඩෝලර් බිලියන වීමට ගණන් බලා ඇත.

මෙම වෙළදපොල සමාගම් 5ට පමන සිමාවී පවතී (Merck, Sanofi, GlaxoSmithKline, Pfizer, Novartis ) ලොවපුරා සියලු රටවල් වලට vaccine  සපයන්නේ මේ සමාගම් පමණයි.

මෙහි ඇති වැදගත්ම දෙයනම් වැක්සින්යක වරදකට කිසිවකුට මෙම සමාගම් වලට නඩු පැවරිය නොහැකි ලෙස මුක්තියක ඇමරිකානු රජය ලබාදී ඇති බවයි.


මෙහිදී  දොස්තර Andrew Wakefield  ට විරුද්දව විශාල මාධ්‍ය ප්‍රචාරයක් ගෙනයන අතර අවසානයේ http://www.cdc.gov ආයතනය සිදුකල පර්යේෂණයකින් අනතුරුව  MMR vaccine ය කුඩා දරුවන්ගේ ඔටිසම් autism අතර කිසිම සම්බන්දයක් නැති බව cdc.gov  ප්‍රකාශ කිරීමෙන් අනතුරුව දොස්තර Andrew Wakefield ගේ එක්සත් රාජදානියේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කරනු ලැබේ.


මෙම සිදුවීම ලෝක ප්‍රසිද්ද වූ අතර 2004 දී වූ මෙම සිදුවීම වසර 10 ක් ගතවීමෙන් පසු මතුවන්නේ පහත සිදුවිමෙනුයි.



පසුගිය  මාසයේ පළවූ ප්‍රවර්තියක්  


මෙහිදී සිදුවී ඇත්තේ දොස්තර Andrew Wakefield ගේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කිරීමට හේතුවූ CDC ආයතනයේ පර්යේෂණය සිදුකල  මුලික වෛද්‍ය වරුන් 3 ගෙන් එක අයකු වන දොස්තර William Thompson තව පුද්ගලයකුට කල පාපොච්චාරණයක් පිටවීමයි.

එම පාපොච්චාරණය 

දැන් අපි ශ්‍රී ලංකාවේ තත්වය බලමු. දිවයින පුවත්පතට වැඩිහිටි හා ආබාධිත ඒකකයේ වෛද්‍ය නිලධාරිනී  කමලානි වනිගසිංහ මහත්මියට හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (සැලසුම්) ඡේ. පී. එස්‌. ජයසිංහ මහතාට අනුව

http://www.divaina.com/2013/10/15/feature03.html

//1996 දී ශ්‍රී ලාංකික ජනගහනයෙන් 10,000 කට 6 ක්‌ පමණ වූ ඔටිසම් රෝගී තත්ත්වය 2013 වසර වන විට සෑම උපත් 100 කට 1 ක්‌ දක්‌වා වර්ධනය වෙලා. ඒ අනුව දළ වශයෙන් වසරකට අලුතින් ඔටිසම් රෝගී තත්ත්වයට එකතුවන ළමුන් සංඛ්‍යාව 3,700 කට ආසන්නයි. වාර්ෂිකව එකතුවන මෙම ළමා ජනගහනය ද ඇතුළුව 2011 වසරේ සංඛ්‍යා ලේඛන අනුව, ශ්‍රී ලංකාව තුළ සිටින ඔටිසම් රෝගය සහිත සංඛ්‍යාව දළ වශයෙන් 20,000 ක්‌ පමණ වෙනවා.//

මතක තබා ගතයුතු වැදගත්ම දෙයනම් ජනමාද්‍ය පවත්වන නිහඩ ප්‍රතිපත්තියයි.


ඉතිරි කොටස බලාපොරොත්තු වන්න....


Wednesday, November 18, 2015

ජනතා විමුක්ති පෙරමුණ හැබැවටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනිසිටිනවද ?




මේ ලිපිය ලිවීමට හේතු උනේ ඉදිරියට මා ලිවීමට බලාපොරොත්තු වන ලෝකයේ ඇති ශ්‍රී ලාංකිකයන් වන අපට රුජුව බලපාන කුමන්ත්රණ පිලිබදව ලිපියක් ලිවීමට බලාපොරොත්තු වන නිසයි.

මගේ පෙර ලිපියකට මෙ අඩවියේ අපුරු කොමෙන්ටුවක් දැමු  ඇනය තුමා //ඇණයා Nut ManNovember 13, 2015 at 4:34 AM
අපි පුංචි කාලේ යක්කුන්ට අවතාර වලට බය වුනා, ලොකු උණාම ඒවා අපිව රවටන්න, එයාලගෙ වැඩ පහසු කරගන්න කියපු බොරු බව දැන ගත්තා, ඒත් යක්කු අවතාර විස්වාස කරන වැඩිහිටියොත් ඉන්නවා, එයාල ගිලිලා ඉන්න අන්ධ විශ්වාශයන් හෝ නූගත් බව නිසා එයාලට යක්කු අවතාර නෑ කියන එක අවබෝධකරවන්න අපට බෑ. ඔය සේරම අතරේ තමන්ගේ හොර වංචා පවත්වාගෙන යන්න යක්කු, පෙරේතයෝ අවතාර ප්‍රචාරයකරනවා. //

මෙම කොමෙන්ටුවේ  //ඔය සේරම අතරේ තමන්ගේ හොර වංචා පවත්වාගෙන යන්න යක්කු, පෙරේතයෝ අවතාර ප්‍රචාරයකරනවා.// කොටස අද මා ඉදිරිපත් කරන අදහස් සමග ඉතා ප්‍රවේසමෙන් කල්පනා කලයුතු වෙනවා. මෙතන ඇනය කියන දේ ලොකු අත්තක් පවතිනවා, මේ ඇත්ත මුලින්ම අපි තේරුම් ගතයුතු වෙනවා ඉදිරි ලිපිවලට යන්න ඉස්සල්ල.

දැන් අපි ජනතා විමුක්ති පෙරමුණ දෙස යොමුවෙමු, බැලුබැල්මට ඔවුන් ඉතාම ප්‍රගතශීලි මිනිසුන් ගෙන් සමන්විත විනයක් ඇති පක්ෂයක් බව බොහෝ අය පවසනු ඇති, නමුත් ඔවුන් රටට ආදරේ පුද්ගලයන් සමුහයක්ද ? ( මා හිතන්නේ වඩා  නිවැරදි ප්‍රශ්නය වන්නේ ජනතා විමුක්ති පෙරමුනේ ඉහල පෙළ සහෝදර වරු  රටට ආදරේ පුද්ගලයන් සමුහයක්ද ? යන්නයි )

මා මෙසේ වරනගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඉහල සාමාජිකයන් තමයි පකෂයේ සියල්ල මෙහෙවයන්නේ.
මෙනිසා ඔවුන්සිදුකරන සිය්ස්ලු දෙය ඔවුන් සිදුකරන්නේ බලය ලබාගැනීම සදහා පමණයි.
හිතන්න අද සෝමවංස අමරසිංහ කටයුතු කරන්නේ කෙසේද ? විමල් වීරවංස කටයුතු කලේ කෙසේද ?

මොවුන් සියලු දෙනාම සිදුකරන්නේ අලංකාර රංගනයක් පමණයි, නමුත් අපි මෙහිදී දැනගතයුතු සතයක් තිබෙනවා එනම් මොවුන් ලෝකයේ පවතීන කුමන්ත්‍රණ මහජනයාට හෙළි කිරීමට විවිද අවස්ථාවල උත්සහ කරනවා, ඔවුන් එසේ කරන්නේ ජනතාව අතර ඔවුන් ජනප්‍රිය වී බලය හැකිපමණ ඩැහැ ගැනීමට මිස ඔවුන් ජනතාවගේ විමුක්තිදායකයා නිසා නෙමෙයි.

රෝහණ විජේවීර නමැති මිනීමරුවා බලය ලබාගැනීමට පෙර  මරා දැමුණු නිසා අපට ඔහු බලය ලබාගත්තානම් කෙසේ හැසිරෙයි දැයි පිළිබද කිසිම අවබෝදයක් නෑ නමුත්  කාම්බෝජය "Cambodia" නමැති රටේ පොල්පොට් නමැති ජනතාවිමුක්තිපෙරමුන වැනිම විමුක්තිදායක සන්විදනයක් වන කෙමරුජ් සංවිදානය රටේ බලයට පත්වෙනවා 1975 අප්‍රේල් 17 බලය ලබාගත් ඔහු වසර 4 ක් පමණ රට පාලනය කරන අතර රටේ ජනගහනයෙන් 25% ඝාතනය කරනු ලබනවා.

ඉතා කෙටියෙන් 



දීර්ග ලෙස 



මොහු බලයට පැමිණියේත් බටහිර අධිරාජ්‍යට විරුද්දව සටන් කරන බව පවසමින්, බලයට පැමිණි පසු ඔහු නගර වල සිටින ජනයාට වහාම ක්‍රියාත්මකවන ලෙස පැය  72 ක් ඇතුලත ගම්පලාත් වලට යන යන ලෙස අණ කරන අතර ඔහු රටේ කැලැන්ඩරය වසර 1 සිට ආරම්බ කරනවා. ජනතාව විශාල වශයෙන්
ගම්වලට පැමිණියාම ඔහුන් පමණක් නෙමෙයි ගම්වල සිටින ජනයා ටත් ආහාර හිගයකට මුනදීමට සිදුවෙනවා. මේ කාලයේ පොල්පොට් ගේ කණ්ඩායම "කෙමරුජ් සංවිදානය " රටේ සහල් අපනයනය කරනවා.

ඔහු බලයේ සිටින්නේ වසර 4 පමණ 1975 සිට 1979 දක්වා පමණයි මේ කාලයේ වියට්නාම් හමුදා ඔහුට ප්‍රහාර එල්ල කිරීම නිසා ඔහු සැග විසිටිනවා අවසානදී ඔහුගේ සංවිදානය ඔහුව අත්අඩංගුවට ගන්නවා 1998 දී තමයි ඔහු මියයන්නේ.

දැන් ටිකක් හිතන්න ජනතා විමුක්ති පෙරමුණ දේශන  පැවත් වීමේදී කිසිවිටකත් පොල්පොට් ගැන සදහන් කරන්නේ නෑ නේද ? ප්‍රශ්නය කිසිවෙක් මෙපිලිබද ප්‍රශ්න කරන්නේ නැති වීමයි.

මිට හේතුව ශ්‍රී ලංකාවේ මිනිසුන් ට  ලෝකයේ සිදුවන සහ සිදුවී ඇති දේ පිළිබද දැනුම ජනමාද්‍ය  මගින් ජනතාවට ලබා නොදීමයි.

ඉදිරි ලිපියෙන් ලෝකයේ පවතින විශාලම කුමන්ත්‍රන ඔබටම තහවරු කරගැනීමට සාක්කි සමග ....        

Tuesday, November 17, 2015

අධි තාක්ෂණික මෙවලම් නිපදවීමේ හැකියාව.



මිට පෙර මගේ ලිපි කීපයකින් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත වල වැදගත්කම පැහැදිලි කෙරුව. දැන් බලමු ඉතා ඉහල වටිනාකමක් එක්කරන අංශයක් පිලිබදව එනම් අධි තක්ෂණික මෙවලම් නිපදවීමයි, මිට පර්යේෂණ සදහා සැලකියයුතු මුදලක් ආයෝජනය කල යුතු වෙයි.

නමුත් මා දකින මුලික දුර්වල තාවයක් නම් සැලැස්මක් ඇතුව රටේ ඉංජිනේරුවන් සහ පර්යේෂකයන්ගේ දැනුම යොදා නොගැනීමයි. මෙනිසා යම් විදියකින්
මේ පර්යේෂණ වැඩවලට සම්බන්ද පුද්ගලයන් විදේශ ගතවූ විට අපට සිදුකල ආයෝජනය අපතේයාම සිදුවේ. මෙය අවම කිරීමට සියල්ල වාර්තා ගතකිරීමත්, ප්‍රගතිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාද්‍ය යොදා  වාර්තා කිරීම මහින් අදාළ පුද්ගලයා නොමැති අවස්ථාවක් තුල ඉන්පසු සිටින තැනැත්තා හට නැවතුනු තැනින් පර්යේෂණය සිදුකල හැකිවනු ඇත.

මිට අමතරව විදේශවල සිටින විද්වතුන් තම දැනුම යොදා ශ්‍රී ලංකික නිමවුම් වලට දායක වීමට කැමති ය සිටි
උදාහරණ බෝඉන් සමාගමේ ඉංජිනේරුවකු වූ තිලක් දිසානායක මහතා



ඔහු මෙහිදී පැහැදිලි කරනවා තම වියප්පෘතියට ණය ලබාගැනීමට ඇති අපහසුව පිලිබදව.

පහත ඇත්තේ Tilak Dissanayake දායකත්වය දක්වනලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරමින් පවතින



නවතම තත්වය
     

Monday, November 16, 2015

චීනේ අලිබබා සහ ලංකාවේ හොරු හතලිහ





අද ශ්‍රී ලංකාවට දියුණුවීමට උවමනා මුලික අංශ ගැන බලමු. මුලින්ම ශ්‍රී ලංකික ජනතාව වර්තමානයේ සිතන හැටි බලමු. බොහෝදෙනා වියාපාරික ගනුදෙනුවකදී කුමක් හෝ විකුණා ලාභ උපරිම ලෙස එකවර ගැනීමට සිතන අතර පාරිබෝගිකයා එම ගනුදෙනුවෙන්  කොපමණ තෘප්තිමත් වෙනවද යන වග කිසිදු සැලකිල්ලක් නොදක්වයි.

නමුත් වියාපාරික ලෙස දියුණු රටක් වන චීනය තම ගනුදෙනු කරුවන් ගැන ඉතා සලකිරීමත් වේ. චීනයේ වර්තමානයේ ඇමරිකානු වෙළදපොල ග්‍රහණය කරගැනීමට උපකාරී වූ මුලිකම වෙබ් අඩවිය http://www.alibaba.com/ ය මෙහි නිර්මාතෘ Jack Ma නම් වේ.



මෙම අඩවිය සිදුකරන මුලික දෙයනම් විකුණුම් කරු හා ගැනුම්කරු සම්බන්ද කරදීමයි.

ඇමරිකාවේ  සිටින ගනුම්කරුවකුට භාණ්ඩයක් උවමනා විට ඔහුට alibaba.com තුලින් ගැනුම් කරුවකු සොයාගත හැකි වනු ඇති. මෙහි වැදගත් කරුණ වන්නේ අදාළ විකුණුම්කරු කිසියම් වංචාවක් සිදු කලොත් ගැනුම් කරුට තමාට වූ අසාදාරනය පිළිබද අලිබබා අඩවිය දැනුවත් කල හැකි අතර, සිදුවන්නේ අදාළ විකුණුම් කරු  වරදක් සිදුකර ඇත්නම් ඔහුගේ ගිණුම අත්හිටවිමයි. කාලයක් හොදින් විකුණුම් කටයුතු කල විශ්වසනීය විකුණුම් කරුවකු වෙනම හදුනාගතහැකි icon අලිබබා ලබාදෙනු ලැබේ. මෙනිසා ඉතා අවන්කවම වෙළදාම කිරීමට විකුණුම් කරුවන් පෙලබෙන අතර ගැනුම් කරුවන් විශ්වාසයෙන් හනුදෙනු කිරීමට මෙනිසා හැකිවෙයි.

මිට අමතරව Jack Ma  වැදගත්ම දෙයක් කරනු ලබයි එනම් https://www.taobao.com/ පටන්ගැනීමයි ඔහු භාණ්ඩ විකිනීමට http://www.ebay.com/ සමාන ලෙසයි මෙය ආරම්භ කරන්නේ, මෙහිදී විසදාගතයුතු මුලික ප්‍රශ්නයක් තියනවා මෙය ශ්‍රී ලාංකිකයන් වන අපටත් අදාලයි.
එනම් විශ්වසනීයත්වය පිලිබදවයි.

හිතන්න ඔබ භාණ්ඩයක් ඇනවුම් කරනවා ඔබට ලැබෙන්නේ ඔබ අනවුම්කල භාණ්ඩය නෙමෙයි නැත්නම් තත්වයෙන් බාල  භාණ්ඩයක්, මෙවැනි අවස්ථාවකදී ගනුදෙනුව සාර්ථක කිරීමට Escrow ක්‍රමයක් (generally refers to money held by a third-party on behalf of transacting parties)
අදාල මුදල තෙවෙනි ප්ර්ශවයක් විසින් ගැනුම් කරු වෙනුවෙන් තබාගැනී.

දැන් සිදුවනේ ගැනුම්කරු තමාට ලැබුන භාණ්ඩය ගැන අදාල කාල පරිච්චේදයකදී පැමිණිලි නොකලොත් විකුනුම්කරුට තෙවෙනි පර්ශවය විසින් (කොමිස් මුදලකට යටත්ව ) නිදහස් කිරීමයි.

මෙහිදී ගැනුම්  කරු භාණ්ඩය ලබාගෙන නොලැබුන බව  සදහන් කලොත් කුමක් සිදුවේද ? මිට විසදුමක් ලෙසයි තැපැල් සේවය දියුණු කල යුත්තේ.

එනම් සෑම පර්සලයක්  සදහා tracking number ලබාදෙන අතර අදාළ පුද්ගලයාට ලබාදුන් විට විකුණුම් කරුට අදාළ තැපැල්  සමාගමෙන් රිසිට් පතක් ලබාදෙනු ලැබේ. මෙනිසා හොරකම අවම වන අතර රට පුරා  වාණිජ ගනුදෙනු සාර්ථකව සිදුකරනු ලබයි.

මෙහිදී ශ්‍රී ලාංකිකයන් ඉගනගතයුතු පාඩම් කීපයක් පවතී.

01. අවංක වීම

02. පරිබෝගිකයා තෘප්තිමත් කිරීමට හැමවිට කටයුතු කිරීම

03. රටේ තැපැල් සේවය කිසිදු වංචාවකින් තොරව tracking number  යොදා ගනුදෙනු කළහැකි මට්ටමට පත් කිරීම

04. payment gateway solutions (ණයපත් මගින් ගෙවීම් සිදුකළහැකි පහසුකම් ලබාදීම ) මෙය ශ්‍රී ලංකික වාණිජ බැංකු ලබාදුන්නත් වසරකට රුපියල් 60000 පමණ අයකරන නිසා සහ සෑම ගනුදෙනුවකින්ම 3% ලබාගැනීම නිසා සුළු පරිමාන වියාපාරිකයන් මේවාට නොපෙලබේ
වැදගත්ම දෙයනම් paypal  මගින් මුදල් ලංකාවේ වාණිජ බැංකු වලට ලබාගැනීමේ පහසුව ඇති කිරීමයි මේ මගින් තමයි ශ්‍රී ලංකික සුළු සහ මාධ්‍ය  පරිමාන වියපරිකයින්ට අන්ත්ර්ජයල තුලින් අන්තර්ජාතිකව තම භාණ්ඩ විකිණිය හැක්කේ, මෙයිනුයි විදේශ විනිමය රටට කෙලින්ම ලැබෙන්නේ.  

05. රජය මුලිකවී රාජ්‍ය සහ වාණිජ බැංකුත් යොදා Escrow  පහසුකම් අඩුමිලට පාරිබෝගිකයන්ට ලබාදීම

ජනතාව ලෙස රජයට මෙවැනි දේවල් තමයි ඉල්ලිය යුත්තේ, ඔවුට මෙපිලිබදව කිසිදු පීඩනයක් ජනතාව යොදන්නේ නැත්නම් පාලකයන් මේවා ඇතිකිරීමට නොපෙලබෙනු ඇති, හේතුව ඔවුන්ට මේවයින් ගතහැකි කොමිස් මුදල ඉතා සීමිත අතර මේවට උවමනා දැනුම ඔවුන්ට කිසිවිට පහල නොවෙයි, නමුත් මෙය ක්‍රියාත්මක කලොත් දෙසපල්ලන්යයෙකු ලෙස මෙයින් බොහෝ රැකියා ඇති කළහැකි වනු ඇති, මා දකින මුලික බාදාව මේවා රටේ සිටින පිළිගත් මහාචාර්ය වරු කිසිවෙක් අල්ප මාත්‍ර හෝ දැනුමක් නැති වීමයි.

ලංකාවේ ඉතා බුධිමත් තරුණයන් සිටින අතර කලකට පෙර http://www.techkatha.com/ වැනි වෙබ් අඩවි වලින් බොහෝදෙනා දැනුවත් කළා මතකයි.
             

         

Sunday, November 15, 2015

ශ්‍රී ලංකාවට දියුණුවීමට කලයුත්තේ ගතයුතු ක්‍රියාමාර්ග



අද ඔබ ශ්‍රී ලංකාවට ඇති ප්‍රශ්නය කුමක්දැයි ඇසුවොත් බොහෝදෙනා පහත උත්තර දෙනුඅති
01. විධායක ජනාධිපතිකම තමයි ලොකුම ප්‍රශ්නය
02. කාලකන්නි නුගත් දෙසපලන්යයන් තමයි ප්‍රශ්නය
03. විවුර්ත ආර්ථිකය තමයි ප්‍රශ්නය

ඉහත 01. සහ 02. ඉතා ඉහල දායකත්වයක් සිදුව ඇති ක්‍රියාවලියේ නරක ප්‍රථිපල ගෙන ඒමට උදව් වී ඇතත් මා දකින  ප්‍රශ්නය ඇත්තේ මුලිකම රටේ ජනතාව අතරත් අද්ධ්‍යපන ක්‍රමය තුලත්, එම ක්‍රමය තුලින් බිහිවන නිලදාරීන් තුලත් බවයි.

ජනතාවගේ මුලික ප්‍රශ්නය නම් ලෝකයේ නව ප්‍රවණතා පිලිබදව දක්වන නොදැනුවත් බවයි, අතීතයේදී දැනුම ලබාගැනීමට තිබුණු එකම මාර්ගය ඉංග්‍රීසියෙන් පලවී වසර ගණනාවකට පසු සිංහලයට පරිවර්තනය වූ පොතපතයි, නමුත් අද අපට අන්තර්ජාලය තුලින් මේ නවීන දැනුම ලබාගතහැකියි.

මා උදාහරණයක් දක්වන්නම් ලිපිය දීර්ග වීම පිළිබද සමාවෙන්න.

අද වියලි කලාපයේ ගොවින් මුහුණ දෙන මුකිකම පශ්නයක් නම් ජලය ලබාගැනීමයි, ළිදක් කපාගැනීමට ඔවුන්ට පුළුවන් උනත් ජලය තම වගාවට ගෙනයාමට විදුලිබලය උවමනා නිසා සිදුකල හැක්කේ අදික මිලක් ගෙවීමෙන් පසුයි නමුත් කීයෙන් කීදෙනා දන්නවද නොමිලේ ජලය පොම්පකිරීමේ තක්ෂණය අද ලෝකයේ පවතිනවා කියල.





අපරටේ සිටින ගොවීන්ට ජලය ලබාගැනීමට ඕනෑතරම් සොවබවික පරිසරය තිබුනත් එය තම වගාවට යොදාගන්න ආකාරය පිළිබද දැනුම නොලැබීම නිසා ගොවි නිෂ්පාදන සදහා අදික වියදමක් දැනීමට සිදුවෙනවා, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කලයුත්තේ ගොවීන්ට නොමෙලේ පොහොර දීම වත් ඇට බෙදිමවත් නෙමෙයි මෙවැනි නව තාක්ෂණික උපක්‍රම හදුන්වාදීමයි.

Hydroponic Vegetable Growers



මෙම එළවලු වැවීම පටන්ගනිමේදී සැලකියයුතු ප්‍රාග්ධන වියදමක් දැරිය යුතු උනත්, කෘමිනාශක යොදනොගැනීම නිසා පවත්වගැනීමේ වියදම අවම වේ.
මෙහි ඇති මුලිකම වාසිය නම් පලධාව ලබාගැනීමට ගතවන්නේ සති 2 හෝ තුනක් වැනි කෙටි කාලයකින් වීමයි. කොම්පෝස්ට් පොහොර යොදාගෙන නිස්සරණය කර ගන්නා පොෂන ද්‍රව්‍ය නිසා මෙය ඉතා ගුනදයක් වේ.

රජය මෙවැනි වැඩසටහන් සිදුකලේ නම් කරන ලද ආයෝජනයේ ප්‍රතිලාබ වලින් ගන්නා ණය පියවා ලාභ උපයන මට්ටමට පැමිණිය හැකි වීමට ඉඩ තිබුණි.

දැන් ටිකක් හිතන්න මෙවැනි වියප්පෘති වල රජය ආයෝජනය  නොකළේ මේවායෙන් කොමිස් ගැසීම කලහැක්කේ ඉතා සුළු ප්‍රමාණයෙන් වීමයි, නමුත් නැවත හිතන්න රටේ ජනතාව, බුද්ධිමතුන්, උගතුන්, සිවිල් සමාජය, ආචාර්ය, මහාචාර්යවරුන්, ජනමාද්‍ය මේගැන කතා නොකරන්නේ ඇයි මේවා ලබාදෙන ලෙස රජයට බල නොකරන්නේ ඇයි ?        

මෙයට ජනමාද්‍ය ගැනනම් කිවයුත්තේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී කෘමිනාශක ආනයනය කරන සමාගම් වලින් ලැබෙන දැන්වීම් නොලැබීම නිසා ඇතිවන බියනිසා මෙවැනි දේ ප්‍රවර්දනය නොකලත්, අතින් අයනම් බොහෝවිට මෙය නොකරන්නේ අන්තර්ජාලයෙන් නිසි දැනුම ලබා නොගැනීම නිසයි (ලිංගික කටයුතු සදහානම් උවමනාවටත් වැඩියෙන් අපට දැනුම සොයාගෙන ඇති බවට සහතික ශ්‍රී ලාංකිකයන්ට තිබුනත් ) අනෙක් දේවල් ගැනනම් තාමත් ගල්යුගයේ බව කිවයුතුයි.

ඉදිරියේදී විදේශ වෙළදපොල සදහා යොමුවීමට ගතහැකි ක්‍රියාමාර්ග ........  

 
       

Friday, November 13, 2015

ශ්‍රී ලංකාවට සිදුවන්නේ කුමක්ද ? 2



දැන් අපි රටපාලනය ගැන මදක් අවදානය යොමුකරමු. අප රටේ මුලිකම අපනයන ආදායම වන්නේ ශ්‍රී ලංකික ශ්‍රමිකයන් මැදපෙරදිග රැකියාව කිරීමයි, මෙය මෙතරම් වැදගත් වන්නේ ඇයි ?

හිතන්න ඔබ ශ්‍රී ලංකාවෙන් පිටත රැකියාව කරනවා කියල, ඔබේ පවුලේ යැපෙන්නන් සිටින්නේ ලංකාවෙයි. ඔබ සෑම මසකම ඩොලර් 2000 ශ්‍රී ලංකාවට එව්වොත්, සිදුවන්නේ එම මුදල මහබැංකුව සංචිත ලෙස තබාගෙන ඔබ පවුලේ උදවියට රුපියල් වලින් ගෙවීමයි. මහබැංකුවට මුදල් අච්චු ගැසීම සිමාවාකින් තොරව සිදුකල නොහැක්කේ, ලංකාවේ අච්චු ගසන රුපියල් කෙලින්ම විදේශීය බැංකුවලට ලබාදී ඔවුන්ගෙන් ඩොලර් ලබාගත නොහැකි වීමයි.
අප රට සිදුකරන සියලු ආනයන සිදුකරන්නේ රුපියල් යොදාගෙන නෙමෙයි ඩොලර් යොදාගෙනයි. තවවිදියකින් කිව්වොත් ලංකාවෙන් පිට රුපියල් සදහා කිසිම වටිනාකමක් නෑ.

අද දවස වෙනවිට ශ්‍රී ලාංකිකයන් තමන්ට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ආනයනය කරනු ලබයි අප මුලික ආහාරය වන බත නිපදවීමට උවමනා වී ගොවිතැන ගැන බැලුවොත් අපි අවශ්‍ය පොහොර වල සිට සියලු දෙය ආනයනය කරයි. මේ සියල්ලටම උවමනා විදේශ විනිමය වන්නේ ඩොලරයයි.

අපරට මුහුණදෙන මුලික අභියෝගය නම් ඩොලර් උපයාගැනීමට අවශ්‍ය රැකියා රටතුල බිහි නොවීමයි.
2002 ට පසු 2004 දී බලයට පැමිණි රාජපක්ෂ රජය ලක්ෂ 6පමණ වූ රාජ්‍ය සේවය ලක්ෂ 14 පමණ වැඩිකලා. මෙම වැඩිවීමෙන් සිදුවුනේ කුමක්ද ?
වැඩි පිරිසක් අතට මුදල් යාමයි, ප්‍රශ්නය නම් මොවුන්ගෙන් ශුද්ධ වශයෙන් රුජුව හෝ වක්‍රව විදේශ විනිමය ඉපයීමට කිසිදු දායකත්වයක් නොලැබීමයි.
මෙනිසා සිදුවන්නේ රටේ රාජ්‍ය අංශයට වැටුප් ගෙවීමට ඉතා අපහසුවෙන් උපයන ඩොලර් වැයකිරීමයි, එනම් රාජ්‍ය සේවකයන් වෙළදපොලින් භාණ්ඩ සදහා ඉල්ලුම ඇතිකරනවිට නිතතින්ම් අපරටට ආනයන වියදම් දැරීමට සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක සිට ප්‍රාග්ධන වියදම් (ඉදිකිරීම් සදහා ) වලට වැඩි වියදමක් පරිබෝජනයට සිදුකලා  මෙනිසා සිදුඋනේ රටේ නව රැකියා ඇතිකිරීමට නොහැකි වීමයි. මහින්ද යුගයේ චීන අධාර ඇතිව සිදුකල ප්‍රග්ධන ආයෝජන (මහාමාර්ග, අධිවේගී මාර්ග ) නිසා බ්‍රිතාන්යෙන් අප නිදහස් වූ පසු සිදුකල විශාලම ආයෝජනය සිදුවුනා.

මෙය සිදුවුනේ අතිවිශාල ණය බරක් රටට පමුණවමින්, පහත අඩවියෙන් ඔබට මෙය තේරුම් ගත හැකියි.
http://www.economist.com/content/global_debt_clock

මෙහි මුලිකම ප්‍රශ්නය මේ සිදුකල සියලු ආයෝජන මහින් රුජුව ප්‍රතිලාබ රටට නොලැබීමයි. වක්‍රව ප්‍රතිලාබ ලබන අංශය සංචාරක වියාපාරය ඇතුළු අංශ කීපයකට සිමාවේ.

ඔබ ඉහත අඩවියට ගියොත් පැහැදිලි වෙයි ඕස්ට්‍රේලියාවේ අපට වැඩිය ණය ලබාගෙන ඇති බව, නමුත් අප දැනගත්යුත්තේ මෙම ආයෝජන වලින් සැලකියයුතු ප්‍රතිලබ එම රටට නව ආදායම් මාර්ග විවුර්ථ කරන නිසා ණය ඔවුන්ට ප්‍රශ්නයක් නෙමෙයි.

අප රට සිදුකලේ සියලුම ආයෝජන මහාමාර්ග සහ මත්තල ගුවන්තොටුපල වැනි විශාල වියප්පෘති සදහා යොදවාලිමයි.
සිදුකල යුතුව තිබුනේ සුළු සහ මද්‍ය පරිමාන නිෂ්පාදකයන් විදේශ වෙළදපොල සදහා යොමු කිරීමයි.

දැන් පහත කරුණු කොතරම් සත්‍යතාවයකින් යුතුව පවති දැයි ඔබම සොයාබලන්න.

සිතන ඔබට භාණ්ඩයක් අපනයනය කිරීමට උවමනා උනා කියා

පහත දේවල් කිරීමට ඔබට යන කාලය ගැන සිතමු.

01. පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට යන කාලය
02. අපනයන කිරීමට උවමනා භාණ්ඩය සදහා රෙගු බදු කොපමණ ගෙවියයුතු දැයි දැනගතහැකි ක්‍රමය.
03. ගෙවියයුතු බදුමුදල ගැන දැනගැනීම
04. අපනයනය කිරීමට උවමනා ක්‍රමවේදය දැනගැනීමට ඇති හැකියාව
05. සියලුදේය සිදුකිරීමට ගතවන කාලය

සිංගප්පුරුව, හොන්කොන්  වැනි රටක ඉහත සියලු කරුණු දවසකින් වැනි කෙටිකලකින් කළහැකි උනත් අපට මාස ගණනක් වැයකර
අල්ලස් ගෙවීමෙන් පසුවයි කලහැක්කේ.

අප රටේ පවතින ඉහත ක්‍රමවේදය නිසා රටට ආයෝජකයන් පැමිණීම කෙසේවෙතත් ලංකාවේ වියපරිකයන් අපනයනය අංශයේ ආයෝජන  කිරීමට යොමු නොවීම මුලික හේතුවයි.

මෙහි ඇති බයානක ලක්ෂණය නම් ලොව ඇති බහුජාතික සමාගම් අපරට තුල ඒකාධිකාරයක් ලබාගෙන ආනයන ප්‍රවර්ධනය කිරීමයි මෙනිසා අන්තර්ජාතික වෙළදාමේ වාසිය ලංකාවට නොලබියාමත් අන්තර්ජාතික වෙළදාමෙන් ඇතිවන සියලු අවාසි රටට උරුම වීමත් සිදුවේ.

ඉදිරියේ ලිපියෙන් ගැලවීමට ස්ථාපනය කලයුතු ක්‍රියාවලිය.....
     

   



               

Thursday, November 12, 2015

ශ්‍රී ලංකාවට සිදුවන්නේ කුමක්ද ?




නිදහස ලබුදා 1948 සිට අද දක්වා අපිට සිදුවන්නේ කුමක්දැයි ඇසුවොත් බොහෝදෙනා කියන්නේ බලලොබී දේසපාලනය නිසා අපට මෙය සිදුවී ඇතිබවයි.
මෙහි සැලකියයුතු අත්තක් ඇතත් සියල්ල ඇත්ත නොවේ. අපරටේ බලවත්ම පුද්ගලයා ජනාදිපති ලෙස සිතුවත් ඔහුට වඩා බලවත් බලවේග අප රටේ පවතී ඒ මොනවද ?

01. බහුජාතික සමාගම් ජලයේ ක්‍රියාකාරකම්
02. ජනමාද්‍ය
03. මත්ද්‍රව්‍ය වියපරිකයෝ
04. ඉතා විශාල මහජන ධනයක් මංකොල්ලකන පුද්ගලයන් (රජයේ ඉහල තනතුරු හවුල් කරගෙන කරන ගේම් )

01. බහුජාතික සමාගම් ජාලය :-

මෙම සමාගම් වවලට රටේ නිතිය කදිම ලෙස හැසිරවිය හැකි බව පමණක් නෙමෙයි රටේ නීති අලුතින් ගෙන ආ හැකිබවට ඇති කදිම නිදසුනක් පවතී.
1988 පමණ බලයට පත්වූ ප්‍රේමදාස ජනාදිපති විසින් ලෝක බැංකු යෝජනා මත ගෙනෙන ලද ජලය විකිණීමේ වියප්පෘතිය විජේතුංග කාලයේත් ඉන්පසු චන්ද්‍රිකා කාලයෙත් ඉන්පසු මහින්ද කාලයේත් දැන් මයිත්‍රි ජනාදිපති යුගයේත් ඇඟට පතට නොදනී ක්‍රියාත්මකවේ.



ඉහත දැක්වෙන්නේ වසර 2000 පමණ කාලයේ සරත් අමුණුගම ඉතා නිර්ලජ්ජිත ලෙස ජනතාව රැවටීමට උත්සහකරන ආකාරයයි.

පහත දැක්වෙන්නේ මෙය ලෝකයේ බොලිවියාවේ කිරීමට ගොස් සිදුවූ දෙයයි



වසර 2000 දී පමණ බොලිවියාවේ රජයට ලෝක බංකුව ණය දීමට කොන්දේසියක් පනවනවා එනම් ජලයට ආර්ථික වටිනාකමක් පනවන ලෙසයි.
මිට මුදල් ගෙවන මීටර් සවිකරන අතර අදාල මුදල ගෙවූ පසු ජලය ලබාගතහැකි වන්නේ, සිදුවන්නේ ජනතාව රජයට විරුද්දව මාරාන්තික කැරැල්ලක් ගැසීමයි, අවසානයේ මෙය පාලනය කිරීමට එවන මේජර්වරයා ජනතාව විසින් ජිවග්ග්රහණයෙන් අල්ලාගෙන කැලයට ගෙනගොස් පෙතිගසා මරාදැමු පසු මෙම වැඩසටහන රජය ඉවත්කරගනී.

අප මෙහිදී දැනගතයුතු වැදගත්ම දෙය මෙවැනි කුමන්ත්රණ වලට මිනිසුන් විරුද්ද නොවන්නේ ඇයිද ? යන කාරණාවයි.
රතුඉර වැඩසටහනට කුමාර චාපා බන්ඩාර මහතා ලංකාවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය සමාගම් ගණනාවක් පැමිණෙන බව ඒවායේ නම් සහිතව මෙම වැඩසටහනේ ඉදිරිපත් කරයි. සිදුවුයේ කුමක්ද ඔහු ලියන ග්‍රන්ථය වන "දියරකුසන්ට එරෙහිව " ට එරෙහිව මෙම සමාගම් වලට සම්බන්ද රාජ්‍ය නොවන සංවිදාන චාපා මහතාට විරුද්දව මිලියන ගණනක් වන්දි ඉල්ලා නඩු පවරනු ලබනවා.

ඉතිරි කොටස බලාපොරොත්තු වන්න. ...