Tuesday, September 13, 2016

දක්ෂ දරුවන් සදහා රැකියා ඇතිකරන්නේ කෙසේද ?

අද ඉතා කාර්ය බහුල දිනයක් උනත් පහත කෙටිලිපිය ලිවියයුතු යයි සිතුනා මෙහි ඇතුලත් තොරතුරු මෙය කියවන අයත් සොයාබලා මේ නැගණියට කළහැකි උපකාරයක් කරයි කියල හිතනවා.

http://lankanewshits.net/sinhala/?p=20969

කරුණාකර ඉහත තොරතුරු මේ නැගනියව අපහසු තාවයට පත්කිරීමට යොදානොගන්නා ලෙස ඉල්ලා සිටිමි.

මුලින්ම කිවයුතු දේ මෙතුමියගේ දක්ෂතාවය අනුව ඉංග්‍රීසි දැනුම ඇත්නම් තමන්ටම ඉතා ඉහල ආදායමක් ලබාගැනීමට හැකි වීමයි. කනගාටුවට කරුණ ඔවුන්ට මේ හැකියාව නැති වීමයි.

මම මෙය බලද්දිම මට ඇතිවුන අදහස තමයි අද ලංකාව පුරා විදේශ වලට මෙවැනි සේවා සපයන ආයතන තිබෙනවා මෙම ආයතන වලට කළහැකි දේ තමයි තමන්ට කිසියම් ඇනවුමක් ලැබුනහම මෙවැනි දක්ෂ අය ලවා කරවා ඉතා සාදාරන මුදලක් ගෙවීම.

උදාහරණයක් ලෙස මැය සදහන් කරනවා ඇය LOGO Design කරන බව ඉතා ඉහල තත්වයේ  LOGO එකක් සදහා විෂාල මිලක් අයකරනවා.
මම කලකට පෙර මගේ විදේශීය ගනුදෙනු කරුවකුට මෙවැනි LOGO එකක් ඩොලර් 70 වැනි මුදලකට මගේ මිතුරෙකු ලවා කර දුන්නා
මගේ ගනුදෙනු කරු ඉතා තෘප්තිමත් උනා එහි තත්වය ගැන.

ප්‍රශ්නය මෙවැනි දේ විශාල ලෙස ලැබෙන්නේ නෑ හැමවිටම (සමහර විට මම මේ අංශය ගැන වැඩි සෙවීමක් නොකළ නිසා මම නොදන්නවා වෙන්න පුළුවන් )

නමුත් විශාල ආයතන මෙවැනි දක්ෂතා ඇති අයට මෙවැනි වැඩ කීපයක් සාදාරන මුදලකට ලබාදිය හැකිනම් ඉතා වටිනවා. මෙහිදී ඔවුන්ට නිත්‍ය රැකියාවක් නොලැබුනත් මෙවැනි ක්‍රමයකදී මෙවැනි දක්ෂතා ඇති දරුවන්ට අත දීමක් වෙනවා.        

8 comments:

  1. ඇස් දෙකට කඳුළු පිරුනා මේ විඩියෝ එක බලද්දි.. මට හිතෙනවා ඇයගේ ඉංග්‍රිසි දැනුමේ අඩුව නිසා ඇයට ලොකු අසාධාරණයක් කරලා කියලා සමාජය.. ඇගේ උත්සහය නම් අගය කරන්න මට වචන නැහැ.. මේ ලිපියෙන් කුමන හෝ මාර්ගයක් ඇයට ඇරේවි නිසැකයෙන්ම.. ඇගේ හැකියාවන් විවිධ පැති වලින් ඉතා දියුණු මට්ටමක තිබෙන බැවින්..

    මට තේරුන් ගන්න බැහැ මේ ලිපියේ තියන කරුණු වලින් ඇයි ඇයට විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැරි කියලා.. කොහොම නමුත් ඇයට සාධාරණයක් කරන්න ඔබ ගන්නා මේ උත්සහය අගය කරන්නම ඕන..

    //කිසිම දේශපාලනඥයකු විස්වාස නොකරමු !!//

    ඔබේ බ්ලොගයේ ඉහළින් යොදාගෙන ඇති මෙම පාඨයට මම ඉතාම කැමතියි..

    ReplyDelete
    Replies
    1. නිම්නයක තනි වී හීන දකින්නී,

      මෙතන තියන වරද අපට කුඩා කාලයේ සිට පුරුදුකර ඇති විදිහ සහ මානසික වහල් චින්තනයයි මේ රටේ මිනිසුන් සිතනවා ඔවුන් දක්ෂ නම් ඔවුන්ට රජයෙන් රැකියා දියයුතු බව මෙය නිවැරදි වියයුතුයි.

      Delete
    2. ඔබත් සමඟ මම එකඟයි... මේ ලිපිය මගේ බ්ලොගයෙන් බෙදා හැරියට කමක් නැද්ද?

      Delete
    3. කිසි ප්‍රශ්නයක් නෑ ඕනෑම උපුටාගැනීමක් කරන්න

      Delete
  2. ඇයට ඉතා උසස් හැකියාවක් තියෙනවා. හිතේ කිසිම තෙතමනයක් නැතුව මගේ වචන වලින්ම කියනවා නම් මේකි අමුම අමු හරකියෙක්..

    මෙච්චර හැකියාවක් තියාගෙන අනේ මට ජොබ් එකක් දෙන්න, මාව වැඩට ගන්නකෝ කියා කියා නාහෙන් අඩන්න ඕනද ? කෙල්ලෙක් තමයි, එහෙමයි කියල මල් පෙත්තක් වගේ හැදුන කෙල්ලෙකුත් නෙවෙයිනේ. කට්ට කාලනේ මේ වයසට එනකම් ලොකු මහත් වෙන්න ඇත්තේ..

    ඉංග්‍රීසි බැහැ, ලැප්ටොප් එකක් නැහැ කියල හූල්ල හූල්ල ඉන්නේ නැතුව ලස්සන චිත්‍ර ටිකක් ඇඳලා main road එකක් ගාව තියන් ඉන්න බැරිද ? ලස්සන මුර්ති ටිකක් මැටි වලින් අඹලා විකුනන්න බැරිද ?

    ඕකෙන් දවසට රු: 500 ක් හම්බ කරන්න බැරිද ?
    මාසෙකට 15,000 ක්
    තව ටිකක් මහන්සි වෙලා ඕක 25,000 ක් කරගන්න බැරිද ?
    පොඩි පොඩි birthday cards හදන්න. පරිගණක දැනුම තියෙනවා නම් facebook ගැන එහෙම දන්නවා ඇතිනේ. ඔය දුක කියන වීඩියෝ එක කරපු කෙනාටම කියල fb page එකක් හදලා ඔය නිර්මාණ ටිකක් විකුණා ගන්න බැරිද ?

    මම දන්නවා කියන්න ලේසියි කරන්නයි අමාරු කියලා. එත් හැකියාව තියාගෙන සමාජේ අනිත් මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලන එක මම පුද්ගලිකව අනුමත කරන්නේ නැහැ. අද සමාජේ නිකන් උදව් කරන්නෙත් නැහැ කවුරුවත්.

    අද ලංකාවේ 99% ක් මිනිස්සු මෙහෙමයි. පට්ට හැකියාවක් තියාගෙන කවුරු හරි ඇවිත් උදව් කරනකම් හූල්ල හූල්ල ඉන්නවා. තමන්ගේ මහන්සියෙන් නැගිටින්න අවශ්‍යතාවයක් නැහැ.
    හිතුවොත් කරන්න බැරි දේකුත් නැහැ.. හූල්ල හූල්ල ඔහොම ඉන්නවට වඩා අඩුම තරමින් උත්සාහ කරලා වැරදුනත් ඒක නම්බුයි.. මල පනිනවා මේවා දකිද්දී. :(

    ReplyDelete
    Replies
    1. Yasith Gamage,

      මට මේ හැකියාව තියනවනම් මට විශාල දනයක් උපයන හැටි මම දන්නවා මිට හේතුව මොකද්ද ?
      මම දන්නවා අන්තර්ජාලයේ මෙයට ඉල්ලුම ඇති වෙළදපොලට කෙලින්ම වෙලදාම් කරන්න.

      කවුරු හරි මේ නැගණියට කියන්න ඕනේ මිට උවමනා කරන්න අන්තර්ජාල පහසුකමක් සග රුපියල් 15000
      පමණ වටිනා පරිගණකයක් සහ සමාජ ජාල ඔස්සේ තම හැකියාව ලොවට පෙන්වීම පමණයි කලහැක්කේ.
      මෙතුමියට කළහැකිනම් පින්තුරයක් බලාගෙන මුර්තියක් නෙලීමට පැයට ඩොලර් 25 පමණ අයකරනවා

      https://www.upwork.com/o/profiles/browse/?page=2&q=sculpture%20designers

      නමුත් මේ තරුණියට මිට උවමනා කරන දැනුම නෑ, මම දකින්නේ අද ශ්‍රී ලංකාවේ මේ අංශවල අතරමැදියන් ප්‍රමාණවත් ලෙස නිර්මාණය
      වී නැති නිසා මේවගේ ළමයින්ගේ දැනුම අපතේ යනවා. මමනම් හිතන්නේ පුද්ගලික අංශය වත් මෙය කලයුතුයි.

      Delete
  3. ඉතා හොද විඟ්‍රහයක්

    ReplyDelete