Monday, September 19, 2016

ආයුර්වේදය වසා දැමිම සහ ජනමාද්‍ය නිහඩ බව



ආයුර්වේදය වසා දැමිම සහ ජනමාද්‍ය නිහඩ බව.

දැනට ආයුර්වේදය  වසා දමා දින 5 ක් ගතවී ඇත නමුත් රටේ ජනමාද්‍ය මේ පිලිබදව මතුකලයුතු විරෝදය මතු කරන බවක් පෙනෙන්නට නැත.

මට මතකයට එන්නේ නාරද බක්මීවැව මෑතකදී කල දේශනයයි



එහිදී ඔහු පෙන්වා දෙන්නේ මාද්‍ය විසින්කරන මේ ජඩ පිළිවෙත ගැනයි, නැවත මාතෘකාවට හැරුනොත් මෑත කාලයේ ආයුර්වේදය තුල සැලකියයුතු දිවුනුවක් දකින්ට තිබුණි මෙනිසා බටහිර වෙදකමින් සුවකළ නොහැකි බොහෝ රෝග සදහා පිළියම් ලබාගැනීමට ජනතාවට අවස්තාව ලැබුණි. පසුගිය වසර 5 තුල ආයුර්වේද බෙහෙත් ශාලා වර්දනය වූ අතර දේශීය පුද්ගලික බෙහෙත් ශාලත් වේගයෙන් වර්දනය වුනි. මෙනිසා මෙම දේශීය වෙදකම තුලින් විශාල පිරිසක් සහනය ලබමින් පැවතුනා.

සමාජය තුල මතයක් පැවතුනා දේශීය වෙදකමට යොමුවෙන්නේ දිළින්දන් පමණක් බව නමුත් මෑත කාලයේ බටහිර වෙදකම නිසා සංකීර්ණ තාවයට පැමිණි බොහෝ දනවතුන් පවා දේශීය වෙදකම වෙත නැබුරු වීමත් එයින් විශිෂ්ට ප්‍රතිපල ලබාගැනීමත් සිදුවුනා.

මේ ජනප්ප්රියතාවයට මුලික හේතුවක් උනේ දේශීය වෙදකමට උවමනා අරිෂ්ට සහ බොහෝ තෙල් වර්ග  ආයුර්වේදය සංස්ථාව නිපදවීමත් ඉතා අඩුමිලට මිලදීගැනීමේ පහසුවත් යන කාරනා දෙකයි.

අද සිදුවීම් ජාලය ගැන බලමු https://goo.gl/XrF1su{ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කළමනාකාරීත්වය හා සේවකයින් අතර දින කිහිපයක් මුළුල්ලේ පැවැති අර්බුදය දිග්ගැස්සීම නිසා අද (15) පෙරවරුවේ සිට එම සංස්ථාව දින නියමයක් නොමැතිව වසා දමා ඇත.  }

මේ සිදුවී ඇත්තේ කුමක්ද ? බැලුබැල්මට මෙය සේවක අර්බුදය නිසා වසාදැමීම සිදුවී ඇතිබව කිව්වත් මෙය සිදුවී ඇත්තේ රාජිත සේනාරත්න නම් ඇමතිවරයා  විසින් කරන ලද සැලැස්මක ප්‍රතිපලයක් බව මේගැන විමසුම් නුවනින් බලන විට පෙනී යයි.

ඔබට මතකද බලයට පැමිණීමට පෙර ඔවුෂද ප්‍රතිපත්තිය මගින් මිල අඩුවෙන බව කිව්වා දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? අද තිබුනට වඩා මිල වැඩිවී ඇත.

මම මෙයට මෙවැනි කපටි මිනිසුන්ට චෝදනා නොකරමි මිට මුලික හේතුව නිද්‍රාශීලි මෝඩ ජනතාවයි.

හැකිනම් මේගැන වඩා සොයාබලා අන්තර්ජාලය ඔස්සේ ඔබේ විරුද්දතාවය පලකරන්න.        

6 comments:

  1. ඔබ විතරමද මන්දා මේ පිලිබඳව ලිපියක් ලිව්වේ. මමත් මේ නාරදගේ කතාව තැනක උපුටා දැක්වුවා. ඒ කතාව කෙටි වැඩිවුනාදෝ මන්දා. ඒ කෙසේ වෙතත් මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරපන් .

    ////////මේ සිදුවී ඇත්තේ කුමක්ද ? බැලුබැල්මට මෙය සේවක අර්බුදය නිසා වසාදැමීම සිදුවී ඇතිබව කිව්වත් මෙය සිදුවී ඇත්තේ රාජිත සේනාරත්න නම් ඇමතිවරයා විසින් කරන ලද සැලැස්මක ප්‍රතිපලයක් බව මේගැන විමසුම් නුවනින් බලන විට පෙනී යයි./////////////

    ReplyDelete
    Replies
    1. http://www.srilankanewslive.com/news/economic2/item/9678-sri-lanka-ayurvedic-drug-corporation-to-be-closed-down

      මෙන්න මෙහෙමයි බලල මල්ලෙන් එලියට ආවේ
      Sri Lanka’s only state sponsored organization in Sri Lanka for the manufacture and sale of Ayurvedic drugs, Sri Lanka Ayurvedic Drug Corporation is to be closed down purposely making it as a lost making venture at present, a representative of Trade Union Collective Lakmal Jayasinghes said in Colombo.

      http://colombogazette.com/2016/09/14/employees-take-chairman-hostage-over-several-demands/
      Employees of the Sri Lanka Ayurvedic Drugs Corporation today took their Chairman hostage over several demands.

      බැලු බැල්මට මෙය සේවක ප්‍රශ්නයක් ලෙස තමයි පෙනෙන්නේ නමුත් අදවනවිට සියලුම ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනය නතරවෙලා තියනවා සිදුවූ දෙය සරලයි 90% පමණ දේශීය වෙදමහතුන් පාවිච්චි කරන්නේ ආයුර්වේද ඔසුයි දැන් මෙය මුළුමුනින්ම නවතා දමා අවසන් අරිෂ්ට සහ බෙහෙත් තෙල් සුලුපරිමානයෙන් නිපදවනවානම් ඉතා විශාල මිලක් වනවා දැන් වෙදමහතුන් ට මේවා රෝගීන්ට ලබා දෙන්න බෑ මොකද නිෂ්පාදනය කලොත් සුලුපරිමානයෙන් මිල විශාල විදියට වැඩි වෙනවා.

      Delete
  2. නිද්‍රාශීලි මෝඩ ජනතාව හිතාගෙන ඉන්නේ උන් ආම්බානක නැගිටලා ඉන්නවා කියලා, උන්ට ලැබිච්ච ආතල් එක කොච්චර වැඩිද කියනවනම් උන් නිදාගෙන ඉන්නෙත් හිටං...

    ආයුර්වේදේ ලොකු දොස්තර නෝනා (ලොකුම කෙනාද කොහෙද) කෙනෙක් ප්‍රයිවෙට් වැඩ කරන්න තැනක් දාගෙන ඉන්නවා, බෙහෙත් කරන්නේ කාන්තාවන්ට...
    ගර්භාෂ ආශ්‍රිත ගැටළු වලට බෙහෙත් කරනවා වැඩිපුර...
    දවසකට ගිහින් ඩොක්ටර් චැනල් කරන්න සහ ට්‍රිට්මෙන්ට් කරන්න 10,000/- ක් 15,000/- ක් යනවා දෙයියනේ කියලා...
    බටහිර ක්‍රමේට ඔපරේසොන් කරලා ගොඩ දාගන්න බැරි ඒවා එතනින් ගොඩ දානවා...
    ඒ වගේ බෙහෙත් "නිකන් කරගන්න" එක ලෙඩ්ඩුන්ගේ ශරීරෙට හොඳ නැහැ කියල හිතල වෙන්න ඇති ආයුර්වේදේ වහල තියෙන්නේ, නැද්ද ලොකු අයියේ...
    එහෙම නැත්තන් ලොකු මැඩමුත් එයාගේ හොද්ද බොර වෙන්න තියෙන සම්භාවිතාව වැඩිවෙයි කියල කට වහගෙන ඉන්නවද දන්නෙත් නැහැ...

    මීට ආසන්නම කමෙන්ට් එකක් ඉකොනෝමැට්ටාගේ බ්ලොගයේද දමන ලදී...

    ReplyDelete
    Replies
    1. ආයුර්වේදය තුලනම් දක්ෂ වෙදුන් නෑ බොහෝවිට ආයුර්වේද සංස්ථාවෙන් බැහැරවයි දක්ෂ වෙදමහතුන් සිටින්නේ ප්‍රශ්නය දක්ෂ වෙදමහතුන් ආයුර්වේද බෙහෙත් වල තියන තෙල් සහ අරිෂ්ට තම ලෙඩුන්ට දෙනව අද වී ඇත්තේ මේවා එකවර නැතිකිරීමයි මෙය තමයි කුමන්ත්‍රණය. අද වනවිට විදේශ වලත් ආයුර්වේද බෙහෙත් සදහා විශාල ඉල්ලුමක් තියනවා විශේෂයෙන් යුරෝපයේ යම් විදියකින් අපිට මෙය ලෝකයට දෙන්න පුළුවන් උනොත් බටහිර වෙදකමට විශාල පහරක් වදිනවා මේ සිදුවෙන්නේ තිබිරි ගෙයතුලම දරුවා මරා දැමීමයි.

      Delete
  3. යහපාලනේ ආවේ ඉර දෙන්නම් හඳ දෙන්නම් කියාගෙන... දැන්???

    ReplyDelete
  4. සරසා තුමෝ,

    //යහපාලනේ ආවේ ඉර දෙන්නම් හඳ දෙන්නම් කියාගෙන//

    එකනම් ඇත්ත හිටන් !

    අද මහින්ද ලොක්ක ඇර අනික් හොරු ඔක්කොම ආණ්ඩුවේ !
    මේකට හේතුව රටේ මිනිසුන් හරිම නිද්‍රාශීලි එකට හේතුවකුත් තියනවා මොකද
    දෙසපල්න්යනන් අහිංසක ජනතාව අතකොලු කරගෙන අද වෙනකොට රටේ මිනිසුන්ට ඇති වෙලා තියෙන්නේ.

    නමුත් මම මහින්දගේ කාලේ ඉදලම කිව්වා වගේ කිසිම දෙසපලන්යයෙක් විශ්වාස කලයුතු නෑ වැරදි දේ වැරදි ලෙස රුජු විවේචන
    කරන්න මිනිසුන් බයයි නැත්නම් තමන්ගේ පර්ශවය වැරදි කරන කොට සද්ද නැතුව ඉදල අනුන්ගේ පාර්ශවය වැරදි කරනකොට පමණක් කෑගැසීම තුච්චයි.

    මම මහින්දටත් රනිල්ටත් මයිත්‍රී පාලට එක එක වකවානු වල චන්දය දීල තියනවා.

    අද මිනිසුන් දැනගන්න ඕනේ ඉතා සියුම්ව සිදුවන මහාපරිමාණ විනාශය ගැනයි එක මොන පාලනය කලත් වැරදි දේ වැරදි ලෙස කියන්න ඕනේ

    ඔබ තුමන්ලාගේ ප්රස්නය මහින්ද පිස්සු කෙලින කොට කෙලින් විවේචන නොකිරීමයි.

    අද සිදුවන විනාසය අදුශ්ශමානයි නමුත් මොලේ ඇතිව බලන විට කරන දේ පේනවා.

    ReplyDelete