Wednesday, March 16, 2016

15 නි දා එක්සත් ජාතික පක්ෂ උද්ගෝෂණය සහ අද 17 ත මහින්දගේ උද්ගෝෂණය ගැන මගේ අදහස.


 මුලින්ම 15 නි දා උද්ගෝෂණය ගැන මටනම් ඇත්තේ අපමණ සන්තෝසයක් මොකද මෙවගේ විහිලු අපි යහපාලනයෙන් බලාපොරොත්තු උනේ නෑ, රටේ පාලනබලය හොබවන රජයට ඉතා අඩු ජනතා සහබාගිත්වයක් ලැබුන මෙය (සහබාගිත්වයක් කිව්වට රජයේ ආයතනවල අහිංසක කම්කරුවන් ගම්වල සමුර්ධි ලාබින් ) යෝදාගෙන කරපු මෙම උද්ගොෂණය මගින් රනිල්ගේ වැඩපිළිවලට ජනතාවගේ ඇති දැඩි පිළිකුල මනාව පෙන්වනවා.

මේක රනිල්ට හොද පාඩමක්, ඉන්දියාව සමග ගිවිසුම් ගැසීමට ශ්‍රී ලංකාවේ මිනිසුන් පොරකකා සිටින බවයි රනිල් සහ ඔහුගේ   මෝඩ පිරිස සිතාගන ඉන්නේ.

මෙහි නිරුවත මනාව පෙන්වපි තැනක් තමයි  

 

මහාචර්ය රොහාන් සමරජීව මහතා හැසිරුණ විදිය, ඔහු මහාචර්ය වරයකු උනාට හැසිරුනේ හරියට පාතාලේ  මැරවරයෙක් විදියටයි.

මෙය බැලීමේදී ඔබ තේරුම් ගත යුත්තේ මේ අය මෙමෙ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කොපමණ පිඩනයකින් සිටිනවාද කියලයි.

මිට හේතුව කුමක්ද ඉහලම සිටින රනිල්ට දඩි පීඩනයක් ඉන්දියාවෙන් එල්ල වෙනවා මෙම ETCA ගිවිසුම ගැසීමට,

රනිල්ට උවමනාකලා ඔහුවටා ජනතාව සිටිනවා තමාට කැමති දෙයක් කළහැකි බව පෙන්වීමට නමුත් සිදුවුනේ අපේක්ෂා කල ජනතාවෙන් 10% වත් නොපැමිණිමයි.

ඔහුට වඩාත්ම පෙන්වීමට උවමනාකලේ තමාවටා තරුණයන් සිටින බව පෙන්වීමටයි, මෙය කොතරම් විහිලු මට්ටමට ගියාද කියනවනම් පහත පින්තුරයෙන් වටහාගත හැකියි 

 

https://www.facebook.com/abrighterfutuersl/videos/1733843416851539/


සාමන්ය මිනිසුන් ට මේගැන  ඇත්තේ දැඩි කෝපයක්

https://www.facebook.com/apearata/videos/931819510259184/

රටේ මහජනතාව රනිල් ගෙන් බලාපොරොත්තු වන්නේ රාජපක්ෂ නටපු නාඩගමේ දෙවෙනි කොටස නැරබීම නෙමෙයි මෙරට නවීන ලෝකයට සම්බන්ධ වීමට උවමනා කරන තාක්ෂනයත් රටේ අපනයන වර්දනය කිරීමට පැහැදිලි ක්‍රමවෙදයකුත් පමණයි නමුත් ඔහු වටේ සිටින කේවට්ට රැලට මෙය නොවැටහීම කණගාටුවක්.

එක්සත් ජාතිකප්ක්ෂයේ බුද්ධික පතිරණ වැනි අයට නිසි තැන නොදෙමින් හර්ෂ ද සිල්වාට මුදල් ඇමතිකම නොදී ඔහුට වඩා අඩු චන්ද ගත් රවී කරුණානායකට මුදල් අමාත්‍යංශයෙන් බාගයක් දී කරන මේ විගඩම එක්සත් ජාතික පක්ෂයට චන්දය දුන් කෙනෙක් ලෙස මටනම් පිළිකුල් සහගතයි.

දැන් අද මහින්දගේ උද්ගෝෂණය ගැන මට කියන්න වෙන්නේ, ජනතාව වන අපේ පැත්තෙන් මෙය ඉතා හොද බවයි, මේ මගින් රනිල් දැනගන්නවා වැඩිය නටන්න බැරි බව, මහින්දගේ පිල හොරු රැලක් තමයි, නමුත් මේ සොරුන්ට නිසි දඩුවම් නොකර රෙද්ද අස්සේ දාගෙන කන මේ මගුල ගැන හොද පාඩමක් රනිල් ඉගන ගන්නවා ඇති.

 

මෙනිසා මම මහින්දගේ උද්ගෝෂණය සාර්තකවෙවයි කියල ප්‍රාර්ථනා කරනවා (වෙලා තිබුනොත් මමත් යනවා )

2004 දී චන්ද්‍රිකා ඇමැති දුර පවරාගත් විට දොශාබියෝගය ගෙන එන්නේ නැතිව කරපු මෝඩකම වගේ මෝඩකමක් තමයි අද වෙන්නේ.

රනිල්ට කලයුතු වුනේ රටේ ඇත්ත තත්වය ජනතාවට පෙන්වා දුෂණයට විරුද්ධව නීති ගෙනත් දැඩි දඩුවම් කිරීම මගින් වේගයෙන් සංවර්දනය සදහා පියවර ගැනීමයි, නමුත් සිද්ද වුනේ මහින්ද කරපු හොරකම් තමුනුත් කිරීමේ බලාපොරොත්තුවෙන් ජනතාවට ඇස්බැන්දුම් පෙන්වන ප්‍රතිපත්තික්යකට යාමයි.

අද මා දකින විදියට මෙරජය හොද පාඩමක් ඉගනගන ගනි.

ජනතාවට ජය වේවා!!

          

 

       

26 comments:

  1. "රටේ මහජනතාව රනිල් ගෙන් බලාපොරොත්තු වන්නේ රාජපක්ෂ නටපු නාඩගමේ දෙවෙනි කොටස නැරබීම නෙමෙයි මෙරට නවීන ලෝකයට සම්බන්ධ වීමට උවමනා කරන තාක්ෂනයත් රටේ අපනයන වර්දනය කිරීමට පැහැදිලි ක්‍රමවෙදයකුත් පමණයි"

    ඕක කරන්න ඕනෙ නැ රනිල්ට කියපන්කො කහ ඉරකින් පාර මාරුවෙලා පෙන්නන්න කියල

    ReplyDelete
    Replies
    1. Anonymous,
      රනිල් ජනතාවගේ මනස වගේම රටට උවමනා දේ වටහාගනිමයි වැදගත්

      Delete
  2. \\\මෙරට නවීන ලෝකයට සම්බන්ධ වීමට උවමනා කරන තාක්ෂනයත් රටේ අපනයන වර්දනය කිරීමට පැහැදිලි ක්‍රමවෙදයකුත් පමණයි නමුත් ඔහු වටේ සිටින කේවට්ට රැලට මෙය නොවැටහීම කණගාටුවක්.///

    කේවට්ට රැලට එය වටහා දීමට නම් ප්‍රථමයෙන්ම රනිල් එය වටහා ගතයුතුයි නේද...!
    ටයි කෝට් ඇඳලා අතට ස්මාර්ට් ෆොන් එකක් ගත්තම ඇද්ද? මදි මයේ හිතේ...!
    අද රාජපක්ෂ උද්ගෝෂනයටත් ඔය සෙතම තමයි මෙයා...!!!

    ReplyDelete
    Replies
    1. chef-architect,

      //
      කේවට්ට රැලට එය වටහා දීමට නම් ප්‍රථමයෙන්ම රනිල් එය වටහා ගතයුතුයි නේද.//
      එක තමයි මම කියන්නේ ඔහු කිසිම අවබෝදයක් නෑ ලෝක තත්වය ගැන හෝ ශ්‍රී ලංකාවේ සිංහල මිනිසුන් ගැන.

      ගොහො දෙනා සිතාගෙන ඉන්නේ ඔහු නවීන තක්ෂණය ගැන දැනුවත් කෙනෙක් බවයි, නමුත් ඩිගිටල් කියන වචනයේ තේරුම නොදන්නා කෙනෙකුට ඇමති කම දීමෙන් කරලා තියන්නේ ඔහුගේ නොදහුවත් කම ප්‍රදර්ශනය කිරීමයි .

      Delete
    2. හොඳ පරිපාලකයකුට සබ්ජෙක්ට් එක දැන ගන්න ඕන නෑ.....

      නවළෝක මුදලාලි.... නවළෝක හොස්පිටල් එක පටන් ගත්තේ එයා දොස්තර කෙනෙක්ය... අනෙක් මුදලාලිගේ තත්වයත් ඒකයි.... ලලිත් කොතලාවලත් එහෙමයි...

      Delete
    3. මාතා මචෝ,
      //නවළෝක මුදලාලි.... නවළෝක හොස්පිටල් එක පටන් ගත්තේ එයා දොස්තර කෙනෙක්ය.//
      ඇත්තතමයි හැබැයි නවලෝකේ කියන්නේ ලාබ ලබන ආයතනයක් තව විදියකින් කියනවා නම් එතන ඇත්තේ වෙළදාමක්, නව ලෝක මුදලාලි කියන්නේ දක්ෂ වෙල්න්දෙක් ඉතින් වෙල්න්දෙක්ට ආයතනයක් ලැබීම ඔහුගේ විෂය තමයි.

      උබ පොඩ්ඩක් බලපන් හරින්ගේ FACEBOOK එකට ගිහිල්ල ඔහු අදහස් ඉල්ලනවා නවීන ත්ක්ෂණයට ලැබියයුතු පහසුකම් මොනවද කියල කාගෙන්ද අහන්නේ ? ඉස්කෝලේ යන කොල්ලොන්ගෙයි ගෙදර ගෘහනියක ගෙනුයි.

      යකෝ මෙහෙමද IT ගැන වැඩකරන්නේ, තොරතුරු තක්ෂණය එක විදියකට සංචාරක කර්මාන්තය වගේ, අනෙක් වියාපර් වල වත්කම් පෙන්න තියන කොට මේ වියාපාර වල වත්කම එහෙම පෙන්න නෑ. නමුත් දන්න කෙනා ලගට ගියහම ප්‍රතිපල පෙනෙනවා හරියට චිනේ JACK MAA පටන්ගත්ත අලිබබා වියාපාරය වගේ මේක එක මිනිහෙක් පටන්ගත්තත් දිනක ඇලවිය ඩොලර් බිලියන 14 ක් පමණ වෙනවා, මේ සුරංගනා ලෝකේ ගණන් නෙමෙයි. අප මෙවැනි වාණිජ කටයුතු දක්ෂ ලෙස කිසිමට හැකි අඩවියක් ඇති කලොත් චිනේ බඩු ඉන්දියාවට විකුණලා කෝටිගණන් හොයන්න පුළුවන්.

      Delete
  3. // මෙනිසා මම මහින්දගේ උද්ගෝෂණය සාර්තකවෙවයි කියල ප්‍රාර්ථනා කරනවා (වෙලා තිබුනොත් මමත් යනවා ) //

    ජයවේවා!

    අපිත් එනෝ!

    ReplyDelete
    Replies
    1. ජය වේවා!! රනිල්ට ලෝක තත්වය අවබෝද වේවා !!

      Delete
  4. මෙව්ව දකිනකොටනම් මචන් ලංකාවේ කාලකන්ණි දේශපාලුවෝ ගැන පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ. අල්ලපු හොරෙකුත් නෑ. කරපු සන්වර්දනයකුත් නෑ. ගහපු ප්ලෑන් එකකුත් නෑ. හරියට සද්දෙයි පඩ ගදයි වගේ. ආවෙ සිංගප්පුරුවක් කරන්ට. දැන් බලන්ට යනකොට සුඩාන් වලටත් එහා.

    ReplyDelete
    Replies
    1. Tilan,

      අපිට සෙල්ලම් කරකර ඉන්න වැඩි කාලයක් නෑ. රනිල් ආර්ථිකය ගැන ගන්න ඕන ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් රටම විනාසයි

      Delete
  5. යහපාලනය කියන තේමාව චන්දෙට ගත්තට ඔය යහපාලනයක් විපක්ෂෙ කාටවත් ඕන වුනේ නෑ. මහින්දල හොරාකන දිහා බලාගෙන අනේ අපටත් හොරාකන්න අපේ ආන්ඩුවක් කියන අවශ්‍යතාවය තමා තිබුනෙ.
    දැන් තමන්ම බෙල්ලට දාගත්ත යහපාලන උරචක්කරමාලෙ නිසා එජාපයත් ලොකු අවුලක ඉන්නෙ.
    මහින්දත් විකිරනශීලී මූලද්‍රව්‍යක් වගෙ. එන්න එන්නම බලය අඩුවෙනව.මහින්දට තියන ලොකුම ප්‍රශ්නෙ ජනප්‍රියත්වය රදවගන්න එක. රාජ්‍ය බලය එක්ක හදාගත්ත ප්‍රහිරූපය දැන් ඩැමේජ් වෙලා. විපක්ෂය සීසීකඩ වෙලා. මේ වගෙ දුර්වල විපක්ෂයක් ජේ ආර්ට තිබුනෙත් නෑ.නමුත් රනිල් මේකෙන් ප්‍රයෝජන ගනීද කියන එකනම් සැකයි.

    ආන්ඩුවත් දුර්වලයි විපක්ෂයත් දුර්වලයි.දෙපාර්ශ්වයටම තියන ශක්තිය අනෙකගෙ දුර්වලකම.

    ReplyDelete
    Replies
    1. සිව්වැනි මානය, //දැන් තමන්ම බෙල්ලට දාගත්ත යහපාලන උරචක්කරමාලෙ නිසා එජාපයත් ලොකු අවුලක ඉන්නෙ.//
      මේ ආණ්ඩුවට මහින්දට වගේ යුද්ධය දිනීම නිසා ලැබුන දේසපාලන ප්‍රාග්ධනයක් නෑ.

      //මහින්දත් විකිරනශීලී මූලද්‍රව්‍යක් වගෙ. එන්න එන්නම බලය අඩුවෙනව// රටේ ප්‍රශ්න වැඩිවෙන්න වැඩි වෙන්න මහින්ද බලවත් වෙනවා තවම පටන්ගත්තේ නැති උනාට අද උද්ගෝෂණය බලපුවහම ඔබට ඇත්ත තේරෙයි.

      ආණ්ඩුව විපක්ෂයටත් වඩා දුර්වලයි එකයි ඇත්ත. ආණ්ඩුව දුර්වල වෙන දෙයක් නිසා නෙමෙයි එක නායකයෙක් නැති එක දිශාවක් නැති නිසා

      Delete
    2. https://www.youtube.com/watch?v=HCjFHxcPdus&feature=youtu.be

      Delete
  6. RANIL ASARTHAKA PALAKAYEK.. 93 DI PAKSHA NAYAKTHAWAYA GANNA BARI UNA.. ETHANINMA TERENAWA MEYAGE PERSONLATY EKA.

    ReplyDelete
    Replies
    1. රනිල් ගැන මමත් විශ්වාසය කරන්නේ නෑ මෙවර මමත් පවුලේ අනෙක් අයත් රනිල්ට චන්දය දුන්නේ නෑ යහපාලන රජයට චන්දය දුන්නත්

      Delete
  7. ඕක රොහාන් සමරජීවගේ නෙමෙයි මේ රටේ උගත් බහුතරයම ඉන්න මානසිකත්වයක්... සමහර විට අර මනුස්සයා ඊට වඩා යමක් කමක් දන්න කෙනෙක් වෙන්න පුළුවන්... කොහොම හරි බය නැතිව ඔබාමාගේ වීඩීයෝ එක බලන්න කියපු පොර නම් මල් තියලා වඳින්න ඕන පොරක්...

    මේ රට කිසිදාක ගොඩ ගන්න බැරි ඔය වගේ නිලධාරි හා දේශපාලුවෝ ඉසා...

    එජාපය නම් ගූ හතයි කියලා තමයි කියන්න තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මාතා,

      පසුගිය දවස්වල රනිලව හොදට දන්නා ඉහළපෙලේ මගේ හිතවතෙක් සමග කරපු කතාවෙන් මම රනිල් ගැන හිතාගෙන සිටිය බොහෝදෙ තහවරු උනා, රනිල් ට බොහෝදෙනා හිතන බුද්ධියක් නෑ රනිල් ලෝකයේ බලවතුන් ආතර් සම්බන්දයක් තියනවා ආර්ථික සංවර්දනයට රනිල් හොදයි වැනි මතයක් ඇවිල්ල තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි සහ ගනිමි දිසානායක වැනි පක්ෂයේ මොලකරුවන්ගේ සහ වැඩ කරුවන්ගේ කිර්තිනාමය රනිල්ගේ ගිණුමට ඉබේම වැටීම නිසයි. ඇත්තටම රනිල් කියන්නේ රූකඩයක් පමනයි.

      ඔහු දක්ෂයෙක් නම් හරින් වගේ අද්දැකීම් නොමැති කෙනෙක්ට තොරතුරු තක්ෂණය බාර දෙන්නේ නෑ.
      //මේ රට කිසිදාක ගොඩ ගන්න බැරි ඔය වගේ නිලධාරි හා දේශපාලුවෝ ඉසා.//
      ලංකාවේ රජයේ සේවය ගැන කෙලින්ම අද්දැකීම් ලැබුනේ දැනට අවුරුදු 10ට පෙර සිටයි මොකද මම රජයේ රක්යාවක් නොකළ නිසා, නමුත් මා වැඩකරපු සමාගම රජයේ වැඩ කල නිසා මට දකින්න පුළුවන් උනා මෙහි තත්වය.
      කොහොම උනත් ලංකාවට මේ සෙල්ලම් නටන්න තියෙන්නේ මාස 2ආ 3 අතර කාලයක්, බලමු මොලේ ඇතිව වැඩකරන හැටි

      Delete
  8. රොහාන් සමරජීවගේ හැසිරීමත්,රටේ බහුතර දේශපාලකයින්ගේ හැසිරීමත් එක සමානයි.

    මොළේ තිබ්බට මොළය නැහැ කියලා අඩන අයට බලය ආවම මොළය නැති වෙලා යන එක අපිට ආවේනික දේශපාලන රෝගයක් වගේ.

    ReplyDelete
    Replies
    1. "මොළේ තිබ්බට" කියන වචනෙත් නිවැරදි නෑ ඉන්දියාව සමග කරපු මුළු ගනුදෙනුවම පාඩුවක්, මේ අයට හැකි වුනේ නෑ ඉන්දියාව සමග කේවල් කිරීමට

      Delete
  9. බ්ලොග් කරුවෙකු වන රොහාන් ගේ පුතා වන indi.ca තම පියා ගේ මැර හැසිරීම ගැන මොනොවාහරි කියාවිද?

    ReplyDelete
    Replies
    1. මම නම් දැනන් හිටියේ නෑ. නමුත් මේ සියලුදෙනාම කරන්නේ රගපෑමක් කියලයි මම කින්නේ

      Delete
    2. සරසා තුමෝ මෙන්න බලන්න http://indi.ca/2016/02/yoshitha-in-jail-video/

      ඔහු හැබැයි කිවයුත්ත කියනවා (දැනට )

      Delete
    3. ඉන්ඩි ඔහු ගේ පියා කල සක්කිලි වැඩේ විවේචනය කර ලිපියක් පල කොලොත් ඔහු කෙලින් මිනිහෙක්... හැබැයි ඉන්ඩි එසේ නොකරන බවට ස ර ස තුමා ට විස්වාසයි!

      Delete
    4. සරසා තුමෝ,

      මම මුලින්ම මේක දැක්කහම ඇතිවුනේ දැඩි පිළිකුලක් සහ කම්පාවක් මම මුලින් හිටුව මේක තේරුනේ මට විතරද කියල නමුත් පසුව දැක්ක බොහෝ අය මිට විවේචනය කරනවා, මට ඉන්පසු ඇතිවුනේ පුදුමයක් මොකද මහාචාර්යවරයකුට තමා කරන දේ පිළිබද මෙපමණ දුර්වල ආකල්පයක්ද තියෙන්නේ කියල.

      හැබැයි තව විදියකින් බැලුවොත් මෙම හැසිරිම මහින් පෙන්වන්නේ මොහුට පුද්ගලිකව වන පාඩුවේ තරමයි.

      පුත්‍රයෙක් තම පියා ප්‍රසිද්ධියේ විවේචනයට යයි කියල හිතන්නේ නැතත් තම පියාට තම අප්‍රසාදය දක්වනු ඇති.

      Delete
  10. ලාංකික,

    අපිට ලංකාවෙදි මේක යූස් කරන්න බැරිද පේපෑල් හිලව්වට?

    https://www.xoom.com/about

    මේක මොබයිල් ඇප් එකක් විදිහට නේද රන් වෙන්නෙ? මේක මොබයිල් ඇප් එකක් විදිහට නේද රන් වෙන්නෙ? මුන්ගෙ සයිට් එකේ මේක ලංකාවටත් වැඩ කරන බවක් පෙන්වනව. කරුණාකර පැහැදිලි කර දෙන්න.

    ReplyDelete
    Replies
    1. AnonymousMarch 18, 2016 at 10:56 AM,

      ස්තුතියි මම +1 (415) 395-4225 නොම්මරයට කතාකර තොරතුරු දැනගත්ත මෙය PAYPAL ආයතනය ලබාදෙන සේවාවක්.

      මේහි ඇති ප්‍රශ්නය මෙය PAYPAL මෙන් PAYMENT GATEWAY එකක් වෙබ් අඩවියේ භාණ්ඩ විකිණීම සදහා පහසුකම් සපයන වෙවාවක් නෙමෙයි.

      නමුත් මට දැනගැනීමට උවමනා කලේ PAYPAL ගිණුමේ මුදල් https://www.xoom.com ගිණුමට යවා ශ්‍රී ලංකාවට යැවිය හැකිදැයි දනගානිමට්යි. අවාසනාවකට https://www.xoom.com ගිණුම සග PAYPAL ගිණුම දැනට සම්බන්ද කල නොහැකියි. නමුත් එකම ආයතනය නිසා ඔවුන් මට සදහන් කළා මේ වසර අවසාන වන විට මේ පහසුකම ලබාදිය හැකි බව.

      ඔබට මෙය උවමනා කරන්නේ ශ්‍රී ලංකාවට කෙලින්ම මුදල් යැවීමට නෙමෙයි භාණ්ඩ හෝ සේව්වයක් විකිණීමේදී වෙළෙන්දකු කරන කාර්ය කිරීමට https://www.xoom.com තවම සමත් නෑ. නමුත් ඔබේ දැනුවත් කිරීම වටිනවා.

      PAYPAL පහසුකම ගතහැකි වෙන ක්‍රමයක් ගැන මම දැනුවත් වුනා නමුත් මේ ගැන තව කරුණු සොයන්න තියනවා ඉදිරියේ දී පොස්ට් එකක් මගින් මම කියන්නම්

      Delete