Sunday, March 5, 2017

ලෝකයේ සමාගම් වලින් කරන මොළ සේදීම සහ ශතවර්ෂ බාගයක් මිනිසුන්ට වස කැවීම.




පසුගිය වසර 80 ක පමණ කාලයකදී සිදුවූ හරිත විප්ලවය මගින් ලෝක ජනතාවට උවමනා ආහාර නිපදවිය කැකි උන බව තමයි අපි ඉගනගන තියෙන්නේ, නමුත් මෙය කොපමණ නිවැරදිද කියන දේ අපි කිසි කලක සොයාබැලීමට ලක් නොකළේ, මේ අදහස් ඉදිරිපත් කල බහුතරය ඉහල උගත් කමක් ලබපු ආචාර්ය උපාධි ලබපු බහුතරයක් නිසා මේ මිනිසුන් කියන දේ දෙවවක්යක් ලෙස පිළිගැනීමට අප පෙළබි සිටිය, මෙහිදී මේ මිනිසුන් බොහෝදෙනෙකුගේ මොළ සෝදා ඇතිබවත් තවත් පිරිසක් බහුජාතික සමාගම් විසින් මිලට ගෙන ඇතිබවත් දන්නේ බොහෝ සුළු මිනිසුන් පිරිසකුයි.

පසුගිය කාලයේ වසවිස නැති සහල් වගාකිරීම ගැන මාතෘකාව පැමිණි විට මේ උගතුන් කිව්වේ රසායනික පොහොර යොදා අක්කරයට බුසල් 120 ට වැඩි නිෂ්පාදනයක් කළහැකිව තිබියදී පාරම්පරික වි වර්ග මහින් ලබාගන්න පුළුවන් බුසල් 60 පමණ රසායනික පොහොර මහින් ලබන අස්වැන්නෙන් හරි අඩක් බව සදහන් උනා, දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? අක්කර දහස් ගණනක දේශීය විවගාවෙන් ලබන ප්‍රතිපල අනුව අක්‌කරයට බුසල් 125 ක පලදාවක් ලබාගන්න පුළුවන් වී ඇති බව සදහන් වෙනවා http://www.divaina.com/2017/03/06/news20.html

මේ සිදුවී ඇත්තේ කුමක්ද ? මෙය ලබාගෙන ඇත්තේ ත්‍රිකුණාමලය වැලිඔය වස විස නැති ගොවි කලාපයෙනි. මෙහි පස වසවිස යොදා වසර ගණනක් වගාකළ කුබුරු නොවෙයි, වසර 30ක යුද්දය නිසා මේ කලාපයට පොහොර ගෙනයාම තහනම් උනා මෙනිසා පසේ ශුද්‍ර ජීවින් සහ ගොයමට හිතකර පනුවන් බහුලව මේ පසේ සිටිනවා මේ නිසයි මෙවැනි පලදාවක් ලැබී තියෙන්නේ නමුත් කාලාන්තරයක් රසායනික පොහොර දමපු ඉඩමක මෙවැනි ප්‍රතිපල ගැනීමට කාලයක් ගත වෙනවා.

දැන් මෙයින් ඔප්පු වී තිබෙන දෙය නම් වසවිසෙන් තොරව කරන ගොවිතැනින් වසවිස දමල කරන ගොවිතැනට සමානව අස්වැන්න ලබාගන්න පුළුවන් වෙලා තියනවා. හැබැයි දැන් ගොවින් දැනගන්න ඕනේ දෙයක් තියනවා වසවිසෙන් තොරව කරන ගොවිතැනට දේශීය බිජ උවමනා කරනවා, මේ දේශීය බිජ වලින් කරන ගොවිතැනට කෘමිනාෂක සහ රසායනික පොහොර යොදා වගා කිරීම කල හොහැකියි මොකද දේශීය ගොයම් පැලය රසායනික පොහොර් වලට ඔරොත්තු දෙන්නේ නෑ, මේ වගේම සමාගම් වලින් නිපදවන ලද බිජ යොදා කාබනික පොහොර පමණක් පාවිච්චියෙන් ගොවිතැන කලොත් සිද්දවෙන්නත් මේ දේමයි, මොකද රසායනික පොහොර සහ කෘමි නාශක නැතුව විදේශ වලින් සමාගම් වලින් ගෙනඑන බිජ වවන්න බෑ.

මේ සරල සත්‍ය ගැන අවබෝදයෙන් ඉදිරියට යෝයානම් අපට කෘමිනාශක සහ පොහොර වලින් තොරව වසවිසෙන් තොර සහල් ලබාගන්න පුළුවන්.
       

Monday, February 27, 2017

නිර්මාණශීලි ලෙස රට බංකොලොත් කරන යහපාලනයේ ඔස්තාර්ල.



මෙම ලිපිය යහපාලනයේ හොද නරක සහ විනාශකාරී ප්‍රවණතා සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහින්ද යුගයේ ලබාගත් අතිවිසාල ණය වල වාරික සහ පොලිය ගෙවීම ආරම්බ වී ඇත, ඉතා විශාල අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් දායාද කල මහින්ද පාලනයෙන් පසු යහපාලනය කරනවා කියමින් පැමිණි සොරු රැලක් පෙන්වන නාටකය ගැන විස්තර ඔබ සැමට එකින් එක පෙන්වාදීමට කැමැත්තෙමි.

මිට මාස ගණනාවකට පෙර මෙම රජය අතිවිශාල වෙනස් කම් නොකරුවොත් තව මාස ගණනක් අත්තුලත රට බංකොලොත් වෙන බව මම මිට පෙර පෙන්වා දීමට උත්සහ කෙරුවෙමි.

දැන් කියන්නේ එම වෙනස්කම් මෙරජය කිරීම පටන් ගැන ඇති බවයි, කනගාටු දායක කරුණ නම් මේ වෙනස්කම් වලින් තාවකාලික සහනයක් සහ දිර්ගකාලින වන්දි ගෙවන්න වෙන්නේ කොහොමද කියල මම පෙන්වාදෙන්නම්.

තාවකාලික සහනය :- 
ඉදිරි අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි  කිසියම් සමාහමකට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඊට ගෙවීම කරන විට රදවාගමිමේ බද්දෙන් 10% ගෙවියයුත්තේ අදාළ කොන්ත්‍රත්තුව ලබාදුන් සමාගම කොන්ත්‍රාත්තුව ලබාගත් සමාගම වෙනුවෙන් දෙශිය ආදායම් බදු දෙපාර්තමේන්තු වට  බදු ගෙවිය යුතු වන ආතර කොන්ත්‍රත්තුව ලබාගත් සමාගම 6% ඉතිරි බද්ද මුදල් ලබාගැනීමත් සමග ගෙවියයුතුයි.

මෙනිසා ඉදිරියේදී බදු පහරහැරිම  ඉතා අපහසු වන ආතර මින්පසු බදු ගෙවීමේදී මුදල් ලබාගන්න සමාගම වෙනුවෙන් බදුමුදලක් මුදල් ගෙවන සාමාගම විසින් ගෙවන නිසා අවසාන වශයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සෑම සමාගමක්ම කොතරම් ආදායමක් ලබල තියනවද අයවියයුතු බදු නිසිපරිදි ගෙවා ඇද්ද යන්න පහසුවෙන් සොයාගන්න පුළුවන්.

මෙනිසා ඉදිරියේ දී රුජු බදු ප්‍රමාණය ඉහල යනු ඇති.

දැන් මෙහි ඇති දිර්ගකාලින අවාසි ගැන කියමි.
මුල්ම අවාසිය නම් මෙතෙක් රටවිරුවන් ලෙස ආදායම් උපයපු විදේශ ගත සියලු සේවකයන්ගේ ආදායම මත බදු පැනවීමයි  මෙය ලියන ලියුම් කරු ඇතුළු බොහෝදෙනා ශ්‍රී ලංකාවට ඩොලර් ආදායමක් උපයාදී ඇති අතර ශ්‍රී ලංකා රජයේ මෙතක් බදු ප්‍රතිපත්තිය වුයේ විදේශ විනිමය ඉපයීම මත කිසිදු බද්දක් අය නොකිරීමයි.

දැන් ඉදිරි අප්‍රේල් මාසයේ සිට අප සියලු දෙනාට 16% බද්දක් ගෙවන්න වෙනවා.

මේ ක්‍රමය නිසා ආර්ථිකයට තාවකාලිකව පහසුවක් ලැබුනත් අප වැනි බොහෝ මිනිසුන් මින් ඉදිරියට කරන්නේ සිංගප්පුරුව හොන්කොන් වැනි රටවල විදේශ ගිණුම් විවුර්ත කර ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ මුදල් නතර කරන එකයි. මෙනිසා ඉදිරි වසර කීපයේදී ශ්‍රී ලාංකිකයන් විදේශ ගිණුම් වලට මුදල් ලබාගෙන සියලු ඉතුරුම් විදේශ වල කිරීමට පුහුණු වූ පසු ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය ඉදිරි වසර කීපයේදී ඩොලරයට රුපියල් 250 ට වඩා ගෙවීමට වීමෙන් රට කබලෙන් ලිපට වැටෙනු ඇති.

මෙවැනි ආර්ථික තීරණ ගැනීමේදී රටට විදෙශ විනිමය උපදවන පිරිසට බදුසහන දී රැකගන්නවා විතරක් නෙමෙයි තම වියාපාර දියුණු කිරීමට නොමිලේ උපදෙස් වගේම සියලු පහසුකම් ලෝකයේ දියුණු වෙන රටවල් සපයනවා, අවාසනාව ඉතා අපහසුවෙන් වියපාර කරන අපවැනි පිරිසට සහන ලාබදීම (PayPal හෝ අන්තර්ජාතික මුදල් හුවමාරුව පහසු කරන Payment gateway ක්‍රමයක්වත් ඇතිකිරීමට අපහවූ වූ රජය ) මේ කරමින් ඉන්නේ රත්රන් බිත්තර දමන කිකිළිය මැරීමයි.
 

Monday, February 20, 2017

නිවසක් කුලියට ගෙන නවකවදය දීමෙන් හසුවූ සිසුන් 15 දෙනා රක්ෂිත බන්දානගරයට.




ශ්‍රී ලංකාවේ නවකවදය පිළිලයක් ලෙස දශක ගණනාවක් පවතී, ලෝකයේ විශ්වවිද්‍යාල අතර 2000 වන ස්ථානයට පහලින් සිටින ශ්‍රී ලංකාව කිසිම වැඩක් හරියට කිරීමට නොහැකි පර පිඩක කාමුකත්වයන් පෙලෙන උපාධිදාරීන් ජනතා මුදලින් බිහිකරන රටක් බවට පත්වී ඇත.

මේ ව පිටිපස්සේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව සිහිබුද්ධියක් ඇති මිනිසුන්ට දන්නා නමුත් ඔවුන් කිසිවක් නොදන්නා තොත්න බබාල වගේ හැසිරෙන ආකාරය ඔවුන් ගේ නිල වෙබ් අඩවිය බලීමෙන්
 http://www.lankatruth.com/site/  තේරුම් ගන්න පුළුවන්, රජයේ හෝ මහින්දගේ වරදක් වේගයෙන් පලවෙන මෙම අඩවියේ මේ පුවත ගැන හාන්කවිස්සියක් පලනොවිමෙන් "පුහුල් හොරා කරෙන් දැනේ" කියන පිරුල මැනවින් ඔප්පු වේ.

මම නම් යෝජනා කරන්නේ මෙවැනි වරදක් කර අසුවුනොත් බරපතල වැඩ සහිතව වසර 2 කක බන්දානාගාර කර ඉන්පසු නැවත විශ්වවිද්යාලට ගියවිට ඔවුන්ට නොමිලේ අද්‍යාපනය නොදී උපාදියට රජයට වැයවන මුදල කොටස් වශයෙන් ගෙවන විදියක් යෙදුවනම් ඉදිරියට මෙවැනි දේ සිදු නොවනු ඇති.

මිට හරියටම වසරකට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ මෙවැනි දෙයක් උනා මතක ඇති. මෙවැනි තිරස්චින වැඩ කිරීමට නිවාස කුලියට ගැනීමට තරම් මුදල් ලබාදෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කැට හොල්ලන හාමුදාව සහ මේවට සම්මාදන් කරන මෝඩ මිනිසුන් බව සැකයක් නෑ.

මෙපාර නම් බඩු බනිස් වී ඇතිබව දිවයින පුවත් පතේ පලවී ඇති

//විත්තිකරුවන් පහළොස්‌ දෙනා වෙනුවෙන් පෙනී සිටි දිමුතු වීරසේකර සහ සුපුන් රත්නායක යන නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා නොසිටින්නේ සිද්ධියේ ඇති බරපතළකම සලකා බැලිය යුතු නිසා බවයි. යම් හෙයකින් ඇප ලබාදිය හැකි තත්ත්වයක්‌ ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීමට කටයුතු කරන්නේ නම් මැනවැයිද ඔවුහු කියා සිටියහ.//

විත්තිකරුවන් ගේ නීතිඥ මහතුන් ගේ කියමනෙන් ම සනාතවෙනවා  {අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා නොසිටින්නේ සිද්ධියේ ඇති බරපතළකම සලකා බැලිය යුතු නිසා බවයි} විත්තියේ නිත්ඥයනට මෙහෙම කියන්න වෙන්නේ මෙනිසා.

මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ නියම මුහුණ, මේ විශ්වවිද්‍යාල වලින් එලියන එන මිනිසුන් කිසිම වැඩකට නැති මිනිසුන් බවට පත්කරන්නේ මේ හීනමානයෙන් පෙලෙන රෝගීන්, වරක් ඉංග්‍රීසි භාෂාව පන්තියේ කතාකිරීමට උපදෙස් දුන්න විට, ඉංග්‍රීසි යෙන් කතාකරන සිසුන්ට නවකවදය දීමත් පුස්තකාල වලට යාමට අවසර නොදීමත් දේශන තියෙනවෙලාවට නවකවදය දීමට රැගෙන යාමත් මේ තිරිසනුන් කරනු ලබනවා.

මෙය කියවන අයට මතක ඇති වාරප්‍රගෂ් සිද්ධිය දක්ෂ සිසුවෙකු වූ මේ සිසුවා CIMA වලිනුත් ඉහලින් ම සමත්ව තිබියදී තමයි විශ්වවිද්‍යාලයේ සිටියේ http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=98657
ඔහුව මේ මිනීමරුවන් විසින් ගාතනයට ලක්වෙන්නේ 1990 දශකයේ අග හරියේ බවයි මට මතක

මේවා ගැන සලකල මේ මෝඩ මිනිසුන්ට දඩුවම්  කලයුත්තේ ජනතා විමුක්ති පෙරමුණට උන ගැනෙන්න.


Saturday, February 18, 2017

ලෝකයේ සිදුව්වෙන පර්යේෂණ ගැන ඇත්ත තත්වය

මේ ලිපිය ලිවිමට හේතු 2 ක් තියනවා
01.  ලෝකයේ සිදුව්වෙන පර්යේෂණ ගැන ඇත්ත තත්වය පෙන්වාදෙන්න
02. අජිත් ධර්ම ලියන https://kolambagamaya.blogspot.com/2017/02/blog-post_15.html අඩවියේ Jude නමැති මහතකු පලකල අදහස් වැඩිදුරටත් විස්තර කිරීමට. මෙය කොමෙන්ටුවක් ලෙස දමනවාට වඩා පොස්ට් එකක් ලිවීමෙන් හොද අදහසක් දෙන්න පුළුවන් වෙයි කියල හිතනවා.

මුලින්ම ලෝකයේ මේ විසාල ඔවුෂධ සමාගම් පර්යේෂණ කර කිසියම් බෙහෙතක් නිපදවන විට අප සිතනවා මෙය සතුන්ට ලබාදීලා කාලාන්තරයක් පරික්ශා කරලා කැමැත්තෙන් පරීක්ෂණ වලට සහබාගිවු මිනිසුන්ට ලබාදීලා කාලාන්තරයකට පසුව තමයි මේ බෙහෙත් වෙළදපොලට එන්නේ කියන අදහසක් අපේ මිනිසුන්ට තියනව.

පහත වීඩියෝව මගින් ඔබට මෙහි ඇත්ත තේරුම් ගන්න පුළුවන්



ඇමරිකාවේ කොන්ග්‍රස් සභික බිල් පොසි මහතා එවක colleen boyle (Centers for Disease Control and Prevention) ආයතනයේ ප්‍රදාන තනතුර දරපු දොස්තර වරියගෙන් අහනවා වැක්සින් ලාබාදුන් දරුවන් සහ වැක්සින් ලබා නොදුන් දරුවන් (vaccinated vs unvaccinated ) අතර ඔටිසම් වැළදීම ගැන පර්යේෂණ කොපමණ තිබෙනවද කියල, මෙහිදී ඇය සබාව නොමගයවන්න කියන්නේ මෙවැනි පර්යේෂණ ගණනාවක් කල බවයි, ඉන් පසු පොසි අහනව CDC ආයතනය කියක් කලාද? කියල ඇය කියනවා අඩුම වශයෙන් 2 කක් කල බව, අවසාන වශයෙන් පොසි අහනවා "ඔබ දැන් විශ්වාසයෙන් කියන්නේ වැක්සින් ලාබාදුන් දරුවන් සහ වැක්සින් ලබා නොදුන් දරුවන් අතර  ඔටිසම් වලදීම ගැන පරීක්ෂණ කල බවද ?" කියල නිෂ්ඨිතව අහන කොට තමයි ඇය කියන්නේ එහෙම පරීක්ෂණයක් සිදුවී නැති බව, මෙහිදී පොසි කියනවා ඔබ මගේ විනාඩි 5ක් නාස්තිකලා කියල නැවත අහනවා දොස්තර Poul Thorsen ගැන http://www.ageofautism.com/2012/11/wanted-by-the-feds-poul-thorsen-who-helped-pull-off-cdc-vaccine-autism-heist.html

මොහු ඔටිසම් ගැන කල පර්යේෂණ 24 න් 22ට සහබාගි වී තියනවා මොහු අමරිකාහු රජයට උවමනා විශාලම අපරාද කාරයෙක්.
මෙන්න මෙහෙම තමයි ලෝකයේ නවීන විද්‍යාව යොද්දාගන්නේ.

දැන් අජිත් ගේ අඩවියේ JUDE මහතා කියන්නේ මොකද්ද බලමු.

//You have asked whether the tests relating to drugs are done here in Sri Lanka. My answer is most probably because we have good doctors or researchers and we don't have restriction as found in the US.//

අපේ ලංකාවේ මෙය සිදුවෙන විදිය ගැනනම් අපුරුදෙවල් මම දැනුවත් වෙලා තියනවා, මගේ මව ඔවුෂදවේදිනියක් ඇය විශ්‍රාම යන විට රජයේ විශාලම රෝහලක ඉන්වෙන්ට්‍රිය බාරව සිටියා. ඇගේ සමකාලීනයන් රජයේ ඔවුෂද තත්ව  පරික්ෂා කරන ආයතනය තුල සේවයට ගියා දැන් වසර කීපයකට පෙර මෙහෙම ගිය කෙනෙක් මගේ මව සමග කියල තිබුනේ සමහර බෙහෙත් අනුමත කරවාගැනීමට ඔවුන්ට මානසිකව කොපමණ බලකිරීමක් උසස් නිලදාරීන් යොදනවද කියල, එක නිලදාරිනියක් කියල තියනවා තමන්ට ජිවිතේ නැතිකරගන්න තරමට බලපෑම් එන බව.

//Once a research was done for a soft-drinks company and the results were sent to the organization that provided money for the research. The researcher could not divulge anything relating to the research yet he said to a friend (in the same field) that he will never even look at those soft-drinks. //

මේ තියෙන්නේ අනික් ලෝක ප්‍රසිද්ද ලෙඩේ, එනම් මෙවැනි පර්යේෂණ කිරීමට අරමුදල් ලබාදෙන්නේ අදාළ ඔසුව නිපදවන සමාගමයි, මේ සමාගමට තමයි අයිතිය තියෙන්නේ අවසාන ප්‍රතිපල ප්‍රසිද්ධ කිරීමට නමුත් මේක සිදුකරන විද්යත්නයන්ට කිසිම අයිතියක් නෑ මෙහි තොරතුරු එලියට දෙන්න එහෙම කලොත් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න පුළුවන්.

ඒ කියන්නේ හොරාගේ අම්මගෙන් නෙමෙයි පෙනේ අහන්නේ කෙලින්ම හොරාගෙනුයි.

//When Genetically engineered food was prohibited in Sri Lanka the US ambassador spoke against it. Why? They don't sell us such food. //
මෙන්න අපුරු සිද්ධියක් ශ්‍රී ලංකාවේ ජානමය වශයෙන් දියුණු කල ආහාර තහනම් කල විට ඇමරිකානු තානාපති වරයා බලපෑම් කිරීමෙන් පසු එම තහනම ශ්‍රී ලංකා ඇමතිවරයා ඉවත් කර ගන්නවා. මෙහිදී JUDE මහතා කියනවා ඔවුන් අපට මේ ආහාර විකුනන්නේ නැති බව, නමුත් මේවා අපට විකුණනවද නැද්ද කියල අපි දන්නේ නෑ මොකද මේවා අමරිකාවෙවත් ලේබල් කිරීමක් වෙන්නේ නෑ, මා දන්නා තරමට මෙය ඕස්ට්‍රේලියාවේ නම් කරනවා.

යම් විදියකින් තහනම් කරලා තියෙද්දී කිසියම් ඇමරිකානු සමාගමක් ශ්‍රී ලංකාවට අපනයන කරන්නේ GMO අහාර බව වාර්තා උනොත් අනාගත දිනකදී ඇමරිකානු සමාගමට වන්දි ගෙවන්න සිදුවීමේ අවදානමෙන් වලකා ගැනීමයි මේ වී ඇත්තේ.

//Now we don't have our papaw and the seeds for pumpkins grown in remote chenas are from Malaysia. //

ඔව් මේ තියෙන්නේ red lady ලෙසින් හදුන්වන මේ ගස්ලබු බීජයක් රුපියල් 19 ක් පමණ උනා මේවයින් බිජ නිපදවන්න බෑ මේවා ජානමය ලෙස දියුණු කල බිජයි එච්චර විතරක් නෙමෙයි අපේ ගොයමට ගන්න වී වර්ගත් ජානමය ලෙස දියුණු කරලා තියනවා. උදාහරණයක් විදියට Round UP වලට ඔරොත්තු දෙන්න නම් එය ජානමය ලෙස දියුණු කරන්න ඕනේ.

ඉදිරි ලිපියකින් මම පෙන්වන්නම් මෙම ඔවුෂද සමාගම් සහ ලෝකයේ ආහාර නිපදවීමට සහබාගි වෙන මොන්සේන්ටෝ වැනි සමාගම එකම අයිතිකරුවන් සමුහයක් සහ එකම තාක්ෂණික බාවිතයන් යොදමින් ලෝකයම කොල්ලකන ආකාරය ගැන දීර්ග ලිපියක් සපයන්නම්.  
           


Friday, February 17, 2017

සමාජයේ දෙබිඩි පිළිවෙත



මෙහි දැක්වෙන්නේ තරුණියකගේ මාලයක් පැහැරගත් මිනිසෙකුට පහර දෙන ආකාරයයි.


මට මෙය දැකීමේදී ඉතා ජුගුප්සා ජනක හැගිමකුයි ඇතිඋනේ.
ටිකක් හිතන්න මේ මිනිහ වරදක් කරලා තියනවා, මේ වරදේ පරිමාව සමහර විට රුපියල් 50000 ට වැඩි හෝ අඩු විය හැකියි. අද මහබැංකුවේ වංචාවෙන් දවසකට රුපියල් කොටි ගණනක් දැනටත් අහිමි වෙමින් පවතිනවා, අපි හරියට ගණන් හදල බැලුවොත් වසරකට රජයට වන හානිය රජය බදුවලින් පියවන කොට එක පවුලකට රුපියල් 20000 ට වඩා මුළු රටටම පාඩු වෙනවා කාලයත් සමග මේ අගය වැඩි වෙනවා,  නමුත් මේ චන්ඩි කිසිවෙක් අර්ජුනටවත් මේවට සම්බන්ද මිනිසුන් ටවත් ග්ස්බන්දින්නේ නෑ නේද ? කෝ ඉතින් මේ චන්ඩි ? 

මේකට තමයි ටිබෙට් ජාතික එස් මහින්ද හිමි කිව්වේ "උස්තැන් දැක හැකිලෙන්නේ  මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ "  අද මේ සමාජයම ඉතා නිවට බවට පත්වෙලා.
අනෙක් අතට මේ වගේ මිනිසුන් තමයි සාමාජ වයිරය ඇතිකරගෙන මිනිසුන් මරණ භයානක මිනීමරුවන් වෙන්නේ.


මේ රට පාලනය කරන මිනිසුන් තේරුම් ගන්න ඕනේ දුමින්ද දිසානායක කෝටිගණන් සබිතගේ ස්වාමි පුරුෂයාට කුලී ගෙවමින් කෘෂි කර්මය විනාශ කරන අතර මේවගේ සාපරාදී වැඩ කරන මිනිසුන් යහතින් ඉදිද්දී ඉහත සදහන් අසරණයෙක් (ඔහු සොරෙක් බව ඇත්ත නමුත් ඔහු වැනි අයට සමාජයේ ඉහලට යන්න සමාජයක් රජයක් විදියට ගන්න සහ ගත්ත ක්‍රියාමාර්ග මොනවද ?) පහර දීමට එඩිතර වුන මිනිසුන් අර්ජුන මහේන්ද්‍රන් ට විරුද්ධව පෙළපාලි ගොස් බලපෑම් කළා නම් නරකද?


Tuesday, January 31, 2017

මෙහෙම කෑම තියෙද්දී ඇයි ක්රෝටන් කන්නේ ?


බොහෝ දෙනා දැන් ආහාර අහේනියට මුහුණ දෙන හැටි කියාදෙනවා රටේ බලදාරීන් ජනතාවට කොස්කොල ක්රෝටන් කොල කෑමේ වැදගත්කම ගැන කියනවා.

නමුත් කියන්න කනගාටුයි මේ රටේ ඉන්න මිනිසුන් මෙරටේ වැවෙන ඉතා ඉහල පොෂගුණයෙන් යුත් ආහාර හදුනන්නේ වත් නෑ.

ඒවා පිලියල කිරීමටත් විවිධ ක්‍රම තියනවා. පසුගිය කාලයේ තිලක් කන්දේගම මහතා අන්තර්ජාලයේ පළකර තිබුන තොරතුරු සහ ඔහුගේ ගොවිපලට කතාකර ඔහුගේ පොත පත ගෙන්වාගත් මම ගෙදරදී තරමක පර්යේෂණයක් කලා.

කෘෂිකර්මයට කිසිම සම්බන්දයක් නැති අගනගරයේ ජිවත් වන මට උවමනා කලේ කිසිම රසායනික පොහොරක් නොමැතිව ආහාර වගා කළහැකි දැයි බැලීමට මේසදහා වෙලදපොලේ (කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බිජ) මිලදිගෙන ගෙවත්තේ ඉන්දවා පලදාව කෙසේදැයි බැලීමයි මට උවමනා කලේ.

මිට හේතුව මම නිරීක්ෂණය කළා වල්පැලෑටි නිරෝගිව වැඩෙන බවත් මම ඉතා ආයාසයෙන් රෝපනය කල බිජ සතුන් කාදැමීම සහ විවිද රෝග නිසා මියයාම සිදුවුනා, මෙය අවුරුදු කිපයක් මා නිරීක්ෂණය කළා.

පසුකලකදී තමයි මෙහි ඇති රහස මම තේරුම් ගත්තේ (කනගාටුවට කරුණ නම් කෘෂි කර්මය  ගැන කප් ගසා ඇති උත්තමයන් ටත් මෙම රහස හරි හැටි වැටහී නෑ ) මෙය තේරුම් ගැනීමට බටහිර මාද්‍ය සහ තිලක් කන්දේගම වැනි දේශීය වියතුන් ගේ දැනුම මම ලබාගත්ත.

දැන් මම කිව්වා මම වෙළදපොලෙන් බිජ මිලදීගෙන ගෙවත්තේ රෝපණය කල බව, නමුත් පලදාවක් නොලැබුන බව, ඔබ මෙහිදී මතක තියාගන්න ඕනේ මම කිසිදු ලෙසක පොහොර දැමීම හෝ දිනපතා සාත්තු කිරීම නොකළ බව (මම ගතකරන ජීවිතය අනුව එහෙම කරන්න මට අපහසුයි ) මෙනිසා කෙනෙක් කියයි රසායනික පොහොර නැත්නම් අඩුගානේ කාබනික පොහොර වත් උවමනා බව.

නමුත් ඔබ නිකමට කල්පනා කලාද වල්පැල වේගයෙන් බෝවෙන්නේ ඇයි කියල බ්ලොග් ලොවේ කප් ගසා ඇති සරසා තුමා http://mallepol.blogspot.com/2017/01/blog-post_29.html
කිඹුල්වැන්න ගැන කියල තිබුන.

දැන් මගේ ප්‍රශ්නය ඇයි මේ වල්පැල සාර්ථකව වැවෙන්නේ සහ ඇයි අපේ එළවලු එහෙම වවන්න බැරි ? රහස ඇත්තේ බිජ වලයි, දැනට දශක ගණනාවක සිට අප බිජ ගෙන්වන්නේ වාණිජ සමාගම් මහින්, කියන්න ලැජ්ජයි මෙරටේ කෘෂිකර්ම අමත්යන්ශයත් එක්කෝ බිජ කෙලින්ම මෙසමාගම් මගින් ගෙන්වනවා නැත්නම් බිජ ප්‍රව්ර්දනයට යම් විදියකින් මේ සමාගම් වල සහය ගන්නවා. මෙනිසා මේ සමාගම් වගබලාගෙන තියනවා කෘමිනාශක, රසායනික පොහොර වලින් තොරව මොන විදියකින් වත් පලදාවක් ලබාගැනීමට නොහැකි තත්වයට පත්කරන්න.

මම ඉහත පර්යේෂණය කලේ වෙන මොකවත් නිසා නෙමෙයි 1980 දශකයේ මට මතක තිබුණ මගේ මිත්තනිය ගෙවත්තේ සුළුවෙන් වගා කරනවා මේ සදහා කිසිදු සැලකියයුතු පොහූරක් නොදැමූ බව මට හොදට මතකයි, නමුත් විශාල පලදාවක් ලැබුන. දැන් වසර ගණනක් අසාර්ථක වීමෙන් පසු මම තිලක් ගන්දෙගම මහතා සහබාගිවු වැඩසටහන් https://www.youtube.com/user/ANTSSHOWTUBE/videos
බැලීමෙන් පසු තේරුම් ගත්ත දේශය බිජ පාවිච්චි කලොත් මට මිට වෙනස් ප්‍රතිපල ගන්න පුළුවන් වෙනු ඇති කියා.

ඉතා අපහසුවෙන් දේශීය බිජ සොයාගැනීමට මට හැකි උනා. මම ඇත්දල  බණ්ඩක්ක, වදුරු මෑ, ගොරක තක්කාලි වැනි කීපයක් වවන්න බැලුව නමුත් මම කිසි විටකත් පොහොර දැම්මේ නෑ. වල්පැල අතර කිසිම පිළිවලක් නැතිව වැවීමයි මම කලේ Masanobu Fukuoka ගේ  වගා ක්‍රමයක්


මම මේ ක්‍රමේ ගැන ඉතාම පැහැදුනේ කිසිම නඩත්තුවක් කිරීමට උවමනා නොවීමයි (හේ හෙ මගේ කම්මැලි කමට මේ අපුරු ක්‍රමය ඉතා හොදින් ගැලපුනා ) කෙසේ වෙතත් මෙම ක්‍රමය ඉතා සාර්ථක උනා.

ඔබ ඔයමුල්ම පින්තුරයෙන් දකින්නේ මගේ වදුරු මෑ ගසේ පලදාවයි.

වදුරු මෑ :-

මෙය අධික ප්‍රෝටීන් තිබෙන කරලක් මේවා නිකම් ම උයන්න බෑ මුලින් මේවයේ ඇට තැම්බෙන තුරු විනාඩි 15ක් පමණ උනුවතුරේ තම්බන්න ඕනේ ඉන්පසු කෑලි කපා උයන්න පුළුවන්. මෙහෙම කරන්න  හේතුව මෙහි ඇති අදික ප්‍රෝටීන් විනාශ කිරීමටයි. (ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් ශරීරයට අහිතකරයි, සමහරුන්ට කරකැවිල්ල වගේ එනවා) අධික ප්‍රෝටීන් මාත්‍රාවක් ශරීර ගත උනහම  එය අහිතකරව බලපාන නමුත් මේ ආහාරය නිසි පරිධි පිලියල කල විට හරියට කජු මළුවක් වගේ තමයි, ඉතා ඉහල ගුණයෙන් යුක්තයි.

වදුරු මෑ විතරක් නෙමෙයි තව ආහාර ජාති විශාල ප්‍රමාණයක් මේ රටේ තියනවා.

පහත දැක්වෙන්නේ වදුරු මෑ සිංහල වෙදකමේ සහ ආහාර සදහා  පාවිච්චි කරන ආකාරයයි
https://www.facebook.com/permalink.php?id=1034095046673577&story_fbid=1034304659985949

http://dkjayathilaka5.blogspot.com/2015/10/blog-post.html

http://www.charmsandcureslanka.lk/index.php?option=com_content&view=article&id=161%3A-18-&catid=44%3Avedapoth-cat&Itemid=258&lang=si&showall=1

http://anyflip.com/idnf/yfcz/basic

අවසාන ලෙස අපේ රතන ස්වාමෙන් වහන්සේ ගැන කියන්න ඕනේ උන්වහන්ස් ට අමතක කල වැදගත්ම දෙයක් තමයි දේශීය බිජ එහෙම නැතුව කාබනික පොහොර නෙමෙයි වැදගත්ම සන්ගටකය, මේවා ගැන උනන්දු වී මේ කෘෂිකර්ම විප්ලවයට තිලක් කන්දේගම වැනි මහතුන් සම්බන්ද කරගත්තනම් වටිනවා .

මගේ ප්‍රශ්නය සහ ඉල්ලීම වෙන්නේ හාමුදුරුවනේ දේශීය බිජ ගොවීන්ට ලබාදුන්නද එහෙම නැත්නම් ඉට වැඩපිළිවලක් තියනවද ?


Saturday, December 3, 2016

වසර 2020 සර්වජන චන්ද බලය කෙසේ සංවිදානය විය යුතුද ?



සැලකිය යුතුයි :- පහත දැක්වෙන්නේ හුදු පරිකල්පනයක් බව කරුණාවෙන් සලකන්න.

"ප්‍රජාච්න්ට්‍රවාදය" යනු Democracy වචන්නයේ සිංහල අරුතයි, මෙහි ඉතිහාසයට ග්‍රීසියේ ඇතෑස්  නුවර දක්වා දිවෙනවා, මුලින් රටේ මහජනයා විශාල ස්තානයකට එක්කාසු වී තමන්ගේ නියෝජිතයන් තෝරාගැනීමයි සිදුවෙන්නේ, මෙහිදී මේ තෝරාගත් නොයෝජිතයන් විසින් තාමා නියෝජනය කරන ජනතාවගේ අබිමතය පරිදි තමතිරණය පර්ලිමෙන්තුවට දන්වන අතර මෙහිදී සිදුවන්නේ වැඩිදෙනාගේ උවමනා එපාකම් අනුව රට පාලනය වීමයි.

ලොව සියලු දෙය කල්යාමේදී වෙන්නස් වීමට ලක්වනවා යන නියාය සපත කරමින් සිදුවුයේ මුදල් සහ බලය ඇති මිනිසුන් විසින් මේ නියෝජිතයන් මිලදී ගැනීමයි, මෙම ක්‍රියාවලිය තරමක කැත වැඩක් උනත් එය ලස්සනට කිරීමට ඇමරිකාව යොදාගන ඇති නම්බුකාර වචනය "Lobbying"  එනම් මෙම වැඩපිළිවල තුලදී අදාළ මන්ත්‍රීවරුන්ට තමන්ගේ නමින් විවිද පදනම් පිහිටවන්න හැකිවූ අතර එම පදනම් මාර්ගයෙන් නම්බුකාර ලෙස අල්ලස්  ලබාගැනීමට  පහසුකම් සැලසී  ඇත.

මේ තත්වය ඉතා දියුණු අවදියක ශ්‍රී ලංකාව කියන රට පවතී.

මෙහිදී ජනතාවට උපරිමයෙන් බොරුකියා චන්දය ගෙන බලයට පත්වන මිනිසුන් තමා හට බලය දුන් ජනතාව සත පහකට මායිම් නොකර කරන සෙල්ලම ගැන අටුවා ටීකා උවමනා නැත.

අනාගතය ගැන ප්‍රබන්දය ආරම්භ වන්නේ මෙතැන් සිටයි.

දැන් අපි බලමු ග්‍රීසියේ ඇතිවූ තත්වය ජනතාවගේ වාසියට හරවන්නේ කෙසේද කියල, හිතන්න ඔබට ජනතා නියෝජිතයන් ඉවත්කිරීමේ බලය වසර 5කට වරක් නොව හැම මසකම  තියනවයි කියල මෙවැනි ක්‍රමයක් ප්‍රායෝගිකව සිදුකිරීමට තක්ෂණය අද වනවිට ලෝකයේ තිබෙන බව තේරුම් ගැනීමට ඇති සරලම නිදර්ශනය බැංකුවල ATM යන්ත්‍රයයි, මෙහිදී මිනිසුන් ලක්ෂ ගණන් තම බැංකුවල තන්පත් කර ATM මගින් විශ්වාෂනිය ලෙස මුදල් ඉවත් කරගැනීමට පහසුකම් සලසා ඇත, ඔබ හිතන්න ඔබට ඔබේ ජනතා නියෝජිතයා ඉවත් කිරීමට මෙවැනි ATM යන්ත්‍රයකින් හැකිය කියල අපේ ලෝකය කොතරම් වෙනස්වීමකට ලක්විය හැකිද ?

එනම් සෑම මසකම ජනතාවට තම නියෝජිතයා තවදුරටත් තබාගත යුතුද නැද්ද යනවග පහසුවෙන් ATM කාඩ් පත යොදා චන්දය දුන් වහාම වැඩිම මනාප ප්‍රමාණයක් ඇති පුද්ගලයා ඊලග මාසයේ බලයට පැමිණෙනවා නම්, ජනතා නියෝජිතයන්ට සිදුවෙනවා උපරිම සේවයක් තම චන්ද දායකයන්ට ලබාදීමට.

දැන් පනත් සකස්කිරිමටත් මේ ආකාරයේ ක්‍රියාවලියක් යොදාගන්න පුළුවන්, ඔබ හිතන්න https://en.wikipedia.org/ අඩවියට තොරතුරු එක්කරන විට කිසියම් අදහසක් විශාල පිරිසක් අතින් සම්මත වුනහම අදාළ අඩවියේ පිළිගත් තොරතුරක් බවට පත්වෙනවා, මේ ආකාරයට පනතක් සම්මත වීමේදී විශාල පිරිසක් එකගවන අදහස නිතිය බවට පත්කිරීමේ ක්‍රියාවලියක් සිදුවුනානම් ජනතාවට වැඩිම ප්‍රතිලාභ නොලැබී යයිද ?

මෙහිදී කෙනෙකු අසයි එහෙනම් ජනතාවට අවාසි සහගත බදු පනත් සම්මත කරගන්නේ කොහොමද ? සහ ජනතාව ගේ සුභ සාදනයට අදාළ දේ දිගින් දිගටම ජනතාව යෝජනා කලොත් ඒවා නිසා රට බංකොලොත් විම වලකා ගන්නේ කොහොමද? කියන කාරණය

මෙහිදී ද අරමුදල් සම්පාදනයට ක්‍රම යෝජනා කළහැකි අතර මේවා සදහාද මිනිසුන්ට තම කැමැත්ත අකමැත්ත පලකිරීමට අවස්තාව දීම මගින් ජනතාව කැමති අවම අප්‍රසාදයක් සහිත ක්‍රම වලින් මුදල් සම්පාදනය කළහැකි වනු ඇති (අරමුදල් සම්පාදනය කිසිවිටකත් ජනතාව කැමති නෙවන ක්‍රියාවකි )
මෙහිදී කිසියම් යෝජනාවක් සදහා

උදාහරණ දඩමුදල් 25000 කිරීම මහින් අරමුදල් සම්පාදනයට කැමති කවුදැයි ඇසුවහම
5000 ක පිරිසක් මිට කැමති වන අතර 500000 පිරිසක් අකමැති කියල කියමු
ජනතාවගේ ආදායමේ ලක්ෂය ඉක්මවන සියලු දෙනාගෙන්ම රුපියල් 5000 ක් අයකිරීම සුදුසුද කියන ප්‍රහ්නයේ දී
100000 අකමැති වෙද්දී 80 000ක් කැමති වනවා නම්

අඩුම අප්‍රසාදය ඇති යෝජනාව ක්‍රියාවේ යොදවන්න පුළුවනි.

මේ ආකාරයේ ක්‍රමයක් ආරක්ෂා කරිව ක්‍රියාවේ යොදවන්න හැකිනම් ඉදිරි අනාගතයේ බහුතරයකගේ සුබසිද්දිය සිදුකර ගැනීමට හැකිවෙනු ඇති.

සැලකිය යුතුයි :- මෙහි සදහන් සියල්ල බුද්ධිමත්ව බැලුවොත් ක්‍රියාත්මක කළහැකි නොවේදැයි කල්පනා කර බලන්න