ශ්‍රී ලංකාවේ දේසපාලන වියදම
ගයන්ත කරුණාතිලක ඇමති කියන්නේ "දැනට අමත්යමන්ඩලයේ 92 ක් ඉන්නවා එකතුවෙන්න කැමති ඕන කෙනෙකුට ඉඩ." ලෙසයි !
W A විජේවද්දන හිතපු මහබැංකු වේ නියෝජ්‍ය අදිපති තුමාට අනුව එක ඇමතිකෙනෙක් නඩත්තු කිරීමට මසකට රුපියල් ලක්ෂ 50 ක් වැනි මුදලක් 2007 වැනි ඈත කාලයේ වියදම් කර ඇත. එනම් වසරකට ලක්ෂ 600කි වැනි මුදලක්, දැනට වසර 9 ට පෙර අප දරනලද බවයි.
මෙහිදී ඔහු ඉතා වැදගත් කාරනාවක් පෙන්වාදෙයි එනම් අමාත්‍යංශ වැය ශිර්ෂ වල මේ මුදල් සැගවී ඇතී ආකාරයයි.
මා මිට කලකට පෙර සදහන් කලේ ඇමැතිවරයකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 30ක් වත් මේ රටේ වියයුතු බවයි නමුත් අප සිංගප්පුරුව වැනි ආදර්ශයකට යන විට ඇමතිවරයකුට ආරක්ෂාව ලබාදෙනවා නම් අදාළ ආරක්ෂක වියදම දැරිය යුත්තේ අදාළ ඇමතිවරයයි මේ නිසා රටට දැනීමට වන වියදම අවම වෙන අතර මේ ඇමති වරු තමන්ගේ වාහනය පදාවා යෑමට පෙලබෙනු ඇති.
මා මේ යෝජනාව ලලවිට බ්ලොග් ලොවේ හොදයි කිව්ව කිසිවෙක් නැති තරම් නමුත් ප්‍රායෝගිකව සිදුවෙන්නේමම යෝජනා කලමුදල් වගේ දහස් ගුණයක් වියදම් වීමයි.
ඉහල වැටුපක් ලබන විට නිතැතින්ම මේ දෙසපාලනයයන් කුමන දුර්වලතා තිබුනත් තම රටේ ජනතාව ඉදිරියට යාමේදී හ්ර්ධ සකශියට අනුව නැවත නැවත තමාටම චෝදනා කරගනිමක් කරනවා තමන් ගෙන් සේවයක් උනේ නැත්නම්.
අද ඔවුන් එන්නේ විශාල වියදමක් දරල මෙනිසා ඔවුන් කිසිවිට මෙවැනි මානසික මට්ටමකට පත්වන්නේ නෑ.
ඉහත සාකච්චාවේ බන්දුල ජයස්සේකර මහතා පෙන්වාදෙන්නේ තමා ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යංශයේ සේවය කරන කාලයේ බැසිල් රාජපක්ෂ නමැති ශ්‍රී ලංකාවේ මහරජ්ජුරුවන්නේ සොහොයුරු පැමිණි විට ඉතා සුකොපබෝගී හෝටලයක වාසය කර ශ්‍රී ලංකාවට පිටත්වී යාමට එද්දී ඔහුට Business class වලට ටිකට් ශ්‍රී ලංකාවේ රජයේ වියදමෙන් සුදානම් (ස්තුති රසික වරද පෙන්වාදුන්නට ) කලවිට අප බැසිල් තුමා තමාට උවමනා first class යාමට බව දන්වා අදාල වෙන්කරගැනීම කලවිට ඔස්ට්‍ර්ලියාවේ විදේශ අමාත්‍ය නිලදරිනිය අසා ඇත්තේ කොහොමද ඇමතිවරයකු first class යන්නේ අපේ රටේ නම් මෙය සිදුවෙන්නේ නෑ කියල එවිට බන්දුල මහතා නිරුත්තර වූ බව සදහන් කරනවා.
මම හිතනේ අද සියල්ලම පහසුවෙන් පරිගණක ගත කරන ලද යුගයක සිටින අපට අමත්යන්සයක සියලු වියදම් බලාගැනීමට වෙබදවියක් මගින් සිදුකල හැකිනම් වංචා සිදු උනත් මෙපමණ වෙන්නේ නෑ යම් හෝ පලදයිතාවයක් අපට ලැබෙනවා.
අද තක්ෂණය කොපමණ දිවුණු දැයි දැනගැනීමට https://www.truecaller.com/ වැනි අඩවියක ඔබේ මිත්‍රයකුගේ අංකය ඇතුලත් කර බලන්න බොහොදුරට ඔහු හෝ ඇයගේ නම සොයාගත හැකියි.
මෙවැනි යුගයක සියලු අමත්යන්ශවල කරන වියදම් වල විස්තරයක් ලබාගැනීම කල නොහැකි බව කියනවනම් මොනතරම් විහිලුවක්ද ?