මුලින්ම අන්තර්ජාලය තුලින් දැනුම ලබාගැනීම පිළිබද මෙතුමියගේ අදහස සමග එකග වෙමි
//එහෙත් ඔබට කුමක් හෝ කරුණක් පිළිබඳව ගැඹුරෙන් අධ්‍යනය කරන්නට අවශ්‍ය බොහෝ දත්ත, මේ වන විට අන්තර්ජාලයේ ඇති බව ඔබ දත යුතුය.//
මෙතුමිය කියන
//අපගේ මහාචාර්යතුමාගේ කිසිදු පර්යේෂණ පත්‍රිකාවක් මේ යටතේ මා හට දකින්නට නොලැබුණි.//
මම දන්නා තරමින් ආචාර්ය වසන්ත සේන වැලිඅංග මෙතන කරලා තියන්නේ ලොව පිළිගත් විද්වතුන් කරන ලද දහස් ගණනක් වන කංසා පිළිබද කල පර්යේෂණ වල සියලුම ග්‍රන්ථ සහ විස්තර ගොනු කිරීමකුයි. මෙනිසා මට නම් ආචාර්ය වසන්ත ගේම පර්යේෂණ තොරතුරු උවමනා නෑ ලොව පිළිගත් ආචාර්ය Raphael Mechoulam ඉදිරිපත් කරලා තියන https://www.ncbi.nlm.nih.gov/pmc/?term=Raphael+Mechoulam
පර්යේෂණ පත්‍රිකා කියවල තියනවනම් ඔබට පිළිගත් ස්තානවලින්ම දැනුම ලබාගන්න පුළුවන්.
//අපගේ මහාචාර්යතුමාගේ කිසිදු පර්යේෂණ පත්‍රිකාවක් මේ යටතේ මා හට දකින්නට නොලැබුණි. එය ඔහුට පමණක් නොව බොහෝ ශ්‍රී ලාංකික ආචාර්ය මහාචාර්ය වරුන්ට පොදු ගැටළුවකි.//
අපට ඔහුගේම පර්යේෂණ පත්‍රිකා ඕනේ නෑ නේ අපි සොයන්නේ කංසා ගැන නේද ? ආචාර්ය වසන්ත සේන වැලිඅංග ගේ මනස පරික්ෂා කිරීමක් නෙමෙයි නේද ? ඒ නිසා මේතාක් කංසා ගැන පලවී ඇති පර්යේෂණ ප්‍රතිපල අපි පොඩ්ඩක් බලමු.
//කංසා යනු එහි අඩංගු අමුද්‍රව්‍ය වල පවතින ප්‍රමාණය සහ තමන් ශරීරයට ඇතුළු කරගන්නා මාර්ගය අනුව විවිධාකාර වූ ප්‍රථිපල ලබා දෙන්නකි. බොහෝ ආයුර්වේද වට්ටෝරු සඳහා කංසා යොදාගන්නා බවද නොරහසකි. එහෙත් ඔබ Cannabis යන වචනය යොදා පබ්මෙඩ් වැනි සංචිතයක් පරීක්ෂා කර බැලුවහොත්, කංසා වල ඇති ඖෂධීය වටිනාකම යන්න තවමත් ඇත්තේ පරීක්ෂණ මට්ටමේ බව ඔබට වැටහෙනු ඇත.//
ඔබ මෙතන කියන්නේ නෑ නේද ඇයි ලෝක ඉතිහාසයේ මිනිසා සමග අවුරුදු දහස් ගණනක් ඉතිහාසය ඇති ශාකයක් පිළිබද තවමත් පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ කියල ? ඇයි ඔබ නොකියන්නේ කංසා පිළිබද පර්යේෂණ කරන්න අමාරු උනේ //ඇමෙරිකානු ඖෂධ බලාත්මක පාලක මණ්ඩලය මගින්, උපලේඛණ අංක 1 යටතේ ලැයිස්තු ගත කර ඇති ද්‍රව්‍යකි // නිසා බව ඔබ නොකියන්නේ ඇයි ?
//ඇමෙරිකානු ඖෂධ බලාත්මක පාලක මණ්ඩලය මගින්, උපලේඛණ අංක 1 යටතේ ලැයිස්තු ගත කර ඇති ද්‍රව්‍යකි//
කියන්නේ ඔබම කියන විදියට
//"රෝග නිවාරණ පරිහරණය සඳහා ස්ථාපිත කර නොමැති සහ වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණය යටතේ හෝ පාවිච්චියට ආරක්ෂාකාරී නොමැති ද්‍රව්‍ය ලෙස හඳුන්වයි."
//
මේකියන දේ ඇත්තනම්
http://patft.uspto.gov/netacgi/nph-Parser?Sect1=PTO1&Sect2=HITOFF&d=PALL&p=1&u=%2Fnetahtml%2FPTO%2Fsrchnum.htm&r=1&f=G&l=50&s1=6630507.PN.&OS=PN/6630507&RS=PN/6630507
"Cannabinoids have been found to have antioxidant properties, unrelated to NMDA receptor antagonism."
ලෙස ඇමරිකානු රජය කංසා පිලිබදව පේටන්ට් එක ගන්නේ කොහොමද ?
කිසිම ඖෂධීය වටිනාකමක් නෑ කියන ගමන්
//ඇමෙරිකාවේ පවා බොහෝ ජනපද වල ඖෂධීය කංසා භාවිතය නීති ගත කොට ඇති බව සත්‍යකි//
ඔබම ඔබේ තොරතුරු සමග පරස්පරතා ඉදිරිපත් කරනවා නේද ?
//කංසා සමඟ මෙම අංක 1 වර්ගයට ඇතුලත් වන්නේ හෙරොයින් සහ අනිකුත් මානසික මුළාවට පත්කරවන (Hallucinogens) මත්ද්‍රව්‍ය බව අප සැලකිල්ලට ගත යුතු කරුණකි. //
මෙය කොච්චර විහිලුවක්ද කියල
ඇමරිකාවේ කොන්ග්‍රසයේ ප්‍රශ්න කිරීම ඉදිරියේ ඇමරිකාවේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නියෝජ්‍ය අද්‍යක්ෂක කිචවි පචවී යන හැටි බලන්න මැතිනියේ.
//කංසා භාවිතා කරන්නන්ට සිද්ධියක ඇති දත්ත විශ්ලේෂණය සහ සියුම් දත්ත මතක තබා ගැනීමේ හැකියාව අඩුය.//
හැබෑට මේ කරුණ තහවරු කරන එකම එක පිළිගත් පර්යේෂණයක තොරතුරු ඉදිරිපත් කරන්න පුලුවන්ද ?
//කංසා ඇබ්බැහිය නිසා අරමුණක් නොමැතිව ඔහේ පාවෙන ජීවිත බොහෝ සේ මා දැක ඇත්තෙමි. ඔවුන් බොහෝ කුසීතය.//
ඔබ කොහොමද හරියටම කින්නේ ඔවුන් කංසා පමණක් පාවිච්චි කළා කියල ඔබ මේ පිළිබද පර්යේෂණ කරලා තියනවද ?
ඔබේ දැනගැනීම පිණිස ඇමරිකාවේ Apple සමාගමේ නිර්මාතෘ වරයෙක් වන Steve Jobs මෙය පාවිච්චි කලබව ඔබ දන්නවද?
මෙය ඔහු ප්‍රසිද්ධියේ පිළිගත් දෙයක් Microsoft නිර්මාතෘ Bill Gates කිසිම තැනක කියල නෑ තමන් කංසා පාවිච්චි කල බව නමුත් කංසා නීතිගත කිරීම පිළිබද චන්ද විමසීමේදී ඔහු කංසා නීතිගත කිරීමට පක්ෂව චන්දය දුන්න.
එච්චර විතරක් නෙමෙයි ඔබ දන්නවද ඇමරිකාව හිටපු ජනාධිපති Barack Obama ඔහුට කලින් ජනාධිපති George W. Bush ඔහුට කලින් ජනාධිපති Bill Clinton කියන සියලු අයවලුන් කංසා බීපු බව ඔබ නොදන්නවාද ? දන්නවද ?
වෙන එකෙක් තියා https://www.telegraph.co.uk/news/health/11927223/Legalise-cannabis-because-Queen-Victoria-used-it-says-former-Tory-minister.html
හිටපු මහරජිනත් ගංජා ගහල
ඇබ්බැහියාවන් ගැන බැලීමේදී http://wonkwire.com/2014/07/31/ban-marijuana-less-addictive-cigarettes/
කංසා වලට ඇත්තේ අඩුම ප්‍රවනතාවයක්
//එහෙයින් ආනන්දයෙන් ප්‍රඥාව ලබා ගැනීමේදී ඇති වන ඇබ්බැහි වීමේ භයානක කම අපේ මහාචාර්ය තුමා නොදන්නවා විය හැකිය. //
ඔබේ ඉහත වැකියට පිළිතුරු ලැබුනා යයි සිතමි
//ඒ සුද්දා දායද කර ගිය වැඩවසම් සමාජ ක්‍රමයේ උරුමයයි.//
එකනම් හරියටම හරි මෙන්න කංසා තහනම් වුන විදිය
//යම් සිද්ධියක සියුම් දත්ත විශ්ලේෂණය කිරීමට මොළය වෙහෙසීමේ ගැටළුවකි.//
ඉහත වාර්තා වැඩසටහන බලල ඔබම හිතල බලන්න ඔබ ඉදිරිපත් කරන කාරණය ගැන.