Saturday, March 19, 2016

නවීන විද්‍යාවේ නාමයෙන් වැනසෙන අපි








ඉහත විද්යාත්නයන් පෙන්වාදෙන්නේ නවීන ජාන තාක්ෂණයෙන්  කෘමින් විනාශ කරන විදියයි.
මෙහිදී කෘමීන්ට ඔරොත්තු දෙන බිජ නිපදවීම සදහා අදාළ බිජයේ ජාන වලට කෘමීන්ට විෂ දායක ජාන එක්කරනු ලැබේ මෙහිදී සිදුවන්නේ අදාළ බෝගය ආහාරයට ගන්නා කෘමින් මියයාමයි.
මෙහිදී මෙය මිනිසුන්ට කොතරම් අහිතකර දැයි විමසීමට කිසිම පර්යේෂණයක් නොකරන අතර විද්යාත්නයන් පවසන්නේ මිනිස් ජාන වලට කිසිම හානියක් නොකරන බවකි.
නමුත් මොවුන් නොකියන දෙයක් පවතී එනම් අප ශරීරයේ ආහාර ජීර්ණ පද්දතියේ බඩවැල අශ්‍රිතව ශරීරයේ ආහාර ජීර්ණයට උපකාර වන බ්ක්ටිරියා කොටිගනනක් සිටිනවා, මෙම ජාන වෙනස්කල බෝග පාවිච්චියෙන් සිදුවන්නේ මිනිස් ශරීරය තුල මේ හිතකර බ්ක්ටිරියා විනාශ වීමෙන් විවිද අසාත්මිකතා ඇතිවීමයි.
මිට අමතරව සිදුවන අතිබයානක තත්වයක් පවතී එනම් මෙම ජාන වෙනස් කල බෝග වලට් ප්‍රතිශක්තිකරණය වූ නව කෘමින් බිහිවීමයි, මෙම කෘමින් පාලනයට අදික විස සහිත පලිබොඩ නාශක උවමනා වෙයි.
අද බොහෝදෙනා නොදන්නා සතයක් පවතිනවා එනම් රසායනික ද්‍රව්‍ය නොමැතිව කරන කාබනික ගොවිතැන (කොම්පෝස්ට් පොහොර දැමීම විතරක් නෙමෙයි ) වෙත ලෝකයේ දිවුණු රටවල් වෙගයෙන් යොමුවීමයි.

ඇත්තටම මෙම නව ආහාර නිෂ්පාදනය මුලින් සදන් වුයේ Green Revolution යන නමින් යුරෝපයේ 1930 දශකයේ පටන්ගත් මෙය ශ්‍රී ලංකාව වැනි රටවලට පැමිණ ඇත්තේ 1970 දශකයේ අගබාගයේ දියි.
නමුත් ලොව ඉතා ආරක්ෂිතව පවත්වපු රහසක් තිබෙනවා, එනම් මේ ආහාර ඉතා විෂ සහිත බව ලොව සිටින පෝසත් බලවත් පුද්ගලයන් කිසිවිටක මෙවැනි ආහාර මෙය ආරම්බ කල කාලයේ වත් පාවිච්චියට නොගැනීම කැපී පෙනෙන සිද්ධියක්.

මෙනිසා වෙනමම සිදුකල පාරිසරික ගොවිතැනක් ලොව පැවතුන බව ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනා නොදන්නා දෙයක්.

මේගැන අපුරු මතකයක් මට තිබෙනවා එක කෘෂිකර්මයට අදාළ මහාචර්ය වරයෙක් (මට ඔහුගේ නම මතක නෑ ) කිව්වා ඔහු උපාදියෙන් පසු සාශ්‍රපති උපාදිය සදහා Cambridge University ගොස් තිබෙනවා මෙහිදී ඔහුගේ මුළු කාලය තුලදීම මේ පරිසර ගොවිතැන පිළිබද කිසිම ඉගනගනිමක්  කර නෑ, තම පාටමාලාව අවසානයේ ඔහු තමන්ගේ ආචර්ය උපාධිය (PhD) සදහා ඉගනුම කරන විට තෝරාගත් පිරිසකට මේ පාරිසරික ගොවිතැන ගැන උගන්වා තියනවා, ඔහුටත් වාසනාව ලැබිල මෙය ඉගන ගන්න. ඔහු සදහන් කරන්නේ ඉතා දියුණු විදි පාරිසරික ගොවිතැනට අනුගමනය කලත් මේ ක්‍රම ගැන තමුන් ආචර්ය උපාදිය සදහා ඉගන ගන්නා තෙක් කිසිම දැනුවත් කිරීමක් නොතිබූ බවයි.

දැන් ඔබට පැහැදිලි ඇති මෙම පාරිසරික ගොවිතැන පවතින්නේ ලෝකයේ කිසියම් පිරිසක් සහදහා බව.
දැන් මේ රසයන පොර යොදා කරන ගොවිතැනේ පලදායිතාව ඉතා වැඩි බවයි මුලින් සදහන් වුනේ නමුත් අපි මෙහි ඇති සත්‍ය තත්වය ගැන බැලීමේදී එසේ නොමැති බව තේරුම් ගත හැකියි.
මුලින්ම මේ අර්බුදය කුමක්දැයි බලමු.

ආරම්බයේ රසායන පොහොර දැමීම නිසා පලදායි තාවය ඉහල ගියත් කල්යාමේදී පලදායිතාව ලබාගැනීමට වැඩි වැඩියෙන් රසායන ද්‍රව්‍ය යෙදිය යුතුයි. මෙම රසායන ද්‍රව්‍ය සදහා යන වියදම රටේ මහජනතාව දරන නිසා (රජය ගොවියාට සහනාදාර දීම මගින් ) එනම් රුපියක් 9000 ක් වන පොහොර මිටිය රුපියල් 350 ට දීම මගින් ඉතාවිශාල හානියක් සිදුවෙනවා.

යම්විදියකින් මේ රුපියල් 9000 ගොවියන්ට කාබනික පොහොර සදහා  ලබාදුන්නා නම් මේ අර්බුදය ඇතිවෙන්නේ නෑ, මේ සමග තව ප්‍රශ්නයක් තියනවා රසායන පොහොර නොදමා වගාකිරීම මගින් රසායනික පොහොර යොදාගන්නා අස්වැන්නට සමාන ඉහල අස්වැන්නක් ලබාගැනීමට හොවියා විශාල ලෙස දේශීය බිජ වගාකිරීම ගැන දැනුවත් වියයුතුයි, අද වනවිට රජයේ වී පර්යේෂණ ආයතනය සහ එහි ඉහල නිලදාරීන් මේ රසායනික පොහොර විකුණන ආයතන වල නියෝජිතයන් වී අවසන්.

මෙය තේරුම් ගැනීමට සරලම දෙයනම් අප කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මිලදීගන්නා බිජ බොහොමයක් මොන්සේන්ටෝ සමාගමේ නිජෝජිත සමාගමක් මහින් මිලදී ගත් ජාන තක්ෂණය දියුණු කල බිජ වීම.
අපේ කෘෂිකර්ම අමාත්‍යංශයේ නෑ දේශීය බිජ, සරල යත්ර්තය මෙයයි.

නවරජය වසවිසෙන් තොර වගාව මම ඉතා අගය කරන ආතර මිට උවමනා පොහොර නිෂ්පාදනය සග ගොවින් දැනුවත් කිරීමේ කිසිදු වැඩපිළිවලක් මම නම් දකින්නේ නෑ.

අද නවීන තක්ෂණය ඈත ගම්වලට ගොස් ඇති කාලයක මේ පාරම්පරික බෝග වගාකරන ක්‍රම විදි ගැන DVD කීපයක් වත් මේ ගොවීන්ට ලබාදෙනවා නම් ඉතා වටිනා දෙයක්.

තවම රජයට YOUTUBE ඔස්සේ මේගැන කරන දැනුවත් කිරීමක වත් නැතිවීම කණගාටුවට කරුණක්.
අනෙක් අතට වසවිසෙන් තොර බෝග සදහා අද මා සිටින ප්‍රදේශයේ නම් ඇත්තේ විශාල ඉල්ලුමක්.
මේගැන විවිද පුද්ගලයන් ප්‍රසන්සනිය කර්යක් කර ඇතිබව කිව යුතුයි.



චාර්ල්ස් කුමරුගේ ගොවිතැන 




                                   

Wednesday, March 16, 2016

15 නි දා එක්සත් ජාතික පක්ෂ උද්ගෝෂණය සහ අද 17 ත මහින්දගේ උද්ගෝෂණය ගැන මගේ අදහස.


 මුලින්ම 15 නි දා උද්ගෝෂණය ගැන මටනම් ඇත්තේ අපමණ සන්තෝසයක් මොකද මෙවගේ විහිලු අපි යහපාලනයෙන් බලාපොරොත්තු උනේ නෑ, රටේ පාලනබලය හොබවන රජයට ඉතා අඩු ජනතා සහබාගිත්වයක් ලැබුන මෙය (සහබාගිත්වයක් කිව්වට රජයේ ආයතනවල අහිංසක කම්කරුවන් ගම්වල සමුර්ධි ලාබින් ) යෝදාගෙන කරපු මෙම උද්ගොෂණය මගින් රනිල්ගේ වැඩපිළිවලට ජනතාවගේ ඇති දැඩි පිළිකුල මනාව පෙන්වනවා.

මේක රනිල්ට හොද පාඩමක්, ඉන්දියාව සමග ගිවිසුම් ගැසීමට ශ්‍රී ලංකාවේ මිනිසුන් පොරකකා සිටින බවයි රනිල් සහ ඔහුගේ   මෝඩ පිරිස සිතාගන ඉන්නේ.

මෙහි නිරුවත මනාව පෙන්වපි තැනක් තමයි  

 

මහාචර්ය රොහාන් සමරජීව මහතා හැසිරුණ විදිය, ඔහු මහාචර්ය වරයකු උනාට හැසිරුනේ හරියට පාතාලේ  මැරවරයෙක් විදියටයි.

මෙය බැලීමේදී ඔබ තේරුම් ගත යුත්තේ මේ අය මෙමෙ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කොපමණ පිඩනයකින් සිටිනවාද කියලයි.

මිට හේතුව කුමක්ද ඉහලම සිටින රනිල්ට දඩි පීඩනයක් ඉන්දියාවෙන් එල්ල වෙනවා මෙම ETCA ගිවිසුම ගැසීමට,

රනිල්ට උවමනාකලා ඔහුවටා ජනතාව සිටිනවා තමාට කැමති දෙයක් කළහැකි බව පෙන්වීමට නමුත් සිදුවුනේ අපේක්ෂා කල ජනතාවෙන් 10% වත් නොපැමිණිමයි.

ඔහුට වඩාත්ම පෙන්වීමට උවමනාකලේ තමාවටා තරුණයන් සිටින බව පෙන්වීමටයි, මෙය කොතරම් විහිලු මට්ටමට ගියාද කියනවනම් පහත පින්තුරයෙන් වටහාගත හැකියි 

 

https://www.facebook.com/abrighterfutuersl/videos/1733843416851539/


සාමන්ය මිනිසුන් ට මේගැන  ඇත්තේ දැඩි කෝපයක්

https://www.facebook.com/apearata/videos/931819510259184/

රටේ මහජනතාව රනිල් ගෙන් බලාපොරොත්තු වන්නේ රාජපක්ෂ නටපු නාඩගමේ දෙවෙනි කොටස නැරබීම නෙමෙයි මෙරට නවීන ලෝකයට සම්බන්ධ වීමට උවමනා කරන තාක්ෂනයත් රටේ අපනයන වර්දනය කිරීමට පැහැදිලි ක්‍රමවෙදයකුත් පමණයි නමුත් ඔහු වටේ සිටින කේවට්ට රැලට මෙය නොවැටහීම කණගාටුවක්.

එක්සත් ජාතිකප්ක්ෂයේ බුද්ධික පතිරණ වැනි අයට නිසි තැන නොදෙමින් හර්ෂ ද සිල්වාට මුදල් ඇමතිකම නොදී ඔහුට වඩා අඩු චන්ද ගත් රවී කරුණානායකට මුදල් අමාත්‍යංශයෙන් බාගයක් දී කරන මේ විගඩම එක්සත් ජාතික පක්ෂයට චන්දය දුන් කෙනෙක් ලෙස මටනම් පිළිකුල් සහගතයි.

දැන් අද මහින්දගේ උද්ගෝෂණය ගැන මට කියන්න වෙන්නේ, ජනතාව වන අපේ පැත්තෙන් මෙය ඉතා හොද බවයි, මේ මගින් රනිල් දැනගන්නවා වැඩිය නටන්න බැරි බව, මහින්දගේ පිල හොරු රැලක් තමයි, නමුත් මේ සොරුන්ට නිසි දඩුවම් නොකර රෙද්ද අස්සේ දාගෙන කන මේ මගුල ගැන හොද පාඩමක් රනිල් ඉගන ගන්නවා ඇති.

 

මෙනිසා මම මහින්දගේ උද්ගෝෂණය සාර්තකවෙවයි කියල ප්‍රාර්ථනා කරනවා (වෙලා තිබුනොත් මමත් යනවා )

2004 දී චන්ද්‍රිකා ඇමැති දුර පවරාගත් විට දොශාබියෝගය ගෙන එන්නේ නැතිව කරපු මෝඩකම වගේ මෝඩකමක් තමයි අද වෙන්නේ.

රනිල්ට කලයුතු වුනේ රටේ ඇත්ත තත්වය ජනතාවට පෙන්වා දුෂණයට විරුද්ධව නීති ගෙනත් දැඩි දඩුවම් කිරීම මගින් වේගයෙන් සංවර්දනය සදහා පියවර ගැනීමයි, නමුත් සිද්ද වුනේ මහින්ද කරපු හොරකම් තමුනුත් කිරීමේ බලාපොරොත්තුවෙන් ජනතාවට ඇස්බැන්දුම් පෙන්වන ප්‍රතිපත්තික්යකට යාමයි.

අද මා දකින විදියට මෙරජය හොද පාඩමක් ඉගනගන ගනි.

ජනතාවට ජය වේවා!!