Tuesday, January 5, 2021

ශ්‍රී ලංකාව සහ කොරෝනා 2



දැන් අපි බලමු ශ්‍රී ලංකාව සහ ලෝකය සංසන්දනය කරමින්.


ශ්‍රී ලංකාවේ ජනගහනයට සමාන ජනගහනයක් සිටින රටක් තමයි ඔස්ට්‍රේලියාව නමුත් එම රටේ විශාලත්වය ගැන බලපුවහම ජනගහනය ශ්‍රී ලංකාවට වඩා වියප්තවයි පවතින්නේ නමුත් මෙවෙනවිට ඕස්ට්‍රේලියානුවන් 28533 ආසාදිතයන් සිටින අතර මරණ 909 වාර්තා වනවා අපි ශ්‍රී ලංකාව ගැන බලපුවහම වාර්තා වන ආසාදිතයන් ගණන 45000 වන අතර මරණ ගණන වන්නේ 217 පමණයි.


මගේ පුද්ගලික අදහසේ හැටියට ශ්‍රී ලංකාවේ ආසාදිතයන් මිට වඩා බෙහෙවින් වැඩියි නමුත් අපට බොරු කරන්න බැරි එක දෙයක් තියනවා ඒ තමයි මරණ ගණන, මෙපමණ අඩු මරණ ගණනකට හේතුව කල්පනාවෙන් බැලුවොත් අපට පහසුවෙන් වැටහෙන කාරණයක් තමයි රෝහල් ගතකල සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන්නේ දේශීය සිංහල හෝ ආයුර්වේද ප්‍රතිකාර බව, වෙනසකට තියන්නේ එය සිදුවෙන්නේ ඉතා අවමවයි, යම් විදියකින් සිංහල ආයුර්වේද ප්‍රතිකාර ලබාදුන්නානම් මේ බොහෝදෙනා ඉතා ඉක්මනින් සුවවන අතර මරණ ගණන මීටත් අවම විය හැකිව තිබුන.


දැන් අපි බලමු කල හැකිව තියන විසදුම් මොනවද කියල, රජයට අවංක උවමනාවක් තියනවනම් කරන්න ඕනේ ආයුර්වේදය ඇතුළු සිංහල වෙදමහතුන් ප්‍රමාණයක් තෝරාගෙන ඔවුන්ට ලෙඩුන් 20 ක් පමණ සාම්පලයක් මුලින් ලබාදීලා සාර්ථක වෙනවනම් ක්‍රමයෙන් කොවිඩ් ආසාදිත ලෙඩුන් ප්‍රමාණය වැඩිකර ප්‍රතිකාර කිරීමට ලබාදීමයි මෙහිදී ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන්නන් සදහා මිට අවස්තාව ලබාදෙන්න පුළුවන්.


අද කියන විදියට දින 3ක් වැනි කෙටි කලකදී ප්‍රතිඵල පෙන්වන වෙදමහතුන් සිටිනවානම් ඔවුන් කරන්නේ ඇත්තක්ද ? නැත්නම් බොරුවක්ද ? කියන දේ පහසුවෙන් පෙන්වන්න පුළුවන්, එහෙම නොකර රජය මේ කරන්නේ කුමක්ද ?


අද මේ සිදුවන්නේ රජයේ ඉහලම තැන්වල සිටින අය කෝටිගණන් අල්ලස් ගනිමින් කරන මහා රැවටිමකුයි, ටිකක් හිතන්න බිලියන ගණන් ආදායම් ලබන මෙම ඔසු වෙළද සමාගම් රටේ දේශීය වෙදකමෙන් මෙයට ප්‍රතිකාරයක් ලබාදීමට අවස්තාව ලබා දෙයිද ? යම් විදියකින් මිනිසුන් දැනගත්තොත් දේශීය වෙදකමෙන් මිට ප්‍රතිකාර තියනවා කියල ඉදිරි අනාගතයේ බටහිර ඔසු පිළිබද විශ්වාසය පලුදු උනොත් මේ සමාගම් වලට සිදුවන හානිය ගැන ඔබට සිතාගන්න පුලුවන්ද ? මෙය ශ්‍රී ලංකාවට පමණක් සිමා වෙයිද ? 



මේ නිසා බටහිර ප්‍රතිකාර වලින් තොර කිසිම විසදුමක් ප්‍රසිද්ධියේ ලබාදීම කිසි විටක මේ විශාල සමාගම් ඉඩ නොදෙනු ඇති.


දැන් බලමු ධම්මික පැනියට උනේ මොකද්ද කියල ?


ධම්මික පැණිය ප්‍රචලිත වීමට පෙර අබේවර්ධන හෙට්ටිඅර්රච්චි වෙදමහතා 




අමිල සංජිව වෙදමහතා (මෙතුමා විසින් හමුදාවටත් පොලිසියටත් රජයේ විවිද ආයතන වලටත් කොවිඩ් ප්‍රතිකාර ලබාදුන් අතර ඉතා සාර්ථක ප්‍රථිපල පෙන්වුවත් ) අද වෙනවිට ඔහුට කිසිම අවස්තාවක් ලබා නොදෙනවා පමණක් නෙමෙයි ඔහුගේ වීඩියෝ පවා වාරණය වන තත්වයක් පවතී.



මේ වේදමහතුන්ට අමතරව තව කීපදෙනෙක් පැමිණියත් සිදුවුයේ දෙරණ නාලිකාවේ පුර්ණ අනුග්ග්‍රහය මත දම්මික නමැති මහතෙකු පැමිණීමයි මෙහි විසේසත්වය නම් ඔහු බටහිර හෝ දේශීය වේදමහතකු නොවීමත් ඔහුගේ ප්‍රතිකාර පිලිබදව බටහිර දොස්තර වරුන් මුලින් සායනික පරීක්ෂණයක් කිරීමත් එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්වූ පසු විශාල සාම්පලයක් සමග පරීක්ෂණ කිරීමට ජාතික රෝහලේ සිදුකරන බව කිව්වත් ඊට සිදුවුනේ කුමක්දැයි මේ දක්වා මහජනතාව වන අප නොදනිමු, සිදුවිය යුත්තේ ඔහුගේ පුද්ගලික තොරතුරු සෙවීම නොව ඔහුගේ පැණිය ගැන විද්‍යාත්මක විමර්ශනයක් සිදුකිරීමයි, අයුර්වෙදයත් රජයේ සමහර අංශත් ඔහුගේ ඔසුව පිළිබද සාර්ථක බාවය ගැන එක තැනක කියන අතර රජය රුජු ක්‍රියාමාර්ග ගන්නා බව නොපෙනිමෙන් මෙහි ඇති කුමන්ත්රණ කාරී බව ඔබ ට පහසුවෙන් තේරුම් යනු ඇත.


දෙරණ නාලිකාවේ අයිතිකරු වන දිලිත් ජයවීර මෙහිදී කර ඇත්තේ ජෝර්ජ් ස්ටුවර්ට් නමැති තම සමාගමෙන් දිගින් දිගටම කොවිඩ් ප්‍රක්ෂණ PCR කට්ටල ගෙන්වන ගමන් දම්මික වෙදමහතා පාවිච්චි කර අයුර්වෙදයටත් සිංහල වෙදකමත් පහත දමමින් කල දුටු කල වල ඉහ ගැනීමයි. මා සිතන විදියට දම්මික වෙදමහතා විසින් කාලි මෑණියන් දුන්නා යයි කියන මේ පැණිය බොහෝවිට දේශීය පුස්කොල පොත්වල තිබුන දැනුමක් වියහැකි අතර එමහින් සාර්ථකව සුවකිරීමේ හැකියාවත් පවතින්න ඇති, දෙරණ ඔහුව ගන්න අත්තේ වෙන දෙයක් නිසා නෙමෙයි ඔහුව පුම්බා දේශීය වෙදකමට පහර ගැසීමටයි, අවාසනාවට ඔහු ඉදිරිපත් කල පැණිය සාර්ථක වූ අතර අද, දිනෙන් දින කල් මරමින් ජනතාව අතට මේ පැණිය ලැබීම පමා කරමින් පවතිනවා, මෙලහකට මේ පැණිය අසර්ථක නම් මාද්‍ය මගින් දේශීය වෙදකමටත් අයුර්වෙදයටත් පහර ගැසීම ආරම්භ කරනු ඇති. එසේ නොවෙන්නේ මේ දේශීය ප්‍රතිකාර වල සාර්ථක බව නිසයි (සුළු දෙයටත් ප්‍රතිකාර ගැනීමට සිංගප්පුරු යන දේසපාලුවන් මේ බෙහෙත රසකර බිමේ රහස මෙහි සාර්ථක භාවයයි ) මා දකින විදියට දේශීය ප්‍රතිකාර සාර්ථක බව මේ වන විටත් මේ දේසපාලුවන් හොදින්ම දන්නා කරුණක්, මෙනිසයි මොවුන් මුක ආවරණ වත් නැතිව ජනතාව ඉදිරියේ හැසිරෙන්නේ.


ජනතාව මේගැන දැනුවත් වී රජයට බලපෑම් නොකලොත් ඉදිරි කාලයේ ආර්ථිකය විනාශ වූ රටක කාලකන්නි ඉරණමකට මුළු රටම ගොදුරුවීම වැඩි ඈතක නෑ.        

    


No comments:

Post a Comment