Wednesday, May 13, 2020

කොරෝනා වෙන් අපි ඉගනගත්තේ කුමක්ද ?


මේ වනවිට ඇසට නොපෙනෙන වයිරසයක් මගින් අති දියුණු මානව සමාජය උඩු යටිකුරු කර ඇත,
මුලු ලෝකයම අද කොරෝනා වයිරසය නැතිකිරීමට වැක්සිනයක් (එන්නතක් ) සොයමින් සිටී,  ඉහත වීඩියෝ වෙන් දීපිකා රොද්‍රිගෝ නමැති එංගලන්තයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරිය විසින් අපි සියලුදෙනා දැනගතයුතු ඉතා වැදගත් කරුණක් පෙන්වා දෙනවා.

එනම් මිනිස් ශරීරයට බැක්ටීරියාවක් හෝ වයිරසයක් ඇතුළු වී ක්‍රියාකාරී වූ විට සිදුවන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්දතිය අදාළ විෂබීජය සමග සටන් කිරීමෙන් එක් අවස්තාවක ශරීර උෂ්ණත්වය ඉහල දැමීමයි, මෙයින් සිදුවන්නේ කුමක්ද ?

උෂ්ණත්වය අදික පරිසරයකදී අදාළ වයිරසය හෝ බැක්ටීරියාව මියයනවා, නමුත් නවීන බටහිර වෙදකමේ කරන්නේ කුමක්ද ?
ඉක්මනින් පැරසිටමොල්ට් ලබාදීමයි, මෙහිදී සිදුවන්නේ පැරසිටමොල්ට් වල රසායනික මගින් මොලයේ හයිපොතැලමස මාර්ගයෙන් ශරීරයේ උෂ්ණත්වය අඩුකිරීමට සලස්වයි.

දැන් සිදුවෙන්නේ කුමක්ද ? නිසිපරිදි අදාළ බැක්ටීරියාව හෝ වයිරසය ශරීරයේ වර්ධනය වීමයි, ඉන්පසු එන්නේ ප්‍රතිජීවක මගින් අදාළ වයිරසය හෝ බැක්ටීරියාව විනාශ කිරීමයි.

ඉතින් ප්‍රශ්නය කුමක්ක්ද ? දැන් වෙලා තියෙන්නේ කොරෝනා නමැති වයිරසය විනාශ කිරීමට සමත් කිසිදු ප්‍රතිජිවකයක් නොමැති වීමයි සරල විදියට මේ ප්‍රශ්නය තේරුම් ගතහැක්කේ.

එහමනම් සිංහල වෙදකමේ හෝ ආයුර්වේදයේ මිට ප්‍රතිකාර කරන්න මිට බෙහෙතක් සොයාගන තිබෙනවද ? උත්තරයනම්  කොරෝනා විනාශ කිරීමට කියා කිසිදු බෙහෙතක් හෙළ වෙදකමේ නොමැති වීමයි, ඇත්තවශයෙන් හෙළ වෙදකමේ කිසිදු වයිරසයක් හෝ බැක්ටීරියාවක් ඉලක්ක කරගෙන විනාශ කිරීම නොකරයි, එහිදී සිදුකරන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරන පද්දතිය අදාළ වයිරසය හෝ බැක්ටීරියාව විනාශ කරන තත්වයට පත්කිරීමට උපකාර වන ඔසු ලබාදීමයි.

මෙහිදී වෛද්‍ය දීපිකා අපුරු පිළිතුරක් ලබාදෙනවා එනම් ඇය කොත්තමල්ලි ගැන සදහන් කරන්නව, ඇය කියන විදියට කොත්තමල්ලි වල ද්විත්ව ක්‍රියාකාරිත්වයක් තියනවා එනම් ශරීරය රත් කිරීම සහ සිසිල් කිරීමයි, මෙය සිදුවන්නේ මෙහෙමයි ශරීර උෂ්ණත්වය ඉහල ගොස් ඇතිවිට කොත්තමල්ලි පානයක් ලබාදුන්විට එකවර ශරීර උෂ්ණත්වය වේගයෙන් තවත් ඉහල දමනු ලබනවා, මේහිදී සිදුවන්නේ ශරීරගතවී ඇති වයිරසය හෝ බැක්ටීරියාව විනාශ කිරීමයි ඉන්පසු දාඩිය දමා ශරීරය යථා තත්වයට පත්කරනු ලබනවා.

එතකොට ආයුර්වේදයේ හෝ සිංහල වෙදකමේ පාවිච්චි වන ප්‍රතිකාර විදිය බොහෝවිට සමාන වනවා එනම් කෘතිමව නිපදවූ රසායනිකයක් ශරීර ගත කරගෙන අදාළ විෂබීජය විනාශ කිරීම වෙනුවට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්දතිය පාවිච්චිය මගින් ම විනාශ කිරීමයි.

එහමනම් දැන් ශ්‍රී ලංකාවේ සිදුවෙන්නේ කුමක්ක්ද ? අද වෙනවිට 1890 ස්ථාපනය වී ඇති නිරෝධායන පනත මගින් බටහිර නොවන uguraaaaවෛද්‍යවරයන්ට රෝගීන්ට ප්‍රතිකාර කිරීම තහනම් වනවා, මෙය මෙසේ සිදුවන්නේ බටහිර වෙදකමත් බලවත් ඖෂධ සමාගම් පවතින රජයට බලපෑම් කර ඇතිකරගන්නා ලද තත්වයකුයි.

මේ රටේ ආයුර්වේද කොමසාරිස් වරයා පවසන්නේ "වෛරසයට බෙහෙත් වට්ටෝරුවක් හැදුවා අපිට අවස්ථාවක් දෙන් නෑ"
 


අද වෙනවිට ශ්‍රී ලංකාව තුල මියගිය පිරිස 9 ක් පමණ වෙනවා IDH ආදී රෝහල් වල ඉතා හොදින් රෝගීන්ට පහසුකම් සලසන බවයි කියවෙන්නේ, ඇත්තටම IDH රෝහලේ ලබාදෙන්නේ බටහිර වෙදකම් ක්‍රමයද ? ටිකක් කල්පනාවෙන් බලපුවහම වගේම IDH රෝහලේ මිතුරු සේවකයන් ගෙන් විමසුවහම ඔවුන් පවසන්නේ සියලුදෙනාම පාගේ කොත්තමල්ලි පාවිච්චි කරන බවත් ලුණු වතුරින් උගුර 
 කට සෝදන බවත් හුමාලය ආග්ග්රහනය කරන බවත් කියන කාරණායි ඒ කියන්නේ ඔවුන් දේශීය වෙදකමේ ඇති ක්‍රමවේද පාවිච්චි කරනවා නමුත් මෙහිදී කිර්තිය බැර වන්නේ බටහිර වෙදකමටයි.

අද වන විට බටහිර ලෝකයේ කිසිම ඔසුවක් නෑ මේ වයිරසය පාලනය කිරීමට, ඔවුන්ට ඇති එකම හැකියාවන් නම් වෙන්ටිලේටර මගින් අසාද්‍යවන  රෝගීන් ට හුස්මගැනීම පහසු කිරීම පමණයි, අද වනවිට ශ්‍රී ලංකාව තුල වාර්තා වෙන්නේ කිසිම කොරෝනා රෝගියෙක් වෙන්ටිලේටර් පාවිච්චි කරන තත්වයට පත්වී නැති බවයි ඉතින් ඇයි ආයුර්වේද දෙපාර්තමේන්තුවට කිසියම් රෝගීන් ප්‍රමාණයක් ලබානොදුන්නත් රටේ පිළිගත් සියලුම දේසපාලුවන් දේශීය ප්‍රතිකාර පාවිච්චි කරමින් සිටි. 


දැන් මේ කොරෝනා ගැන කියවෙන කරුණු මදකට නතරකර ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය ගැන බලමු.
පසුගිය මාස 2 ක කාලයේ රටේ සියලුම චැනල් සේවා සම්පුර්ණයෙන් වගේ නතරඋනා රටේ ආරෝග්‍යශාලා වල ලෙඩුන් නොගිය තරම්, පුද්ගලික රෝහල් වලත් තත්වය එසේමයි, එහමනම් රටේ මිනිසුන් විශාල ප්‍රමාණයෙන් මියගියාද ? 

මිට උත්තරය ඇසුවොත් ඔබ පුදුම වෙයි, ඔබ විසින් බොරැල්ල කනත්තේ පිච්චුන මිනි ගැන සෙව්වොත් මරණ වල සීග්‍ර අඩුවීමක් පෙන්වන බව සදහන් උනා, හැබැයි මිට සාදාරන හේතු දක්වන්න පුළුවන් එනම් රිය අනතුරු අවම වීම දක්වන්න පුළුවන්, නමුත් මම නම් හිතන්නේ ජාතික රෝහලේ මරණ ලියාපදිංචියේ දී 
හදවත් රෝග වලින් මියගිය පිරිස ගැන කිසියම් කෙනෙකු සේව්වනම් වැදගත් කියල හිතනවා.


ඇමරිකාවේ හදවත් රෝගවලින් මියයාම 38% න් කොරෝනා සමයේ අඩුවී තිබෙනවා මේ අනුව බටහිර වෙදකමෙන් සුවවන පිරිසට වඩා වැඩිපිරිසක් මියයන බව පැහැදිලියි.


      

1 comment: