Sunday, March 19, 2017

බ්ලොග් සම්මාන ගැන මගේ අදහස.



මේ ගැන අදහස් ඉදිරිපත් කිරීමෙන් කොටසක් අකමැති වෙන්න ඉඩ තියනවා, විවිද චොදනා ඉදිරිපත් කර ගනිමින් මේ ගැන වාද විවාද ඉදිරිපත් වන මේ අවස්ථාවේ මම කිසිවෙකුට චෝදනා නොකරන්නේ බොහෝදෙනෙක් මේවා අවන්කවම කරන නිසයි.

නමුත් පුරවැසි මාද්‍ය ගැන කතා කිරීමේදී මම කැමතියි දෙසපාලකයන් හැකි තරම් දුරින් තියාගන්න. බ්ලොග් අඩවියේ ඇති එක හොදක් තමයි තමා කැමති අදහස  කිසිදු බලපෑමකින් තොරව ඉදිරිපත් කිරීමට ලැබීම මෙහිදී අදාළ අදහස් ඉදිරිපත් කරන්නා අන්වර්ථ නාමයකින් පෙනී සිටින නිසා තමාගේ අදහස් ඉදිරිඅප්ත් කිරීමේදී බාහිර බලපෑම අවම වෙනවා, නමුත් යම්දිනකදී අදාළ පුද්ගලයා හදුනා ගත්ත විට දෙසපාලනයයකුට විරුද්දව වගේම බ්ලොග් අවකාශයේ තවත් කෙනෙකුට විරුද්දව අදහස් පළකිරීම කරන්න බොහෝ දෙනා පසුබට වෙනවා.

ඇනෝ ඇවිත් කරන සමහර කොමෙන්ට් දකින කොට මම දකින දෙයක් තමයි පුද්ගලිකව දන්නා මිනිසුන් ඇනෝ ඇවිත් කොච්චර නිවට විදියට හැසිරෙනවද කියන දේ, මෙහිදී අප තේරුම්ගන්න ඕනේ සංස්කෘතිය ගැන මොන බයිලා ගැහුවත් මානසිකව සමහර මිනිසුන් කොච්චර පහත්ද කියන එක.

පසුගිය දවසක මම බ්ලොග් අඩවියක දැක්ක කෙනෙක් ඇනෝ ඇවිත් තවත් බ්ලොග් කරුවෙකු ගැන ඔහුගේ පුද්ගලික ජිවිතේ අතිශයෙන් පුද්ගලික තොරතුරක් කෙමෙන්ටුවක් ලෙස මුදාහැරලා තියනවා, මෙය දැක්කම හරිම පිළිකුලක් ඇතිවෙනවා මොකද මේකෙන් පේනවා තමන්ට හොද මුණ පෙන්වගන පිටිපස්සෙන් පිහියෙන් අනින මිනිසුන් කොච්චර ඉන්නවද කියල.

මෙහෙම සමාජයක දේසපාලුවන් එකතු කරගන තමාන්ගේ අදහස් ඉදිරිපත් කරනවා කියන්නේ නිදහසේ අදහස් ඉදිරිපත් කිරීමට බාදාවක් වෙනවා, අනෙක් අතට හරි දේ සහ වැරදි දේ ගැන හිතට එකගව අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම කියන්නේ පුරවැසියන් ලෙස එයයි සිදුවිය යුත්තේ.

8 comments:

  1. සම්මා දිඨ්ටි!

    ලන්කා සිතුවිලි තුමාට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. සරසා තුමා.

      //සම්මා දිඨ්ටි! //

      මමනම් කියන්නේ සාමාන්‍ය දැනීම කියලයි !

      Delete
    2. අසම්මා දිෂ්ටිය = ඇනෝ ද?

      Delete
    3. Pra Jay,
      මම විරුද්ධ ඇනෝ ඇවිත් මිනිසුන්ගේ පුද්ගලික වගේම ඉතා නින්දිත ලෙස පහර දීමයි.

      Delete
  2. ලාංකික,

    ඔබගේ මූලික අදහස සමග එකඟයි. නමුත් ඇනෝ කමෙන්ට් ගැන යමක් පවසන්නම්. අප වැනි නිදහස් බ්ලොග් පාඨකයන් වඩා නිදහසේ නිවහල්ව ලෙහෙසියෙන් පහසුවෙන් ඇනෝ පැමිණ අදහස් දැක්වීමට කැමතියි. නමුත් ඔබ කිවූ ලෙසම ඉතාම හිරිකිත අශීලාචාර ලෙස බ්ලොග්කරුවන්ගේ දරුපවුල් පවා ගාවාගෙන කමෙන්ට් කොටන්නේ නම් ප්‍රොෆයිල් බ්ලොග්කරුවන් බව ශුවර්. මොකද අප වැනි සාමාන්‍ය පාඨකයන් බ්ලොග්කරුවන්ගේ වතගොත කිසිත් නොදන්නා නිසායි.

    මීළඟට ඔබගේ මාතෘකාවට අනුකූලව කතා කළොත් බ්ලොග් පාඨක ඇනෝ කෙනෙකු ලෙස මගේ අදහස නම් මෙවැනි සම්මාන උත්සව වලින් කරන්නේ සිංහලෙන් බ්ලොග් ලියන උදවියව ලංකාවේ ජඩ දේශපාලුවන්ට පාවා දීමක්. මේක හිටපු අන්ත දූෂිත රාජපක්ෂ අශීලාචාර රෙජීමයේ සට්ටැඹියන් කළත් එකයි වත්මන් දූෂිත යහපාලන රෙජීමයට සම්බන්ධ දූෂිත කල්ලි වලින් කලත් එකයි. මෙතුවක් කල් ඔය ජඩ දේශපාලුවන්ට උන්ගේ හොම්බ ඔබන්න බැරි තැනකට තිබුණේ සිංහල බ්ලොග් අවකාශය. පසුගිය දූෂිත රෙජීමය පැරදවීමට ප්‍රබල කැම්පේන් එකක් කළෙත් බ්ලොග් අවකාශය. මේ වන විට හිටපු හොරුන් නැවතූ තැනින් පටන්ගෙන ඊටත් වැඩිය වේගෙන් හොරාකෑම පටන්ගෙන සිටින වත්මන් අන්ත දූෂිත යහපාලන හොර රැල තම හොරකම් ජඩකම් බලුකම් ප්‍රශ්න කෙරෙන විවේචනය කෙරෙන තමන්ට හිසරදයක් වූ බ්ලොග් අවකාශය තම බුක්තියට සරිකර ගැනීමට ඇටවූ කෙමනක් බව පැහැදිලියි. ඉතින් මේ සම්මාන උත්සව වලට සම්බන්ධ පුඟුලන් තම පුද්ගලික වාසි සහ ලාබ ප්‍රයෝජන වෙනුවෙන් ඒක උන්ට විවෘත කරලා දුන්නහම වෙන්නේ අහිංසක පුරවැසි මාධ්‍යකරුවන්ට මානසික අල්ලස් දීමේ සිට වක්‍ර තර්ජන එල්ල කිරීම දක්වා දේවල්.

    ඊට අමතරව මෙයින් වන බරපතලම හානිය නම් බ්ලොග්කරුවන්ගේ අනන්‍යතාව හෙළි කිරීමයි. ඒකෙන් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ? අනාගතයේ දසක මේ පාවා දීම නිසා සිංහල බ්ලොග්කරුවන්ට තර්ජනය කිරීම, පහර දීම, පැහැරගෙන යෑම, ඝාතනය කිරීම ආදී දේ සිද්ද වුණොත්, ඒ දේ වෙන්න මඟ පාදා දුන්නු එවුන් හැටියට මේ සම්මාන දුන්න උන්ට වග කියන්න වෙනවා. දැනටත් අතිශය හිරිකිත ලෙස පිරිහී සිටින නූතන යහපාලන රෙජීමය තමුන්ට බරපතල තර්ජනයක් ආවිට මෙතරම් සාමකාමීව හැසිරේ යැයි සිතන්නට බැහැ. ඔවුනුත් මර්දනය යොදාගැනීමට ඇති ඉඩකඩ වැඩියි. ඉතින් මගේ අදහස නම් මෙබඳු සම්මාන මුවාවෙන් කරනා උගුල් වලට බ්ලොග්කරුවන් හසු නොවී පෙර මෙන් නිදහසේ සිය බ්ලොග් කෙරුවාව පවත්වා ගත යුතුය යන්නයි.

    ReplyDelete
    Replies
    1. AnonymousMarch 21, 2017 at 12:30 AM,

      මම විරුද්ධ ඇනෝ ඇවිත් මිනිසුන්ගේ පුද්ගලික වගේම ඉතා නින්දිත ලෙස පහර දීම ගැනයි මොකද සාදාරනවා බැලුවොත් අදාළ පහර කැමට ලක්වෙන කෙනා ට විශාල අසාදාරනයක් වෙනවා.

      මෙය ලියන Lankika Sithuwili වන මමත් මගේ ඇත්ත නමින් නෙමෙයි ලියන්නේ මෙනිසා මම ප්‍රවේසම් වෙනවා කෙනෙකුගේ පුද්ගලික ජීවිතය ගැන පහත් විවේචන වලට නොයන්න.

      //ඊට අමතරව මෙයින් වන බරපතලම හානිය නම් බ්ලොග්කරුවන්ගේ අනන්‍යතාව හෙළි කිරීමයි. ඒකෙන් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ? අනාගතයේ දසක මේ පාවා දීම නිසා සිංහල බ්ලොග්කරුවන්ට තර්ජනය කිරීම, පහර දීම, පැහැරගෙන යෑම, ඝාතනය කිරීම ආදී දේ සිද්ද වුණොත්, //

      මේදේ සිදු වීමට ඇති අවදානම නිසයි මම මේගැන ලිපි කලින්ම ලිව්වේ
      http://lankasithuwili.blogspot.com/2015/12/edward-snowden.html

      අද යහපාලානේ කිසියම් සංවර බවක් පෙන්වුවත් ඉදිරි ආර්ථික ප්‍රශ්න සමග ඔය අහිංසක සළු පිලි ගලවල මිනි මරන්න පටන් ගත්විට මේ බ්ලොග් සම්මාන කෙමනක් වෙනවා, දැනටමත් ඉතා නීච දේසපාලුවන් මිට සම්බන්ද වීම හොදටම ප්‍රමාණවත් මොලයක් තියන කෙනෙකුට මේවට සම්බන්ද නොවීමට.

      මම බ්ලොග් අවකාශයේ දකින වැදගත්ම දේ වැරදි පාරේ යන විට දෙසපලකයන් නිවැරදි පාරේ අකමැත්තෙන් හෝ යැවීමට හැකිවීම, මෙවැනි වැදගත් ආයුදයක් ජනතාව මෙවැනි සම්මාන වලින් බිල්ලට දීම ගැන නම් කණගාටුයි.

      Delete
  3. ලාංකික සිතුවිලි,

    වත්මන් රජය විසින් මෙම වසර තුල හදිසියේ වාහන වෙ‍ළෙඳපොළ වෙත හඳුන්වා දී ඇති නව ප්‍රතිපත්ති හේතුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදකයින් ගණනාවක්ම අසීරුතාවයට පත්ව ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබෙනු ඔබ දුටුවාද?

    පසුගිය දූෂිත රාජපක්ෂ රෙජීමය සමයේ 100% බැංකු මූල්‍ය පහසුකම් (ලීසිං/ හයර් පර්චේස්) ලබාදීම නවතා 2015 ටිට වත්මන් රජය මීට පෙර මෝටර් රථ සඳහා එහි වටිනාකමෙන් සියයට 70 ක් දක්වා බැංකුවලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකියාවක් තිබුණද අද වන විට එම අගය මෝටර් රථ සඳහා සියයට 50 ක් දක්වාත් ත්‍රීරෝද රථ සඳහා සියයට 25 ක් දක්වා ත් සීමා කර තිබේ.

    ඉන්දියානු මෝටර් රථ නිපදවන්නන් වන මාරුති සුසුකි, රෙනෝල්ට්-ඉන්ඩියා, නිසාන්-ඉන්ඩියා, මහීන්ද්‍රා ඇන්ඩ් මහීන්ද්‍රා, ටාටා මෝටර්ස් සහ බජාජ් ඔටෝ වාහන නිෂ්පාදකයින්ගේ මෝටර් රථ අලෙවිය මේ හේතුවෙන් බරපතළ ලෙස පහළ ගොස් ඇති බව එහි වැඩිදුරටත් වාර්තා වේ.

    මෙම තත්ත්වය ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදකයින් හට සුවිශාල බලපෑමක් එල්ල කර ඇතැයි මෙහි වැඩිදුරටත් සඳහන් වේ. ඔවුන්ගේ ප්‍රධානතම විදේශ වෙලඳපොළ වන්නේ ශ්‍රී ලංකාවයි. සමස්ත වශයෙන් ඉන්දියාවේ 04වන විශාලතම විදේශ වෙළඳපොල ශ්‍රී ලංකාවයි. මේ හරහා ඉන්දියාවට වන හානිය මගහරවා ගැනීමට ඔවුන් මෙරට රජය සමග සාකච්ඡා කරනු ඇති බවට මත පළවේ. මේ ගැන ලිපියක් ලියා අපව දැනුවත් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete