Wednesday, May 1, 2019

ත්‍රස්තවාදයට හේතුව ශුද්ධ වූ කුරානයද ?

https://www.facebook.com/100011196310686/videos/797144524002084/
මුස්ලිම් දරුවන් කුඩා කල සිට ප්‍රචණ්ඩත්වයට පුහුහු කරන අයුරු 


ශ්‍රී ලංකාව තුල වසර 10 ක පමණ කාලයක් දිගු විවේකයකින් පසු නැවත ජිවිත සියගණනක් සමග දේපල කෝටි ගණනක් විනාශ කරමින් නැවත  ත්‍රස්තවාදය අප ආසන්නයටම පැමිණ ඇත.

මෙවර වෙනසකට ඇත්තේ ත්‍රස්තවාදින් ගේ මුලික අරමුණ වැඩිම පිරිසකට හානි පැමිණවීමයි.

පසුගිය යුද්දයේදී LTTE සංවිදානයට ඔනෑ කලේ ආර්ථිකයට උපරිම හානි කිරීම උවත් ඔවුන්ට විදේශිකයන් ඉලක්ක කරගන මිනීමැරීමට නොපෙලබුනේ  අන්තර්ජාතිකව තම සංවිදානයට සිදුවන අපකීර්තිය වලකා ගැනීම උවමනා වූ නිසයි.

අද සම්පුර්ණ වෙනස් ලෝක ප්‍රවනතාවයකට අපට මුනදීමට සිදුවී තිබේ, මෙවැනි ප්‍රචණ්ඩ තත්වයක් මුස්ලිම් ප්‍රජාව තුල නිර්මාණය වී ඇත්තේ කෙසේද යන ප්‍රශ්නය ලොවපුරා සියලු ජනමාද්‍ය සහ රටවල දේසපාලුවන් රටේ ජනතාවගෙන් වසංකරමින් පවතී.

මේ  සරල සත්‍ය තේරුම් ගැනීමට අපට කුරානය පිළිබද යම් සුළු හැදෑරීමක් කලයුතු වෙනවා.

අද තක්ෂණය සමග මෙය පහසුවෙන් කලහැකියි මා ලබාදෙන ඕනෑම දෙයක් ඔබට පරික්ෂා කිරීමට පහසුවෙන් හැකියි
මේසදහා https://quran.com පාවිච්චි කරන්න.

දැන් පහත සදහන් කුරානයේ සදහන් තොරතුරු වල ඇත්ත විමසා බලමු   



Quran 9.5 වලට අනුව ඉහත සදහන් වෙබ් අඩවියට (https://quran.com/9/5-15 ) 


And when the sacred months have passed, then kill the polytheists wherever you find them and capture them and besiege them and sit in wait for them at every place of ambush. But if they should repent, establish prayer, and give zakah, let them [go] on their way. Indeed, Allah is Forgiving and Merciful.


පූජනීය මාසය  ගත වූ පසු ඔබ බිමෙහි සිටින බහුදේව ඇදහිල්ලේ සිටින පිරිස මරාදමන්න, ඔවුන්ව අල්ලා ඔවුන්ව වටලා ඔවුන් සැඟවී සිටින සෑම ස්ථානයකදීම බලා වටලන්න .


මෙවැනි කියමන් කුරානයේ තිබෙන බව බොහෝ අන්‍යාගමික උගතුන් පවා නොදනී.

නමුත් ඔබ ඉස්ලාම් ධර්මය දන්නා උගතකු ගෙන් ඇසුවොත් ඔහු කියනු ඇත්තේ මේ වගන්තිය තනිව ගැනීමෙන් වැරදි අර්ථකතන ලැබෙන බවත් නිවැරදි අර්ථකථනය ලබාගැනීමට ඊට පෙර සහ පසු වගන්තිත් අදාළ මුලික සිදුවීම ගැන දැනගත යුතු බවත්ය.  

මෙහිදී ඔබ දැනුවත් විය යුත්තේ ප්‍රචණ්ඩ ක්‍රියා වල යෙදෙන සියලු මුස්ලිම් ජාතිකයන් තමන්ට කැමති ලෙස මේ වගන්ති අර්ථකථනය  කරන බවයි.

මෙහිදී සරලව කිව්වොත් ප්‍රචණ්ඩත්වයට පාර කපා ඇත්තේ වෙන කොහෙවත් නෙමෙයි කුරානයේ දේශනා වලින් මයි, මක්නිසාද ඕනෑම කෙනෙකුට තමාට කැමති ආකාරයට අර්ථකථනය කිරීමට අවස්තාව කුරානය තුල තිබෙන නිසයි  





ඉහත දැක්වෙන්නේ මුස්ලිම් ජාතිකයන් සිතන අයුරු ගැන දල අදහසකුයි. මා දන්නා තරමින් ඉස්ලාම් දහම වැඩි වැඩියෙන් ප්‍රචාරය කරනවා කියන්නේ ත්‍රස්තවාදින් නිෂ්පාදනය කරනවා කියන දෙයයි.

ඉදිරියේදී සිංහල දේසපාලුවන් නටන බලය සදහා විගඩම   .....

Wednesday, October 31, 2018

ශ්‍රී ලංකාව වෙනිස්වෙලාව දක්වා යන බිහිසුණු ගමන





අද දිනයේ විවිද තර්ක විතර්ක කරමින් සිටින ශ්‍රී ලාංකිකයකුට අප තවදුරටත් මෙසේ කල් මැරීමෙන් සිදුවන වෙනස තේරුම් ගැනීමට විනාඩි 7 ක කාලයක් ඉහත රුප රාමු නැරබුවානම් වටිනවා යයි සිතමි.

සරලව කෙටියෙන් විස්තර කලානම් Venezuela කියන්නේ ලතින් ඇමරිකාවේ පොහොසත්ම රටක්, ලෝකයේ අතිවිශාල තෙල් ආකාර වලට හිමිකම් කියන මෙම රට




කුණු වෙච්ච මස්  වලින් සුප් බොන  බැංකු කටයුතු සදහා පැය ගණන් පෝලිම් වල සිටින විදුලිය නොමැති මිනිසුන්ට මුලික සෞඛ්ය පහසුකම් ලබාදීමට නොහැකි වීම දක්වා සිදුවීම් ජාලය පටන් ගැනීමට හේතු වූ කාරනා මොනවාදැයි බලමු.

මුලින් කිව්වා වගේ ලොව විශාලම තෙල් නිධි තියන  මේ රට ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම සුරකින රටක් ලෙසයි පිලිගැනුනේ නමුත් අද 946% උද්දමන වේගයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී  මුලධර්ම විනාශ වූ රටක් වුයේ පසුගිය වසර 4 ට දල දේශීය නිෂ්පාදනය 35% පහලයවමින්.

අද වෙන විට ලොව භයානකම රටකට වඩා මිනීමැරුම් වැඩියි.

මේ තත්වය නිසා වත්මන් ජනාධිපති Nicolás Maduro ට විරුද්දව උද්ගෝෂණ වලට හේතු උනා.මිට හේතු වුනේ 2013 ට පසු රටේ පිරිහීම වැඩි උනා (ශ්‍රී ලංකාව මත්ක්වෙනවද ? ) මේ තත්වය නිසා 80% වෙනිස්වෙලා ජාතිකයන්  Nicolás Maduro  ව ජනාධිපති කමෙන් ඉවත් කිරීමට උවමනා උනා.

නමුත් සිදුවුනේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන විදි ක්‍රම වලින් බලය එකතුකිරීමට Nicolás Maduro  පෙලබිමයි.

එනම් 2015 දී  MUD නමැති සන්දානයක්   මගින් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබනව, මේ අවස්ථාවේ    Maduro කරන්නේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් කිපදෙන්ක් ඉවත් කර තම හෙන්චයියන් පත්කරගන්නවා (අයිත් ශ්‍රී ලංකාව මතක් උනා නේද ? )

2016 මාර්තු වල අධිකරණය නියෝගයක් දෙනවා අදාළ බලය ලත් සන්දානයේ බලය ඉවත් කිරීමට, සිදුවෙන්නේ මිනිසුන් පාරට බැසීමයි, මෙනිසා අදාළ අධිකරණ නියෝගය ආපසු හරවනවා දින කීපයකට පසු නමුත් හානිය වී අවසානයි, මොකද උද්ගෝෂණ නිසා 100 මිය ගිහින් විශාල පිරිසක් තුවාල ලබනවා.

ජන උද්ගෝෂණ නිසා 2017 ජූලි මාසයේ නව මැතිවරණයක්  Maduro පවත්වනවා නව පාලන අධිකාරියක් පත්කරගන්න, මේ මගින් ඔහු නව වියවස්තාවක් සම්මත කරගන්නවා, මෙමගින් සිදුවෙන්නේ Maduro  ට විරුද්ද කිසිම විපක්ෂයක් නැති මට්ටමක් නිර්මාණය කරගැනීමයි, මෙය සිදුකරන්නේ මහජනයාට අවස්තාව ලබාදෙන්නේ අදාළ ආයතනයට නියෝජිතයන් පත්කිරීමට පමණයි, මෙය ඇත්තෙන්ම ජනමත විචාරණයක් (ඔව් ජේ ආර් ලොක්කගේ  ලංකාවේ කලගෙඩි ලාම්පු සෙල්ලම වගේ තමයි ) 

මේ සිදුවීමටත් අතීතයක් තියනවා 1999 හියුගෝ චාවේස් නමැති ජනාධිපති මේ ක්‍රියාවලිය මුලපුරනවා, එනම් චාවේස් සිදුකරන්නේ ජනමත විචාරණයක් මගින් මහජන මතය විමසීමයි එහිදී ජනතාව කැමැත්ත ලබාදෙනවා ඉන්පසු නව වියවස්තා දායක මණ්ඩලයක් පත්කරගන්නවා, හියුගෝ චාවේස් ,  Maduro වගේ  කෙනෙක් නෙමෙයි ඔහු දුෂණය ට තදින්ම විරුද්ද බව කියනවා. ඔහු සමාජවාදී ප්‍රතිපත්ති මත මහජනයාට නොමිලේ සෞඛ්ය පහසුකම් ලබාදෙන සුබසාදනය බහුල කිරීම මගින් රට දියුණුවෙන් දියුණුවට ගියත් සියල්ල බොහෝ සේවාවන් ලබාදීමට හැකි වෙන්නේ ඔවුන්නේ එකම ආදායම් මාර්ගය වන බොර තෙල් අපනයනය මගිනුයි, යම් විදියකින් බොරතෙල් මිල වැටුනොත් රට වේගයෙන් පිරිහෙන බව ඔහු තේරුම් ගන්නේ නෑ 2004 දී අධික ලෙස තෙල් මිල වැඩි යුගයකදී ඔහු විශාල සමාජ සේවා ජාලයක් ඇතිකරනවා මෙනිසා රටේ දිලිදු බව 50% අඩුවෙනවා.

දැන් හියුගෝ චාවේස් ට බලයේ සිටීමට මේ සේවාවන් දිගින් දිගට අකණ්ඩව ලබාදීම කලයුතු වෙනවා, අපේ මහින්ද ලොක්ක කළා වගේ, ඔහු තම රටේ ඉතුරුම් පාවිච්චි කර දිගටම සේවය ලබාදෙනවා නමුත් චාවේස් ගේ මරණින් පසු 2014 දී ලෝක තෙල් මිල වැටීමත් සමග  බලය ලබන Maduro ට ආර්ථිකය තුලනය කිරීමට නොහැකි වීම නිසා උද්දමනය වේගයෙන් ඉහල යනවා.

චාවේස් වගේම Maduro  ත් කරන්නේ ගේම් ගණහ එක තමයි නමුත් චාවේස් අඩුගානේ දිළින්දන්ට යමක්  ලැබෙන ක්‍රමයක් සකසුවට Maduro  කරන්නේ තම මිතුරන්ට වාසි ලැබෙන අපේ මිල සුත්‍රය වැනි ක්‍රමයක් විනිමය පාලනයට යොදා ගැනීමයි (රනිල් හරියටම Maduro  වගේමයි ) මෙනිසා විනිමය වාසි ලබාගත හැකි පුද්ගලයන් කළු කඩයේ අධිමිලට විනිමය විකිණීමයි කරන්නේ.

මේ ක්‍රමය දිගින් දිගටම කිරීම අපහසුයි ඔහු යනවා නැවත මැතිවරණයකට විපක්ෂය මෙය වර්ජනය කරනවා, අවසානයේ වැඩි චන්දයෙන් ඔහු බලය ලබනවා නමුත් මහජනයා කැරලි ගසනවා මෙනිසා Maduro  උත්සාහ කරන්නේ ඔහුට වැඩි ජන බලයක් ඇතිබව පැවසීමටයි නමුත් අන්තර්ජාතික ව රටවල් මෙය හෙලා දකිනවා විතරක් නෙමෙයි Maduro  සහ ඔහුගේ පක්සිකයන්ට සම්බාදක පනවනවා.

Maduro  සිදුකරන්නේ රටේ නීතිපති ඉවත් කිරීමයි ඉන්පසු විපක්ෂයේ සාමජිකයන් අත්අඩංගුවට ගන්නවා අද වෙන විට රට විනාශයෙන් විනාශයට යමින් තියනවා.

ශ්‍රී ලාංකිකයන් වන අපි අපෙන් ම ඇසිය යුත්තේ අපි මේ මාර්ගයේ යන්නවද නැද්ද කියලයි.       

   

Wednesday, August 22, 2018

ඇමති හර්ෂ ද සිල්වා මහතාට විවෘත ලිපියක්



මැති තුමනි මා ඔබට මගේ පුද්ගලික චන්දය පාවිච්චි කලෙත් මගේ දෙමාපියන් සහ මිතුරන් ඔබතුමාට චන්දය පාවිච්චි කිරීමට පොලබවගත්තෙත් ඔබතුමාගෙන් පුග්ගලික වාසියක් ලබාගැනීමේ පරමාර්ථයෙන් නොවේ, සමාජයක් ලෙස ඔබ වැනි උගත් දැනුමැති මිනිසකුගෙන් සමාගයට වන යහපත ගැන සිතායි.

කනගාටුවට කරුණ ඉහත බලාපොරොත්තු අවාසනාවන්ත ලෙස පසුගිය වසර 3ක කාලයේදී ගිලිහි යාමයි. මිට හොද උදාහරණයක් ඔබට ලබාදෙන්නම් පසුගිය දිනකදී රාජගිරියේ ප්‍රාදේශීය සභා කාර්යාලයේ පවත්වන්නට යෙදුන උපධිදරින්ට ණය ලබාදීමේ වැඩමුළුව ගැන ඔබට පෙන්වා දෙන්නම්, මෙම වැඩසටහනට සම්බන්ද වූ උපාධිදාරීන් කීපදෙනෙක් ගේ අදහස් දැනගැනීමට මට හැකිවිය.

මෙම වැඩසටහනේදී ඔබ විසින් ජනමාද්‍ය නොමතිනිසා බියකින් තොරව අදහස් පලකරන බව කියමින් සදහන් කලේ අතිවිශාල විශ්‍රාමික දීමනා ප්‍රමාණයක් ලබාදීම තවදුරටත් රජයට ඔරොත්තු නොදෙන බවකි, මෙහිදී තවදුරටත් රජයේ රැකියා බලාපොරොත්තු වීම රටට හානිදායක බව ඔබ සදහන් කරන ලදී.

මැතිතුමනි මම ඔබේ අදහස සමග එකග වෙමි නමුත් මේ උපාධිදාරීන් ගෙන්වා ඔබ කලේ කුමක්ද ?

ඔබ ඔවුන්ට භාණ්ඩයක් හෝ සේවයක් අපනයනය කිරීමට ණය ලබාදිය හැකි බව සදහන් කරන ලදී තවද මේ ණය මුදල පොලී නිදහස් ණයක් බවත් සදහන් කරන ලදී.

නමුත් පැමිණ සිටි පුද්ගලයන් ට උවමනා උනේ ගෙයක් සදා කුලියට දීම මගින් මුදල් ඉපයීම වැනි අරමුනකුයි,
මේ උපාධිදාරීන් මෙසේ සිතන්නේ ඇයි ?

මෙහිදී ආචාර්ය උපාදි ලාභී ඔබට නොවැටහෙන අපනයන ලෝකය ගැන හුණු බෙට්ටක දැනුම ඇති කෙනෙක් පහත ප්‍රශ්න ඔබට යොමුකරනු ඇති.

01. විදේශ වලට භාණ්ඩයක් අපනයනය කිරීමේදී තිබියයුතු වැදගත්ම දෙයක් තමයි අදාළ රටේ ප්‍රමිති වලට අනුකුල බව සදහන් වන තත්ව සහතිකය, මෙවැනි තත්ව සහතිකයක් ලබාගැනීමට අහිංසක මේ උපාධිදාරින්ට ඔබ ලබාදෙනවා යයි කියන ණය මුදල ගෑවෙන්න වත් මදි බව ඔබ නොදන්නවාද ? මෙවැනි සහතිකයක් ලබාගැනීමේ ක්‍රමවෙදයවත් සදහන් වෙබ් අඩවියක් හෝ මේතාක් පිහිටවන්න ඩිජිටල් කැබිනට් ඇමතිවරෙක් ඉන්න ඔබේ රජයට හැකි උනාද ?

02.   ශ්‍රී ලංකාවේ වියාපාරයක් රෙජිස්ටර් කර අදාළ සියලු සහතික සහ ලිපි ලේඛණ අන්තර්ජාලය තුලින් පැය 2 වැනි කාලයක් තුල  කරගැනීමට උවමනා තාක්ෂණයක් ආසියාවේ පැරණිම විශ්වවිද්‍යාල පද්දතියක් ඇති ශ්‍රී ලංකාවට නොහැකි වීම ගැන රජයේ ඇමතිවරයකු ලෙස ලැජ්ජාවක් ඇති නොවන්නේ මන්ද ?

03. ලෝකයේ විවිද තානාපති කාර්‍යාල පවත්වන අප ශ්‍රී ලංකාව අදාළ රටවල වියාපාරික අවස්ථා සොයාබලා ශ්‍රී ලංකාවේ රජයත් පුද්ගලික අංශය තුළවත් විදේශ විනිමය උපයාගැනීම ක්‍රමවේදයක් ඔබ වැනි  මහා බුද්ධිමතුන්ට යෝජනාකර අදාළ ඉහල නිලදාරීන් පිඩනයට පත්කර වැඩ කරන ක්‍රමයක් මෙතෙක් ඇති නොවුනේ ඇයි ?

04. ඔබ අවංකව විදේශ වෙළදපොල සදහා භාණ්ඩ සහ සේවා අපනයන කිරීමට සහ විදේශ විනිමය ඉයිමට උවමනාවක් ඇත්තම්  කලයුතු සරලම දෙයක් යෝජනා කරමි.

රජයේ වෙබ් අඩවියක් පටන්ගෙන විදේශ වලට විකිණිය හැකි භාණ්ඩ ලැයිස්තුවක් සකස් කරගන්න ඉන්පසු ඕනෑම පුරවැසියකුට අදාළ වෙබ් අඩවිය තුලින් ගිණුමක් පටන්ගෙන තමා කැමති භාණ්ඩය තෝරාගත් පසු එය කිසියම් රටකට අපනයනය කලයුතු නම් ලබාගතයුතු සියලුම සුදුසුකම් සහ යන මුදල අන්තර්ජාලය තුලින්ම ගෙවා ලබාගැනීමට පහසුකම් ලබාදෙන්න, උපාධිධාරීන්ට ණය නැතත් මෙවැනි සේවයක් නොමිලේ ලබාදුන්නත් රටට විශාල සේවයක් වනු ඇති.

මෙවැනි වැඩපිළිවලක් නොකර වසර 6 වැනි සුළු කාලයක් තුල විශ්‍රාම වැටුපක් ලබාගනිමින්, එවැනිම විශ්‍රාම වැටුප් වසර 25 පමණ සේවය කරන මිනිසෙකු ලබාගැනීම විවේචනය කරමින් කරන විලි ලජ්ජා නැති වැඩේ දැන්වත් නවත්තන්න.

ඔබ පාසල වන රාජකීය විදුහලේ පාටයක් ඔබටත් මෙරටේ අගමැති ටත් මතක්කරනු කැමැත්තෙමි
 Latin: Disce Aut Discede; ("Learn or Depart"); Latin: Floreat; ("Flourish")       

ඒ කියන්නේ ගරු ඇමති තුමා, එක්කෝ කරපන් හරියට නැතනම් බැහැපන් එලියට  ලෙසයි.

මෙවැනි ලිපියක් ලිවීමට සිදු වේ යයි කිසිදා නොසිතුවෙමි මම මෙය ලියන්නේ අවන්කවම අන්තිම මොහොතේ හෝ ඔබ යමක් කරයි කියන බලාපොරොත්තුව නිසයි.       

Tuesday, August 7, 2018

කංසා ගැන ආචාර්ය Wathsala Wijayalath, PhD ඉදිරිපත් කරන අදහස් විශ්ලේෂණය කරමු


ආචාර්ය වත්සලා ගේ ලිපිය https://pokuruwahi.blogspot.com/2018/08/blog-post.html

මුලින්ම අන්තර්ජාලය තුලින් දැනුම ලබාගැනීම පිළිබද මෙතුමියගේ අදහස සමග එකග වෙමි

//එහෙත් ඔබට කුමක් හෝ කරුණක් පිළිබඳව ගැඹුරෙන් අධ්‍යනය කරන්නට අවශ්‍ය බොහෝ දත්ත, මේ වන විට අන්තර්ජාලයේ ඇති බව ඔබ දත යුතුය.//

මෙතුමිය කියන

//අපගේ මහාචාර්යතුමාගේ කිසිදු පර්යේෂණ පත්‍රිකාවක් මේ යටතේ මා හට දකින්නට නොලැබුණි.//

මම දන්නා තරමින් ආචාර්ය වසන්ත සේන වැලිඅංග මෙතන කරලා තියන්නේ ලොව පිළිගත් විද්වතුන් කරන ලද දහස් ගණනක් වන කංසා පිළිබද කල  පර්යේෂණ වල සියලුම ග්‍රන්ථ සහ විස්තර ගොනු කිරීමකුයි. මෙනිසා මට නම්  ආචාර්ය වසන්ත ගේම පර්යේෂණ තොරතුරු උවමනා නෑ ලොව පිළිගත් ආචාර්ය Raphael Mechoulam ඉදිරිපත් කරලා තියන https://www.ncbi.nlm.nih.gov/pmc/?term=Raphael+Mechoulam

පර්යේෂණ පත්‍රිකා කියවල තියනවනම් ඔබට පිළිගත් ස්තානවලින්ම දැනුම ලබාගන්න පුළුවන්.


//අපගේ මහාචාර්යතුමාගේ කිසිදු පර්යේෂණ පත්‍රිකාවක් මේ යටතේ මා හට දකින්නට නොලැබුණි. එය ඔහුට පමණක් නොව බොහෝ ශ්‍රී ලාංකික ආචාර්ය මහාචාර්ය වරුන්ට පොදු ගැටළුවකි.//

අපට ඔහුගේම පර්යේෂණ පත්‍රිකා ඕනේ නෑ නේ අපි සොයන්නේ කංසා ගැන නේද ? ආචාර්ය වසන්ත සේන වැලිඅංග ගේ මනස පරික්ෂා කිරීමක් නෙමෙයි නේද ? ඒ නිසා  මේතාක් කංසා ගැන පලවී ඇති පර්යේෂණ ප්‍රතිපල අපි පොඩ්ඩක් බලමු.



 //කංසා යනු එහි අඩංගු අමුද්‍රව්‍ය වල  පවතින ප්‍රමාණය සහ තමන් ශරීරයට ඇතුළු කරගන්නා මාර්ගය අනුව විවිධාකාර වූ ප්‍රථිපල ලබා දෙන්නකි. බොහෝ ආයුර්වේද වට්ටෝරු සඳහා කංසා යොදාගන්නා බවද නොරහසකි. එහෙත් ඔබ Cannabis යන වචනය යොදා පබ්මෙඩ් වැනි සංචිතයක් පරීක්ෂා කර බැලුවහොත්, කංසා වල ඇති ඖෂධීය වටිනාකම යන්න තවමත් ඇත්තේ පරීක්ෂණ මට්ටමේ බව ඔබට වැටහෙනු ඇත.//

ඔබ මෙතන කියන්නේ නෑ නේද ඇයි ලෝක ඉතිහාසයේ මිනිසා සමග  අවුරුදු දහස් ගණනක් ඉතිහාසය ඇති ශාකයක් පිළිබද තවමත් පරීක්ෂණ මට්ටමේ  තියෙන්නේ කියල ? ඇයි ඔබ නොකියන්නේ කංසා පිළිබද පර්යේෂණ කරන්න අමාරු උනේ //ඇමෙරිකානු ඖෂධ බලාත්මක පාලක මණ්ඩලය මගින්,  උපලේඛණ අංක 1 යටතේ ලැයිස්තු ගත කර ඇති ද්‍රව්‍යකි // නිසා බව ඔබ නොකියන්නේ ඇයි ?


//ඇමෙරිකානු ඖෂධ බලාත්මක පාලක මණ්ඩලය මගින්,  උපලේඛණ අංක 1 යටතේ ලැයිස්තු ගත කර ඇති ද්‍රව්‍යකි//

කියන්නේ ඔබම කියන විදියට

//"රෝග නිවාරණ පරිහරණය සඳහා ස්ථාපිත කර නොමැති  සහ වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණය යටතේ හෝ පාවිච්චියට ආරක්ෂාකාරී නොමැති ද්‍රව්‍ය ලෙස හඳුන්වයි."

//

මේකියන දේ ඇත්තනම්

http://patft.uspto.gov/netacgi/nph-Parser?Sect1=PTO1&Sect2=HITOFF&d=PALL&p=1&u=%2Fnetahtml%2FPTO%2Fsrchnum.htm&r=1&f=G&l=50&s1=6630507.PN.&OS=PN/6630507&RS=PN/6630507

"Cannabinoids have been found to have antioxidant properties, unrelated to NMDA receptor antagonism."

ලෙස ඇමරිකානු රජය කංසා පිලිබදව පේටන්ට් එක ගන්නේ කොහොමද ?

කිසිම ඖෂධීය වටිනාකමක් නෑ කියන ගමන්

//ඇමෙරිකාවේ පවා බොහෝ ජනපද වල ඖෂධීය කංසා භාවිතය නීති ගත කොට ඇති බව සත්‍යකි//

ඔබම ඔබේ තොරතුරු සමග පරස්පරතා ඉදිරිපත් කරනවා නේද ?

//කංසා සමඟ මෙම අංක 1 වර්ගයට ඇතුලත් වන්නේ හෙරොයින් සහ අනිකුත් මානසික මුළාවට පත්කරවන  (Hallucinogens)  මත්ද්‍රව්‍ය බව අප සැලකිල්ලට ගත යුතු කරුණකි. //

මෙය කොච්චර විහිලුවක්ද කියල



ඇමරිකාවේ කොන්ග්‍රසයේ ප්‍රශ්න කිරීම ඉදිරියේ ඇමරිකාවේ අන්තරායකර ඖෂධ  පාලක මණ්ඩලයේ නියෝජ්‍ය අද්‍යක්ෂක කිචවි පචවී යන හැටි බලන්න මැතිනියේ.



//කංසා භාවිතා කරන්නන්ට සිද්ධියක ඇති දත්ත විශ්ලේෂණය සහ සියුම් දත්ත මතක තබා ගැනීමේ හැකියාව අඩුය.//

හැබෑට මේ කරුණ තහවරු කරන එකම එක පිළිගත් පර්යේෂණයක තොරතුරු ඉදිරිපත් කරන්න පුලුවන්ද ?

//කංසා ඇබ්බැහිය නිසා අරමුණක් නොමැතිව ඔහේ පාවෙන ජීවිත බොහෝ සේ මා  දැක ඇත්තෙමි. ඔවුන් බොහෝ කුසීතය.//
ඔබ කොහොමද හරියටම කින්නේ ඔවුන් කංසා පමණක් පාවිච්චි කළා කියල ඔබ මේ පිළිබද පර්යේෂණ කරලා තියනවද ?
ඔබේ දැනගැනීම පිණිස ඇමරිකාවේ Apple  සමාගමේ නිර්මාතෘ වරයෙක් වන Steve Jobs මෙය පාවිච්චි කලබව ඔබ දන්නවද?
මෙය ඔහු ප්‍රසිද්ධියේ පිළිගත් දෙයක් Microsoft නිර්මාතෘ Bill Gates කිසිම තැනක කියල නෑ තමන් කංසා පාවිච්චි කල බව නමුත් කංසා නීතිගත කිරීම පිළිබද චන්ද විමසීමේදී ඔහු කංසා නීතිගත කිරීමට පක්ෂව චන්දය දුන්න.

එච්චර විතරක් නෙමෙයි ඔබ දන්නවද ඇමරිකාව හිටපු ජනාධිපති Barack Obama ඔහුට කලින් ජනාධිපති George W. Bush ඔහුට කලින් ජනාධිපති  Bill Clinton කියන සියලු අයවලුන් කංසා බීපු බව ඔබ නොදන්නවාද ? දන්නවද ?

වෙන එකෙක් තියා https://www.telegraph.co.uk/news/health/11927223/Legalise-cannabis-because-Queen-Victoria-used-it-says-former-Tory-minister.html

 හිටපු මහරජිනත් ගංජා ගහල

ඇබ්බැහියාවන් ගැන බැලීමේදී http://wonkwire.com/2014/07/31/ban-marijuana-less-addictive-cigarettes/
කංසා වලට ඇත්තේ අඩුම ප්‍රවනතාවයක්

//එහෙයින් ආනන්දයෙන් ප්‍රඥාව ලබා ගැනීමේදී ඇති වන ඇබ්බැහි වීමේ භයානක කම අපේ මහාචාර්ය තුමා නොදන්නවා විය හැකිය. //

ඔබේ ඉහත වැකියට පිළිතුරු ලැබුනා යයි සිතමි


//ඒ සුද්දා දායද කර ගිය වැඩවසම් සමාජ ක්‍රමයේ උරුමයයි.//

එකනම් හරියටම හරි මෙන්න කංසා තහනම් වුන විදිය



//යම් සිද්ධියක සියුම් දත්ත විශ්ලේෂණය කිරීමට මොළය වෙහෙසීමේ ගැටළුවකි.//

ඉහත වාර්තා වැඩසටහන බලල ඔබම හිතල බලන්න ඔබ ඉදිරිපත් කරන කාරණය ගැන.


 

Tuesday, July 31, 2018

කංසා පිළිබද සංවාදයක් උවමනායි


ඉහත පලවී තියන්නේ  Harvard Medical School හි සිදුවූ ඉතා වැදගත් සංවාදයකුයි.

මම හිතන්නේ කිසිම වැඩකට නැති දේසපාලන සංවාද ඇති අප රටේ මෙවැනි සංවාදයක් ආචාර්ය වසන්ත සේන වැලිඅංග වැනි විද්වතුන්, සිංහල දේශීය වෛද්යවරුන් සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ පිළිගත් වෛද්යවරුන් සමන්විත දේශන මණ්ඩලයක් කංසා පිළිබද විද්වත් සාකච්චාවක් කළා නම් ඉතා වටිනවා.

Saturday, July 28, 2018

මෑත කාලයේ මම කියවන ලද විශිෂ්ටම පොත !!

පසුගිය ලිපිය මම ලිව්වේ කංසා නොහොත් ගංජා ගැනයි, මෙය ලිවීමට හේතු උනේ ආචාර්ය වසන්ත සේන වැලිඅංග " ත්‍රෛලෝක්‍යවිජයා " නමින් ලියන ලද ග්‍රන්ථය පිළිබද 



සදහන්වූ විනාඩි 21 ක පමණ වැඩසටහන නැරබීමෙන් පසු මම පුදුමයට පත්වුනේ මොහු කියනදේ ඇත්තද ? යන්නයි, වැදගත් ආචාර්ය වරුන් බොරු වපුරන මේ කාලයේ ආචාර්ය වසන්ත එසේ නොවන්නේ ඇයිද යන්න සෙවීමට මුලික හේතු වුනේ ඔහු බොරුවක් කියනවනම් මේ කරන්නේ ඉතා පහසුවෙන් ලෝකය හමුවේ බොරුකාරයක් වන මෙවැනි අවදනාමක් ගන්නේ ඇයි කියලයි.

මෙය සෙවීමට මම රුපියල් 1400 වන ඔහුගේ පොත මිලදීගැනීමට ඉක්මන් නොවුවෙමි, මා සිදුකලේ විද්‍යාත්මක ලෝකයේ කංසා Cannabis පිළිබද සිදුකල විද්‍යාත්මක පත්‍රිකා කියවීමයි, කංසා (Cannabis) පිළිබද සිදුකරන ලද පරීක්ෂණ වලින් 99% පමණ සිදුකර ඇත්තේ කන්සවල ඇති අහිතකර තත්වය සෙවීම පිණිසයි, පුදුමය වන්නේ මේ සියලු පර්යේෂණ වලින් මතුවී ඇත්තේ කන්සවල ඇති ගුණයයි.

මේ දේ ගවේෂණය කිරීමෙන් ආචාර්ය වසන්ත සේන වැලිඅංග ගැන වඩා පැහැදුන මම ඔහුගේ පොත මිලදීගැනීමේ අරමුණින් නුගේගොඩ සරසවි සහ බොරැල්ලේ සදීප පොත්හල්වලින් විමසු විට දැනගන්න ලබුනේ සියලු ග්‍රන්ථ විකිණී ඇති බවයි.

අවසානයේ සති කීපයකට පසු ඔහුගේ පොත මිලදීගැනීමට මට හැකිවුනා පිටු 350 පමණ වන මේ ග්‍රන්ථය කිසිදු ආයාසයකින් තොරව කියවිය හැකි උනා.

කලකින් මෙවැනි විශාල ග්‍රන්ථයක් මම එකදිගට කියවල නෑ! ඔහු මිනිස් ඉතිහාසයේ  පරිනාමයේ සිට නුතනත්වය දක්වා කංසා වල ඇති සම්බන්දය පෙන්වාදෙන්නේ අපුර්ව ආකාරයටයි.

මෙවැනි දීර්ග ඉතිහාසයක් ඇති ලෙඩරෝග සියගනනකට බෙහෙතක් වන කප්රුකක් වන මේ ශාකය ලෝකයේ තනහම් වන්නේ ලෝක බලවත් වියාපාර වලට තම විකුණන භාණ්ඩ වලට කංසා ශාකයෙන් කරන ඉහල ගුණත්වයෙන් යුතු අඩු මිලෙන් නිපදවියහැකි විවිද නිස්පාදන වලින් ඇති තර්ජනය ඉවත් කිරීම සදහායි.

බොහෝ මිනිසුන් මෙවැනි විෂයන් පෙන්වා දෙද්දී මෙසේ පෙන්වා දෙන පුද්ගලයන්ව හදුන්වන්නේ කුමන්ත්රණ නියායන් (Conspiracy Theory) ඉදිරිපත්කරන මිනිසුන් ලෙසයි, නමුත් වසර ලක්ෂගනනක් මිනිසා විවිද ලෙස ඔසු ලෙස පාවිච්චි කල කංසා ශාකය කිසිම සෞඛ්ය වැදගත්කමක් නැති සිත වුකුර්තිකරන බලවත්ම රසායනිකයක් ලෙස නම්කර කිසිම පරීක්ෂණයක් කල නොහැකි ලෙස වසර 70 වැනි කාලයක් තහනම් කල ආකාරය බැලුවනම් තේරෙයි මහජනතාවගේ මොළ විවිද බලවතුන් සොදන්නේ කෙසේද කියල.

මේ පිළිබද CNN ආයතනයේ වෛද්යවරයෙක් වන Dr. Sanjay Gupta


සදහන් කරනවා තම මතය වෙනස් කරගත් ආකාරය.

මිට අමතරව ලෝකයේ විශිෂ්ට සොයාගැනීම් ඉදිරිපත් කල පුද්ගලයන් කංසා පාවිච්ච් කරලා තියනවා



මෙය බැලීමේදී තේරෙන්නේ කංසා පාවිච්චිය වෙනස් චින්තනයකට උපකාර වන බවයි.

හැබැයි මම ආචාර්ය වසන්ත ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තියනවා ඒතමයි කංසා වල THC වල මාත්‍රාව අද වනවිට විවිද පරාගන ක්‍රමවලින් ඉහල යවල තියනවා 1970 දසකයේ තිබුන කංසා වලට වඩා 20 ගුණයක් THC (Tetrahydrocannabinol) ප්‍රමාණය වැඩි වෙලා තියනවා  THC වලින් තමයි මත්ගතිය ඇතිකරන්නේ නමුත් THC බෙහෙත් වලත් පාවිච්චි කරනවා මිට අමතරව Cannabidiol    (CBD) ප්‍රමාණය වෙලදපොලේ (නිතියානුකුල රටවල ) සහ නීති විරෝධී නිෂ්පාදන වල ඉතා අඩුවෙන් හෝ නැති තරම්.

CBD කියන්නෙත් උවමනාම රසායනයක් මෙය බොහෝ ලෙඩරෝග සුවකිරීමට  උවමනා බවයි සදහන් වන්නේ, හැබැයි CBD ප්‍රමාණය වැඩි නම් කංසා වල මත්ගතිය අඩුවෙනවා, මෙනිසා මෙය නිපදවීම වන්නේ අඩුවෙන් .

මෙපිලිබද විග්‍රහයක් ආචාර්ය වසන්ත  ට කරන්න පුළුවන් නම් වටිනවා.

මිට අමතරව වයස 14 ත්  20 ත් අතර වයසේ දරුවන් කංසා පාවිච්චිය ඔවුන්ගේ මොලයේ වර්දනයට හානිකර ලෙස බලපෑ හැකිබව කියන මතය වසන්ත මහතාගේ මතය ඉදිරිපත් කල හැකි නම් වටිනවා.

අවසාන ලෙස කියන්න ඕනේ මේ ග්‍රන්ථය ලිවීමට  ආචාර්ය වසන්ත ට ලැබුන එඩිතර කම සහ ඔහු සමග ප්‍රසිද්දියේ තම අවංක අදහස ඉදිරිපත් කිරීමට එඩිතර වූ සියලු දෙනාටම මා ප්‍රණාමය පිරිනමනවා.       

           

Saturday, June 30, 2018

ගංජා (Cannabis) කියන්නේ මොනවද ?



ගංජා (Cannabis) කියන්නේ මොනවද ?

අද දවස වැදගත් දවසක් වෙන්නේ { ගංජා (Cannabis), කංසා} කියන වටිනා ශාකය සහ එහි අන්තර්ගත නිෂ්පාදන සදහා  කැනඩාවේ මෙතක් පැනවි තිබුන තහනම ඉවත් කිරීමයි.

නීතියේ හැටියට කැනේඩියානුවෙකුට ගංජා පැල 4 ක් තම ගෙවත්තේ වගාකළ හැකියි.

ගංජා වල ඉතිහාසය වසර දහස් ගණනක එකක්, සිංහල බෙහෙත් වල වගේම ආයුර්වේදයේ මෙය විශ්මිත බෙහෙතක් ලෙස සලකන්නේ    

දිවයින ලිපිය http://www.divaina.com/2017/08/06/feature29.html

"ආයුර්වේදයට අනුව කංසා අර්ශස්‌, ක්‍රිව, ශ්වාස, කාස රෝග සමනය කරන ඖෂධයක්‌. අතීසාරයට ප්‍රතිකාර කිරීමේදීත් කංසා යොදා ගන්නවා. මාස්‌ ශුද්ධි වේදනාව සමනය කරන්නටත් ලිංගික ශක්‌තිය වැඩි කරන්නටත් කංසාවලට හැකි බවත් ආයුර්වේදයේ දැක්‌වෙනවා." ආචාර්ය වසන්ත සේන වැලිඅංග



{
නීති විරෝධී වෙන්නෙ කොහොමද?

කංසා නීති විරෝධී කරන්නෙ 1930 දී විතර. ඒක වුණේ ඇමරිකාවෙ වුවමනාවට. මේ කාලෙ වෙනකොට ලෝකෙ අලුත් වෙලා කාර්මික විප්ලවයෙන් පස්‌සෙ විවිධ නව නිර්මාණ බිහි වුණා. විශේෂයෙන්ම ලී කුඩු යොදා තැනූ කඩදාසි, රසායනික ඖෂධ වර්ග, පෙට්‍රොaලියම් තෙල් නව වර්ගයේ රෙදි වර්ග ආදී බොහෝ දේ මේ අතර තිබුණා. ඒත් කංසා ශාකය මිනිස්‌සු ප්‍රයෝජනයට ගන්නකම් මේවාට වෙළෙඳපොළක්‌ ලැබෙන්නෙ නෑ. ඒක නිසා ඔවුන් තමන් සතු සියලුම ප්‍රචාරණ මාධ්‍ය ප්‍රයෝජනයට ගනිමින් කංසාවල ප්‍රතිරූපය භයානක මත්ද්‍රව්‍යයක්‌ පමණයි යන මතයට එනතෙක්‌ම බිඳවැට්‌ටුවා. ඉන් පසු ඇමරිකාව එය තහනම් කළා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව සුපිරි බලවතා වුණා. ඔවුන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යොදාගෙන කංසා භාවිතය ලොව පුරාම තහනම් කළා.

ආචාර්ය වසන්ත සේන වැලිඅංග 
} 

මම මුලින්ම ආචාර්ය වසන්ත සේන වැලිඅංග  කියන මේ කතාව ගැන පුදුම උනා (තවම ඔහුගේ පොත වන ත්‍රෛලෝක්‍යවිජයා කියවල නෑ ) නමුත් මේ ගැන ටිකක් ගැබුරින් බැලුවහම ඔහු කියන දේ 100% නිවැරදියි.

මේ ලෝකයේ දැනට කංසා පාවිච්චියෙන් මියගිය එක මිනිසේකුවත් නෑ !!

මේ ඉතා වටිනා කප්රුකක් වැනි ශාකය ලෝකය පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. 

මෙන්න මේවයි ලෝකයේ වෙන්නේ 



මහාචාර්ය Dr Mechoulam ඉස්රයලයේ අපුරු සොයාගැනීමක් කරනවා එනම් කුඩා දරුවන්ගේ පිළිකා සුවකිරීමට කංසා (Cannabis) හේතුවන බව ඔහු පර්යේෂණ මගින් ඔප්පු කරනවා, මේ ලෝක පිළිගත් සොයාගැනීමට ඇමරිකාවේ කිසිම ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නෑ නමුත් මෙය ඉස්රායල් රජය පිළිගැනීමට ලක්කර එරටේ කංසා නීතිගතවීම සහ කංසා ආශ්‍රිත නිෂ්පාදන විදේශ ගතකිරීමට හේතු වන්නේ ඔහුගේ පර්යේෂණ ප්‍රතිපලයි.

පසුගිය කාලයේ ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවක කංසා නීතිගත උන අතර අද දිනයේ කැනඩාවේ සම්පුර්ණයෙන් ම පාවිච්චිය සදහා නීති ගත වෙනවා.

අතීතයේ මේ ශාකය තහනම් වන්නේ මෙහි ඇති හානිකර තත්වය නිසා නෙමෙයි  

මෙහිදී කංසා නැත්නම් ගංජා තහනම් වුනේ කොහොමද ? 




William Randolph Hearst නමැති පුවත්පත් හිමියා මිලදිගන්නවා අක්කර මිලියන ගානක ගස් සහිත  වනාන්තර ඔහු එසේ කරන්නේ මේ කපන ගස්වලින් තම පුවත්පත් කර්මාන්තයට උවමනා අමුද්‍රව්‍ය ලබාගැනීමටයි, ප්‍රශ්නය ඇතිවන්නේ කංසා වලින් නිපදවන කරදාසි ගස්වලින් නිපදවන කරදාසි වලට වඩා මිලෙන් ඉතා අඩු වීමයි, මේ නිසා තම විශාල වෙළද අධිරාජ්‍ය අඩු මිල කංසා කරදාසි නිසා බිදවැටීමේ අවදානමකට මුහුණ දෙනවා අනෙක් පුද්ගලයා වන්නේ Lammot du Pont නමැති පොහොසත් රසයනවෙදියා, ඔහු සින්තටික් නයිලෝන් නිපයුම් කිරීමට උවමනා පේටන්ට් ලබාගනයි තියෙන්නේ ඔහුටත් අභියෝගයක් එනවා කංසා වලින් අඩුමිලට නිපදවන නිෂ්පාදන වලින් තම වෙළදපොල නැතිවෙන නිසා, මේ දෙදෙනාට පොදු එක දෙයක් තමයි ඔවුන් දෙදෙනාගේම බැංකුකරු වන්නේ Andrew W. Mellon, ඔහු තමයි Gulf Oil හි අයිතිකරුවා වෙන්නේ ඔහුත් දකිනවා තම වියාපරයට කංසා තර්ජනයක් ලෙස, මොකද කංසා වලින් ඉතා පිරිසිදු ඉන්දන නිපදවන්න පුළුවන් නිසා මිට අමතරව John D. Rockefeller සහ Andrew Carnegie කියන බිලියන පති තෙල් නිපදවන්නන් සිටිනවා මොවුන් කන්නසා ඉවත්කිරීමට මුල්වෙන්නේ වෙන මොකවත් නෙමෙයි තෙල්නිපදවිමේදී ඇතිවන අතුරු පලයක් වන රසායන ද්‍රව්‍ය වලින් නිපදවන ඖෂධ වලට වඩා ඉතා තත්වයෙන් උසස් නිපැයුම් කන්සවලින් නිපදවීම නිසා තමන්ට නැතිවන වෙළද පොළ රැකගැනීමයි ඔවුන් ගේ පරමාර්ථය, මේ කාලයේදී Andrew W. Mellon තමයි ඇමරිකානු භාණ්ඩාගාරයේ ලේකම් වන්නේ, ඔහු විසින් තම අනාගත බෑනා වන Harry J. Anslinger පත්කරනව ඇමරිකාවේ  මත්ද්රව්ය නාශක කාර්යාංශයේ (Federal Bureau of Narcotics)  ප්‍රධානියා ලෙස.

දැන් තමයි අපුරුම දෙයක් වෙන්නේ එනම් මේ යුගයේ කංසා විශාල ලෙස වගාකිරීම වනවා මෙනිසා කෙලින්ම කංසා තහනම් කිරීම පහසු නෑ, කංසා වලට මෙක්සිකානු නමක් තියනවා එනම් Marijuana ලෙස මෙහිදී ඔහු ප්‍රධාන ජනගණනය මුලාකරන්නේ ජාතිවාදී සොරුපයකින් එනම් කළු ජාතිකයන් සහ මෙක්සිකානු ජාතිකයන් ඉලක්කකරගෙන, මෙහිදී සුදුජාතික ගැහැනුන් කංසා පාවිච්චිය නිසා  කළුජාතික පිරිමින්ගේ ලිංගික සම්බන්දයනට පෙලබවන බව පෙන්වමින් සිනමා පටයක් ප්‍රදර්ශනය කරනවා. 

මෙහිදී  William Randolph Hearst  ගේ සියලු ප්‍රකාශන වල කංසා වලට දිගින් දිගටම පහරගැසීම නොනවත්වා සිදුකරනවා සිනමා පට නිර්මාණය වෙනවා කංසා පාවිච්චිය නිසා මිනිසුන් කාම අපචාර සොරාකම් සහ මිනීමැරුම් කරන බව, මේ උණුසුම යටතේ Marijuana තහනම් කිරීමේ පනත් ගෙනෙනවා, මෙහිදී තියන ලස්සනම දේ තමයි මෙයට චන්දය දෙන සෙනෙට් මන්ත්‍රී වරුන් දන්නේ නෑ  Marijuana සහ Cannabis කියන්නේ එකම දේ කියල, මෙහිදී කිසිම විද්‍යාත්මක පර්යේෂණයකින් තොරව 1937 දී Marijuana පනත සම්මත වෙනවා මේ ගැන සැක කරන Fiorello H. La Guardia කියන 1934 New York නගරයේ නගරාධිපති පත්කරනවා කොමිසමක් ඒ තමයි La Guardia Committee කියන්නේ මෙය පත්කරන්නේ කංසා වල ඇති හානි ගැන සොයන්නයි වසර 5 තුල කරන පර්යේෂණ පෙන්වාදෙන්නේ ඉහත සදහන් වූ කිසිම හානියක් කංසා වලින් නොවන බවයි මෙයින් කෝපයට පත් Harry J. Anslinger  කරන්නේ පුවත්පත් මගින් මේ වාර්තාව විවේචනය කිරීමයි ඉන්පසු තම ඒජන්තයන් රටවටේ යවල මෙ වර්තාවේ සියලු පිටපත් එකතුකරලා විනාශ කරනවා ඉන්පසු Harry J. Anslinger  ප්‍රචාරණය කරනවා කංසා පාවිච්චි කරන පුද්ගලයා මිට හානි මත්ද්‍රව්‍ය වලට හුරුවෙන බව, මේ මතය ඉතා තදින් සමාජගත කිරීමට ඔහු සමත් වෙනවා.

මෙයින් ඉතා තද නීති ගෙනෙනවා ප්‍රථම වරට අත්අඩංගුවට ගත්තොත් වස 2 සිට වසර 10 ට සිරගතවිමක් සහ දෙවැනි වර අත්අඩංගුවට ගැනීමකදී ජීවිතාන්තය දක්වා සිරගත වීමක් සදහන් වනවා.

දැන් ඇමරිකාවේ සාර්ථක වන  Harry J. Anslinger  ඊලග තුරුම්පුව වන්නේ එක්සත් ජාතීන්ගේ සන්විදානයයි 1961 දී ඔසු සාර්ථකව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල කංසා තහනම් කිරීමේ සම්මුතිය සම්මත කරගන්නවා, මෙහෙම තමයි ශ්‍රී ලංකාවේ කංසා තහනම් වෙන්නේ.