Tuesday, February 24, 2015

අපරාධ, අපරාධ ලෙස නොදැකීමේ අපරාධය!


අප බොහෝදෙනා අපරාධයක් ලෙස දකින්නේ, එක්කෝ මිනි මරාගනිමක්, මංකොල්ලකෑමක් වැනි දෙයකි, මා පෙන්වන්න යන්නේ සමාජයක් ලෙස මේවා සිදුවන්නේ මක් නිසාද යන්නයි.

මෙම සටහන පටන්ගැනීමට ප්‍රථම අපි 1948 නිදහස ලබන වර්ෂයට මතකය ගෙන යමු. ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් තිබු අපට වසර 30 ක යුද්දයක් සහ තරුණ කැරලි දෙකක් ඇති වුයේ මන්ද ?

නිදහස ලබන අවස්ථාවේ සුද්දන් විසින් බොහෝ යටිතල පහසුකම් අප රටේ ස්ථාපනය කරන ලද අවස්ථාවක සිටි අපි මා දකින මුලික අපරාධය නම් සුබසාදනයට යොමු වීමයි, මෙය අපරාදයක් වන්නේ ඇයි දැයි බලමු.     සුබසාදනය හේතුවෙන් ආයෝජනය පහත යන අවස්ථාවකදී වාමාංශික වියාපාර විසින් රජයෙන් වැඩි වැඩි සහන ලබාගැනීමත් හැකි තරම් අඩුවෙන් වැඩ කිරීමත් ප්‍රවර්දනය කරනලදී, මේ හේතුවෙන් විදේස ආයෝජන අවම වූ අතර සියලු දෙය රජය කිරීම නිසා මහා පරිමාණ දුෂණය ඉහල යාමෙන් ආර්ථිකයට මහා බරක් පටවින ලදී.

1956 දී සිංහල රජ බස කිරීමෙන් බණ්ඩාරනායක මහතා බලය ලබා ගත් අතර ජාතිවාදී මතය යොදා ගැනීමෙන් රජය කරන ලද්දේ වාමන්සිකයන් රටේ කරන ලද වැඩවර්ජන පවතින අතරයි (මෙම වැඩවර්ජන කිසිලෙස අපරාදයක් ලෙස නොදකිනලද, ජාති වාදය කිසිකලක ශ්‍රී ලාංකිකයන් අපරාදයක් ලෙස නොදකින ලදී )

සිංහල රජ බාෂාව කිරීමෙන් සිදුවූ අනතුර නම් තාක්ෂණික විෂය දැනුම අපරටට නොලැබී යාමයි (මහාචාර්යවරයකු පැවසු පරිදි ඉතිරිවූයේ සටහන් කටපාඩම් කරන හිස් මිනිසුන් සමුහයක් පමණි )
ලෝකයේ අපට පිටුපසින් සිටි රටවල් වේගයෙන් දියුණු වෙද්දී අප සුද්දට බැන බැන  සිදුවන නියම අපරාද නොදකිමින් ගතකරන ලද කාලය දශක 7 පමණ වේ.
ප්‍රශ්නය නම් අප බොහෝ දෙනා වංචා දුෂණ අක්‍රමිකතා බයානක අපරාධ ලෙස නොදැකීමයි

මේ හේතුවෙන් නව රැකියා නිපදවීමට 1970 රජය පත් වන විට නොහැකි වුන අතර  1971 ප්‍රථම තරුණ කැරැල්ල හට ගත්තේ මෙම අසහනය වැඩි දියුණු වීමෙනුයි. මෙහිදී තරුණ තරුණියන් ගාතනය වීමේදී සංවේදී කතා රචනා උනත් අපට අපරාදය ඇත්තේ කොහෙදයන වග තවම අවබෝද වී නැත.

රටේ විවිද පශ්න ඇතිකර ගනිමින් කලයුතු දෙය නොකරමින් අප ගමන් කරමින් සිටින්නේ එක අනතුරක සිට තව අනතුරක් දක්වායි .

1989 දෙවැනි තරුණ කැරැල්ල ඉතා අනුවේදනීය වුයේ දකුණේ තරුණ තරුණියන් ටයර් දමා පුළුස්සා ඇති අයුරුයි.

මෙහිදී මවකට තම දරුවා හමුවුයේ හිස පමණක් වන අතර විලාප තියමින් ඇය මහමග ගමන් කරන විට ඇතිවෙන සංවේදී අවස්ථාවේ
අප නොසිතන්නේ මිනිස් මනස මෙසේ ක්‍රියා ක්‍රියා කරන්නේ කිසියම් සිදුවීම් දාමයක ප්‍රතිපල ලෙස බව අපට නොවැටහෙයි.

දැන් අප සිතමු ශ්‍රීලංකාව පවතින ස්ථානයේ පරයෝජනයට ගනිමින්, රටේ නිතිය සදරනවා ක්‍රියාත්මක කරමින්, ජාතිවාදී මත පතුරවන්නන්ට දැඩි නීති මගින් දඩුවම් කරමින්, අද්‍යාපන ලබාදීමේදී ඉංග්‍රීසි බාෂාව රටේ ප්‍රචලිත කරමින් විදෙස අයෝජන මගින් බුද්දිමත් තීරණ ගතහැකි මිනිසුන් සිටියා නම් මෙවැනි
දේශපාලනඥයයන්  රටට නො ලැබෙනවා පමණක් නොව ඉහත සදහන් කල මුලික ප්‍රශ්නය වන තරුණ අසහනය ඇති නොවන්නට හේතුවන්නේ ඕනෑතරම්
රැකියා උප්පදනයට අපට හැකි නිසයි.

අප අවංකව සිතිය යුත්තේ දෙසපලන්යනන් ලවා සහනාදාර වැඩි කර ගැනීම නොව හැකිපමණ නිදහස් වෙළදාම ඇතිකරගනිමත් සාදාරන නිතිය පවතින රටක් ඇතිකර ගැනීමත් යන කරුණයි.

අවසාන ලෙස කිවයුත්තේ  පුරවැසියන් ලෙස දරුවාගේ ගිනිගෙන දැවෙන ශරීරය දකින මවක් යම් කම්පාවක් ඇතිකර ගනීද එයට ආසන්න හෝ කම්පාවක්
අල්ලස් දුෂණ අක්‍රමිකතා සහ නිතිය ක්‍රියාත්මක නොවීම පිලිබදව අප ඇති කරගත යුතුය, මක්නිසාද එසේ නොවුවිට ඉහත සදහන් සියලු අනතුරු නැවත නැවත සිදුවන නිසයි!        

Saturday, February 14, 2015

දියුණුවට අවශ්‍ය බලය. 2 කොටස.




 මෙය ලිවීමට පෙලබුනේ මා පෙර ලියනලද  "දියුණුවට අවශ්‍ය බලය." නම් ලිපියට http://lankasithuwili.blogspot.com/2015/02/blog-post.html#comment-form "ලොකු පුතා" නම් පාටකයා දමනලද අදහස පිලිබදවයි.

"මෙම සියළුම උපකරණ මිළදී ගැනීමට සිදු වන්නේද විදේශයෙන් බව අමතක කරන්න එපා.
එමෙන්ම එය එකවර කලයුතු විශාල ආයෝජනයක් වන බව අමතක කරන්නත් එපා."

ඉහත අදහස සත්‍ය වන අතර කණගාටුවට කරුණ නම් මෙම පැනල නිපදවීමට අත්‍යවස්ය අමුද්ද්‍රව්‍ය පවතින්නේ ශ්‍රී ලංකාවේ බවයි.
ලොව ඇති හොදම වර්ගයේ සිලික වැලි අපනයනය කරන රටක් වන අපි කොතරම් මෝඩ දැයි කිවුවොත් කිසුදු වැඩි දියුණු කිරීමකින් තොරව
http://www.dailynews.lk/?q=business/vein-quartz-sri-lankas-silicon-valley අපනයනය කරන මෙවැනි ජාතික සම්පත් නිසා
ඇතිකලහැකි රැකියා අවස්තා මිල කල නොහැකි.

රජයට බල කල යුතු වන්නේ මෙවැනි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ පිහිටවා උසස් තාක්ෂණික නිෂ්පාදන අපනයනය මිස
රන් බිත්තර දමන කිකිළිය මැරීම නොවේ.    

ශ්‍රී ලංකා මහබැංකුවේ මෝඩකම් !!



ශ්‍රී ලංකාවට paypal පහසුකම ලබාදීමේ වාසි සහ මහබැංකුවේ මෝඩකම් 

අද ලෝකයේ අන්තර්ජාතික වෙළදාමේ යොදාගන්න මුලිකම ගනු දෙනු කිරීමේ මද්‍යක් වන්නේ paypal  සේවාවයි. මිට මුලිකම හේතුව ගනුදෙනු කිරීමට මිට අමතරව ඇති ක්‍රම වන්නේ 01. බැංකු හරහා සිදුකරන ( Wire transfer )  02. අන්තර්ජාතික ණය පත් යොදාගැනීම (credit card ) 03. western union, moneygram ,  Ria Money Transfer (වැනි සේවා මගින් මෙය කල හැක )

01. බැංකු හරහා සිදුකරන ( Wire transfer ):- මෙය ඉතා ඉහල මුදලක් හුවමාරු කිරීමට යොදාගනී, එම මොහොතේම සිදු නොවේ.
02.  අන්තර්ජාතික ණය පත් යොදාගැනීම (credit card ) මෙය එවලේම සිදුකළහැකි උවත් කිසියම් අවදානමක් පවතී (විසේසයෙන් ම අන්තර්ජාතික ගනුදෙනුවකදී ඔබට ණයපතේ  තොරතුරු විදේශිය පුද්ජ්ගලයකුට ලබාදීමෙන්, ඔහු අවබාවිත කිරීමේ අවදානමක් පවතී )
03 western union, moneygram ,  Ria Money Transfer එවලේම මුදල් යැවිය හැකි උවත් විදේශිය ගැනුම්කරුවන් මිට වැඩි උනන්දුවක් නැත්තේ නොදන්නා කෙනකුට මුදල් දීමෙන් ආරක්ෂාවක් නොමැති බැවිනි.

04. paypal   :- වල ඇති මුලික ලක්ෂනයනම් ඔබවිසින් ඔබේ  paypal ගිණුම ඔබේ ණයපතට credit card හා සම්බන්ද link  කර ඇති බැවින් කිසියම් ගෙවිමකදී ඔබට ඔබේ credit card numbers  පිටතට ලබාදියයුතු නොවේ, තවද ගෙවීම කලහැක්කේ ඔබට පමණයි.

දැන් මෙහි ඇති වාසි මොනවාදැයි බලමු

සිතන්න ඔබ ගණකාධිකාරී වරයකුයි කියා ඔබ කැමතිනම් විදේශිය ආයතනයක ගිණුම් අංශයේ උදාහරණ bank reconciliation කිරීමට හැකියි සිතමු
විදේශිය ගැනුම්කරු මෙම සේවයට ඔබට $250 වැනි අඩු මුදලක්  ගෙවීමට සිදුවුවිට මෙම මුදල පහසුවෙන් ඔබේ paypal  ගිණුමට එවීමට හැකියි.

මෙහිදී එවන පුද්ගලයාගේ    credit card නොම්බර ඔබ නොදන්නා අතර අවබාවිත කිරීමට අවස්ථාව නොලැබේ.

දැන් paypal  යොදාගැනීමේ අවාසි මොනවාදැයි බලමු.

paypal   පවතින තත්වය මත මුදල් ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට පහසුකම් සලසා ඇති අතර ශ්‍රී ලංකාවට විදෙස විනිමය ලබාගැනීමට අවහිර කරනු ලබයි.
දැන් අපි මෙවැනි මෝඩ තත්වයක් ලංකාවේ පවතින්නේ paypal   ආයතනයේ වරදක් නිසා නොව අප ශ්‍රී ලංකා වේ මහ බැංකුව පවත්වාගෙනයන
මෝඩ ප්‍රතිපත්තියයි.
මෙය වෙනස්කරන බව හිටපු මහා බැංකු අදිපති කබ්රාල් මහතා වසර 2 ට පෙර පොරොන්දු උවත් මෙතෙක් ඉටුවී නැත.

මහබැංකුව නිසි ක්‍රියාමාර්ග ගන්නවානම් විදෙස විනිමය උපාය ගැනීමට අනගි අවස්ථාවක් පවතී  

Wednesday, February 11, 2015

දියුණුවට අවශ්‍ය බලය.




විදුලි බලය පිළිබද ගැටලුව නිරාකරණය කර ගැනීමට පවතින ස්වර්ණමය අවස්ථාව.

අප රට බිලියන ගණනක් විදුලි උප්පදනයට වැයකරයි. මේ දනය බොහෝවිට විදෙස ගතවීම නොවලක්වියහැකියි.
අපට ඇති හොදම විකල්පයනම් සුර්ය කෝෂ යොදා විදිලිය ඉපදවීමයි, මෙහි ඇති මුලික ප්‍රශ්නය නම් එම විදුලිය ගබඩා කිරීමට 
ඉතා මිල අදික බැටරි deep cycle battery යොදාගත යුතු වීමයි. රුපියල් 50000 වැඩි වන මෙම බැටරියක්  යොදා කරන ආයෝජනය 
නැවත ලබාගත නොහැකි වීම බොහෝ දෙනා මෙයට නොපෙලබිමට හේතුවයි.

නමුත් මෑත කාලයේ මිට කදිම විසදුමක් සොයාගන ඇත, එනම්  සුර්ය පැනලයේ සිට කෙලින්ම නිවසේ විදුලි සැපයුමට  විදුලිය සැපයීමයි.
මෙහිදී රුපියල් 500,000 පමනමුදලක් පැනල සහ අනෙකුත් උපාංග සදහා වැයකළ විට මසකට  Unit 250 පමණ ජාතික විදුලි සැපයුමට ලබාදිය හැක.
දැනට පවතින තත්වය අනුව විදුලිබල මණ්ඩලය විසේස මීටරයක් මෙයට ලබා දෙන අතර එයට රුපියල් 40000 පමණ අයකරයි.

තවද අපි සිතමු මසකට විදුලි එකක 200 පරිබෝජනය කරනවා කියා මෙම ඒකකය මගින් එකක 250 නිපදවනවානම් ශ්‍රී ලංකාවේ 
පවතින නිතිය අනුව විදුලිබල මණ්ඩලය කරන්නේ අපගේ විදුලි බිල 0 කිරීම පමණයි. ඉතිරි එකක 50ට කිසිදු මුදලක් විදුලිබල මණ්ඩලය 
ලබා නොදෙයි.

පහත පියවරයන් රජය ගැනීමට සුදානම් වී ඇත්නම් මුළු ලංකාවේම විදුලි අවශ්‍යතා සපුරාගැනීමට හැකි වනු ඇති.

01. මෙම උපකරණ සදහා බදු නිදහස් කිරීම 
02. ඉහල තත්වයේ උපකරණ අඩුමිලට ලබාගැනීමට ප්‍රතිපාදන ලබාදීම (මෙවැනි කට්ටකලයක් වසර 20 පමණ බවිත කල හැක )
03. අතිරේක එකක සදහා විදුලිබල මණ්ඩලය පාරිබෝගිකය වෙත ගෙවීම් කිරීම.
04. සාදාරන මිලට මෙම මීටර ලබාගැනීමට පහසුකම් ලබාදීම. 

රජයකට ඉතා පහසුවන් මෙවැනි වියප්ප්රුතියක් පටන් ගත හැකියි. 
මෙහි ඇති වාසිය නම් මුදල් ආයෝජනය කරන පුද්ගලයන් මෙමගින් දිරිගැන්වීමයි. රටේ විදේස විනිමය ඉතිරි කර ගත හැකි වීමයි.